LightReader

Chapter 70 - 70

Sayash pov...

ඔන්න...ලොකුවා....ඔන්න එනවා.....පොඩි නැන්දා එනවා...ඕක දාපිය....

ඕකි පරල වෙයිද චූටියා.....

පරල උනත් මොකො.....ඇහුනනෙ මලෙන් උපන් සමනලී කියපු කටකැඩුන කතාව...දාපි....ය....දාපිය...ඕක...මං මේ රතිඤ්ඤා කරල් ටික දාන්නම්...ආවා මෙතන අඥේ.....අක්කෙ....හුක්කෙ...යැයි....යැයි...ගාන්.....දීගෙ ගැන කියවන්න...වරකො පොඩි නැන්දෙ අද...

මම උන්නෙ අප්පච්චිගෙ බතික් සරමක් ඇදන් ඒක කඩන් වැටෙයි කියන බයට කොටු කොටු කොට කලිසමක් යටින් ඇදන්....

මගෙ ජීවිතේ.....ලොකූගෙ....අප්පච්චිගෙ ....

අම්ම්ගෙ.....අපි හැමෝගෙම හිතේ තිබුන හරි ලස්සන වගේම ....අපි දෙන්නා පොඩි කාලෙ අපේ ඉහටත් වඩා උඩින් තිබුන හීනයක්.....

මහ පරිමානෙන් නැති උනත්...කාමර හතරක් සාලයක්....බාතෲම් එකක්...කුසියක් එක්ක තට්ටු දෙකට හදාපු පුංචි ගෙයක්....නිර්වාන්ගෙ මාලිගාව වත්....සංජනගෙ මාලිගාව වත්.....ශෙනිරුගෙ මාලිගාව වත් මේ ළඟින් තියන්න බෑ...මොකද...ඒ තුන තිබ්බොත්....අපේ හීනෙ හරි කුඩාවට පේනවා....

මහා මන්දීරයක් නොවුනත් මොකද...මේකෙ අත්තිවාරමේ ඉදන් යටකරාපු හැම රුපියලකම තිබුනෙ අම්මා අප්පච්චිගෙ දුක් මහන්සිය වෙනකොට ....මට මගෙ ගෙදර...අපේ ගෙදර...ඔය මොන මන්දීරෙටත් වඩා ලොකු උනා...

අපි ආවෙමහ පාන්දරම...හතරට විතර එන්නම් කියලා ගියත් මොකද...මගෙ නිරූ ඒ රෑම ආපයින්ම අපේ ගෙදර ආවා...අඩුම ගානෙ ඇදුමක් වත් මාරු කරලා තිබුන් නෑ.....එයාගෙ මූනම සම්පූරන කලු ගහලා තිබුනා.....අහනකොට මට කිව්වෙ අම්මා එක්ක රන්ඩු උනා කියලා විතරයි ....හැබැයි එයින් එහා මොකුත් කිව්වෙ නෑ....ඒ මූන දිහා බලාගන මට හාර හාර අහන්නත් හිතක් නැති උනා...මොකද තුවාලෙ තියන මනුස්සයා මිසක් වේදනාව දන්නෙ...කොච්චර වේදනාවක් දැනුනත්...පිටින් ඉදගන ඉවසන්න කියලා කියන අනිත් මිනිස්සු නෙවෙ.....

ඉතින්....එයාගෙම හිත හැදිලා මට ඇත්ත කියනකන් මං මොකුත්ම නාහා ඉන්න මගෙ හිත හදාගත්තා....

මොකද මට බය හිතුනා ...ඒ කලු ගහඖ මුනෙ තිබුන ඇස් දෙක දැකලා...කවදාවත් මල් පිපුන වසන්තෙකට අයිතියක් නොකියාපු නිර්වාන්ගෙ එකම වසන්තෙ මම විතරක් වෙනකොට ...බාගෙට පිපීගන එනකොට සමහර තැන්වලදි මගෙත් පෙති මැලවෙන්න ගත්තා....පිපෙන්න ඕන කම තිබුනත්...සමහර තැන් වලදි මගෙ පෙති හැලෙන්න ගත්තා...

නිර්වාන් ....පපුවට තුරුල් කරගන...රාගෙට වඩා...ආදරේට පන කවාපු....නිර්වානෙ කොච්චර දුර උනත්...ඒ දුරත් මට ලන්කරල පෙන්නපු මනුස්සයා...

නපුරුම ඇස් අස්සෙ ආදරේ මහ මෙරෙක් හංගන් කෙටි වචනෙකින්...එක රැව්මකින් ඒ ආදරේ හංගාපු මනුස්සයා...

මට මහ වේදනාවක් දැනුනා.....ගෙදරින් යනකොට තිබුන් හිනාව සම්පූර්නම මැරිලා ගිහින් ඒ මුන කලු ගහලා තිබුන හැටි දැකලා....

මං කියන්නෙ මෙච්චරයි.....අවාරෙදි නියන් කාලෙට අහු උන උඹට....උඹගෙ හිතට...අනෝරා වැහි වහින්න ඕනෙ හතර දිග් බාගෙම යටකරන් යන්න....

මං හුස්මක් ගත්තා...තවම ලිප් ගල් තුන් සාලෙ මැද...

ලොකු නැන්දා බලවන් ආව සුභ මුහුර්තෙ එක්ක අද අපේ ගෙදර කිරි ඉතිරුනා.....කිරි බේරෙන කිරිබත්....ගිනිකන රතුපාට වෙච්ච ලුණු මිරිස්...ඉඹුල් කිරිබත්...අලුවා...වැලිතලප.....නැති දෙයක් තිබුන් නෑ..මේවා ගම්..... කොච්චර දුශ්කර උනත් මොකද...අහුර අහුර හරි හිටින්න හැම කැවිල්ලම තිබ්බා...සීනි කැවුම්...හැදි කැවුම්..නාරන් කැවුම්...කොන්ඩ් කැවුම්...කරස් කුරුස් ගාලා හපන්න පුලුවන් කොකිස්...

