ඇයි.....මං අහන්නෙ ඇයි මොකක්ද ඔයාට ඔච්චර තියන රුදාව...??? තමුන්ට ඕනෙ මටයි කියලා ඉතුරු හැමදේම නැති කරන්නද ...?? ...උඹට ඕනෙ මේ මිනිස්සුන්ට මාව එපා කරවන්නද....??? මේ නිර්වාන් කියන්නෙ මිනිමරුවෙක්ගෙ පුතෙක් කියලා දැනගත්තොත්.....මේ මිනිස්සු මට ගහලා පන්නාවි...නිකන් නෙවෙ.....ගොම ගහයි...
සාක්ශි...සාක්ශිද නැත්තෙ. ....තමුන් හිතන්න එපා අම්මා....දැන් තමුන්ව බේරන්න කවුරුත් ඇති කියලා.....මොකද.....තමුන්ව බේරන්න එදා සාක්ශි යටගහපු එකම කෙනා මගෙ අප්පච්චි එහෙමනෙ....නෙ...???ඒ මනුස්සය ගැල උනා...නිකන් නෙවෙ හෙන හූනියමකින්
උඹ සංජනගෙ අම්මව මැරුවා .....නිකන් නෙවෙ.....උඹ ඒ මනුස්සයව පහලට තල්ලු කෙරුවා...එහෙමනෙ උනේ.....
බලන් ඉදින්...
වැඩි කාලයක් ඔය නැටුම් නටන්න වෙයිද කියලා...හරී.....
උඹ හදන්නෙ මාව පිස්සෙක් කරන්ඩ.....ඇයි මට මෙහෙම කරන්නෙ....ආ....ඇයි උඹ මට මගෙ පාඩුවෙ ජීවත් වෙන්න නොදෙන්නෙ කියපන්.....
යකො...මං මොකටද මම අකමැති ගෑනියෙක් කරගහන්නෙ...ඇරත්.....ඇරත්...ඇත්තටම ...ලැජ්ජාවක් නැද්ද....මම උඹගෙ පුතා නම්...මොන අම්මද මොන අම්මද බන් තමුන්ගෙ වාසියට පුතාව විකුනන්නෙ...
ටානියගෙ....ඇති වැරද්දක් නෙවෙ....දෙවියනේ....මට ඒකිගෙ ඇති වැරද්දක් නෙවෙ මං මේ කට කඩාගන කියවන්නෙ.....මම...මම....කියන්නෙ මම ගැන....මම කතා කරන්නෙ මම ගැන....මට හැගීමක් දැනීමක් ඇති වෙන්නෙ නැති මනුස්සයෙක් එක්ක මං ජීවත් වෙන්නෙ කොහොමද...
මගෙ ජීවිතේට මං ආදරෙ නොකරන එකියෙක් එක්ක මං ඉන්නෙ කොහොමද ...????
ඩිවෝර්ස් වෙන්න....
තුහ්....ලැජ්ජයි....අම්මෙක් කියන කතාවක්ද...???
නෑ....මට වැරදුනානෙ.....
මට නොසෑහෙන්න වැරදුනා...
අම්මා....උඹ අම්මෙක්ද...?????
වෙලාවකට මට හිතෙනවා...ඇත්තටම තමුන් මගෙ අම්මද කියලා.....ඇත්තටම තමුන් මගෙ අම්මා නම්.....මං වෙන්න ඇති මේ ලෝකෙ ඉන්න පව්කාරම මනුස්සයා..
සාපයක්...දැන් නම්...අමු සාපයක්...
සයාශ්ට.....
මාව මරපන්.....පස්සෙ....ඌට අත තියපන්....
මරා....ගන....මැරෙනවා....මන්....
නොකිව්වා කියන්ඩ එපා...
මං උන්නෙ දොර මුල්ලට වෙලා.....මාවත් දාලා පහලට දුවාපු නිර්වාන් කෙලිම්ම ගිහින් තිබුනෙ පිටිපස්සට වෙනකොට මන් දොර මුල්ලට වෙලා බලාගන උන්නා.....එයා කෑ ගහනවා... කොන්ඩෙන් ඇදගන්නවා...ඒත් එයාට හිතේ හැටියට කට ඇරලා කතා කරගන්න බෑ....එයා වටපිට බලබල දත්මිටි කනවා....
