LightReader

Chapter 19 - 19

Sheniru pov..

බබී....හෙලෝ....හෙ....හ්

ආයි...ශ්.....ශිට් ....මොන....මොන ....ආයිශ්...what.....fff.....යාහ්..

මං උන්නෙ ටානියගෙ ගෙදර දොරකොඩ ගාව...යකා ආවෙසෙන් උන්න නිර්වාන් බයික් එකට නැගන් පුලුවන් තරම් රේස් කරනකොට සනාශ්ගෙන් ආව මැසේජ් එක එක්ක මටත් ටික ටික ආවේස වේගන ආවා...මං දෙපාරක් තුන්පාරක්ම සනාශ්ව කන්ටෑක්ට් කර ගන්න හැදුවත් එයා කෙරුවෙ ඒ දෙපාර තුන්පාරම මගෙ කෝල් එක කට් කරපු එක...

බබී...ඵෝන් එක ආන්ස්වර් කරන්න.....

මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ.....

සනාශ් මොකක්ද වෙලා තියෙන්නෙ කියලා මට හරියටම හේතුව කියන්න....

මං මැසේජ් පිට මැසේජ් දැම්මා.....

ශෙනිරුවා එන්නෙ නැද්ද ....

බයික් එකේ උන්න නිර්වාන් ආයමත් කතා කෙරුවා .....එක පිට එක පිට මැසෙජ් දෙක තුනක් දැම්මත් ඒ ඔක්කොම සීන් කර කර ගානක් නැතුව සනාශ් ඕෆ් ලයින් යනකොට ආදරෙයි ආදරෙයි කියලා නොබලා මට ගෙදරට ගිහින් ඒකගෙ කොටු මූන පොඩි වෙන්න ගහන්න හිතුනා ...

නිර්වානයා...

මොකද .....??

ගනින්කො බයික් එක එලියට ...

මොකද උනේ කියපන්...??

අර අරූ එල්ලෙන්න එනවා .....

මොකාද ...?

සනාශ් .....

........

.......

අපි දෙන්නම මූනට මූන බලාගත්තා ...විසි හතර පැයක් ගෙවුන් නෑ....විසි හතර පැයක් යන්නත් කලින් එල්ලෙන්න හදන සනාශ් එවපු මැසේජ් ටික නිර්වාන්ට පෙන්නපු මං බයික් එකේ පිටිපස්සෙ ශීට් එකෙ ඉදන් ටානියගෙ ගේ පැත්ත බැලුවා...

මේ ඔක්කොම මගුල් වලට හේතුව ඕකි....මේ ඔක්කොම මගුල් වලට හේතුව ඕකි.....ඕකි හන්දනෙ මේ ඔක්කොම මගුල් පටන් ගත්තෙ ....

ශෙනිරු ....ශෙනිරුවා කොහෙද ඔය ආපිට යන්නෙ....ශෙනිරු ...

ශෙනිරු ඔහොම නැවතියන් .....කිව්වම අහලා නැවතියන් .....

අතෑරපන් නිර්වාන් ...

මං ආපිට බැස්සා ....

යන්න ඔන්න මෙන්න තිබුන බයික් එකෙන් මං ආපිට බැස්සා....බැහැලා ටානියගෙ ගෙදරට යනකොට මගෙ පස්සෙන් ආව නිර්වානයා මාව අල්ලගන ආයම බයික් එක ගාවට ඇදන් ඇවිත් බලෙන් වගේ ඉන්දවලා එහෙම්ම එලියට ඇවිත් මග දුරකින් බයික් එක නැවැත්තුවා ....

බැහැපන් .....

මන් බැස්සා ....මම විතරක් නෙවෙ නිර්වානුත් බැස්සා ....

මොකක්ද උනෙ කියපන් ...?

උඹගෙ එකා හිතන් ඉන්නෙ මේ ඉන්නෙ උඹගෙ ගෑනි කියලනෙ...ඒක එහෙම නෙවෙ කියන්න වීඩියො එකක් යැව්වා ..මොකද ඕක උඹ ඔලුවෙන් හිටන් කිව්වත් ඔය පොඩි නිවුන්නා තේරුම් ගන්නෙ නෑනෙ....

ම්න්...

දැන් ඒක බලලා ලොකු එකා මා එක්ක ඇරගන්නවා.....මං ඒකිට කින්ඩියට බබා කිව්ව එක මේ කොල්ලා සීරියස් අරන් දැන් ඒකට නහින්න හදනවා..මරා ගන්න හදනවා මේ බලපන් කියලා තියනඒවා.... ඕන්න අහගනින්....

තමුසෙ මහ ලැජ්ජා නැති එකෙක් ශෙනිරු...

අනුන්ගෙ ප්‍රශ්න ව්සදන්න ගිහින් ඒකිට බබා කිව්වා.....

මේක හරියන් නෑ ශෙනිරු ....

වටේ යන මනමාල කුකුල්ලු එක්ක ඉන්නෙ කොහොමද ?

ගෑනු පෙරේතයෙක් වගේ බබා කියලත් කිව්වා.....

ගෑනු පෙර්‍රෙතයලු....මනමාල කුකුලලු...මේ බලපන්...මට මුගෙ පෙට්ටි කට ඉදිමෙනකන් හපන්න හිතෙනවනෙ....මගෙ ජීවිතේට මං මෙහෙම අහලා නෑ .....

උඹව බ්ලොක් කරලද....?

නෑ...නෑ...තවම නෑ....තවම නෑ.....දෙයක් කියල තේරුම් කරලා දෙන්න බෑ කට ගහන් එනවා ..මං මේ පුදුම ඉවසීමකින් ඉන්නෙ නිර්වානයා .....වෙලාවක් අල්ලලා කට පොඩි වෙන්න දෙන්න හිතෙනවා....අඩාගන දුවන්න

ම්න්...කෝල් එකක් අරන් බලපන් .....ආන්ස්වර් කෙරුවොත් සයාශ්ට බ්ලොක් එක අරින්න කියපන්.....

ඇයි උඹ ගාව උගෙ පාස්වර්ඩ් එක තියනවනෙ...උඹනෙ ආය එකවුන්ට් එක මුල ඉදන් හැදුවෙ...

මං නිර්වාන් දිහා බැලුවා...පොඩි නිවුන්නගෙ එෆ් බී එකවුන්ට එක සම්පූරනම ඩිඇක්ටිවේට් කරලා ආයම අලුතෙම්ම එකක් හදලා දුන්නෙත් නිර්වාන් වෙනකොට මං නිර්වාන් දිහා බලාගන එකවුන්ට් එක හැදුවෙත් ඌම නේද අහනකොට නිර්වාන් කට කොනින් හිනා උනා....

.

