LightReader

Chapter 20 - 20

චූටි මල්ලි...එන්න...

චූටී....සයාශ්.....

මං ඔහේ ඵොන් එක දිහා බලාගන උන්නා...නිර්වාන්ට මං ආයම රිප්ලයි කෙරුවෙ නෑ...හැබැයි...ඕෆ් ලයින් ගියෙත් නෑ...ඒ කියලා එයා මට ආපහු මැසේජ් එකක් දැම්මෙත් නෑ...එයයි මායි දෙන්නම ඔන්ලයින් උන්නා.....සමහර විට මං මැසේජ් එකක් දානකන් බලන් ඉන්නවද...??

නැතුව ඇති...එයා නිකන් ඔන්ලයින් ඉන්නවා ඇති.....මං විතරද ඔන්ලයින් ඉන්නෙ එයාට.....

ඵෝන් එක දිහා බලාගම තනියම කල්පනා කර කර උන්න මං චූටි අයියගෙ කටහඩත් එක්කම ආපහු වෑන් එකට නැග්ගා..ගිහින් අන්තීම සීට් එකෙ කෙර...වලටම ගිහින් ජනේලෙට ඔලුව ගහගන්නකොට මං බලාගන සැලලිහිනියා ශීට් එක අස්සෙ ඔලුව ඔබාගන අතිනුත් කට වහන් සෙනූ අයියෙ සෙනු හුයියෙ....සෙනු....#යියෙ ගගා වොයිස් මැසේජ් යවනවා.....

මං ඌ දිහාත් බලන් උන්නා....

ඌට ගානක් නැද්ද ...?

ඌටත් දුක උනත්.....මට ඌට වඩා දුක දැනුනා.....අම්මා අප්පච්චි ගාවට ඌත් ලැදි උනත්....වැඩිපුරම රිංග රිංග ආදරේ හොයන්නෙ මම වෙද්දි....හුරතල් වෙවි මායන් වෙන්නෙ මම වෙද්දි සනාශ්ට වඩා මට දුක දැනුනා...

මං දන්නෙ නෑ...මං දන්නෙ නෑ.....සමහර විට...සනාශ්ට දුක තිබුනත් එයා හිත ගල් කරන් ඉන්නවා ඇති.....

බ්‍...ර්.....

මගෙ අතේ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා.....මැසේජ් එකක්...

නිර්වාන්ගෙන්....!!!!

මං හිතුවා වැරදිද ...?

" පරිස්සමින් ගෙදර එන්න චූටි....අයියගෙ ඔලුව රිදෙනවා.....හෙට ඉස්කෝලේ එන්න...ගෙදර ගිහින් නාඩා නිදාගන්න....නැත්තන් ඔලුවෙ කැක්කුම හැදේවි ඔයාට....."

වෙන වෙලාවල් වලට නම් මං නිර්වාන් එක්ක කොච්චර නම් එල්ලෙන්න හදනවද....කොච්චර නම් එකට එක කියවනවද....ඒ නපුරු ඇස් මගෙ වැඩ එක්ක කොයි තරන් නම් රතු වෙනවද....ඒත් අද එයා එහෙම නෑ....දැන් එයා එහෙම නෑ....එයාට මං අයියා කියපු නිසාමද මන්දා මම අයියා කියන විදිහටම එයත් එයාටම අයියා කියාගන තියනකොට මට ඒ මැසේජ් එක දකින වාරයක් ගානෙම බඩ ඇතුලෙන් ගිනි බෝලා එහා මෙහා කැරකෙනවා වගේ දැනුනා....

මහා දෙයක් තිබුන් නෑ....සනාශයට වගෙ බබී...ආදරෙයි...මගෙ නේද...මගෙ පෙට්ටි කට ඔය වගේ හුරතල් කිරිලි කිසි දෙයක් නෑ...හැබැයි නිර්වාන්ගෙ එවපු මැසේජ් එක මගෙ හිත නිකන් හෙලෙව්වා වගේ උනා....පරිස්සමින් එන්න...අඩන්න එපා...ඒ වචන අස්සෙ එයා මං ගැන කරදර වෙන බවක් එයා නොකියා කියලා තිබුනා...

"පෙනඩොල් දෙකක් බොන්න....."

මං රිප්ලයි එකක් දැම්මා...නිකම්ම නිකන්...නිරූවත් නිර්වාන් වත් අයියෙ කියලවත් මේ මොකුත් නැතුව ...හැබැයි මැසේජ් එක ඩිලිවරි උනේ නෑ...එයා ඩේටා ඕෆ් කරලා.....අඩුම ගානෙ මගෙන් රිප්ලයි එකක් එනකන් වත් ඉදලා නෑ....සමහර විට එයාට හිතෙන්න ඇති මං රිප්ලයි නොකර ඉදී කියලා .....

මං එහෙම්ම ඔලුව ගහගත්තා .....අද ජෝක් නෑ..මොකුත් නෑ....අප්පච්චි ගෙ දෙවනි දරු පැටියට හිත රිදිලා නොසෑහෙන්න .....!!

චූටි....

.....

චූටි...

...

යකො චූටියා....

ම්ම්ම්...හ්හ්...

ම්ම්හ්හ්...ගාන්නෙ..මැරිලද...බැහැපන්ගෙදර ආවා...

ම්ම්ම්ම්....

මං ඇස් දෙක ඇරියා...සැලලිහිනියගෙ මූඩ් ෆික්ස් වෙලා ...වෙලහට ඩිපූටියා උගෙ හිත හදන්න ඇති....

එයා පෝර්ට් හන්දියේදි වහපු ඇස් දෙක මං ගේ ගාවට එනකම්ම වහන් ආවා උනත් මං නිදි කියලා හිතාගන අත පය දිගෑරලා වට්සැප් එකෙ පෙම් කෙලපු සැලලිහිනියගෙ ඔක්කෝම මැසේජ් එක ඇහැකින් මං දැකපු මට අර වැහිලා තිබුන ඉතුරු ඇහැත් මං ඉබේටම හොරාවට ඇරුනා...මොනා නැතත් අපූරු ස්ටිකර් සෙට් එක....සැලලිහිනියා අරූට මැසේජ් කරන්න හන්දමද මන්දා වට්සැප් ස්ටිකර් බර තොගයක් බාගන තිබුනා.....

ම්හුක්..මටත් ඕනනෙ....එ ස්තිකල්...හෙඩ් පිපෙට් අයියට යවන්න ඕනනෙ.....

හරිම අගෙයි අප්පච්චි ගෙ ලොකු එකාගෙ පෙම් කෙලිල්ල.....ශෝක වෙවී උන්න මාව බඩ වෙන්න ආවා..ආදරෙයි බබී ගාලා අරූ කී පාරක් නම් කිව්වද අඩේ...එක්කො මුගෙ නම් බොරුවද මන්දා....කව්ද අඩේ දන්නෙ මුන් මුලින් මුලින් හෙනට ආදරේ දීලා...අපිව ගානට ට්‍රැක් එකට වට්ට ගන්නයනවද කියලා ...ඊට පස්සෙ ඔවුන් හප් කිව්වත් අපි කට වහන තැනට අපිව හදන්න හදනවද කව්ද අඩේ දන්නෙ....

යෝහ්...මූ ගොනා වෙලා නේත.....

කටු නායක ඉදන් ඉසුරුමුනීලාගෙ පිවිතුරු ප්‍රේමෙ පෙම් කෙලිල්ල බල බල ආද මං ගෙවල් වලට හැරෙන පාරෙදි මොකුත් නොදන්න එකා වගෙ ඇස් පියා ගත්තා ...

අපේ එකා මැසේජ් කෝටියක් යැව්වම අරු එවන්නෙ එක මැසේජ් එකයි....දෙකයි....ඒකෙනුත් එකක්....ම්ම්ම්ම්ම් ගාලා අනික ආදරෙයි බබී කියලා ...යකො ඔහොම මැසේජ් කරන්න ඕනද....

නිරූට නම් කියන්න ඕනා මාත් එක්ක හොදට මැසේජ් කරන්න කියලා හැබැයි oy mk,kwda ,bwwda ඔයවගෙ අකුරු අඩුවට නම් ගොබ්බ විදිහට මැසේජ් කරන්න එපා කියන්න ඕනා...මට නම් පේන්නම බෑ අප්පා mk mk mk ගාන එක ම්හ්ක්....!!.....

මං වෑන් එකෙන් එලියට බැස්සා ...පොඩි නැන්දා ඔලුවත් කස කස හැප්පි හැප්පි ගෙදරට යනකොට මං බලාගන චූටි අයියා මේ මහ රෑ ඵෝන් එක කනේ තියාගන පොඩි නැන්දගෙ උකුසු ඇස් වලින් බේරිලා ගහක් යටට දුවනවා.....

ම්ම්ම්..ම්ම්.....ජීව විද්‍යා සරුත් වර්ගයා බෝ කරන්න විරුද්ද ලිංගිකයෙක් හොයන් වgay.....බොහොම අනර්ගයි...චූටි අයියේ.....බොහොම අනර්ගයි....රෑ පානෙ ගස් ගල් අස්සෙ රිංග රිංග කුටු කුටු ගගා කියවන හැටි නම් බොහොම අනර්ගයි....ප්‍රීතී....ප්‍රීතී.....

ලොකු නැන්දේ ...බඩගිනීනෙ.....

බොල චූටියා....මේ සපත්තුව ගන් ඇවිල්ලා....

