LightReader

Chapter 12 - 12

යෙවීන්...අනේ කොල්ලට රිදවන්න එපා උදාන.....

මම උන්නෙ මැරෙන්න ඔන්න මෙන්න....ඇස් වලින් ගලන කදුලු ඉවරයක් නැති වෙනකොට තොල්පටෙ ගැලවුන මැහුම් ආය ආය ගහනකොට මම රෙදි මිරිකන් කකුල් අත පය ගගහා ගැලවෙන්න හැදුවා...

මට වේදනාවයි....උහුලන්න බැරි තරම් වේදනාවයි....තොල්පට ඇතුලෙ ආය ආය මැහුම් නුල් යනකොට ඉදි කටුව යන කොට අඩු දාලා තොල්පට ඇදිලා තියනකොට ගැල වුන දත් හන්දා වීදුරු මහෙන් එන වේදනාව...මේ ඔක්කොම එකට එකතු වෙනකොට මගෙ අතට ගහපු වයර් පවා ගැලවිලා තිබුනා...

අනේ...උදාන...ඇති බන්...ඇතීහ්හ්හ්හ්.....

පොඩ්ඩක් කලබල නොකර ඉදපන් සංධීර්....ඇති කියන්න උඹට ඕනා කොල්ලගෙ කට ඔහොම තියන්ඩද...

ඌට රිදෙනවනෙ....

මම උන්නෙ හෙම්බත් වෙලා....මැහුම් හතරක් කිව්වට අමු අමුවෙ ආයම මැහුම ගහන කොට මම මැරෙන්ඩ වැටිලා උන්නා.....කසාදෙ කටු ගානවා කියපු එකේ තේරුම මගෙ ඔලුවට වද දෙනකොට මට අම්මව තාත්තව හොයාගන දුවන්න හිතුනා....නලුවා යහපතාව හොලව හොලව ඇති කිව්වත් මගේ ගාව උන්න්න් දොස්තර මහත්තයා මාව අතැරියෙ නෑ...අවසානෙදි එයා මගෙ තොල්පට මහලා ලේ පාට පුලුන් කෑලි ගොඩාක් අරගන යන්න යනකොට මම මැරුන එකා වගේ නලුවගෙ උකුලෙ ඉදන් උන්නා.....

එයා පව්....මං හින්දා එයාගෙ අතෙ වයරුත් ගැල උනා...තොල්පටත් මහලා ආයම කටුවත් අනිනකොට මට අඩාගන්න පන තිබුනෙත් නෑ ගොතගහගන්න වචන තිබුනෙත් නෑ.....තුවාලෙ වේදනාවට හුස්ම ගන්නත් බැරි උනා...අවසානෙදි ඒ හැම දේකම අවසානෙ උනේ මගෙ මුනට.අර කෝම්පිට්ටුව ආයම ගහපු එක.....

බබී....

එයා කතා කරනවා.....මම දැගලුවෙ නෑ....මොකද එයා මාව එයාගෙ කකුල් උඩ ඉන්දවන් උන්නට එයාගෙත් බඩ තුවාල වෙලා තිබුනා....

මට කතා කරගන්ඩ ඕනා උනා...ඒත් කතා කරගන්ඩ බැරි උනා.....මට කතා කරනවා තියා කට අරින්ඩ බැරි උනා....

මගෙ පොඩි පපුවෙ තිබුනෙ තුවාල වේදනාවටත් වඩා ලොකු වේදනාවක් වෙනකොට මට කොලයක් පැන්සලක් තිබ්බා නම් දැනෙන හැමදුකම එයාට කියන්න තිබ්බා.....එයා ලව්වා අම්මට කියන්න තිබ්බා තාත්තව දාලා යන්න එපා තාත්තටයි යෙවින්ටයි අම්මව ඕනා කියන්න තිබ්බා.....

එයා ලව්වා තාත්තට කියන්න තිබ්බා...අම්මටයි.යෙවීන්ටයි තාත්තව ඕනෙ කියලා .....

අම්මා තාත්තව දාලා ගියොතින්....මම කාටද තුරුල් වෙන්නෙ....

තාත්තා අම්මව දාලා ගියෝතින් ...මම කා ගාවට ගිහින්ද තාත්තෙ වඩාගන්න කියන්නෙ....