පාස්වර්ඩ් මාරු කරන්...ඇරත්...මාව බ්ලොක් කෙරුවෙ එයානම්..මමම බලෙන් බ්ලොක් එක ඇරගන්නෙ මොකටද ශෙනිරු ම්ම්ම්..කරපු එකා දැනගන්න එපැයි අරින්න.....මම මොකටද.....

මම පපුවට අත් දෙක බැදගන්නකොට නිර්වාන් සාක්කුවට අත් දෙක දාගන එහා ට මෙහාට කැරකුනා.....පාරේ තිබුන ගල් කැටේකට පයින් ඇන්නා...අනිද්දට ටූනමන්ට් එක..මූ මේ විදිහට ගියොත් එක්කො පරදිනවා...නැත්තන් එහා පැත්තෙ එකාට මැරෙනකම්ම ගහනවා.....

පැරදිලා ආවොත්.....??ඒක ඊට හපන්...

මට මේ දෙබඩි ජීවිතෙ ඇති වෙලා තියෙන්නෙ ශෙනිරු.....මට මාව පාලනේ කරගන්න හරි අමාරුයි...උඹත් නාව නම්....මං දන්නවා...මං අනිවාර්යයෙන්ම දන්නවා.....ඒකි කෙල්ලෙක් කියලා වත් නොබලා මං ඒකිට ආය නැගිටින්න බැරි වෙන්න ගහන්න ගියා....

මට තේරෙන්නෙ නෑ....මට තේර්‍ර්න්නෙ නෑ.....මට මගෙ තරහව පාලනේ කරගන්න තේරෙන්නෙ නෑ...අනිද්ද මැච් එක....මගෙ ඔලුව විකාරයි.....පෙරේදා හවසත් අම්මා කියෙව්වා...මට ඒ කියවිල්ල දැන් අහන් ඉන්නත් අප්පිරියයි...

ශෙනිරු මොන කරුමෙට අම්මා ඔය මගුල් වලට ගියාද මන්දා....මුලු කැබිනට් එකේම ඉන්න උන්ගෙ ළමයි එක්ක මාව කම්පෙයාර් කර කර මට දෙන පීඩනෙමට දරාගන්න බෑ ශෙනිරු..මට හරි අමාරුයි.....මිනිස්ටර් අබේවර්දන ගෙ පුතාත් එනවා අනිද්දට....ඌවයි මාවත් වැටෙනවා...අම්මා බලන් ඉන්නෙ....මට තේරෙන්නෙ නෑ..මොන මගුලක්ද මට මේ කරවන්නෙ කියලා...එයාගෙ උජාරුව...ට මාව...ආයිශ්........!!!!ඒ අසෙන් මේ පොඩි කොල්ලා....ඒ අස්සෙන් අරකි....මේ ඔක්කොටම වැරදි අම්මා....වෙන කවුරුත් නෙවෙ අම්මා කියන්නෙ අම්මා විතරයි ශෙනිරු...අම්මා විතරමයි....

නිර්වානයා....

වරෙන් යන්න මං අද උඹලගෙ ගෙදර නවතිනවා මට බෑ ගෙදර යන්න මගෙ ඔලුව අවුල් වෙලා ඉන්නෙ දැන්...

පාරෙ ගල් කැට වලට පයින් ඇන ඇන උන්න නිර්වාන් ඊලග පාර උගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම ඇද ගත්තා... ඇදගත්තා කියන්නෙ මං හිතුවා ඇදගත්තු පාරට උගෙ කොන්ඩෙ ගලවලා අතට එයි කියලා .....

ඌ පව් .....

ඌ ඇත්තටම හුගක් පව්.....

ඌ අවුලෙන් ඉන්නෙ...සයාශ් හින්දා අවුලෙන් උන්න ඌ උදෙ වරුම මාස්ටර් ගෙන් බැනුම් ඇහුවා.... අනිත් පාර මේ කොහෙවත් යන බාර් කාරියෙක් හන්දා ලේ පුච්ච ගත්තා.....

ලොකු අම්මගෙ වැරදි...අප්පච්චිගෙ නෑනා උනාට..මට ඒ ගෑනිව පේන්න බැ...අනේ මන්දා ඔව්වා මූට කියන්නත් බෑ .. ....මටම උගෙ අම්මව පේන්න බැරි නම්...ඌම උගෙ අම්මට අකමැති වෙන එක අහන්න දෙයක් තියනවද....

මහ උද්දච්ච ගෑනියක්....අපේ අප්පච්චි ට හම්බෙන්න තිබ්බෙ.....වරුවක් දනගස්සවලා තියයි...කොහෙද ....ඕ අයි සී උනත් ලොකු තාත්තගේ කට නෑනෙ....ඒකට අපෙ අප්පච්චි එක බැල්මයි....සැලන්ඩර් ...කට නෑනෙ ඉතින් දෙකක් කියල අරින්න.....වෙලාවකට ඇන්ටි වෙන වෙලාවකට ලොකු අම්මා වෙන මහ අමුතු කැරක්ටර් එකක්ඒක නම්...

නිර්වාන්ගෙ අවුල් උන මූන ගාව මට ලොකු අම්මගෙ නපුරු මූන මතක් උනා....

කවදාවත් ජය පැරදුම දෙකම දරාගන්න ඕනා කියලා උගන්නනවා වෙනුවට කවදාවත් පරාජිතයෙක් වෙලා ඒ හැගීමත් විදින්න නොදුන්න..හැම දේම සතුටින් බාර ගන්න ඕනා කියන හැගීම විදින්න නොදී තනිකරම අනිකව මරලා හරි දිනපන් දිනපන් ගගා පොඩි කාලෙ ඉදම්ම උගෙ බ්‍රේන්වොශ් කරපු ආත්මාර්තකාමී ලොකු අම්මත් එක්ක මට තරහවක් ඇති උනා....

.පොඩ්ඩක් ඉදපන් ...අර කොල්ලා මාව බ්ලොක් කරලා නැති එකේ මං උඹව අන්බ්ලොක් කරන්න කියන්නම්....

සයාශ් වගේ නැතුව තවමත් සනාශ් මාව බ්ලොක් කරලා නැති කොට මම සනාශ්ට කෝල් එකක් ගන්න හැදුවා...

එපා....

ආ....

එපා.....අද උන්ගෙ අප්පච්චි රට යනවා කිව්වනෙ....මං දන්නවා....දැන් මං කතා කෙරුවත් උදේ කෑ ගැහුවට හපන් වෙන්නෙ.....දවසක් උන්න දෙන්...මමම ගිහින් කතා කරන්නම්.....පව්...දවලුත් ඇඩුවා....අහ්ඩ රෑටත් ඔය ළමයා අඩාවි...මං යකෙක් උනත් මට ඒ කොල්ලව අඩවන්න හිතක් නෑ ශෙනිරු ...මුරන්ඩු උනත්.....මට ඌව ඕනාවට වඩා අඩවන්න බෑ....මොකද ..මගෙ අත ඉස්සුනොත්...මට එකකින් නවත්තන්න බැරි වෙයි....ඒක හින්දා.....මාවම නිවෙනකන් මං ඉන්නම්.....

