LightReader

Chapter 53 - 53

අනූමේ ....අපි මේක ගමුද...ඈ සූකිරියො....පාට පාට මේ.....ඒකි ආසත් රෝස පාටටනෙ.....

මං උදාරයට රව රව එයා ගාවට ගියා...බොටම් සන්සදෙ උන්ගෙ අත් කටවල් පිරිලා....අරකිව බෝලතොරොම්බල් වලින් වැහේවි...

ජනා පන...මේ කුඩේද හොද මේ කුඩේද...

ඒත් ඒකි පයින් එන්නෙ නෑනෙ සුදු චූටි.....

ඒත් ඕකිට කුඩයක් එපැයිනෙ..ලමිස්සියො උනහම කුඩයක් ඕනෙමයි....මෙන්න මේකයි.....මේකයි.....මෙව්වයි...

ඔය මොකක්ද සුදූ....

අර කොන්ඩෙට අනින කට්ටක්....චංගුමී කට්ටක්...

ජනාවිදු කල්පන එක තොරොම්බල් ගොඩක් ගාව හොද නරක තෝරනකොට

දාරාල්පන කපල් එක සෙරෙප්පු සපත්තු දිහා බල බල උන්නා....

සෙනේ...මේකෙ සයිස් ඇතිද...ඒකිගෙ කකුල් තාම කුරුමිනි අඩු වගෙනෙ.....

ඔය පාට එපා රෝසපාට ගන්න...ඒකිට බ්‍රෑන්ඩඩ් එකක් ගෙනත් දුන්නත් ඒක රෝස පාට නොවුනොත් අදින් නෑ....මං හිතන්නෙ ඕකි ඕලෙවල් වලින් පස්සෙ ත්‍රිකලගෙ මොඩලින් පන්ති යයි වගෙ බබා..මං අහගන අප්පච්චි ට මේකප් සෙට් එකක් ගෙනත් දෙන්න කියනවා.....

අනේ සෙනෙ මෙ පිස්සු ඔව්වට නම් යවන්න එපා.....

යවන්න එපා නෙවෙ අන්න ඒකි අම්මගෙ ස්කූටරේ රෝසපාට කරවන්න යනවා...මං ඔව්වට මොකුත් කියන්න යන්නෙ නෑ.....ඕකි එක්ක කට ගහලා අවසානෙදි මගෙ බත් කාඩ් එක කැපෙනවා.....ඔන්න ඔය ඕක ගන්න බබා පාට රෝස නම් එච්චරයි නෙ....

අනෙ මන්දා සෙනේ....මේකි පින්ක් පැන්තර් වගේ....

ලවර් එක අස්සෙ කුරුලු ජෝඩු තුනයි.....දාරාල්පනයලා අරගන්න දේවල් අරගන අරගන රැපින් එකකුත් ගත්තා.....ඒකත් රෝස පාට...කොට රවිදුවයි උගෙ හොල්මන් ප්‍රේමවන්තයි කුඩේකුයි ලේන්සු තොගේකුයි ලමිස්සියෙක්ට ඕනයි කියලා සාම්ප්‍රදායිකව පිලිගන තවත් මොනාද මොනාදයි බලලා මං බලාගන ජනා අයියා ෆෙම්ස් පැකට් එකකට අත තියලා ඔලුව හිල් කරගන්න ගියා.....ඒත් ඉතින් ඒකෙ වැරද්දකුත් නෑ .ඒකත් දැන් කාලෙ හැටියට තෑග්ගක් තමයි..ඇයි ඉතින් දාහකට කිට්ටුයිනෙ.....එකසිය ගානට තිබ්බෙ....දැන් දාහක් කිට්ටුයි.....දාහයි කියමුකො.....

ඇත්තටම ගෑනුන්ගෙ ඔසප් වේදනාවට හෑලි ලියන පෑඩ් මෑන්ලට බැරිද දන්නෙ නෑ වේදනාව ගැන අතිශයෝක්තියෙන් ලියන එක නවත්තලා පෑඩ් වල මිල අඩු කරන්න හෑලි ලියන්න....මං හිතන්නෙ ඒක ඔක්කොටම වඩා වටිනවා....අපේ ගෙදර නම් අම්මා විතරයි ....උදාරයලාට දැන් මාසෙට අනිවාර්යයෙන්ම දෙදහක් අයින් කරන්නම ඕන...ඒකත් උන්ගෙ අප්පච්චි රට නිසා අවුලක් නෑ....

ඒත් සමෘදියවත් නැති තවත් සමහර පවුල් වල ගෑනු ලමයිට මොකද වෙන්නෙ?????මන්දා...පාර්ලිමේන්තු රැස්වීමක් තිබ්නොත් බොරූ දේවල් වලට ඇරගන්නවා..වනිතා කටයුතු එකාට පුලුවන්නෙ ඔව්වට විසදුමක් දෙන්න...

අනූ.....මේක මොකටද...

ජනා පැත්තකින් තිබ්බ පෑඩ් පැකට් එක මම අරගත්තා.....ලැජ්ජ වෙන්නවත් පිලිකුල් කරන්නවත් හංගන්නවත් දෙයක් තිබුන් නෑ...ඕන් නැති බෝලතොරොම්බල් කෑලි දිහා බලපු මං අවශ්‍ය දේ වෙනුවට අත්‍යාවශ්‍ය දේ අරන් එයාගෙ අතින් තිබ්බා...මේක තෑග්ගක් ඒත්.....තෑග්ගක් උනත්....මේකයි එයාට ඕනම දේ වෙනකොට මං කොල කෑල්ලක් ඉල්ලන් ඒකෙ පුංචි ලියුමක් ලියන්න ගත්තා...