අනෝමා...වෙන කවුරුත් නෙවෙ....මේ කතා කරන්නෙ අනෝමා....
මගෙ ඉහ මොලත් එක්ක සීතල උනා ...
සංජනගෙ අම්මව ඇත්තටම මැරුවෙ.....නිර්වා...න්ගෙ.....අම්මද....????
නිර්වාන්ගෙ මුන කලු ගහලා...දෙවියනේ ....ඒ තරන් තරහවක්.....?
මට ආය ගන්න එපා....මං එච්චරයි කියන්නෙ...ඒවගේම.....සයාශ්ගෙන් ඈත් වෙලා ඉන්නවා...මට මොනවා කෙරුවත්...සයාශ්ට මොකක් හරි උනොත්.....අන්න එදාට.....මං හැම නෑ කමක්ම ඇස් පනා පිට වලදාලා.....කරන්න පුලුවන් නරකම දේ උනත් කරනවා අම්මා.....
කරුනාකරලා තමුන්ගෙ.....වාරෙ එනකන් ඉන්නවා....ඇරත්... මං තමුන්ට පොඩි...වෝර්නින් එකක් දෙන්නම්....මොනවා උනත්.....අමමනෙ කියන අර වචනෙ ගැන සලකලා...ඩැඩා ගැන කියනවානම්.....දැන් ඉන්නෙ.....තමුන්ගෙ පස්සෙන් පිස්සුවෙන් වගෙ ආව ඇමතියා නම් නෙවෙ...
මෙච්චර කල්.....බඹරෙ කැරකුනේ....තමුන්ගෙ අතට....හැබැයි.....ඊලග ඉලෙක්ශන් එකේදි ...තමුන්ට...ස්ටේජ් එකට කලින්.....මහ උලුගෙදරට යන්න උනොත්...
තවම ඔය එක වැරද්දයි...
ඔයාට මං ගැන වද වෙන වෙලේ.....මං ඔයට ඔයා ගැන හිතන්න පොඩි දේවල් ටිකක් කියන්නද.....
නෑ....ඒවා කටින් කියනවට වඩා....හොදයි....සාක්කි එක්ක ඇස් පනාපිට ඔප්පු කරලා පෙන්නන එක....දැනට...ඔයා ඔය හැම අඩව්වක්ම අල්ලන්න....අමතක කරන්න එපා...ඔයා කියන්නෙ....සැකපිට උනත් අත්තඩංගුවට ගන්න පුලුවන් අපරාධකාරයෙක් මිසිස් ප්‍රේමචන්ද්‍ර.....
මං බිත්තියට ඇලීගන නිර්වාන් දිහා බලන් උන්නා...එයා කෝල් එක කට් කරල දැම්මා..හැබැයි....ඒ පිටම ආයම කාටහරි කෝල් එකක් ගත්තා....
කාටද.....ඩැඩාට....නැත්තන්....අප්පච්චිට.....???? කාට ද එයා ගන්නෙ ...
දොරමුල්ලෙ හිටගන උන්න මං නියපොත්තක් හපන්න ගත්තා.....එයාට අර ගෑනි වද දෙනවා....මං කාටද මේක කියන්නෙ....
ඔහොම ගියොත් නිර්වාන්ට ආයම අසනීප වෙයි ....එයා ඉස්සර වගේම තරහා පාලනේ කරගන්න බැරි යකෙක් වෙයි.....
මං නිර්වාන් දිහා ආයමත් දොර හිඩැසෙන් බලන් උන්නා....ඇත්තටම තරහා ගිය නිර්වාන් කියන්නෙ කාටවත් පාලනේ කරන්න පුලුවන් කෙනෙක් නෙවෙ....ඒත්....එයාව මං මෙල්ල කෙරුවා.....අවුරුදු ගානකට කලියෙන් මට හම්බුන මුල්ම නිර්වාන් නෙවෙ දැන් ඉන්නෙ....
සද්ද බද්ද නැතුව ඉන්න නිර්වාන් අම්මගෙ එක වචනෙකුත් ඇති මුලු ගෙදරම කුඩු පට්ටම් කරන්න.....
