LightReader

Chapter 48 - 48

මයුර .....කොල්ලො...මගෙ පුතේ.....

අනූ...අනූ....

මයුරයා.....අඩේ මයුරයා...රවිදූවා ගනින් ඔය වතුර එක.....

..මයුර....මචන්...මයුර....ඇස් ඇරපන්කො.....මයුර.....

මයුර මල්ලි.....

මට ඇහෙනවා.....අප්පච්චි .....රවිදු.....කල්පන උදාර...මගෙ නිම්න....ජනත්....එයාලා මට නැගිට්න්න කියනවා....මගෙ කම්මුල් වලට තට්ටු කර කර එයාලා හැමෝම මට ඇහැරෙන්න කියනවා.....

ඒත් මට හිතුනොතින් සදාකාලිකවම ඇස් පියන් ඉන්න.....එහෙම උනෝතින් මට පුලුවන් එයා එක්ක එක මට්ටමකම මිහිදන් වෙන්න....මට පුලුවන් එයා එක්කම සදහටම සමාදානෙන් සැතපෙන්න....ඉසුරුමුණියට පුලුවන් උනා නම් ගලක කෙටෙන්න....මයුරනිම්නට බැරි මොකද සදහටම මිහිදන් වෙන්න...

මයුර...මගෙ පුතේ...නැගිටලා අප්පච්චි දිහා බලපන්කො කොල්ලො...ඔහොම ඉන්ඩ එපා බන්...නැගිටපන්කො මයුර...

උඹ හැමදාම අහනවා....උඹට ඇයි තව මල්ලිලා නංගිලා නැත්තෙ කියලා....මං හැමදාම කියනවා උඹ එලිවෙනකන් ඇහැරන් අඩනකොට තව ළමයි කොහෙ හදන්නද කියලා ...එව්වා බොරු....මගෙ පුතා උඹ...එව්වා බොරු...උඹ අප්ප ගාව හොද සනීපෙට නිදියනකොට ..මං කොහොමද උඹ වගේම තව එකෙක්ට ආදරේ බෙදන්නෙ.. ...

මයුර නැගිටපන්...මං අම්මට උත්තර බදින්න ඕන....උඹගෙ හිත හයියයි මයුර...නැගිටපන්...පුතේ...නැගිටපන්කො.....

අප්පච්චි අඩනවා.....ඒ ගොරෝසු අත මගෙ මූන පුරාවටම එහා මෙහා යනවා...මට තියන ආදරේ තව කාටත් බෙදන්න් කොහොමද අහ අහ අප්පච්චි මට නැගිටින්න කියනකොට මගෙ ඇස් කොන්වලින් තවත් අලුත් කදුලු පේලියක් ගලාගන ගියා....

අ...ප්ප..ච්චි.....

මයු...ර...පුතේ....

.මං ඇස් ඇරියා...එයා එක්කම මිහිදන් වෙන්න තරමට විරහව විදින මට අවුරුදු විසි පහක් තිස්සෙ වදපු ජාතක කරපු උරෙ තියන් නලවලා කුසයි කිරියි විතරක් නොදුන්න අප්පච්චිව දාලා යන්න තරන් හිත ගල් කරගත්තු මං නැගිට්ටා .....

මං නිකමෙක් මදිවට තව ටිකෙන් පව් කාරයෙක් වෙනවා.....

නිම්න.....මගෙ පලවෙනි වගේම අවසානම ආදරේ....විරහව අහස උසට වෙනකොට මට මැරිලා යන්න හිතුනත් ඊයෙ පෙරේදා ලැබුන නිම්න වෙනුවෙන් විසිපස් අවුරුද්දක් හදාපු අම්මා අප්පච්චි ව තනි කරන්න හිතපු එකට මමම කම්පා උනා....

මන්දා.....විරහවයි....වේදනාවයි...දුකයි...තරහවයි....මේ ආදරේ දරාගන්න බැරි තැන මම මගෙ හදවත දෙකට වෙන් කෙරුවා ..එකක් විසි පස් අවුරුද්දක් හදා වඩාගත්තු අම්මා අප්පච්චි වෙනුවෙන් වගෙම...අනිත් අඩ සංසාරයක් පුරාවටම එකට අත්පටලවන් යන්න බලාපොරොත්තු බැන්දත් වසරක දුරකට වත් මට ඒ අත අල්ලගන ආදරේ කරන්න බැරි උන නිම්න වෙනුවෙන් ....

මං ඇස් ඇරියා ....මගෙ ඔලුව හත් අටකඩකට පුපුරන්න වගේ.....පපුව එහෙන් ඇදුම් කනකොට මාව තියලා තිබුනෙත් මගෙ නිම්නගෙ ඇදේම වෙද්දි අනේ එයා මගෙ දිහාව හරි වේදනාවෙන් බලන් ඉන්නකොට මං ඒ හැමෝගෙම ඇස් මග ඇරලා අර ලෑලි පොලවෙ නිදාගන ඉන්න මගෙ වස්තුව දිහා බැලුවා...

අප්පච්චි ....

මගෙ පුතේ....

මගෙ ඇස් වල කදුලු උල්පත් කොහොම කියලා නම් මේ තරම් ඉක්මනට සක්‍රීය වෙනවද මන්දා...මයුර කියන මනුස්ස හර්ද වස්තුවට උහුලන්න තිබුන දුක එසේ මෙසේ දුකක් නොවෙනකොට කටින් කියාගන්න අමාරු සමහර හිත් වේදනා ලුණු රස උනුහුම් දියර විදිහට ඇස් කොන් වලොන් ගලාගන යනකොට මං කාටත් කතා නොකර අප්පච්චිට කෙරුවා ....

අප්පච්චි ...දන්නවද...ඕනම...

මනුස්සයෙක්ට..ජීවිතේ...ඇතුලෙ....ඍතු හතරක් තියනවා අප්පච්චිට ශීත ඍතුව එන හැම මොහොතකම අප්පච්චි අම්මට තුරුල් වෙනවා...ඉඩෝර කාලේට අප්පච්චි අම්මගෙ හිනාව දිහා බඅන් ඉන්නවා....ඒත්....අම්මයි...අප්පච්චි ජාතක කරපු මට...ඔය එකම ඍතුවක් වත් නැතුවයි මං එලි බැහැල තියෙන්නෙ අප්පච්චි ...

ශීත ඍතුවක් එනකොට ....අප්පගෙට අම්මව උනුසුම් කෝපි කෝප්පයක් උනත්....සීනි නැති කෝපි එකක් ඉල්ලපු එයා මට ඍතුවක ලස්සන බලන්න නොදීම අතන නිදාගන ඉන්නවා.....