කියන්න සතුටුයි පෙරේදා දිහාවෙ කොකිස් බදින වෙලේනම් ලොකුවා අම්මගෙන් ටැටූ එකක් ගහන්න අහලා ලොකු නැන්දා ඌට කොකිස් අච්චුව විසික් කරලා ගැහුවා.....දැන් උගෙ පුකෙ සමනලයෙක් හිටලා....

මං උන්නෙ හරි සන්තෝසෙන්....කිරි උතුරන වෙලේ නම්...අම්මට ඇඩුනා...අප්පච්චි නැති අඩුව කාටත් වඩා දැනුනෙ අම්මට වෙනකොට කිරිමුට්ටිය හතර අතින් වාන් දානකොට අම්මට ඇඩුනා.....ඒත්...ඒවෙලෙ වීඩියො කෝල් එකෙන් බලන් උන්න අප්පච්චි නම් හිනා උනා...

මේ හැමදේම පිලිවලට සිද්ද උනා...හැබැයි එක දෙයක් ඇරෙන්න...අප්පච්චිගෙ නංගි කිව්වට මොකද....පොඩි නැන්දව පුපුරන්න ආවා....ඊරිසියාව වෑස්සෙන්න ගත්තා...ඊටත්....ඇවිල්ලා උන්න කොල්ලො රොත්තව දැකපු පොඩි නැන්දටමේ මොකාගෙ මොක්කුද කියලා දැනගන්නකන් නින්ද යන්නෙ නැති ගතියක් ආවා.....චූටි අයියගෙ පස්ස පාරෙ යන අපෙ ගුත්තිලයා මොකටද ලොකු නැන්දටයි ලොකු මමාටයි අම්මා අප්පච්චි කියන කාරනාව හොයා ගන්න බැරුව පොඩි නැන්දව මඥ්ඥන් වෙන්න ආවා....

ඒ විතරක් නෙවෙ....අපේ එකාට තැනක් නොතැනක් නැතුව බබී බබී ගාන ඩිපූටියව වගේම...වෙලාවකට මට ලමයො කියන.....ආයම වෙලාවකට මට චූටි කියන....අපේ අම්මගෙ වල්ගෙ වගේ යන යන හැමතැනටම යන නිර්වාන්ව දැකපු පොඩි නැන්දට ඕපෙ හොයාගන්න බැරිව ඔලුව හත් කඩකට පුපුරන්න ඔන්න මෙන්න ආවා වගේම උන්දගෙ නහරයක් ගහලා යයි කියන බයටම ලොකු මාමා කෙටියෙන් වෙච්ච කෙරිච්ච සිද්දිය කිව්වා විතරයි...පොඩි නැන්දට දිස්ටි වැටෙන්න ගත්තා...

එතනින් එහා ඉතින් කියවන්න ගත්තෙම වංසෙ කබල් ගෑම්...අපි නම් නෙවෙ ආය පඩෙකටවත් ගනන් ගත්තෙ....ආ...අක්කේ....ආ හුක්කෙ...ආ...අයියෙ....ආ #යියෙ ගගා ඔව්වා අපිට ඔබිනවද....අරකදෙ...මේකද....චූටි....උඹ ඉගනගත්තු හොද ගුරෙක් නේද.....යැව්...යැව්...හැව්..හැව්...ගානකොට...අනේ...මගෙ නාට්ටි ගුරා ලුණු මිරිස් තලියල් ගාවපු කිරිබත් ගුලියක් අපේ චූටියගෙ කටේ එබුවා විතරයි.....පොඩි නැන්දා මොන මොනවදෝ කිය කිය අපේ ගෙදරින් යන්න ගියේ....උන්දැගෙ දෝනියැන්දා හත් මාල දාලා පෝරුවෙන් බැස්සා වගේ...

අනේ....සදුනියා පැනලා ගියා කියන්න අපි නොදන්නවද ...?????....

ඒ ගියපු පොඩි නැන්දම ආපිට එනකොට ඉස්සරහා ඉස්තෝප්පුවෙ ඉදන් අලි එහෙම කොහෙන් හරි එනවද බල බල උන්න මම ලොකුවව කුලප්පු කරලා මසුරන්ට පොදි බැන්ද සින්දුව දාන්න එලවලා අලින්ට දාන අලි වෙඩි දෙකතුන අතේ අරන් පොඩි නැන්දා එන මගටම මං විසික් කරනකොට,

සාලෙ උන්න මගෙ මිනිහයි ඩිපූටියයි අලිඑනවා කියලා හිතලා බය වෙලා සාලෙ පුරාවටම වැටි වැටි බඩ ගගා කාමරවලට දුවන්න ගත්තා...ඔක්කොටම හපන් ගුත්තිලයගෙ මිනිහා....!

චූටීහ් ....

මං අලි වෙඩි දානවා....නිර්වානයා එහෙන් අලි ඇවිත් කියලා හිතන් කෑ ගහනවා කෑගහනවා....පොඩි නැන්දා අමු කුනුහර්ප පලනවා....අනිත් පැත්තෙන් සරිත් සුරිත් නෑයන්ට බනිනවා...

කාසි ඇති දාට නැති නෑයො...

ඕනෑ තරම්...

ඩෝ...ං

නම්බු..ගරු නාම...