.එයා ආයම එහෙම උනෝතින්....තනි අලි හීලෑ කරන්න අමාරුයි.....කැලෑ අලි හීලෑ කරන්න කොහොමත් අමාරුයි.....දම්වැල් පිටදම්වැල් දාහක් දැම්මත් ...හෙන්ඩු පිට හෙන්ඩු සීයකින් බය කරන්න හැදුවත් ...තනි අලියගෙ තරහව පාලනේ කරගන්න බැරිවම යන තැන අවසානෙ වෙන්නෙ ඇත්ගොව්වව පයින් පාගල මරන එක වෙනකොට .....මට නිර්වාන්ව ආයම හීලෑ කරගන්න බැරි තනි අලියෙක් වෙයි කියලා හිතුනා.....
මාව ගැස්සුනා.....
මීට අවුරුදු ගානකට උඩදි උන්න නිර්වාන්ව මතක් වෙලා ගැස්සුනා.....විහිලුවක් නොදන්න...කටක් ඇරලා කතා නොකර නිර්වාන් කියන්නෙ අමු නහරකාරයෙක් බව මතක් වෙලා මාව ගැස්සුනා.....මගෙ ඉස්සරහම එයාගෙ සම්පූරනම කාමරේම කුඩු පට්ටම් කරපු හැටි මතක් උන මාව ගැස්සුනා.....
අනේ....මේ යක්ස ගෑනි මං අමාරුවෙන් ඉවසන්න පුරුදු කරගත්තු මගෙ නිර්වාන්ව ආයම ලෙඩ කරවන්න හදනවා...
මං කාටද කියන්නෙ.....අප්පච්චියි...ඩැඩයි කියන්නෙ...මාව නොදන්න මිනිස්සු නෙවෙ.....ඩැඩා මගෙ ගැන දන්නවා උනත් ...අප්පච්චි මම යාලුවෙක්ට එහා ගියපු කෙනෙක් කියන්න දන්නෙ නැතුව ඇති....ඒත්.....
මෙවෙලෙ....ඩැඩාට කියලා තේරුමක් නෑ...මීට වඩා ලොකු දෙයක් උනොත්....අනිවාර්යයෙන්ම කතා කරන්න වෙන්නෙ....අප්පච්චි එක්ක.....
ඒත්....ඒත් මං කොහොමද කතා කරන්නෙ....එයාගෙ එකෙන් ගන්නත් බෑ...මගෙ එකෙන් ගන්නත් බෑ.....අම්මගෙ එකෙන් ගන්නත් බෑ....
නිර්වාන් දිහා බලන් උන්න මං අනිත් අතට ආයම උඩට දිව්වා.....වෙනකොහෙටවත් නෙවෙ....ලොකුවගෙ කාමරේට.....
ලොකූ....
ලොකූ.....උඹ නිදිද.....???
බාගෙට ඇරලා තිබුන දොරට මොකටත් තට්ටු කරපු මං හිමින් සැරේ ලොකූ උඹ නිදිද කියලා දෙපාරක් තුන්පාරක්ම ඇහුවා....ඒත් නෑ ...ඒත් බලන් ඉදලත් බෑ.....අවඩානෙදි ඕන මගුලක් කියලා මං දොර ඇරන් ඇතුලට ගියා....
උන් දෙන්නම නිදි....
සෙනූ .....
සෙනූ....නැගිටපන්කො....සෙනූ...
බ...බී...
බබී නෙවෙ මම...මම....මේ....චූටියා...සෙනූ....නැකිටපියකො.....
ශෙනිරුවට ගිලලා වැඩි වෙලා ඉස්මුරුත්තාවට ඇවිත් මදිවට කිරිබත් වලට මතෙ ගහලා කට කපලා නින්ද ගිහින් තිබ්බා....
සෙනූ.....ඇයි යස්සයො....නැකිටපන්කො.....
මං ඒකව ආයම හෙලෙව්වා.....ඌ බබී බබී ගගා මසක්කන් කියවනකොට බලන් ඉදලා බැරිම තැන මං උගෙ ඔලුවට ඇනලා අලි එනවා නැගිටපන් කිව්වා...
සෙනූ . නැගිටපිය.....අලි එනවා...
ආ...ආ..අලි.....බ්..බබී...ද්...දුව..පන්....න්..නැගි...
...ම්ම්ම්හු...සෙ....නූ...