ඇයි...අප්පච්චි ....නිම්න...එහෙම කෙරුවෙ....එයා ගිහින්.....මට කෑ ගහලා කියන්න හිතෙනවා නැගිටපන් වස්තුව කියලා ...ඒත් එයා හරි මුරන්ඩුයි අප්පච්චි .....නැගිටින්නෙ නෑ මදිවට මාව ගානකට වත් නොගෙන ඔහෙ නිදියන් ඉන්නවා....

එයා යන්න යනකොට මට මොකද වෙන්නෙ අප්පච්චි ...මිනිස්සුන්ට ජීවත් වෙන්න හේතු ඕනා...මිනිස්සුන්ට ජීවත් වෙන්න ආදරේ ඕනා....මට හැමදාම අප්පච්චි ගෙ උරහෙට වත්...කල්පනයලගෙ උරහෙට වත් වාරු වෙන්න බෑ අප්පච්චි .....මම අප්පච්චි ගෙ පුතා උනාට ....අප්පච්චි ගෙ අයිතිකාරයා අම්මා.....කල්පනයා මගෙ යාලුවා උනාට ....උගෙ අයිතිකාරයා උදාරයා.....එතකොට මෙතන හැමෝටම මගෙ කියලා කියන්න උරහිසක් වෙනම තියනකොට ...ඇයි...අප්පච්චි මට විතරක් මගෙ කියන්න උරහිසක් නැති උනේ....

එයාගෙන් අහන්න....ඇයි මට මෙහෙම උනේ කියලා .....

අප්පච්චි ....මං...හාහා...පුරා කියලා ආදරේ කරලා තියෙන්නෙ...හිනාවෙන ඇස් දෙකක් තියන බිදුනු බිලින්දෙක්ට අප්පච්චි ....

බිදුන මිනිස්සුන්ට ආදරේ කරන එක ....හරි අමාරුයි....අප්පච්චි .....

එයා යන්න ගිහින් ....මෙච්චර ආදරේ කරන...මාව දාලා...එයා....යන්න ...ගිහින්.....ඇයි...

අප්පච්චි ...මාව දාලා ගියෙ...අහන්න....

ඇයි....මට මෙහෙම වේදනාවක් දුන්නෙ අහන්න....

මං බිම උන්න එයා දිහා බලාගන ඇයි මට මෙහෙම කෙරුවෙ අහන්න ගගා අප්පච්චිගෙන් දාහක් ප්‍රශ්න අහලා අහලා අවසානෙදි මම ඇදෙන් බැස්සා...

අනූ.....

කදුලු පුරවගත්තු මගෙ නිම්න මන් මොනව කරයිද කියන්න නොදැන බය වෙලා වගෙ ඉක්මනට මගෙ ලගට එනවත් එක්කම මම එයා දිහා බලාගන ඉදලා ඉදලා එයාගෙ නලල අත ගෑවා...

ඔයා මාව දාලා...ඉක්මනටම...යනවද.....නිම්න....

අ..නූ....

මාව...දාලා...යනවද...ඇයි...යන්නෙ...

නවතින්න බැරිමද....නිම්න.....බිදුන තැන් වලට පැලැස්තර අලවලා....තුවාල උන තැන්වලට....මගෙ ආදරෙන් බෙහෙත් කරලා....උඹව...මේතාක් ගොඩගත්ත මාව...දාලා යන්න....එපා නිම්න.....

අනූ..මගෙ රත්තරන් .....අනේ...අනූ

එපා...නිම්න.....උඹට මාව නොරිකො කෙනෙක් වගේ පේනවද....නොරිකොට පුලුවන් උනාට.... දෙවොන්දෙරාට ඇදුම් වල සුවද...සිරුරෙ සුවද තියලා යන්න කියලා කියන්න....උඹගෙ...මයුරට....එහෙම...

කියන්න...බෑ....නිම්න...මාව...දාල යන්න එපා...වස්තු....මට ජිවත් වෙන හේතුවක් නැතිව යයි නිම්න....අනේ...මාව තුරුල් කරගනින්.....මාව තුරුල් කරගනින්...මාව...දාල...යන්න එපා...නිම්න...අනේ...යන්න එපා....

මං නිම්නට මාව තුරුල් කරගන්න කිව්වා.....ඇදෙන් බැහැපු මං එයාට මාව දාල යන එපා කියකොය අවසානෙදි මාව තුරුල් කරගන්න කිව්වත් මං කෙරුවෙ එයාගෙ උරහිසට ඔලුව ගහගත්තු එක...

වෙනදා දැනෙන සැනසීම ආදරේ....උනුහුම...අද මේ.මොකුත් නෑ.....තවත් කොනක අම්ම වගේම අක්කා ඇති...මට මීට එහා මොකුත්ම කරගන්න හයියක් නැති වෙද්දි මං නිකන් මලකදක් ගානට එයාගෙ උරහිසට ඔලුව ගහන් උන්නා...

මගෙ අනූ....මයුර......

එයා මගෙ පිට දිගේ අත ගානවා.....මගෙ ඔලුව අත ගගා කියවනවා.....මාව කෙලින් කරවන්න හදනවා.....එලියෙන් වහින මුරුගසන් වැස්සෙ ඉවරයක් නැතිව හෙන පිට හෙන පුපුරනකොට ඒ පුපුරපු හැම හෙනයක්ම වැදුන මං අවසානෙදි කෙලින් උනා...

එපා එයාලව උඩට ගන්න.....

අනූ.....

අම්මටයි අක්කටයි සැනසීමෙන් නිදාගන්න දෙන්න...බොහෝම ඉක්මනට මේ හැම දේම අහවර වෙයි.....මට ජීවත් වෙන්න හේතු නැති උනාට කමක්...නෑ....මං උඹව මගෙ කරපිට්න් අරන් යන්නම්......බාගෙ ඇදුමක් නැතුව...මගෙ....රත්තරන්ට...මගෙම ඇදුමක්...මං...අන්දවන්නම්....

අ..නූ.....

මට....ටිකක් එයා එක්ක ඉන්න දීලා යමන්...නිම්න...

අනූ...ඒ ඉන්නෙත් මමමයි.....

...දන්නවා....ඒත්...මට එයා එක්ක ඉන්න ඕන.....

ඉඹින්න එපා...නිම්න....විසබීජ...

නිම්න....!!!!

