LightReader

Chapter 37 - 37

අනූ...මේහ්....මටත් එන්න කිව්ව නේද...ඒයි

ඔව් ඇයි එන්න බැරිද....වරෙන් වස්තු යන්න මොකද මං තනියෙන් ලව් කරන්න ගත්තෙ නෑනෙ....නේ.....

පැනලා යන්න තරම් මං චපලයෙක් නෙවෙ මල්ලි.....

අම්මයි අප්පච්චි මට ඉස්සරහින් යනකොට මායි මගෙ මනුස්සයයි පස්සෙන් ගෑටුවා.....අද නම් නිදාගන්න හම්බෙන්නෙ නෑ....අප්පච්චි එලිවෙනකම්ම චන්ද ප්‍රතිඵල කියනව වගේ සැරින්සැරේම එකම එක කිය කිය මට බනී....

මුලින්ම මං යාලු කොල්ලෙක් එක්ක කියපුවාම මාව හම ගහන්න ගිය අප්පච්චි ඊලග පාර කොහෝම හරි හිත හදාගත්තා....ඊලග පාර ලේලි වෙනුවට මං ගේන්න යන බෑනා හොල්මනක් කියලා දැන ගත්තම කෝමා වෙන්න ගිහින් යන්තන් ගොඩ ආවා....දැන් ඉතින් මේකා මට වඩා හතක් වැඩිමල් කියල දැනගත්තම.....

අයියො...අප්පච්චි ....බෑනා අප්පච්චි ට වඩා චූ....ට්ටනෙ බාල....හරි වේසයි....මයුරයො.....හරීම වේස කොල්ලෙක් උඹ....

නියපොත්තකුත් හප හප ඔව්වත් කල්පනා කර කර මොකාද වගේ ඇදි ඇදි ගියපු මම අම්මයි අප්පච්චියි මට හොද හොටෙල් එකකින් කන්න දෙන්න බලාගන ගෙදර යන්න බයික් එකට නගිනව බල බල නිම්නවත් මගින් නවත්තන් නැවතුනා....

ඇයි අනූ....

 වස්තු....පොඩි උදව්වක් කරනවකො

මොකක්ද අනූ...

අප්පච්චිට උඹගෙ වයස බොරු එකක් කියපන්කො...මට වඩා වැඩිමල් කියන්න එපා....උඹට විස්සයි කියපන්කො.....ඈ.....

..ඒ....මොකද ඒ..අනෙ මල්ලි මේ පිස්සු නම් කෙලින්න එපා.....අපේ අම්මා මගෙ කට හතරට ඉරයි බොරු කියලා....

අනේ...අම්මෙ...අම්මගෙ දොන්ත බිබික්කම....උඹට බොරු කියන්න බෑ...දිවෙ කටෙ නොගෑවි කුනුහර්ප කියන්න පුලුවන්....වේස කොල්ලා උඹ ....අනේ මේකවත්...මිනිහගෙ නම්බුවනෙ මිනිහො...හිතපන්කො වස්තු පොඩ්ඩක්.....

අනේ අනූ මේ...මට බොරු උගන්නන්න එපා...මං කැමති නෑ ඔය බොරු කියන වැඩේට නම්....කොච්චර කල් බොරු කියන්නද...ඇරත් වයස කියන්නෙ ඉලක්කමක්නෙ මල්ලි ආදරෙ ගාවදි...

...අම්මො...අම්මො...සිරිමත්...මං.අදනෙ.දන්නෙ මගෙ මිනිහා සිරිමත් කියලා...උඹගෙ නිහතමානි කමයි අවංක කමයි එක්ක බලනකොට සිරිමත් කියන්නෙ මොන පකෙක්ද....හා...හා...ඇත්ත කියපන්...කමක් නැ වස්තු..... හැබැයි ඔය මල්ලි මල්ලි කියවිල්ල නවත්තපන්...අයියලා මල්ලිලා පවුල් කන්නෙ නෑනෙ නේ.....අනික අපෙ කමනි වත් රොහාන්ට අයියෙ කියන්නෙ නෑ...එක්කො නම කියපන්...නැත්තන් මිනිහො කියපන්...ඒත් නැත්තන්....අපේ අම්මා අප්පච්චි ට ඒයි කියනවා වගේ ඒයි කියපන්...

මම ඒයි කියනකොට ඔයාලගෙ අප්පච්චි ඇයි අහයිද අනූ.....මොකද ..අපි හැමෝම එකගෙදරනෙ දැන් ඉන්නෙ....අනික...අපිට වෙනම උයන් කන්නත් වෙයිද අනූ.....අප්පච්චි කිව්වනෙ ඔයාට රස්සාවක් කරන්න කියලා .....

....යෝහ්....ඉපදිලා මැරිලා යන ටිකට මොන පරයද යකො කසාදෙ කියන හෙනෙ මැව්වෙ...ආ වස්තු.... උඹ ඔය කිව්වත් වගේ අප්පච්චි අපිට වෙනම උයාගන්න කියයිද....??????

කියයිනෙ.....ඒකනෙ රස්සාවට යමන් කිව්වෙ...

....ම්ම් එහෙම කිව්වොත්.....ග්‍රාමසේවක ගාවට ගිහින් සමෘද්දිය වත් ලියාගන්න වෙයිනෙ වස්තු....හැබැයි.....ග්‍රාම සේවක තැඹිලි පාට සාරියක් ඇදන් උන්නොත් මං ආපිට හැරිලා එනවා වස්තු.....කව්ද දන්න ඒ ගෑනිත් අර ගෑනි වගේ මොනව හරි දේකට ගිහින් කාපන් උඹලගෙ අම්මගෙ කියලා පටන් ගත්තොත්.....මාව වරුවෙන් බුකී ජනයා අතරට යයි...

මං අත් දෙකෙම්ම ඔලුව කහන්න ගත්තා...අම්මයි අප්පච්චි යන්න ගියා...නිකන් නෙවෙ..අප්පච්චි අනත මනතෙන් ඉන්න මගෙ දිහා බලලා හෝන් එකක් ගහගනමයි ගියේ......

යකො...මෙච්චර කල් අම්මගෙන් අප්පච්චි ගෙන් කකා කාලකන්නි වෙවි උන්නට මෙච්චර දේවල් හිතුන් නැති මට මහ මොකක්ද උනා....මොකක්ද උනාකියන්නෙ....ඇත්තටම මට ලැජ්ජා හිතුනා.....ඉගන ගන්න කාලෙ හරියට ඉගන ගත්තෙ නෑ....පිස්සු කෙලියා...පාඩම් කරන්න ඕන කාලෙ පාඩම් නොකර කට්ටි පැන පැන ගේම් ගැහුවා...දැන් රස්සාවක් කරන්න ඕන කාලෙ ඒකත් හරියට නොකර තව කටත් ගහන් යනවා....

ඇත්තටම අම්මා අප්පච්චි මට ගෑනියෙක් ගනින් කිව්වට....මගෙ ඇත්ත තත්වෙ බැලුවම ගෑනු ගන්නවා තියා.....ඒ ගැන හිතන්නත් ලැජ්ජයි...සුචිත්‍රම්මා කිව්වා ආයම විභහගෙ ලියන්න කියලා ....ඒත්....මට මහ ලැජ්ජාවක් දැනුනා.....අප්පච්චි ගෙ බත් කඩේට වෙලා බත් එතුවට....ඒ හිත්වලත් තියෙන්න ඇති එකම පුතා ටයි පොල්ලක් බැදලා රස්සාවකට යනව දකින්න...උතුම් පැතුමට ගොබ්බයා ගෑවට මොකද...උගෙ අනිත් පැත්ත කෙසෙ වෙතත් දැන් ලෝකෙ යන විදිහ එක්ක ඌට ගේමක් නැතුව ලෝකෙත් එක්කම ඉස්සරහට යන තැනට ඌ ඌව හදන් තියනවා....