හා...හා.....ඇති අලියෙක් නෑ...ලග ඉන්න අලියා තමයි...දුවන්නෙ නැතුව ඉදපන්....
ස්....සයා...ශ්.....පිස්සුද අයිසේ.....ඇත්තටම...මබ්බෝදෙ හැදිලද....????නින්ද යාගන ආවා.විතරයි.....
...ආ...ආ..අනේ නින්ද යාගන ආවා විතරයිලු....අලි ගැහුවත් දන්නෙ නෑ.....
ම්ම්ම්...සෙනූ....
ආ..හරි....හරි....බබී...දොයියන්න...
එව් විතරක්...දොන්ත බිබික්කමට අමාරු ඇති....යෝ නොදරුවා නෙමැයි පුකට තට්ටු දදා බුදි කරවන්න.....
ඇයි කියනවා ආවෙ...
මූ යකො...
මං උන්නෙ රවාගන.....ආව කාරනාවත් අමතක වෙනතරමට අපෙ ලොකුවගෙ මායන් දොන්තෙ දිහා බලාගන.....බෝක්කුවක් වගේ කටත් ඇරන් අරකගෙ අස්සෙ රිංගන් උන ලොකුව දිහා බලාගන වෙනකොට අරකා පුපුරන්න ගත්තා...
මට ඵෝන් එක චුට්ටක් දෙනවකො....
ඇයි උඹගෙ එක...මිනිහගෙ එක...අම්මගෙ එක....ඇයි.....ඒවට මොකද වෙලා.තියෙන්නෙ
ගොනෙක් වෙන්න එපා ශෙනිරු....අනිත් මිනිස්සුන්ගෙ ඵෝන් වලින් ගන්න නම් මං උඹව හොයන් එන්නෙ නෑනෙ.....
අම්මටම...සිරි....ගනන්.....යකො.....
දෙනවද...??
මං රැව්වා....ඌ නොදි ඉන්නෙ නැති බව දන්න හන්දම මං ඵෝන් එක අරගන උගෙ දිහාවට දික් කරන් උන්නා...ලොක් එක ඇරලා දෙනකන්...ඌ මොකුත් නාහාම ලොක් එක ඇරලා දෙනකොට මං එහෙම්ම ඵෝන් එක අරගන පහල අත්තගෙ ගෙදරට දිව්වා....
"ලොකු අප්පච්චි...."
"සුරේන් අංකල්'
මං දන්නෙ නෑ.....මේ කන්ටෑක්ස් දෙකෙන් මං කෝකට ගන්නද කියලා.....
ඈ...බන්....චූටියො....මොකෝ...මේ.....
මද්ද්දහනෙ...උඹ ඔය....ගස් ගල්...ගානෙ එල්ලෙන්නෙ.....
නෑ.....අත්තෙ...ගෙදරට සිග්නල් නෑ...ඒකයි....ඇරත් මං ආවෙ...අත්තගෙන් බඩ්ඩක් ඉල්ලන් යන්ඩ.....
මං ගන්න ගියපු කෝල් එක කට් කෙරුවා....පහල අත්තා කියන්නෙත් පොඩි නැන්දා වගේම රේඩාර් එකක් වෙනකොට ඒකට තිබුනෙම හාකන් දෙකක්.....හැට පැනලා හොට බිම ඇනුනට මොකද කොන්ද ඇවිදින් මුර්දජ නයන්නක් වගේ නැවිලා වක ගැහිකා.....කටේම දත් සැට් එක වැටිලා තුන් තිස් පැයේම විට කාලම රතු උන කට ලොබු ගැහිලා රතු වදුරු පුක වගේ වෙල කකුල් වක ගැහිලා නොන්ඩි කෙටුවා උනත් පහල අත්තා නෙවෙ ලිද ළඟ සංගමේ මුල් ගල කාටත් දුන්නෙ....
අම්මව දැක්ක වෙලේ ඉදන් හොටු පෙරන් ඇඩුවට මොකද....අම්මා රටගිය වෙලේ නම් කිව්වෙ .....රට යන ගෑනුන්ගෙ පවුල් අවුල් කියලා....ඔවුන්ට මිනිස්සු රට වටේම කියලා.....ඇයි උන්දගෙ මායියා..මායි අපෙ අප්පච්චි....ලොකුවා ගැන කම්පා උන තරම්.....උන් නම් අපේ අම්මා රට ගිය ගමන් පවුල කඩලත් ඉවර උනා....