ඩෝං.....

චූටියා...වර...ඇතුලට....!!!

නැති නෑ...යෝ....ඕනෑ....තර...ම්...ඩෝ....ං!!!!

චූටියා....හ්...නවත්තපිය ඕක.....තොපිට දැන් පයිත්තියන් ගහන් එනවද.....

එනමගට අලිවෙඩි දාන්නෙ.....

ඩෝ....ං

කිව්වම අහලා ඕක නවත්තපිය...තොපි නමනින්දා වැඩ කරලා මදිවට....ඒවා..ගමටත් ගෙනල්ලා.....අපේ එකෙක් වවත් හදාගන්ඩ බැරි වෙන වැඩ කරන්ඩ හදනව...

.

ඩෝං...!!!

පැනල ගිය සදුනියගෙ ආය මොනවා හදන්නද ....ඩ්ඩෝ...ං.....පොඩි...නැන්දේ.....ඩෝං....!!!!

ලොකු අක්කෙ.....උඹලත් දැන් මේව්ට උල්පන්දන් දෙනවද...ආ...ආ ජයේ අයියෙ...??උඹලත් දැන් මුන්ගෙ විගඩම් වලට උඩ ගෙඩි දෙනවද....අරහෙ අයියා දුක් විදිනවා...උන් මෙහෙ මගුල් අහනවා...

කැම්පස් කෙරුවාව ගැන කියනකොටම මට හිතුනා....තොපෙ කෙරුවාව....අනික ඕවල.....වද දෙනවලු...

තොපිට...නිකන් වත් තොපෙ මහ එකා ගැන දුක හිතුන් නැද්ද....????

පොත්තෙ පාටට රැවටිලා....මුන් කොහෙ කොහෙ යන උන්ද කව්ද දන්නෙ..හරි හමන් දෙමව්පියන්ට ජාතක උනානම්...

පොඩි නංගි ඇති.....උඹට අදාල දේවල් වලට උඹ කට ඇරපන්.....

අදාල දේවල් කියන්නෙ...අදාල දේකට තමයි මන් කට ඇරියෙ....අපි ගම්වල ඉන්නෙ පොඩි කාලෙ ඉදන්....මේ හතර දිග් බාගෙකය මෙහෙව් දේවල් දැක්කෙ නෑ...උඹ මෙවුන්ව බලපු හොද කම තමයි...අපේ එකා අරහෙ මැරෙනවා....

අලි වෙඩි දාලත් මට්ටු කරන්ඩ බැරි කට වාචාල පොඩි නැන්දා වෙඩි වරුසා මැද ගෙට ආවා...එතනින් පස්සෙ ඇහුනෙ පොඩි නැන්දගෙ කටින් පිට වෙන වචන විතරක් වෙනකොට ...අපි හැමෝම අව්ද්දානෙ එයාට දිලා කට පියාගන බලාගන උන්නා.....

කිරි උතුරවාපු ගෙදර...වස් දොස් යන්නද කොහෙද....

පොඩි නැන්දට ඕනා උනේම අංචියක් අල්ලන්න...මේ ගමේ.....අපිට කියන නෑ පරම්පරාව නම්....හත් ගව්වක් දිග වෙනකොට කොහෙන් ගත්තා උනත්...අත්තම්මෙක්.....කිරි අත්තෙක් උන්නමයි....

පරන කාලෙ අකුරු දෙකෙ තුනේ නම් තිබුන අත්තම්මලා ඇවිදින් ඇවිදින් යනකොට කැවිලි පිගානක් ගෙනියන්ඩ ඉතුරු නොවුන තැන.....රට බීම වීදුරුවක් බීලා බුලත් කහට බැදුන කටවල් වලින් හිනා වෙන උන්දැලා ආපිට යන්න ගියේ අලුත්ම වලදක හදාපු කෙහෙල් මුව මාලුවක්....වැව් කොරලි හට්ටියක්....හත් මාලුවක්....කැකිරි බොරයක්...බිලින් චට්නියක් ගස් තක්කාලි අච්චාරුවක් කුසියට කරලා වෙනකොට ...හිස් අතින්ම ආව පොඩි නැන්දා කොල බොකු පවා උල්වෙන පදමට කාලා කාලා ආපිට දෙවනි වටේට ඇවිදින් අපේ හැදියාව ගැන කියවන්න ගත්තා...

පොඩි නැන්දෙ...ආදරේ කවදාවත් අසම්මත උනේ නෑ....

උඹලට ඕනෙ...වැරදි කර කර...වැරදි හදන්ඩ.....මේවා සදාචාරෙට පටහැනී දේවල් අක්කෙ.....

නෑ..අපිට ඕනෙ....රාමුවෙන් එලියට බැහැලා.....දැනෙන තැන නවතින්න....ඇරත්.....මහන්සි නැද්ද පොඩි නැන්දට ඔය කියන සදාචාරෙ රැකලා....අපි දෙන්නාගෙන් කවුරුත්.....වත්..මේඅයගෙන් කවුරුත් වත්..දුරාචාරෙ ගියෙ නෑ...අපි කෙරුවෙ...වෙන මනුස්සයෙක් බැදන්....ඒ ගෑනිටත්.....අපිටත් කරගන්න අසාදාරනේට තිත තියලා...රාමුවෙන් එලි බැහැල ආදරේ කරපු එක....

කොල්ලො....ඒවා....උඹලගෙ ඔය...කැම්පස් වලට හොදයි...කොළඹ උඹලට ලැජ්ජාව ගැන ගානක් නැතුවට....ගම්වල අපි...හරි නම්බුකාරෙට හැදුන මිනිස්සු....ලොකු අක්කලත් මේවට උල්පන්දන් දෙන්න ඇත්තෙ අපේ එකාගෙ කුට්ටිය එන හන්ද වෙන්ඩ ඇති.....

