LightReader

Chapter 17 - 17

එහෙනම් මිස්ටර් සංධීර්...

මං උන්නෙ නලුවගෙ කකුල් දෙක පිටිපස්සෙ ...කොටිම්ම එයාගෙ ලොගුව අස්සෙ හැංගිලා ....තනි සුදු ඇදුම ඇදගත්තු අර බඩ ලොකු මනුස්සයා ඇවිදින් අපි ගාව හිට ගන්නකොට එයා මාව පස්සට කර ගත්තා උනත් මම කෙරුවෙ එය ඇද උන්න ලෝගුව උස්සලා ලෝගුව අස්සට රිංගපු එක.....මොකද මට බයයි.....මට ඒ මිනිහගෙ මූන දැක්කම බයයි.....එදා අපිට ගැහුවෙ මේ මිනිස්සුන්ගෙ උන් කියලා දැනගත්තම මට ඊට වඩා බය හිතුනා .....

ඉලෙක්ශන් එක පහු උනහම අපි මේ ගැන කතා කරමු .....

මිස්ටර් සිල්වා...මම කෙරුවෙ නීතියට වැඩ කරපු එක...මම කෙරුවෙ තවත් දරුවෙක්ගෙ ජීවිතයක් බේරපු එක....

මම නන්නත්තාර වෙන්න ගියපු එක ජීවිතයක් බේරපු එක....මගත්තයල ඒ මිනිස්සුන්ගෙ චන්දෙම්ම උස පුටුවට ගිහින් ඒ මිනිස්සුන්ට සලකන්නෙ මේ විදිහටද ...

අනේ.....නලුවෝ.....ඇතිනෙ.....දැන් එපානෙ....

මට පුලුවන් කමක් තිබුනා නම් මං එයාට කතා කරනවා ඒත් ඒ දෙන්නා අතර තිබුන කතා බහ අතර කිසිම හිඩැසක් තිබුන් නෑ.....එක්කෙනෙක් කියලා කට වහන්න කලින් තව එකෙක් කියවනවා...එක්කෙනෙක් පටන් ගන්න කලින් අනිකා පටන් ගන්නවා ....හැබැයි ඒවා වෙන කාටවත් ඇහෙන්න කිව්වෙත් නෑ...ඒවා වෙන කාටත් දැනෙන්න කිව්වෙත් නෑ.....නලුවා උන්නෙ දත් මිටි කාගන වෙනකොට අර මිනිහා ඇස් හීනි කරගන මගෙ පුතා මගෙ පුතා ගගා නලුවට සැර කරනකොට අනෙ මං බය උනා....

අනෙ මං බය උනා ගහාවි කියලා ...මෙච්චර වෙලාම ලෝගුව අස්සෙ උන්න මං බැරිම තැන මං මගෙ බෙල්ල එලියට දැම්මා....

ස්ස්...සංධී....ර්....අ ...අ...අපි....ය්...ය්...යමුකො....

ආ....ඔය ඉන්නෙ ....තාත්තට නම කියලම කතා කරන පුතෙක් ....මටත් උන්නා පුතෙක් ....දැන් ඉතින්....

මිස්ටර් සිල්වා.... ලොකු උන්ගෙ ප්‍රශ්නවලට නොදරුවො ගාව ගන්නෙ නැතුව ඉන්නවා නම් ඒක හොදයි.....අනික මිස්ටර් සිල්වට විතරද දරු කැක්කුම.....අර අනාත උන කෙල්ල ගැන ....ඒ කෙල්ලගෙ දුක ගැන තේරෙන්නෙ නැත්තෙ එ පිට එකෙක්ගෙ හින්දද .... ...මේ කතාව මෙතනින් ඉවරයි .....මිස්ටර් සිල්වා තව සති දෙකකින් ඉලෙක්ශන් එක පුලුවන් නම් මේ පාරවත් අවංක දෙයක් කරන්න ප්‍රසිද්ද වෙන්න කලින් ජනප්‍රිය වෙන්න බලන්න..මොකද මිනිස්සුන්ට ප්‍රසිද්ද වෙන්න ඕනා නම් බල්ලො මරලා හරි ප්‍රසිද්ද වෙන්වා හෙලුව පෙන්නලා හරි ප්‍රසිද්ද වෙනවා ...ඒත් ජනප්‍රිය වෙන්න ඕන මිනිස්සු පොඩි තැනෙ ඉදන් ලොකු තැනට එන්නෙ මිනිස්සුන්ගෙ ආදරෙත් එක්ක...අන්න ඒක මතක තියා ගන්න මිස්ටර් සිල්වා .....

එන්න යෙවීන් යන්න....

