LightReader

Chapter 61 - 61

බුදු සරණයි දෝණී....

අපි උන්නෙ උදාරයලාගෙ ගෙදර .... රැයෙන් බාගයක් නාට්ටි රගපාපු මමයි මගෙ වස්තුවයි නිදිමතට ඇස් අඩවන් කරන් ඉන්නකොට කුඩම්මා වදින්න පටන් ගත්තා.....

කුඩම්මගෙ කොන්ඩෙන් තාමත් වතුර බින්දු බේරෙනවා....උදාරයගෙ අම්මා කලින් දවසෙ මේකිගෙ කට මහලද මන්දා ගෑනිව නෑව්වත් හරි පුදුම තැම්පත් කමක් තිබුනෙ....එක්කො මේකිට දැම්ම ලමිස්සි කම ඉහට ගහලා...එතන උන්න වැඩිමල්ම එක්කෙනා අපේ අප්පච්චි හන්දා ඒකි ඇවිදින් මුලින්ම වැන්දෙ අප්පච්චිට වෙනකොට කෙල්ලෙක් නැති හන්දද කොහෙද අප්පච්චි කුඩම්මට ඉස්සර ඉදම්ම දෝනි කිව්වා.....එදා වගේමයි අදත්....අප්පච්චිගෙ කකුල් අල්ලා වැදපු කුඩම්මව උරහිස් වලින් අල්ලන් නැගිට්ටවලා නලලට හාදුවක් තිබ්බා.....

එතනින් පස්සෙ අම්මට....එහෙම්ම එහෙම්ම ඒකි වැද වැද ඇවිදින් මේකි මගෙ ගාවට ආවත් හරි කුඩම්මට ඇට පැලවුනා....මෙච්චර වෙලාම ලමාතැනී වගේ උන්න කුඩම්මා මට වදිනගමන් කකුලෙ චූටි ඇගිල්ල අනිත් අතට ඇබරුවා විතරයි අමු කුනුහර්පයක් කියවෙන්න ගිය මම කට තදකරන් දත්මිටි කාගන මගෙ නිම්නයා දිහා බැලුවා

.ඇයි අනූ.....

මේකි මගෙ චූටි ඇගිල්ල අනිත් අතට කැරකෙව්වා....

ගහන්නද

එපා එපා.....

එහෙනම් කොන්ඩෙන් අදින්නද

එපා මෝඩයො...

එහෙනම් ඕකිගෙත් චූටි ඇගිල්ලට මොකක් හරි කරමු අනූ....

......උඹ...නම්....

අරකි මගෙ චූටි ඇගිල්ල අනිත් අතට හරවලා තාමත් වැදගන ඉන්නකොට මං නිම්නයා එක්ක කුටු කුටු ගෑවා...ඒකා ඔක්කොටම හපන්...කුඩම්මට ගහන්නද අහනවා...මූ ඊයෙ පෙරේදා ඉදන් පොඩ්ඩක් විතර වස වෙලා....කව්ද දන්නෙ මේකා ඇදලා අතෑරියොත් ...මං බිම උන්න කුඩම්මව නැගීට්ටෙවා...ඒ විතරක් නෙවෙයි නිම්නයා පලි ගනී කියන බයට ඒකට කලින් මං පලිය ගත්තා...

ඌව්ව්....හ්

ඇයි උඹත් මගෙ ඇගිල්ල අනිත් අතට යැව්වෙ....දැන් අපි දෙන්නම සමානයි...

මං කම්මුලට හාදුවක් තියන මුවාවෙන් කුඩම්මගෙ කම්මුල හැපුවා ..අරකිට කෑගහන්න බැරි කමට උගුරෙන් වගේ ඌව්හ් ගානවත් එක්කම වටපිට බලලා මොකුත් නොවුන එකා වගේ හිනා උනමං ඒකිගෙ ඔලුව අතගාන ගමන් හිමීට කුටුකුටු ගගා බනිනකොට කුඩම්මා කම්මුල අතගාන ගමන් විරිත්තුවා...

මයුරයියෙ....

මොකද...

දැන් උඹත් මට මොකුත් දෙන්නෙ නැද්ද....?මං අහන්නෙ වටින දෙයක් ...?උදාරයා කිව්වා ඌට දෙන්න සල්ලි නෑ කියලා ...උදාරයගෙ නැට්ට වගේ එන කල්පනයා කිව්වා ඌටත් දෙන්න දෙයක් නෑ කියලා ..දැන් රවිදුවයියයි උඹයි විතරයි ඉන්නෙ...සල්ලි නෑ කියන්න නම් එපා....එක්කො උඹලට සල්ලි හම්බෙන දවසක් බලලා මං ආයම ලොකු වෙන්නද?

(මේකිගෙ වයසෙ හැටියටද කතාව අනූ...උඹ බන්ලු..දෙන්න හිතයි පිට පුපුරන්න....පොඩි htti)

මට හිනා යන්නත් ආවා...අරකි එහෙන් කියවනකොට මගෙ ගාව උන්න නිම්නයා අනිත් පැත්තෙන් කියවනවා....

ඔව් මටත් සල්ලි නෑ...සල්ලි තියන වෙලාවක් බලලා ආපිට නාවන්නම් උඹ ආයම ඇතුලට පලයන්

එතකොට මගෙ සිස්සත්තෙ...?