ඒ ඔක්කොමත් පැත්තක දැම්මම....ගමනක් යනකොට අම්මා තාත්තා දෙන්නම දෙපැත්තෙන් අල්ලගන්න මගෙ අත් දෙකෙන් එකක් පාලුවට ගියහම....පොඩි මම කොහොමද ඉවසන්නෙ.....

මම ඉවසන් උන්නා...එයා මගෙ ඔලුව අතගානවා.....බාප්පා දැන් එයි කියලා කිව්ව්...ඇම්මා දැන් එයි කිව්ව.....ආච්චම්මා එයි කිව්වා....අරුනි අක්කා දැන් එයි කිව්වා....

ඒත්...එයා දන්නෙ නෑනෙ...ආච්චම්මා හොද නෑ කියලා...එයා දන්නෙ නෑ අරුනි අක්කා නපුරුයි කියලා ...එයා දන්නෙ නෑ.....ආච්චම්මා අම්මව ගෙදරින් එලවන්න යන්නෙ කියලා.....එයා දන්නෙ නෑ යෙවීන්ව එලවන්න යනවා කියලා.....

මම ඔහේ උන්නා...එයා ආයම මට අඩන්න එපා අම්මා තාත්තා බාප්පා එයි කියලා ආච්චම්මා කියනකොටම මම එයාගෙ කට වැහුවා...මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරුනා

යෙවීන්.....දැන් අම්මා එයි....තාත්තත් එයි .....බාප්පත්....එයි ....ආච්...භ්භ්...භ්භ්......

මම එහෙම්ම උන්නා...එයාට අනිත් වචන කියන්න දුන්නෙ නෑ....මගෙ චූටි අත එයාගෙ කට උඩ නවතිනකොට එයා මගෙ මූන දිහා බලාගන උන්නා....තත්පර ගානකට පස්සෙ මම අත අහකට ගත්තා .....

යෙවීන්...

.....

කතා කරන්නකො අනේ.....

.....

අයියෝ...මේ ලමයා කතා කරන්නෙ නෑනෙ....අපේ අමේලි උන්නා නම් කතා කරනවා....අපේ අමේලි ඉන්නවා නම් බාප්පගෙ ඔලුවත් අතගානවා....බාප්පට කතන්දරත් කියලා දෙනවා....මේ ලමය කතා කරන්නෙ නෑනෙ.....

මම අහන් උන්නා ....එයා මාව කතා කරවන්න ඕනාවට අමේලි ගැන කියෙව්වා....අමේලි එයාගෙ බාප්පට කතන්දර කියලා දෙනවා කිව්වා .....යෙවීන්ට ඉතින් කතන්දර කියලා දෙන්න බෑ....මම කොහොමද කියන්නෙ....එකෝමත් එක දවසක කවුරු හරි ඉන්නවා කියලා පටන් ගන්නකොට මට ගොත ගැහෙනවා...ඉතින් මම කොහොම කතා කරනන්ද...මම කොහොම කතන්දර කියලා දෙන්නද....

මට දුක හිතුනා....මට නොසෑහෙන්න දුක හිතුනා....

හැමෝම ගොතයා කිය කිය විහිලුක්කරන්නෙත් මට.....ආච්චම්මා අරුනි අක්කා කොයි වෙලෙත් මගෙ මූනටම බනිනව.....ඉස්කෝලෙ යන්න බෑ.....දහම්පාසලකට යන්න බෑ...කොහෙවත් යන්න බෑ....හැමෝම ගොතයා ගොතයා ගානවා...

ආච්චම්මා අම්මා තාත්තව එලවන්න හදනවා....මට තුවාල වෙලා....වේදනාව දැනෙනවා ....කතා කරගන්න බෑ.....

හැම පැත්තෙම්ම යෙවීන්ට තිබුනෙ දුක විතරමයි....

බබී.....

.....

මොනවද කල්පනා කරන්නෙ....

...

යෙවීන්...

එයා කතා කරනවා...මගෙන් අහනවා මොනවද කල්පනා කරන්නෙ කියලා...මට කල්පනා කරන්න කොච්චර දේවල් තියනවද...මට දුක් වෙන්න කොච්චර දේවල් තියනවද...