එයා අපි ගාව වෙනද්ටත් වඩා ආරක්ශිතයි කියන හැගීම දැනුනනම් ඒ ඇති වස්තු....ලැජ්ජා වෙනවට වඩා.....එයාට අපිව වෙනද වගේම විස්වාස කරන්න පුලුවන් කියන හැගීම තිබුනා නම් ඒ ඇති....ගෑනුන්ගෙ ලෝකෙ උන්ගෙ සමහර දේවල් ඔතනින් පස්සෙ වෙනස් වෙනවා...සමහර කාරනා හංගන්න ඕනයි කියලා හිතෙනවා...මං කියන්නෙ හංගන්න ඕන නෑ.....අඩබරෙ ගහලා කියන්න ඕනෙත් නෑ...ඒත් වෙනදට වඩා අපි ඒකි ගැන හොයලා බලනවා අපි ඒකිට ආදරෙයි කියන්න දැනෙන්න ඕන.....උගෙ අයියයි අපියි වෙනසක් නෑ කියන්න දැනෙන්න ඕන...උන්ගෙ ප්‍රශ්න අහන්න කෙනෙක් නැතිවෙනකොටයි උන් පිටස්තර ලෝකෙන් මිනිස්සු හොයන් උන්ගෙ ප්‍රශ්නවලට උත්තර හොයන්න යන්නෙ.....එහෙම ඕන් නෑ...

...මගෙ චූටි නංගි ශ්වේතාට ආදරෙන්....

ශ්වේතා.....අදින් පටන් ගන්න ඔයාගෙ අලුත් ජීවිතේට මයුර අයියා ආදරෙන් සුභ පතනවා....මේ ලෝකෙ කොයි තරම් විසාලද...ඉගන ගන්න දේවල් තියනවද කියලා හිමින් හිමින් ඉගන ගන්න.....මොන දේ උනත් බයක් නැතුව ඉස්සර වගේම ඇවිදින් කියන්න.....ප්‍රවේසම් වෙන්න.....ඔයාට එන ඕනම ප්‍රශ්නයක් බය නැතුව ලැජ්ජා නොවී හංගන්නෙ නැතුව අපිට කියන්න.....ඉස්සර වගේම අපි හැමෝම ඔයාට ආදරෙයි....ගොඩක්...

මම ඔයාගෙ මයුර අයියා.....

අනූ....

මන්..මගෙ කුරුමිනි අඩුඅකුරු වලින් ලියාපු කොලේ නවලා එයාට ගත්තු බඩු ගිඩ උඩින් තියලා කවුන්ටර් එකේ උන්න කෙල්ලට රැපින් කරන්න දෙනකොට මගෙ ගාව උන්න නිම්න මගෙ අත් ගොබේට කාටත් හොරාවට ඇබිත්තන් හාදුවක් තිබ්බා....

ම්න්....ඇයි....

ඔයාට නංගි කෙනෙක් උන්නා නම්.....ඇත්තටම එහෙම කෙනෙක් උන්නා නම්....ඒකි හරි වාසනාවන්ත වෙන්න ගියා අනූ....සහෝදරයො එක්ක කිසිම දෙයක් හංගන්නෙ නැතුව බෙදාගන්න පුලුවන් තරම් ළඟ බැදීමක් තියනවා කියන්නෙ....ඒක ජීවිතේට ලොකු හයියක් අනූ.....හරියටම මායි නිම්නයි වගෙ....

නිම්නත් අනූ වගේමයි.....නිම්නට හයියට අර කෙල්ල උන්නා...ඒ හින්දා නිම්නා මටත් වඩා හරි හයියට උන්නා.....අප්පච්චි මට ගහන්න හදනකොට නිම්නා පැනලා අප්පච්චි ට මූනටම බැනපු වාර තිබ්බා..හැබැයි ඒකෙන් පස්සෙ නිම්නා නොසෑහෙන්න ගුටි කෑවා....මං හිතන්නෙ...අනූ වගේමයි මගෙ අක්කා....

එයා මගෙ හිත හැදුවා...වටේ පිටෙන් එන ප්‍රෙශර් එක දරන්න අමාරු තැන්වල කරගන්න දෙයක් නැති වෙනකොට මමත් මට වෛර කරන්න....මම ලෙඩෙක් කියලා මාවම හංවඩු ගහගන්න තැනට වැටෙනකොට නිම්නා මගෙ පස්සෙන් උන්නා.....කොටින්ම එහෙම ආදර කතා කොයිතරම් සුන්දරද කියන්න මට එයා හරි ආදරෙන් තේරුම් කරලා දුන්නා....

අනූ.....තමන් ගැන ඔය වගෙ හිතන සහෝදරයො ලැබෙන්නත් පින් කරන්න ඕන අනූ....මන් හිතන්නෙ උදාරගෙ නංගි හරි වාසනාවන්තයි ...මොකද ඒකිට ඉන්නෙ මේ ලෝකෙ ඉන්න හොදම අයියලා.....ජීවිතේ අමාරුම තැන්වල මට උන්නෙ එයා...මං ආසයි....මං වගේම නිම්නා සතුටින් ඉන්නව බලන්න...කට ඇරල අක්කෙ මං ආදරෙයි නොකිව්වට මොකද.....මගෙ අක්කට මං ආදරෙයි අනූ....

මං නිම්න කියවන හැටි අහන් උන්නා....ඒ ඇස් වලට කදුළු පිරෙනවා.....පිරෙන කදුලු ඇස් ගැට්‍ටෙන් බිමට හැලෙනවා....තලෙලු පාට කම්මුල් තෙමාගන පහලට ගලන.කදුලු බින්දු රැවුල් කොට වැවුන නිකට ගාවින් නැවතිලා ඒ තත්පරෙම්ම බිමට වැටෙනවා.....