එයා එච්චරයි කිව්වෙ....ඒ කියලා මාවත් එක්කන් යන්න හදනවා එක්කම ඒ මනුස්සයා මගෙ අතින් අල්ලන් මගෙ දිහාවට නැවුනා ....

ඩැඩා එක්ක පරිස්සමින් ඉන්න පැටියො....

යෙවීන්...

ඒ මනුස්සයා මගෙ ඔලුව අත ගෑවා...මගෙ මූන අතගැවා අවසානෙදි ඒ ඉන්නෙ මගෙ තාත්තා කියලා හිතාගන ඩැඩා කියලා හිතාගන මට ප්‍රවේසම් ඉන්න කියලා කියනකොට නලුවා තරහෙන් වගෙ මාව ඇදලා ගත්තා ...ඇදලා අරන් ඒ මනුස්සයා දිහා රවලා මාවත් එක්කන් රොබින් කුරුල්ලලා ඉන්න දිහාවට ආවා....

සංධීර් දැන් මොකද කරන්නෙ ....

මොනා කරන්නද ගෙදර යනවා ...නෙහාන්ට කතා කරලා එන්න කියපන් පුංචි එකා ගාව නවතින්න කියලා ..

ගෙදර යන්න ඔහොම....උඹට පිස්සුද ...උඹ පෛත්තියන්ද සංධීර්....

පෛත්තියන්ද අහන්නෙ.....උඹ දන්නවා රොමේන් මේක මෙතනින් ඉවර නෑ කියලා .....උඹ දන්නවා මේක දැන් තමා පටන් ගත්තෙ කියලා ...

ඒක දන්න හින්ද නේන්නම් අපි තොට කිවවෙ....ඒකා එක්ක හැප්පෙන්න අමාරුයි කියන්න දන්න හින්දා නේන්නම් අපි තොට කිව්වෙ....

මොකක්ද ....උඹ කියන්නෙ මොකක්ද ??උඹ කියන්නෙ ඒ වගේ අවජාතකයන්ව එලියෙ තියන්න කියලද ...උඹ කියන්නෙ තව තව උන්ට එකම දේ වෙන්න කියලද .....රොමේන් ....සේයාගෙ කේස් එක බැලුවෙ උඹලා....අර ඉස්කෝලෙ ය්න කෙල්ලගෙ කේස් එක කෙරුවෙ උඹලා...කෝ...අදටත් ඒ මිනිස්සුන්ට සැනසීමක් තියනවද ....අම්මගෙ හොර මිනිහව බේර ගන්න උවමනාවට අම්මා ඉටිකොල කපන කතුරෙන් ඇනලා මරපු කෙල්ල.....මිනිය දෙපාරක් ගොඩ ගත්තා ....කෝ.....වෙන්න ඕන දේවල් උඹලගෙ පැත්තෙන් උනාද.....උඹ විතරයි කතා කෙරුවෙ .....අනිත් උන් යට ගැහුවා ...ඇයි උන් ලොකු ලොකු අතුවල උන් හින්දා .....

මං අහගන උන්නා..... ...එයා ආයම රොබින් කුරුල්ලට බනින්න ගත්තා...නිකන් නෙවෙ.එයාගෙ පපුවට ඇගිල්ලකින් ඇන ඇන....නිකන් නෙවෙ එයාව හොලව හොලව.....

උඹ දන්නවා.....ඇයි ඒවට අපිට කතා කරගන්න බැරිව ගියෙ කියලා ...ඉහලින් එන නියෝග එක්ක අපි කටවහන් උන්නා....රට වෙනුවෙන් රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ගගා මොන පකා දිවුරුම් දුන්නා උනත් සංධීර් අපි රස්සාව ගාව අපේ දරු පවුල් ගාව අසරනයි.....අපිට කේස් එකෙන් බහින්න උනේ ඇයි....අපේ රස්සාව හන්දා.....ඒක නැති උනෝතින් ...මට කියපන්...කව්ද කන්න බොන්න දෙන්නෙ...මං තනි එකා..ඒත් උඹ දන්නවා ඒ කාලෙ මටත් තිබුන ප්‍රශ්න ..ගෙවල් වල ප්‍රශ්න...ඒ ඔක්කොමත් එක්ක මගෙ රස්සාව ගහගලා ගියා නම්...මට යන එන මං නැතිවෙනව නේද සංධීර්.....??