එයා මගෙ ඔලුව අතගානවා...මගෙ තුවාල උන පිට.....කට්ට ගහපු අත....ඒ විතරක් නෙවෙ... එයා සිංදුවකුත් කිව්ව.....අනේ...එයාට හරි ලස්සනට සිංදු කියන්නත් පුලුවන් බලන්නකො....මොකක් හරි මහ මිනිස්සුන්ගෙ සිංදුවක් කිව්වෙ.....මොනා උනත් ඒක හරි ලස්සනයි අප්පා....බලන්නකො....අපේ බාප්පටත් පුලුවන් ...අපේ බාප්පා නම් වැඩියෙම්ම සිංදු කියන්නෙ නානකොට ....ඇගහෝදනකොට ....

කෙල්ලෙක් ළඟින් යනකොට ....ආච්ව්ම්මගෙ කරච්චලෙන් බේරෙන්න බැරි වෙනකොට .....

ඒත් අපේ බාප්පා සිංදු කියනකොට පුදුම කැතයි ....අහන් ඉන්නත් අමාරුයි ...ඒත් ඉතින් බාප්පනෙ...අහන් ඉන්න වෙනවනෙ....වෙලාවකට මම කියනවා...බාප්පෙ කැතයි කියලා.....එතකොට බාප්පා කියනවනෙ

" අහන් ඉන්ඩ බැරි නම් පල" කියලා.....පල කිව්වට පලම කියන්නෙත් නෑ...

මම සිංදු කියන නලුවගෙ ඇගට හේත්තු වෙලා ඔහේ අහන් උන්නා...ඒ එක්කම යහපතා දොර ඇරගන ඇතුලට ආවා...නිකන් නෙවෙ ...ලොකු බෑග් එකක් එක්ක....

සංදීර් මේ මෙන්න මේක රොමේන් දෙන්න කිව්වා .බලන්ඩ බලපන්...

ඇදෙන් තියපන්....උදාන මේ ලමයට පොවන්නෙ මොනවද...දොලහ වෙනකන් ඉන්න පුලුවන්ද පව් ...

එයා මාව ඇදෙන් තිබ්බෙ නෑ...මාව උකුලෙම තියාගන යහපතාගෙන් ඇහුවා මට මොනවද පොවන්නෙ කියලා...

ඒ දෙන්නා එතනින් පස්සෙ වෙන වෙන කතාවල් ගැන කියනකොට මම යහපතා ගෙනාව බෑග් එකට ඇස් කරකව කරකව බැල්ම දැම්මා....

රෙදිද කොහෙදො....

මටත් ඇදුම් නෑ...මං හිතන්නෙ අපි දෙන්නට හුග දවසක් මෙහෙ ඉන්න වේවී.....

යෙවීන්ට ඉස්කෝලේ යන්න ඕනෙත් නෑ.....

අපරාදෙ මම ගහකට ඉන්න උනත් ඇදුමක් මැහුවෙ...දැන් ඉතින් කොන්සර්ට් එකෙ ගහට යන්න වෙන්නෙ නෑ....අමේලිට තනියම තමා ආජිතපර නටන්න වෙන්නෙ.....

යෙවීන්....

ම්ම්ම්...

මම.කෝම්පිට්ටුව අස්සෙන් ම්ම්ම්...ගෑවා...කතාවෙන් කතාව යහපතා මොකක් හරි ගෙනල්ලා දීලා ...තැඹිලි පාටයි ....පැන්ටද දන්නෙ නෑ....පැන්ටා නම් හොදයි...

යෙවීන්..මේ ගස්ලබු තියනවා බොමුද...

ඊඊහ් ..ගස්ලබුලු.....පැ න්ටා නෙවෙ...

මගෙ මූන ඇඹුල් උනා...මගෙ මූන දෙක උනා.....මම හිතන් උන්නෙ පැන්ටා කියලා උනත් මට බොන්න දෙන්න ගත්තෙ ගස්ලබු වෙනකොට මම මූන දෙක කරගත්තා . . .....

යෙවීන් මේක බොන්නකො....ඔයාට කන්නත් බෑනෙ....බාප්පා ආවොතින් කොහොමත් මගෙ ඔලුව තමයි කන්නෙ....හොද ලමයානෙ....