ගෙදර ඉදන් ලියපන්

කොච්චරවත් කියන්නෙ සල්ලි නෑ කියලා..අපරාදෙ මං ලොකු උනාටත් පාඩුයි...රවිදුවයියෙ...මට වැදපන්....මං වැන්දා කියලා මට මොකුත් හම්බෙන්නෙ නෑනෙ...මට මේ වැදිල්ල ඇති වෙලා...අම්මෙ....රවිදුවට මට වදින්න කියන්න්කො...අයියෙ...උඹගෙ යාලුවන්ට මට වදින්න කියපන්කො මටමොකුත් ගෙනල්ලත් නෑ....

ශ්වේතා ...උඹගෙ කට මොකද ....අම්මා මොනාද කිව්වෙ අද ඉදන් හොදට හැදෙන්න කියලා නේ...ගුටි නොකා වැදපිය..නිකන් නෙවෙ පසගපිහිටුවා වැදපන් ආ.....

මලකරදරෙ අපරාදෙ මං ලොකු උනේ...අන් නම් දන්න කියන එකෙක්ට කියන්නෙ නෑ ලොකු වෙන්න කියලා....මගෙ කොන්ද කැක්කුමයි හෙට වදින්නම්

ශ්වේතා.....

හරි...හරි.....අප්පා...අම්මත් අයියගෙ පැත්තෙමයි....

අරකිගෙ සත්ගුණවත් කම වැදිල්ලෙම්ම අහවර උනා....කෝවක දාලාවත් හදන්න බැරි කුඩම්මා ආරූඪ කරන් උන්න තැම්පත් කම එක තත්පරෙන් බිදිලා ගියා...ඒකි වැන්දා.....මොකුත් ගෙනාවෙ නෑ කියලා කියනවත් එක්කම අර මූන බලාගන ඉන්නකොට කලු උනා...කුඩම්මගෙ මුන තනිකරම ගින්දරී වගේ....ඒ කොහොම කොහොම හරි බැන බැන අපි හැමෝටම වැදපු කුඩම්මා අපි කන්නත් කලින්ම ගිහින් කිරිබත් කැටේකට ලුනුමිරිස් තලියක් උලාගන කකුල් දෙක කරට අරන් පුටුවක ඉදගත්තා...

ශ්වේතා ඔය කකුල් පහල දාපන් උඹ ලමිස්සියෙක් නේද

මං.කිව්වෙ නෑ මට එහෙම එකියෙක් වෙන්න ඕන කියලා ....

කවුරුත් කියන්න ඕන නෑ ඔය කකුල් පහලට දාපන් මෙතන ඔක්කොම ඉන්නෙ පිරිමි....

එතකොට අපේ අම්මයි....කමනි ඇන්ටිත් පිරිමිලද.....නෑනෙ...

කිව්වම අහලා කකුල් බිම දාපන්

ඇයියෙ මට බෑ....මට පාඩුවෙ කන්න දියල්ලකො...හැබැයි අප්පච්චිට මං කියනවා

යැයි යැයි තමයි ඔච්චරයි දන්නෙ ....

යෝ...නිකන් ඉන්න සෙනේ.....නංගි බබා...කකුල් දෙක පහල දාගන්න අනේ...ගෑනු ළමයි උනහම කකුල් බෝක්කුව වගෙ කරන් ඉදගන්නෙ නෑනෙ.....ඒක කැතයි...

කමක් නෑ...කැත උනාට මොකද

මට කල්පනයා පව් කියල හිතුනා..අනාගත නෑනා හන්දද කොහෙද මේකා ලකුනු දාගන්න ඒකිව හදන්න ගියා විතරයි චොර වෙකා පච වෙලා මූන පුක කරන් ආපිට උදාරයා ගාවට ආවා...

ඇත්තමයි සෙනේ...මං ඉවසනවා මොනා උනත් මං මේ ගෙදරටනෙ එන්න ඕන කියලා.....නැත්‍තන් මං දෙනවා පිට පුපුරන්න...

ඔයාව මං මෙහෙට එක්ක එන්නෙ නෑ...

එව්....ඔන්න පටන් ගත්තා...මහ වේසයි නේ අනූ....මේ ඔක්කොම මැද මගුල් නටන්න ගත්තම..ලැජ්ජහෙ බෑ...මෙතන චූචි බුංජියත් ඉන්න බව දැන දැනමනෙ ඔහොම කරන්නෙ....අර...අර...අනිත් පැත්තෙන් අරුන් දෙන්නා....ඒ එක අසහනකාරයො දෙන්නෙක්...

හිමින් මෝඩයො....

අනූ...ඔයා හිතන්නෙ ජනා....අපේ රවිදුවගෙ පතිවත කඩන්න ඇතිද....

දෙයියන්ගෙ නාමෙට නිම්නයො...මට මෙතන හයියෙන් කියවන්න බෑ මෝඩයා

හරි ඉතින් මං හිමීටනෙ අනේ අහන්නෙ..අනික නොදන්න දෙයක් ඇහුවම කියා දෙන්නකො අනූ...මෙතන ඉන්නෙ චූචි නිම්නනෙ...👉👈තාම චූචීයිනෙ...චූචි බුංජියනෙ...දවසක අපිත් ඔව්වා කරන්න එපැයිනෙ....ඇත්තටම ඇයි අනූ ඔයා මාව දූසනේ කරන්නෙවත් නැත්තෙ...මං අහන්නෙ වයි.....?