පොඩි නංගි....!!උඹගෙ කටට පනුවො ගහනවා...ඔය කියන පව්කාර කතා වලට...මුන් දෙන්නව මං හැදුවෙ මගෙ එවුන් වගේ...අදටත් මන් මලයා එවාපු රුපියලකට අත තිබ්බෙ නෑ.....

ඔව්...ඔව්...නොතියම ඉන්ඩ ඇති....උඹගෙ එවුන් වගෙ හදලා තියන අපූරුව පේනවා.....හහ්.....

ආ පොඩි නැන්දෙ...තමුන්ගෙ එකම එකාව හදපු අපූරුව අපිත් දන්නවා.....ඒ හන්දද.....හදපානෙ දෝනියැන්දා පැනල ගියෙ.....කෝ එතකොට....සදාචාරෙ...කෝ...එතකොට...අර නම්බුව...සංස්කෘතිය.....කෝ එතකොට අර ඇහෙ මූනෙ තියන් රැක්කයි කියන කතාව.....?????ඇරත්....ලොකු නැන්දා....අපිව බලපු හැටි...උඹට වඩා අපි දැක්කා...නිකන් නහින් නැතුව ඉදින් ලොකු නැන්දේ.....

චූටියා....ඒකි පැනල ගියෙ මිනිහෙක් එක්ක...උඹලා පිරිමි....පිරිමි පිරිමි මක්ක කරන්නද.....

මටත් කට කොකියන්න ගත්තා.....නිර්වන් විතරක් මේකිට උත්තර බදිනකොට නෑ කම් එලවලා දාලා මාත් කියවන්න ගත්තා.....

පොඩි නැන්දට ඕනෙ.....අපි ආදරෙ කරන විදිහ ගැන අහනවට වඩා....අපි කවුරුත් ඉස්සරහට ජීවත් වෙන්න ඉන්න විදිහ අහනවට වඩා....අපි ඇද උඩ.ඉන්න විදිහ අහන්නද ....???

මං නිර්වාන් දිහා බැලුවා...මුලු ගේම මීයට පිම්බා වගේ....ලොකු නැන්දා....ලොකු මාමා....අම්මා....අපෙ අනිත් උන්..මේ හැමෝම.....අම්මටවත්...ලොකු නැන්දටවත් වහන්න බැරි උන පොඩි නැන්දගෙ වැල්ලෙ කට නිර්වාන් වහල දැම්මා....ගෙදරින් එනකොට ආවෙත් අම්ම හින්දා හිතම පාරවගත්තු නිර්වාන් කෙනෙක් වෙනකොට .....පොඩි නැන්දගෙ කලදසාව අද අන්තීම නරක උනා...

සුසාන අස්සෙ....රෝසමල් හිටවපු මිනිස්සුන්ගෙ ආදරේට ඔය තරම් පහත් විදිහට ගරහගන්න එපා..... නෑ කම් මට අදාල නෑ...මං ඔයාට මේ කියන සින්හල තේරෙන්නෙත් නෑ.....මං කව්ද....සයාශ් කව්ද කියන්න.....ඌයි මායි කාමරේදි කරන්නෙ කියන්නෙ මොනවද අපි දැනගත්තාම ඇති....ඇරත්.....මොකක්ද ඔයාලා ඔය අහන ප්‍රශ්නෙ...???.

ගෑනු ගෑනු එකතු වෙලා මොනවා කරන්නද...?? පිරිමි පිරිමි එකතුවෙලා මොනව කරනන්ද...?? ආප්ප දාන්නද ....වංගෙඩි අතුල්ලන්ද...ඔය වගේ එව්වද ඔලුවට එන්නෙ....????නෑ මං අහන්නෙ....උඹලට මතක් වෙන්නෙ ...ඕකද.....???එතකොට අපිත් ඇහුවොත් උඹලා ගෑනු මිනිස්සු එක්ක එකතුවෙලා කරන්නෙ මොනවද කියලා....??අපි අහනවද...නෑනෙ.....අපි අහන්නෙ නෑනෙ...

එතකොට ඔයාලට අපි වගේමිනිස්සු ආදරේ කරනවා දකිනකොට....එකට ජීවත් වෙනවා දකිනකොට ඔලුවට එන එකම ප්‍රශ්නෙ ඕකද...??? ඇයිඒ....එහෙම.....ඒක ඔයාලව හදපු හැටිද.....නැත්තන්...ඔයාල තාම ලින් මැඩි මානසීකත්වෙන්ද.....?? මේ හොරොව්පතානෙන් එලියට ගිහින් බලන්න...

සමා වෙන්න අම්මා...ලොකු නැන්දා.....ලොකු මමා....මං මේ හරී ඉවසීමකින් කතා කෙරුවෙ...මොකද....අපි මෙතන මිනිමරලා නෑනෙ....හැබැයි.....සමහරමිනිස්සුන්ගෙ කතා නිසා...මට මිනි මරන තැනට වැටෙන්නත් පුලුවන්....