ම්හුක්....මේ රෑ දෙගඩ ජාමෙ බනින්න එපා සුතර්මා ...වටේ පිටේ මිනිස්සු මොනා නොහිතයිද....මල්ලි ගියා විතරයි අක්කා පොඩ්ඩ දරු පැටියව කන්න හදනවා කියයි...නිස්කාරනේ පද අහගන්නෙ නැතුව ඉන්නකො අනේ....ම්හ්...ක්

පෙම් කෙලලා මහන්සියටද කොහෙද සැලලිහිනියා ගෙට ඇතුල් උනේම බඩ ගිනී ගාගන වෙනකොට හෙඩ් පිපෙට් අයියගෙ ඇදුරු තුමා දිහාවට ඇන්ටනාව දාන් ආව මං ගලකත් හැප්පිලා හොම්බෙන් යන්න ගිහින් අනූ නවයෙන් දත් ටික බේ‍රන් මං ගෙට ආවා...

ඒ වැටුන වැටිල්ල වැටුනනම් දතක් ලෙප්ට් වෙලා මාව බන්දු සමරසිංහ ගෙ ඵොටෝ කොපියක් වෙනවා. .....

මං ගෙට ආවා,ගෙට ආව කියන්නෙ එන ඒමටම කකුලෙ තිබුන සපත්තු දෙක ගලවලගනම ගෙට ආවා..එක සපත්තුවක් උඩින් විසි වෙලා ගේ අස්සට වැටෙනකොට අනික මිදුලට වැටිලා මුනින් අතට හැරුනා...හරියටම ගොම්බෙට්ටක් වගේ....

චූටි .....මේ සපත්තුව ගන්න බල්ල කයි ආ.....ඔන්න දැම්ම කිව්වා...

සුවර්ත?බල්ලා කයිමයි කියලා ..... බල්ලා කන්නෙ නෑ.....ඒක ඔහෙ තිබ්බ දෙන්.....ඔය කාට කාටත් වඩා මට බල්ලව විස්වාසයි.....!

සේපාලිකා මල් ගහක් ආස්සට වෙලා මේ මහ රෑ පෙම් කෙලපු සාලිය කුමාරයා ගෙට ආවෙ ඔලුව පුරාවටම මලුත් අටවන් වෙනකොට මං බලාගන ප්‍රේම ලෝකෙ ගිලිලා උන්න ඌව මාව හැප්පුන ගලේම හැප්පිලා හොම්බෙන් යන්න ගිය වගේම අඩ අන්දකාරෙම මගෙ සපත්තුවත් පෑගුනා...ඒකා එහෙන් සපත්තුව ගන්න කියනකොට

" ඇගපත හොර පන්තියෙ "ඉන්න මං අඩියක් දෙකක් එලියට ගිහින් සපත්තුව නොගෙන සෝෆාවට වෙලා කකුල් දෙකත් උඩ තියාගන අප්පච්චි ගිය වේදනාවට සෝක වෙවී වචන නාස්ති කර කර උන්නා...

ඒ එක්කම කාමරේට ගියපු පොඩි නැන්දා ආයමත් එලියට ආවා...ඇවිදින් සැප පහසුවට ඉන්න මා දිහා වපර ඇහෙන් බැලුවා.....

ඔන්න දැන් මොනවා හරි කියවයි....ඔන්න ..ඔන්න...සියල්ල දත් අති පන්ඩිත මසුරු සිටානෝ මොනව හරි කියයි....

කන්නෙ නෑ නෙවෙ ගනින්...බල්ලා කෑවොත් දැනෙයි.....මුන්ට අගයක් නෑ...අපේ එකා නර දුක් විදිනවා..මුන්ට පරිස්සමක් නෑ....කකුල් උඩ තියන් ඉදන් ඉන්න එකේ ගිහින් උඹට සපත්තුව ගන්න බැරිද....යමං ගිහින් අරගනින්....උඹල බේබි හාමුලා වෙන්න එනවා....

ඔය මං කිව්වේ...මං කිව්වෙ කොහෙන් ගියත් එල්ලෙන්න හදනවා කියලා ....බේබි හාමුලා වෙන්න එනවලු ඒපාර....ඒක ඊට හපන් .....

මං ගස්සල අහක බලාගත්තා ....අප්පච්චිත් නැති එකේ මටයි අරූටයි සැරකරන්න හොදටම ඉඩ කඩ තියන බව දන්න පොඩි නැන්දා බනිනකොට මාත් එකට එක කිව්වා.....

ඔයා ඉන්නකො මුදුනා නොවී...බැරි හින්දනෙ මෙහෙම ඉදන් ඉන්නෙ...පුලුවන් කමක් තියනවා නම් ගන්නවා...අනික රංජනී මේ හැම වෙලේම අපේ අප්පච්චි ගැන කිය කිය ඔයා අපිට අනම් මනම් කියන් එන්න එපා හරිතෙ....ඔයා කතා කරන්නෙ ඔයාගෙ දුව ...ඔයාගෙ පැනලා ගියපු දුව...ඉස්කෝලේ නොගින් මගුල් විසේ ගහපු දුව ඉන්නෙ...අන්න ඒකිට විතරක් සැප හම්බුනම ඇති කියලා නෙ....අප්පච්චි තාම ඉන්නෙ එයාපොර්ට් එකෙ මට තරහා ගියෝතින් මං ඔක්කොම කියලා ආපිට ගෙන්නගන්න හරිතේ.....ආවා මෙතන මුදුනා වෙන්න....

මුදුනා...මං කොහෙද බොල මුදුනා වෙන්න ගියේ....ඔහොම ඉදන් ඉන්නෙ කියන්නෙ ඇයි උඹගෙ කකුල් කැඩිලද....කට කට නම් තියනවා හැකර කට වගෙ....

කට හැකරයි තමයි...අප්පච්චි ගෙ පරම්පරාවෙන් මේ කට ආවෙ....කකුල් ගැන කියනවා නම් කකුල් කැඩිලා තියෙන්නෙ ඔව්...මේ දැන් කැඩුනෙ... ජස්ට් නව් කැඩුනෙ....මේ රංජනී..... මේ....රෑ දෙගොඩ ජාමෙ කෑ නොගහා ඉන්නවත...මේක හොරොව්පතාන නෙවෙ..මේක කොළඹ....ඇයි අනේ....දරු පැටියා ඉන්නෙ වේදනාවෙන් බව දැක දැකම ආපහු අප්පච්චි ව මතක් කරනවනෙ.....කොයි වෙලේත් බනිනවා ....

ඇරත් මං කිව්වනෙ බල්ලා කන්නෙ නෑ...

උඹට දෙයක්.කිව්වොත් බොහොම අමාරුයි...වේදනයි නම් උන්ගෙ සල්ලි නාස්ති නොකර තමන්ගෙ බඩු පරිස්සම් කර ගනිල්ලකො.....අගයක් නෑ...ඇයි ඉතින් කැඩුන ගමන් අරන් දෙන්න මෙහෙ සල්ලි තියනවනෙ.....

පෝ...ඇති ඇති...ගන්නම්....පොඩි නැන්දා මේ සපත්තුව පරිස්සම් කරගන්න බැරිව ගිය එකට නහිනවා වගේ....ඔය අනිත් උන්වත් ඇස් දෙක වගෙ පරිස්සම් කරගන්න එපැයිනෙ...අපි ගැන හොයන්න තිබ්බ කැක්කුම හංසියා ගැනත් තියෙන්න එපැයිනෙ....ඇත්තමයි සුතර්මා ඇරෙන්න මට නම් අප්පච්චි ගෙ නෑදෑයන්ව පේන්න බෑ.....ඇයි යකො.....

මේ චූටියා....කට පරිස්සම් කරගනින්...

ඔය මං කිව්වේ...ඇත්ත තිත්තයි...ඇත්ත තිත්තයි.....

නහින්න හදපු මං ගස්සගන එලියට ගියා....සපත්තුවක් අල්ලන් ආයමත් දේසනාවක් තියන්න හදන මට පෙන්න බැරි රංජනී දිහා රවාගන ගියපු මං සපත්තුව උස්සන් ඇවිත් රාක්කෙන් තියලා එතනම තිබුන පොඩි නැන්දගෙ පයට දැම්මම හරක්ට ලාඩන් ගහලා වගේ තියන සෙරෙප්පුවට මිදුලට වැටෙන්න පයින් එකක් ඇනලා කුසියට දිව්වා...

.

අනේ බල්ලම කාපිය ඕක...!!!බල්ලමකාපිය...ඒස් වාහ් ..පුක්....පුක්...පූ...හ්ක්...!

.සුතර්මා ...

ම්ම්ම්...කෝපි සුවද හරි හරියට .....!

මිසිසි සුතර්මා කෝපි හදනවා වගෙ....

ලොකු නැන්දා කෝපි හදන සුවද කුසියට ඇතුල් වෙන්නත් කලිම්ම නාස් පුඩුවලට දැනුනා වගේම මන් එයාට කතා කරගනම ගිහින් හිරමනේ උඩ උන්ඩි වෙලා වගෙ ඉදගත්තා ...කට පන තිබ්බට මොකද මට නිකන් උන ගැනෙන්න වගෙ.....

ම්හුක්...

මොකද උඹ...

එපා වෙනවනෙ...

උඹට කොයි වෙලේද එපා නොවුනෙ කියපන්.....කොයි වෙලෙත් නහයෙන් අඩනවා එපා වෙනවා කියනවා...