ඔයාට බයද මං කෑ ගහයි කියලා ...නෑ අනෙ..මං ඔව්වා පොත්වලත් ලියනවනෙ...එවෙලට මා තුල සිටින වනචර මිනිහා නැගිටිනවනෙ එතකොට තමයි ලියන්නෙ....එක්කො...අද රෑට ඔයා මට මොනව හරි කරන්නකො අනූ...ඈ අනෙ

අනේ නිම්න කට පියවපියකො යකො....

ආ..ආ....හරි වේසයි අනූ...හරීම වේසයි...ඔයාට ඇහුනනෙ....කල්පියලා අර්ධ ලිංගික හැසිරීමක් උනා කිව්වා....උනුත් එහෙම උනානම්....ජනා අයියත් නිකන් ඉදල නැතුව ඇතිනෙ.....එක්කො...ඔයාට ටොප් වෙන්න බැයිනම්....චූචි බුංජියා වෙන්නම්....

මං උඹගෙ කට කඩන්නද කට වහනවද

ඉතින් මං ඉල්ලන්නෙ මගෙ මූලික අයිතිවාසිකම්නෙ..අනික.....අපි දෙන්නා කොහොමත් සැමි සැමියො කියලා ගෙදරින් දන්න එකේ...ඔයා හිතනවද රොමනිලා අපි දෙන්නා මොකුත් නොකර...ආ..ආ..ආ..රවන්නෙ...යෝ...

රවනවා නේත.....ඉතින් ඇත්තනෙ.....අපු දෙන්නා තාම තරුනයිනෙ...

........

ම්හුක්....මං යනවා යන්න....

උඹට මොකද වස්තු වෙලා තියෙන්නෙ....

නෑ..නෑ....ඕන්....නෑ..අන් යනවා කල්පියා ගාවට.....අනිත් ඔක්කොටම හොද මිනිස්සු දීලා මට විතරක් නරකයෙක් දීලා...ඇයි අප්පා ටිකක් වනචර වෙයන්කො.....ඔය..ඔය..ඔන්න ඉතින්...ඔන්න ඉතින්කන රතු කරගන...ඔන්න ඉතින් කන රතු කරගන...ඇයි වදේ.....උඹට මිනිමරන්න පුලුවන් මාව ටිකක් දූසනේ කරන්න බෑ....

කොහෙද ඔය යන්නෙ ආ.....

මන්‍ යනවා කාට කියලා හරි දූසනේ කරවගන එන්න .....ඇයි යකො

වැස්ලින් එකකුත් අරන් පලයන් එහෙනම් අරිනකොට රිදෙයි උඹට

වනචරයා උඹ....

මගෙ නිම්නයා යන්න ගියා ..නිකන් නෙවෙ අර අක්කරයක් සයිස් පස්ස වන වන මටත් බැන බැන මගෙ අන්කර කෙක්ක මගෙ මූනටම වනචරයා කියලා ගිහින් කල්පනයා ගාව නැවතුනා..ලැජ්ජාවක් නැති බුංජියා ඕකා දැන් ගිහින් කල්පනයගෙ කනේ තියයි....

මං එහෙම්ම ස්තෝප්පුවට ගියා...අම්මා අප්පච්චි ලා තේ බොනවා....කිසිම දෙයක් ගෙනල්ලා නෑ ගගා නහින්න හදාපු කුඩම්මා අවසානෙදි අපි ගෙනාව තෑගි ටික අරන් කාමරේ දොර වහගත්තා මදිවටසැරින් සැරේම යටි ගිරියෙන් බෙරිහන් දෙන්න ගත්තා....මං හිතන්නෙ ඒකිට පිස්සු හැදෙන්න එනවා ඇති.....

අද දවසත් ඉවරයි...නාවනකන්නෙ වදේ තිබුනෙ...ඒකත් ඉවරයි ...ඔහොම ඔහොම ගිහින් හැම දේම ඉවර වෙයි.....ඊට පස්සෙ......

එතනින් එහා මොකද වෙන්නෙ.....මටත් බලන් ඉන්න වෙයි අර හැමෝම කියන "දවසක හැමදේම හරි යයි" කියන දවස එනකන්.....ඒත් කවුරුත් දන්නෙ නෑ ඒ දවස කවදා එයිද කියලා...සමහර විට කවදාවත් නොඑන්නත් පුලුවන් ....

මගෙන් ලොකු හුස්මක් පිට උනා....වේවැල් පුටුවෙ ඉදන් උන්න මං පුටුපත්තට හේත්තු උනා...සාලෙන් ඇහෙන තේ කොප්ප පීරිසි හැප්පෙන සද්දෙ එක්ක පෝසිලේන් කුට්ටමක් කුඩුවෙලා යන සද්දෙත් ඇහි ඇහිම මං ඒ දිහාවට බෙල්ලවත් නොදාම ඔහේ වත්ත දිහා බලාගන උන්නා.....සැරින් සැරේම අඩන බලු ජඩයගෙ ඈඩියාව වගේම ඒ යකා කූඩුවෙ දොර හොලවන සද්දෙට ඇගත් එක්ක හිරි වැටිලා ගියත් ඒත් මන් ඔහේ උන්නා....

හැම දේම හොදින් සිද්ද උනා...ඒ ඇති.....උන්ගෙ අප්පච්චි ගෙදර නෑ කියලා නෑ...වෙන්න ඕන දේවල් අඩුපාඩුවක් නොවෙන්න හැමදේටම තිතටම වෙලා තිබුනා.....

ඔක්කොම හොදයි...මගෙ පපුව විතරක් අර බිදුන පීරිසි කුට්ටම වගෙ බිදිලා තිබුනා.....

මයුරයා....මචන් වරෙන් තේ ටිකක් බොන්ඩ...

දැන්ම එපා බන්

දැන්ම එපා කියන්නෙ හතපහුවෙලානෙ වරෙන් මොනවා හරි කාලා තේ එකක් ගහපන්....

එපා බන් බඩගිනි නෑ....

හ්ම්...කොලෙ වහන්නෙ කාටද....

කොලෙ වැහිල්ලක් නෙවෙ බන්

බොරු කියන්න දන්නෙ නැත්තන් බොරු නොකියා ඉදින්....උඹට බඩගින්න නැතිකම නෙවෙ මයුර උඹට දැන් කෑම පිරිය නැතිවේගන යනවා....හරියටම අර එල්ලා මරන්න දින නියම කරපු උන්ට වගෙ උඹ දැන් කෑමටත් බය වෙලා...

....ම්න්....

ඒත් ඒ හැම දේටම උත්තරෙ බඩගින්නෙ ඉන්න එක නෙවෙ මයුර....මිනිස්සු හිතන්නෙ දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවම මැරෙන එකයි බඩගින්නෙ ඉන්න එකයි කියලා ....හැම ප්‍රශ්නෙටම උත්තරේ ඕක නම්...මේ ලෝකෙන් වැඩිපුරම පෝසත් වෙන්නෙ මිනිපෙට්ටි සාප්පු කාරයො....ඒ විතරක් නෙවෙ මහත මනුස්සයන්ව රතු දත්ත පොතට යනවා....මොන ප්‍රශ්නෙට මූන දෙන්නත් කලින් කාපන්...උඹ හයියට උන්නෙ නැති උනොත් අපිට වෙන්නෙ උඹවත් වලදාන්න.....

........එහෙම නෑ උදාර...සීරියස් මට බඩගිනි නෑ....

කරන්න බැරි මගුල් කියන්න එපා මයුර...උඹට බඩගිනි නෑ වෙන්න බෑ උඹ ප්‍රධාන වේල් තුනට අමතරව අමතර වේලුත් පන්සීයක් විතර කාපු එකෙක්...උඹ අවසානෙටම උඹගෙ බර බැලුවෙ කවදද.....???උඹට පේන්නෙ නැති උනාට උඹගෙ උරහිස් ඇටවලට වතුර පුරවන්න පුලුවන් ....

මං හිනා උනා...ඇත්ත මං කියන්නෙ බඩගින්නක් ආවොත් උයාගනත් කාපු එකෙක්...ඌ මට වද කරනවා....මන්දා...ආදරේ ආදරේ කියලා මං තෝරන් තියෙන්නෙ කයිබර් දුර්ගෙටත් අන්ත පාරක්.....රතු එලි පෙනි පෙනිම මං ආදරේ කරන්න තෝරගන තියෙන්නෙ අතේ දුරින් නෙවෙ ආලෝක වර්ශ දහස් ගානකට එහායින් මල් පිපෙන ඍතුවක් තියන ආදරයක්....

ඒත් මං විස්වාස කරනවා....වේදනාවත් ආදරෙ ගැඹුරත් වචන කරන්න අකුරු නැති උනත්....මගෙ ආදරෙ මට ආයම ලැබෙනවා කියලා ..

බලා හිදීමයි.....ආදරයයි එක්ක ලස්සනම කතා ලියවෙන්නෙ හිතන්නෙවත් නැති පරිච්චේද වල කියලා මං ගැඹුරින්ම විශ්වාස කරනවා...

මයුර....

ම්න්....

එක්කො මං උඹට කවන්නද....

ම්හ්..එපා....මං උඹගෙන් දෙයක් අහන්නද?

හ්ම්...අහපන්...උඹ අහලා අහලා මොකාද වගේ හූල්ලපන්.....උඹට තුන් වේල පුන්නක්කු දෙන්න හිතෙනවා....ඒත්...අනිත් පැත්තට මට උඹ ගැන අනුකම්පාවක් හිතෙනවා මයුර....කියපන් උඹට මොනවද අහන්න තියෙන්නෙ....

උඹ හිතන්නෙ මං බිදුන මනුස්සයෙක්ව ආදරෙන් වැලදගැත්තු එක වරදක්ද.....එතකොට රවිදුවා...ජනා එක්ක ජීවත් වෙන්න හීන දකින එක වරදක්ද ...මන අහන්නෙ..ආපහු අපි අපිටම හම්බ වෙන දින වකවානු නොදැන ආදරයක් නොලබාම...ඒත් ආදරෙ ගැන ලස්සනටම ලියාපු එයාට ආදරේ කරන්න ගත්තු එක වැරද්දක්ද උදාර???මං නිකන් ඉල්ලන් කෑවා වගේද.....

මතක වලට පෙම් බදින ප්‍රේමවන්තයොත් ඉන්නවා උඹ දන්නෙ නැද්ද.....උන්ටත් පුලුවන් පෙබරවාරි දාහතර සමරන්න...මිනිස්සු නැති උනත්..මතක මැරෙන්නෙ නෑ...ඕක උඹම මට කියාපු එකක්.....උඹගෙ මතක අස්සෙ නිම්න ජීවත් වෙන තාක් කල්...උඹට එයාව කවදාවත් අහිමිවීමක් නෑ මයුර...දැන් වත් කනවද....

ම්න්...

බෙදන් එන්නද....මොනාද ඕනෙ..මොක කෑවත් අරකිගෙ දම්පාට කේක් එක නම් කන්න එපා යස්සනි අයිසින් ටිකක් කෑවා කියලා මේකි මගෙඅත කෑවා....මං හිතන්නෙම ඕකිව මාරු වෙලාද මන්දා..ඇරත් ඉස්සරහා දතුත් ඈත් වෙලා ඕකි අපේ නෙවෙද මන්දා

උදාරයෝ...අයියේ.....

චූටිනෝනා...අයියා එලියේ....

මගෙ කේක් එකෙන් කෑවෙ කව්ද....

උදාරයා තනිකරම සුදු මැලිවෙලා ගියා....ඌ මට දම්පාට කේක් නම් ඉල්ලන්න එපා කියලා warning එකක් දුන්නා විතරයි කුඩම්මා තනිකරම ගාසා තීරෙ ඉන්න isis ත්‍රස්තවාදියා වගේ යට් ගිරියෙන් කෑ ගහන්න ගත්තා...

මං කෑවෙ නෑ සුද්දී.....මං දැක්කෙත් ....න්....න්...ඒ....ඒහ්.....බ්..බබා.....කොල්ලො.....

අනේ...සෙනේ....සෙනේ...කල්පියා....ඔයාගෙ කල්පි බබී...ඉවරයි...

අනූ...චූචී.....බුංජියා...කැවනෙ....කෑවනෙ....දම්පාට...කේක් කෑල්ලක්.....බුංජි...පූතා...කෑවනේ....

යෝහ්....අරකි මාව තව පාරක් මරයි මේක ගනිල්ලා...මේක ගනිල්ලකෝ.....

මන් හිතන්නෙ මායි උදාරයයි ජීවත් වෙන අවසානම දවස අද වෙන්න ඇති....සාලිය අසෝක මාලා කපල් එකත් පරදවන් ආදරේ පිටාර ගලන්න ලව් කරන රවිදුවයි ජනයි මුල්ලක් අල්ලන් ගැරඩි වගේ වෙලීගන උන්නා මිසක්ක මරු කටට වැටුන මාවයි උදාරයවයි පෙනුනෙ වත් නැ....

උදාරයො...අයියේ...

අනේ...සෙනේ...ආගපියව්කො.....

අනූ...අනූ...ආ..ආගාපල්ලකෝ....

උදාරයා.....හ්හ්හ්!!!!

*

*

*

දැන් ලොකු සාධුද එහෙම කරන්න කිව්වෙ නැත්තන් උඹලගෙ අප්පච්චි ගිහින් අහලද මයුර....

මෙ යන්නෙ ඉර බැහැගන යන ගොම්මනයි...නාවපු දවසෙම යකා ආවේස උන කුඩම්මගෙන් කන් බෙරේ හිල් වෙන්න බැනුම් අහපු අපි දෙන්නා අවසානෙදි ඒකිට තකහනක් දම්පාට කේක් එකක් හොයන් ගියා....ඒත් කරුමෙ බලවත් වෙනවා කියන්නෙ නිකන් නෙවෙ හන්දා එවෙලෙ හැටියට දම්පාට කේක් එකක් බේතකට වත් හොයාගන්න බැරිව ගිය අපි දෙන්නා අවසානෙදි වාසනා එකෙ ඇපල් කේක් වලට දම්පාට ෆුඩ් ස්ප්‍රේ එකක් ගහලා ගිහින් දුන්නා දුන්නමයි...කුඩම්මා තාම නිදි.....

නිම්න මගෙ ළඟ.....උදාරයගෙ බබා මගෙ කොල්ලගෙ කනට මොකක් හරි කුනුහර්පයක් ඔබලා තිබුනා...නිම්නයා හැසිරුනේම මාව දැලේ දාගන්න විදිහටම වෙනකොට මන් මගෙ ඇස් හංගගත්තා.....අවුරුදු විස්සෙදි විතර ඇදපු මගෙ ගල් ශෝටක් ඇදන් උන්න නිම්නයා මාව පාපෙට පොලඹවනකොට මං පුලුවන් තරන් උදාරයගෙ වචන වලට කන් දුන්නා....

අප්පච්චි ගිහින් අහලා.....මෙහෙම කරන්නද කියලා ....

ඒ කියන්නෙ විස්තරෙ කියලා

ම්න්...

එතකොට මල්ලි දැන් ස්ක්‍රිෆ්ට් එක?

ඒක නිම්න හදලා තියෙන්නෙ ජනා....ඒ ඔක්කොමත් හරි...මං තවම කල්පනා කරන්නෙ අද දෙවනි දවස වෙලත් ඇයි ජයවර්ධනයා එන්නෙ නැත්තෙ කියලා ...

උඹ හිතනවද ජයවර්ධනයා කියන්නෙත් පිදුරු කාලා හැදුන එකෙක් කියලා .....නෑ මයුර...නෑ.....ඌ දන්නවා අපි මොනව හරි දන්නවා කියලා ....ඒ ඇරත් උගෙ හර්ද සාක්ශිය දන්නවා ඌ මිනිමරුවෙක් කියලා .....ඌට කාගෙන් බේරුනත්....උඹ හිතනවද උගෙ හෘද සාක්ශියෙන් බේරෙන්න පුලුවන් කියලා ....නෑ....මයුර නෑ....ඌට ගෙට පැනගන්න ඕනෙ...ඒත් පැනගන්න විදිහක් නෑ...

ම්ම්ම්...හොදම දේ...අපි තව චුට්ට වෙලාවක් බලලා ජයවර්ධනයා ගෙ ගෙදර පැත්තෙ යන්....ම්ම්ම්ම්ම්....

ජයවර්ධනයා ගෙ ගෙදර....ගිහින්???

..ඒක ගියාට පස්සෙ බලමු.....ම්ම්ම්..මෙතන ඉදන් මට උඹලට කියන්න දෙයක් හිතට එන්නෙ නෑ රවිදුවා..මොකද මෙතන ඉන්න මයුර නෙවෙ එතන ඉන්නෙ....මගෙ ඇතුලාන්තෙ ඉන්න යකා මොන විදිහට ආරූඪ වෙයිද කියන්න මං දන්නෙ නෑ බන් මොකද ඒ ඉන්නෙ මගෙ ආදරේ මරලා දාපු එකා.....ඌ මැරෙන්න ඕන අපා දුක් විදලා මගෙ යටි හිත මතුරන්නෙම එහෙම....මගෙ යටි හිත කියන්නෙම ඌට ජීවත් වෙන එක එපා වෙන තැනට වැටෙන්න දෙන්න කියලා ...

නිකන් නෙවෙ...ඌ ඇවිදින් මගෙ කකුල් ගාව වැද වැටෙන්න ඕන කියලා ..මට ඕනෙ මරනෙ පෙනි පෙනි ඌව බේරන්න...මට ඕනෙ නිම්න ජීවිතේ ඉල්ල ඉල්ල ඇඩුවා හා සමානව ඌත් මගෙ දෙපා ගාව වැද වැටෙන්න හැබැයි....උගෙ ඉල්ලීම් වෙනස් වෙන්න ඕන....

ඌ අඩන්න ඕනෙ ඌව මරලා දාපන් කියලා ...ඌ අඩන්න ඕනෙ දැන් නම් මට තවත් ජීවත් වෙන්න බෑ කියලා ....මොකද....මගෙ අභ්‍යන්තර තුවාල වලට බෙහෙත් මේ ලෝකෙ කිසිම මුල්ලක නැති වෙනකොට .....මගෙ වේදනාව සුවපත් වෙන නම්....ඒ ඇස් පියවෙන්න ඕන....

නිකන් නෙවෙ....උගෙ ඇස් ඇරෙන්න ඕනා....මිනිස්සු මැරෙනකොට ඇසුත් වැහෙනවා....ඒත් මට ඕනෙ උගෙ කලු ඉංගිරියාව ඇතුලෙ මගෙ රූපෙ ඇදෙනවා දකින්න...උගෙ ජීවිතෙ අපායක් නම්...මමයි යමරජ....

සාක්කු දෙකට අත් දෙක දාගන උන්න මං අඹ ගහ දිහා බැලුවා ...අතු පාස්සවන්න බැරි උනා සෑහෙන කාලෙකින්.....ඒත් පාස්සවන්නත් ලෝබයි....පහල අතු වල අඹ අල්ලන්නෙ පොකුරු පොකුරු.....අතු බර වෙනකොට ලේන්නුන්ට වවුල්ලුන්ට කාක්කන්ට රජ මගුල්....අප්පච්චි ගෙ අප්පච්චි මැරුනත් හරි අප්පච්චි ගහට එල්ලලා තිබ්බ ටකෙ ගලවලා විසික් කෙරුවා ...

සීයා වෙලාවකට මහ කුම්මැහියා...සතෙක්ට වත් ගෙඩියක් දෙන්නෙ නෑ...මොකද සත්තු හම්බකරන් කන්නද...උයන් කන්නද.....මේ ගහකොල උන්ටත් අයිතියි ..අප්පච්චි එහෙමයි කිව්වෙ....

කොල්ලා.....

අප්පච්චි ....

අන්න පොල් ගාන්ඩ එන්ඩලු...උඹලත් රෑට ගිලින්නෙ මෙහෙන්ද.....???මෙහෙන් ගිලිනවා නම් කවුරු හරි ගිහින් පොල් ගාපියව්....

රොහාන්....මේ අනෙ.....ඇත්තද ඔයා අපේ මයුරයගෙන් මොන වර්ගෙද ඕන ඇහුවයි කියන්නෙ....

මොනාද ගල් ගැනද අහන්නෙ...

අමොර්...අමොර්.....රොහාන් නිකන් ඉලන්දාරියා වගේ....

වගෙ නෙවෙ මං කොහොමත් ඉලන්දාරියා තමයි.....ආ....ආ...කල්පනයා....උඹ හදන්නෙ කතාවට අල්ලන් මගාරින්න...පල පල ගිහින් පොල්ගාපිය.....බුංජියා...අන්න අම්මා ළූණු කපන්න එන්න කිව්වා....

අප්පච්චි කොහෙ යන්නද මේ...

අප්පච්චි ඇදපැලදගන....යන ගමන් කොහෙද දන්නෙ නෑ...එලියට වෙලා උන්න අපි දිහා බලලා ගිලින්ඩ ඉන්නවා නම් පොල් ගාපල්ලා....ළූණු කපපල්ලා...අරක කරපල්ලා ගාපු අප්පච්චි හෙල්මන්ට් එකත් දාගන බයික් එකට නැග්ගා...

හන්දියට

ඇයි...අනික මේ රෑ....

දැන් උඹ මුන් එක්ක දඩාවතේ යනකොට මම අහනවද කොහෙද යන්නෙ කියලා ...නෑනේද....

නැත්තෙ කොහෙද.....බයික් එකට නැග්ග වෙලේ ඉදන් කමනි ලව්වා අස්සවන්න ඔයානෙ

ඒ මමනෙ...අප්පච්චි විදිහට මම දැනගන්න ඕන මම කොපි පේස්ට් කරපු එක කොහෙද යන්නෙ මොනද කරන්නෙ කින්ද මන්ද...එහෙම කියලා උඹට මගෙන් ප්‍රශ්න කරන්න අයිතියක් නෑ.....යමං යමන්....

ඇත්තට.....අප්පච්චි මම කොපිපේස්ට් එක නම්...අප්පච්චි ත් දැනගන්න මාත් ඔර්ජිනල් එකට වඩා.අන්ඩයා කියලා හරිද

හ්ම්...හ්ම්...යමන් යමන් අනිත් පාර උඹට හිරමනෙන් ගහයි...

මං බලාගන උන්නා....නෑ...මං නෙවෙ...අපි...අපි හැමෝම බලාගන ඉන්නකොට අප්පච්චි යන්න ගියා....යන එන තැන්...කන බොන තැන් කිය කිය ගිය අප්පච්චි ට දැන් නොකියා යන්න ගමනුත් තියනවා

මයුරයා.....

ම්න්....

මහ කලුතොටගෙ ගමන අල්ලන්නෙ නෑ...

හ්ම්ම්....උඹලගෙ අප්පච්චි ට ඊයෙ පෙරෙදා ඉදන් දැන් සෑහෙන ගමන් වැටිලා....

අනූ.....

ම්න්...

අප්පච්චි යන්නෙ මාව බලන්න වෙන්න බැරිද...

අපි තවමත් උන්නෙ අප්පච්චිගෙ මේ නොකියන ගමං ගැන බල බල...නඩුයි බඩුයි දෙකම අපේ කරගන එක එකා එක එක හේතු දෙනකොට මෙච්චර වෙලාම කට පියවන් උන්න මගෙ වස්තුව එක පාරටම වතුර යට ගිල්ලවපු වේදනාවක් උඩට ඇදලා ගන්නකොට මටත් නොදැනිම මගෙ අත මිටමෙලවුනා...ඇත්තටම අප්පච්චි ගියෙ මගෙ නිම්නව බලන්නද.....??

මයුරයා

ම්න්...

උඹට ජයවර්ධනයව බලන්න ඕනද

...

උඹට යන්න ඕන නම් මං එන්නම්

උදාරයට මාව දැනුනා...ජයවර්ධනයා මොකද කරන්නෙ ඌ ගෙදර ගිහින්ද බලන්න ඕනෙද අහපු උදාර මගෙ තනියට එන්නම් කියනකොට මං ලාවට ඔලුව වැනුවා...මොකද...ඌ දැම්ම එන්නෙ නෑ...එන්නෙ නෑ....කිය කිය කිව්වත්..... මගෙ යට් හිත කියන්නෙම වෙඩි කාපු ඌරා වගේ ඉන්න ජයසිංහයා පිස්සෙක් වගේ දැනටමත් ගෙදරට ගිහින් ඇති කියලා ....

වස්තු.....

අනූ...

මං උදාරත් එක්ක ගිහින් එන්නම්...අම්මට චුට්ටක් උදව් කරනවද...ම්ම්ම්ම්...කල්ප්නයත් ඉන්නවා...රවිදුවයි ජනා අයියත් ඉන්නවනෙ මැනික...

මාව ගෑනියක් වගේ පේනවද අනූ....මොඅ ගින්දරේ උන්නත්...මැනික කියලා කිව්ව සැනින් නිවිලා යන්නෙ ගෑනු හිත්....උඹට මාව පේන්නෙත් එහෙමද

නෑ.....ඒත් මං උඹට ආදරේ හන්ද නිම්න මැනික කිව්වෙ...අනික....උඹට මට ආයම අමුතුවෙන් මොනව ඇවිලෙන්නද...නිවීමක් පේනතෙක් මානෙක නැති බව දැන දැන.....මං වචන දාහක් කිව්වත් තේරුමක් නැති බව නොදන්නවා නෙවෙ වස්තු....යන්න.....අම්මා ඔයාට කතා කරා කිව්වනෙ

අනූ...

බුංජියො....ඒ දෙන්නා ගිහින් ආව දෙන්....අනික අපේ සෙනේ ඉන්නවනෙ....බයවෙන්න දෙයක් නෑනෙ....නේ සෙනේ...අනික...ජනා අයියත් යනවනෙ....

යන්න.....මං ඔය මිනිහට මොකුත් කරන්නෙ නෑ වස්තු....

ඒ මිනිහට නෙවෙ....මට බය ඒ මිනිහා ගැන නෙවෙ

ආ....යියො....ඒකගෙ අතකුත් නැති එකේ තනි අතින් මොනවා කරන්නද බුංජියො...

තනි අතයි තියෙන්නෙ...ඒකඇත්ත....ඒත් කල්පන....පිස්සුවෙන් වගේ ඉන්න එයාට කාව හරි දම්මලා මොනවත් කරන්න බැරි කමක් නෑනෙ.....අපිට මිනිස්සුන්ව අවතක්සේරු කරන්න බෑ කල්පන....මං කියන කතාව හරි නේද උදාර....