එතකොට අපි හතර දෙනා.....අම්මා අප්පච්චිගෙ සල්ලි කකා...ගෲප් කෙරුවාවක් කරන් කාලකන්නි උනා...

අනූ.....ඇයි අනූ....

.මම උන්නෙ තත්පර ගානකට යතාර්තෙ අස්සෙ...මගෙ දුර්වල කම් ලග ලැජ්ජා වෙවි...නිම්න ජීවත් නොවී මෙහෙම මට ලැජ්ජ හිතුනා නම්...මගෙ නිම්න ඇත්තටම ජීවත් උනා නම්.....මම රෙදි අදිනවටත් පාඩුයි....මට ලැජ්ජා නහරෙ කපාගන්න වෙනවා.....

නෑ වස්තු...මට ලැජ්ජා හිතුනා...මම ගැනම.....අප්පච්චි මට රස්සාවක් කරපන් කියනකොට ...උඹ ඇහුවා අපිට වෙනම උයන් කන්න වෙයිද කියලා .....ටිකක් හිතපන් වස්තු....ලුනු පොල්කට්ටෙ ඉදම්ම පිටින් ගන්න වෙනවා කියන්නෙ...ඒකටත් මං ගාව හරියටම වත්කමක් නෑ කියන්නෙ...වයස විසිපහේ කරදඩු උස් උන..ඇගපත හයිය කොල්ලෙක් විදිහට මං ලැජ්ජා වෙන්න ඕනා....මට දැන් හිතෙනව මම නිකමෙක් වගේ ජීවත් වෙලා තියෙන්නෙ කියලා .....මට උඹගෙ මූන බලන්නත් ලැජ්ජයි අනූ....

මම අම්මා අප්පච්චිගෙ මූනටම කිව්වා...දෙමව්පියො අතින් එයාලා මාරම අසාර්තකයි කියලා ...හැබැයි..මේ තත්පරේ වෙනකනුත් මම කන්නෙ බොන්නෙ...ඔක්කොම අරන්නෙ... අම්ම අප්පච්චිගෙන් කියලා.....මම තවම depend චරිතයක් වස්තු.....එහෙම බැලුවම...

දෙමව්පියො විදිහට නෙවෙ....පුතෙක් විදිහට මං පුදුම විදිහට අසාර්තකයි නිම්න...මට මේ තත්පරේ වෙනකම්ම ඔය කිසි දෙයක් කල්පනා උනෙ නෑ නිම්න...කඩේට ගියා...චුට්ටක් උදව් කෙරුවා ...අරුන් එක්ක රෝන්දෙ ගියා....ඔච්චරයි .....ඒ අතින් බලනකොට ...චිහ්.....මට මගෙ ගැනම පුදුම ලැජ්ජයි වස්තු....මොකටද හිතෙනවා...

එපා...අනූ.....ඇයි මේ මගෙ අනූ...ඇයි මගෙ මයුර.....එපා....රිදෙන්නෙ උඹටමනෙ.....උඹට රිදෙනවා කියන්නෙ...මටත් රිදෙන එකනෙ.....

මම මගෙම නලලට අතින් ගහගන මං ගැනම ලැජ්ජයි කිය කිය ලැජ්ජා වෙනකොට මගෙ නිම්න මගෙ ලගට ඇවිදින් මාව නැවැත්තුවා....මෙච්චර කල් මම ඉදලා තියෙන්නෙ මොන ලෝකෙද...???

අනූ...දන්නවද මගෙ මයුර....දෛවය හැම මනුස්සයටම ජීවිතේ දෙවනි අවස්තාවක් දෙන්නෙ නෑ කියලා ...එහෙම දෙවනි අවස්තාවක් දුන්නා නම්....මම....ජනත්....අම්මා...අක්කා....

අපි හැමෝම ජීවත් වෙනවා...අපි විතරක් නෙවෙ.....මැරුන හැමෝම.....ඒ විතරක් නෙවෙ.....එහෙම දෙවනි අවස්තාවක් ලැබුන මිනිස්සු ඉන්නවා නම්...අද මිනිස්සු දුක වේදනාව කියන එක අදුනන්නෙත් නෑ...

මේ ජීවිතේ කියන්නෙ අනූ.....ප්‍රාතිහාර්‍ය පිරුන තැනක්.....මලවුන්ට අනුව....හුස්ම ඉහලට ගන්න එක...පහලට දාන එක පවා.....ලොකු දෙයක්....ඒක අපිට අනුව උඹලට ලැබුන වාසනාත්මක ප්‍රාතිහාර්‍යක් මයුර.....පපුව ගැහෙන එක....ප්‍රාතිහාර්‍යක් .....පපුව නැවතුන අපිට අනුව....උඹලා කියන්නෙ මගෙ මයුර...වාසනාවන්ත මිනිස්සු...මොකද...මැරුන අපිට කවදාවත් දෛවය දෙවනි අවස්තාවක් දෙන්නෙ නැ මගෙ අනූ.....

වෙහෙසකර කාර්තු එනවා....අල්ලන් ඉන්න හරි අමාරුයි.....අත් රිදෙනවා....එක හරියටම පදම් නොවුන කොහු කඹයක් වගේම දිරාපු බොලොක්කයක් තියන පතුලක් නොපෙනන තරම් ගැඹුරු ලිදකින් වතුර අදිනවා වගේ වැඩක්... වතුර අදින වාරයක් ගානෙ අර අලුත් කොහු කඹේට අත් වේදනා දෙන ගන්නවා....කරගැට මතු වෙනවා....බාල්දියෙ බරයි.....කඹෙන් දැනෙන මේ වේදනාවයි ඔක්කොම එකට එනවා...වතුර අදින්නත් ඕනෙ...නවත්තන්නත් බෑ.....ඒත්...දවසක් එනවා මගෙ මයුර....හිර උන බොලොක්කෙ පදම් වෙලා හරි අපූරුවට කැරකෙන්න ගන්න...අර කඹේ මැදිලා...මැදිලා...අවසානෙදි අතට හුරු වෙන.....

අන්න ඒ කාර්තුව එනකන් අපිට ඉවසන්න වෙනවා...වතුර අදින්නෙ නැතිව නැවතුනොත්...කෝ වස්තු වතුර.....ජිවිතෙ කියන්නෙ....දුක සතුට....සෝසුසුම් ඔක්කොම කලවම් උන චාරිකාවක් පන.....

ලැජ්ජා වෙන්න...අඩන්න....ඔයා ගැනම තරහා ගන්න එපා...ඔයාට පුලුවන් ආපිට මුල ඉදන් පටන් ගන්න....

දන්නවද මගෙ මයුර..අපි ඉල්ලපු සාදාරනේ ඇතුලෙන්...අපි ඔයාලට ආපහු අවස්තාවක් දීලා තියනවා කියන්න...මගෙ අනූට....කල්පන....රවිදු...උදාර.....ඔය හැමෝටම දෛවය ආයම අවස්තාවක් දීලා තියනවා.....