මං කෑ ගැහුවා....මං එයාලට යන්න කිව්වා ....මට මගෙ නිම්න එක්ක තනිවෙන්න දෙන්න කියපු මම මගෙ ගාව උන්න නිම්නවත් පැත්තකට කරලා එයා ගාවට යනවත් එක්කම එයා මාව අතින් අල්ලන් ඉඹින්න එපා කිව්වා...විසබීජ කිව්වා....දෙන්නම එකෙක් උනත් මං කොහොම කියලා ඉවසන්නද....

මං යටිගිරියෙන් එයාට කෑ ගැහුවා....සමහර විට අර එලියෙ වහින මුරුගසන් වැහි මැද පුපුරන හෙන වලට වඩා සද්දෙන් ඇහෙන්න ඇති....

මේ තියන වේදනා මදිවට නිම්න කියාපු වචන මට තනිකරම පපුව පසාරු කරන් බැහැපු පිහි තුඩවල් වගේ වෙනකොට මම නිම්නට කෑගැහුවා...

එයාව ගැස්සුනා....ඇස් වලට කදුලු පිරුනා...එයා කවදාවත් හිතන්න නැතිව ඇති මම මේ තරම් තරහවකින් කෑ ගහයි කියලා .....

හැමෝම දකින්නෙ මගෙ තරහව විතරද...එතකොට තරහව අස්සෙ හැංගිලා තියන මගෙ වේදනාව.....ඒක...ඒක කව්ද දකින්නෙ...ඒක කව්ද තේරුම් ගන්නෙ...

අ....අනූ.....

යන්න...මට ආපිට එයාව හංගන්න කලින් එයා එක්ක එක මොහොතකට වත් තනිවෙන්න දීලා යන්න නිම්න....

මං හැමෝවම යැව්වා....මට තනි වෙන්න දෙන්න කියලා හැමෝවම එලියට යැව්වා.....දැන් මමයි එයයි විතරයි ...මමයි එයයි වගේම...දිර දිර යන එයාගෙන් පිට වෙන සිනි ගද විතරයි ...

වෙන දවසක නම්....වෙන තැනක නම් මම මගෙ බඩ බොකු පවා එලියට එනකම්ම වමනෙ දාන්න ගියා.....

පුලුවන් තරම් පිලිකුල් කරන්න ගියා....ඒත් අද ඒක සම්පූරනම වෙනස් උනා...මේ ඉන්නෙ මම පිස්සුවෙන් වගේ ආදරෙ කරන මගෙ නිම්න වෙනකොට මට මේ දිර දිර යනෙ මලකුනක් කියලා පිලිගන්න බැරි උනා...

..වස්තුව....එලියෙ...වහිනවා.....පොලව සීතලයි...මගෙ නිම්න...

සර්වාංගෙම ගන්න දෙයක් අල්ලන්න තැනක් තිබුන් නෑ...පිහි පාරවල් එයාව කීතු කීතු කරලා තියනකොට මම එයා ගාව දන ඔබාගන මගෙ පිට අල්ලෙන් ඒ නලල අත ගාන ගමන් පොලව සීතලයි කිව්වා....

නි..ම්න....ඇස්...අරින්න...බැරි...ඇයි...

වස්තු.....ම්..මං...හරි...පව්...බන්....ම්..මං...හරි...පව්....නි..ම්න......

පොලව සීතලයි කියපු මං නිම්න ගාවින්ම දිගා උනා...දැන් එයයි මමයි සමතැන...ඒත් මගෙ පපුව ගැහෙනකොට ඒ පපුව නැවතිලා...මගෙ හුස්ම වැටෙනකොට ඒ හුස්ම නැවතිලා....

ද්...දුරුතු....සඳ....ඇ...යි...රත්තරන් ..මේ..තරම් ඉක්මනට කඩන් වැටුනෙ....

මගෙඇස් ආයම ඇඩුවා...හිනා වෙන්න හේතු නැති මම....ජීවත් වෙන්නත් හේතු නැති මම ආයම ඇඩුවා....හීල්ලුවා....වෙනදට චූචි නිම්න ගගා හුරතල් වෙන එයාව මගෙ අත් ගොබෙ උඩ් නිදි කරව ගන්න මං අද අඩ අඩම එයාව මගෙ අත උඩට ගත්තා...

මම...නිම්නලා...තුන්..දෙනෙක්..අතර...හිර වෙලා විදවනවා රත්තරන් ...උඹට හුස්ම ගන්නම බැරිද මගෙ පන.....ඇස් ඇරපන්කො....රත්තරන් ..මං උඹ අර පොතෙ ලියලා තියන හැම තැනටම එක්ක යන්නම්...

මං...උඹට ආදරෙයි රත්තරන් ...අනේ...ඔය වහන් ඉන්න ඇස් ඇරපන් බන්...මාව උඹ ඉවරයක් නැතුවම ඔහොම රිදවන්නෙ...ඇයි....රත්තරන් ....

මං එයාගෙ නලලට මගෙ නලල තියා ගත්තා....එයාව ඉඹින්න එපා කියලා එයාම තහනම් කරල ගියත් මොකද ආදරෙ මොන තරම් මිනිස්සුන්ව පිස්සු වට්ටවනවද කියනවා නම් මං මගෙ කදුලු වලින් ඒ මුලු මුනම හේදුවා...එයාව තුරුල් කරගත්තා...අනේ නැගිටපන් ගගා මිමිනුවා...ඒත් එයාට මං කියන වචන ගානක් වත් නැතුව ඔහේ ඇස් පියන් ඉන්නකොට මං එයාගෙ පැලුන නලල අත ගෑවා...

අනූ...

.....මං කොච්චර කිව්වත්...උඹ ඇස් අරින්නෙ නෑ...මගෙ..නිම්න.....

මං..කොච්චර දේවල් කිව්වත් උඹ හුස්ම ගන්නෙ නෑ....නිම්න.....

එයා ආපහු ඇවිදින් තිබුනා..මගෙ ළඟ ඉන්න එපා කියලා එලියට යවපු ආපහු ඇවිදින් තිබුනා...ඒ ඇසුත් තෙමිලා.....මොනව කරන්නද.....මං මොනවා කියලා නම් කරන්නද.....එයාව ආය පන ගස්සන්න බැරි බව දැන දැනමත් හුස්ම ගන්න කිය කිය අඩපු මං එයාව මගෙ අත් ගොබෙ උඩ තියන් තුරුල් කරගනම මගෙ ගාව උන්න අනිත් නිම්න දිහා බැලුවා....

.