එන තරහවට ඇදලා අරන් දෙකක් දීලා අඩනකොට ආයම අත ගාන්න හිතෙනවා....ගහන්න බැරි එකම හේතුව මේ අතකින් ඔවුන් කෑවොත් ආය කට ඇරගන්න බැරිව යයි කියන බය හන්දා නිර්වානයා.....

ම්න්.....

හොරොව්පතානෙ වතුර නැද්ද බන්.....අව්වට මොල කරවෙලාද මන්දා....

ම්න්...

මදැයි ආව දාම කෙල හැලුවා....තනිකරම මහ කාට පූච්චො දෙන්නෙක්නෙ...

ම්න්.....

කොයි වෙලේ හරි අරුත් මගෙන් කනවා...පොඩ්ඩක් ඉදින්කො....මාස පහ හයක් ගෙවෙනකන්...දැන් මොනව හරි කිව්වොත්නෙ ලොකු ලයින් අල්ලන්නෙ....මුල හින්දා කටවහන් ඉදලා පහු පහුවෙනකොට දෙන්නම්කො....

ම්න්....

ආයම හෙල්මන්ට් එක දාගත්තු මං සනාශ්ට මැසෙජ් එකක් දැම්මා...මෙතන ඉදන් කොච්චර බැන්නා උනත් මං මැසේජ් එකෙන් කොල්ලව හුරතල් කෙරුවා ...

"බබී...බැන්නට තරහ උනාට කමක් නෑ....සෙනූ ආදරෙයිනෙ.....පරිස්සමින් ඉන්න හොදද....."

මටෝන පරිස්සමක් නෑ....ඔයාට ඕනා නම් පරිස්සමින් ඉන්න.....අනික ඇයි මය පරිස්සමින් ඉන්න කියන්නෙ...අර ඉන්නෙ අරකිට කියාගන්න එපැයිනෙ....නැංගි බබා...යැයි යැයි...නැංගි බබා....යැයි...යැයි.....එව්....

මං මගෙ නලල නිර්වානයගෙ පිටට ගහගත්තා ...පරිස්සමින් ඉන්න කිව්වා විතරයි ඒකටත් හරහට පදයක් කියපු මගෙ මුරන්ඩු කොල්ලා අනිත් පාර මැසෙන්ජර් වල මට නික්නේම් එකක් පවා දැම්මා...

"නැංගි බබාගෙ දුක අහන අයියා"

නමේ දිග .....

නිර්වාන්ගෙ පිටට ඔලුව ගහන් උන්න මං ආයම එයාට මැසේජ් එකක් දැම්මා.....තරහා වෙලා ඉන්නත් බැරි කොයි වෙලෙත් මතක් වෙන කච කච ගාන පෙට්ටි කට මතක් උන මං කොල්ලව කොහොම හරි යාලු කරගන්න බැලුවා.....

"මං දැන් නංගි බබාගෙද....ඔයාගෙ නෙවෙද....??මං හිතන් උන්නෙ මං ඔයාගෙ කියලනෙ...."

"...මේ පාඩුවෙ ඉන්නවත සෙනූ...රවට්ට ගන්න නේද හදන්නෙ මාව.....මගෙ නෙවෙ තමා...අර බාර් කාරි එක්කම ඉන්න එකයි....."

" මගෙනෙ ඉතින්....මගෙ නෙවෙද...මගෙ නේද...ඔය චූටි පෙට්ටි කට මගෙ නෙවෙද.....ම්ම්ම්...සෙනූ ගෙ නෙවේද . ....බාර් කාරියො මොකටද අනේ...දාහකින් හොයා ගන්න බැරි වස්තු කැටයක් ඉන්නකොට ....."

නිකන් ඉන්නකො සෙනූ...මං දැන් තරහ වෙලානෙ අනේ ඉන්නෙ.....ඇයි අප්පා....

දාහකින් හොයා ගන්න බැයි නම් දෙදාහකින් හරි හොයා ගන්න....හරි කපටි අනේ ඔයා....

ඔව් ඉතින්...මගෙ හින්දනෙ....අනුන්ගෙ නම් මෙහෙම කරනවද්...නෑනෙ...අප්පච්චි කීයට බබී යන්නෙ.....

රෑට යනවනෙ...දුකයිනෙ අප්පා.....

ම්ම්ම්.....කෝ චූටි....

ඌ අප්පච්චි ගාව.....

ම්න්...පරිස්සමින් ඉන්න බබී ....ආදරෙයි ඔයාට...

හා සෙනූ...පරිස්සමින් ඉන්න ...

මගෙ මුනට හිනාවක් මතු උනා....කට්ට කම් දාලා දාලා සැලලිහිනි පැටියව යාලු කරගත්තු මං ගේ ගාවින් බහිනකොට ඒකා මගෙ නික්නේම්.එකත් ආයම මාරු කෙරුවා ...මගෙ මූනට හිනාවක් ඇදුනා.....

" බබීගෙ සෙනු....😘"

මොකද....

යාළු උනා...

ම්න්....

කනවද නානවද.....

නිදාගන්නවා...හවස හයට ඇහැරවපන්...ඒ වෙනකන් මට කතා කරන්න එපා....ඉදා ඵෝන් එක මොකා ගත්තා උනත් මට කතා කරන්න එපා..මගෙ ඔලුව කැක්කුමයි...සයාශ් මැසේජ් එකක් දාලා තිබ්නොත් ඇරෙන්න මාව ඇහැරවන්න එපා මගෙ ඔලුව පුපුරන්න එන්නෙ.....

සනාශ් යාලු උන සතුටට මගෙ මූනට හිනාවක් ආවත් ඒ චුට්ටකිම්ම මගෙ මූනෙ හිනාව නැති වෙලා ගියා....තරහව පීඩනේ ලොකු අම්මගෙ වද දරාගන්න බැරිව පුදුම විදිහට දරදඩු වෙලා උන්න නිර්වාන් මගෙ අතට බයික් එකේ යතුර විතරක් නෙවෙ උගෙ ඵෝන් එක පවා දීලා ගිය විදිහට මට දුක හිතුනා...

ඔලුව පුපුරන්න එන්නෙ කියලා කියපු නිර්වාන්ගෙ ඇස් රතු වෙලා තිබුනා....සාක්කුවට අත් දෙක ඔබාගත්තු රූකඩයක් ගානට ජීවත් වෙන නිර්වාන් ඔහේ යන්න යනකොට මම ආයම සනාශ්ට මැසේජ් එකක් දැම්මා..