පොඩි නැන්දට කොහොමත්....සභ්‍ය බාශාවෙන් කියනවට වඩා.....අසභ්‍යෙන් උත්තර බැන්දම කනහරහා මොලේට යාවි...මොකක්ද දන්නවද පොඩි නැන්දෙ ...හැමනෙන එක ජීවිතේම කරගත්තු ඔයාල වගේ මිනිස්සු අස්සෙ....ජිවිතෙන්....එක අංශුවක් හැමනෙන්න වෙන් කරපු අපි වගෙ මිනිස්සුත් ඉන්නවා...මං මූව පැත්ත පෙරලුවත්...මං මුගෙ උඩ නැග්ගත්.....ඒක ඒ පැයට විතරයි....අපිට ජීවිතේ ප්ලෑන් තියනවා...කරන්න දේවල් තියනවා...මං තාම ඉගන ගන්නවා...මේකා තාම හීන දකිනවා...ඔය ඔකොමත් අස්සෙ වෙලාවක් තිබ්බ දාට අපි හැමනෙනවා...නැතුව....නැන්දා හිතන්නෙ....විසිහතර පැයම.....මං මේකගෙ උඩ නැගන් ඇන ඇන ඉන්නෙ නෑ....

නි.....රූ.....

මගෙ කන් දෙකත් එක්ක රත් වෙලා ගියා....මායි ලොකුවයි කොච්ච්ර වලත්තකම් කෙරුවත්...කියෙව්වත්.....මං කවදාවත් නිර්වාන්ගෙ කටින් මේ වගේ වචනයක් අහල තිබුන් නෑ.....නිර්වාන් කෑ ගැහුවෙ නැති.උනත්....නිර්වාන්ව වෙව්ලනවා.....ලොකුවව සුදු මැලි වෙලගිහින් වගේම චූටි අයියට තමන්ගෙ ප්‍රියතම ගෝලයගෙ වාග් විලාසෙ තරම විස්වාස කරගන්න බැරිව උන්නා...

ඇරත්....පොඩි නැන්ද දන්නවා චූටි ඉස්පිරිතාලෙ උන්නා කියලා ..වාහන නැති උන් නෙවෙ....බස් වල ගාටන්න ඕන උනුත් නෙවෙ...තමන්ගෙ අයියගෙ කොල්ලනෙ කියලා ඌව බලන්න ඉස්පිරිතාලෙ එන්න එපැයිනෙ....ලොකු නැන්දා විතරනෙ උදේ රෑ බත් බැද බැද නැහුනෙ....

අබමල් රේනුවකින් තරන් දෙයක් කරලා නැත්තන්....සහෝදරකම් බල්ලට දාලා පාඩුවෙ ඉදපන් පොඩි නැන්දෙ ..වයසට ගියත් උඹට තියෙන්නෙ හොයන්න අමාරු බෙහෙත් නැති පිස්සුවක්...නැත්තන්....අර අම්මා ඉස්සරහම අහනවද පිරිමි පිරිමි මොකද කරන්නෙ කියලා.....ඇරත් උඹගෙ මිනිහට බැරි වෙලාවත් ලාදුරු හැදුනොත්.....???මිනිහව දාලා යනවද.....නෑ.මං අහන්නෙ....තමුන් හිතන්නෙ මිනිස්සු එකට ජිවත් වෙන්නෙ ඔන්න ඔය ලබ්බ කරගන්ඩ විතරයි කියලනෙ....ඒකම කරන්ඩ ඕනෙනම් බදින්නෙ නෑ...මේ ලන්කාවෙ ඕන තරම් රූම්ස් කියලා ජාති තියෙන්නෙ ඒවට තමයි...කට තිබුන පලියට නිකන් පුස් කතා කියලා තුන් පදෙන් අහගන්ඩ එපා පොඩි නැන්දෙ.....ආව මෙතන දිග පලල මනින්න.....

අනේ...නි...රූ...

මටත් නිකන් මොකක්ද උනා...පොඩි නැන්දා නම් උන්නෙ වැලෙ වැල් නැතුව...අම්මා දිහාත් ලොකු අම්මා දිහාත් බලන් උන්න උන්න පොඩි නැන්දගෙ ඇස් දෙක තනිකරම ගෙම්බෙක් වගේ වෙලා තිබුනා මදිවට හුස්මගන්න ගැනිල්ලට මං හිතුවා ගැනිගෙ නහර ගහලා යයි කියලා.....

උඹල ඔක්කොටම කොළඹ ලැගලා පිස්සු ....හිටපියව්කො...මං අයියා එක්ක කතා කරගන්ඩ.....මේවා අපේ ගම්වල වෙන්න බෑ...මිනිස්සු ගල් ගහයි....

උඹ ඇවිත් පව් නොකරපු ගෑනිනෙ...ගල් ගහන්නෙ.....අනෙ නිකන් ඉදින් පොඩි නැන්දෙ....සදුනියා පැනලා ගිය වෙලේ...ඒකි අපි දෙන්නට සල්ලිත් දීලා ගියෙ...ඇරත්...ඒකි උගෙ පලවෙනි එකානෙවෙ...ඕකි ඉස්කෝලෙ යන කාලෙ කැන්ටිමෙ අයියත් එක්කත් යාලුවෙලා ලැට් ලැට් ගානෙ රිංගුවා...

අමොර්...අමොර්....පිච්චමල්බිසව්තමෝට අමාරු ඇති අප්පච්චිගෙ ඔලුව කාලා.....

මලෙන් උපන් සමනලී නෙමැයි දේනියැන්දා....නිල්කටරොලු මලෙන් උපන්..සදුණියා....නනී....!!!

සදුනියගෙන් අහන්ඩ.....කැන්ටිමෙ අයියගෙ බිත්තර රෝල්ස් එහෙම රහද කියලා....හූ.....

චූටියා...ඇති ඔය...කිව්වා නේද උඹට...

අප්පච්චිට ගන්නකොට....මතක් කරලා සිග්නල් තියන තැනකට යමන් ලොකු නැන්දේ....අලිමංකඩ ගාවට වෙලා ගත්තත් කමක් නෑ...අලියෙක් වත් ගහන් යන්නෙ නැතෑ

ඇති යකො ඇති....නවත්තපියව්....ලොකූ නවත්තපන් ඕක.....