සංධීර්.....සමහර මිනිස්සු අපිව නිකම්මු ගානට දානවා ඇති.....බහුතරයක්ම.....ඕක කරනවා....ඒ උනාට අපිටත් කියලා සමහර තැන් තියනව්ද් අසරන වෙන....හරියට බැලුවම මගෙ මුලු ගේම ගැහුවෙ ලෝන් දාලා....වාහන තිබ්බට ගත්තෙ ලෝන් දාලා...මාගලක් සයිට් පේ ශීට් එකක් අතට එනවා...හරියටම අරන් බැලුවොත් තනිකරම තියෙන්න කැපිච්ච කෙටිච්ච දේවල්...නයටික පියවනකන් මම මෙහෙම හරි ඔලුව ගහන් ඉන්නෙ උදාන හන්දා.... අපිටත් හිතුමනාපෙට වැඩ කරන්න තිබ්බා බන් අපිට කියලා හරි තීරනයක් ගන්න දුන්නා නම්...උඹ හිතන්නෙ සේයගෙ එක අතෑරියා කියලද ඒක පැත්තකින් දැම්මත් අර මිනිමැරුම් සීන් එක...ඒක ඒ ගෑනිගෙ හොර මිනිහා ඇමතියෙක් උනහම උඹ කල්පනා කරපන්....ඇමති තුමා කියාගන එන එන හැම මෝඩ පකයටම ඔලුව නවන්න වෙන තැනට අපිවත් සමහර තැන්වල අසරන වෙනවා සංධීර්...

ස්ස්.....සංධීර්.....අනේ.....එ...එ...පානෙ.....ඇ..ඇතිනෙ...දැන්....ඇති...නෙ....දැ....න්....දැන්....බ්බ්...බැන්නා....ඇ...තිනෙ...

ඒ දෙන්නම බැනගන්න කියවගන්න ඒවා අහන් උන්න මම ඊලගට එලියට දාන්න ඕනා වචන ටික හරි ගස්සගන සංදීර්ගෙ වගේම රොබින් කුරුල්ලගෙ අත් දෙක අල්ලන් හොලව හොලව එයාලට රන්ඩුකරන්න එපා කියන්න හැදුවා ...මට හුගාක් දේවල්.කියා ගන්න ඕනා උනත් මගෙ හුගාක් කතා අහන්න බැරිවෙයි කියල මම මට පුලුවන් උපරිමේටම කියලා බිම බලාගත්තම පුරුදු විදිහටම රොබින් කුරුල්ලා මගෙ ඔලුව අතගෑවා....

ඒකනෙ සංධීර්ගෙ ඇබිත්තමට තේරෙනවා...මේ නාකි මිනිහට තේරේන්නෙ නෑනෙ...

න්න්...නාකි....නෑ...නෙ.....

ආ...නාකි නැද්ද....කව්ද එහෙනම් නාකි....

ආ...ආ....ආච්ච..ම්මා.....

ඒ මම....රොබින් කුරුල්ලා සංධීර්ට නාකි මිනිහා කියනකොට මටත් ඇබිත්තමක් තරහා ගියා.....එයා නාකි නෑනෙ.....ඒක හන්දම සංධීර් නාකි නෑ කියපු මම අනිත් පාර ආච්චම්මව අල්ලලා සංධීර් දිහා බලනකොට එයා මා දිහා බලලා මොකුත් නෑ හුනා වගේ අහක බලාගත්තා ...

උඹ නම් මහ මරි මූසලයෙක් සංධීර්...ලමයා නාකි නෑ කිව්වම තැන්කිව් කියන්නවත් බැරිද.....ඔයා එන්න අනේ මෙහෙ.....

ම්ම්...මූ....සල....නෑනෙ...

මම ආයම ඉක්මනට මූසල නෑනෙ කියනකොට රොබින් කුරුල්ලා එයාට හිනා යන්න ආව හින්දද කොහෙද අතින් කට වහන් ආයම මගෙන් ඇහුවා කව්ද එහෙනම් මූසල කියලා...වෙන කව්ද ඉතින්.....ආච්චම්මා මිසක්...

ආ...මූසලත් නැද්ද....එහෙනම් කව්ද මූසල....

ආ...ආ...ආච්චම්මා....

අම්මො...උඹත් මේ හොර පෙරකදෝරුවටම හරියනවා...නේ.....

එතනින් පස්සෙ බුම්මන් උන්න ඒ දෙන්නම ලාවට හිනා උනා....හැබැයි මට නලුවගෙ හිනාව ඒ තරම්ම ඇල්ලුවෙ නෑ...රොබින් කුරුල්ලා නම් ඇස් වලිනුත් හිනා උනා..ඒත් නලුවා කෙරුවෙ බොරුවක්ද මන්දා....නලුවා කෙරුවෙ මම ආයම රන්ඩු වෙන්න බැරි කමට බොරුවට කට දෙපැත්තට ඇද්දද මන්දා.....

දැන් උඹ මොකක්ද කරන්න හදන්නෙ සංධීර්.....උඹට ගෙදර යන්න තරම් සනීපයක් නෑ.....උඹ දැන් ඉන්නෙත් හිටන් ඉන්න බැරි බැරි ගාතෙ....උඹ මොකක්ද කරන්න හදන්නෙ කියපන්කො....