ආ මේක....අක්කට දීලා....ආදරෙයි කියන්න...

අ..අනූ...

සමහර විට එයාටත් ඔයා වගේම සතුටු හිතේවි වස්තු....මේ ලෝකෙ මිනිස්සුන්ට ඕන කරන්නෙ එකම දෙයයි....ඒ ආදරෙයි අවදානෙයි විතරයි මගෙ නිම්න.....ඔයා වගේම එයත් මෙ ගෙවන්නෙ හරි වේදනාත්මක කාර්තුවක්.....සමහර විට මේ වචනත් ඇති එයාගෙ තුවාල සුව වෙන්න....අපි හැමෝම...ආයම කට පුරාවටම හිනා වෙන දවසක් ඒවි....ඒ එනකන්....එයාට මේක දෙන්න.....දිලා ඔයාගෙ හිතෙ විතරක් තිබුන ආදරෙ එයාට කියන්න.....

මටත් අක්කා කෙනෙක් උන්නා නම්....මං එයාට ආදරෙයි කියනවා වස්තු.....

හ්ම්ම්.....අක්කෙක් නැති උනාට අයියෙක් ඉන්නවනෙ...

ම්න්.....ඒ අයියට මං පන ඇරලා ආදරෙයි.....

කව්ද ඉතින් ඒ අයියා...

...

මං හිනා උනා....උත්තරෙ දැන දැනම එයා කව්ද ඒ අයියා අහනකොට මං එයාගෙ අත මගෙ අතට පටලව ගත්තා...

කව්ද කියන්නෙ මගෙ ඇස් දෙක ඔයාට උත්තර බදීවි...

කපටියා....

ම්න්...ඔයාට විතරයි .....

සූකිරී.....මයුර.....මයුර ලමයෝ....

මං උන්නෙ ගෙදර ..... මොන කරුමෙටද මන්දා වෙලාව යන්නෙ නෑ.....ශෝ එක පටන් ගන්නෙ හතට...ඒත්...හතටම ගිහින් හරියනවද.... දැන්ම වෙලාව පහයි.....අප්පච්චි ආපහු කඩේට ගිහින්...මං දන්නවා.....කොයි වෙලේ හරි ජයවර්ධනයා හොරෙන් පැනලා හරි ගෙදර එනවා.....ඕකා ඉන්නෙ දැන් අනත මනත වෙලා....

උදාරයා ගියා...උදාරයා විතරක් නෙවෙ....කල්පනයත්....උන් ආපිට එනකන් මගෙ ඔලුව ගිනිගත්ත කම්මල වගෙ ....ගත්තු බඩු අරන් ගෙදර එන මගදි අම්මා ඉදි ආප්ප පිටි පැකට් එකක් ගේන්න කිව්වා...රෑට ඉදිආප්ප...කමනිගෙ හොදම පුතා උන මගෙ නිම්නයා ආව වෙලේ ඉදන් කුසියට රිංගගන්නකොට කානුවෙන් ඇහිදන් ආව මගෙ ඔලුව ගිනි ගත්ත කම්මල වෙලා තිබුනා....

මොනවද උඹ ඔය තරම්ම හිතන්නෙ මයුර....

..අ..අම්මෙ....

....මොනවා ගැනද හිතන්නෙ...ජයවර්ධන ගැනද....නැත්තන් ...

...නිම්න ගැන....අද රෑ ගැන.....මට ඒක බලන්න හරි අමාරුයි.....අම්මෙ.....නොගිහින් ඉන්න හේතුව උනෙත් මට එයාව ඒ විදිහට දකින්න අමාරු හන්දා.....ගියෙ උදාරලා උනත්...මගෙ පපුව හිර කරනවා අම්මෙ....

...හ්ම්....උන් තව ඩිංගෙන් ඒවි.......මං හිතන්නෙ.....අදින් පස්සෙ ඔය ගුරුවරු දෙන්නට ඔය ඉස්කෝලේ තහනම් වේවි...

එහෙම වෙන්න ඕනෙ...හැබැයි ඔයිට වඩා දේවල් වෙන්න ඕනෙ......නිම්නට...අක්කට...අම්මට උන් කරපු දේවල් අනුව...උන්ට මුලු ජීවිතෙම නීරස වෙලා යන තරමට උන් විදවන්න ඕනෙ.... උන් හැමෝම එකතු වෙලා ජීවිත දෙකක් අමු අමුවට නැති නාස්ති කරලා අද කොහොමද හෙට ලෝකෙ බාර ගන්න ඉන්න ලමයින්ගෙ ජීවිත හදන්නෙ අම්මා...

මන් හිතන්නෙ පිස්සුවෙන් වගේ කාමරේ පුරාවටම එහා මෙහා යනවා බලන්න බැරිකමටද කොහෙද සුචිත්‍රම්මා ඇවිදින් තිබුනා....බැහැගන යන ඉරේ එලිය ඇවිදින් ජනෙල් කූරු අස්සෙන් මගෙ කාමරේ බිත්ති තැඹිලි පාටින් පාට කරනකොට බිම් කරුවල වැටෙන්නත් කලින් වවුලෙක් දෙන්නෙක් ඇව්දින් ඉස්සරහා තිබුන අඹ ගහෙ එල්ලුනා.....පිටිපස්සෙ තියන පුලුන් ගහ ඉවරයි....රෑ එලිවෙනකම්ම උන් කරන්නෙ ගැට පුලුන් ගෙඩි වට්ටන එක....