ඇයි අනෙ.....ම්හුක්....ඇත්තමයි සුතර්මා ...මට දැන් කේන්ති යා ගන එන්නෙ ආ ...

මං හිරමනේ උඩ ඉදන් ආයම කිචි බිචි ගාන්න ගත්තා ...ලොකු නැන්දා කෝපි ජෝගුව අරන් කෝප්ප වලට පුරවලා මගෙ එකට විතරක් දෙපාරක් වැක්කෙරුවා..

ම්හුක්....අප්පගෙ දරු පැටියට සුතර්මා විතරයි ආදරේ...

ඉදා මේක.....කට පුච්චගන්නෙ නැතුව බීපන්....

තරහා නැතුව මෙන්න මේකට දකුනු කෙරවලේ උඩම තියන පිටි බෝතලෙන් පිටි හැන්දක් දෙකක් දාන්න සුතර්මා ...නොදරුවගෙ ඇගෙ සත්තිය හීන වේගන එන්නෙ නොසෑහෙන්න ...

නොදරුව...උඹ හොද නොදරුවා ..මොකද උඹ පොඩී එක්ක කට ගහන් හියෙ...

කොයි වෙලෙත් බයිනවනෙ.....මාව පේන්න බෑනෙ එයාට....ඇයි වදෙ මං එයාගෙන් කාලා බීලද...හිටපන්කො..නිවාඩුවට ගමේ ගියහම මං ඔය රංජනියගෙ වෙලට ගහනවා මැහිතෙල්....ඔක්කොම කරකුට්ටන් වෙලා යන්න...

කට උඹගෙ...කෙරුවොත් කරන්න හදන්නෙ පන්ඩිත වැඩක්....ගනින් මේක බීලා ගිහින් බුදියපන් හෙට ඉස්කෝලේ නේද .....

හුම්...හුම්....උගතමනා සිල්පයමයි මතු රැකෙනා කිව්වට ....එහෙම රැකෙන සිල්පයක් නෑ සුතර්මා ....ඔව්වා බොරු කතා.....

කෝපි වෙනුවට කිරි එකක් හදවගත්තු මං හිමින් සැරේ කුසියෙ ඉදන් එබිකම් කරන්න ගත්තා ....ලොකු නැන්දා මාමගෙ එක අරන් එලියට යනවත් එක්ක චූටි අයියා ආවා....නිකන් නෙවෙ...ඵෝන් එක දිහා බලාගන කොට කොට...

ම්ම්ම්....එයාටත් ජයමංගල ගාතා කියන්න කාලෙ හරි වගෙ.....

චූටි අයියේ....

ම්ම්ම්ම්...

මොකද අනෙ කරන්නෙ....

මොකුත් නෑ....

ම්ම්ම්...ම්ම්....

මොකුත් නෑලු....මොකුත් නෑලු....ඇහුවම කියන්නෙ මොකුත් නෑ කියලා මුන් කාටද බන් මේ බොරු කරන්නෙ...

චූටි අයියෙ .

ම්ම්ම්...

මං කිරි උගුරක් බීලා පැන්ට්‍රි එකට හේත්තු වෙලා උන්න චූටි අයියගෙ හදිසි විපරියාසෙට හේතුව හිතන ගමන් මං උන්න තැනින් නැගිට්ටා විතරයි චූටි අයියා ඉක්මනට ඵෝන් එක සාක්කුවෙ ඔබා ගත්තා ...හරියටම මේ ලෝකෙ කරන්න තිබ්බ ලොකුම හොර වැඩේ ඌ කෙරුවා වගෙ.....

හරිම අගෙයි....හරිම අගෙයි සුතර්මගෙ එකම පුත්‍ර රත්නෙ හැසිරෙන අයුරු නම් හරිම අගෙයි.....

මොකද ...මොනවා හරි දැනගන්න ඕනෙ

යම් කිසි පුද්ගලයෙක් ගැන....

කවුරු ගැනද.....

මං චූටි අයියා ගාවට ලන් උනා...ලන් වෙලා වටපිට බැලුවා ....අවට ගියාට කැමැත්ත දෙන්න බෑනෙ....හත් අවුරුද්දක් කිරි පොවලා හදපු අපූරු කොලු පැටියා...නිකන් දුක් විදින්නද....

අපේ හෙඩ් පිපෙට් අයිය ගැන...

නිර්වාන් .....නිර්වාන් ගැනද...

ම්ම්ම්..හුම් හුම්..

නිර්වාන් ගැන මොනවද ?

ඒ ලමයගෙ අධ්‍යාපන මට්ටම ගැන...තව....භාහිර ක්‍රියාකාරකම් ...පවුල් පසුබිම ගැන..අයථා සම්බන්ද එහෙම තියනවද ..

දැන් උඹට මොකටද එව්වා .....

යෝ කියන්නකො අනේ ...අස්සරේ කරන්න සුදුසුද නැද්ද බලන්න....දුර්ජන මිනිස්සු ආස්සරෙන් වැලකිලා ඉන්නනෙ....ගමවගෙ නෙවෙනෙ මේ කොලඹ....නරක මිතුරු ඇසුරෙන් දරු පැටියා නාස්ති උනොත්....

උඹ හින්දා ඌ නාස්ති උනොත් මිසක් ඌ හින්දා උඹ නාස්ති වෙන්නෙ නැ චූටි.....

ආ...ආ...ආ....හරිම අගෙයි....ආ චූටි අයියෙ....හරිම අගෙයි...ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා අකුරු උගනී හෙඩා සොදවා හන්දා වෙන්න ඇති නේ ඌව සුද්ද කරන්නෙ....බොහොම අගෙයි ඇදුරු තුමාගෙ වචන පටිපාටිය ...ප්‍රීතී....ප්‍රීති.....

මං ඇහුවෙ දන්නෙ නැති හන්දා ...ඔයා අපි දෙන්නව බාර දුන්නෙ හෙඩාට හන්දා ....අපිව බලා ගන්න එයාට තියන සුදුසුකම් මං ඇහුවෙ...අයතා සම්බන්ද තියන එකෙක්ට ළමයි බලන්න බෑනෙ....

ඌ හොදට ඉගන ගන්නවා ...අනිත් මගුල් මන්දන්නෙ නෑ.....උඹලව බලාගන්න ඌට ඕනාවටත් වඩා සුදුසුකම් තියනවා මට බය උඹලා හින්දා ඌත් නරක් වෙයි කියලා ...කට වහන් ඕක බීලා නිදාගනින් චූටි හෙට ඉස්කෝලේ .අර අනිකා ආව වෙලේ ඉදන් මුල්ලක වෙලා ඔබනවා ඔබනවා ඉවරයක් නෑ...කාට ඔබනවද කියලා මං හොයා ගන්නම්කො...අප්පච්චි කියලා ගියෙ ආ....උඹලා දෙන්නව හම ගහනවා....

මං බලාගන උන්නා...මෙච්චර වෙලාම ඵෝන් එකෙ සිහියෙන් ඉන්නකොට අපූරුවට වචන හසුරෝපු චූටි අයියගෙ කටට එකපාර මොකක්ද උනේ කියලා ....

මේක හරි මගුලක් උනානෙ.....දෙයක් අහන්න බෑ...උගෙ පැත්තමනෙ ගන්නෙ....

හරිම අනර්ගයි චූටි අයියෙ....සුතර්මගෙ එකම පුතා සහෝදරයට සැර වෙන අයුරු නම් බොහොම අනර්ගයි .....!

ම්හුක්...මට ඕන උනෙ හෙඩ් පිපෙට් අයියා කා එක්ක හරි යාලුද දැනගන්නෙ...එහෙම දැනගත්තා නම් මං ඕකව කට්ට අව්වෙ තියලා පොල්කටු දෙකක් උඩ වරුවක් දනගස්සනවා...

ම්හුක්....මගෙනෙ.....ඇයි යකො....!!චින්තකගෙ පොඩි බෑනා වෙන්න එහෙම පුලුවන්ත...යසයි කෙරුවාව.... ගෑනු පැටලවිල්ලක් දාන් අහු උන දෙන්කො මන් හමගහලා තමයි හදා ගන්නෙ...ඔව්..ඔව්...ඉතින්.....දන්නෙ නෑ මගෙ හැටි ඉතින් ආය...

මං ඇදට ආවා ...චූටි අයියගෙන් බැනුමක් අහපු මං සාලෙ ඉන්න පොඩි නැන්දා දිහාත් බලලා ගස්සගන කාමරේට ඇවිත් පෙම් කෙල කෙල අවසිහියෙන් ඉන්න අරූවත් පාගගනම ඇදට ආවා...

දෙන්න තියෙන්නෙ මූට...

ඌයි...යකො...හ්.....

ඌයි යකෝ...ඌයි යකො තමා බෙල්ල පාගන් ගියත් උඹ දන්නෙ නෑ...සිහි නෑ තොට..සිහි නෑ...මනමාල කම.ඉහට ගහලා.....යසයි ලොකුවා උඹ..හරිම අගෙයි ආ....

ඇදට නැගපු මං රෙද්ද අස්සෙ රිංගන් පිස්සට හැතැප්ප නෑ වගේ පෙම් කෙලින සැලලිහිනියා දිහා බලලා ඇස් හීනි කරගත්තා ...කොටනවා කොටනවා ඉවරයක් නෑ...මැදැයි...දැන් පාන්දර දෙකත් පහු වෙන්න එනවා....

මං හිමීට නිර්වාන් ඔන්ලයින් ඉන්නවද බැලුවා...අඩන්න එපා කියලා දැම්මා දැම්මයි....ඔන්ලයිනුත් නෑ.....ඇයි වදේ...ඔහොම පුලුවන්ද පෙම් කෙලින්න...