එයා හරි....යෙවීන්ටත් තාම අත උස්සන්න හරි අමාරුයි...කතා කරන්නත් හරි අමාරුයි ..එහෙම එකේ නලුවට කොච්චර රිදෙනවා ඇතිද...

අපේ සංධීර් හරි පන්ඩිතයිනෙ අප්පා....බාප්පට කියන්න ඕනා ගහලා කරලා වත් හදා ගන්නයි කියලා .....

නැත්තන් කොහොමද ...

රොබින් කුරුල්ලා කොච්චර ප්‍රශ්න ඇහුවත් සංධීර් නෙවෙ උත්තර දෙන්නෙ.....ඒ තත්පර ගානකිම්ම අර සුදු පාට ඇදුම ඇදන් උන්න බඩ ලොකු මනුස්සයා අපි පැත්තට ආයමත් එනකොට සංධීර් මාව අතින් අල්ල ගත්තා ...හැබැයි ඒ මිනිහා නැවතුන් නෑ.....වචනයක් වත් කිව්වෙ නෑ...නිල්පාට ජීප් එකක් ඇවිත් අර අක්කට ගහපු කොල්ලව අරන් ගියා..නිකන් නෙවෙ....සුදු රෙද්දකින් වහගන

මැරුනා වත් ද...නෑ ඉතින් සුදු රෙද්දෙන් වහන්නෙ මැරුනමනෙ....අර හින්දි චිත්‍රපටි වල නම් එහෙමනෙ.....මැරුනම වහන් යනවා...හැබැයි ඒ චුට්ටකින් නැකිටිනවත් එක්ක.....අපේ නම් මැරුනොත් මැරෙනවනෙ....අපේ බාප්පා කියන්නෙ ආච්චම්මවත් එහෙ පටවන්න ඕනා කියලා .....අර මහගෙදර එකෙයි ප්‍රවීනා එකෙයි උන්නයි කියන්නෙත් අපේ ආච්චම්මා වගේ උන්ලුනෙ....

අනේ මන්දා...මං දන්න ප්‍රවීනෙකුත් නෑ....මං දන්න මහගෙදරකුත් නෑ...සුදු අම්මගෙ මහ ගෙදර නම් දන්නවා.....

අරූ දැන් කොටහලු වෙලා වගේ අරූව වහන් යන්නෙ...ඔක්කොම සෙල්ලන් ඇමති පුත්තු හින්දා ....ඔතන වෙන එකෙක් උන්නා නම්.....අහිංසක මනුස්සයෙක් බඩගින්නට වෙන වත්තකින් කොස් ගෙඩියක් .කඩා ගත්තම ගස් බැදල මුලු ලෝකෙටම පෙන්න රටේ දූශනෙ කරපු උන්ව වහන් යන්නෙ ....පඩත්තර හැත්ත....ඕකට වතුර උගුරක් දෙන්න එපා.....

මාවත් එක අතකින් මිරිකන් එක දිගට බැන්නෙ සංධීර්.....රොබින් කුරුල්ලා මෙවෙලෙ මොකූත් කිව්වෙ නෑ හැබැයි එයා සාක්කුවට අත් දෙක දාගන ඉදලා කට කොනින් හිනා වෙලා මාව අනිත් අතින් අල්ලගන උසාවියෙන් එලියටම ඇවිත් එයාගෙ කලුපාට ජීප් එක ගාවට ආවා....

ඌට බොන්න දෙන වතුර උගුරත්...ඇතිලෙදි හම්බෙන් නැතිව යාවි....උඹ හොරකමක් කරලා ...මිනියක් මරලා....අරක්කු පෙරලා...කුඩු විකුනලා ඇතුලට යමන්.....උඹට කන්න බැරි උනත් දෙන බත් පත හම්බේවි....කල්දේරම් බත උන් කන්න දේවි...හැබැයි සංදීර්.....උඹ රේප් කේස් එකකට ඇතුලට පලයන්....උඹට පොලිස්කාරයන්ගෙන් නෙවෙ...කරදරේ තියෙන්නෙ....උඹට කූඩුවෙ ඉන්න උන්ගෙන් තමයි බේරෙන්න බැරි වෙන්නෙ....උඹට උන් සැනසීමක් නොදේවි....උඹව උන් බාගෙට මරාවි...කොයි විදිහටද කියන්න දන්නෙ නෑ...අනික බන්....කොච්චර නැටුවත්....සමහරක් තැන්වලදි අපිත් පදිරිනෙ ඔය අවුරුදු ගනන් හිරේ ඉන්න උන් ගාවදි....උන් හිරේ උන්නා කියලානෑ...කනෙක්ශන් එක තියනවා....උන් හිරේ උන්නා කියලා නෑ සංධීරයා...සුරුට්ටුව සිගරට් එක හම්බෙනවා...කල්දේරම් බත කියලා එකක් නෑ උන්ට.....උන් තමා අයියලා .... ඔය රේප් සීන් වලට එන උන්ට උන් හොදට සලකාවි....