මූනට ගහලා තිබ්බ කෝම්පිට්ටුව ගලවලා එයා වීදුරුවෙ තිබුන බටේ මගෙකට තුවාල නොවී හරි හිමින් ඇතුලට දැම්මා....

එක උගුරක් බොන්න ඇති .....මට ඊට වඩා උරවගන්න බැරි උනා...යටි තොල එහෙන් කැක්කුම් කරනකොට දත් නැති වීදුරු මහ ඊටත් එහා වේදනාවක් දුන්නා...

අනේ මට උරවන්න බෑනෙ....

මම මගෙ කට අහකට කරගන එයාගෙ පපුවට ඔලුව ගහගත්තා .....එයාට තේරුනා...මට බැහැයි කියලා ....මම එයාගෙ මුන දිහා බැලුව....එයාගෙ මූන දුකෙන් පිරිලා...එයා බලන් උන්නා..ඒ ඇස් ....ඒ ඇස් වල කදුලු පටලයක් බැදිලා තිබුනා .

අනේ...අඩන්න එපානෙ....

මට කියන්න හිතුනා....අනේ අඩන්න එපානෙ ....මට රිදෙන්නෙ නෑනෙ කියලා ....ඒත් කොහෙ කියන්නද...

මගෙ කටහඩ ගොත ගැහුවට...මගෙ හිතට ගොත නැතිවම කතා කරන්න පුලුවන් උනා...මොනවා කරන්නද.....හිත ගොත ගහලා කට ගොත නොගහා උන්නා නම්.....

යෙවීන්ටත් කවුරුත් විහිලු නොකර ඉන්න ගියා....

යෙවීන්ට කවුරුත් ගොතයා නොකියා ඉන්න ගියා ....

ආච්චම්මා අරුනි අක්කා නපුරු කම් නොකර ඉන්න තිබුනා...

මොනවා කරන්නද ....ආච්චම්මා කියනවා වගේ මගෙ පවුකාර කම තමයි...

*...

*

*...

යෙවීන්.....

හෙමින්...හෙමින්....ශෙහානි...මේකා රෙහාන්ගෙ පන....මූව නම්ම ගන්ඩ බලන්ඩ...මූ නැමුනා කියන්නෙ අරකිව නිකම්ම එලියට දාන්න පුලුවන් ....

ආන්ටි බය නැතුව ඉන්නකො....ඒත් ....ඒත් මට මේ ළමයි එක්ක.....අනෙ ආන්ටි මට මේ ළමයි එක්ක ඉන්න එක.....

ඇයි ....ශෙහානි....මං තමුන්ව ගේන්නෙ අරකිට වදන්ඩ බැරි හන්දා .....අනික...රෙහාන් ලමයිට ආදරෙයි ...මාත් එහෙමයි...

එහෙමයි නම් ආන්ටි ඇයි මේ ලමයට ආදරේ නැත්තෙ....

මේකා...මේ ..

ම්ම්ම්හ්හ්....

මං කෙදිරි ගෑවා .....හැම දේම ඇහුන මම කෙදිරි ගෑවා.....

නලුවගෙ උකුලෙ උන්න මට එයාගෙම උකුලෙ නින්ද යනකොට එයා මාව ඇදෙන් තියලා තිබුනා .....තුවාල වේදනාව කොයි තරම්ද කියනවා නම්...මාව මවනකොට දෙයියො කටහඩින් බාගයක් උදුරන් තිබ්බ හින්දම අඩා ගන්නවත් හයියක් නැතිව මං ඉවසගන උන්නා.....

මට නින්ද ගිහින්....හැබැයි ..ඇද ගාවින් ඇහුන කටහඩ එක්ක මං කන් දීගන උන්නා....එකක් ආච්චම්මගෙ කියලා දන්නවා උනත්....අනිත් කටහඩ කාගෙද නොදන්න කමට මම අහන් උන්නා..එයාලා කියවන්න් මොනවද කියලා ....

කියන්න සතුටුයි ...එතනින් එකක් වත් මගෙ හිත හැදෙන වචන තිබුන් නෑ....ඒත් ..නලුවා එදා කිව්වා....අනිත් මොන දේ කැඩුනත් ..හිතක් කැඩුනම හදන්න බැහැයි කියලා .....