අනේ හෙඩ් පිපෙට් අයියේ ...ඔන්ලයින් වරකෝ....චූචිට පාලුයිනෙ...ම්හුක්.....ඔලුව රිදෙනවා කියලා බුදියන්න ගියෙ ..ඇයි වදේ...නැගිටලා මටත් කොටපන්කො...උඹ ඔලුව කැක්කුම කියලා වෙන එකකින් කාට හරි කොටනවද දන්නෙ නෑ....යෝහ්...ඇත්තමයි නිර්වාන් ...මරාගන මැරෙනවා ආ....

ම්හුක් ...මං තරහයි...මට උඹ ඔලුව රිදෙනවා කියලා ගියා ගියාමයි...ආවද කියලවත් බැලුවෙ නෑ...පරිස්සමින් එන්න කිව්වට එහෙම පුලුවන්ද.....ඇයි වදේ.....ම්හුක්...මහ නරකයි හෙඩ් පිපෙට් අයියෙ උඹ .....

මං ඇඹරුනා... එහෙට හැරුනා...මෙහෙට හැරුනා ..මැසේජ් දදා ඩිලීට් කෙරුවා...

කකුල් එහෙට වැනුවා..මෙහෙට වැනුවා....එහෙට පෙරලුනා...මෙහෙට පෙරලුනා.....ඒ අස්සෙන් මගෙ ඇගත් රිදෙන්න ගත්තා...උගුර වේදනාවත් ලාවට දැනෙනකොට මට නිදාගන්න ඕනා උනත් කොට්ටෙ හපාගන හොර හොරාවට මැසේජ් කරන සැලලිහිනියා හින්දා මට නිදාගන්න විදිහක් නැති වෙද්දි මං කෑ ගැහුවා...ඌට ඇන්නා...

ඕක නවත්තපන්කො ..මගෙ ඔලුව රිදෙනවා....

ඉතින් උඹ බුදියන්නෙ මගෙ ඇස් දෙකෙන් නෙවෙනෙ කෑ නොගහා බුදියපන්කො...බොරූවට නහිනවා...බොරූවට නහිනවා..අනේ තොගෙ බොරුවම තමයි.....

උඹගෙ ඇස් දෙකෙන් නෙවෙ උනාට මට අමාරුයිනෙ උඹ එහා මෙහා දගලන කොට මගෙ ඇග හෙලවෙනවනෙ...ඇග රිදෙනවනෙ....අනික ඔය ලයිට් එලිය එක්ක මං කොහොමද නිදාගන්නෙ වත්...බොරුවම තමයි ගාන්නෙ....දෙන්න හිතයි තොගෙ දත් ටික බඩට යන්න.....

ගහනකන් මං උස්සගන දීගන ඉන්නවනෙ...අනේ නිකන් ඉදපන් චූටි මේකෙන් එන්නෙ ප්ලැශ් ලයිට් එකක් නෙවෙනෙ උඹගෙත් බොරුව උඹගෙත් බොරුව.....උඹ කාවද බන් ඔය රවට්ටන්නෙ....මෙවෙලෙ හෙඩා ඔන්ලයින් උන්න නම් උඹ ඔහොම කියන්නෙ නෑ.....උඹ මේ නහින්න හදන්නෙ උඹේ හෙඩා ඔන්ලයින් නැති හන්දනෙ...අන්න ඌ අපේ සෙනු ගෙ ඇදේ මැරිලා වගේ බුදි....උගෙ හිසෙ රුජාවලු...

අපේ සෙනූගෙ....හා..හා...අපේ සෙනූගෙ..මෙච්චර කල්ම නිකන් සෙනූ...දැන් අපේ සෙනූ...ආ....යසයි පොඩි පගයගෙ ඉම්පෲ විල්ල නම්.....මූට ඉගනුමට නම් මෙහෙම උනන්දුවක් තියෙයිද....චින්තකගෙ ලොකු බෑනා තනිකරම ආදරේ උල්පතක් වගේ...

යසයි...පුතේ...යසයි...

ම්හුක්....ඒ අස්සෙන් මගෙ නිරූ දොයි...ලු...යෝ...මගෙ හෙඩ් පිපෙට් අයියා...සැක කෙරුවට සමාව දෙන්න මගෙ ලෝමියෝ.....හ්...

ආතරේ...මන්තිරේ...සදළු තල එලිවෙලා.....ජීවිතේ...මී පිරේ....පිටාරය යයි ගලා...ම්හුක්....

මෙච්චර වෙලාම බැන බැන නැහි උන්න මං එයා ඇත්තටම නිදි කියලා දැනගත්තු හන්දා අරූටත් ඇනලා මූනින් අතට හැරිගන ඵෝන් එකට කොටන්න ගත්තා ....කාටත් නෙවෙ...නිර්වාන්ට....

ඔලුව කැක්කුම නම් පෙනඩොල් දෙකක් වත් බොන්න එපැයි දරුවො.....

දානවා ඩිලීට් කරනවා....

හුගක් රිදෙනවද නිරූ.....

සෙන්ඩ් උනා ..... ඩිලීට් කෙරුවා....

පරිස්සමින් ඉන්න නිරූ....

තවමත් ඩේටා ඕෆ් කරපු නිර්වාන්ට ආයමත් මැසේජ් එකක් දාපු මං ඩිලීට් කෙරුවා....හිතෙ තිබුනත් කියාගන්න ලැජ්ජා හිතෙන මැසේජ් දදා ඩිලීට් කර කර උන්න මන් අවසානෙදි ආයම meme ඵොටෝ එකක් යැව්වා...

හත්තුකෙ ..අනේ...මුනිදාස අයියෙ.....හ්.....!!! හරිම අගෙයි.....හරිම අගෙයි.....අප්පච්චිගෙ දෙවනි දරුපැටියගෙ ක්‍රියා කලාපෙ හරිම අගෙයි...ප්‍රීතී....ප්‍රීතී.....හ්....

අනේ...හ්...!අහෝ...!

සෙන්ඩ් උනා..ඩිලිවරි උනා.....!!!

ඒ අස්සෙන් සීනුත් උනා.....!

..ඩිලීට් ෆොර් එවුරි වන් වෙනුවට....ඩිලීට් පොර් මී එබුනා...හ්!!

අනේ ...හ්.....අප්පච්චි ...දෙවනි දරු පැටියා අමාරුවෙ වැටුනනේ...හ්!

..........

Sanash pov.....

බ්‍ර්.....ර්...බ්‍ර්.....

ම්ම්ම්...හ්...මේ..මහ...රෑ...මොකා...ද....

මං උන්නෙ නිදාගන....අප්පච්චි ගිය දුක කතා කරන්න ගත්තු...දුක තුනී කරගන්න හදපු මං අවසානෙදි සෙනූ එක්ක මගුල් විතරයි ඇහුවෙ නැත්තෙ....

මුලින් මුලින් ගෑස් පෙන්නපු සෙනිරුවා අවසානෙදි බබී...බබී....බබී.....ගගා මට ප්‍රේම ලෝකෙ අසිරිය පෙන්නනකොට මහ පාන්දර තුනත් පහු වෙලා තිබ්බා වගේම අවසානෙදි මටම නොදැනි මට මොකාද පොලවෙ ගැහුවා වගේ නින්ද ගිහින් තිබුනා....නිකන් නෙවෙ මගෙ කටත් බෝක්කු කටක් වගෙ ඇරිලා කෙලත් පෙරිලා තිබ්බා මදිවට ඇරන් උන්න ඇරිල්ලටද මන්දා හක්කත් පැනලා කැක්කුම් ගත්තා....ඒ මදිවට මට හුස්මත් හිර වෙන්න එනවා.....

ම්ම්ම්ම්.....හ්....රිදෙනවා.....

මං කන්කෙදිරි ගෑවා....කන් කෙදිරි ගාපු මං සයාශ් දිහා බැලුවා...

යී..හ්..මූ..මාව...බදාගන නේද.....හුස්ම හිර නොවී තියෙයිද...

ඊහ්...වනචරයා...හ්හ්.....වනචරයො...ගනින්..කො...අත..ඊහ්...මගෙ.....යෝහ්...

මම ඇඹරුනා....පිඹුරෙක් වෙලාගන්නවා වගේ මාව මිරිකන් උන්න සයාශයගෙ අත තිබ්බෙ මගෙ ටී ශර්ට් එක අස්සෙ වෙනකොට මං ඒකගෙ අත ඇදලා එලියට විසික් කෙරුවා ...ඌ ආයම කෙදිරී ගාගනම මගෙ ගාවට ආවා...

දෙයියනේ....චූටි....

ම්ම්ම්ම්...හ්හ්....

චූටියා ..උඹට උන....චූටි...

මං තල්ලු කරලා අනිත් අතට යවපු චූටියා ආයම ඇවිත් මාව බදාගත්තා.....මෙච්චර වෙලාම නිදි විකාරයෙන් උන්න මට අනිත් පාර චූටිගෙ ඇගේ රස්නෙත් එක්ක නිදිමත යන්න යනකොට මං උගෙ නලලට වගේම බෙල්ලට අත තියලා බැලුවා...

ගිනි කබල වගේ රස්නෙයි...

බර්....

අයමත් කොට්ටෙ දෙදිරුවා...මොන කාලකන්නියද අප්පා මේ වද දෙන්නෙ මගුල.....