දාපිය චූටිය අර සින්දුව....අනේ මන්දා..තාත්තගෙ පැත්තෙ නෑ දෑයො ඇයි මෙච්චර කැත කියලා....නේ සුධා...අපේ සුධා විතරයි ලස්සන....ආවදෙන්කො ආයම කට උල්කරන් දානවා කටට අලි වෙඩිල්ලක්....

පොඩි නැන්දා පුප්ප පුප්ප යන්න ගියේ පැත්තවත් නොබලා වෙනකොට ඔක්කොම උනාට පස්සෙ මායි ලොකුවයි පුපුර පුපුර යන පොඩි නැන්දට හූ කියන්න වගේම සදුනියගෙ චරිත සහතිකෙ දිගෑරල දෙන්න ගන්නකොට පොඩි නැන්දට සොනික් ආරූඪ උනා වගෙ දුවන්න ගත්තා....

මඥ්...අප්පඥ්ඥිට කියන්නම්කො....යැයි...යැයි.....

ඇයි අම්මෙ...චූටියා....ඕක නවත්තලා කාපියකො.....තාමත් ඒකම කියවනවා....

අපි හමෝම උන්නෙ කෑම මේසෙ....ඉඩ.මදි උන ගුත්තිල කපල් එක නම් සාලෙට වෙලා බත් කනවට වඩා වෙන වෙන මගුල් කන්න ප්ලෑන් කරනකොට මායි ලොකුවයි අද හැන්දෑවට හේනට බඩගාන්න නොවදිනා වැදුම් වැන්දා....

හේනක රැයක් කියන්නෙ ඒක අමුතුම ලෙවල් එකක්...මදුරුවො කනවා....එලිවෙනකන් ඇහැරන් ඉන්නඕනා...දුක් ගැහැට බෝමයි උනත්...අට්‍ටාලෙ උඩට වෙලා අලි එනවද....වල් ඌරො එනවද බල බල පුවක් පට්ටෙට ඔතන් එන රෑබත හරි....තම්බපු මඥ්ඥොක්කා එක්ක....ලී වංගෙඩියෙ කොටාපු පොල් සම්බෝලයක් එක්ක...කලුවට උයාපු ඌරුමස් එකක් එක්ක හේනක රැයක් කියන්නෙත්...හරි අමූතූ හැගීමක්....

මෙතනින් ටිකක් ගිහින් අලිමාරුවෙන අලිමංකඩ පහු උනහම තියෙන්නෙම අපේ අත්තලා...කිරි අත්තලාට අයිති හේන්.....ගෙදර කුසියට උනත් පේනවා...හිදීගන යන වැවක...වටේටම තියන පුපුරාපු පස.....බොරදියෙ මාලු අල්ලන කොක්කුන්ගෙ අහංකාර කම.....එකම කොලයක් වත් නැතිව කනාටු උන ගහගක් අස්සෙන් ඉර බැහැන් යන විදිහ දැක්කම.....අනේ මන්දා...ඒ වෙලාවට දැනෙන පාලුව..තනිකම....හිතට එන මහ අමූතු හැගීම්....ඒවා වෙනමම ලෝකයක්....

පීකුදු කන්න එපා...

නිර්වාන් මගෙ අතෙ තිබුන කුකුල් පීකුදු කෑල්ල අරගත්තා.....මිනිහගෙ බත් එක පිදුරංගල කන්ද වගෙ....අම්මා ඒකට කන්දක් තරමට බත් බෙදලා තිබුනා....දෙයියන්ගෙ පිහිටෙන් ඇමති අම්මා තලාපු හිත මගෙ අම්මා හදලා තිබුනා...

අකාලෙ ගහපු හෙනයක් වගේ පොඩි නැන්දා කෑගහලා ගියත් මොකද.....පොඩි නැන්දා ගැන මෙලෝ යකෙක්ට ගානක් තිබුන් නෑ.....

සුධර්මා....

ලොකු මාමා කාලත් ඉවරයි.....හැබැයි ලොකු මාමගෙ මූනෙ තිබුන බැල්ම හෙන හොර පාටයි.....බත් එක අතට ගත්තු වෙලේ ඉදන් අපෙ සුධර්මා නම් කම්පා උනේ අපේ සුගා ගැනයි පරී ගැනයි....බලු අම්මෙකුයි පූස් අම්මෙකුයි වෙන අම්මලාට දුර ගමන් ගියහම තියන එකම ලෙඩේ ඕක..ගෙදරින් පිට ඉන්නවා කියන්නෙ බලු අම්මලාට පූස් අම්මලාට ඉතින් ගෙදර යනකන් උගුරෙන් පහලට වතුර උගුරක් බහින්නෙත් නෑ..ඇයි....බාර දීලා ආව උන් උන්ට කන්න බොන්න දෙනවද.....කිය කිය කොච්චරවාත් ලත වෙනවා.....

අපෙ සුතර්මටත් දැන් ඒකයි වෙලා තියෙන්නෙ....

.ජයෙ.....එහා ගෙදර කොල්ලට කතා කරලා අහන්ඩකො බල්ලයි පුසටයි කන්ඩ දුන්නද කියලා....

ඒ ළමයා යන්ඩ ඇති සුධර්මා....ඔයා මේ නිකරුනෙ හිත රිදවගන්නවා...

ඔයාට මොකද...නාවලා කරලා හදන්නෙ මමනෙ.....කොහෙ යන්ඩද ඔය මායන් වෙන්නෙ....පහල ගෙදරට එහෙම යනවා නෙවෙ.....