නලුවා එක පාරක් කියලා තේරුම් ගත්ත මම එයාගෙ හිත රිදවන්න බැරි කමට තුවාල වේදනාව හුගක්ම දැනෙන තැනදි පවා වේදනාවක් නැහැයි කියලා පොඩි කමට ඉවසන්න හිතුවට...මෙච්චර ලොකු ආච්චම්මට බැරි උනා මගෙ හිත නොබිද ඉන්න...

මම ඇස් ඇරියා....මොකද...මටබය හිතුනා...නින්දෙන් උන්නත්...අවාසනාවකට මට ඒ වචණ ඇහුනා.....කොටිම්ම කියනවා නම්....කසාදෙ කටු ගානවා කියන වචන දෙකේ තේරුම මගෙ නින්ද පවා දැන් දැන් උදුර ගන්න හැදුවා...හීනවලත් අම්මා තාත්තා මාව දාලා යන හැටි ලාවට ඇදිලා පේන්න ගන්නකොට නිදියි කියලා හිතාගන මට එහාපැත්තෙ ඉදන් ආච්චම්මා නන්නාදුනන කටහඩ තියන ගෑනු කෙනා එක්ක මට ලන් වෙන්න කිය කිය උගන්නන හැටි අහන් උන්න මම ඊටත් වඩා බය හිතෙන කතා කියයි කියලා ඉක්මනට නැගිට්ටා....

ඒක හරියටම බය හිතෙන හීනයක් දැක්කම අපි ඉක්මනට ඇහැරෙන්න හදනවා වගෙ....

මම ඇහැරුන.....ඔක්කොටම කලින් මං කෙරුවෙ නලුවා දිහා බලපු එක.....එකට හේත්තු කරපු ඇදන් දෙකේ...අනිත් පැත්තෙ උන්න නලුවට හොදටම නින්ද ගිහින් උන්නා...

හොද වෙලෙට....ආච්චම්මා..මෙතනත් මට ගොතයා...ගොතයා ගෑවොත්...මට එයා ඉස්සරහා තව දුක වැඩි වේවි....

.ආ...මේ නැකිට්‍ටෙ...යෙවීන් නේද.....කොහොමද..මැ....නි...ක....ඔයාට...

..

ඒ අර නාදුනන කෙනා....මම බලන් උන්නා...තත්පරයක් දෙකක් .....එයා හිනා උනා..හැබැයි.....පොඩි උන් හරි ඉක්මනට රැවටෙනව වගේ තමයි පොඩි උන් හරි ඉක්මනට ඇත්තටම ආදරේ කව්ද...බොරුවට ආදරේ කරන්නෙ කව්ද කියන එක හොයා ගන්නවා...

මම එයගෙ උඩ ඉදන් යටටම බැලුවා...අපේ අම්මා වගේ නෙවෙ...මම.දැකපු මුල්ම තත්පරේදි ඒක තේරුම් ගත්තා....ඒ එක්කම මම ආච්චි දිහ බැලුවා...

ආච්චම්මා මා දිහා නොබලා අර ගෑනු කෙනා දිහා බලල මට නොපෙනෙන්න තට්ටුවක් දැම්මා..හැබැයි මම ඒක දැක්කා....

ආච්චම්මා කියපු හැම දේම ඇහුන මට අම්මව මතක් උනා....තාත්තව මතක් උනා.....

මෙතන ඉන්න ගෑනිව ගෙනාවෙ අපේ අම්මව එලවන්න කියන දේ ආච්චම්මගෙ කටින් පිට උන එක මම.අහන් උන්නා.....

එතකොට කසාදෙ කටු ගාලා....තාත්තව මගෙන් උදුරගන්න යන්නෙ මේ ගෑනි...

එතකොට කසාදෙ කටු ගාලා....තාත්තව අම්මගෙන් උදුරගන්න යන්නෙ මේ ගෑනි...

මූන වැහෙන්න ගහලා තිබුන කෝම්පිට්ටුව මට නින්ද ගිය වෙලේ ගලවලා තිබුන ....මට මහා වේදනාවක් අසරන කමක් දැනුනා...වෙන මොකටවත් නෙවෙ....ගොත ගගහා උනත්...මට කතා කරන්න උන්නෙ මාව රිදවන මිනිස්සු දෙන්නෙක් හින්දා.....