චූටී....චූටියා.....

ම්ම්හ්හ්....

චූටි උඹට උනනෙ...

ලොකූ....පොරව...පන්කෝ....සීතලයි...

ඌ කෙදිරි ගානවා....උන අමාරුවටද කොහෙද චූටියා කෙදිරි ගානකොට මම ඒකව පොරවලා උදෙම්ම මැසෙජ් එවන කාලකන්නිය මොකාද බලන්න ඵෝන් එක අතට ගත්තු මට කාලකන්නි පෙනුනා....

යෝ...සෝකේ...භවේ..දුකේ....හ්...ලොකූ..ලොකූ.....හ්...උඹ තව දුරටත් සිංගල් නෑනේද.....උඹ දැන් ප්‍රේම වන්තයෙක්නෙ ලොකූ...හ්....කාලකන්නියත් කිව්වා.....යෝ.....හ්...කලබලේනෙ....කලබලේනෙ...නොසෑහෙන්න කලබලේනේ....

බබීගෙ සෙනූ.....

බබීගෙ සෙනූගෙන් මැසේජ් පෝලිමයි....

රෑ තිස්සෙ මල් කඩපු මට උදෙ වෙනකොට මට ප්‍රේම සම්බන්දයක් තිබ්බද කියන්න පවා අමතක වෙලා තියෙද්දි සෙනූ ගගා හුරතල් වෙන මම හොයන්නෙ බලන්නෙ නැතුවම ඩිපූටියට කාලකන්නියා කියපු මං කම්පා වෙවී මැසේජ් එකඕපන් කෙරුවා ....

ගුඩ් මෝර්නින් බබී....

තවම දොයිද....

නැගිටින්න....

බබී අද වේලාසන එනවද.....

කොමර්ස් එකෙ අවසානම එකට එන්න....

මං බලන් ඉන්නවා....

සෙනූ වොශ් එකක් දාන් එන්නම්....නාන්න ඕනා ...

පරිස්සමින් බබී.....

අනේ....හ්...ආතරේ....ආතරේ...ආතරේ...

වෑහෙනවා...

මම හුස්මට ඒ මැසේජ් ටික කියෙව්වා....යෝහ්....වේලාසන එන්නලු...ඊයෙ රෑ තුරුල් කරන් දෙන්නම් කියපු හාච්චියවත් දෙන්නද මන්දා....

ඒත් ඉතින් ඉස්කෝලේ යන්නෙ කොහොමද ...චූටියට උනනෙ...

ආදරේද...සහෝදර කමද....

දැන් ඔය ගියා උනත්.....හාච්චියක් දීලා ආයම පන්තියට යන්න වෙනවනෙ...ඉගනගන්නත් වෙනවා...ඇරත් අද බදාදා...හෙඩාගෙ ගෙදර පන්ති.....එතකොට ඔය මොකක් හරි අරගන්න බැරියෑ.....චූටියට උන කියන්නෙ...අනිවාර්යයෙන්ම මටත් හතහා මාර පනිනකම්ම උන....

මං මහපට ඇගිල්ලෙ නියපොත්ත කාගන ගුලි වෙලා ඉන්න සයාශ් දිහා වගේම මම එනකන් බලන් ඉන්න ශෙනිරුගෙ මැසේජ් ටික බැලුවා...

අනික මන් හා කිව්වෙත් කවදද.....කව්ද දන්නෙ ඩිපූටියා පාන්දරම එන්න කියන්නෙ මොන මගුලටද කියලා ...ඇරත් ඔය ලව් පටන් ගත්ත මුලම කාලෙ ආදරෙයි කියලා කිව්වට විස්වාස කරන්නත් බෑ අප්පා...ඔවුන් ඇවිත් සල්ලි කාරයොනෙ....

සමාවෙන්න ඩිපූටි...උඹගෙ හාච්චියට වඩා චූටියගෙ පිහිටෙන් ගෙදර ඉන්න එක වටිනවා.....අනික...මං හවස එනවනෙ...එකපාර ආවම අගයක් නෑ....ඒක හින්දා.....සොරි ඩිපූටියො...

ආදරේ උනාට....තාම බර වැඩීනෙ අනේ....අනික...කොහොම උඹ මට බබී බුබී කිව්වත්....අර බාර් කාරිට බබා කියපු එකානෙ...නේ...ඒවා අමතක නෑ.....ඒවා අමතක නෑ හොදේ.....

ලොකූ....

චූටී.....නැගිටින්නෙ නැද්ද......

ලොකු නැන්දා....!!ඩිපූටියගෙ මැසේජ් බල බල උන්න මන් ඔබ ඔබ උන්න ඵෝන් එක පැත්තකට දලා සහලවලම උන අරන් උන්න චූටියා ගාවට පෙරලුනා....

එකෙක්ට උන නම් අනිකටත් උන එන්නම එපැයිනෙ...

ලොකූ....ලොකූ..නැගිටින්නෙ නැද්ද ආ.....?

ල්..ලොකු...නැන්දේ.....

ඉස්කොලේ යන්නෙ නැන්ද ආ....අර පොඩි නැන්දලා යන්නත් ලෑස්තිය එතනිම්ම බසාගන්න පුලුවන් ....

ලොකු නැන්දේ...මට උන වගේනෙ.....

මේමේ...ලොකූ...බොරුව නොකර නැගිටපන් .....

බොරු නෙවෙ අනෙහ්.....බොරු කියන්නෙ මොකටද.....

මම ඇබරුනා...උන උන කිව්වා...ඒ උනත් ලොකු නැන්දා නෙවෙ පිලිගත්තෙ....ලොකු නැන්දා නෙවෙ මාව ගනන් ගත්තෙ.....මං කැස්සා...දෙපාරක් තුන් පාරක්ම.....නිකන් නෙවෙ..පපුවට අතත් තියාගන...බෙල්ල දෙපැත්තෙ නහරත් පුම්බගනම....

කැහ්...කැහ්....

කැස්සට කමක් නෑ..නැගිටපන්.....නැගිටපන් .....උඹගෙ බොරුව...

ය්....යෝ....ඕ....හ්.....කෑහ්....කෑ.....හ්හ්හ්...බ්..බොරුව...නෙ....වෙ...අප්පා....මට....සහලවලා උන...නේ...

මම කැස්සා...කාමරේ එහාට මෙහාට යන ලොකු නැන්දා දිහ බලාගන දහපාරක් කැස්සා...ඇත්තට කහිනවා වගෙ නෙවෙ අප්පා.....බොරුවට කහින්න ගියහම හරි අමාරුයි.....ඇයි වදෙ මෙච්චර මහන්සි කරවන්නෙ....ගෙදර ඉදින් කියපන්කො ලොකු නැන්දේ....

කැහ්...කැහ්....

කෝ බලන්න උඹගෙ උන....

මේ.....ම්ම්ම්ම්ම්

උඹට ඇති උනක් නෑ...මේ චූටියට ගිනිකබල වගේ උන...උන එකා අස්සෙ රිංගන් ඉන්නෙ අහකට පලයන්....චූටි...පුතේ....චූටී...පුතේ....කොලුවට සහලවල උන...ලොකූ අහකට වෙයන් උඹටත් දැන් බෝවෙනවා....

බෝ වෙන්න දෙයක් නෑ...මටත් සහලවලා උන තමයි ලොකු නැන්දේ...මටත් උන.....

උඹට ඇති උනක් නෑ...කිව්වම අහලා ඉස්කොලේ යන්න ලෑස්තිවෙයන් ලොකු...හන්ස්ස ගන්න කලින්.....

මං ඇබරුනා.....රෑ තිස්සෙ මල්කඩපු මට නිදිමත ආය ආයම ඉහට ගහනකොට මන් බෙඩ් ශීට් එක අස්සෙ එතීගන ගිනි කබල වගෙ උන්න චූටියව අතපත ගාන ලොකු නැන්දා දිහ බලාගන නහින්න ගත්තා .....හනස්සත් ගන්නවා කිව්වා...මේක මහ අසාදාරනයි ...

ම්හුක්....

මොකද....තවම නැගිට්ටෙ නෑනේද ..හිටපන්...හිටපන්...මං දැන් හනස් ගන්නකන් හිටපන්....

ලොකු නැන්දේ....ඇග පත කකියනවා ...මටත් උනනෙ අනෙ...

උඹට ඇති උනක් නෑ ලොකූ.....

ඇග ඇතුලෙන් උන අනේ.....ඇග රිදෙනවා...

කොහෙද උඹගෙ රිදෙන්නෙ....

මං පොරවගත්තා...චූටියව මගෙන් ඇතට කරපු ලොකු නැන්දා ඉනටත් අත් දෙක තියාගන බලන් ඉන්න ගමන් කොහෙද උඹගෙ රිදෙන්න අහනකොට මං පොඩ්ඩක් කැස්සා...

කැහ්...ඔළුව නහය කට දත් ටික

දකුනු කකුල හා වම් අත වම් කකුල දකුනු අත බෙල්ල ඇස් දෙක....ඇගිලි විස්ස උරපතු දෙක අල්ල බඩ ඇහිබැම....ඇස්පිහාටු නියපොතු කුඩා බඩ වැල...හර්දය වස්තුව පෙනහළු දෙක කොදු ඇට.....පෙල.....උණ...ඩුක පුච්....ආව්...ආව්හ්.....ඇයි...අනේ....ආව්....හ්....අ....ආව්හ්....

නැගිටපිය....නැගිටපිය...බොරුවනොකරනැගිටපිය.....තොට ඇති ලෙඩක් නෑ..නැගිටපිය....