" ..නොදන්න දේවල් හුගාක් ඇති....ඒ හැම දේම මං ඔයාට හිමීට කියන්නම්....මල්ලිට නිර්වාන්ව අන්බ්ලොක් කරන්න කියන්න බබී....."

 ...........

Sayash pov...

චූටී....

ඕ අප්පච්චි ....දෙවනි දරුපැටියගෙන් මොකක් හරි උතව්වක් ඕනෙත චින්තක...ඈ

.අප්පච්චි ගෙ බෑග් එක පොඩ්ඩක් කිරන්න .....

කෝකත...

ඔක්කොම.....

මං උන්නෙ සාලෙ ඉදගන....වරූවක් තිස්සෙ කාමරේට වෙලා කොට්ටෙ කාගන වෙනම ලෝකෙක ඉදන් ඵෝන් එක ඔබම සැලලිහිනියා සැරින් සැරේම කොට්ටෙ හපන කොට මං මෙතන ඉදන් පොර කුකුලා වගේ බලාගන උන්නා....දවල්ට කාපු වෙලේ ඉදම්ම උගුර රිදෙන්න ගත්තු මට මොකටත් කියලා පෙනඩෝල් දෙකක් එක්ක සමහන් එකක් බොන්ඩ දුන්න ලොකු නැන්දා සියවෙනි පාරටත් ඇවිත් නලලට අත තියල බලනකොට මං පොරවන් උන්න රෙද්ද අයින් කරලා අප්පච්චි ගෙ බැග් දෙක ආයමත් කිරුවා...

හතයි....

විසි අටයි...

විසි අටයි....

අප්පච්චි .....

කීයද.....

අතේ එකේ හතයි...අනිත් දෙකේ විසි අටයි.....කරේ එකෙ....එකයි..ඒක කිරන් නෑනෙ නේ.....

මං කෑ ගැහුවා....කිලො විසි අටෙ මහ බෑග් දෙක වග්ම කිලෝ හතේ ඇදුම් එකයි...අඩුම කුඩුම එල්ලගත්තු කරේ බෑග් එකත් නිකමට කිරපු මං ආයාම අප්පච්චි ව හොයන් ගියා...

අප්පච්චි ....

ගානට තියනවා...

ම්ම්ම්ම්ම්

මං උලුවැස්සට හේත්තු උනා. .අප්පච්චි ඇදුම් මදිනවා....වෙලාව හැන්දෑවෙ හයත් පහුවෙලා...එකොලහ වෙන්න තව පැය කීයද...අම්මා ගාවට ගියා උනත් ..අම්මටයි අප්පච්චි ටයි ඒ ගෙදර මැඩම් ලා එකට ඉන්න දෙන්නෙ නෑ...අම්මා ඉන්නෙ මැඩම්ලා නැවතිලා ඉන්න ගෙදර වෙනකොට අප්පච්චිට ඉන්න තිබුන කාමරේ ගෙදරින් මීටර් සීයක් තරම් දුරින් ලු තියෙන්නෙ.....කුනු එක දාන්න එනකොට ..කැම එක දෙනකොට .....කඩේකට යන්න එක්කන් යනකොට දකිනවා ඇරෙන්න අම්මව දකින්නෙවත් නැති තරම්ලු....

අම්මගෙ කොන්ඩෙත් දැන් නැහැල්ලු.....ගිනි ගහන අව්වෙ උනත් අම්මත් අදින්නෙ විලුඹත් වැහෙන දිග ගවුම්ලු...ඒ ව්තරක් නෙවෙ....ඔලුවත් වහනවලු.....උදේ පාන්දර පහට විතර නැගිටින අම්මා කුසියට ගියහම ආපහු නිදා ගන්න යනකොට මහ රෑ දොලහත් කිට්ටුවෙනවලු...රමදාන් මාසෙට....හජ්ජි මාසෙට අම්මලව බාගෙට මැරෙනවලු....නෝම්බි අල්ලන කාලෙට උන් දවසෙන් බාගයක් නිදියෑවා උනත් ඉස්කෝලේ යන උන්ගෙ රෙදි හෝදලා එවෙලම මදින්නයි.....රෑ එලිවෙනකන් ගිලින්න උයන්නයි...උයපුවා හෝදන්නයි ගියහම අම්මගෙ කොන්ද කැඩෙන්න තරම් එනවලු...ඔය කතා අහනකොට මං ලුනුයි බතුයි කාලා හරි ඉමු අම්මෙ අනේ එන්නකො කියලා හැමදාම කිව්වත් අම්ම කරන්නෙ ඒ හැම වෙලාවකම ලස්සන හිනාවක් දීලා කතාව වෙනස් කරනවා....

අම්මලා දක්ශයි දුක් විද විද දුක හංගන්න.....

අප්පච්චිලා දක්ශයි දුක විද විද දුක හංගන්න...

එහෙම බැලුවම...අම්මලා කියනවා වගෙ.....අපිට සැප වැඩී.....

මං බලාගන උන්නා....අප්පච්චි එනකොට බෑග් පුරවගන ගෙනාව... ගෙනාවෙ මොනාද ඒ හැමදේම හැමෝටම දුන්නා....ඒත්....යනකොට අම්මටයි අප්පච්චි ටයි කියලා කන දෙයක් වත් දුන්නෙ ලොකු නැන්දා විතරයි ...පොඩි නැන්දාගෙන් කියලා නුල් පටක දෙයක් හම්බුන් නෑ....මහ කපටි මිනිස්සු.....ඔය් ගෑනිව කොයි වෙලෙ හරි පොලව පලාගන අපායට ඇදගන යනවා....

අපෝ...ඒත් වැඩක් නෑ....ඒත් වැඩක් නෑ...අපායෙත් පොලි කරයි.....අපායෙත් ගිහින් සීට්ටු දායි.....

චූටි.....

ඕ...

මෙහෙ එනවකෝ...

ස්ටෝරු කාමරේ දොරට හේත්තු වෙලා උන්න මං එහෙම්ම කාමරේට දිව්වා....මෙච්චර වෙලාම ඩිපුටියට බැනලා බැනලා මටෝන් නැ ඕකව මටෝන් නෑ ඕකව ගගා දහ අට වන්නම නටපු සැලලිහිනියා මේ හැන්දෑ ජාමෙ ඔලුවෙ ඉදන් පොරවන් පුලුවන් තරම් උගෙ ඵෝන් එකට කෙටුවා.....

බබා හම්බෙන්න උන්න හංසියගෙ වැඩේම වමනෙ දාපු එක වෙනකොට වමනෙ දාලා තෙහෙට්ටුවටමද කොහෙද ඒකි නිදාගන උන්නා වගේම පොඩි නැන්දා ඒ අල්ල පනල්ලෙ චූටි අයියට මගුලක් කරලා දෙන්න නැහුනා ....කාමරේට යන්න හදාපු මං ආයමත් මගින් නැවතිලා ගෑනුන්ගෙ ඕපෙට කන් දැම්මා ....