යෙවීන්.....මේ ඉන්නෙ ශෙහානි ඇන්ටි....

ඇන්ටි..නෙවෙ...අ...ම්.....මා....

මම ඔලුව වැනුවා...නැහැයි කියන්න ඔලුව වැනුනවා....ඒ ටිකකින් ආච්චම්මා එයාට හදිස්සි වෙන්න එපා කියලා මගෙ ඇදෙන් ඉදගත්තා ...

කොහොමද පුතේ.....මේවා හුගක් රිදෙනවද.....??කෝ බලන්ඩ කට.....කටත් තුවාල වෙලා...ඉදිමිලා නේද....

ආච්චම්මා මාව අතගානවා...ඒත්...එයා අතගාන්නෙ නිකන් නෙවෙ....තුවාල තැන් තද කර කර වෙනකොට අනේ මට රිදෙනවා නලුවො කියන්න ...අනේ මාව බේර ගන්න....අනේ අම්මව ගෙනත් දෙන්න...අනේ මට තාත්තව ගෙනත් දෙන්න කියන්න නලුවට කතා කරගන්න ඕනා වෙනකොට හැමදාම වගේ මට අදත්...නෑ...වෙනදටත් වඩා අද වේදනාවට වචන ගොත ගැහෙනකොට මම කදුලු පුරවන් බලන් උන්නා....

ඒ ගෑනි මගෙ අම්මලු ...නෑ....අනේ...නෑනෙ...මගෙ අම්මා නෙවෙ....

ශෙහානි.....කෝ අර සුප් එක.....ඒක පොවන්න...එන්න....යෙවීන්...මේ ශෙහානි ඇන්ටි සුප් හදන් ඇවිත්....අපි ටිකක් බීලා ඉමු පුතේ....

මම එපා කියන්න ඔලුව හෙලෙව්වා ...නලුවා වගේ නෙවෙ...මගෙ බාප්පා වගෙ නෙවෙ....අනේ මගෙ අම්මා තාත්තා වගේ නෙවෙ .....එයාලා කවදාවත් මම ඔලුවෙන් එපා කියන දේ තඹේකට ගනන් ගන්නෙ නෑ...නලුවව දැක්කෙ දවසයි..එත් .එයා මමඔලුවෙන් කියන කරන ඔක්කොම තේරුන් ගන්නවා යහපතා. .රොබින් කුරුල්ලා පවා...ඒත්...ආච්චම්මා...අරුනි අක්කා.....කවදාවත් මාව තේරුම්.ගත්තෙ නෑ...කතා කරන්ඩ බැරි බව දැන දැන ගගහා හරි මාව කතා කෙරෙව්වා.....ගොත ගහන බව දැන දැන මාව හෙම්බත් කෙරෙව්වා...ගොතයා කතා කරපන් ගොතයා .....ගොතයා....උත්ත දීපන්...ඇයි උඹට කට නැද්ද ගොතයො...ඔය වචන මාව කොච්චර රිදවනවද....???

බොරු ආදරයක් පෙන්නපු ආච්චම්මා අර අලුත් ගෑනිට සුප් ගේන්න කියනකොට මම ආච්චම්මව අල්ල ගත්තා ...මට ඕනෙ අම්මා...මට ඕනෙ...අම්මා...අනේ....මට ඕනෙ මගෙ අම්මා.....බොරුවට ආදරෙ පෙන්න ආච්චම්මට වඩා මට ඕනා මගෙ අම්මා....මහෙ තාත්තා .....

මේ ගෑනි තාත්තව අපෙන් උදුරගන්න යන්නෙ බව දැනෙනකොට මගෙ පොඩි පපුව පුපුරන්න ආවා....

කදුලු වැක්කෙරෙන්න ඔන්න මෙන්න තිබුන ඇස් හීනි වෙනවා එක්කම කදුලු බින්දු පහලට වැටෙනකොට මම ඔලුව හොලව හොලව අම්මව අහන්න කට ඇරියා....මම ගොත ගගගා අම්මව අහන්න හැදුවා ....