වස්තු...උඹගෙ ...මයුරගෙ අතේ හුගාක්...වැරදි තිබුනා...වෙන වැරදි..නෙවෙ නිම්න...මට ...බැරි උනා.මේ අවුරුදු විසිපහටම...අම්මා...අප්පච්චි ..ආස දෙයක් ගෙනත් දෙන්න....මම නිකමා වගෙ...ඔහේ..කකා බිබී උන්නා.....මම...මේ තත්තපරේදිත් මගෙ අප්පච්චි ට දෙන්නෙ වේදනාවක් නිම්න....මගෙ අතේ මොන වැරදි තිබුනත්...උඹගෙ අනූ...එක දෙයක් විතරක් හරියට කෙරුවා නිම්න.....ඒ....උඹට ආදරේ කරන එක...උඹව මට නැතිවෙන බව දැන දැනම උනත්....ඒ දවස වෙනකම්ම මං උඹට පන වගේ ආදරෙ කරන එක නිම්න....

මට මහන්සී ....මට ..ගෙදර යන්න ඕනෙ ....ගෙදර ගිහින් මට අද වැටෙන්න බොන්න ඕනෙ....මට මොකුත් කියන්න එපා..මාව නවත්තන්නත් එපා.....මට මීට එහා අඩන්න හරි අමාරුයි නිම්න.....ජීවිත කාලයක් පුරාවටම අඩන්න තියන කදුලු මං දැන් දවසින් දෙකෙන් හලලා...හලලාම මගෙ ඇස් පුපුරන්න වගෙ...

මන් කෙලින් උනා..මගෙ අත උඩ තියන් තුරුල් කරන් උන්න මගෙ රත්තරන්ව හරි පරිස්සමට ආපිට ඔතපු මං එයාව තුරුල් කරගන නිම්න දිහා බැලුවා....

දෙයක් අහන්නද.....

මොකක්ද මගෙ මයුර.....

හිමි වෙන්නෙ නැති තැන්වල ඇයි අපි මේ තරමටම තදින් බැදෙන්නෙ මගෙ නිම්න.....උඹ ආයම නොඑන වග දැන දැනම ඇයි රත්තරන් මං උඹට තව තව තදින් බැදෙන්නෙ...

........දන්නෙ නෑ....අනූ....මට....ඒ ප්‍රශ්නෙට උත්තර නෑ....සමාවෙන්න.....

හත් පාට ආදරයක් වැරදිද ඇහුවා නේද...කවදාවත් වැරදි නෑ.....නිම්න....මං..ප්‍රාර්තනා කරනවා...දවසක මේ අමුතු ඇටෙ මිනිස්සු ලෝකෙ අනිත් රටවල් එක්ක ඉස්සරහට යාවි කියලා ...එදාට ඔය දේදුන්නෙ පාටට වෛර නොකර ආදරේ කරාවි කියලා .....එහෙම දවසක...උඹ අනිවාර්යයෙන්ම ඉන්න ඕන...හැබැයි....ආයම කවදාවත් උඹට හදක් වෙන්න බෑ නිම්න.....මොකද....ඔය හැටි දුරුතු හදවල් වැටෙන වැටෙන පාරට මම කීයක් කියලා නම් අහුලන්නද බන්...

නිම්න මා දිහා බලාගන.උන්නා.....එයාගෙ මලකද ආයම රෙදි කඩින් ඔතාගන විදින්න පුලුවන් උපරිමෙටම විදවපු මං අවසානෙදි නිම්න ඉස්සරහම එයාගෙ මලකදට හාදුවක් තියනකොට එයා මගෙ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා....

මට ඕනෙ ඔයා සතුටින් ඉන්නවා බලන්න....උඹගෙ සතුට ගාවදි මට ළඟ ළඟ පින් නැති උනාට...මට ඕනෙ...මයුර කියන උඹ හිනා වෙනවා දකින්න.....

ඒ හිනාවට කවදාවත් උඹට කොටස් කාරයෙක් වෙන්නම බැරිද නිම්න....උඹ පොරොන්දු උනානෙ...වස්තු...

අපිවම.....අපිට ආයම හම්බ වෙනතාක්...ඉගනගනින්.....තනියෙන් හිනා වෙන්න.......මම බලාපොරොත්තු වෙන මයුර කියන්නෙ එයාට......මං ආදරෙයි මයුර....මං හුගාක් ආදරෙයි ඔයාට....

මමත්....ආදරෙයි ...ඔයාට...

පොරොන්දු වෙන්න.....ඊලග පාර..මේ තරම් ..රිදවන්නෙ නෑ කියලා ...බැදීම් අස්සෙ.....හිස් තැන් තියන්නෙ නෑ කියලා ....ඊලග...පාර..මගෙම..වෙනවා කියන්න...පොරොන්දු වෙන්න නිම්න.....

පොරොන්දු වෙනවා...ඊලග පාර...නිම්න...මයුරගෙම වෙනවා.....ඊලග පාර...මට ආදරේ කරනකොට ...ඔය පෙරහන් කඩදාසිය අහක් කරන්න....එතකොට තවදුරටත් ...මම.....හොල් භ්භ්භ්....

එපා එහෙම කියන්න....ඔයා නිම්න...මගෙ වස්තුව මගෙ පන...මගෙ ආදරේ...එතනින් එහා...වෙන නම් එපා...මීට වඩා ලස්සනට මට ආදරේ නිර්වචනෙ කරන්න පුලුවන් වෙන්න ඔයා ආපහු මගෙ ගාවටම එන්න.....මට ඕනෙ...මමම...නම් තියාපු මේ ප්‍රේමනීය නගරෙ ඇතුලෙ..ඔයාගෙ අත අල්ලන්...හුගාක් දුර යන්න.....

හ්ම්...

මං ඔලුව වැනුවා...ලාවට හිනා උනා....මෙච්චර වේදනාවක් උහුලලත් තවමත් ජීවත් වෙන මම අවසානෙදි මගෙ නිම්නව මෙ ලී පොලව යටම හංගලා ඊට උඩුන් බුමුතුරුනෙ දැම්මා...

මේ හැම දේම ඉක්මනට ඉවර වෙවි....

හ්ම්...දවසින්..දවස ගෙවෙනවා කියන්නෙ.....අනූගෙයි මගෙයි.....

පුරාවෘත මැරෙන්නෙ නෑ...එහෙමනේ ඔයා කිව්වෙ.....

ඔව්..."මයුරනිම්න....."ඒක මැරෙන්නෙ නෑ....

මයුර...ලමයො...මේ බත් බෙදලා...රොහාන් ලමයට කන්න අඩගහන්න....

ඔය උන්න දෙන්....

ඔය උන්න දෙන් කියන්නෙ...ඔයා ඔය අප්පච්චි කෙනෙක් කරන වැඩක්ද රොහාන් කෙරුවෙ...කොල්ලො ගොඩ මැද ඉදගන බීලා බීලා...වෙන ගෙවල් වල අප්පච්චි ලා බොනකොට එලවනවා..ඒකට ඔයා...