කොල්ලට තව වයස තියනවා පොඩී....මහ ලොකු වයසක් නෙවෙනෙ තාම....

ඒ උනාට කලට වෙලාවට ඔව්වා කෙරෙන්න ඕනා අක්කෙ.....නැද්ද ඉස්කෝලෙ හොද මිස් කෙනෙක් වත්....කොල්ලා සුදුත් ඒකේ .....හොද කෙල්ලෙක් හොයා ගන්න බැරි කමක් නෑ.....ඒ කොහොම උනත් අක්කෙ උඹලා ගෙට ගන්න එකීව හොදට බලලා ගනිල්ලා...

ඒ මොකද ....

මං අහගන උන්නා...මොකද රටේම අබිලින් වගෙ ඉන්න පොඩි නැන්දා ඔය කියුම් ඉවර කරන්නෙ මගෙනුයි ලොකුවගෙනුයි...ඔන්න ඔක්කොටම හොද කියලා ඔය ගෑනි අපි දෙන්නව විතරක් කිච කරනවා .....

ඒ මොකද අහන්නෙ....දැන් ඉන්න එකීලව විස්වාස කරන්න පුලුවන්ද අක්කෙ.....රටේම නාඩගන් නටලා නටලා ලැජ්ජා නැතුව පෝරුවෙත් නැගලා හත් දොහ මගුල් කාලා ආවට පස්සෙනෙ උන්ගෙ කැරැට්ටු එලිවෙන්නෙ...

අමොර්...අමෝර්.....සෙදෝනා...රහසින් වත් පව් නොකෙරූ ඈ.....මලෙන් උපන් කුමාරි...පිච්චමල්බිසව්තමෝ ...හරිම අගෙයි ආ...හරිම අගෙයි අප්පච්චි ගෙ දෙවනි අක්කගෙ හොරි කටෙන් එලියට පනින වචන නම් ආය සුපිරි....සු..පි...රි....!!!

තමන්ගෙ දුව පැනලා ගියා....එනවා මෙතන අනුන්ගෙ දුවලව හදන්න...පන්සලෙ කනුව...හෙට අනිද්දා හොරොව්පතානෙ හන්දියෙ පිලිමයක් හදලා වදින්ඩ ඕනා එ තරන් ස්‍රද්දාව...හරිම උපාසක අම්මා තමයි....

මං මුල්ලට වෙලා කන්දීගන හිතින් බැන බැන උන්නා...ලොකු නැන්දා නම් මොකුත් නොකිව්වා උනත් පොඩි නැන්දා නම් තනිකරම දෙමල මීටරේ කැඩුවා වගෙ කියවනවා ...

චුටි පුතා ගැනනම් බයක් නෑ...මට දුක මල්ලි ගැන.....

ඒ මොකද ...

නෑ ඌ මේ රට රාජ්ජ වල දුක් විදිනවා.....අරුන් දෙන්නට ගානක් නෑ බැලුවොත් ඵොන් එකේ.....ඔන්න බලපන් ලොකූ ඔවුන් මෙහෙන්ම කාව හරි පංගාත්තු කරන් පැනලා යන්නෙ නැද්ද කියලා ....බැලුවොත් පෝන් එකේමයි....ටුකු ටුකු ටුකුටුකු....කොච්චරවාත් ඔබනවමයි....ඔවුන් දෙන්නව හදන්ඩ බැ.....ඕන් බලාපන්කො....පොලවෙ පය ගැහුවම මඩ ආස අල්ලන්ඩ හදන්නෙ....මොකක්ද මන්දා ලේඛම් කමකුත් හම්බෙලාලු ඉස්කෝලෙන්.....ඔව්වා දුන්නත් මුන්ගෙ තියන ඇට්ටර ගති යවන්ඩ බෑ...ඕන් බලපන් ...මං.අද කිව්වා කියලා ඔවුන් විස්ස වෙන්ඩ කලින් ගෑනියෙක් ගේනවා....

චී...කට කැඩෙන කතා කියන්ඩ එපා පොඩි.....ලමයිගෙ කාලෙ ඇට්ටර කම් නොකර කොයි කාලෙ කරන්ඩද....උන් ඉගනගන්නවා...උඹ අනුන්ගෙ ළමයි හදන්ඩ කතාව උඹෙ එකීම පැනල ගිහින් තියනකොට ....

හරිනෙ....ඔය අහගත්තෙ ....කමෝන් සුතර්මා ...කමෝන්.....කමෝන්...හරිනෙ....අහගත්තා නේ ....දැන් සැපත රංජනී...

ද්න් සැපත ...ආවා මෙතන අප්පච්චි ගෙ දරු පැටවු දෙන්නට මඩ ගහන්න ....

ඔක්කොම කතාව අහන් උන්න මන් මොකූත් නෑහුන එකා වගෙ අහල පහල තිබ්බ පොතකුත් අරන් පාඩම් කර කර උන්න එකා වගෙ වතුර උගුරක් බොන මුවාවෙන් කුසියට ගියා....

මගෙ ලොකු නැන්දේ.....උනුවතුර ටිකක් දෙන්න අනෙ...

කෝ බලන්ඩ නලල රස්නෙද....

තාම නෑ...සුතර්මා ඉතින් තමන්ගෙ දරුවට වගේ බෙහෙත් හේත් ලගට දෙනකොට උන හැදෙනවද අනෙ....

මං ඇස් කොනින් බලාගන හින්ට් එකක් පාස් කරන ගමන් වතුර වීදුරුව අතට අරන් වතුර උගුරක් බීලා කට ඇඹුල් කරගත්තා ...ලාවට තිත්තයි...උන ගැනෙන්න තමයි....

ඇතිද..

ම්ම්ම්.....

මොකද...

සුතර්මා ....මල්ලිගෙ දරු පැටියට සිංහල සාහිත්‍යෙන් ප්‍රශ්නයක් මතුවී තිබෙනවා...

මන් මගෙ ගාව උන්න පොඩි නැන්දගෙ මූන දිහා බලලා මගෙ ටිකිරි දසන් ඔක්කොම විහිදලා හිනාවක් දීලා ලොකු නැන්දා දිහා බැලුවා ...

මොකක්ද උඹගෙ ප්‍රශ්නෙ...

ඇස් දෙක වගේ පරිස්සම් කෙරුවත්....සත්මහල් ප්‍රාසාදෙක හිර කරලා උන්නත්....මොන ගෑනිද සුතර්මා බඩ උනේ.....පටාචාරා ත....නැත්තන් අරන්....උම්මාත චිත්‍රද.....බලන්නකො අනෙ...ලේසිම ඒවනෙ අමතක වෙන්නෙ....

උම්මාද චිත්‍රා .....පටාචාරා පැනලා යන්නෙ ගෙදර වැඩට උන්න පිරිමියෙක් එක්ක.....

ම්ම්ම්.....ඒක තමයි....බලන්නකො ඉතින්....මුන්ව ඇහේ කනෙ තියන් හැදුවත්.....රැකවල් පිට රැකවල් දාලා හැදුවත් පැනලා යන එකී පැනලා යනවමනෙ නේ පොඩි නැන්දෙ....විසේ තියන විසේ.....නැත්තන් ඉතින්...හත් මහල් ප්‍රාසාදෙක ඉදනුත් බඩ වෙයිත....නැත්ත සුතර්මා...

අනේද කියන්නෙ...උඹට මතකයි උනන්දු නැති කම...

ම්හුක් ඒකනෙ.....හෙට උදේට ගොටු කොල කැද ටිකක් වත් හදලා දෙන්න සුතර්මා ....මල්ලිගෙ දරු පැටව් දෙන්නගෙ ඇස් පාදන පිනම ඇති අපෙ සුතර්මට බුදුන් දැක නිවන් දකින්න....

දුවපන් මෙතනින්.....

පොඩි නැන්දගෙ මූන ආයම අටපට්ටමක් වෙලා යනකොට මං හිමින් සැරෙ ගල් ආදා වගෙ කුසියෙන් කාමරේට ලෙස්සලා ආවා...ඇවිදින් අතේ තිබ්බ පොත සළුපට අහසට වගෙ පැත්තකට දාලා ඇදට පැන්නා....

චූටි....

ම්ම්ම්ම්..

ශෙනිරු අයියලා ජිම් එකට ගියාලු...

ඉතින්...

ඉතින් කියන්නෙ.....නිර්වාන් අයියත් ගිහින්.....යෝ..හ්...මේ බලපල්ලකෝ.....ඵොටො එකක්....චූටියා....මේ ඵොටො එකක් එව්වා.....අනේ මේ බලකෝ.....සෙනූ ඵොටෝ එකක් එව්වා.....ම්මේ..මේ..බලකෝ....අනේ...මගෙ...ආව්හ්...ආව්...හ්...ඔලුව යකෝ...ම්හුක්...හදිස්සියනෙ....වැදුනනෙ....

උඹට මාන්දමද ලොකූ...දගලන්නෙ..?උන්ට ඇග එක්ක ඔලුවත් හදාගන්න කියපන්....හෙඩාටයි ඩිපූටියට දැන් ඇග විතරනෙ අඩුවෙලා තියෙන්නෙ...උඹටත් තියන මනමාල කම බලපන්කො.....ඔච්චර නැහෙන්න ඕනෙද ඵොටො එකක් එව්වම...ඔලුවත් ඇද විට්ටමෙ ඇනගත්තා...ඒ තරම් පෙම !!

මේ....නිර්වාන් අයියා....බලන්න ඕනෙද...

අනෙ මේ..ලොකු මට ඕන නිර්වානයෙක් නෑ...උඹට ඕනා නම් බලාගනින්.....මට වැඩ නෑනෙ....

මං අහක බලාගත්තා .....නිකන් නෙවෙ...ගස්සලම අහක බලාගත්තා ...නිර්වාන්ව තාමත් බ්ලොක් කරන් උන්න මම ලොකුවහෙ ඵෝන් එකට ටින් ටින් ගාලා වදිනවා අහගන මං අහක බලාගත්තා ....

ඒත් තප්පර දෙකයි...මගෙ ඇස් දෙක ආයම ලොකුවා ගාවට කැරකුනා....

මෙච්චර වෙලා ඔලුවෙ ඉදන් පොරවන් කොල ගෙම්බා වගෙ කුටු කුටු ගගා කොට කොට උන්න සනාශයට ඩිපූටුයගෙන් ඵොටො එකක් ආව විතරයි මූට තුස්තුන්දාහෙන් කරන්ට් එකක් වැදුනා වගේ ඔලුවත් වද්දන් ඇදේ ඉදගත්තා ...ඔලුවට හෙන ගැහුවත්...ඔලුව සත් කඩකට පැලුනත් ඌ නෙවෙ ගනන් ගත්තෙ..... ඒ වෙනුවට කෙරුවෙ ඩිපූටියගෙ ඵොටෝ එක සූම් කරකර කෙල පෙරපු එක වෙනකොට මම රවාගන හොරෙන් හොරෙන් එබිකන් කෙරුවා .....

දෙන්ඩ තියෙන්නෙ මූට...

බලාපියකො ඇස් දෙක...වෙසක් තොරනෙ බලුප් දෙකක් වගේ...අමෝර්..අමෝර්.....

සාජහන් මුම්ටාස් ආදර අන්දරේ නෙමැයිනෙ.....

අර අර.....අර බලපියකෝ....කොටන කෙටිල්ල....අර...මූගෙ ටච් එක යනවා...මහපට ඇගිලි කොර වෙනවා ...අනෙ අම්මේම කෙටිල්ලක් ...

ම්හුක්...මගෙ හෙඩ් පිපෙට් අයිගෙ ඵොටෝ එක බලන්න ඕනනේ...

අනේ අප්පච්චි ...අප්පච්චිගෙ දෙවනි දරු පැටියා ලොකු කමට බලන්න ඕනෙ නෑ කිව්වට බලන්න ඕනනෙ අප්පච්චි ....ම්හූක්.....

යෝ...මූ බහිරවයා වගේනෙ...ඕක පොඩ්ඩක් තියලා කොහෙට හරි ඉගිල්ලිලා පලකො...අනේ අප්පච්චි මූට අඩගහපල්ලකො කවුරු හරි...අනේ.....කවුරුන්හරි මූට අඩගහපලකො.....අනේ..මූට මොකෙක් හරි අඩගහපියව්කො අඩේ...

ම්හුක්....චූචිට නිරූව බලන්න ඕනනෙ....අනේ..අප්පච්චි ...මූව අඩගහගනිල්ලකො...අනේ...

සැලලිහිනියට ගැස්සිලි පැද්දිලි දාපු මම අනිත් පාර හිත යටින් අඩන්න ගත්තා.....හිත යටින් නහයෙන් ඇඩුවා.....කොච්චර කියෙව්වා උනත් හෙඩාගෙ ඵොටො එක බලන්න ඕනා වෙනකොට මම හිත යටින් ජප කර කර කිරිකොරහ නටන්න ගත්තා.....

අනේ...මුව අඩගහපියව්කෝ...හ්හ්හ්....ම්හූක්.....

ලොකූ...

.....ඕ අප්පච්චි .....

අන්න උඹට අප්පච්චි අඩගහනවා...පලයන් අප්පච්චිව මහන්සි නොකර...

........

ලොකූ....

මූට කන ඇහෙන් නෑ අප්පච්චි .....මුගෙ ගාව ඉන්න මට ඇහෙනවා මූට ඇහෙන් නෑ අප්පච්චි .....

ආ එහෙනම් උඹ වරෙන් චූටි....

........

චූටි.....

මං ඉක්මනට කට පියාගත්තා ....ඩිපූටියගෙ සිහියෙන් ඉන්න සනාශයට මෙලෝ මලදානයක් නෑහෙනකොට මුට්ටි අල්ලන්න ගියපු මාව අහු උනා විතරයි අප්පච්චි මට අඩගහද්දි මන් ඉක්මනට මීයා වගේ ඉදලා අරූට ඇන්නා...

.මේහ්....

මොකද බන්...

අර අප්පච්චි අඩගහනවා කීයෙ ඉදන්ද...අනේ අනේ උඹ...උඹට වාහෙගෙ සිහියෙන් ඉන්නකොට පන දීලා හදපු අප්පච්චි ගෙ කටහඩ ඇහෙන්නෙ නෑ...ඒතරම් වසී වෙලා.....සාජහන් නෙමැයි ඕකා...ඔය බඩකඩිත්තුව මෙන්න මෙහෙටදීලා පල...යස්ස පරිස්සාව...යස්ස පරීස්සාව....

උඹ මැසේජ් කියවන්නෙ නෑ ආ...

හා...මට ඕන මැසේජ් එකක් නෑ.....වැඩේමයිනෙ...

ලොකු.....

මේ එනවා අප්පච්චි .....වංගුව ගාව.....

ලොකුවා යන්න ගියා උගෙ ඵෝන් එකත් එක්ක මං තනි වෙනකොට මං ටුකු ටුකු ගාලා ආදර වදන් වෑහෙන මැසෙන්ජර් එක දිගේ මගෙ හෙඩ් පිපෙට් අයියව හොයාගන ගියා.....

ම්හුක්...අනේ...මුනිතාස....අයියෙ...හ්..මේ ඉන්නෙ....යෝ.....හ්..මේ ඉන්නෙ...මේ ඉන්නෙ.....ඩිපූටියා ගාවම...මගෙ නිරූ....යෝහ්...මේ ඉන්නෙ....මගෙ...හෙඩ් පිපෙට් අයියා...

නොම්බර දාහත සලුපොට අහසට.....මං බය නෑ ශාමා.......අනේ....අම්මෙ.....අප්පච්චි ...බාල..බෑනගෙ.....කඩවසම් භාවය.....horny ....horny ....horny .....නිරූ...ම්හුක්....ආතරෙයි...නේහ්...ම්හුක්.....

චූටී...

ඕ.....

චූටියා...

ඇයි යකෝ....ඇයි.....

හෙඩ් පිපෙට් අයියගෙ වගේම ඩිපූටියගෙ ඵොටෝ එක දිහා කන්න වගේ බලන් උන්න මම ලොකුවගෙ බෙලෙක්කෙ ඇහෙනවත් එක්කම සට සට ගාලා ඉක්මනට අප්පච්චි ගෙ පොඩි බෑනව මගෙ ඵෝන් එකට එලවගන ඉක්මනට ඵෝන් එක පැත්තකට දාලා මොකුත් නොදන්න එකා වගෙ ඇදෙන් බැහැලා එලියට දිව්වා...

ඇයි මගෙ ලොකූ....චූචිට අමතන්නෙ ඇයි....

අප්පච්චි කතා කරනවා චූටි... 

ඇයි ලොකූ.....

නෑනෑ.....අප්පච්චි කතා කරනවා...ගිහින් කතා කරපන්.....අප්පච්චිට කතා කරන්න ඕනලු...

මං සනාශ්ගෙ මූන දිහා බැලුවා ...කලින් පාර වෙසක් තොරනෙක තිබුන බල්බ් වගේ ඇස් දිලිසුන සනාශ්ගෙ ඇස් දෙක රතු වෙල තිබුනා....ඌ අඩලා...අප්පච්චි බැනලද....නෑ...අප්පච්චි කවදාවත් අඩන්න බනින්නෙ නෑ.....පොඩි කාලෙ ගැහුවා උනත් කවදාවත් හිත රිදෙන්න වත් වචනයක් පිට නොකරපු අප්පච්චි කවදාවත් මේ යන්න යන වෙලේ බනින්නෙ නෑ...

ලොකූ....

.....

මට....

අඩන්න එපා චූටි...අඩන්න නම් එපා...

අප්පච්චි ගාවට ගිහින් ආව ලොකූගෙ ඇස් රතු උනා සමානවම මගෙත් ඇස් රතු උනා... හැබැයි....ඒ රතු වෙච්ච රතු විල්ල තවමත් එහෙමමයි.....

බිත්ති ඔරලෝසුවෙ තිබුන කටු වෙනදටත් වේගෙන් කැරකුනාද මන්දා....අ..අප්පච්චි අතින් බත් කටක් කවා ගත්තා උනත්...ඔරලෝසුවෙ කටුව වටයක් කැරකෙන වාරයක් වාරයක් පාසාම උගුරෙන් පහලට ගියපු බත් කට මටවත් ලොකූටවත් දිරෙව්වෙ නැති වෙනකොට අප්පච්චි අපි දෙන්නා එක්ක ඉන්න වෙලාව ටිකෙන් ටික අඩුවෙලා අඩුවෙලා ගිහින් අවසානෙදි පපුව පුපුරන්න එන තැනටම අපි ලන් උනා....

මම වෑන් එකෙන් බැස්සා...අප්පච්චි කතා කරපු තැන ඉදන් මගෙ වගේම ලොකූගෙ මූනෙ හිනාව සම්පූරනම නැති වෙලා ගියා වගේම එතනින් පස්සෙ ඌ මල්කඩන එක පවා නැවැත්තුවා ....

කට වාචාල කමට කියවන පොඩි නැන්දා මොනවා කිව්වත් ගානකට නොගත්තු අපිදෙන්නා අවසානෙදි උන්නෙ ඔහේ වෙනකොට වෑන් එකට නැගපු වෙලාවෙ ඉදන් කටුනායකින් බහින තැන වෙනකන්

මායි ඌයි අප්පච්චි ව මැදිකරන් අප්පච්චිගෙ ගොරෝසු අත් අපේ අතට පටලවන් උන්නා ...

පපුවට පුදුම බරයි ..ගෙදරින් නැගපු වෙලේ ඉදන් අනිත් උන් කාටත් වඩා අපේ පපුබර වෙනකොට ඌයි මායි අප්පච්චි ගෙ උරහිස උඩ ඔලුව ගහගත්තා .....කෙල්ලෙක් වේවා..කොල්ලෙක් වේවා....අවුරුදු හැට පැන්නත්...අම්මා අප්පච්චි ගාවදි අපි හැමදාමත් නොදරුදො වෙනකොට කරදඩු උස් උනත් අප්පච්චිගෙ දෙඋර අපි දෙන්නගෙ බර අදටත් උහුලන්න හයිය වෙනකොට මගෙ ඇස් ඒ උරහිස තෙමුවා....ගොරෝසු අත් අස්සෙන් වෙනදටත් වඩා උනුහුම දැනෙනකොට නොපෙන්නුවට මොකද....අප්පච්චිත් මග දිගට හිතින් ඇඩුවා...

මම බැස්සා ...මගෙන් පස්සෙ අප්පච්චි වගේම සනාශ් බහිනකොට මම බලාගන ආදරෙන් සමුදෙන්න එන උන්ට වඩා මෙතන වැඩි හරියක්ම උන්නෙ කදුලු පුරවන් සමුදෙන්න ආව උන් වෙනකොට අපි දෙන්නත් අප්පච්චි එක්ක හිමින් හිමින් ඒ පස්ස පාරෙම ගියා වගේම අනේ අප්පච්චි යන්න එපා...අනේ අප්පච්චි යන්න එපා....කිය කිය මගෙ හිත එකම දිගට මුමුනනකොට යන්න පුලුවන් උපරිම දුර ආවයි පස්සෙ අප්පච්චි නැවතුනා...නැවතිලා අපි දිහා බැලුවා...දන්න දා ඉදම්ම ගිනි ගහන කාන්තාරෙ දාඩිය හෙළන..බඩෙන් බාගෙට කන...ඇස්වලට සැනසීමක් නැති.....බාබලාගෙන් බල්ලො බලල්ලු ගානට කුනු බැනුම් ඇහුවත් අපේ මූනු ගාවදි හැමදාමත් දුක හංගලා ඒ වෙනුවට මවාගත්තු හිනාවකින් අපිව රවටන අප්පච්චිගෙ කකුල් ගාව මම වගේම ලොකූ දන ගැහුවා....අපේ හොදම කාලෙ ඒ අයට මග ඇරුනා....අපිට එයාලව ඕනම කාලෙ අපි දෙන්නටම එයාලව මගෑරුනා...අතට ගන්න හැම මොනර පිලක් ගානෙම තියෙන්නෙම අම්මා අප්පච්චි ගෙ දාඩිය කදුලු වෙනකොට නියත විවරන දෙන්න පින් නැතත් මං හැමදාමත් බුදුන් ගාව මගෙ අම්මා අප්පච්චි ට බුදුබව ඉල්ලුවා...

අප්පච්චි ...පරිස්සමින් .....ගිහින්....එන්න...අප්පච්චි ...අපි....ආදරෙයි.....

අවසානම තත්පරේදි හැම දේම පිපිරුවා.....රතුපාට හරහට ඇදපු පටි ගාවදි අප්පච්චි අපෙන් ඈතට යන හැටි බලන් ඉන්න බැරිම තැනදි ආයම පාරක් අපි දෙන්නා ගාවට ආව අප්පච්චි අපිදෙන්නවම එක පාර පපුවට තද කරගද්දි සනාශ්ට වඩා හරි ලාමක හිතක් තියන මට පලල් උරහිස උඩ ඉකි ගැහුනා....

මගෙ කොල්ලො දෙන්නා ...අප්පච්චි ආදරෙයි පුතෙ.....ආයම දවසක අප්පච්චි අම්මා එක්ක නවතින්නම එනකන් මගෙ පන උඹලා පරිස්සමින් ඉදින්.....

" සංසාරෙ ගමනක

පිට දුන් බෝධියක්

නේරංජනෙර් තරමට

උතුරන්න ස්නේහයක්

පවි පුරවපු ඇස්වලට

මග හැරුන තැන්වලත්

කොහේ හරි ඉන්න ඇති

බුදු නොවුන ප්‍රේමයක්

අනේ අප්පච්චි ...අපි මේ ජීවත් වෙනවා නෙවෙ...ජීවත් වෙන්න හීන දකිනවා අප්පච්චි .....

සුදුපාට වීදුරුවෙන් මෙහා ඉදන් වීදුරුවට එහා පැත්තෙ ඉදන් යන්න ගියපු අප්පච්චි අවසානෙදි අවසානම පාරට හැරෙනවත් එක්කම මගෙ කම්මුල් තෙමාගන කදුලු පේලියක් පහලට යනකොට අපිට එහායින් පුංචි එකෙක් අම්මගෙ බෙල්ලෙ එල්ලිගන අනේ අම්මෙ යන්න එපා....යන්න එපා...ගගා බෙරිහන් දෙද්දි ඒජන්සි එකේ නම ගහපු පාස්පෝර්ට් එක අතේ මිටිමොලවන් උන්න ඒ අම්මා රටින් යන්නත් කලින් වීදුරු දොර ගාවදි දරු කැක්කුමෙන් පපුව පලන් උන්නා....

ජීවිතෙ මහ බරයි.....උරහිස් උඩ තියන් හැම බරක්ම අදින..මෙට්බින් එහාට තමන්ගෙ නිවන අනුන්ගෙ රටකට පියාඹන හැම කෙනෙක්වම...හැම අම්මා අප්පච්චි කෙනෙක්වම...තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්ම බලාගන්න ඕනා...ජීවිතේ හොදම කාලෙ පවුල වෙනුවෙන් හැම සතුටම කැප කරන ඒ.හිත් වලට හැමදාමත් සතුට සැනසීම ලැබෙන්න ඕනා.....

මං ආදරෙයි අප්පච්චි ....ආයමත් ඉක්මනට එන්න මගෙ අප්පච්චි ...

අප්පච්චි ගියා චූටි....අපි යමු...

විනාඩි ගානක් යනකන් අප්පච්චි ගිය පාර දිහා බලාගන උන්න මගෙ උරහිසට අත තියපු සනාශ් අප්පච්චි ගියා අපි යමු කියනවත් එක්කම මමඑන්න හැරුනා වගෙම මෙච්චර වෙලාම බ්ලොක් ලිස්ට් එකේ උන්න නිර්වාන්ව අන් බ්ලොක් කරපු මං දෙපාරක් නොහිතම මැසේජ් එකක් දැම්මා....

වෙලාව මහ රෑ දොලහත් පහු වෙලා....ඒත්....ඒ මැසේජ් එක සීන් උනා..අනිත් අතට රිප්ලයි ආවා.....

"අප්පචි ගියා ...අයියෙ"

" අඩන්න එපා...මං ඉන්නවනෙ චූටි......මං ඉන්නවනේ.....ම්ම්ම්....."

🥺 ගුත් මෝනිම් ටූයූ.....

.ආයම කොටසකින් එන්නා...ම්

වික්කම සිංහ එක්ක එනලම්..පයිස්සමින් ඉන්ඩෝ.....

මම

ජොබී

උම්ම්ම්ම්ම්මා.....ආතරෙයි...

Nadeesha ❤️❤️❤️

More Chapters