ලොකු මාමගෙ මුන නම්...තනිකරම කපටි නරියෙක් ගානයි....ඔය යන්ඩ හදන්නෙ..පහල අත්තගෙ ගෙදරට රා බොන්ඩ...එහෙ තල් රා තියනවා..

නිරූ...අපි දෙන්නත් හේනට යනකොට රා කට්ටක් අරන් යන්....???

උඹට විකාරද එහෙම...රා බීලා හේන් රකිනවද...

ම්හු....ක්....රකිනවා

රකිනවා...ළඟ තියන බිජ්ජ තමයි...කටවහන් කාපිය...රාබොන්ඩ.....

වලෙක් වෙලා ඈ....

ජයෙ.....

ජයේ...

.

එහෙන් ලොකු නැන්දා පරල උනා....මෙහෙන් හේනට යනකොට රා කට්ටක් අරන් යන්න අහපු මගෙ රෙදි නැති උනා..පිදුරංගලක් සයිස් බත් එකක් කාපු නිර්වාන් හිටගන්නකොට බඩත් ඇවිදින් තිබ්බා වගේම මං බලාගන හදිසියේ අබ්බගාත උන අපේ සැලාට ඩිපූටියා පන දාගන බත් කවනවා....

ඒඑ...ව්....නමනින්දාවයි...මල සමයන්.....අර..අර..අපේ එකාගෙ....කැටයම...ඒ...ව්...මේවට තමා...මට..නගින්නෙ...

අම්මත් දැක්කා...මුගෙ නොම්බරත් නෑ.....සලුපොටත් නෑදැන්...ඒ උනාට මෙතන ඉන්න තිබ්බෙ පොඩි නැන්දා...නහරයක් ගහලා යයි...

ම්ම්ම්ම්.....හ්හ්...ක්....නි...රූ.....

ම්ම්ම්ම්.....ඇයි .....උඹ දැන් අතපය කඩා ගන්නවා චූටී....

මං උන්නෙ කාමරේ.....මම නෙවෙ...අපි....මෙච්චර කල් එකට නිදියපු මටයි ලොකුවටයි කාමර දෙකක් හම්බ උනා....ඌ උගෙ කාමරේ උගෙ ආදරේ එක්ක තනිවෙන කොට මං මුනින් අතට නිදියන් උන්න නිර්වාන්ගෙ පිට උඩ නැගන් එහාට මෙහාට දැගලුවා...

කෑ ගැහුවා....කෑගහන්න දගලන්න හේතු තිබුන් නෑ....අර හිතේ මෙලෝම මගුලක් නැතිවෙලා කුරුලු පිහාටුවක් තරමට හිත සැහැල්ලු උනහමත් මිනිස්සු පිස්සු වැටෙනවනෙ..

සුධර්මගෙ වචන ගානකට වත් නොගෙන ලොකුමාමා රා කට්ටක් ගහන්න යනකොට ලොකු නැන්දයි අම්මයි අම්මගෙයි අප්පච්චිගෙයි කාමරේ ඇදේ දිගෑදුනා...අනේ අම්මට නම් අද වෙලාසන ඇහැරෙන්න එපා....

මං හිතුවෙ එහෙම....මේවා ඒ මිනිස්සුන්ගෙ මහන්සිය.....ගිනි ගහන කාන්තාරෙ මාලිගාවල් වගෙ ගෙවල් වල නර දුක් විදපු අම්මා අප්පච්චි මේ සැප විදින්නම ඕනෙ...ගුත්තිල කපල් එකත් මේ ගිනිගහන මද්දහන නොකියා නොබලා මඩ නාන්න හරි කියල ඇනිකට් එකක් හොයන් යනකොට මට නිර්වාන්ට තුරුල් වෙන්න..විකාර කරන්න....ඒ ආදරෙ අන්තෙටම රහ විදින්න උපරිම නිදහස තිබුනා

නිරූ.....ම්හුක්..දොයිද...

නෑ....

ඒනම්..ඇයි ඇස් දෙක වහන්.....

උඹව පේන හින්දා.....

අනේ..අනේ.නිරූ....ඇත්තමයි...ඈ..

වරෙන් මෙහාට පිස්සු හෝන්තුව මගෙ.....

මෙච්චර වෙලාම මුනින් අතට උන්න නිර්වාන් උඩබෙලි අතට හැරිලා මාව ඇදලා අරන් තුරුල් කරගත්තා.....

සිවිලින් පෑන් එකෙන් එන හුලගටයි නිර්වාන්ගෙ ආදරේටයි වහ වැටුන මම මගෙ අඩු බඩු ඔක්කෝම ඒඇගට දානකොට එයා කෙරුවෙ හිනා වෙලා මගෙ යටි තොලට පුංචි හාදුවක් තියපු එක....

නිරූ...

ම්ම්ම්...

ඔයා....සතුටින් නේද...මගෙ අයියෙ ...

හුගාක්.....මං...උඹ ගාව ඉන්න හැම මොහොතම...සතුටින් ...ලක්ශ ගනන් වටින ෆර්ෆියුම් උලන් මාව කන අම්මට වඩා..ලිප ගාව ඉදන් දුම් කන අම්මගෙ ගාවින් එන තුනපහ සුවදට පුලුවන් මාව සතුටින් තියන්න.....

උඹගෙ හිනාව.....උඹගෙ කතාව....මේ හුරතලේ....මේ හැම දේම එක්ක මං සතුටින් ඉන්නෙ .....උඹ මගෙ ළඟ කියන්නෙම මං හරි සතුටින් මගෙ චූටි.....