කමනි....පොඩ්ඩක් කියවන්නෙ නැතුව ඉන්නව කමනි....

කියවන්නෙ නැතුව ඉන්න කියන්නෙ....

සුදූ....මං දැන් කොල්ලට බොන්න එපා කිව්වා නම්...ඒකගෙ අනිත් උන්ට බොන්න එපා කිව්වා නම් මුන් මොකද කරන්නෙ...කෙලින්ම යනව බාර් එකට.....ගන්නවා බෝතලයක් දෙකක්....ඊට පස්සෙ යන තැන දන්නවද.....නෑ...එලිවෙනකම්ම බීලා බීලා කොහෙ හරි වැටිලා ඉදී....මං කෙරුවෙ බොන්න කියපු එකාට ඌට ඇති කියන තරම බොන්න දිලා යවපු එක....අනික වෙච්ච කෙරිච්ච දේවල් මොනවද කියලා දැන දැන කියවන්ඩ එපා කමනි.....

අන් උන්නෙ ඇදේ....ජොකා පිටින් උඩබෙලි අතට වැටීගන...නාගසලන් ...සද බොදයි.....තනකොල ගලවන් යන තරමට බොන්න ඕනා අප්පච්චි කියලා විතරයි මං කිව්වෙ....එයාව ආපහු තනිකරලා ආව මං මගෙ දුක තුනි වෙන්නම බීලා බීලා...බීලා...වැටීගන වමනෙ දැම්මා.....ඇඩුවා...ආපහු යන්න හැදුවා නිම්නව ගෙදර ගෙනත් තියාගන්න දීපල්ල කිය කිය ඇඩුවා....නිම්නව යවන්න බෑ මට පිස්සු හැදෙයි කිය කිය ඇඩුවා....අවසානෙදි වැනි වැනිම කාමරේට ආව මන් ඇදුම් ටික ගලවලා ඇදට වැටුනා.....

අනූ....ඔලුව රිදෙනවද අනූ.....

......

දෙහි ගෙඩියක් ගෙනත් යටි පතුලෙ අතුල්ලන්නද....එතකොට ඔය වෙරි ගතිය බහිනවා....

එපා....

ඇයි...අනූ....

අවසිහිය...හොදයි....ස්..සුදූ....හොද සිහි..යට වඩා.....උඹ..මාව...හරියට ...රිදවනවා...

ඕයි...මං...මං...කිව්වා...යන්..න..එපා..

කියලා....ඒත්...උඹ...යනවා...පුක..ඉරාගන..ලව්..කරලා...අවසානෙදි ..මට...ඉතුරු ..මොනාද...කියපන්.....

අනේ..අනූ.....

උ..උඹ...ඇවිත්...කැරි....ක්..කොල්ලා...මට...බූට්..එක....තියලා....යන්...නනෙ...හදන්නෙ....??

ඔයාට හොදටම වෙරි අනූ...උඹට හොදටම වෙරි....මයුර

ඔව්...මට...වෙරි.....වෙරි...උනහම...

තමයි...සුදූ...මිනිස්සු...ඇත්තම...කියන්නෙ.

ක්..කතා...කරපන්....අපෙ....රොහා...න්ට....ක්..කතා..කරපන්...අපේ...කමනියට.....

ඔය..ඔක්කොටම...අඩගහපන්....මට...

සමාව...ඉල්ලන්ඩ...ඕනෙ...අම්මට..

කියන්ඩ...ඕනෙ...ආයම...මං...ඔය...

යකඩ...ක්..කෑලි..ගන්ඩ.....සල්ලි....ඉල්ලන්නෙ...නෑ..කියලා.....අම්මට...කියන්ඩ...ඕනෙ.....මෙ..

මයුරයා....අම්මා..ආස....විදිහට....ටයි...

පොල්ලක්...බැදලා....වැඩට...යනවා...

කියලා .....එ..එතකොට ....ර්..රොහාන්ට...කියන්ඩ...ඕනෙ.....කවද..හරි...මේ...

මයුරයත්.....අප්පච්චි ....අ..ප්ප..ච්චි....මේ...වරෙ.....න්...

මං වෙරියෙන් ඉදන් එයාව අල්ලන් කියවන්ඩ ගත්තා...නිකන් නෙවෙ....එයා ගියාට පස්සෙ මන් මොනාද කරන්නෙ කියලා කියවන්න ගන්නකොට මං බලාගන අම්මයි අප්පච්චි මගෙ කාමරේ දොරකොඩ ගාවට වෙලා.බලාගන ඉන්නවා....

අ...අප්පච්චි .....

කියපන්....මොකද ඒපාර....

අප්ප...ච්චි..දන්නවද....මූ..මූ....හදන්නෙ.....චූ..චි...බුංජියා...මගෙ....චූචි...බුංජියා...

හදන්නෙ...ම්..මට...බූට්..එක...තියලා.....මාව..දාලා..යන්ඩ....ඇහුනද...කමනි.....බ්..බෑනා.....හදන්නෙ...මාව...අඩවල...මාව..රිදවලා...මාව..දලා...යන්ඩ....

ගියදෙන්...

යන...උන්...ගිය..දෙන්....මං..උඹ ගියහම.....වෙන..කොල්ලෙක්...ගේනවා.....

න්..නෑ..නෑ..එක..පකෙක්...ගේන්නෙ....නෑ...මට...ඉන්නෙ..එක..කොල්ලයි...හරියටම ....අපෙ....රොහා...න්ට.....කමනි..වගේ....මේ..මයුරයට...ඉන්නෙ..එක..කොල්ලයි....

රොහාන්....අහගනද...ඉන්නෙ....

අහන් ඉන්නෙ කියපන්.....උඹව වැටෙනවා දැන්...

දවසක...ඔය....ම්.මයුර...හෝටලේ....

සමතලා...කරන්ඩ...ඕනෙ...

ඕක සමතලා කරලා කන්නෙ ඇටද?

න්..නෑ..නෑ....මැදින්..පයිනවනෙ....

ඕක...සමතලා...කරලා....අපි..ගහනවා.....වෙන...එකක්...ඔය...පරන.....කඩෙ..

එපා...හරි...බය..වෙන්ඩ..එපා....

මයුරයා....රස්සාවක්..කරනවා.....කරලා....සල්ලි...හොයලා...රොහාන්ගෙ .අතට...දෙනවා...සුචි....ත්‍රම්මා....මට...උග..න්නලා...මාව...ලොකු....මිනිහෙක්...කරපුවාම...ඕක...මං...සමතලා..කරලා...ගහනවා....වෙන..එකක්....දානවා...නම.....චූචි....