ම්න්....

දැන් ඉතින් නැගපන්....උඹගෙත් මුරඩු කම ම්න්ම්න් ගගා ඉන්නවා...මේ ලමය එක්කම මම නර්සින් හෝම්.එක ගාවට දාන්නම්.....කියන දේ අහලා ඔය තුවාල සනීප කරගන්න කන් පාඩුවෙ ඉදපන් සංධීර්.....

ම්ම්ම්...

කොච්චර කිව්වත් එකයි.....මට මේ කොල්ලා ඉන්න හන්දා මොකුත් කියන්න බෑ.....නැත්තන් මම උඹට හොද දෙකක් කියනවා

ම්ම්..ම..ං.....ක්ක්...කුණු ..හර්...ප....ද්..

දන්....නව....ක්ක්...කමක්....නෑ....ඔයා...හ්...හොද...දෙකක්...ක්ක්...කියන්න.....රො...මේන්...

......?!!

උඹගෙ ඇබිත්තම උඹටම හරියනවා...තාත්තයි පුතයි වගේ නෙවෙ ගෑනියි මිනිහයි වගෙ ....උඹත් කටවහපන් පොඩි ඇටයා...කටත් තුවාල කරන් කියවනවා...

මම ගොත ගැහුවා ...ජීප් එකට නැගපු වෙලාවෙ ඉදන් ආයමත් රොබින් කුරුල්ලා සංධීර්ට බනින්න ගන්නකොට සංධීර් එයාගෙ ඵෝන් එක දිහා බලාගන වෙන කල්පනාවක උන්නා....එයා කොයි කල්පනාවෙ උන්නත් මටත් ඕනා උනෙ එයාව එක්ක නවතින්න වෙනකොට අපේ ආච්චම්මයි ගෙට පිටිපස්සෙ ඉන්න උන්දැයි කුනුහර්පෙන් බැනගන්න කොටත් අහන් ඉදල පුරුදු හන්දා මම රොබින් කුරුල්ලට කුනුහර්ප දන්නවා දෙකක් කිව්වට කමක් නෑ කියන කොට ඒ දෙන්නම මගෙ දිහා බලලා ඇස් ලොකු කරගත්තා ....එතනින් එහා මටත් සැර කරපු රොබිනා අවසානෙදි අපි දෙන්නට ගෑනියි මිනිහයි කිව්වා....නලුවට නම් එක් ගානක් වත් නැති උනත් යෙවින්ට නම් ආයම බඩ් රිදෙන්න ගත්තා...

ඊ....ගෑනිලු...!

රොමේන්....අම්මට කියපන්...ඔය ඉන්න විදිහටම අක්කගෙ ගෙදර තව ටික දවසක් ඔය විදිහටම ඉන්න කියලා.....මොකද.....

...මං කියන්නම්....මම ඒ ඔක්කොම බලන්නම් උඹට පුලුවන් නම් තව ටික දවසක් ඉදපන් සංදීර්.....තව ටික දවසක් ඉදපන්.... අර අම්මගෙ කදුලු දිහා බල බල ඔය වැඩේ කරන්න එපා සංධීර්.....උඹ නොදරුවෙක් නෙවෙ....උඹ දන්නවා..උඹ හොදටෝම දන්නවා...උඹ අත ගැහුවෙ කුනකට...උඹ අත හැහුවෙ මේ සයිඩ් එකම යට කරන්.ඉන්න කුනකට.....උගෙ පුතාගෙ ජීවිත කාලෙන් අවුරුදු හතක් හිරේ කියන්නෙ...

උඹට ඕනා තවත් මනම්පේරි කෙනෙක් ඉතුරු කරන්න්ද....?? උඹට ඕනේ තවත් සාදාරනයක් නැතිවම මැරිලා ගියපු මනම්පේරි වගේ මේකෙල්ලටත් මේ දේම වෙනවා දකින්නද....උඹ හිතපන්...පොඩි වයස කියලා නොබලා....මෙහෙම කරන්න තරම් .....අනික මෙතන කෙල්ලගෙ ගෙදර උනුත් වැරදි.....මේ කාලෙ තමයි ලමයිට අම්මා තාත්තගෙ අවදානෙ ඕනෙම....උන් බොරුවටත් කියනවා ගෙදරින් කරදරයි ගෙදර උන් ආදරෙ නෑ...ඔයා විතරයි අයියෙ මට ආදරෙ කියලා ...ඔය බේසම් කතාව නොකියන එකෙක් ඉන්නවද බලපන්.....