මං තත්පර ගානක් ඒ මූන දිහා බලන් උන්නා.....ජිම් ගිහින් යකඩ කදන් එක්ක ඔට්ටු උන සර්වාංගෙ මස් ගොබ ඉලිප්පිලා.....ඉස්කෝලෙ යන කාලෙ උන්න නිර්වාන් දැන් දෙගුනයක් වෙලා..... මං මගෙ අතින් ඒ පලල් පිට පුරාවටම රටා ඇන්දා....මෙච්චර සතුටින් ඉන්න මනුස්සයගෙ හිත පාරන්න මන් අර කොහෙවත් නැති ඇමති ගෑනි ගැන නාහ එ වෙනුවට මං ඒ මූනට හිනාවක් ගේන්න උත්සහ කෙරුවා ...

මං....ආදරෙයි ...නිරූ...

ම්න් මිමිනුවා....ෆෑන් එකෙ සද්දෙත් එක්ක මගෙ වචන හුලන් පාරට ගහන් ගියා උනත් නිර්වාන් ඒ ගහන් ගියපු වචනෙ ආපිට අල්ලන් තිබුනා .....

පුංචි පුංචි හාදු ගොඩක් අවසානෙදි මහා හාදු වරුසාවක් වෙනකොට අපි කාටත් නොදැනිම මෙච්චර දවසක් නිදාගන උන්න හැගීම් හොර හොරාවට ඝණ වෙන්න ගත්තා.... .. මීටත් වඩා ආදරේ පිරුන ලෝකයක් අතේ දුරින් තියනවා කියලා රහස් මිමිනුවා...

මූන පුරාවටම ඇද හැළුණු හාදු හිරිපොද බලාගන ඉන්නකොට මහ වැහිවලට හැරවුනෙ එයාට තුරුල් වෙලා උන්න මට අනිත් පාර ඒ සර්වාංගෙම බර උහුලන්න දෙන ගමන් වෙනකොට නිර්වාන්ගෙ ආදරේ ගං වතුර දාන්න ගත්තා ...

නි...රූ.....

ගිනි මද්දහනෙ මට ඇද රෙදි පොඩි උනා...මට ඉහලින් උන්න නිර්වාන්ගෙ ඇස් දැනටමත් අඩවන් වෙලා තිබුනත් එකපාරම එයා මගෙ බලාපොරොත්තුවක් බිදලා දැම්මා.....

වස්තුවට සනීප උනා විතරයි ...

අ..නේ...න්...නිර්වාන් ...

මට නිකන් ඇඩෙන්න වගෙ....වෙන මොකටවත් නෙවෙ....ඇද උඩ චන්ඩ වෙන නිර්වාන් එක පාරම වලාල වෙලා ගියා...වාරකන් රැලි ගහපු මහ මුහුද එක පාරම වලාල කරන් යනකොට මායි මගෙ ඇහැරුන හැගීමුයි මග අසරන උනා....

සනීප මදිනෙ වස්තුව....ආදරෙයිනෙ පනට ...

එයාමගෙ මූන අත ගෑවා.....නිර්වාන් බයයි...මට මීට එහා බලකරන්නත් බෑ...එයා මාව ඇදලා අරන් තුරුලු කරගන්නකොට අසරන වෙලා ඉන්නෙ මම විතරක් නෙවෙ කියන්න ඕනාවටත් වඩා මට දැනෙනකොට මං නිර්වාන්ගෙ මූන දිහා බැලුවා ...ආදරෙයිනෙ පනට කියපු එයා මාව අත් දෙකෙම්ම තුරුලු කරන් සිවිලිම දිහා බල්න් උන්නා...අද දවසටම එයාගෙ ඵෝන් එක ඕෆ්....

නිරූ...

ම්ම්..වස්තුව....

ඇයිනිරූ.....

ඇයි...අහන්නෙ...

ඔයා ප්‍රශ්නෙක නම්...මට අහන් ඉන්න පුලුවන්....

මොන ප්‍රශ්නද මං මට...මගෙ පිස්සා උඹ.....මෝඩයට මං ආදරෙයි නෙ...

එයා හිනා උනා....හිනා වෙලා ආයමත් හාදුවක් තියන්න නැවුනා උනත් මගෙ ඵෝන් එකට ආව කෝල් එකත් එක්ක ඒක ට බාදා උනා...

කව්ද.....?

Unknown number එකක්නෙ නිරූ...සංජනලගෙද....නැත්තන් ඩැඩාගෙ...

කෝ බලන්න.....

කවදාවත් නාපු නම්බර් එකකින් කෝල් එකක් එනකොට මං ඒක දිහා බලන් උන්නා වගේම නිර්වාන් මගෙ අතින් ඵෝන් එක ගත්තා එක පාරම ඒ ඇස් හීනි වෙලා ඇහිබැම රැලි වැටුනා....

කව්ද නිරූ...ඔයා දන්නවද ....

චූටි...මං සිම් එකක් අරන් දෙන්නම්...

ඒ...ඒ..නි...නිරූ.....කඩ...න්....න....

මං සිම් එකක් ගෙනත් දෙන්නම්....එච්චරයි ...කොලඹ නොයා මෙහෙ ඉන්නවා.....

න්..නි...නිරූ....

.චූටි නිදා ගන්න...මං එන්නම්...

නිර්වාන් .....

නිරූ...

නිරූ....

දඩාස්...!

.

💐ආයම කොටසකින් එන්නා....ම්

💐රෑට taekook එක එක්ක එන්නම්....

💐පරිස්සමින් ඉන්ඩෝ.....

මම ජොබී...

Nedeesha ❤😘😘😘😘

More Chapters