මට උනඩුක පුච්චෙ කියලා කියාගන්න බැරි උනා...උනඩුක පුච්චෙට පවා උනකියන්න හදපු මට නිදෙ ඇදේදිම උන ගැනෙන්න ගහපු ලොකු නැන්දා මාව මරන්න හදනකොට ඇදෙන් පැනපු මං ගුටි කාගන පැත්තට පැත්තට බාතෲම් එකට දුවනකොට මන් බලාගන සෙරෙප්පුවක් අතේ තියන් උන්න පොඩි නැන්දා බල්ලට සාප කර කර එහා මෙහා යනවා...

දැන් ඉතින් ඉස්කොලේ යන්න එපැයිනෙ....යෝහ්...ඉස්කෝලේ ගිනි ගන්නෙවත් නෑනෙ.....

කන්නාඩි මෙසෙ ගාව ඉදන් කොන්ඩෙ හද හද උන්න මං අවසානෙදි අඩාගන ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා මං ශෙනිරුට මැසෙජ් එකක් දැම්මා....

මං එනවා සෙනූ...අපේ චූටියට සහලවලා උන ගැනිලා....ඌට අසාද්‍යයි ....මං දැන් එනවා....මං මේ හිතකින් නෙවෙ සෙනූ ඉස්කෝලේ එන්නෙ....මට තාම ඔයා අරකිට බබා කියපු මගෙ ඔලුවට වද දෙනවා හරිද අනේ....ඔන්න නිකන් හුරතල් වෙන්න එන්න එපා...මං මේ හරී... තරහෙන් ඉස්කෝලේ එන්නෙ...මටත් උන වගේ...ලොකු නැන්දා මට යන්න එපා එපා කියලා කට කැඩෙනකන් කිව්වා සෙනූ.....මං මේ ඔයා බලන් ඉන්න නිසා මේ එන්නෙ...නැතුව හිතකින් නෙවෙ ආ....සෙනූ.....

ලොකූ....තවත් උඹ ඕක ඔබ ඔබ ඉන්නෙ ඉස්කෝලේ යන්නෙ නැද්ද...ආ..ඇත්තමයි කොල්ලො මං දැන් හනස්සක් ගත්තොත් නම් ගහන එක ගහනවා.....අ.....

මේ ..යනවා ....මේ...යනවා අනේ... හ්...මේ....යනවා.....යෝ...මෙ...යනවා....හ්හ්.......ම්හුක්....මොන...වදයක්ද මන්දා...අසනීප වෙලත් එලවනවනෙ....

Sayash pov.....

චූටි....

චූටී...

ලමයො....කෝ නැගිටින්...මේ උන පෙති දෙක බොන්න....

ම්හ්හ්...

චූටී.....කෝ...නැගිටපල්ලකෝ...දහයත් පහු වෙන්න එනවානෙ.....

මං උන්නෙ නිදාගන...නිකන් නෙවෙ... එක රෙද්දක් වෙනුවට රෙදි සීයක් විතර පොරවගන ....මගෙ ඇස් දෙක පුපුරු ගහනවා....කොදු ඇට පෙල නෑනෑ වගේ....ඇගම කකියනවා...මගෙ ඇගේ කකියන් නැති තැනක් නෑ...වෙව්ලන්න උන ගත්තු මං නැගිට්ටෙ ලොකු නැන්දගෙ ඇගිලි මගෙ හිස කෙස් අස්සෙන් යන සනීපෙට වෙනකොට මම අමාරුවෙන් ඇස් ඇරියා....

ඇද හිස් .....

හැමදාම ඇස් අරිනකොට දකින ඒ මූන නෑ...එ පෙට්ටි කට නෑ....ජීවිතෙ පලවෙනි පාරට...මගෙ මතක ඇති තාක් කාලෙකින් මං සනාශ් නැතුව නැගිටපු පලවෙනි දවස අද...ඒවිතරක් නෙවෙ..මාසයක් පුරාවටම උන්න අප්පච්චි අද උදේ නැහැයි කියන හැගීමම ඇති මාව ලෙඩ කරවන්න....

ලොකු...නැන්දේ...

ගින්දර වගේ උනනෙ....චූටී...බෙහෙත් ටිකක් ගන්න යමුද පුතේ ....

එපා ලොකු..නැන්දෙ...මගෙ....ඇග..ට..පන.

නෑනෙ.....සුත....ර්මා.....

ඉතින් ඒක නෙන්නම් කියන්නෙ බෙහෙත් ටිකක් ගන්න යමුයි කියලා ...මේ....ඇග ගිනි කබලවගේ....

ම්හ්....එපා..නෙ...සීතලයිනෙ.....ඔයා...ගෙ....අත.....

අමාරුවෙන් ඉදගන උන්න මං මාව ලොකු නැන්දට අල්ලන්නවත් දුන්නෙ නෑ...ඒ අත් නිකන් තනිකරම අයිස් කැට වගේ...මං ඇඹරුනා...ඔලුවෙ ඉදන් පොරවගත්තා....

කෝ...මේ කිරි එකබීලා හිටින්කො.....උන පෙත්තක් වත් පොවාගන්නෙ කොහොමද හිස් බඩ..

අතේ තිබුන රවුම්ම රවුම් උන පෙති දෙක දැක්කත් ඇති මට වමනෙ යන්න වගේ ආවා.....කිරි එක දැක්කත් ඇති මට මහ අපුලක් දැනුනා.....

අනේ...සුතර්මා...

ඇයී ඉතින්..කෝ...හොද කොල්ලනෙ බීපල්ලකො මේක....

ම්හුක්...අප්පච්චිගෙ....පොඩි..එකාට....පෙති...බොන්න..බෑනෙ.....පැනියක්....ගෙනත්...දෙන්නකො.....ලමා..පැනඩෝල්....සිරප්...එක...වත්...ගෙනත්...දෙන්නකො.....

සිරප් බොන්න පොඩි ලමයෙක්ද චූටි...කෝ මේක බිපල්ලකෝ...නැන්දට බැංකුවට යන්නත් ඕනා.....

නැන්දා සැරින් සැරේම මගෙ නලලට බෙල්ලට අත තිය තිය බලනකොට මං කිරි මග් එක අතට අරන් උගුරක් බිව්වා...

කටේ තියන්න බෑ තිත්ත....ඒත් නොබී කොහොමද ...නැන්දට වද දෙන්නෙ කොහොමද ...අනේ අප්පච්චි දැනගත්තොත් උන කියලා ...එයා දන්නවා අනිවාර්යයෙන්ම මට මේ සාංකාවට කියලා.....මොනවා කරන්නද....අප්පච්චි යන්නම එපැයිනෙ.....

වෙනදා වගේ වැල් වටාරම් කියවන මගෙ කට අද වැහිලා ගිහින් තිබුනා.....වෙනදට එකට දහයක් කියන මගෙ වචන අද හොරු අරන් ගිහින් තිබුනා.....

කෝ...හොද එකානෙ..බීපල්ලකො....උන පෙත්තට අඩුවක් නැති උනෝතින් හැන්දෑවෙලා බෙහෙත් ටිකක් අරගන්න එක්ක යන්නම්....

අනේ...බෙහෙ...ත්....නම්...එපා..නෙ..

සුතර්මා ....බෙහෙත්....නම්...එපාමයි...නේහ්....පැනි....ටිකක්...නම්....මනාපයි....පෙති...නම්...අජීර්නයි....නොදරුවගෙ...ලාමක...බඩවැල්....වලට...පෙති...ඔරොත්තු...දෙන්නෙ....නෑමයිනෙ.....

මං නහයෙන් ඇඩුවා.....උනට බෙහෙත් ගන්න ගියහම දෙන කරල් මතක් වෙලා මට දැම්මම වමනෙට වගෙ එනකොට මං කිරි එකෙනෙක ඉගුරක් බීලා ආපිට ඇදට වැටුනා.....ඇදේ පෙරලුනා.....

මේ උන පෙති දෙක...

මං තව චුට්ටෙන් ...

ම්ම්ම්.....

මං කෙදිරි ගෑවා...තව චුට්ටෙන් බොන්නම් කියපු මං කියවන කෙදිරි ගාන එක නවත්තලා ගේ ගාවින් ඇහුන සද්දෙට කන් දීගන උන්නා.....බයික් එකක්...චූටි අයියා ආයමත් ආව වත්ද ....

නෑ.....ඕක නෙවෙ චූටි අයියගෙ බයික් එකේ සද්දෙ.....

තව චුට්ටෙන් බෙහෙත් පෙත්ත බොන්න ඕනා කියලා සොය පාරක් විතර මන්තරේ වගේ ජපකරපු ලොකු නැන්දා ඇදෙන් නැගිටලා යන්න යනකොට මම ඔලුවෙ ඉදන් පොරවන් සැරින් සැරේම බෲ...ම්ගාගන යන බයික් සද්දෙට මගෙ කන කැරකෙව්වා.....

මොකාත ඒ....කීපාරක් ගියාද දැන්...ම්හුක්.....ලෙඩෙක්ට වත් සැනසීමකින් නිදාගන්න නෑනෙ.....

අනේ ඇටයක් වැටියන් ඕකගෙ ...දරු පැටියගෙ ලෙඩ තව වැඩි වෙනවා.....

.ආයම පාරක් ගේ ගාවින් බෲම් ගාන් ගියපු බයික් කාරයගෙ ඇටයක් වැටෙන්න කියපු මං අත පත ගාලා ඵෝන් එක අරන් නිර්වාන්ගෙන් මැසේජ් එකක් තියනවද බැලුවා

ම්හුක්...නිකමට ...නිකමට මාව මතක් වෙලා නෑනෙ....ඊයෙ රෑ මැසේජ් එක බලපු පිම්මමනෙ.....

හරිම අගෙයි ආ...හරිම අගෙයි මන්ත්‍රී පුතුනුවන්ගෙ ආදරෙ කිරිල්ල නම්....හරිම අගෙයි....ආය.....චින්තකගෙ බෑනා පොඩ්ඩ ආදරේ කරන අපූරුව නම්...හරිම අගෙයි ආ ....ප්‍රීතී....ප්‍රීතී...

උඹත් එක්ක මට ආය ආදරේ කිරිල්ලක් නෑ නිර්වාන්...අප්පච්චිගෙ දරු පැටියට කාවවත් හොයා ගන්න බැරි කමක් නෙවෙ...මට පුලුවන් එකට දහයක් හොයා ගන්න...ඔව්..මට බැරි කමක් නෑ...

ම්හුක්....අනේ චින්තක....පොඩි බෑනා මාව මුලා කෙරුවනේහ්.....ම්හුක්....ම්හුක්...හිටපන්කො..මං මේක ආදර සබදතා බිදවැටීමෙ සන්සදේට දාලා උන්ගෙන් වත් අහන්න..අහලා....එතනින් එකෙක් හොයාගන මං උඹට පේන්නම ඌ එක්ක යනවා...මං...උඹට...පේන්නම..යනවා බලන් ඉදින් හෙඩ් පිපෙට් අයියෙ...බලන් ඉදින් ආ....

රැවටුනා නොවේ..මා....විස්වාස කලා.....ආආආ.....

මන් මුනින් අතට හැරුනා...ආයමත් අර මූසල බයික් කාරයා ගේ ඉස්සරහින් යනකොට මාව මතකවත් නැති නිර්වානයට බැනපු මං ඔලුවෙ ඉදන් පොරවන් තදින්ම ඇස් පියා ගත්තා ....

චූටි....

ම්ම්ම්ම්

මං බැංකුව ගාවට ගිහින් එන්නම්.....දවල්ට කන්න මොනවාද ඕනෙ....

ම්හ්හ්හ්....කන්න...බෑනෙ....සුතර්මා...

නොකා කොහොමද බෙහෙත් ටිකක් වත් බොන්නෙ...ක්‍රිම් ක්‍රැකර් එකක් වත් ගේන්නද.....ගෙදර විස්කෝතුත් නෑ....

යෝහ්.....එපානෙ.....හ්.....

මං මැරෙන්න හැදුවා..... උන මදිවට ක්‍රීම් ක්‍රැකර් ගේන්න අහපු ලොකු නැන්දට බෙරිහන් දුන්න මම ආයම මගෙ බෙල්ල එලියට දැම්මා....

එහෙනම්....බනිස් ජෝඩුවක්...

අනේ...සුතර්මා ...ඔව්වා කන්න බෑ අනේ....ලෙඩ මාව කෑගස්සන්නෙ ඇයි.....අසනීපයක් උනත් සැනසීමක් නැනෙ.....අනේ..අප්පච්චි ...මේ බාන්නකෝ...

එහෙනම් මොනාද ඕනෙ කියපන් ඉතින් ලෙඩ දෙපිටින් යන්ඩ දෙන්ඩ කලින්....

ම්හුක්....සැරවෙන්නෙ ඉතින්...කොත්තූමී කන්න නම් පුලුවන් .....

නැනෑ...ඔව්වා කන්නෙ නෑ.....තාමත් උන පෙති දෙක මෙතන කොත්තු මී ගිලින්ඩ බීපිය ඕක ගුටි නොකා...

අනේ සුතර්මා ......හ්හ්හ්!!!!!

නැන්දා යන්න ගියා ....අසනීප වෙලා මැරෙන්න වැටිලා උන්න මං කොත්තූමීයක් ඉල්ලා ඉල්ල අඩනකොට ලොකු නැන්දා බෙහෙත් පෙති දෙක බීපන් කියලා ලෙඩ දරුවව තට්ට තනීයම දලා යනකොට මං ආයම රෙද්ද අස්සෙ ගුලි උනා ලොකු නැන්දව අරගත්තු ත්‍රීවීල් එක බැංකුවට ඉගිලුනා.....

.කොත්ත්...තු...මීයක්.....

ම්හුක්.....

අප්පච්චි ගෙ...දරු...පැටියට...හාමතේ...උන...ගැනිලා.....

මං කෙදිරි ගෑවා....බොන්න ගත්තු උන පෙති දෙක අතට ගුලි වෙනකොට මෙච්චර වෙලාම මගෙ ලේ පුච්චපු බයික් කාරයත් අන්තරස්දාන වෙලා ගියා වගේම ඒ චුට්ටකිම්ම මගෙ ඇස් දෙක වැහිලා ගියා...

ටක්...

ටක්...

ටක්...

ම්ම්ම්හ්...ලො..කු....නැ...න්..දේ....කැහ්....කැහ්....

විනාඩි පහක්‍...දහයක් පහලවක් යන්න ඇති...තට්ට තනීයම නිදන් උන්න මට ගෙදර ලොක් එක පනින සද්දෙ වගේම මගෙ කාමරෙ අස්සෙ කවුරු හරි එහා මෙහා යන සද්දෙ ඇහෙනවත් එක්කම මම රෙද්ද අස්සෙ ඉදම්ම ලොකු නැන්දේ කියලා මිමිනුවා ....

සු....ත.....ර්...මා..කැහ්....කැහ්....කැහ්....

කැහැ කැහැම මන් ආයම හරි අමාරුවෙන් ලොකු නැන්දට කතා කෙරුවා ...උන පෙති දෙක නොබී උන්න මට එන්න එන්නම ගිනි කබල වගේ උන වැඩි වෙනකොට මං ඇකිලුනා...මං ගුලි උනා.....

දෙපාරක් තුන් පාරක් කතා කරලත් ඇයි කියලා වත් නාහපු ලොකු නැන්දා ඇදෙන් ඉදගත්තා ..මං ඇස් දෙක පියාගනම උන්නා..මොකද මට කට ඇර ගන්නවත් පනක් නෑ....

චූටී....

මගෙ ඇස් දෙක ලොකු උනා...උනෙන් උන්නත් ඒ කටහඩ ලොකු නැන්දගෙ නෙවෙ කියන්න මට ජීවිතේටත් වඩා විස්වාස වෙනකොට සීතල වගේම ගොරෝසු කටහඩ ඇහෙනවත් එක්කම ඔලුවෙ ඉදන් පොරවන් උන්න මගෙ රෙද්ද අයින් වෙනවත් එක්කම මගෙ උන දෙපිටින් ගියා...

න්..න්න්....

සහලවම උන නේද චූටි.....

න්..නිරූ....

මට නිර්වාන් කියන්නවත් බැරි උනා.....මගෙ කටේ කෙල පවා හිදිලා ගියා...ඒ ඇවිත් උන්නෙ නිර්වාන් වෙනකොට එයා මොකුත් කියන්නත් කලිම්ම මගෙ නලලට පිට අල්ල තියලා සහලවම උන කියනකොට අනේ අහේතුවකට මගෙ ඇස් වලට කදුලු පිරුනා...

ඇයි මේ....ම්ම්.....නාඩා ඉන්න...අයියා ආවනෙ...

මං බලාගන උන්නා...ප්‍රැක්ටිස් කරපු ඇදුම පිටිම්ම ඇවිදින් උන්න එයා කතා කරපු වචනයක් ගානෙම කතා කෙරුවෙ හරි හදිස්සියෙන් වෙනකොට අහන්නෙ බලන්නෙ නැතුවම එයා මගෙ ටී ශර්ට් එකට අත දලා මගෙ පිටටත් අත තිබ්බා.....

ඇයි මේ බිව්වෙ නැත්තෙ...

කට...තිත්තයිනෙ.....අනේ..මං පෙති බොන්න ආස නෑනෙ නිරූ...වමනෙට වගේනේ....පැනි....නෙ...ඕනෙ..

එයා මගෙ අතෙ තිබ්බ උන පෙති දෙක දිහා බලලා ඇයි නේ බිව්වෙ නැත්තෙ අහනකොට මම මූන ඇඹුල් කර ගත්තා....එයා මා දිහා බලාගන උන්නා....

ඔහොම ඉන්න එපා....මටයි රිදෙන්නෙ...

ම්ම්හ්හ්....

අකීකරු වෙන්න එපා....

ම්ම්ම්...හ්...

මට හෙට මැච් එකක්....ඔයාව.....නොබලා....ඉන්න...බැරි...හින්දමයි...මං...ආවෙ...අසනීපෙන්...ඉන්නකොට මං කොහොමද හිත හදන් ප්‍රැක්ටිස් වෙන්නෙ.....මං...

බොරුවක්...කියලද...ආවෙ නිරූ....

....

කියන්නකො...ඔයා...මාව බලන්න ඕනා හින්දා.....හොරෙන් නේද ආවෙ.....

.....

අපේ ලොකූ...මට අසනීපයි කියල කිව්ව හින්දා නේද ආවෙ..නිරූ....

...ම්න්...

වචන දෙක තුනකට වඩා කතා නොකරන නිර්වාන් මගෙ මූන දිහා බලාගම වචනෙන් වචනෙ කඩ කඩ වගේ කතා කරලා අවසාන හරියෙදි මොකුත්ම නොකියා ඉන්නකොට මං එයාගෙන් දෙපාරක් තුන් පාරක්ම හොරෙන් නේද ආවෙ අහනකොට ම්න් ගෑවා මට පව් කියලා හිතුනා....

චූටි...මේක බොන්න....

අනේ....හෙඩ් පිපෙට් අයියෙ....චූචිට බොන්න . ...බෑනෙ.....

ඇයි චුචිට බොන්න බැරි.....

යෝ...හ්....ඉතින්...ම්හුක්....එයත් චූචි කියලා කියනවනෙ....

මම මටම චූචි කියලා කියා ගන්නකොට එයත් මහෙ දිහා බලන් ඉදලා මට චූටි කිව්වා.....

අප්පච්චිගෙ දෙවනි දරු පැටියට ....පෙති බොන්න බෑනෙ.....

ම්ම්ම්.....දෙවනි දරු පැටියා නොබී කොහොමද ම්ම්ම්...

අනේ....මුනිතාස....අයියෙ....එයාගෙ...

පෙම්....කිරිල්ල....

සහලවලා උන තියන් උනත් ඇස් කොනින් බලපු මං හොරාවට මගෙ දබර ඇගිලි දෙක එකට වද්දන්න ගත්තා ....👉👈

චූචි කියනකොට චූචි කිව්වා.....දරු පැටියා කියනකොට දරු පැටියත් කිව්වා.....බබා කියලා කියා ගත්තොත්...බබා කියයිද....අර ඩිපූටියා අපේ කැත සැලලිහිනියට බබී කියනවා වගේ.....

ම්හුක්.....උත්සහා කරලා බලමූ...චින්තකගෙ බාල බෑනගෙ ආතරේ මහ සාගරේ තරම්ද කියලා ...

බබාට.....බොන්න...බෑනෙ....නිරු අයියෙ...

ම්න්...එහෙනම් නොබී ඉදින් .....

යසයි.....යසම...යසයි....පෙනේද මන්ත්‍රී පුතුකිගෙ කෙරුවාව...හරිම අගෙයි ආ...හරිම අගෙයි....අපූයුයි ....ආය...අපූයුයි...මෙච්චර දේවල් කියපු ප්‍රේම වන්තයට බබා කියන්න බෑනෙ....හිටපන්...මං....මේක සංසදේට දාලාමයි නවතින්නෙ....

මම රවා ගත්තා....එහෙනම් නොබී ඉදින් කියලා මගෙ අතේ තිබුන අර තඩි සයිස් උන පෙති දෙලර අරගත්තු එයා මාව දාලා යනකොට මගෙ මූන තිත්ත කැකිරි පන්තියෙ පූස වගේ උනා....එයා මා දිහා නොබලම යන්න ගියා...

ආදරයක් කියන.දේ නාමයක්.නෑනෙ...කමක් නෑ...කමක් නෑ...හෙඩ් පිපෙට් අයියේ...අපිටත් දවසක ඉරපායාදෝ කියලා කියන්නෙ නිකන් නෙවෙනෙ.....ඈ

...අපිටත් දවසක කවුරු හරි බබා කියයිනෙ...අන්න එදාට මං ඕක රෙකෝඩි කරන් ඇවිත් උඹලගෙ ගේ ඉස්සරහින් හිටගන එලිවෙනකන් බබා...බබා...බබා....බබා...කියන එක දාගන ඉන්නවා...හිටපන්...හිටපන්.....කො.....

මං අහක බලගත්තා ..නිකන් නෙවෙ...ඇදේ ඉදන් උන්න මං ගස්සලම අහල බලාගත්තා .....කාමරෙන් එලියට ගියපු නිර්වාන් ආයම එනකොට මං අහක බලා ගත්තා ....

චූටි.....මුරන්ඩු වෙන්නෙ නැතිව මේක බොන්න....

මටෝන් නැහ්....මට ඇති උනක් නෑ....

........ම්න්....

මොකටද....මාව බලන්න ආවෙ.....

.......

ඇයි යන්න එපැයි....අර බාර් කාරිව බලන්න....

ම්න්.....

මේ නිර්වාන්...අපි දෙන්නා අතර මේ conversation එකක් යන්නෙ....

ම්න්....

මං.මොනවද අහන්නෙ ඔයා "ම්න්" ගානවා....මං.මොනවද කියන්නෙ ඔයා ඒකටත් " ම්න් " ගානවා....අප්පච්චි ගෙ දෙවනි දරුපැටියට සහලවම උන තියෙද්දි ඔහොම.මහන්සි කරවන්න එපා නිර්වාන්.....ඇයි අනෙ....

ම්න්...

යෝ...හ්....යෝ....අනේ...ඇයීහ්...ම්හ්ක්...

මේක බීලා ඉන්න....මං ආයම යන්න ඕනා.....

මටෝන් නෑ...ඔයාට මං බලන්න එන්න කිව්වෙ නෑනෙ.....

මුරන්ඩු කම් කරන්න එපා සයාශ්...

ආපෝ...නැ.....මන් මුරන්ඩු නැ....කව්ද කියන්නෙ මං.මුරන්න්ඩුයි කියලා...මොකාද ඒ ගොබ්බයා....

මං රවාගත්තා ...මගෙන් අරන් ගියපු බෙගෙත් පෙති දෙක එයා කුඩු කරලා ඒකට සීනි දාලද කොහෙද ...කුඩුකරාපු උන පෙති දෙක හැන්දකට දාන් ඇවිත් මගෙ කටට ලන් කර කර බොන්න කියනකොට උන තියාගන මං මුරන්ඩු කම් කරන්න ගත්තා ...ඇයි මට බබා කියන්න බැරි...කටේ හොරිද...ඇයි යකො...

සයාශ්.....අකීකරු කම් කරන්න එපා සයාස්..මේක බොන්න.....මාව තරහා අවුස්සන්න එපා සයාශ්....

මං ඔයාව තරහ අවුස්සන්නෙ නෑ...ඔයා ඕක තියන්න...මට ඇති උනකුත් නෑ.....

චූටි ...මට...හෙට මැච් එකක්.....

ඉතින්....දැන් මට මොකක්ද කරන්න කියන්නෙ....

ඔයා ඔහොම ඉන්නකොට මම කොහොමද සයාශ් හිත එක තැනක තියා ගන්නෙ...ඔයාට සහලවල උන....

ම්හුක්....හිත එක තැනක බැරි නම්..දෙතැක තියාගන්න....ඇයි...අර බාර් කාරියෙක් ගාවත් තියන් උන්නෙ....

සායාශ්...මේක බොනවද....නැද්ද ම්ම්ම්.....

බොන් නෑ....බොන් නෑ...මං බොන්නෙ නෑ.....නෑ කිව්වොත් නෑම තමයි....ඇයි...මොනා කරන්නද...මං ඔය හැන්ද මගෙ කටට ගන්නෙවත් නෑ.....බොයි මගෙ බල්ල වත්....බොයි...බොයි මගෙ...බල්ලා වත්.....

එහෙමද උඹ දැන්.....ම්ම්ම්...උඹ මෙ හැන්ද කටට වත් ගන්නෙ නැද්ද.....උඹ මං කියන දේ අහන්නෙම නැද්ද...?

මං මුරන්ඩු කම් කෙරුවා...පිත්තල හැන්ද කටටවත් ගන්නෙ නෑ කිව්වා...දෙපාරක් තුන් පාරක්ම හොදින් කියලා අහපු නැති මං ගාව එයා චුට්ට චුට්ට නපුරු උනා වගේම අන්තීම පාරට මේ හැන්ද කටටවත් ගන්නෙ නැද්ද අහපු නිර්වාන් මං බලන් ඉන්නකොටම අර තිත්තම තිත්ත බෙහෙත් හැන්ද කටේ දාගන මුරන්ඩු කම් කර කර කියව කියව උන්න මාව ඇදලා අරන් එයාගෙ එක අතකින් මාව හිර කරගත්තා වගේම අනිත් අතෙන් මගෙ නාස් පුඩු වහන් මගෙ මූනට පහත් වෙද්දි ඉබේම මගෙ කට ඇරිලා ගියා.....මං දැගලුවා.....

ඔ..ඔව්....ඇයි...ගන්නෙ...නෑ....න්..න්...භ්භ්.....භ්භ්.....භ්භ්.....භ්භ්....හ්හ්හ්....න්..න්.....නි...කැහ්...කැහ්....නි....ර්.....වා....න්න්...කැහ්....භ්භ්........

මං...කියන්නෙ එක පාරයි....එකම...පාරයි....හරී.....ආය..දෙපාර තුන්පාර....කියනවා කියන්නෙ...ඒකෙ...අවසානෙ...උඹ අඩනවා කියන එක....තේරුනාද මගෙ චූටිට....ම්ම්ම්...ඉකමනට සනීප වෙයන්...මං බලන්....ඉන්නවා...

න්...න්..නිර්....

ශ්ශ්ශ්.....දොයියන්න.....කතා ඇති.....කතා...ඇති...කියන්නෙ...ඇති...

කියන එක....

නි.....

ශ්ශ්...!

😒ම්හුක්!!!

ආය එන්නම් ඈ...

ම්හුක්.....හෙට වික්‍රමසිංහ මහත්තයා එක්ක එන්නම්....පයිස්සමින් ඉන්ඩෝ

ආතරෙයි....

මම

Jobby!!!...

More Chapters