.....

නෑනෙ...පොඩි වයස්..මුන්ට තියෙන්නෙ වෙනමම ලෝකයක්....මුන්ට ඒකාලෙට හිතෙන්නෙ වෙනමම දේවල්....

( අපේ අරුනි අක්කට වගෙ...මේ ලෝකෙ නෙවෙ ඉන්නෙ....)

මචන් ගෙදරින් හදන්න පුලුවන් පැත්තයි නීතියෙන් හදන්න පුලුවන් පැත්තයි දෙකක් තියනවා රොමේන්....හරි ....උන්ගෙ අම්මා තාත්තා ආයම කෙරුවෙ සල්ලි ගත්තු එක....උඹ නිකන් ඉන වෙලේට "අසරන කමට සල්ලි ගත්තා" කියන වචනෙ පැත්තක දාලා....හරියටම හිතලා බලපන්...උන් දෙන්නා කරලා තියෙන්නෙ ආයම පාරක් අරූට කෙල්ලව පාවිච්චි කරන්න ඉගියක් දීපු එක.....වර්ජිනිටි එක නම් මොකක්ද.... සල්ලි වලට හරි දාන්න පුලුවන් .....ඒ උනාට කෙල්ලගෙ මෙන්ටලි පැත්තට ...උඹට මේක එච්චර ගානක් නැතුව ඇති...එ උනාට මටත් ඉන්නවනෙ මෙකාගෙ වයසෙ කෙල්ලෙක්...නේ...අක්කගෙ උනත් මගෙ උනත්...මමත් බයයිනෙ....ඇස් පිල්ලමක් වැහෙන තත්පරෙ ඇති මලක් පොඩි වෙලා යන්න...

නලුවා දේශනාවක් තිබ්බා.....නලුවා රොබින් කුරුල්ලා දිහා බලාගන ලොකූ කතාවක් කිව්වා..නොතේරුනා උනත් එයා කිව්වෙ කෙල්ලො ගැන වෙනකොට මට අපේ අරුනි අක්කව මතක් උනා....බාප්පා උනත් අරුනි අක්කට නැට්ටිච්චි කිය කිය බැන්නට බාප්පා උනත් කියනවනෙ යන දේවාලෙක පරිස්සමින් ගිහින් වරෙන් කියලා...

අපි තුන් දෙනාම උන්නෙ ආයම නර්සින් හෝම් එකේ අපි උන්න කාමරේ වෙනකොට අර අක්කා අපි ඉන්න තැනට ඇවිදින් මොන මොනවදෝ කිව්වා....නලුවයි රොබින් කුරුල්ලයි කිව්වෙ මෙහෙ ඉස්කෝලේ යන්න අමාරු නම් යන්න කැමති තැනක් කියන්න ඒකටත් උදව් කරන්නම් කියලා ඒත් ඒ අක්කා කැමති නෑ වගේ.....අවසානෙදි ඒ දෙන්නම එතනින් එහා කිසි දෙයක් කිව්වෙ නෑ හැබැයි නලුවා කිව්වා....ඔය කිව්වට ඕක ඇරිලා යයි කියලා ...ඒත් ටික වෙලාවකින් කිව්වා....ඒත් මිනිස්සුන්ට දරාගන්න පුලුවන් තරමක් තියනවනේ කියලා ....

ඒ වචන මට හරි බර වැඩී...දරා ගන්නවා කියන්නෙ ඉවසගන්නවා කියන එකට උනත්...නලුවා ඒ වචනවලට වෙන වචන දාලා කතා කරනකොට මටත් දරාගන්න බෑ...

තව චුට්ටකින් නෙහාන් ඒවි .....ඒ ආවම මට ගනින්...මම ගන්න එන්නම්...කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි අටින් ගියත් එකයි....රටේම උන්ගෙ නඩු හබ විසද විසද යන උඹට උඹේ දේකදි රෙද්දෙ රෙවෙනවා..කියන දෙයක් අහන්නෙ නෑ.....උඹලගෙ අම්මා මට කතා කර කර අඩනවා උඹට මෙහෙ ඉන්නත් බැරි නම් අක්කලාගෙ ගෙදර එන්න කියලා .....

හා..හා...මං යන්නම්...දැන් යමන් මේ ළමයා බය වෙයි....

ඉතින්....ඔන්න ඔයයි මායි විතරයි ....

රොබින් කුරුල්ලා යන්න ගියා....කිව්වත් වගේම අපි දෙන්නා විතරයි ...ඒත් තව චුට්ටකින් එයත් යනවා.....