බු..බුංජියා....හොටෙල්..කියලා ...

හ්....හැ..බැයි.....විකුනන්නෙ.....ප්..පොල්ටොපි....විතරයි...රෝස පාට ඒවා....

හා..හා....ඒක රස්සාවක් කරන කාලෙක දියන්කො...කො වරෙන් ඇදට දාන්න...උඹට කෙලින් ඉන්ඩ බෑ වෙරි....

අම්මා...නිම්න...ඒ විතරක් නෙවෙ...සුචිත්‍රම්මා පවා මා දිහා බලාගන ඉන්නකොට මයුර හෝටලෙ බිමට සමතලා කරනවා කියපු මාව අප්පච්චි ඇදගන වගේ ඇදට ගිහින් දානකොට මන් මුනින් අතට වැටුනා...වෙරි උනත් මොකද මං අඩනවා....වෙරියෙනුත් මගෙ නිම්න මාව අඩවනවා...

අප්පච්චි ....යන්න..එපා...කියන්න.....

අප්පච්චි ....මූ..හදන්නෙ..මාව...අනාත..කරලා...මාරු...වෙන්න.....ඌට...කිය..න්න..අප්පච්චි ...දේදුන්නට...මං..ආදරෙ...යි....

කියලා...මං...මගෙ....නිම්න.ට.....ආදරෙයි .....කියන්න....අප්පච්චි ...

අනූ...දැන් ඔය ඇති මගෙ මයුර...ඔයාට මහන්සී....උඹට මහන්සී මගෙ වස්තුවේ...අඩලයි කියවලයි උඹට මහන්සී...අනූ...

මන් දෙඩෙව්වා...වෙරියෙන් උනත් දෙඩෙව්වෙ....ඒ හැම වචනයක් අස්සෙම තිබුනෙ මාව් දාලා යන්න එපා.කියන්න මං ආදරෙයි කියන්න කියන වචන විතරක්ම වෙනකොට ඉවසලා අහන් ඉදලා බැරිම තැන්ද කොහෙද එයා වෙරියෙන් කියවන මගෙ ඔලුව අත ගගා මට නිදාගන්න කිය කිය මගෙ ඔලුව අතගාද්දි මං ලාවට වගේ ඔලුව උස්සලා මගෙ ගාව ඉදන් මගෙ ඔලුව අතගාන නිම්න දිහා බැලුවා...

.ව්..වස්තු...ව්...වස්තු..ඇහෙනවද...

මාව...

මං...ඔයාගෙ ළඟ ඉන්නෙ අනූ....අපි නිදාගමු...

..හ්ම්....න්..නිදාගමු...ඒත්...නිදිය...යන්ඩ...කලින්.....කියන්ඩ...ඕනෙ.....

මොකක්ද...මොනවද.මගෙ මයුරට කියන්න ඕනෙ.....

මයුරට.....න්..නිම්නගෙ...මයුරට...කියන්න...ඕනෙ.....මගෙ...ග්..ගාවට...එන්න...බැරි.....උනෝතින් ..

...දිව්‍ය....ල්..ලෝකෙට....යමන්...

ක්...කියලා...උඹව....හ්..හිමිකරගන්න....තර...ම්...වටින...මිනිස්සු....මේ..ලෝකෙ.....න්..නෑ...නිම්න...උ..උඹව....හිමි...වෙන්..න...ඕනෙ....ව්..වටින...මිනිහෙක්ට....ඒ..හින්දා.....

ශ්ශ්.....නිදාගන්න.....නිදාගන්න..මගෙ...අනූ...

ආ.ආදරේයි....කිය..ලා...තුරුල් ..කරගනින්...නිම්...න.....ම්..මට...නො..ලැබුනාට....කමක්...නෑ....උඹ....යමන්...දිව්‍ය...ලෝකෙට....එහෙ.....මගෙ.....වස්තුව...ක්..කවුරුත් ...රිදවන්නෙ....නෑ....උඹව.....මට.....

ගොඩක්....ව..ටිනවා...

මයුර...කොල්ලා..... මේන් මේක අල්ලන්ඩ වරෙන් .....

..රැයක් ගෙවිලා අලුත් දවසකට ඉර පායලා තිබුනා....අහස වෙනදා වගේමයි....ඒ නිල්පාටමයි....ඊයෙ රෑ ඉකිගහල ඇඩුවද කියලවත් හොයන්න බෑ...ඊයෙ පිපුන මල් පර වෙලා ගියත්

ඒ අඩුව පුරවන්න තවත් මල් දාස් ගනන් පිපිලා අලුත් දවසක් පටන් අරන් තිබුනා....

කලින් දවසෙ මතකවල නශ්ටාවශේශ තවමත් මගෙ පපුව පුරාවටම තියනකොට වැටෙන්න ගහලා නිදියෑවත් පහු දා මං නැගිට්ටෙ මැරෙන්න තරම් ඔලුව කැක්කුමක් එක්ක උනත්...දුක වේදනාව් කදුලු ...ඒ හැම දේම මම මගෙ මිනිස්සුන්ගෙන් හංගගන මොකුත් නොවුන එකා වගේ නැගිටලා අප්පච්චි ගෙ කඩෙට ගියා....

මන් උන්නෙ .බයික් එක ගාව...කඩේට ආව මම වෙනදට අප්පච්චි කරන කියන හැම වැඩේම අද එයාට කලින් කෙරුවා ...තොග කඩේ පැත්ත පලාතට යන්න අකමැති මං අඩු මොනාද බලලා තියන ඔක්කොම අප්පච්චි ගෙ බයික් එකට කද බැදගන අරන් ආවා...

කැරට් ගෝනිය තවම බයික් එක උඩ.....මගෙ කට ගොලු වෙලා ගිහින් තිබුනා....බයික් එක උඩ තිබුන කැරට් ගෝනිය අරන් කඩෙට එනවත් එක්කම නලින් පෙරේරගෙ මේරියන්ස් එකේ ලොරි පෝලිමක්ම කඩේ ඉස්සරහින් ගියා....

මේරියන්ස් සවුන්ඩ්...

ඉස්සර ෆ්ලෑශ් බෑක් එකේ.....මේරියන්ස් එකේ වාහන යනකොට බෑන්ඩ් ඌස්නෙ ඉහට ගහපු මං කට ඇරන් බලන් උන්නට මොකද අද මගෙ කට ඇරුන් නෑ...