මහ මූසලයි....වෙනද වගෙ නෙවෙ...මේ හැන්දෑව මහ මූසලයි........වෙනදට අම්මා ඉදි ආප්ප තම්බනකොට මං ඔය තමබන එකෙන් පහ හයක් ගිලිනවමයි...ඒත් අද ඒකත් නෑ.....මගෙ යටි බඩ පවා කොර වෙනවා.....කොටින්ම මං උන්නෙ මගෙ නිම්න්ව ගොඩ ගත්තු දා වගෙ හැගීමකින් වෙනකොට සුචිත්‍රම්මා මා දිහා බලාගන උන්නා...

මයුර.....

අම්මෙ....

.....ඒකා අද ඉස්පිරිතාලෙන් පැනලා ගෙදර යයි...

...ඒකා කිව්වෙ....ජයවර්ධනයා ????

හ්ම්.....ඌ ඉන්නෙ බය වෙලා....මැරුවට මොකද.....අලුගෝසුවා පවා මරනෙට බයයි මයුර.....

ජීවිතේ කියන්නෙ තනිකරම සූදුවක් වගෙ.....ඌ ඔට්ටු ඇල්ලුවා...ලන්සු තිබ්බා...හැබැයි...අද තුරුම්පු ඔක්කොම අපේ අතේ.......

....මං අම්මා දිහා බලන් උන්නා....මගෙ මේසෙ ගාවට හේත්තු වෙලා පොත් පත් අස්සෙ අත් ගෙනියන ගමන් අම්මා කියවන හැටි මං අහගන උන්නා.....

....ඌට මං කිව්වා...යමන්....මට පුලුවන් මගෙ දරුවො දෙන්න හදන් ජීවත් වෙන්න...උඹ ගිහින් උඹට දැනුන තැන නැවතියන් කියලා ...මං ඌට කිව්වා...මටපුලුවන් මගෙ දරුවන්ගෙ සතුට උන්ට ලන් කරන්න...අම්මෙක් උන මට මොන අපවාද ආවත් දරාගන්න පුලුවන් ඒක නොහිත යමන් කියලා ....ඌ ගියා නම්...මට මගෙ ළමයි දෙන්නා හදාගන දුර ඈතකට හරි ගිහින් ජීවත් වෙන්න තිබුනා....ඌ ඒ දුන්නෙත් නෑ...ඌ ඒ දුන්නෙත් නෑ.....රටේ ලෝකෙ නම්බුව ගැන හිත හිත ඌ මගෙ අසරනයො දෙන්නව මරල දැම්මා....මගෙ ඇස් ඉස්සරහම....

නව මාසයක් රැකපු මගෙ නොදරුවො දෙන්නා...සැප සතුට මොකක්ද කියන්නවත් විදින්න නැතුවම උන්ව මහ පොලවට පස් කෙරුවා....

සමහර කරුම දෙමව්පියො වගේ එනවා.....මං කරුමයක් කර ගැහුවා මදිවට කරුමෙට කරගන්න තව උන් වැදුවා...

මං දත්මිටි කාගන අහන් උන්නා...රටේ ලෝකෙ මිනිස්සුන්ගෙ හිත් සතුටු කරන්න ඌ මගෙ නිම්නලව මරලා දැම්මා කියන එක මං දත්මිටි කාගන වගේ අහන් උන්නා.....අම්මා යන්න කියලත් මූ නොගියපු එකම හේතුව උගෙ ඊරිසියාව...උගෙ දෙමව්පියො නොදුන්න අවසරේ උගෙ දරුවන්ට ලැබෙනකොට එන කුහක කම.....

ම්නිස්සු කොහොමත් තමුන්ට නොලැබෙන දෙයක් අනුන්ට ලැබෙනකොට ඊරිසියයි.....හිත අස්සෙ කුහක කම පැසවන්න ගන්නවා....කොහොම හරි නැති කරල දාන්නමයි බැලුවෙ...අර කතාවටත් කියනවනෙ සුන්දරම දේවල් හරි ඉක්මනින් අතුරුදහන් වෙනව කියලා .....ඇත්තටම ඉබේ නෙවෙ....වටේ උන්මයි අතුරුදහන් කරන්නෙ...හරියටම අප්පච්චි කියන රූපෙන් ආව මාරයා මගෙ නිම්නව පරකරල දැම්මා වගේ.....

අම්මගෙ ඇස් වල කදුලු තිබුනා...ඒ මූනෙ මං පලවෙනි දවසෙ දැකපු මූනෙ තිබුන තරහව වෙනුවට තිබුනෙම දුකක් වේදනාවක් වෙනකොට මං අම්මා දිහා බැලුවා.....අම්මා මගෙ පොත් දිගෑරන් පිටුවෙන් පිටුව පෙරලනවා....පෑන් දාලා තිබුන ප්ලාස්ටික් කෝප්පෙන් රතු පෑනක් අරගන අර පුරුද්දටම අකුරු අඩු පාඩු හදන්න ගන්නකොට මං අතීතෙ දැකපු ඒ සුචිත්‍රා මැඩම්ව ආයම දැක්කා....

ලස්සනයි....

මොනාද අම්මා...

මේ ලියලා තියන ඒවා.....උඹට වැඩ බැරි කම නෙවෙ මයුර උනන්දුවක් නැතිකම තිබිලා තියෙන්නෙ....අකුරු ටිකක් ලොකුවට ලියපන් මෙව්වා හොයන්න බැරි උනොත් උත්තර පත්තර බලන උන් මේවා කපලා දායි....

 නිම්න ඉගැන්නුවෙ.....එයා ගාව හුගක් ලස්සන වචන තියනවා....එයාට පුලුවන් සමහර කතාවල තේරුම හංගලා වෙන විදිහකට ලස්සනට ලියන්න.....එයාගෙ වචන මේ තරම්ම ලස්සන එයාගෙ හිත හුගක් ආදරනීය හින්ද වෙන්න ඇති නේද අම්මෙ...

ඒත් ඌට බැරි උනා දකින්න...ඒත් ඌට බැරි උනා ඒ ලස්සන හිත විනාශ කරන්නෙ නැතුව තියන්න...ඇයි අම්මෙ ඌ මගෙ නිම්නගෙ දකුනු අතෙනුයි පපුවෙනුයි ඒ තරම් පලි අරන් තිබුනෙ.....

මං මගෙ නිම්නව දැක්කා....අනූ...චූචි බුංජියගෙ ඔලුව කැක්කුම ඇයි අහනකොට මන් හිනා උනා අම්මෙ.....මං විහිලුවට ගත්තා....

මට බැරි උනා..... විහිලු අස්සෙ එයාගෙ වේදනව තියනවා කියලා හොයා ගන්න....අනූ..චූචි බුංජියගෙ අතක් පන නැති වේගන එන්නෙ ඇයි අනූ අහනකොට මං එයාව විහිලුවට ගත්තා.....අනෙ....අ...අම්මෙ...මගෙ කොල්ලගෙ....අත....ඌ.....නැති....කරලා....තිබුනා...

මට ඇඩුනා...කොටින්ම අම්මගෙ අතෙ තිබුන් පොත අතින් ඇතෑරනකොට මං ඒ පපුවට මූන ගහන් ඇඩුවා.....එදා අප්පච්චි ගාව පන යන්න ආව මගෙ කදුලු ආයම නිම්නගෙ අම්මා ගාව වාංදානකොට මං එයාගෙ පපුවට මූන ගහන් ඇඩුවා....

මට...අඩා...ගන්නවත්....නිදහසක් ...නෑ....මං...ඉන්නවට...ඉන්නවා...හැමදේම....හොදින් වගේ පෙන්නුවට....මං...හොදින්...නෙවෙ...

අම්මෙ.....එයාට....පේන්න.....මගෙ...අම්මා..අප්පච්චි ට....යාලුවන්ට ..පේන්න...හිනා වෙලා උන්නට මං...හොදින් නෙවෙ අම්මෙ....මගෙ ඔලුවට තෝන්තුයි වගේ.....රිදෙනවා ...නින්දක් නෑ.....

කමනි අම්මෙ.....සම්බෝලෙට දාන්න ලුනු අහුරක් ගේන්ඩකෝ....

මායි අම්මයි දෙන්නම එකම වෙලාවෙ ඔලුව ඉස්සුවා.....මගෙ නිම්න කෑ ගහනවා...මගෙ සිංල පොත අතේ තියන් වැරදි අඩු පාඩු හදපු අම්මට මං රසාස්වාදෙ ලියන්න උදව් කෙරුවෙ මගෙ නිම්න කියලා කියන්නවත් එක්කම යටගිය කරුනු කාරනා හදිසියේම උඩ මතු උනේ වතුර යට හංගපු රබර් බෝලයක් උඩට එන්නා හා සමානව වෙනකොට මුලු ලෝකෙ ඉස්සරහම මොකුත් නොවුනා වගේ උන්නත් මයුර කියන්නෙ ඇතුලාන්තෙම්ම මේ වෙනකොටත් සම්පූරනම සුන්නත් දූලි වෙලා ගියපු මනුස්සයෙක් වෙනකොට අම්මගෙ පපුව ගාව මේ පිරිමි ඇස් වලට අර දාපු බැරියර් කැඩිල ගියා...

...මගෙ කොල්ලා...සතුටින්...මගෙ කෙල්ලත් සතුටින්...උන්ට....හුස්ම වැටෙන කාලෙ සතුටක් කියන නාමයක් තිබුන් නෑ...මයුර....උන් සතුටින්.....

.....අම්මගෙයි නිම්නගෙයි කචබචෙ අහන් උන්න සුචිත්‍රම්මා මගෙ දිහා බලලා පපුව හෑල්ලු වෙලා යන හුස්මක් අරගන මගෙ ඇස් වල කදුලු පිහලා ඔලුව අතගෑවා....

උඹලට....පින්...රත්තරනේ...ඝණ දෙවි පිහිටෙන්...උඹලගෙ මතකෙ ගලක කෙටුවා වගේ හිටින්න ඕනෙ.....උඹලා මේ කරන පිනම ඇති මයුර...

...අම්මෙ.....

මගෙ කොලගෙ හිනාවට හේතුව උඹයි මයුර...අම්මෙක් විදිහට.....මගෙ හිතට සැනසීමයි....ඒ ඇති.....

.....නිම්න කියන්නෙ.....මගෙ ජීවිතේ හොදම තේරීම මිසක්...කරගන්න දෙයෛ නැති කමට ගත්තු විකල්පයක් නෙවෙ අම්මෙ....මම වෙනස් උනා...විසි පස් අවුරුද්දක් ගෙවිලත් නිකමා වගෙ ඔහේ උන්න මගෙ ඇස් පෑදුවෙ අම්මයි.....නිම්න එන්න කලින් මගෙ ජීවිතේ තනිකරම අවුරුදු ගානක් වැහි නොවැටුන මහපොලව වගෙ...ඒත්.....නිම්න ආවත් හරි.....මගෙ මුලු ජීවිතේම වෙනස් උනා.....හරියටම එක දිගට වැහි නොවැටුන මහපොලවට හීනියට වැටුන වැහි බින්දු හන්දා ඉහලට ගහන අර වැහි සුවද වගේ...

නිම්න කිව්ව් හරි...මේක...නිම්නට අම්මා වගෙම අක්කට විතරක් ලැබුන අවස්තාවක් නෙවෙ...මේක අපි හැමෝටම ලැබුන අවස්තාවක් ...ඇලඩින්ගෙ පහන හම්බ උනේ ඇලඩින්ට විතරක් වගේ...මේ පහන හම්බ උනෙත් මටම විතරයි ....මං විස්වාස කරනවා අම්මා...මේ කඨෝරම කාර්තුවට පස්සෙ...හැම දුකක් වේදනාවක්ම නැති වෙලා යන්න හැම ගින්නක්ම නිවිලා යන්න මහ වැස්සක් වහී කියලා...අවසානෙදි මැරුන කොල හැලිලා...අලුත් කාර්තුවකට දලු දායි කියලා ...

මං බලන් ඉන්නවා...එයා මට බලාපොරොත්තු දුන්නා....මට ඒ වචනම ඇති....මට පුලුවන් ...මට පුලුවන් මේ උන්නා වගේ...ඒකත් දරාගන්න මට පුලුවන් .....

.වස්තු ...

අනූ.....ඉදිආප්පයක් කවන්නද....මේ....චූචි බුංජියා මිරිකුවෙ...අයි...අයි....මේ...අම්මගෙ ඒවා වගෙ නෙවෙ අහස පෙන්නෙ නෑ.....මේ....

මගෙ ඇස් වල කදුලු පිහදපු සුචිත්‍රම්මා ආපිට යන්න ගියා...කුසියෙන් ඇහුන නිම්නගෙ හිනාව අහන් උන්න ඒ අම්මගෙ ඇස් වල අවසානෙදි සැනසීම විතරක් දැකපු මං හැමදේම උහුලන් උන්නා වගෙ...මේ ටිකත් දරාගන්න හිත ගල් කරන් කුසියට එනකොට මගෙ නිම්නයා දත්මිටි කාගන ඉදිආප්ප මිරිකනවා....

ඒවා ඉදි ආප්ප නෙවෙ තනිකරම පිටි ගුලි.....ඔව්වට මොකුත් කියන්නත් බෑ....මූට වෙලාවකට හිතක් පපුවක් ඇත්තෙත් නෑ....ඉදි ආප්ප වංගෙඩියෙම්ම කෙලල ඇරියොත් ඉස්සරහා ඇන්දම ලෙප්ට් වෙනවා...දතකුත් දැන් හැටදහක් වෙනවා...

මං බලාගන උන්නා....ඇගට ගට ගන්නද කොහෙද බංකුවක් උඩ නැගන් ඒකා වංගෙඩිය මිරිකගන ඉදි ආප්ප හදනවා.....

ඒකගෙ මිරිකිල්ල කොහොමද කියනව නම් ඇගේම හයිය අරන් මිරිකනව විතරක් නෙවෙ අතත් රවුමට කරකවන ගමන් පුකත් පස්සට දාගන ඉනත් රවුමට කරකනව.....

තව වට දෙකක් කැරකුවොත් ඒ ඉන මට එක අතට ගන්න පුලුවන් ගානට කෙට්ටු වෙනවා....

කෝ...අහකට.....අහකට මේකා ඉදි ආප්ප දහයකට මිරිකන පිටි එක තට්ටුවකට මිරිකලා...කෝ... කිව්වම අහලා අහකට වෙයල්ලකො....නිම්න ඕක දියන් ලමයො මෙහාට අර ගින්දර අපරාදෙ.....

යෝ....තව එකනෙ...ඔයාගෙ මනුස්සය විතරද කන්නෙ...මගෙ මනුස්සයා කන්නෙ නැද්ද...ඇත්තමයි කමනි අම්මෙ...හෙන ලෝබයි ඇ...ලිප අවුලගන්න කන්....මයුරයව හදාගත්තට වඩා හොදයි ඌරෙක් හැදුවා නම්....ඒකට නිම්න පුතා මගෙ පුතා විතරයි අම්මට ආදරේ කිය කිය අදත් චූචි බුංජියව රවට්‍ටන් අක්කරෙක විතර පොල් ගාවගන දැන් එලෝනවා....ම්හු....ක්..අනූ....නැදම්මා බයිනවනෙ....

අනේ...අම්මො.....උඹලගෙ වලි කියන්න එපා....ඔව්වට කොහොම කතා කෙරුවත් නැන්දම්මට බෑනා තරන් හොද එකෙකුත් නැති වෙලා...බෑනටත් නැන්දම්ම තරම් හොද එකෙකුත් නැති වෙලා අවසානෙදි මම බලු බැනුම් අහනවා.....මට කියන්න එපා...

උලුවැස්සට හේත්තු උන මම බලාගන උන්නා....අම්මගෙ ඉදි ආප්ප මල් මල් වගේ වෙනකොට මගෙ එකාගෙ ඉදි ආප්ප තනිකරම අමු පිටි ගුලි වගෙ උනා....මට අද කොහොමත් කන්න වෙන්නෙ ඕකගෙ අමු ඉදි ආප්පමයි....

මොකද උඹට අද ඉදිආප්පත් එපා වෙලාද...

නිම්නයගෙන් ඉදිආප්ප වංගෙඩිය උදුරගත්තු අම්මා ගේමක් නැතුව මල වගේ ඉදිආප්ප තට්ටුවට මිරිකනකොට මං වෙනදා වගෙ නැතුව ඔහෙ බලන් උන්නා..මිරිස් මාලු යි පරිප්පුයි සම්බෝලයි ඉදි ආප්පයි අම්මගෙ සුදු පුතාට බත්.....ඌට බත් නැත්තන් බුරන් නෑ...

කමනි අම්මෙ....අපි අද ගමනක් යනව.....

කොහෙ....

ශෝ එකක් බලන්න....නේ අනූ....මීගමු...මීගමු....මීගමු යනවෝ.....

ම්න්.....

මීගමු.....රෑ...මයුර උඹ අප්පච්චි ගෙන් අහලා ඕන මගුලක් කරපන් මගෙන් නම්.අහන්න එපා...

අප්පච්චි දන්නවා.....

ඔව්...අප්පච්චි දන්නවා...අම්මා ඉන්නකො.....අනික...අනූ දැන් ලොකුයි අම්මේ...

ඔව්...ලොකු හන්දා තමයි ඌට කසාදයක් කරලා.දෙන්න හදන්නෙ.....

ආ...ආ...කමනී....ඔන්න...ඔන්න..මගෙ.ලේ නම් පුච්චන්න එපා.....මට ඉන්නෙත් එක මිනිහයි....හරි අමාරුවෙන් හොයා ගත්තෙ....සෝ බූටු පුල්...සෝ....එලිගන්ට්...ජස්ට්....ලුක්...ලයික්...අ...වෑ.....ව්ව්...ඌව්....ඌයියා...

අයින්නෙ.....ඇයි කමනි....

අහකට යමන් කට වක්කඩ වගේ ඔලුවත් කැක්කුමයි..හෝදපිය මේ ඉදි ආප්ප තට්ටු ටික...මයුර අතුගාපන් කුසිය....රෑ තිස්සෙත් දඩාවතේ යන්ඩ

අරකා ගුටි කෑවා...පොල් කටු හැන්දෙ මිටෙන් ගුටි කාපු මගෙ නිම්නයා රව රව ගිහින් ඉදි ආප්ප තට්ටු හෝදනකොට මං මොකුත් නොකිය කුසිය අතු.ගාන්න ගත්තා.....

අනූ.....

ම්න්....

ඇයි මේ.....

ඇයි මේ අහන්නෙ ...??

ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද මගෙ මයුර....

න්...නෑ....

බොරු කරන්න එපා.....තේරුමක් නෑ...

නෑ....වස්තු මොකට බොරු කරනවද.....

තේරුමක් නෑ....වැඩකුත් නෑ.....මට මගෙ නිම්නට බොරු කරන්න බැරි බව දැන දැන බොරු කරනවා කියන්නෙ ඵලක් ඇති දෙයක් නෙවෙ වෙනකොට මගෙ මූනෙ තිබුන භාව ප්‍රකාශ වල වැරද්දක් නිසාද මන්දා නිම්න මගෙ සාක්කුවට අත දාලා ඵෝන් එක අරගත්තා.....

වස්තු.....

චුට්ටක් ඉන්න.....

ඕක දෙන්නකො....

ඉන්න මයුර.....

එයා මගෙන් ඵෝන් එක අරගත්තා...ඒක පුරාවටම තියෙන්නෙ මං ඕපන් නොකරපු වීඩියො එකකුයි උදාරගෙයි කල්පනයගෙයි මැසේජුයි...

" මයුරයා....මං අර සර් කාරයව කනවා යකොඅද....අපෙ බුංජියා පව්.....අපෙ චූචි බුංජියා පව්....බන්"

" උඹ නාව එක හොදයි මයුර...මගෙ ඔලුව කැක්කුමයි....මං කල්පන එක්ක එන්නම්...උඹලා යමල්ලා.....අවංකවම මට කලන්තෙට වගේ මයුර"

මට කරන්න දෙයක් නැති උනා.....එයා ඉස්සරහා බොරුවට හිනා වෙලා තේරුමකුත් නැතුව යනකොට මං බොරු හිනාවක් මවා ගත්තා....

දෙන්න වස්තු ඕක

එයාල ඇවිල්ලා.....

ම්න්...දෙන්නකො ඕක....

අනූ....

මොකුත් අහන්න එපා....රිදෙනවා කියන්න ඔයා දන්නවා....ඒත් මට ප්‍රශ්නවලි පැනලා යන්න බෑ නිම්න....මන් මෙතනින් පැනලා ගියොත් කෝ සාධාරනයක් ....උඹගෙ වයස දැන් කීය උනත්....උන්ගෙ තරා තිරම දැන් මොක උනත්.....උන් නැති නාස්ති කෙරුවෙ තවත් ඉස්කෝලේ යන ලමයෙක්ව....එහෙම කරපු උන්ට පුලුවන්ද තව ඉස්කෝලේ යන ලමයිගෙ ඔලු හදන්න?????

ඒත් මගෙ රත්තරන් උඹට රිදෙනවා.....උඹට මං නිසා හුගක් තැන් වල රිදෙනවා මයුර....අදරේ කරන මිනිස්සු දෙන්න ඕන සැනසීම...ඒත්..මං ආවත් හරි.....මේ කොල්ලගෙ ඇස් වල වැඩියෙම්ම තිබුනෙ කදුලු .....

නිම්නට දුක හිතුනා....මගෙ පපුව පැලෙයි කියලා බයටද කොහෙද එයා අරුන් එවපු වීඩියෝ එකට එයා අතවත් නොතියා පැත්තකින් තියනකොට මම එහෙම්ම මගෙ පරවුන මලගෙ උරහිසට ඔලුව ගහගත්තා....

කමක්....නෑ...උඹ පොරොන්දු උනනෙ.....ඊලග වස්සානෙ මගෙ නමට ලියනවයි කියලා ...මතක ඇතුව...ඒකට හිනාව විතරක් එකතු කරපන් වස්තු....ආදරේ විතරක් එකතු කරපන්.....

කවදාවත් අඩවන්නෙ නෑ උඹව මම...ආදරෙයි මගෙ මයුරට.....

මාත්...ආදරෙයි ඔයාට.....

මුදු කෝමල....ගෑනු ලමයිනේ.....

එක රෑනෙ....මග බහිනා.....

මීගමු අහසට රෑ බෝවෙලා.....පීටර්ස් එක ගාව ඇගිල්ලක් ගහන්න ඉඩක් නෑ...අවේමරියා පාකින් එක දැම්මම වැහිලා.....නවසිය හත මීගමු හලාවත බස් පෝලිමට රන්ජන් වාට්ටුව පහු කරගන යනකොට බයික් එක අනුන්ගෙ ගෙදර ඇබිත්තන් සයිස් වත්තක නවත්තපු මම හෙල්මන්ට් එක අතට අරගන නිම්න දිහාවට හැරුනා....

...ඈනුම් යන්නෙ...බඩගිනිද ඔයාට....

...ටිකක්.....විතර....

මං හිතන්නෙ එයලා ඇරේන්ජ් කරල.ඇති...ඇනිවර්සරි එකනෙ...

මං එයාගෙ කොන්ඩෙ හැදුවා....කිව්වත් වගේම කල්පනයි උදාරයි නැතුව ආවෙ අපි හතර දෙනා විතරක් වෙනකොට ජනයි රවිදුවයි අපිට ඉස්සරහින් ගියා....මුලු කොන්වන්ට් එක පුරාවටම තිබුනෙ ඇනිවර්සරි එකට ඇදල තිබුන උස කොඩු වෙනකොට නලින් පෙරේරගෙ කටවුට් එකක් පැත්තකින් තිබුනා....උදේ පූජාවක් තියලා..කරන ඕන වත්පිලිවෙත් කෙරුවට පස්සෙ හවස ශෝ එකක්...ඔහොමයි සංවස්තර වැඩඩටහන...

උදේ යුනිෆෝම් එකෙන් උන්න කෙල්ලො ඔක්කොම දැන් ඩෙනිම්වලට බැහැලා...

ගෑනු විලාසිතා පෝලිමයි....

මයුරයා....මයුර.....

ගේට් එකෙන් ඇතුලට එනවත් එක්කම මට ඇහුනෙ කල්පනයගෙ කටහඩ වෙනකොට මං හැරිලා බැලුවා.....දාරාල්පන ජෝඩුව...වෙලා ගිහින් එන්නම් කිව්වට උන් දෙන්න ඇවිදින් තිබුනා....

චූචි බුංජියො.....අම්මෙ.....රන්කදක්ගෙ ලස්සන....අයි...අයි.....සුදුම ...සුදුයි යකො.....

කල්පනයා එන ඒමටම ගිහින් මගෙ නිමනගෙ ඇදුම හැදුවා...ඒකෙ හදන්න දෙයක් තිබුනෙත් නෑ.... ඌ හිනා උනා...වෙනදා වගෙ කියවන්න හැදුවා....ඒත් කල්පනයා අපෙන් ඇස් හැංගුවා....

මයුර ....

උදාරයා...උඹ හොදින්ද....

හ්ම්..අවුලක් නෑ.....මේක වයිරල් කරවමු...මෙතන ඉන්නෙ දෙන්නෙක් උනාට අනිත් උන්ගෙ මූනවලුත් එලියට එන්න ඕන මයුර....මෙ වීඩියො එක අද වයිරල් යවන්න ඕන....එෆ් බී ටික්ටොක්..මොන මගුලද තියෙන්නෙ හැම සෝශල් මීඩියා එකකින්ම එලියට දාලා ඔවුන් ඉන්නෙ මොනතැනද...ඒ තැනින් ඔවුන්ව නැත්තටම නැති කරන්න ඕන මයුර...මේ වගේ පිලිකා තවත් තියාගන ඉන්න එකෙන් වෙන්නෙ තවත් නිම්නලා දාස් ගානකගෙ ජීවිත කාටත් හොරාවට නැති වෙන එක.....

උදාරගෙ ඇස් රතු වෙලා..කොටින්ම ඌ නලල දෙපැත්තට ප්ලාස්ටර් කෑලි දෙකක් අලවන් උන්නා.....ඌවසුදුමැලි වෙලා ගිහින්...මගෙ අතට දුන්න පෙන් එක මිටමොලවපු උදාරයා කිව්වෙ වීඩියො එක වයිරල් කරවමු කියන එක වෙනකොට අනිත් උන් කෙරුවෙත් උදාරව පිලි ගත්තු එක....

වැඩි මනාපෙ ඒකට නම්...මගෙත් මනාපෙ ඒකටමයි......

යමන්.....

මං පෙන් එක අතට මිට මොලවන් නිම්නව අතින් අල්ලගන්නකොට අනිත් උන් හතර දෙනා අපිට ඉස්සර උනා...

සමාධී ටීචර්......ශාලික සර් එන්න කිව්වා....

ශාලික සර්ට කියන්න පුතෙ මං සිස්ටර්ව හම්බවෙලා එන්නම් කියලා ....

සිකියුරිටි එක පහු උනා විතරයි ...අරුමෝසම්.පාට සාරියක් ඇදපු කොන්ඩ ගෙඩිය ගහපු එකියක් ටකස් බකස් ගාන අඩි සෙරෙප්පු දෙකක් දාගන කඩි මුඩියෙ වෙන පැත්තකට දුවනකොට අපි හැමෝම ඒකි දිහා බලාගන උන්නා... නිම්න ඒකිව අදුනගත්තා.....

එහෙනම්...ඒකිගෙ නම සමාධි.....

අරූගෙ නම...ශාලික...

උදාර වරෙන් යන්න...!

😒ආයම කොටසකින් එනකන් පයිස්සමින් ඉන්ඩෝ

මම.ජොබී

ආතරෙයි.....

Nedeesha ❤❤😘

More Chapters