යෙවීන්ට දැන් නම් කටේ කැක්කුමට වඩා හිතට දුක හිතීගන එන්නෙ...නලුවා අපේ බාප්පා වගේ....හරි හොදයි.....මම කියන ඔක්කොම.අහන් ඉන්නවා...මං හිතන්නෙ අපේ බාප්පට පස්සෙ මම.කයන ඕන දෙයක් අහන් ඉන්නෙ එයාලද කොහෙද .....

එයා මාව ඇද උඩින් ඉන්දවලා එයගෙ කොල පොත් ලෑස්ති කරන්න ගත්තා .....අනේ නලුවො....යන්න.එපානෙ....කියලා කියන්න ඕනා උනත් එයා යන්න යනවා නම්.....මොනවා කරන්නද....එක අතකට එයාට වැඩ ඇති....

.යෙ යෙ....

මම ඔහේ බලන් උන්නා...එයා එහාට යන හැටි...මෙහාට යන හැටි බලන් උන්නා....එයා යන්නෙ කොහෙටද මගෙ ඇසුත් එයාගෙ පස්සෙ ගියා.....අවසානෙදි මගෙ ගාවට ආව එයා මගෙ මුලු මූනම අත් දෙකෙන් අල්ලගත්තා .....ඒ අත්ලොකුයි.....ගොරොසුයි.....මොනවා උනත් රොබින් කුරුල්ලා හරි....නලුවා ගාවදි යෙවීන් ඇබිත්තන් බොත්තමක්....

යෙවීන්...තව චුට්ටෙන් බාප්පා ඒවි....මම එතකොට යනවා...අපේ යෙවීන් බෙහෙත් බීලා....ඉක්මනට සනීප වෙලා ගෙදර එන්න ඕනෙ හොදද...ඔයා ඉක්මනටම.සනීප උනොත්....මමත් එන් ඔයාගෙ කොන්සර්ට් එක බලන්න....

ප්.....ප්‍රොමි.....ස්ද.....

ම්ම්ම්...ඔව්...ඔන්න ප්‍රොමිස්....මම එනවා...හැබැයි ඉතින් අඩන්න බෑ...බෙහෙත් බොන්න ඕනා....අර මම දුන්න පොතත් ලියන්න ඕනා හැබැයි ඒක නම් රහසක් හොදද.....

අනේ මට ඇඩේන්න වගේනෙ..එයා යන්න යන්නෙ....එයා මාව දාලා යන්නනෙ යන්නෙ...එයා මගෙ කොන්සර්ට් එක බලන්න එන්නම් කිව්වත් ම්ව්ගෙ හිතට දුක හිතුනා .....තත්පරයක් වත් යන්න නැතුව ඇති....මගෙ ඇස් වලට කදුලු පිරුනා .....

අනෙ...නලුවෝ ...යෙවීන් ආදරෙයිනෙ...බාප්පා වගෙ යෙවීන් කියන හැම දේම අහන් උන්නෙ ඔයා විතරනේ කියලා කියන්න ඕනා උනත් අඩන්නයි ගොතගහන්නයි දෙකක් කරන්න බැරි හන්දා මන් ගොත නොගහා අඩන්න විතරක් හිතා ගත්තා .....

මගෙ ඇස්වලින් කදුලු වැටුනා ...

අනෙ....ඇයි බබී මේ.....ඇයි මේ.....

එයා අහනවා ඇයි මේ කියලා ....අනෙ ඉතින් දුක නැද්ද ....

යෙවීන් ....මේ චූටි මූන කැත වේවිනෙ ...ඒක නිසා නාඩා ඉන්න....අපෙ යෙවීන් පුංචි කුමාරයෙක් වගෙනෙ.....

එයා මාව තුරුල් කරගත්තා ....ඉක්මනට සනීප වෙන්න කිව්වා ....එයා කොන්සර්ට් එක බලන්න එන්නම් කිව්වා .....අවසානෙදි එයාවත් මමවත් නොදැනිම ඔරලෝසුවෙ කටු කැරකිලා ගිහින් තියනකොට බාප්පත් ඇවිත් තිබුනා .....

සංධීර් .....

මෙන්න උඹෙ වස්තුව ....

උඹ යනවා ...

ම්න්....

මං බාප්පා දිහා බැලුවා වෙනදට මාව උම්මා දීලා මරන්න හදන බාප්පා අද ආවෙ නෑ...මං දිහා බැලුවෙත් නෑ....එයාගෙ මූනත් අමුතුයි....මම සංධීර් දුන්න හිස් කොලයක් අරගන එයාවයි මාවයි අදින්න ගත්තා ...එයයි මායි හිනා වෙලා ඉන්න චිත්‍රයක් අදින්න ගත්තා ....එතකොට එයාට මාව අමතක වෙන්නෙ නෑනෙ....