හ්ම්.....ඇත්ත....ඒ උනත් නිම්න....අපිත් ඉටිපන්දම් වලින් හැදුන එවුන් නෙවෙනෙ...ඌට කොහොමත් අපිට කලින් ඉස්සර වෙන්න බෑ..මොකද ඌට හේතුවක් හරියටම හොයාගන්න බෑ...ගේ දෙන්න බෑ කියලා කියපු පලියට ඌ කොහොමද එහෙම කරන්නෙ...කොහොම උනත්.....මයුරයගෙ තනියට මං ඉන්නවා...අනික ජනා අයියත් ඉන්නවා..අපි බෝතලේට වගේම සේලයින් බෝතලේටත් වටවෙන මිනිස්සු නිම්න.....ඒක ගැන හිතන්න එපා....

.මං ලාවට හිනා උන...මගෙ නිම්නගෙ ඇස් කොච්චර උනත් මලානික වෙලා....උදාරයා...ජනා....කල්පනයා....

රවිදුවා....කොච්චරවාත් හිත හදන්න හැදුවට ඒ හිතෙ පුපුරපු තැන් ආය අලවන්න හදනකොට තවත් පිපිරුම් පාරවල් දෙකතුනක් අලුතිම්ම එකතු උනා...

මං පොරොන්දු දීලා ගියෝතින්...වස්තුවට පුලුවන්ද මං එනකන් ඉන්න.....

......පරිස්සමින් ...මං ඔයාට එච්චරයි කියන්නෙ.....ඊට එහා මොකුත්ම මං කියන්නෙ නෑ...මං කියන්නෙ පරිස්සමින් කියන කතාව විතරයි ...

ආදරෙයි.....

.....

ආදරෙයි කියලා කියන්න බැරිද ඉතින්.....

.....

ම්න්...හා එහෙනම්...තරහා වෙලා ඉන්නකො එහෙනම්....වරෙන් උදාරයා යන්න...

මං එන්න ආවා.....ආදරෙයි කිව්වත් ආපිට එයාගෙන් ආදරෙයි කියන වචනේ නොලැබුන මං එතන තිබුන හෙල්මන්ට් එකත් අරන් ගේට්ටුවෙන් එලියට ආවා.....ඒ ඇරෙන්න එයින් එහා එක වචනයක් කිව්වෙ නෑ...මොකද ඒ හිතෙ තියන වේදනාවට රටේක ඉන්න සිංහල වෙද්දු අල්ලලා තැලුම් තෙල් ගාවගත්තා උනත් වේදනාව සුවකරන්න අමාරුයි බව දන්න මන් එයාට මොකූත් නොකියම ඇවිත් උදාරයගෙ බයික් එකට නැග්ගා..

අනූ....

වස්තු....

ආදරෙයි මගෙ මයුර...

මගෙ මූනෙ ආදරෙත් ස්නේහයත් එකට මුහුවෙලා පුංචි හිනා රැල්ලක් ඇදිලා ගියා...

මයුරයා.....

මං කිව්වා හරි නේද උදාර...

මන්හිතුවෙ නැස් මූ මේ බිම් කරුවල වැටුන ගමන් රිංගාවි කියලා .....මං හිත්න්නෙ මිනිහට සෑහෙන්න තදියම ..නිකන් නෙවෙ මූට සහලවලම තදියම...

මං හිතන්නෙ මගෙ යටි හිතට සතුටු ඇති...මොකද මං ආවෙම යටිහිතගෙ වචන උඩ...කනාමැදිරි එලියටත් වෙඅඩා අඩු එලියක් මගෙ කාමරෙන්...මං මටයි කියලා වෙන් කරවගත්තු කාමරෙන් එහා මෙහා යනකොට මං උදාරයත් එක්ක අරූ වහපු දොර ඇරන් ඇතුලට ඇතුල් උනා.....

ටකස්....බකස්....

ටකස් බකස්....

ගරාදි වැට අල්ලන් හිමින් සැරේ මමයි උදාරයයි ලී තරප්පුව දිගේ උඩට බඩගෑවා...හැබැයි ඔය ඇහුනෙ මගෙවත් උදාරයගෙ වත් අඩි සද්දෙ නෙවෙ....ගැහෙන තාලෙයි ශබ්දෙයි වෙනස් උන මගෙ හදවතෙ සද්දෙ.....ලබ් ඩබ් ගාන හදවතට අද සද්දෙත් මාරු වෙලා....

තරප්පුවෙ අවසානම පඩියත් නැගපු මං උදාරගෙ මූන දිහා බලලා...අඩවන් කරලා තිබුන මගෙ නිම්නගෙ කාමරේ දිහාව බැලුවා...

යමන්...මං උඹ එක්ක එනවා..

උදාර මුමුනවා...යන්න කියනවා...

ලාවට ඔලුව හොලවපු මම උදාර එක්කම ගිහින් අගලක් විතර තරමට ඇරිලා තිබුන ඉඩෙන් කාමරෙ ඇතුලට ඇස් දැම්මා...

මගෙ පපුවත් එක්ක මොකක්ද උනා...අරූ තනි අතින් ලෑලි පොලව ගලවන්න හදනවා....

ආ...ජයවර්ධන අංකල්...!!

🥺ආයම කොටසකින් හෙට එන්නාම්...

පයිස්සමින් ඉන්ඩෝ....ආතරෙයි අහස තරම්.....

මම ජොබී බුංජියා..

Nedeesha 🥺❤️

More Chapters