එක පාරක් හැරිලා බලපු මම වෙනද වගේ නලින් පෙරේරගෙ මූන ඈතට ගිහින් තිතක් වගේ චූටි වෙනකන් බලන් උන්නෙ නෑ.....එකපාරක් බලලා මං එන්න ආවා...

අද ආවෙමරියා කොන්වන්ට් එකේ මේරියන්ස් ලාගෙ අන්ප්ලගඩ් එක.....ඒකට වෙන්න ඇති ඔය යන්නෙ...නලින් පෙරේරා අදත් උස පුටුවක ඉදන් ඇස් පියාගන අංජලීකා සින්දුව කියාවි.....

මට හුස්මක් පිට උනා.....වෙනදට අහන්නත් කලින් අංජලිකා සින්දුවෙ රස මතක් වෙන මගෙ රස නහර ඔක්කොම මැරිලා ගිහින් තිබුනා...ජයවරධන...නන්දනී....නිම්න....ඒ රැය පුරාවටම මගෙ ඔලුව ගිනිගත්තු කම්මලක් කරලා මගෙ සන්වේදි නහර ඔක්කොම මරලා දැම්මා....

ජයවර්ධනයා .....

මන්දා....ඌ ජීවත් වෙනවද කියන්න වත් මට දැනගන්න උවමනාවක් නැති වෙද්දි මං කැරට් ගෝනිය උස්සන් ඇතුලට ආවා...

.එයා ඉන්නවා.....කැශියර් පුටුවෙ ඉදන් උන්න නිම්න මං යන්නෙ කොහෙද කරන්නෙ මොනවද මගෙ හැසිරීම කොහොමද...භාව ප්‍රකාශ කොහොමද බල බල මාව නිරීක්ශනේ කරනකොට එයා එක්ක අසීමාන්තිකව ආදරෙන් බැදුන මං මගෙ වේදනාව පිට නොදා භූමි කම්පාවට අහුවෙලා ඉරි තැලුන හදවතෙ වේදනාව පිට නොදා මං මගෙ පාඩුවෙ වැඩ කෙරුවා....එයා ඒ හැම දේම නිහඩව බලන් උන්නා..මගෙ වෙනස එයා හරි වේදනාවෙන් දරාගන බලාගන උන්නා...

කොල්ලා....හෙට අර පොඩි එකීව නාවනවලු...

ම්න්....

උඹ ඒකිට ගවුම් රෙදි කෑල්ලක් වත් අරන් දෙන්නෙ නැද්ද කොල්ලා...

ඒකි ගවුම් අදින එකියෙක් නෙවෙ....

ඒ උනාට දැන් ඒකි ලමිස්සියෙක්නෙ...ගවුමක් නොඇද කොහොමද

ලමිස්සියෙක් උනාට ඒකි අදින්නෙ අර ජම්පර් වගේ කලිසන්...ඒකිට කලිසමක්ම අරන් දෙනවා....

හ්ම්...මයුර.....

ම්න්.....

උඹ මොනාද පුතෙ හංගන් ඉන්නෙ.....

කැරට් ගෝනියම උස්සන් පිටිපස්සෙ කුසියට යනකොට වෙනදා වගෙ කියවන්නෙ නැති මාව කතාවට අල්ලගන්න හදන අප්පච්චි කුසිය ඇතුලෙදි මාව මිරිකලම අල්ලගත්තා...මගෙ පඩත්තර කට වැහිලා තිබුනා...වෙනදට ඉවරයක් නැතුවම අවුස්සන නිම්නට මං අද පාඩුවෙ ඉන්න දුන්නා..අඩුම ගානෙ හාදුවක් වත් තිබ්බෙ නැතිද කොහෙද ....

මං මොනවා හංගන්නද අප්පච්චි ....

උඹ දුක හංගන බව දන්නවා මයුර..... වෙනදට කියවන උඹ අද ලට පියාගන උඹගෙ තුවාල වල වේදනාව හන්ගන හැටි මං දකිනවා මයුර....මට කියපන් පුතෙ...උඹගෙ හිතෙ කොනකවත්...නරක දෙයක් කරගන්න අදහසක් නෑනේද මයුර...උඹ..හදන්නෙ...

පිස්සුද අප්පච්චි .....මොකටද මං මැරෙන්නෙ...මං..මොකටද...එහෙම කරගන්නෙ...

.ඒත් උඹ ඔහොම කට පියන් ඉන්නකොට බයයි මයුර....උඹ අර ළමයා එක්ක වත් වචන දහයකට වඩා කතා නොකර අහු මුලු ගානෙ ඉදන් හූල්ල හූල්ල බලන් ඉන්නකොට මගෙ හිත ගැස්සෙනව මයුර....

අප්පච්චි හිතනව වැඩී.....

හිතනවා වැඩි හින්ද තමයි බය....උඹගෙ අම්මා මැරෙයි....

....විකාර....ද අප්පච්චි ....මං කිව්වනෙ....මගෙ ඔලුව කැක්කුමයි ...නැතුව වෙන දෙයක් නෙවෙ...

හ්ම්...ඔය ඔලුවෙ කැකුම් අපිටත් ආවා පුතෙ.....

මං මීක් නොගා උන්නා .....මගෙ හිත මං කලු ගලක් කරන් උන්නත් මොකද අම්මා අප්පච්චි ලාට අපි හැරෙනකොටත් ඉවෙන් දැනෙනවා කියන්නෙ බොරුවක් නෙවෙ කියලා අප්පච්චි තවත් පාරක් මට ඔප්පු කරද්දි මම පිටිපස්සෙ කුසියෙ ඉදන් කඩේ ඇතුලට යන්න හදනවත් එක්කම මෙච්චර වෙලාම කැශියර් පුටුවෙ ඉදන් උන්න එයා වෙඩිල්ල වගෙ දුවන් ඇවිත් මගෙ ඇගෙ හැප්පුනා....

ගිලිනවා....ඒකා හිතා මතාම මගෙන් බැනුම් අහන්නද කොහෙද පොල්ටොපි අහුරක්ම අතේ පුරවන් තව දෙක තුනක් කටෙත් පුරවගන උන්නා

අනූ...අපෙ කල්පියා ඇවිල්ලා....

ම්න්...ඇත්තට...අපෙ ද නැත්තන් උඹේද? හොර මිනිහා ආව හින්දා වෙන්න ඇති නෙ ඔය මූනෙ මනමාල හිනාව.....ආය පොල්ටොපි ගිලිනවා නේද .....?උඹ ඔක්කොම කාපන්...කාලා පනු අමාරුව හදා ගනින්...අප්පච්චි මෙන්න මූ කඩචෝරු ගිලින්ඩ අරගන

යෝ....බයිනවා...අප්පච්චි මේ බාන්නකො.....චූචි බුංජියට බයිනවා.....තාම රෝස පාට විතරනෙ කන්න ගත්තෙ..අනික අප්පච්චි කිව්වනෙ කෑවට කමක් නෑ කියලා .....නේ අප්පච්චි ...චූචි බුංජියට කිව්වා නේද .....කෑවට කමක් නෑ කියලා ...