කොහොමත් උඹට ආයම එන්න වේවි.....අපේ ගෙදර න්....

වරෙන් එලියට .....

ඒ මොකක්ද ඒ.....

මං උන්නෙ චිත්‍රෙ ඇද ඇද... බාප්පා මොකක් හරි කියන්න යනකොට සංධීර් ඒක නැවැත්තුවා වගේම එයාව එලියට එක්කන් ගියා....

යෙවීන් සංජාන ...

3 වසර රෝස පන්තිය....

මම අවසානෙදි එයයි මමයි ඇද උඩ වයර් එල්ලන් හිනා වෙලා ඉන්න එකක් ඇදලා නම ලියලා එයාට දෙන්න කියලා හිතාගන දොර ගාවට ගියා ...

කියපන්....

මං හිතන්නෙ....උඹට අද හෙට තව නඩුවක් වැටේවි ....

උඹ බීලා ඉන්නෙ....

ඔව්...මං බීලා ඉන්නෙ...මට බීලත් බෑ නොබිත් බෑ....මුලින් අම්මා මගෙ එක කඩලා දැම්මා....දැන්.....අයියගෙ....

.......

සංධීර්.....අම්මා අයියගෙ ඔලුව සම්පූරනම කාලා ඉවරයි .....අක්කා.....ඒකි හිත හදා ගත්තා .....

නෙහාන් පොඩ්ඩක් ඉදින් පොඩ්ඩක් ඉදින්.....පොඩ්ඩක් ඉදින්කො.....

ලමයගෙ කස්ටඩි එක අපේ උන්ට දෙන්න එපා....ඒක අක්කට අරන් දීපන්.....

මං අහන් උන්නා මම ඇදපු චිත්‍රෙ දෙන්න බලන් ආව මම දොරකොඩ ගාව නැවතුනා ..එයාලා කතා කෙරුවෙ අපි ගැන...අම්මා ගැන මං ගැන.....බාප්පා ඇඩුවා මං පව්....මාව නම් දෙන්න එපා කියලා ....අනෙ මොනවද බාප්පා කියන්නෙ....මොනවද බාප්පා කියන්නෙ.....ඇත්තටම අම්මයි තාත්තයි ඈත් වෙන්නද යන්නෙ.....

එපා....එපා....අනේ එපානෙ අම්මෙ.....එපානෙ.....තාත්තෙ...අනේ.....එපානෙ අම්මෙ...හ්

සද්දෙ පිට නොවුනත් මගෙ ඇස්වලින් කදුලු වැටෙන්න ගත්තා ....

ඩිවෝර්ස් කේස් එක අද හෙට ෆයිල් වේවි....මට අයියගෙන් වැඩක්නෑ අක්කා පව්...අක්කට ලමයව දීපන් ....මොකද ...අපේ අම්මගෙන් වත් ගෙදර එකෙක්ගෙන් වත් ලමයට හොදක් වෙන්නෙ නෑ....අයියා මූට පන ඇරලා ඒක ඇත්ත....ඒත්....අරකිගෙන් ලමයෙක් ආව ගමන් .....

හදාගන්න ගත්තු ලමයද ඌට ලොකු.....උගෙ ලමයද....මේ ලමයගෙ මූනට කිව්වොත් උඹ අපේ එකෙක් නෙවේ කියලා ....????සංධීර් ලමයව අක්කට දීපන් ....එච්චරයි .....

මට එතනින් එහාට ඇහුන් නැ.....බාප්පගෙන් පිට උන හැම වචනයක්ම මගෙ පොඩි හිතට ඉවසන්න බැරි තරම් බර වෙනකොට අවසානෙටම කියපු වචන එක්ක මට කෙලින් ඉන්න බැරි උනා....මගෙ අතෙ තිබුන චිත්‍රේ බිම වැටුනා...

යෙ....යෙවීන්...යෙවීන්....!!!

සුදු පුතා යෙවීන්....

🥺අනෙ ජොබීත දුකයිනෙ....

ම්හුක්...ආය රෑට අග්ගියගෙන් එන්නම්....

මේ....පුම්චි පැටියට තෑගි දෙකක් හම්බුනානෙ...

පියුමි නෙත්මිකා නංගිට වගේම සෙනූ එකට එව්පු නංගිට

ඒ වගේම ඊයෙ දාපු අලුත් historical එකට.... නංගිලා තුන්දෙනෙක්ම කවර්ස් එවලා තියනවා ...(nie jinmi, පියුම් නංගි...සෙනූ නංගි....)ඔය තුන්දෙනාටමත් ආය ආයමත් ස්තූතියි ගොඩාක් ...🥺🥺🥺 එක චැප්ටර් එකකින් මෙච්චර වැලද ගැනීමක්...🥺😘😘😘😘...

 

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters