LightReader

Chapter 47 - 47

.....මයුර....

මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා...කොටින්ම අහල පහල ඉන්න එවුන්ටත් එක්කම සද්දෙ ඇහෙන තරමට මගෙ පපුව ගැහෙනවා...

එක අතකින් උදැල්ල මිරිකන් උන්න මම සීමාව පන්න ගත්තෙ කී වෙනි තත්පරේද නොදැන පෙති ගහපු අතින් පස්සෙ මට ඕන උනේ ඒකගෙ බෙල්ල මුලින් කපලා දාන්න වෙද්දි මං පන්සිල් වල බරම සිල් පදේ කඩන්න උදැල්ල උස්සනවා එක්කම ජනත් මාව නැවැත්තුවා.....හරියටම ඒ සිදුවීම මට දැනුනෙම තරහවෙ වේදනාවෙ වෛරයේ සීමාව ඉක්මවාපු කාලි ගෙ කකුල මහපොලවට තියන්න කලින් ශිව ඇවිදින් ඒ කකුලට යටින් දිගා උනා වගේ හැගීමක්.....

ජනත් මාව අල්ලගත්තා ...ඉහලට උස්සපු උදැල්ල ගිහින් ජයවර්ධනයගෙ බෙල්ල මුලින් වෙන් කරන්න හදනකොට ජනත් ඇවිදින් මගෙ ඉස්සරහින් හිටගන මාව අල්ලගත්තා....මාව වෙව්ලනවා..මගෙ කම්මුල් පවා.....මගෙ ඇස් මොන වගේද කියන්න මටම හිතන්න අමාරු වෙනකොට මම අර උදැල්ල ආයම පාතට දාන්න ඕනා කියලා හිතුනෙ ජයවර්ධනයා ගෙ බෙල්ලටම විතරක් කියලා මගෙ හිත මාව උසිගන්නනකොට ජයවර්ධනයා හන්දම යන ගිය ජනත් අත් දෙකෙම්ම මාව අල්ලන් මට එපා කියලා කිව්වා...

එපා.....

මගෙ ඇස් වලින් කදුලු පේලියක් ගලාගන ගියා...මේ අන්දකාරෙ මගෙ ඇස් වලින් ගලන කදුලු කවුරු දැක්කද නොදැක්කද දන්නෙ නෑ....ඒත් මගෙ හිත අස්සෙ දෝන් කාර දෙන මගෙ නිම්නගෙ වචන වලය මට රිදෙන්න ගත්තා.....

අනූ නිම්නගෙ ඔලුව රිදෙනවා...නිම්නගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ....අනූ චූචි බුංජියගෙ දත් කකියනෙ ඇයි අනූ....අනූ චූචි බුංජියගෙ මෙහෙ කැක්කුම ඇයි....අරහෙ කැක්කුම ඇයි....මම හිනා උනා.....එයාව ඇවිස්සුව.....උඹව ඉස්පිරිතාලෙ එක්ක යන්නද ඇහුවා.....උඹව කොටහලු වෙන්නද ඇහුවා...ඇයි මට නොතේරුනේ....උඹගෙ විහිලු අස්සෙ තිබුනෙ අසීමාන්තිකව විදවපු වේදනාව හන්දා...

ඇයි මට එක මොහොතකට වත් හිතුන් නැත්තෙ උඹ මේ නොකියා කියන්නෙ මිනිස්සු කියවන්න අමාරුයි කියලා අතෑරලා දාන අමාරුම පරිච්ඡේදයක් කියලා .....

මෙච්චර කල් මං හිනා උනා....ඇවිස්සුවා....ඒත් උඹ හෙටත් ඔය කතාව කිව්වොත්...

උඹගෙ අනූ හිනා වෙන්නෙ කොහොමද .....?????

හිමිවීමක් නැතිවම උනත් අතින් විතරක් නෙවෙ මුලු හිතින්ම අල්ලගන කරන මේ උත්තරීතර ප්‍රේමයක් ඇතුලෙ මට ලැබුනෙම වේදනාවක් විතරක්ම වෙනකොට මගෙ හිනහව මැරි මැරියන හැටි මම දරාගන අර උදැල්ල බිම දැම්මා....

ජනත්.....

එපා මල්ලි....එපා....මේක නෙවෙ අවසානෙ.....මේක...නෙවෙ....ඒ අවසානෙ.....

මේක නෙවෙ අවසානෙ.....මං..පිලිගන්නවා....ඒත්....මට දැනගන්න ඕනෙ...ඇයි....හිමිවීමක් නැති තැන්වල පපුවට දැනෙන ආදරේ මේ තරම්ම බර...කියලා ජනත්...

....මයුර....

ප්‍රේමය වනාහි ඉවසිලිවන්තය....එහෙමයි ප්‍රේම පාරමිතාව පටන් ගන්නෙ....මං කල්ප්නාතරයක් තරම් දුරට විදවන්නද මේ ටික දවසට ඒ පපුවට මේ තරම්ම ආදරෙ කරන්න ගත්තෙ.....?...මං හිනා උනා....උඹව අරහෙ ගිහින් දාන්නද...මෙහෙ ගිහින් දාන්නද අහ අහ මං විහිලු කෙරුවා.....දුක්ඛ දොම්නස් කෝටියක් වහගන මගෙ ඉස්සරහා හිනහ උන නිම්නගෙ මුන බලන් මං ආයම කොහොම හිනා වෙන්නද ජනත්...

ඒ මරනෙ මොන තරන් කෲරද කියන්න මං මගෙ කන් වලින් ඇහුවා.....ඒ මරනෙ මොන තරම් මිලේජ්ච ද කියන්න මං උගෙ වචන වලින්ම අහගත්තා....නොලැබෙන තැන් වල බැදුනා මදිවට.....උහුලන්න අමාරු වේදනාවක් බදාගත්තු මං මොන පවක්ද ගිය ආත්මෙ කරලා තියෙන්නෙ ජනත්...???

.......මම...මොනවද උඹට කියන්න ඕනෙ මයුර...

දන්නෙ නෑ.....මට...දැන් අහන්න දේවල් ඇත්තෙත් නෑ...මහන්සී.....වාරු වෙන්න උරහිසක් ඕනෙ.....ඒත් මේ පටන් ගැන්ම විතරයි .....පොතක පිදුම මෙහෙම අඩවනවා නම්.....ඇතුල් පිටුව මාව මොන තරම් අඩවයිද...

මාව ඉතුරු වෙයිද ජනත්.....

මයුරයා.....වරෙන් අපි එලියට යන්.....මූට සිහි නැති උනා.....මීට එහා ඉන්න බෑ.....මුගෙ ලතෝනිය කාගෙ හරි කන් වලට ගියාද දන්නෙ නෑ...වරෙන්....සක්කිලියව ගිහින් මෝරුන්ට කන්න දැම්මත් මදි...වරෙන් යන්න....වැඩි සුනංගුව වහට හිටීවි...වරෙන්.....දියන් ඔය උදැල්ල....සෙනේ.....මූව අල්ලගන්න ...

එපා.....ඕන් නෑ.....ඕන් නෑ බන්...මට පුලුවන් ...

මං මාව අල්ලගන්න ආව උදාරවයි කල්පනවයි පැත්තකට කරපු මං මට පුලුවන් කියලා උදැල්ලත් අරන් එන්න ආවා.....හැබැයි දොරකොඩ ගාවදි මම නැවතුනා....අඩ අන්දකාරෙ උනත් මං ඒ කදුලු පිරුන ඇස් දෙක දැක්කා.....එපා කියලා කට කැඩෙනකන් කිව්වත් එයා ඇවිදින් උන්නා....

මගෙ මූන පුරාවටම තිබුන එයාට ජාතකේ දුන්න අමනුස්සයගෙ ලේ බින්දු තැවරිලා තිබුනා.....

එයා මාව දැක්කා....පලවෙනිම පාරට එයා මගෙන් මේ තාක් දුරට නොදැකපු මගෙ අදුරුම පැත්තක් එයා දැක්කා.....

අ...නූ.....

...නෑ....මං මැරුවෙ නැ....හැබැයි උඹව මරන්න මූලික උන ඒ අත....උඹගෙ හුස්ම උදුරගන්න පිහිය අල්ල ගත්තු ඒ අත යම් තාක් දුරකට මං කෑලි කෙරුවා...ඌ උදුරන් තියෙන්නෙ උඹගෙ හුස්ම විතරක් නෙවෙ....උඹගෙ අකුරු.....උඹගෙ මහන්සිය.....උඹ ආදරෙ කවාපු අකුරු....උඹ හුස්ම පිම්බ වචන.....

නිම්න.....දවසක...මං මේ හැම පොතක්ම...ආපහු රී ප්‍රින්ට් කරවනවා....නිම්න ජයවර්ධන නමින්.....නෑ....නෑ.... ඒ නම ගෑවෙන්නවත් ඕන නෑ.....ඔව්..මං ආපහු රී ප්‍රින්ට් කරවනවා....මගෙ නම එක්ක.....

මගෙ...මයුර....

එයා අහන් උන්නා..දුකෙන් වේදනාවෙන් මාව අහන් උන්නා....අවසානෙදි මං එයාගෙ පොත් ටික ආපහු රී ප්‍රින්ටින් කරනවා කියනකොට මගෙ ලගට ආව නිම්න මගෙ මූන පුරාවටම තිබුන එ අපරාදකාරයගෙ....ප්‍රාණ ඝාතකයගෙ....ෆැන්ටසිය අස්සෙ ආදරේ භාශා හතම දන්න වචන වලින් මිනිස්සු මුලා කරගන්න ....ඒත් යතාර්තෙ ඇතුලෙ අංගජාතකෙ බලලා ආදරෙ මිමි මෙච්චරයි මෙච්චරයි කියලා පරසක්වල ගහන ආත්ම ඝාතකයගෙ ලේ බින්දු මගෙ මූනෙන් අහක් කරනකොට මං එයා තවත් මොකුත් කියන්න කලින්ම ඒ උරහිසට බර උනා.....

මාව..දරාගනින්....අයියෙ...උඹ ආසයි...මං අයියෙ කියනවට....වයසට ගරු..කරපන්...ගගා...කොයි වෙලෙත් මට බැනපු හේතුව.....උඹට කවුරුත් ගෞරවයක් නොදුන්න එක කියන්න දැනගන්නකොට මම පරක්කු වැඩී මගෙ රත්තරන් නිම්න...

මට....මහන්සී...වේදනාවයි....හිතගලක්..ගලක්....ඕන දුකක් දරාගන්නම් කිව්වට...බැරිම තැන්වලදි මටත් අත ඇරෙන්න ඔන්න මෙන්න වෙන වෙලාවල් එනවා අයියෙ...

..එපා මගෙ වස්තුව...ඇයි මේ...පුරුදු විදිහටම මට මගෙ නිම්න කියපන්....ඒ ඇති මයුර...

මං ආදරෙයි ඔයාට...

දන්නවා ඒක....

මේ ආදර්‍ර් පරිමාව මනින්න...මේ ලෝකෙ කිසිම මිනුමක් නෑ නිම්න....

ඒක වෙන්න විදිහක් නෑ මයුර...

මං ආදරෙයි .....නොලැබුනාට කමක් නෑ...මට ඔයාට අසංඛාත වාරයක් ...ආදරෙයි කියන්න ඕන නිම්න.....මට කියන්න....කොතනද වස්තුව උඹගෙ ඔලුව රිදෙන්නෙ....

මං කෙලින් උනා....එයාගෙ ඔලුව අතගාලා කොතනද රිදෙන්නෙ අහනකොට අනේ එයා හරි අහිංසක විදිහට හිනා වෙලා මගෙ අවුල් උන කොන්ඩෙ හදලා ආයම තොප්පිය දැම්මා...

.ඇයි මේ රැවුල වත් කපලා නැතුව මෙහෙම ඉන්නෙ....

........වැවුන දෙන්.....වරෙන් යන්න....තවත් නැවතුමක් තියනවා නිම්න...

පපී...

මං නිම්නගෙ අත අල්ලන් උදැල්ලත් කරේ තියාගන එලි බහිනවා එක්කම එයා මට අර මුලින්ම දැම්ම නමින් කතා කෙරුවා.....මං නැවතුනෙත් නෑ.....ඇයි කියලා ඇහුවෙත් නෑ....මං එයාවත් ඇදගනම ඇවිදින් බයික් එකට නැග්ගා....

පපී...අපි ගෙදර යමුද.....

ඔයා වැරද්දක් තමා කරනවා බුංජියො....අපේ මයුරයට ආවේස උනා කියන්නෙ ආය කොටි වල්ගෙ අල්ලගත්තා වගේ තමා නේද සෙනේ....ඇරත් දැන් ඉතින් ඔය බේසමාව සක්කරයගෙ පුතා වයිමන් කොල්ලා ආවත් බේරගන්න වෙන්නෙ නැ....මොකද අපෙ කොට රවිදුවත් ඉන්නෙ ගේමෙන්....

.....උඹටත් ඔය ළඟ තියන වම් ඇටේ ගැන ආසාව නැති වෙලා වගේ නේ කල්පනයා....

කොටයි..කොටයි ගාලා උඹත් හදන්නෙ මැරුම් කන්ඩ ආය. ....උදාරයා...මං උඹගෙ පෙම්බරාට නොකිව්වා කියන්න එපා.....

අම්මටම..උඩු.....ඒක....යා...බිම්මලක්.ගිය උඩ...යෝ....බෙල්ට් එක දීපිය කලිසමත් ගැලවෙනවා....ඇදන් ඉන්නෙත් ඉන විතරක් ලස්සනට තියන පාට ගියපු ජොකෙක්...මයුරයට තරහා ගියා වගෙ නෙවෙ අපේ කොට මගුලට තරහා ගියහම.....උඹ ඉතින් මගෙ වම් ඇටේ ගලවන් නිකන් ඉන්නද...

.කල්පන.....

යෝ..සෙනේ...කල්පියා චුචි විහිලුවක්නෙ කෙරුවෙ ...මේක කමර්සල් බ්‍රේක් එකක්නෙ...අනේ.....ඊලග වැඩකටයුත්තට අත ගහන්න කලින් කල්පියා කාගෙත් ලේ පිරිසිදු කලානෙ...මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්වතා....යෝ....ඉති..න්....රවනව නේත.....

මෝඩයා වගෙ කියවන්නෙ නැතුව මේක දාගනින්.....

උදාරයගෙ පනනෙ ඉතින් මම නේ.....

හ්ම්ම්ම්....ඒක තමයි පරිස්සම් කරන්නෙ උඹ මගෙ පන හින්දා....

බයික් එකට නැගපු මම ස්ටාර්ට් නොකර උදාර දිහා බලන් උන්නා.....මගෙ වගේම රවිදුවගෙ මූඩ් අවුල් හන්දා පුංචිම හරි හිනාවක් ගේන්න ඕන කියලා හිතිලද කොහෙද බඩේ බිත්තර තැම්බෙන වෙලාවක කල්පනයා විහිලු කරන්න ගිහින් අවසානෙදි උගෙ විහිලුව උදාරයා ඉස්සරහා හුරතලේකට පෙරලුන හැටි මං බලාගන උන්නා....

නෑ...වැරදුනා....සැබෑ ලෝකෙ ඉදන් ආදරේ කරන උන් දෙන්නා දිහා අපි හතර දෙනෙක් බලාගන උන්නා....උන්ගෙ සතුටෙන් එක අරික්කාලක් වත් හිමි කරගන්න වරම් නැති අපි හතර දෙනාම උන් දෙන්නා දිහා බලන් උන්න...

මන් හිතන්නෙ මල්සරා අපිට විදපු හීය බොල්ද කොහෙද .....

අනූ....

යමු වස්තු....

මං හිතන්නෙ මගෙ නිම්නටත් මට වගේම රිදුනද කොහෙද ....එයා හරි දුකෙන් වගෙ අනූ කියලා මගෙ උරහිස මිරිකගන්නකොට මං එයාට යමු කිව්වා.....අපි කාටත් කලින් රවිදුවා උගෙ ජනා එක්ක යන්න ගියා ...නොකියා නොකියා උන්නට උගෙ හිතත් මගෙ හිත වගේම පිච්චිලා පිච්චිලා කරකුට්ටන් වෙලා ඇති....

මං එන්න ආවා....වෙනදා වගේම එයාගෙ අත් දෙක මගෙ ඉන වටේ එතෙද්දි...එයාගෙ නිකටෙ බර පුරුදු විදිහටම මගෙ උරහිස උඩට දැනෙද්දි මං එන්න ආවා....දවසක මේ බර මගෙ උරහිසට දැනෙන්නෙ නැති වෙනකොට කවුරු කියලා නම් මගෙ උරහිසට නිකට තියාගන්නද. .....

දවසක මේ අත් දෙක මගෙ ඉනවටෙ තවදුරටත් එතෙන්නෙ නැති නැතිවෙනකොට කවුරු කියලා නම් මාව ආයම තුරුලු කරගන්නද....

රෑ අහසට හද පායලා ....හදේ තනියට වලාකුලු උන්නා.....තරු පායලා තිබුනා....හද පායපු රැයක් ...සෞම්‍ය රැයක් කියන්නෙ ආදරේ කරන මිනිස්සුන්ට මොන තරම් නම් ප්‍රේමාන්විත හෝරා ගානක් ගෙවන්න පුලුවන් රාත්තිරියක් ද.....

මට කලූව මතක් උනා....එයා මුල්ම දවසෙ මගෙන් ඇහුවෙ අභිශේකගෙ භූමියට තවම පන තියනවා කියන සින්දුව ගැන....

.මට එදා මහා ලොකු හැගීමක් නැති උනා.....කොඩිගහ යට උන්න කලූ එයාගෙ අම්මට කියනවා දැන් මේ ලෝකෙ දියුනුයි කියලා ....අම්මා පිලිනොගත්තට එයාව දැන් පිලිගන්න මිනිස්සු ඉන්නවා කියනවා....එයාට කලූ කියලා මිනිස්සු කතා කරනවා කියලා කියනවා.....ඒ විතරක් නෙවෙ කලු එයාගෙ අම්මට කියනවා එයා එද්දි මිනිස්සු නැගිටිනවා...එයා යටතෙ මිනිස්සු රස්සා කරනවා කියලා .....

කලූ....නලින් ලුසේනා ...ලුසේනා එතන පෙනී ඉන්නෙ හත්පාටට ආදරෙ කරන සමස්ත ප්‍රජාවක්ම....ඇයි ලුසේනගෙ ඇක්ටින් වලට පට්ට සුපිරි ගාන මිනිස්සුම....කලූට ආදරේ කරන්න ගන්න මිනිස්ස්සුම....ශානිට ආදරේ කරන්න ගන්න මිනිස්සුම ඔය කොඩිගහෙන් බැහැපුවාම එලියෙ ඉන්න නිම්නලා...නන්දනීලා වගෙ මිනිස්සුන්ව පිලිකුල් කරන්නෙ.....

දෙයියනෙ මගෙ නිම්න අද ජීවත් උනානම්...ලියන ශානරේ මොකක් උනත් නිම්න මිනිස්සුන්ගෙ හිත් අතගාන හරි ආදරනීය ලියන්නෙක් වෙලා...

මිනිස්සුන්ගෙ හිත් එක්ක ගනුදෙනු කරන....දේදුනු පාට ප්‍රේම කතාවලට දේදුන්නෙන් පාට අරන් ලස්සනට පාට තවරන්න ගියා....

ඒත්.....

ඒත් අද මොකක්ද උනේ.. .

මට සිද්ද වෙන්නෙ මේ අත පටලවන් ගියපු මේ පාරෙම එයාගෙ මලකද කරගහන් යන්න.....

එයාට ඇස් වහන් උනත් යන්න තරම් පුරුදු පාරෙ මගෙ කර උඩින් ගෙනියන්න.....

ඇයි නිම්න උඹට මට මෙහෙම උනේ.....සැරයටියෙන් අපි යනෙනතුරා සින්දුව වෙනුවට ඇයි මගෙ වස්තු මට උඹ වෙනුවෙන් මතකබණවරයි දුරුතු සඳයි විතරක් සීමා උනේ...

මං සැරින් සැරේට ඇස් පිහ දැම්මා...ජයවර්ධනයාට තොරනෙට කලින් තොරනෙ සැකිල්ල විතරක් පෙන්නපු මම මේ යන්නෙ ඌ මට ඉතුරු කරාපු වේදනාව ගොඩ ගන්න වෙනකොට මහ පොලව වගෙ මට දරාගන ඉන්න සිද්ද උනත්.....මාවත් සැරින් සැරේට ඉරි තැලිලා ගියා.....

අනූ.... 

ම්න්....

අප්පච්චි ඇවිත් ඉදීවි නේද අනූ...

හ්ම්....ඇවිත් ඉදීවි...

එක්කො....අපි...

නෑ...මට මේ වේදනාව අද අදවස ඇතුලත විදින්න දියන් මගෙ නිම්න.....බිදෙන් බිද ..දශමෙන් දශමෙ මැරෙනවට පන අදිනවට වඩා අදම මේ වේදනාව විදින එක හොදයි....

.තව කොච්චර කාලෙකට නේ හිත මරනාසන්නව පන අදින්නද මගෙ නිම්න.....

මට මහන්සී.....

වේදනාවයි.....

ආදරෙ උගන්නපු උඹ...ඇයි මගෙ නිම්න...සතුටු නිලේ මරලා දැම්මෙ....

.අ...අනූ....

ඒක උඹගෙ වරදක් නෙවෙ වස්තු.....ඒක උඹගෙ වරදක් නෙවෙ...ඒක...ඇවිදින්....තිරෙන් මෙහ ඉන්න කලූලට ආදරේ කරන මිනිස්සුන්ට තිරෙන් පිට ඉන්න කලූලට ආදරෙ කරන්න බැරිව ගිය එකයි හේතුව.....මාව තුරුල් කරගනින් නිම්න....තව චුට්ට දුරයි...

මං එයාට මාව තුරුල් කරගන්න කිව්වා....වෙනදට යකා වගෙ කාගන යන මම....ඇස්ලේටරෙ මිරිකනවට මිරිකන මම අද මේ පාරෙ මේ රෑ ගෑටුවා.....තව චුට්ට දුරයි කිව්වට මොකද හූවක දුර.....

මං කොහොමද නිම්න දරාගන්නෙ...???එක්කො මාව මැරේවි බන් කියලා කෑ ගහලා කියන්න හිතුනත් හිමි කරගන්න වාසනාවක් නැති හිතකට අසීමාන්තිකව ප්‍රේම කරන්න ඉගැන්නුව මගෙ දෛවය මට මහපොලවක් වගේ දරාගන්නත් නියම කරලා තියනකොට මට කලින් ගිය එවුන් ඇරපු ගේට්ටුවෙන් මං බයික් එක ඇතුලට දැම්මා....

අප්පච්චි ඇවිල්ලා....පුටුවක වත් ඉදගන්නෙ නැතිව පිලේ ඉදන් උන්න අප්පච්චි අපි එනවත් එක්කම නැගිට්ටා.....

මේ ගෙදර ....

මහ ගෙදරින් එලි බහින්න කියලා ඉඩම් තන්නාසෙ ඉහට ගහපු අප්පච්චි ගෙ නෑයො වේයෝ රතු ලියුම් එවනකොට කොහෙන් ගියත් තැලෙන මැද පන්තියේ ඉන්නෙ කියලා හිතන් ඉන්න නිර්ධනපන්තියටත් පහල අපිට හම්බ උන ගෙදර....

මගෙ ආදරේ හොයාගත්තු...මගෙආදරේ මගෙන් උදුරගත්තු මේ ගෙදර ....සමාදානෙන් සැතපෙනවා වෙනුවට අපි එනකන් සමාදානයක් පේනතෙක් මානයක් නැතිව ඇස් පියාගත්තු මගෙ අහිංසක ප්‍රේම වන්තයා මිහිදන් කරන් ඉන්න මේ ගෙදර ....

මන් බලාගන උන්නා....වෙනදා වගේමයි....අදත් අර ජනෙල් පියන ඇරුනා....හූ තියාගන දුවලා මේ කතාව පටන් ගත්තු මම අද මේ සද්ද ඇහෙනකොට අඩාගන්න බැරිව බලන් උන්නා...

කොල්ලා.....

මං.තවමත් බයික් එක උඩ....අඹ ගහේ අත්තෙ ගැටගහලා තිබුන ඔන්චිල්ලාව හුලගක් නැතිවම පැද්දෙන්න ගන්නකොට මං බලාගන ජනෙල් පියන් කිරීස් ගාන සද්දෙන් ඇරිලා ආපහු වැහෙනවා....

මගෙ ලගට ආව අප්පච්චි මගෙ අත උඩින් අත තියනකොට මං ලොකු හුස්මක් ගත්තා.....

උඹට බැරි නම්...අපි යමු මයුර....උඹ කොහොම පුලුවන් කිව්වත්...අප්පච්චි උන මට උඹගෙ හිත තේරෙනවා මයුර....මට බයයි....මට උඹගෙ අම්මට උත්තර බදින්න වචන නැති වෙයි කියලා මට බයයි...ඒත්.....උඹව හරවන් ගියොත්.....තවත් එකෙක් තනිවෙනවා.කියලා දැනෙනකොට ...එතනත් මට දුකයි මයුර...

මං හිනා උනා.....හිනා නොවී බැරි කමට.....අඩාගන්න බැරි කමට මම හිනාවක් නොවුන හිනාවක් දීලා බයික් එකෙන් බහිනකොට පිටිපස්සෙ ලයිට් මොකුත් නැති හන්දා කල්පනයා ඵෝන් ටෝර්ච් එකත් පත්තු කරන් මග බලන් උන්නා....

කාවද එකටම...?

අප්පච්චි ඇහුවෙ ප්‍රශ්නයක්...ඒත් ඒක.නිකන් මගෙ බෙල්ලට තොන්ඩුවක් වැටුනා හා සමාන වෙනකොට මං මගෙ නිම්න දිහා බැලුවා...

වස්තු මං උඹව ගොඩ ගන්නද...නැත්තන් ...නන්දනීට අත ගහන්නද කියලා එයාගෙන් අහන්නත් හිතක් නැති කමට මම ඒ හැමෝටම කලියෙන් ගැටපිච්ච මනාලි නිදියන් උන්න තැන හොයන්න ඉස්සර උනා.....

පායපු හදෙ එලියට අමතරව මහපොලවට ටෝර්ච් එලි වදිනවා.....ඇස්පනා පිට ගැටපිච්ච මල්.ලෙයින් නෑවුන හැටි දැකපු මායි කල්පනයයි කාටත් කලින් අදාල තැන හිටගන්නකොට මාවත් හංගපන් මයුර ගගා මැරෙන්න බයෙ අඩපු මගෙ නිම්න පැත්තකට වෙලා බලන් ඉන්නකොට මම එක උදලු පාරක් ඒ මහපොලවට ගහනකොට අප්පච්චි අනිත් එක ගැහුවා.....

පස තද වෙලා....

තුන් වෙනි හතරවෙනි උදලු පාර ගහනකොට අප්පච්චි පස.තද වෙලා කියල මා දිහා බැලුවා...ඒත් මම නෙවෙ උත්තර බැන්දෙ....පොලු පාර කාගන එතනම හුස්ම ඇරිය නන්දනීට කියන්න දෙයක් තිබුන් නෑ.....

අනේ ජයේ මාව මරන්න එපා කියලා අරූගෙන් ඉල්ලන්නවත් කාලයක් තිබුන් නෑ....ගහපු පොලු පාරට බලාගන ඉන්නකොට ගැටපිච්ච මල් සීසිකඩ ගියෙ සුදු පාට වෙනුවට රතු ලේ නාගනමයි.....

වහින්නද මන්දා...රොහාන් දෙන්න ඕක...සෙනේ මුගෙන් ඔය උදැල්ල ඉල්ලගන්න...වහින පාටක්.වත් තිබුන් නෑ...දැන් ගොරවනවා.....

මයුරයා දියන් ඕක....

කමක් නෑ....මං කොටන්නම්.....

උදාර මගෙන් උදැල්ල ඉල්ලුවත් උදැල්ල නොදුන්න මං අර හිතේ තියන වේදනාවටම හුස්මක් කටක් වත් නොගෙ වල කොටාගන කොටාගන යනකොට අප්පච්චි අතින් උදැල්ල ඉල්ලගත්තු කල්පනයා අනිත් පැත්තෙන් කොටන්න ගත්තා.....

කල්පනයා කියපු කතාව ඇත්ත....වැස්සක් එන පාටක් වත් නොතිබුන අහසට හිටි හැටියෙම අඩන්න හිතිලද කොහෙද ..මහ පොලවට උදැල්ල වදින වදින වාරයක් පාසාම ගොරවන්න ගත්තා....

වහිනවා අඩේ....මයුරයා දියන් ඕක...උඹම දැන් සෑහෙන්න කෙටුවනෙ...

මට හති....ඇගෙ හයිය කෙසේ වෙතත් හිතේ හයියට කොටාපු මක හති වැටෙනකොට මගෙ අතින් බලෙන් වගේ උදැල්ල උදුරපු රවිදුවා ඉතිරි ටික කොටනකොට උදාරයා කලපන අතින් උදැල්ල අරන් කොටන්න.ගත්තා...

වහිනවා.....මෙච්චර වෙලාම හොදට උන්න අහස ඔරොප්පු වෙලා...ඔරොප්පු වෙලා හිමි හිමීට අඩන්න ගන්නකොට මං බලාගන මගෙ නිම්න නන්දනී නිදාගන උන්න මහ පොලව දිහා බලාගන ඉන්නවා...නන්දනීව ගොඩ ගත්ත මට..එයාව ගොඩට ගන්න පුලුවන් වෙයිද.....

චස්.....

චස්.....

චස්....

එකා මාරුවට එකා....උදලු තල මහ පොලවට ගහනකොට හොර හොරාවට ඉකි බිදපු අහස අනිත් පාර කෑගලම අඩනකොට උදලු පාර ගහන්න හදපු උදාර රවිදුව නැවැත්තුවා...

මතු උනා ....බන්...

එච්චරයි ඌ කිව්වෙ...මතු උනා බන් කියනවත් එක්කම මම වලට එබුනා....

ඇත්ත.....එයා ඉන්නවා...අවුරුදු ගානක් නොගිහිනුත් දිරාපුනැති කොන්ඩෙ උඩට අහසින් වැටෙන වැහි කදුලු වැටෙනකොට ජීවිතෙන්.වන්දි ගෙවපු තවත් ප්‍රේමෙක දිරාපු මලකදක් ගොඩට ගනවත් එක්කම අහස පොලව පවා කම්පා වෙනවා කියන්න පලාතම එලි කරගන හෙනයක් වදිනවා එක්කම දැකපු රූපෙත් එක්ක නන්දනීගෙ කෙස් ගොඩ අතේ තියන් උන්න මාව ගැස්සිලා ගියා...

එයා ඇවිල්ලා....

ගැටපිච්ච මල් අමුනන්...කකුල් වලට පා සලඹ බැදන් නන්දනී ඇවිදින් තිබුනා...

ඔලු කටුව තවමත් මගෙ පය පාමුල වෙනකොට මිනි වලේ ඉදන් එයගෙ හිස කෙස් අහුර අතේ තියන් උන්න මන් ගල් ගැහිලා වගෙ බඅන්.ඉන්නකොට හුස්ම හිර උන අප්පච්චිලාව පහු කරන් නන්දනී වල කටටම ආවා.....

එදා වගේම ගැටපිච්ච මල් අහුරක්ම හිසකෙස්වල ඔතාගන උන්න එයා ඇවිල්ලා....මගෙ අතේ උන්න එයාගෙ කොන්ඩෙ දිහාම එයා බලන් ඉන්නකොට ඉහේ ඉදම්ම නාවගන අහස මහ හයියෙන් අඩන්න ගත්තා.....අහස මොන තරම් හයියෙන් ඇඩුවත් අහසට වඩා වේගෙන් අඩන නන්දනීගෙ ඇස්වල කදුලු මේ වැහි මැදම දැකපු මං එයා දිහාවට එයාගෙ හිස කෙස් අහුර දික් කෙරුවා ...

නන්දනී අඩනවා....අහස අඩනවා.මදිවට නන්දනී අඩනවා....වතුර පිරෙන මිනි වලට බැහැගන එයා එයාවම අත ගගා එයා අඩනවා....

ඉවසන්න බැරි තරම් දුක් කදක් දීපු මගෙන් උඹ අවසානෙදි හුස්මත් උදුර ගත්තෙ ඇයි අහ අහ එය විලාප තිබ්බා...

ඒ වේදනාව දරුනුයි ...වැහිවතුරට එයාවම.හේදි.හේදි යනකොට වල.මැද ඉදගන එයාවම තුරුල් කරන් නන්දනී විලාප තියනකොට ගැටපිච්ච මල් පන ඇදපු හැටි ඇස් පනාපිට දැකපු මම ඒ විලාපෙ තවත් අහන් ඉන්න බැරි කමට වලෙන් ගොඩ ආවා...

ආදරේ කරපු වරදට මලවුන්ගෙ ලෝකෙට වේලාසනම යන්න ගිය ආදරනීයම හදවත් තුනක් උන් උන් දිහා බලාගන ඉන්නකොට ලේබල් අලවලා ආදරේ වර්ග කරන කරුමක්කාර සමාජෙක ජීවත්වෙන පලවෙනි ආදරෙම්ම ඉවසන්න බැරි දුක්ඛ පීඩා විදින මයුර වෙච්ච මම වලෙන් ගොඩ ඇවිදින් වීසි වෙවි වීසි වෙවි ගේ දිහාවට එනකොට අනේ මගෙ අප්පච්චි වැටුනොත් අල්ලගන්න බලාගන ඉන්න මගෙ අප්පච්චි මගෙ පස්සෙන් ආවා....

මයුර....පුතේ.....

අප්පච්චි .....ඇයි...අප්පච්චි ....අප්පච්චිගෙ එකම...පුතාට මෙහම උනේ.....

ඇයි අප්පච්චි .....දෙයියො මගෙ දරාගැනීම මෙ තරම්ම පරික්ශා කරන්නෙ....

මාව විසි වෙනවා.....එහෙන් අහස අඩනවා...නන්දනී අනිත් පැත්තෙන් අඩනවා...ජනත්ට කරකියා ගන්න දෙයක් නැතිව බලන් ඉන්නකොට රවිදුවා වෙන ලෝකෙක උන්නා....

මං එන්න ආවා.....කල්පනයා වගේම උදාරයා නන්දනීගෙ දුක අහ අහ අර අනෝරා වැස්සෙ තෙමෙනකොට අඩියක් තිබ්බොත් අඩි දෙක තුනක් පස්සට වීසි වෙන මන් වෙරි කාරයා වගේ මං උදැල්ල වෙනුවට පොරවක් අරගන මගෙ මිනිවල හාරන්න එන්න ආවා.....

.පුතේ.....

අප්පච්චි .....එයා.....ඉන්නෙ....මෙතන...

වැහි වතුරට නාපු මගෙ ඉහින් කනින් වතුර බේරෙනවා...මගෙ නිම්න ඇරුනම ඉතුරු ඔක්කොම.උන්නෙ නිම්නගෙ කාමරේ ඇතුලේ....එයා ගියා.....එයාට මං අඩනවා බලන් ඉන්න බැරි කමටද.....නැත්තන් ...එයාවම එයාට දරාගන්න බැරි කමටද එයා අතුරුදහන් වෙනකොට බුමුතුරුනෙ දිහා බලාගන උන්න මම අප්පච්චි දිහාවත් නොබලම එයා ඉන්නෙ මෙතන කියනවත් එක්කම අනිත් එවුන්ගෙ බරම බර ප්‍රාස්වාසෙන් මූ කාමරේම පිරිලා ගියා.....

.සැරයටියෙන් යනකම්ම ආදරෙන් බැදෙන්න පෙරුම් පිරුවත්...සීනි නැති කෝපි එකක් ඉල්ලන් ඇවිදින් මගෙ ඉහට සමනල් ගැටේ වැටෙන ප්‍රශ්න කෝටියක් අහපු මගෙ නිම්න මට සින්නක්කර කරාපු සින්දුවෙ නම හමාර බණවර වෙනකොට දුරුතු සද මේ ලෑලි යට ඇස් පියන් ඉන්න බව දැන දැනම මං බුමුතුරුනෙ අහක් කරලා පොරෝ පාරක් ගැහුවා.....

මගෙ රත්තරන් යන්න යාවි...ප්‍රේමනීය නගරයක් කියල නම් තිබ්බ මේ නගරෙම මෙ පුරුදු පාරෙම.....

උගෙ බරට මගෙ උරහෙ මස් ගැලවේවි....

ඒත් කොහොම කියල නම් මං බිමින් තියන්නද....

ටස්...

දෙවනි තුන් වෙනි පොරෝ.පාරත් වැදෙනකොට ලෑලි පොලවෙ ලෑලි පතුරු ගැලවි....ගැලවී....වීසිවෙනකොට ටිකෙන් ටික ඒ සැර ඉහලට ගහන්න ගත්තා.....

නිම්න...

මගෙ.හිත කෑ ගහනවා...මගෙ හිත මොන තරම් ගල්.වෙලාද කියනවා නම් වැනි වැනි උනත් මං එකෙක්ටවත් පොරව අල්ලන්න.දුන්නෙ නෑ....

මට බය හිතුනා.....පොරො පාර එයාට වදී කියලා....

.මයුර.....උඹගෙ අත් කැපෙයි බන්....

පුතේ...උඹගෙ අත් තුවාල.වෙයි

අහකට යමන් ඕක ගලවලා දෙන්න.....

කපාගත්තා නේද....මං.කිව්වා....දෙයියන්ගෙ නාමෙන්...අහකට යමන්කො මයුර.....

ඒත් මම නෙවෙ කනකට ගත්තෙ...මෙච්චර වෙලාම පොරවෙන් ගහපු මං අනිත් පාර ලී පොලවෙ පැලුන ලෑලි කෑලි ගැලෙව්වෙ මගෙ අතෙන් වෙනකොට මගෙ අත පොරෝ පාර වැදුන ලෑලි කෑල්ලකට කැපිලා යනවත් එක්කම අප්පච්චි කෑ ගැහුවා.....

නිම්න.....මගෙ....රත්තරන් ..නිම්න...

ලෑල්ලෙන් ලෑල්ල ගැලවි ගැලවි යනකොට එලියෙ වහින මුරුගසන් වැස්සටත් එහායින් මගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනා .....

එන්න එන්නම කාමරේ ඇතුල සිනි ගදින් වැහි වැහි යනකොට නොලැබෙන බව දැන දැනම එක හිතක්.මත්තෙ නැහුන මම විතරක් ඒ සිනි ගදින් මගෙ පෙනහැලි පුරව ගත්තා...

මාව වෙව්ලනවා...

අවසානම ලෑල්ල.කඩලා.යනවත් එක්කම.සුදු රෙදි මතු වෙනකොට මගෙ සර්වාංගෙම පන නැති වෙලා ගියා.....

මගෙ අහිසකයා...

අනේ අප්පච්චි ....මාව.මරන්න එපා.කිය කිය තට්ටම්.වලින් බඩ ගගා ජීවිතේ හිගාකෑව මගෙ අහිංසකයා....

අප්පච්චි මගෙ ඔලුව රිදෙනවා කිය කියා අඩනවා ඇහි ඇහිත් ඔලුව බිත්තියෙ ගහලා දෙතිස් වදේම ඉහිලුව මගෙ අහිංසකයා.....

.මට ඇඩෙනවා.....මට ඉකි ගැහිලම ඇඩෙනවා...මෙච්චර කල්ම පන ඇදපු පපුව මීට වඩා බෑ කිය කිය අස්වීම් සහතික ලියපු ලියුම් පිට ලියුම් දිදී නතර වෙන්න හදනවා....

දෙවියො පවා මූන හරවපු වෙලාවක මම දෙවියන්ගෙන් මෙහෙම අහනවා...

දෙවියනේ....අහිමි කරවන්න බලාගන මුනගස්සවපු මේ මනුස්ස පරානෙට ආදරෙ දෙන මට මොන අච්චුවක්ද මේ විදින්න දෙන්නෙ කියලා ...

අවසානම ලෑල්ල කැඩිලා ගියා....රෑ අහස ඉකි ගගහා විලාප තියනකොට සුදු රෙදි වලින් එතුවත්.....පිහිපාරවල් පසාරු කරපු හන්දා ගලපු ලේ පාරවල් වලට එ රෙදි රත ගහලා අවසානෙදි ලේ පාරවල් පවා මැරිලා ගිහින් තියනකොට ලෑලි පොලව යට මිහිදන් උන මගෙ රත්තරන්ව මන් දෑතින්ම බදාගන උඩට ගන්නකොට බුංජියා කියලා නම තියපු කල්පනයව කලන්තෙ දැම්මා.....

නි.....ම්...න...

මං එච්චරයි කිව්වෙ....රෙදි කඩ ඇතුලෙ මේ ඉන්නෙ.මගෙ වස්තුව කියන්න දන්න.මං අර සිනි ගද පැත්තකින් දාලා දෑතිම්ම මගෙ පපුවට තුරුල් කරන් මිමිනුවා.....

අප්...පච්....චි...මගෙ.....ව...ස්තුව....

අප්..පච්චි...ම්..මගෙ....දුරු...තු...සඳ....අ...අප්පච්චි ...මේ...ඉ...න්නෙ...න්..නිම්න....

ර...ත්...තරන්....අ...නූ.....උඹගෙ..අනූ....

උඹව...හොයා....ගත්තා...අ....අයියෙ.....

මගෙ හදවත පුපුරන්න එන්නෙ.....

මට ඒක දැනෙනවා.....ලෑලි වලට කැපුන අත්වල ලේ අර මැරුන ලේ පැල්ලම් ආයම අලුත් කරනකොට මං එයාව දෑතිම බදාගන ඉදලා අප්පච්චි මේ ඉන්නෙ මගෙ නිම්න කියනකොට, අප්පච්චි මන් කොල්ලෙක් එක්ක යාලු උනොත් මොකද කරන්නෙ අහනකොට මගෙ ඔලුව හිල් කරාපු අප්පච්චි එයාගෙ එකම පුතා ජීවිතේ අන්තෙටම කඩාගන වැටිලා එයාගෙ සදාකාලික ආදරේ අත් දෙකෙම්ම බදාගන මැරෙන්න ඔන්න.මෙන්න ඉදන්.අප්පච්චි ...මේ ඉන්නෙ මගෙ නිම්න කියන හැටි අහන් ඉදලා ඇස් වල කදුලු පුරවගන්නකොට මං වෙව්ල වෙව්ල අර්ස් රෙදි කඩ අහක් කෙරුවා ....

මං දැන් රවිදුවගෙ බෝට්ටුවෙ...නිම්න මගෙ ආදරනීයම නිම්න.....මට ආදරේ උගන්නපු දුයිෂෙන් .....මේ ලෝකෙ කොහෙවත් නැති බව දැන දැනම ආදරේ කෙරුවත් මට අද වෙනකන් රවිදුවා ජනාගෙ මලකද දැක්කා වගේ එයාගෙ මලකද දකින්න බැරිව යනකොට අවසානෙදි ඒ සාපකාර මිනිත්තුව මගෙ ඇස් පනා පිට යතාර්තයක් වෙලා තිබුනා....

...අනූ...

එයා ආවා...එයාටත්.දරන්න බැරිම තැන යන්න.ගියත් එයාගෙ මලකද එක්ක අන්ත අසරන වෙලා උන්න මගෙ ගාවට ආව එයා මගෙ උරහිසට අත තියනවා එක්කම මං එයා දිහා බැලුවා...

පින්සිද්ද...වෙයි....හුස්ම....ගනින්...

රත්තරන් ....හ්...හුස්ම...ගනි....න්...කෝ....නි...ම්න....අනේ...අයියෙ...හුස්ම...ග්...

ගනින්...මම...වත්...හුස්ම...පිඹින්...නම්...රත්තරන්...අනේ....හුස්ම...ගනින්.....

නි...ම්න...අනේ...හුස්..ම...ගනි.....න්.....

රත්තරනෙ

මං එයාග් මලකද තුරුල් කරන් මගෙ දිහා බලන් ඉන්න නිම්නගෙ ආත්මෙට හුස්ම ගනින් කියනකොට ඒ ඇස් වලින් කදුලු වැක්කෙරුනා.....

මං ඇඩුවා...එයාව තුරුල් කරන් මං ඇඩුවා.....දහවංගියකට වඩා ඔතාපු රෙදි ගලවලා ඒ මූන දිහා බලන්න හැදුවත් බලාගන්න බැරි වෙනකොට පන අදින හදවත අස්වීම ඉල්ලා තවත් ලියුමක් ලියන වෙලෙක මං වෙව්ල වෙව්ල අර රෙද්ද ලෙස්සා....

මං දැක්කා....

බිත්ති වල ගහපු පාරට පුපුරපු නලල....

අනේ...ඒ නලල පුපුරලා....

අනේ අප්පච්චි මාව මරන්න එපා කිය කිය අත් වැදලා ජීවිතේ ඉල්ලන වාරයක් ගානෙම උගෙ ඇගේම හයිය අරන් බිත්තිවලගහපු පාරට ඒ නලල පුපුරලා ....ඉදිමිලා.....

අනූ....චූචි බුංජියගෙ ඔලුව කැක්කුම ඇයි අනූ ....අහපු මගෙ රත්තන්ගෙ පුපුරපු නලල මං මේ ඇස් වලින්ම දැක්කා.....

ඉදිමුන ඇස් පියන්.....

හිනාවෙනකොට ඇසුත් හිනාවෙන සදහටම වැහුන ඇස් පියන් ඉදිමිලා තියන හැටි මං දැක්කා.....

අනූ..චූචි බුංජියගෙ දත් කැක්කුමයිනෙ කියන්න හේතුව උන ඉදිමුන කම්මුල් එක්ක ඒ නිල් වෙච්ච මගෙ දුරුතු සඳගෙ මූන .....ලස්සනම හිනවක් දුන්න ඒ අහිංසක මූනෙ වේදනාවෙ තරම...මරනිය වේදනාවෙ තරම දැක්ක විතරයි මගෙ හදවත අවසානම අත්සන ගැහුවා....මගෙ පපුව නතර උනා...පන ඇදපු හදවත පඩි නැතිවම ඉල්ලා අස් උනා....

අනේ....බුදුහාමුදුරුවනේ ....!!

.ඉවසීමක අවසානෙ.......

අසීමාන්තික ආදරෙක අහිමි වීමෙ වේදනාවක විලාපෙ.....

මගෙ පපුව හත් කඩකට පුපුරලා යනවත් එක්කම මගෙ මුලු ලෝකෙම අන්දකාර වෙලා ගියා......

"දුරුතු සඳ වැටුනි අහසින් කඩාගන..."

🥺ආයම එනකන් පයිස්සමින් ඉන්ඩ අනේ....

ආතරෙයි රත්තරන්ලා හැමෝටම

මම.ජොබී

Nedeesha ❤

More Chapters