මගෙ අම්මා මොකක්ද කිව්වෙ අනූ.....ආයම විභහගෙ ලියන්න කියලා ....අනූ.....ඒකම තමයි ටර්නින් පොයින්ට් එක...

මගෙ මයුර...ලැජ්ජා වෙනව වගේම...ඔයාට ඔයා ගැන පුලුවන් ආඩම්බර වෙන්න....

මේ ලෝකෙන් පුදුම පහන හම්බ උන මනුස්සයෙක් උන්නා නම්...ඒ ඇලඩින් විතරයි මගෙ අනූ.....

ඒ වගේම....මේ ලෝකෙන් ආපිට අතීතෙට ගිහින් හැම දේම වෙනස් කරගන්න අවස්තාවක් ලැබුන එකම මනුස්සයත් උඹයි මගෙ අනූ....

මම නිම්න දිහා බැලුවා....මගෙ පරිනත නිම්න කියන්නෙ හරි පුදුමාකාර චරිතයක් වෙලාවකට අප්පච්චි කෙනෙක් වගේ.....එයා මගෙ හිත හදන්නෙම ඔලුව අත ගාන ගමන්.....

නිම්න කියන්නෙ මැජික් එකක්...වචනවලින් බිදුන හිත් සුව කරන්න පුලුවන් මැජික් එකක්....ඒත්...කරුමෙට....ඒ මැජික් එකම දැන් බිදුනු බිලින්දෙක්...මිනිස්සු සමහර වෙලාවට කදු වගේ...හැම දේම දරාගන්නවා....මහ වැහි...ඉඩෝර.....සුලිසුලන්.....වසන්ත ඍතු...ගිම්හාන.....හේමන්ත...සිසිර.....මේ හැම කාර්තුවම සමසිතින් දරාගන්නවා.....

ඒත්...දවසක් එනවා...කදු උනත් පුපුරනවා...ලෝකෙට නොකියා...හිර කරන් උන්න හැම චිත්ත පීඩාවක්ම එලි දානවා...එතකොට අර හැම කාර්තුවම සමසිතින් දරාගත්තු කදු කොහෙද හොයන්න බෑ...ඒත්...සමහර කදු තියනවා....මොන තරම් ඇතුලතින් විදෙව්වත්....මොන තරම් සක්‍රීය වෙන්න හිතුනත්...මැරුන ගිනිකන්දක් හා සමානව ඇතුලතින් දැවි දැවි පිටතින් දරාගන හිනා වෙලා ඉන්නවා.....

හරියටම නිම්නත් ඒ වගෙ....මගෙ නිම්න කියන්නෙ හරියටම සක්‍රිය වෙලා පුපුරලා ගිහින් හැමදේම විනාශ කරන්න පුලුවන් තරන් ගින්දරක් වේදනාවක් හිතේ හංගන් උනත් පිටස්තර ලොකෙට පේන්න හිනා වෙලා ඉන්නවා....රිදුන හිත් වල පැලුන තැන් ආපහු හරි පරිස්සමට එක්කාසු කරලා පැලැස්තර අලවනවා....

ඇත්ත...මගෙ නිම්න කියපු කතාව ඇත්ත....මෙ ජීවිතේ කියන්නෙ ප්‍රාතිහාර්‍ය පිරුන තැනක්....දෙවනි අවස්තාවක් කියන්නෙම හාස්කමක්.....

මම නිම්නගෙ අත් දෙකෙම්ම අල්ලගත්තා...අල්ලන්..ඒ අත් වල පිට අල්ලට හාදුවක් තිබ්බා.....

ස්තූතියි මගෙ නිම්න...

අනූ.....ඇයි මගෙ මයුර....

.....

මේ නිම්න කියන නම අස්සෙ...චරිත කීයක් නම් උඹ හංගන් ඉන්නවද මගෙ නිම්න...මං ආදරෙ කරන්නෙ එක මනුස්සයෙක්ට උනත්...නිම්නලා කී දෙනක් නම් මට ආදරේද වස්තු.....

අතීතෙට ගියහම ඉන්නෙ හරි අහිංසක නිම්න කෙනෙක්...එතනදි....මම නිකන් උඹගෙ අප්පච්චි වගෙ නිම්න....ආයම වර්තමානෙට ආවම....ආදරේ වැඩියෙන් ඕන කියල හිතුනම උඹ මහ දගයෙක් නිම්න.....අවදානෙ ගන්න ඕන වෙනකොට උඹ මහ අකීකරු ළමයෙක් නිම්න.....ඒත්....මම කඩාගන වැටෙන හැම මොහොතකම උඹ මටත් අප්පච්චි කෙනෙක් වස්තු....

මං මේ අපූරු සංකලනෙට හරි ආදරෙයි මගෙ නිම්න....දනන්වද මගෙ වස්තු....උඹ හරි...මේ ජීවිතෙ කියන්නෙ ප්‍රාතිහාර්‍ය පිරුන තැනක්...පුදුම පහන හම්බ උනෙ ඇලඩින්ට විතරයි ....ඒ වගේම ...උඹල හැමෝගෙම තේරීම මං විතරයි ....

බලන් ගියහම...මමත් ඇලඩින් කෙනෙක්...ස්තූතියි .....වස්තුව ....මට මගෙ අම්ම අප්පච්චි ට හොද පුතෙක් වෙන්න අවස්තාවක් දුන්නට.....ආයම මුල ඉදන් ඉපදෙන්න අවස්තාවක් දුන්නට.....උඹ හරි වස්තු....හුස්ම ඉහල පහලට වැටෙන එකත්.....එක්තරා වාසනාවක් ...

...එතකොට ...මම මගෙ අනූට නය නෑ නේද....දන්නවද මයුර....මගෙ හිතෙ හැමවේලාවෙම වේදනාවක් තිබුනා....අපි වෙනුවෙන් සාදාරනයක් කරන්න නැහෙන උඹ වෙනුවෙන් මං කරපු දෙයක් නෑනේද මතක් වෙනකොට මට හැම වෙලාවෙම රිදුනා...මම නයයි වගේ දැනුනා.....ඒත්...මට අද සැනසීමයි.....අවසානෙදි ....උඹට තෙරුම් ගන්න පුලුවන් උනා.....මට දැන් අවසානෙදි සැනසීමෙන් මේ අත අතාරින්න පුලුවන් වෙයි නේද රත්තරන් ....උඹගෙන් මම ඈත් උනත්...අම්මා අප්පච්චි ට ආඩම්බර වෙන්න පුලුවන් පුතෙක් ඉතිරි කරලා යන එකට....

..හොද පුතෙක් විතරක් නෙවෙ....මම....උඹට....ආදරනිය සැමියෙක් වෙන්නම් නිම්න....හරියටම ...මගෙ...අම්මාට...

අප්පච්චි වගේ...ජීවිතේ කියන්නෙ මොකක්ද වත් කියන්න නොදන්න කාලෙදි එකට කූඩු උන අප්පච්චි අම්මා ගාව උන්නා වගෙ....මං ඉගන ගන්නම්....හොදම සැමියෙක් නෙවෙ...ආදරනීයම සැමියෙක් වෙලා...උඹට සැනසීමෙන් මගෙන් යන්න දෙන්න.....පිරිමි පපු හයියයි වස්තු...උඹගෙ මයුර තනිකරම ගිනි කන්දක්....හැබැයි.....වේදනාව ඇතුලෙන් මිසක්.....පිටතට දැනෙන්න නොදෙන.....

.අනූ.....

.මාව ටිකක් තුරුල් කරගන්නවද නිම්න...මට උඹට තුරුල් වෙන්න ඕන වස්තු.....

එන්න.....

...මෙච්චර වෙලාම කියවපු මගෙ ඇස් වලින් කදුලු වැටෙන්න ඔන්න මෙන්න තිබුනා...එයාගෙ නික්මීම මතක් වෙන වාරයක් ගානෙම....එයා ඒක මතක් කරන වාරයක් ගානෙම මට රිදුනා....ඒත්....මම එයාවත්..මාවත්...මෙ වේදනා හැම එකක්ම සමසිතින් දරාගන්න උත්සහ කෙරුවා.....

මට ඕන උනෙ එකම දෙයයි...ඒ හෘදයාංගම වැලදගැනීමක් විතරක්ම විතරක් වෙනකොට මම එයාගෙ අත් අස්සට ගිහින් ඒ පපුවට තුරුල් උනා.....පරිනත නිම්න කියන්නෙම....මගෙ වේදනාවට වේදනා නාශකයක්....

..වස්තු ....මගෙ නිම්න.....එදත් කිව්වා...අදත් කියනවා....හෙටත් හැමදාටමත් කියනව....මගෙ ජීවිතේ මට හම්බවුන ආදරනියම හමුවීම උඹ!!දවසක...ආයම සංසාරෙක හමුවෙනකන් අපි මේ ප්‍රේමයෙන් නික්මෙමු....මේ උනුහුම ...මේ සුවද....මේ ආදරනිය හැහීම්...හැම එකක්ම නැතිදාට....මට තනියෙන් හිනා වෙන්න උගන්නලා යමන් නිම්න....උඹ නැතුව...උඹ එක්ක ජීවත් වෙන්න මට උගන්නල යමන්...

මයුරනිමන...පුරාවෘතෙට අවසානෙම වෙනකන් පන දෙන්න මට උඹ නැතුව උඹ එක්ක ජීවත් වෙන්න උගන්නල පලයන් නිම්න....උඹ මගෙ දෙවනි අප්පච්චි වගෙ නිම්න....

උඹගෙ වෙන්වීමත්.....එක්ක...මං ප්‍රාර්තනා කරන්නෙ එකම දෙයයි...මේ සංසාර චාරිකාවෙ තවත් එක තැනක....උඹවත් මාවත් ආයම මුන ගැහෙන්න කියලා ....ඒ කන්නෙ...සරුසාරෙට ආදරෙ කරන්න පින් ලැබෙන්න කියලා විතරයි නිම්න....

 දන්නවද මගෙ නිම්න...ජීවිතේ කොතනක හරි.....වරමක් ලැබුනොත් මම ඉල්ලනවා ආපිට උඹට හුස්ම දෙන්න පුලුවන් වෙන්න කියලා ...හැබැයි රත්තරන් අන්න එදාට මං උඹව මේ මුලු ලෝකෙම්ම හංගනවා....මට ඕනෙ උඹව මේ නපුරු ලෝකෙන් ආරක්ශා කරන්න....මොකද ....දෙපාරක් මම උඹව අහිමි කරගන්න කැමති නෑ නිම්න.....

ම්හුක්.....

ඒ පාර ආය මොකද.....යෝ...වැහුනා නේද අර පොඩි පගයව....කියපන්...ඇයි දැන් නහෙයෙන් අඩන්න....චොකලට් බිස්කට් ඕනා කිව්වා...ඒකත් ගෙනත් දුන්නා...පානුයි පරිප්පුයි කාලා යන් කිව්වා...දැන් ඒකත් කෑවා.....දැන් ආය මොනාද.....ගෙදර ගිහිනුත් කන්න තියනවා....වරෙන් වස්තු යන්න...

මමයි එයයි උන්නෙ මගෙ බයික් එක ළඟ...ගෙදර යන්න හදලත් එහා මෙහා කට්ටි පැන පැන් උන්න අපි දෙන්නා මේ පාර නම් ඇත්තටම ගෙදර යන්න හිත හදන් බයික් එක ගාවට එනකොට චූචි බුංජියා වැහුන නිම්නයා බයික් ශීට් එක කොනහා කොනහා ම්හුක් හුකුක් ගාන්න ගත්තා...

ඕ....හ් ඒ පාර මොකද.....??

හෙල්මන්‍ට් එක දාගත්ත මන් නිම්න දිහා බලාගන උන්නා...

බිත්තර දාන්න හදන පෙට්ටි කිකිලි වගෙ කෙකර නොගා ඇයි කියපන්කො වස්තු.....අප්පච්චි වෙලහට ඉදල් කොසු අරන් ලෑස්ති වෙලා ඇති.....

අනූ..... ම්හුක්....නෑ...ඔයා දැන් කිව්වනෙ අප්පච්චි සමහර විට අපේ කසාදෙ ගැන

කතා කරයි කියලා...

ඉතින්....???ඔව් ඉතින් ඔක්කොම දැනගත්තට පස්සෙ ඒක නොකර ඉන්නෙ නෑනෙ වස්තු ..ඇයි මේ උඹ ඔක්කොම කරල බූට් එක තියන්නද හදන්නෙ...අනෙ..අනේ.....නිම්න....

චපලයෙක් වෙන්න එපා වස්තු ඈ.....

යෝහ්...නෑ..අනූ...මං කල්පනා කෙරුවෙ වෙන දෙයක්...මං කියන්නද...දැන් අපි කසාදෙ කතා කරගන්න ඔයාගෙ ගෙදර ආවම....ඔයා හෙප්පුව අරන් එන්න මල්ලි...මං බුලත් කොලෙ අනිත් අතට හරවන්නම්...හැබැයි ඔය මට හෙප්පුව දීලා වදින්න ලෑස්ති වෙන්න එපා...මට ඔයාගෙ උරහිස් වලින් අල්ලල නැගිට්ටලා...තෙරුවන් සරනයි කියලා ඔලුව අතගාන්න බෑ...ලැජ්ජයි ...

මො...මොකක්...හෙ..හෙප්පු ගෙනත් උඹට වදින්න...විකාරද....සමයන්ද.....හෙප්පු අරන් උඹට වදින්න.....??හෙප්පුවෙන්ම ගහනව මං උඹගෙ ඔලුවට හිතෙ ඇති පිච්චමල්බිසව්තමෝ වගේ උඹ ගාවට හෙප්පු අරන් එයි කියලා ...පිස්සු විකාර නැතුව නැගපන්...

මං නිම්නයට රවලා සැරකරලා බයික් එකට නැගපන් කිව්වා....මිනිහා ඒත් නගින් නෑ....අර ඇස් කරකව කරකව හතර වට බල බල මූන රතු කරගන්නවා....මහා...දසවලත්ත පෙනුමයි....මූව කල්පනය ළඟ තියන්න හොද නෑ අප්පා.....

ඒපාර මොකද....???ආයම කොහෙ හරි කැක්කුම් ගැන නම් කියන්න එපා.....

අනූ.....නෑ...මට බයයි මල්ලි....ඊටත් ලැජ්ජයි.....ඔයාලගෙ අම්මා සන්තෝශ් රාටි වගේද අනෙ...

මොකී...මොකී වගෙද ඇහුවෙ..සමෝසරාටි????

නෑ...අනේ....සුරාජ්ගෙ අම්මවගේද ඇහුවෙ....මට හිතෙනව අනෙ...ඔයාලගෙ අම්මත්.මාසයක් ඇතුලත පුතුපැටියෙක් ඉල්ලයිදෝ කියලා මල්ලි.....

මගෙ බඩත් එක්ක මොකක්ද වෙලා ගියා....පුතුපැටියෙක්...ශිහ්....

බබ්බු ගේන්නෙ රෝසකැලෙන් නෙවෙ.....ඒකට වෙනම ගේමක් ගහන්න වෙනවා කියන්න තට්ට ජොනී හැම රෑකම මගෙ ඵෝන් එකට ඇවිදින් කියල දුන්න හන්දා ඒක මතක් උන ගමන් මගෙ බඩ රිදෙන්න ගත්තා.....එහෙන් නිම්නය ඇඹරෙනවා...

බබ්බු කෙසේවෙතත්....එයාලා දැනගනී නේ...අනූ...අපි එහෙම.... කෙරුවා කියලා👉👈....

මොනව ගැනද නිම්න ඔය කියවන්නෙ....

විකාර කියවනේ නැතුව නැගපන්කො.....මේක මහ විසාලකරදරයක් උනානෙ...

ඇයි...අපි එහෙම කරන්නෙ නැද්ද...චූචි බුංජියට නැති උනත්....ලොකු නිම්නට නම් ඕනනෙ....

එව්...නැගපන්කො අප්පා....ප්ලීස් ...වස්තු...කල්පනගෙන් ඈත් වෙයන්.....

නෑ....ඉතින්...කසාද බැන්දට පස්සෙත් ඇද මෙට්ටෙ යටින් රෙදි කෑලි අහු උනොත් කමනි හිතයි මට ලිංගික බෙලහීනතාවෙ කියලා ....මට එහෙම නෑනෙ මල්ලි....ලැජ්ජයිනෙ.....රෙදි කෑලි නැති උනාට අපිටත් උදේට රෑට වැස්සට නගිනවා....අපරාදෙ නිස්කාරනෙ පොලවට පස් වෙලා ගියා.....මං තාම වරිජින් මල්ලි...ඔයාට ලැජ්ජයි නම්....අපි බිමට බහිමු....අර කතාවක් තියෙන්නෙ.....බූරු ඇදේ සද්දෙ වැඩී බිමට..බහිමු රත්තරනේ කියලා ....

මගෙ කන් වලින් ගින්දර පිට වෙන්න ගත්තා...මන් දන්නවා...හෙල්මන්ට් එකෙන් වැහිලා තිබ්බට මොකද මගෙ කන් දෙක එරබදු මල් වගේ රත ගහලා ඇති....නිම්නයා මදුසමේ ගැන කියව කියව එහා මෙහා වෙනකොට මං ඒකගෙ බෝල පස්ස බලලා කලප්නයගෙයි රවිදුවගෙ ඒවයි එක්ක කම්පෙයාර් කරලා බැලුවා.....මුන් තුන් දෙනා නිකන් cardi B niki minaj beyonce වගේ....නිම්නයා නිකන් නිකිමිනාජ් වගේ...නැගලා යන්න පුලුවන් .....රවිදුවා කාර්ඩි බී වගේ....අපෙ පොඩි එකාට බියෝන්සෙ කියන්න පුලුවන් .....නරක නෑ.....

වස්තු....මේ....

ම්ම්ම්

වර්ජින් කියලද කිව්වෙ...

ම්හුක්...ඔව්....වේදනාවයි.....නිකා...න් පස් උනා...

දුක් නොවී ඉනන්...මිනිහා ඉන්නවනෙ.....වර්ජින් කිව්ව්නෙ...ශුවර්නෙ....එහෙනම්....ඉතින්....රතුපාට රිබන් එක කපලම වැඩ අල්ලන්නම් නේ...!!!!

යෝහ්....අනූ....හ්හ්හ්...

වස්තු....බහින්න....

වෙලාව රෑ අටේ කනිසම පහු උනා විතරයි වෙන්න ඇති...අපි දෙන්නම උන්නෙ දැන් අපේ ගේට්ටුව ඉස්සරහා ... අපෙ ගෙට එහා පැත්තෙ බුවා ගමටම ඇහෙන්න සින්දුවක් දාලා ඌ පාරට වෙලා හිටන් ඉන්නවා...වෙනදට නම් මට එකගෙ බොටුව මිරිකන්න තරම් තරහා ගියත් මට අද ඌව නිකන් දේවාලයක් වගෙ පෙනුනා.....ඇයි ඉතින් ගෙයි ඇතුලෙන් මොනා මොනා සද්ද වෙයිද කියන්න දන්නෙ නෑනෙ...

අනූ...අප්පච්චි දොරකොඩ...

....මතක තියාගනින්..අනෙ...බුංජියව නම් වස්සගන්න එපා....අප් කමනි අහන්නෙ මොනාද...තැම්පත් විදිහට උත්තර දියන් වස්තු.....

බයික් එක ගේට්ටුවෙන් ඇතුලට දාපු මන් කීකරු එකා වගේ ගිහින් ගේට්ටුවත් වහලා සාලෙට ආවා....ඒ එනවා එක්කම අප්පච්චි දොර වැහුවා...අපරාදෙ ...කාගෙන් හරි ලමා හා කාන්තා අපරාදන විමර්ශන අංශෙ නම්බර් එක ඉල්ලන් එන්න තිබ්බෙ...අප්පච්චි මටයි මේකටයි ගැහුවොත්....

අප්පච්චි ...මෙ...අපි.....ආවා.....

පේනවා...පේනවා....කමනි.....කමනෙ....මෙන්න මූ ආවා....ඉදගනිකො...ඉදගනිකො.....කෝ දැන් උඹගෙ පෙම්බරයා.....

ම්..මෙ...ඉ..ඉන්නවා..අප්පච්චි ...

මම නිම්න දිහා බලලා එයාටත් මගෙ ගාවින් ඉදගන්න කියනකොට ආව ගමන් බත් උයන්න ගිහින් තිබ්බ කමනි ආවෙ පොල්කටු හැන්දත් අතේ අරන් වෙනකොට මටයි නිම්නයටයි හීන් දාඩිය දැම්මා.....

හරි...දැන් මෙතන උඹගෙ අම්මයි අප්පච්චි දෙන්නම ඉන්නවා....නිකන් නෙවෙ...උඹ අර කියපු අසාර්තක අම්මයි අප්පච්චි ...ආ

අනේ..අප්පච්චි ....

ආ..ආ...ඥන්..පඥන් ගෑවිලි නෑ...උඹගෙ අම්මයි....මායි....ජීවත් උනෙ කොහොමද කියලා ...උඹලත් ජීවත් වෙලා බලපන්...එතකොටත් බලපන්කො අපි අසාර්තකද කියලා ආ.....කෝ..කෝ.....දැන් උඹට ඔය අතාරින්නම බැරි ජයවර්ධනයගෙ පුතන්ඩියා....

එයා ඉන්නවා.අප්පච්චි ...මා ගාව ඉන්නවා.....

උඹට පෙනුනට මට පේන්නෙ නෑනෙ....මෙතනටත් ඇවිත් ඉන්නවයි කියන්න කොල කෑලි උස්ස උස්ස පෙන්නන්න ගියොත් වෙන්නෙඋඹලගෙ අම්මව මහ ඉස්පොල්ලෙ නවත්තන්න.....

අම්මටයි අප්පච්චි ටයි..එයාව බලන්න ඕන...නම්.....එයාට...පුලුවන් පේන්න එන්න...අපේ...කල්පනයල...මෙයාව දකිනවා....

ඔය එන්නෙ..ඔය එන්නෙ රොහාන්.....ආව දෙන්කො ඕකා කමනි බඩගීනි ගාගන...

..අනූ...මං..පිලිවලට ඉන්නවා නේද....

අම්මයි අප්පච්චියි එහෙන් මට කියවනකොට පලවෙනි පාරට නැන්දම්මා මාමන්ඩියාට පේන්න යන්න හදන මගෙ නිම්නයා ඒකගෙ ඔක්කොම හදාගන මගෙ දිහාව බලලා දත් තිස් දෙකම එලියෙ දාලා ශ්‍රේක් එකේ බූරුවා වගෙ හිනාවෙනකො මාත් මැඩගස්කාර් එකෙ ජිරාෆ් වගෙ ඔලුව වැනුවා ....

අප්පච්චියි...අම්මයි බය නෑනෙ ....ඔන්න එහෙනම් එයා එනවා ....

.......හ්..හායි....

මගෙ නිම්න ඒ දෙන්නට පේන්න ආවා...මං හිතන්නෙ අම්මටයි අප්පච්චිටයි නිම්නව දැක්කට පස්සෙ සිංහල අමතක උනාද කොහෙද ...

අප්පච්චි .....අම්මා ...මේ ඉන්නෙ නිම්න....

අප්පට...සිරි....මූ...ලස්සනයිනෙ කමනි...

කටපියන් ඉන්නවා ඒයි දැන් ඔහොමද කතා කරනවා කිව්වෙ...

සෑහෙන්න වෙලාවක් බලාගන උන්න අම්මයි අප්පච්චි දිහා බලලා මම එ දෙන්නට නිම්නව අදුන්නල දෙනකොට ඒ දෙන්නා කෙරුවෙ හොරාවට මුනු මුනු ගාන එක වෙද්දි අපි දෙන්නා තැම්පත් ලීලාවෙන් ඉදගන උන්නා.....

ද්..ද්....දැන් මේ...ඔය ලමයගෙ අම්මා...එහෙම අපේ එකාගෙ පලහිලව්ව දන්නවද.....

..ඔව් අප්පච්චි ...

කැහ්...කැහ්...කැහ්....අප්පච්චි ..කිව්ව..නේද...කැහ්....හරි කමක් නෑ.....දැන් එතකොට ඔයලමයගෙ අම්මා මූට කැමතිද.....

...අම්මා අකමැති උනත් කමක් නෑ අප්පච්චි .....මොකද...මයුර ආදරෙ අපෙ අම්මට නෙවෙනෙ...මටනෙ.....

......

........මුන් දෙන්නගෙම කට එකයි කමනි...

මම හිමීට අපෙ නිම්නය දිගා බැලුවා...මිනිහා ඉන්නවා.....පපුව ඉස්සරහට දාගන ෆුල් ගට අරගන.....අම්මා නම් තවම මොකුත් නෑහුවත්....බයෙන් බයෙන් උනත්.උඩ ඉදන් යටටම නිම්නව ස්කෑන් කරනකොට බය ගතිය ටිකක් විතර එහා මෙහා උන අප්පච්චි නිම්නගෙන් ප්‍රශන් අහන වැඩෙ පටන් ගත්තා....

.ඔය ලමයගෙ....සම්පූරන නම..වයස එහෙම....

...අප්පච්චි මම නිම්න තිහස්වර...වයස 32...ශිශ්‍යත්වෙ ඉහලිම්ම පාස්...ඕලෙවල් ඒ නවයයි...දිස්ත්‍රික් රෑන්ක් තියනවා...ඒ ලෙවල් ඒ තුනයි....ක්ලාස් එකෙත් හැමදාම පලවෙනියා අංකල්.....

උඹගෙන් නම විතරනෙ මිනිහො ඇහුවෙ.....ඔව්වා කියන්න එපා....අම්මා කුලප්පු වෙයි.....උදාරයගෙ නංගි ශිශ්‍ය්ත්වෙ පාස් උනොත්...මේ පාරත් මම බැනුම් අහනවා....ඒක හින්දා අධ්‍යාපනේ ගැන නොකියා ඉදින් වස්තු.....

ඇහුවෙ නම විතරක් උනාට ඒකගෙ අද්‍යාපන මට්ටම පවා කියපු නිම්නයව මං කෙනිත්තුවා.....මොකද අම්මා තාම බනිනවා.....

පේනවද රොහාන්...ඇහුනද...අපිට ඉන්නෙ බත් කන හරකෙක්...

යෝ...අම්මෙ.....

ඒකෙන් වැඩක් නෑ....මයුර උඹ ඉදින්කො....කමනි....ඉන්නවකො....දැන් මේ සම්බන්දෙ හොදටම ශුවර්.....ආය අවුලක් නෑ.....එහෙමනෙ...හැබැයි පුතේ...උඹට මීට වඩ හොද කෙනෙක් හොයා ගන්න තිබ්බා...

නෑ අප්පච්චි ....මං හිතන්නෙ.....මට නිම්නට වඩා වෙන කවුරුත් හරියන්නෙ නෑ.....

මං උඹට නෙවෙයි ඒක කිව්වෙ මේ ලමයට....ඒ ලමයට තිබුනා උඹට වඩා හොද එකෙක් හොයා ගන්න....ඔය ළමයා දන්නවද මූ ජීවත් වෙන පිළිවෙළ....තේ බිව්වොත් කෝප්පෙ ඇද යට...කෑවොත් පිගාන හේදිලි නෑ.....අත පිහන්නෙ දොර රෙද්දෙන්...නාන්ඩ යනවා කවදාවත් තුවාය අරන් යන් නෑ....

ඒ....ඇති අප්පච්චි ....නිම්න දන්නවා.....

නෑ නෑ...උඹව දෙන්ඩ ඕනෙ කියලා ...නැත්තන් ඒ අම්මගෙනුත් බැනුම් අහන්නෙ අපි උඹව හදලා තියන ලස්සන කියලා .....රෙද්දක් පිලිවලට ගන්න දන්නෙ නෑ...යන එන තැන් කියලා යන්නෙ නෑ...ගෙදරින් එලි බහින්නෙ හන්දියට යනවා කියලා ඒත් මු මතුවෙන්නෙ යාපනෙ හන්දියෙන් .....කඩේට උදව්වට අඩ ගැහුවොත් හෝදන පිගානකටත් මූ සල්ලි ගන්නවා.....රෑ ගමන් බිමන් බොහෝම වැඩී...රෑ අට පැන්න ගමන් හැම සෙනසුරාදා ඉරිදාවකම මුගෙ හොද සිහිය නැතිවෙනවා....

හැම සෙනසුරාදට ම මූට තියනවා මුගෙ අර අනිත් පඩත්තරයො එක්ක දහම් කරුනු සාකච්චා කරන්න රැස් වීමක්....දෙයක් කරගන්ඩ හරිම අමාරුයි....කට නම් ගහන් එනවා.....ඔය ලමයට මූව හදාගන්ඩ පුලුවන් නම්...කරගන යන්ඩ...නේ කමනි....අපෙ අකමැත්තක් නෑ.....

හදාගන්ඩ ...මොනාද රොහාන් හදාගන්න කියන්නෙ ඒ ළමයා ගන්නෙ මිනිහෙක්වද නැත්තන් නොදරුවෙක්වද???ලමයො හදාගන්ඩ බලන් මිනිස්සු ගන්නෙ ඔය ළමයා මොන්ටිසෝරියක් දාලා උගන්නන්ඩ නෙවෙනෙ...මූ එක්ක ජීවත් වෙලා දවසක් බලන්ඩ...බෑ වගේ නම් අතෑරලා දාන්ඩ.....මං නම් මේ ඔය ලමයගෙ යහපතටමයි මේ කියන්නෙ...

මම නෙවෙ ඔලුවක් ඉස්සුවෙ.....මම නෙවෙ ඒ එකෙක් දිහාවත් බැලුවෙ....මුලින් මුලින් බය වෙලා උන්න අම්ම අප්පගෙ කටට පහු පහු වෙනකොට පනගහන්න ගද්දි මගෙ කාර්ඩ් එක ඉබේම කැපෙන්න ගත්තා වගේම අම්මයි අප්පච්චි මගෙ චරිත සහතිකෙ ගැන කිසී අඩුපාඩුවක් නැතුව කියලා දෙනකොට මං උන්නෙ අගහරු වලින් බැහපු එක්කෙක් වගෙ.....

ඒ තුන්දෙනාම කියවනවා...බනිනවා....නිම්නගෙ අම්මගෙ අක්කගෙ විස්තර අහපු අම්මා ඒ දෙන්නත් නැති වෙලා ඒකට හේතුව ජයවර්ධනයා කියනවා එක්කම අප්පච්චි කතාව නැවැත්තුවා ...

...අම්මයි අක්කත් මං වගේමයි අප්පච්චි ....ඒකට එකම හේතුව අපෙ අප්පච්චි ....ඒ දෙන්නවත්

අපි ඔය ගැන පස්සෙ කතා කරමු ලමයො.....දැන් මේ පලහිලව් අපිම කතා කරලා බෑනෙ ඔය්ද් ලමයගෙ අම්මව මට මුනගස්සන්න....මං කතා කරගන්නම්....ඔක්කොටම කලින් ඒ මනුස්සයට ස්තූතියි කියන්ඩ ඕනෙ මුගෙ ඔලුව පෑදුවට...

අනෙ ඇති අප්පච්චි ආව වෙලේ ඉදන් බනිනවනෙ.....

ඇති....ඇති....මොනාද ඇති.....උඹගෙ රෝන්ද කෙරුවාව දැන් ඉතින් අහවරයි .....යන තැනක ගිහින්...හරියටම දෙකහමාර වෙනකොට උඹ ගෙදර එන්න ඕනෙ මයුරයා.....වෙනකොහෙටවත් නෙවෙ.....කඩේට .....උඹලට මේ ගෙදර ඉන්න පුලුවන් .....හැබැයි.....හෙට ඉදන් ලුනු පොල්කට්ටෙ ඉදන් තමුන් හම්බ කරපු සල්ලි වලින් ගන්ඩ ඕනෙ....

උඹට මං මේ දැනගන්න කියන්නෙ...උඹටයි.....නිම්න ලමයටයි දෙන්නටම ...මූව හම්බෙලා තුන් දවසයි....මගෙ අම්මා අපිට මේ ගෙදර ඉන්න දුන්නෙ....ආපිට යන්ඩ කිව්වා...කමනිගෙ ගෙදරින් අදටත් අපි එක්ක වැඩි ඇයි හොදැයි නෑ...අපි ආයම මෙහෙ ආවෙ...අම්මා මැරුනට පස්සෙ මගෙ අප්පච්චිව බලාගන්න කෙනෙක් නැතිව ගිය හන්දා .....මං මුලින්ම කෙරුවෙ පාර අයිනෙ බත් මුල් වික්ක එක....වැස්ස දාට නාගන එන්නෙ ඔක්කොම ඉතුරුයි ...

මූ හිතන්නෙ මට එදා ඉදන් ඔය කඩේ තිබ්බා කියලා ...මේවා මූ දැනගන්න ඕනෙ...නැත්තන් මැරෙනකම්ම අපිට අහගන්න වෙන්නෙ අපි කවදාවත් සාර්තක දෙමව්පියො නෙවෙ කියන කතාව

අනෙ අප්පච්චි ...මට සමාවෙන්න කො

නෑ නෑ.....උඹ දැනගන්න ඕන මයුර.....උඹලට මේ ගෙදර ඉන්න පුලුවන් ...හැබැයි පුතෙ....උඹ කරන්ඩ ඕනෙ අප්පච්චි පටන් ගත්තු එක තව දියුනු කරනවට වඩා උඹ දෙයක් බින්දුවෙ ඉදන් පටන් අරන් පවුල නඩත්තු කරලා පෙන්නපන් ....උඹ මුලු ලෝකෙම දිනන්න ඕන නෑ මයුර....උඹගෙ පවුල විතරක් දිනපන්....මොකද උඹගෙ ලෝකෙ කියන්නෙ උඹගෙ පව්ලට.....

මන්දා ...උඹලගෙ ඔය අතීත සවාරි...යෑම් ඒම් මට හරි සංකීර්නයි මයුර...තවමත් අන්දුන් කුන්දුන් වගෙ.....උඹට දැන් ඔය කියන කරුනු කාරනා එක්ක බැලුවම නොසෑහෙන්න වැඩකොටසක් තියනවනෙ.....මේ පාරවත් විභහගෙ ලියපන්....උඹගෙම දෙයක් පටන් ගන්නකන් මගෙ ගාව වැඩ කරලා උඹගෙ පව්ල උඹ ගෙනියපන්....

ඒ වගේම ඔය ලමයගෙ අප්පච්චි කෙරුවෙ නම් සහගහන අපරාදයක් පුතෙ....උඹලව පිලිගන්න බැරි නම් එක්කො එලවලා දාන්න ඕනෙ.

...ඔයතරම්ම තිරිසන් වෙන්න වදාපු අප්පච්චි කෙනෙක්ට නම් බෑ නිම්න...අනික.....ජනත්ගෙ අප්පච්චි .....මුන්ට දරුවන්ගෙ වටිනකමක් නෑ...කාලකන්නිට දරුවො හිටියම විදවන්නෙ ළමයි....මන් මේ ගැන කතා කරන්න කැමැත්තක් නෑ....හැබැයි.....මට පුලුවන් උදව්ව මං කරන්නම්...

මං මීක් නොගා අහන් උන්නා....ඇත්තටම මට දැනුනෙ මගෙ පපුව උඩ තිබුන කලුගලක් අහකට පෙරලුන වගෙ හැගීමක් ...අප්පච්චි එතනදි පෙන්නපු රූපෙ නෙවෙ ගෙදරදි පෙන්නුවෙ....නිම්නගෙ සමහර වචන අහපු අම්මයි අප්පච්චි එයාට ඒ ගැන කතා කරන්නවත් ඉඩක් නොතියා වෙන වෙන දේවල් මගෙ පෙර වැරදි කියන්න ගන්නකොට හැමදේම සාමකාමි උනා....

අප්පච්චිට අම්මට බොරු කිය කිය යන ඉංග්‍රීසි කෝස් එකෙ ඇත්ත කතාව දැනගත්ත අම්මා අප්පච්චි මුල් විනාඩි ගාන උන්නෙ බය වෙලා වගෙ වෙනකොට අම්මා මගෙ නිම්නගෙන් ඇහුවෙ මාව කවදාවත් අතීතෙ ඇතුලෙ හිරවෙන්නෙ නෑනේද කියන එක වෙනකොට නිම්න එහෙම දෙයක් වෙන්නෙ නෑ කියනව එක්කම අප්පච්චි ලොකු හුස්මක් පහතට දැම්මා.....

ම්ම්ම්.....දැන් ඉතින් හැමදේම අහවරයිනෙ.....මේ පාරවත් මූව විභහගෙන් ගොඩ දාලා දෙන්න ලමයො මූ වැඩ බැරි එකෙක් නෙවෙ උනන්දුවක් නැති කම....

අප්පච්චි ආයම නිම්නට මාව හදාගන්න කියනකොට නැන්දම්මා පට්ටම ඔලුවට ගත්තු කමනි නිම්නයට කුසියට යන්න අඩගහනකොට ලකුනු දාගන්න රුසියා උන නිම්නයා අම්මා පස්සෙ ගියා අප්පච්චියි මායි තනි උනා....

දැන් උඹට ඕන දේ උනානෙ...යමන් ගිහින් පොතක් පතක් බලාගනින්...මේ පාරවත් හිතට අරන් වැඩකරලා හොද තැනකට යමන් මයුර....අපිට බැරි උන දේ උඹගෙන් කරගන්නවා නෙවෙ...ඒත්...අපි ආසයි උඹ හොදින් ඉන්නවා දකින්න....එච්චරයි ....

මං ලාවට ඔලුව වැනුවා මෙච්චර වෙලාම බැනපු අප්පච්චි මගෙ ලගට ඇවිත් මගෙ ඔලුව අතගානකොට මං අප්පච්චි ගෙඅත අල්ලගත්තා ....

අප්පච්චි ....

මොකද ...

පින් අප්පච්චි ...අම්මටයි...අප්පච්චි ...

බුදුවෙන්න ඕනෙ....මගෙ නිම්නව තේරුම් ගත්තට...මාව තේරුම් ගත්තට...අපිව වෙනසක් නොකර බාර ගත්තට....මං වෙනුවෙන් කරපු හැමදේටම අම්මයි අප්පච්චි කවදාහරි බුදුවෙන්න ඕනෙ අප්පච්චි ...මගෙ කටින් පිට උන වචනෙට සමාවෙන්න අප්පච්චි හිතෙ ආවෙගෙට කිව්වා ...ඒත්...මමයි අසාර්තක ...මට බැරි උනා ඔයාලව සතුටින් තියන්න....මන් ඒක කරනවා අප්පච්චි

අඩවන්නෙ නැතුව ඉදින්.....අපිට දහයක් නෑ....ඉන්නෙ උඹ විතරයි ....උඹ සතුටින් නම්...එච්චරයි .....අම්ම අප්පච්චිලා.....මීට කලින් බුදුවෙනවා මයුර හැබැයි...බුදුන්ගෙන් බන අහ අහ ඉන්නකොට ගෙදර ඉන්න දරුවො මතක් වෙලා බුදු බන අහන එක පැත්තකින් තියල උන් ගෙදර ආවා.....ඒකයි තවමත් අම්ම අප්පච්චිලා මේ සංසාරෙ මෙහෙම ඉන්නෙ....උඹගෙ සතුට විතරයි ඕනෙ....

අප්පච්චි මගෙ ඔලුව අතගානකොට මං අප්පච්චි ගෙ කරගැට දාපු අත ඉඹගත්තා ...පාරක් පාරක් ගානෙ ගිහින් බත් පැකට් විකුනලා අපිව ජීවත් කරවපු අප්පච්චි ...අම්මා බුදු වෙන සසරෙ අප්පච්චිත් බුදු වෙන්නම ඕනෙ....

හ්ම්...යමන් ගිහින් පොතක් බලාගනින්.....මං ඒ ලමයගෙ අම්ම එක්ක කතාකරගන්නම්....

ම්න්...

...අප්පච්චි අම්ම ඇහුවා තේ එකක් හදන්නද කියලා ...

මායි අප්පච්චි උන්නෙ තවමත් සාලෙ මැද වෙනකොට බෝංචි කරලක් අතෙ තියන් අපි ඉන්න තැනට ආව අම්මගෙ බෑනා අප්පච්චිගෙන් තේ ඕනද අහනකොට මං ඒකගෙ මූන දිහා බැලුවා ...පුහ්....ඒප්‍රන් එකකුත් ඇදන්....අයියෝ...කුකින් ස්කිල් පෙන්නනව ඇති නැන්දම්මට....ඒකට මගෙ නැන්දම්මා තමයි මට එලෝ එලෝ ගහන්නෙ....

එපා නිම්න....තව ටිකෙන් බත්ම කනවා ..

හා අප්පච්චි ....ඒයි....ඔයාට තේ ඕනෙද ..

ම්...ම්..මෙ...මගෙන්ද අහන්නෙ .. ....

ඔව් ඉතින් උඹට මිසක් මට ඒයි කියනවද නෑනෙ...

මං මගෙ කන අතින් වහගත්තා .....අප්පච්චි ඉන්න තැනම නිම්නයා හරි සද්දෙට ඒයි ගානකොට තේත් එපා බතුත් එපා උන ගෙදරට හොරාවට කසාදෙ කරන් උන්න මන් හොරාවගෙ පාඩම්.කරන්න යන්න හදනකොට අප්පච්චි මාවයි නිම්නයවයි ආයම අල්ලගත්තා ....

ඇ...ඇයි අප්පච්චි .....මං පාඩම් කරන්න යන්නෙ .....විභහගෙ ලගයි.....නිම්නගෙ අම්මා මාව හමගහයි....

හරි...හරි ..ඔහොම ඉදින්...ඔක්කම අහගන උන්න එකේ...උඹලා දෙන්නා මෙකත් අහගනිල්ලා.....තාම මේවා හරියටම පිලිවලක් උනෙ නෑනෙ....උඹ තාම ඉස්කෝලේ යනවනෙ....නේ..වයස විසි පහ උනාට උඹ ආයම ඉස්කෝලේ යනවනෙ....

ඉතින්.....

ඉතින් කියන්නෙ.....උඹ නිදියන්න ඕනෙ සාලෙ.....

අ..ආ...ඇ..ඇයි.....ඒ....??

නිම්න...

 අප්පච්චි....

ඔය ළමයා කාමරේ.....හැබැයි..මයුරයා...උඹ හොරාවට කාමරේට බඩගාන්න බෑ...ඔය ළමයා සාලෙට බඩගන්නත් බෑ.....දැන් යමන් පාඩම් කරපන්

අපි දෙන්නගෙම හුස්ම හිර උනා.....හැමදේම ලස්සනට විසදපු අප්පච්චි අවසානෙදි අපේ ඔලුවට බෝම්බයක් අතෑරලා යනකොට මම නිම්න දිහා බැලුවා.....

.මිනිහගෙ එකත්.....වර්ජින් පිටම පොලවට පස්වෙයි වගෙ වස්තු....

...

🤭ගුඩ්ම්!!

ආයම....එන්නෙ...හෙට.....

ආතරෙයි ....

පයිස්සමින් ඉන්ඩෝ

මම ජොබි

Nedeesha 😘😘😘

More Chapters