අ...අ...අම්...අම්....මා....ක්ක්...ක්...කොහෙ...ද.....අ...අම්...මා...

අම්මා නෑ...අම්මා තාම ඉස්පිරිතාලෙ ....දැන් අම්මව මොකටද....අම්මට උඹව ඕන් නෑ...

කෝ...එන්න යෙවීන්...අපි මේක බීලා ඉමු....අම්මා ඉස්පිරිතාලෙ නෙ තාම.....අම්මට එන්න බෑනෙ.....අනික...අම්මා ඔයා ගැන ඇහුවෙත් නෑ.....ඒක හින්දනෙ ආච්චම්මයි මායි අපේ යෙවීන්ව බලන්න ආවෙ....

න්න්..න්න්..නැ....අම්..අම්ම්...අම්මාට...මතකයි....ම..මත...කයිනෙ.....

මතක නම් එන්න එපැයිනෙ.....ප්‍රශ්න නාහා මේක බීපන්...මෙ ඇන්ටි වැඩත් දාලා උඹව බලන්න ආවෙ....

කෝ ආ ගාන්න....ආ ගන්න....

එතනින් පස්සෙ මට උනේම අඩන්න....ඒදෙන්නා නලුවා දිහා බල බල ඇහෙන නෑහෙන ගානට කියව ලියව කෙරුවෙම.මගෙ හිත කඩන එක...අම්මා එන්නෙ නෑ...අම්මට මාව අමතකයි ගගා ආච්චම්ම මගෙ හිත රිදවනකොට අර අලුතෙන් ආව ගෑනි මට ලොකු හැන්දෙන් එක දිගට සුප් එක පොවාගන පොවාගන යනකොට මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරුනා ....

අනේ....මට වේදනාවයි....

කට ඇරපන් යෙවීන්.....උඹව හුරතල් කර කර ඉන්න බෑ...කෝ ආ ගාපන්....

යෙවීන්....කට අරින්නකො...නැත්තන් මගෙ ඇදුමෙත් හැලෙනවනෙ....හොද ලමයනෙ...කෝ....ආ...කියලා කට අරින්න...

මූව හුරතල් කරලා නරක් කරලා ශෙහානි....

අ...ආව්...හ්...ඇ...ඇ...ඇත්...ඇ..ඇතී...

මට කෑ ගැස්සුනා....මගෙ වීදුරු මහට හැන්ද ඇනුනා...මට කෑ ගැස්සුනා...හිමින් නෙවෙ...හයියෙම්ම....එයාගෙ ඇදුමෙ හැලෙයි කියලා අලුත් ගෑනි එක දිගට පොවනකොට ආච්චම්මා කටේ තුවාල නොබලා මගෙ කට ඇරපන් ඇරපන් කිය කිය මට සැර කෙරුවා ..අවසානෙදි දත් ගැලවිලා තුවාල උන වීදුරු මහට හැන්ද ඇනෙනවා එක්කම මට කෑ ගැස්සුනා .....

ඇති කියන්නෙ මේක බීපන්....හැම වෙලේම උඹව බලන්ඩ එන්ඩ බෑ....

යෙවීන්...ආ ගාන්නකෝ...

එ..එ...එපා...අ...නේ....හ්....බ්බ්බ්බ්.....වැ....ක්ක්ක්.....බ්බ්....බ්වෑ....ක්ක්....

ශික්කෙ...කොල්..ලෝ...හ්හ්.....අනෙ ආන්ටී.....

මුරන්ඩු කොල්ලා උඹ.....

ආ....ව්....හ්හ්....ආ....ච්....අම්...අම්...මේහ්....අම්...අම්...මේහ්...ස්...ස් ..ස....ං....ස.....ං....න්න්...න් ...නලු...වෝ....හ්

තමුන්ලා දෙන්නා මොන මගුලද ඔය කරන්නෙ ආ???

ජොබී නිදහා...ස්

🥺ආය හෙට එන්නම්....

අග්ගියා එක්ක එනකන් පයිස්සමින් ඉන්ඩෝ.....

මේ ළමයා බයියන්ඩ යන්නෙ....ඔය ලමයිනුත් බයියන්ඩ .

මම....

Ferdeesha ❤️💚😘 ...

More Chapters