හ්ම්..හ්ම්...කිව්වා කිව්වා....සිය පාරක් විතර වැදලා වගෙ කියලා මම කඩේ අතුගාවගන උඹට එකයි නේද කන්න කිව්වෙ.....ඒ පාර ඔක්කොම ගිලිනවද ....

යෝ.....ඒ පාර දෙන්නම අල්ලන් බයිනවා...පොල්ටොපියකට නේ මේ බල්ලෙක්ට බලලෙක්ට වගෙ බයින්නෙ...අම්මා උන්නා නම් බයින් නෑනෙ....

ඔව් ඔව් අම්මා උන්නා නම් බයින් නෑ....දීපන් මෙහාට.....ආ...ආ...මේ...කීයක් ජාතිද ....කිරිටොපිත් ගිලිනවා ....වස්තු...දීපිය ඕක...

යෝ...සල්ලි..දෙනවනේ....උදුරන්නෙ.....එකයිනෙ....අර...ම්හුක්....ඔක්කොම උදුර ගත්තා..මහ..නරකයි....

ලෝබ වෙලා අප්පා...

ඇයි අප්පච්චි ...මයුරයා ලෝබ වෙලා තියෙන්නෙ.....

හෙන චපලයා....

අදින්න පුබ්බක වෙලානෙ.....

මසුරු සිටානො වගේ.....

මගෙ වස්තුවෑ...ගෑවට කන්න.දෙන්නෙ නෑ....

අනූ.....ඒක දෙන්නකො...චූචි නිම්නනෙ ඉන්නෙ....

මං නෙවෙ කනකට ගත්තෙ...අතට ගහලා අතේ තිබුන කඩචෝරු අහුර උදුරගත්තු මම ආපිට ඇතුලට එනකොට එයා නහයෙන් අඩ අඩ මගෙ පස්ස පාරෙන් එනකොට කල්පනයත් මූට හපන් අර තියන ඔක්කොම ගිලිනවා.... .....

කල්පන.....

මයුරයා ...

ගුඩ්ම් කල්පී....

ගුඩ්ම් චූචි බුංජියා.....බුංජි පුතා මොකද පුක් මූන දාගන.....

ම්හුක්....බුංජියට බයිනවනෙ කල්පියෙ

ඕ...මොකාත....මොකාත.....මොන පඩත්තරයද මගෙ රන් කදට බැන්නෙ...

මයුරයා නරකයා....

ආ...ආ...මයුරයා....මොකද මේ බුංජියට බැන්නෙ කියපන්.....ඔයා ඔව්වා ගනන් ගන්න එපා බුංජියො...ඌට ට්‍රැක පැනලා ඉන්නෙ ඒකයි...ඔයා ඔව්වා හිතන්න එපා...කෝ දැන් හිනා වෙන්න.....බුංජි පුතා හිනාවෙනකොටනෙ ලස්සන....

ඒකනෙ....කල්පියා හරි හොදයි මයුරයා වගෙ නෙවෙ....

එහෙනම් මූත් එක්කම පලයන් .....දෙනවා උඹගෙ පිට පුපුරන්ඩ මම....

ඔය පේනවනෙ බයිනවා....අනූ.....චූචි බුංජියගෙ ඔලුව කැක්කුමක් භ්භ්භ්....භ්භ්....ම්ම්ම්හ්හ්...

මං එයාගෙ කට මගෙ අතින් වැහුවා ...කල්පනයා ආව කාරනව වත් මට අහගන්න බැරි උනා..... කල්පනයා එක්ක හුරතල් වෙවී මගෙ අවදානෙ ගන්න දගලපු නිම්න එයාගෙ ඔලුව කැක්කුමයි කියනවා එක්කම මං ඒ කට මගෙ අතින් වහලා දැම්මා...

ඔය කතාව ආයම කියන්න එපා වස්තු....ආය එපා....අඩුම ගානෙ මතක් කරන්නවත් එපා....මට දැන් ඔව්වට හිනා යන්නෙ නෑ වස්තු ....රිදෙනවා මිසක් ...

අ...නූ.....

යන්න....අර අප්පච්චි මොනවද හදනවා ගිහින් ඉල්ලගන්න.....

මං නිම්නගෙ ඔලුව අත ගාලා කට ගාව වැදිලා තිබුන රෝස පාට සකරින් පාට පිහලා එයාව අප්පච්චි ගාවට යවපු මං කල්පනයා දිහාවට හැරුනා....

කියපන්....

අරූගෙ ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා....මං හේතුවක් නැතුවම ඒ පාරෙන් විසිට් එකක් දාන් ආවෙ...කහ පාට බැනර් ඇදලා.....

ම්න්....එහෙමද....දැන් ඌ කොහෙද ?

මාරවිල කියනවා....කොළඹ යවලා නෑ ...කියලා කියනවා....යනවා නම්.....

දොලහට යමු...අනිවාර්යයෙන්ම ඌව බලන්න උගෙ සහචරයො ඒවිනෙ.....

ඌ එක්ක මේ අපරාදෙට ගෑවුන එකෙක්ව වත් මං අතාරින්නෙ නෑ කල්පන....මට හැම දේම නැති කරපු එකෙක් මං ඉතුරු කරන්නෙ නෑ...මගෙ අහිංසකයව මරන්න උගෙ ඔලුවට විස පුරවපු එකා මොකාද කියලා මට හොයා ගන්න ඕන කල්පන .....මට ඒකව මේ දැම්ම බලන්ඩ ඕන.....මම ඊයෙ ඉදන් ඉන්නෙ වෙනදට වඩා දහගුනේක වේදනාවකින් වගේම තරහකින්.....වරෙන්...මට දොලහ වෙනකන් ඉන්ඩ බෑ.....වරෙන් යන්න.....

අනූ....මේ අයියො...අප්පච්චි දුන්නෙ...මේ...අනූ මේ...

වස්තු අනූ ගමනක් ගිහින් එන්නම් හොදද....

කල්පනයා වරෙන් යන්ඩ.....

..

..☺️ආයම කොටසකින් එනකන් පයිස්සමින් ඉන්ඩෝ

.

ආතරෙයි

මම ජොබී බුංජියා

Nedeesha 😘❤

More Chapters