මං ගන්න හදපු කෝල් එක නවත්තලා ගිහින් ගොම මැටි ගාපු පිලෙ ඉදගන්නකොට අත්තා අර ලීයක් රැහැලා හදාගත්තු බස්තම ඇන ඇන ඇවිදින් බූරු ඇදෙ ඉදගන මිදුලට කෙල පාරක් ගැහුවා ...
කෙල පාර රතුම රතු පාටයි....
කට පේන්නෙ නැ බුලත් කෙල හන්දා...මේකගෙ උරහෙට කෙටේරියක් එල්ලුවා නම් තිසාහාමි වගේ....යටි රැවුල පැනි පාට ගහලා...දත් නැති ලොඹු කටෙන් වැක්කෙරෙන බුලත් කෙල රැවුල පුරාවටම ඉහිරිලා රැවුල් ගස් ඇලිලා ගිහිල්ලා .....
ආ...බොල...චූටියො.....
අත්තෙ.....
බොලාගෙ....අම්මට.....ඒ මහත්තුරු පැනසොන් එකක් වත් දීලද....ඇයි ඉතින්....එවුන්...ගෙ....කක්කුස්සි අතුල්ලලා.....කැත කුනු අතහාපුවට වත්....හරියන්ඩ.....මේකිට...පැන්සොන් එකක් වත් දීල නම්...තමයි වටින්නෙ...
මං ඇස් කොන් වලින් අත්තා දිහා බැලුවා...මුගෙ නාකි කට තලන්ඩ....කක්කුස්සි හෝදල හරි අපෙ අම්ම අපිව බැලුවනෙ ...උන් කිව්වා වගේ වේසකම් කරලා පවුල් අවුල් නොගිය එකට තරහා ඇති....නාකියා....
අපේ.....අප්පෙ....කව්ද අත්තෙ ඔය කෙබ්බෙ තැලුවේ...ඒ....ඒ....
මට දැන් තරහව.....අත්තා හන්දා කෝල් එක ගන්ඩත් නෑ මේකා අහන කතා හන්දා ලේ නටන එක නවතින්නෙත් නැති වෙද්දි මම ඒකව ඊරිසියාවෙ පුපුරවන්න හිතන් කෙබ්බයක් තලන්ඩ ගත්තා....
කෙබ්බෙ....මට...කවුරු කෙබ්බ තලන්ඩද ...බොල.....ඇයි....උඹලැයි....අර....පොඩි නැන්දා මෙහෙ ආවොත් කියන්නෙම.....බොලැයි අම්මා විජින ජුක්....කානදරාව නේන්නම්....අපේ....අම්මෙ....ඒකි...ට....නා....කියා.ගන්ඩ වත් වෙලාව නැලුනෙ.....බලු දුක්ලුනෙ වින්දෙ....අද....ඔය ඔහොම උන්නට...උඹලා....උන්න...හැටි.....අපි....නොදන්නවද....චූටියෝ....ම්ම්ම්....ඕන්...ඔහොමයි.....ඉතින්.....
ආ...පොඩ් නැන්දද කිව්වෙ.....පොඩි නැන්දා කිව්වා නම්...ඒක කෙබ්බයක්මයි.....අත්තා දන්නවද....අපේ අප්පච්චි මනාප නෑනෙ ඔය පොඩි නැන්දට අපේ ඇත්ත විස්තර කියන්ඩ...
අරමොකද...
ඒකා තවත් කෙල පාරක් ගැහුවා...
අරමොකද අහන්නෙ...පොඩි නැන්දගෙ කට වාචාලයිනෙ...බෝක්කුවක් වගේනෙ......කට වහකට වහ....අපේ....අප්පෙ.....කට වහ...ඉහ උසට.....පේනවනෙ...පොඩි නැන්දගෙ යටි පතුල් පැලිලා තියන පැලිල්ල.....අත්ත පොඩි නැන්දට නොකියනවා මන්...අත්තගෙ කනෙ තියන්නම්.....අපෙ අම්මා ගියෙ කක්කුස්සි අතුල්ලන්ඩ නෙවෙ.....අම්ම ගියෙ එහෙ ලොකු ලොක්කෙක්ගෙ නෝනා හාමුගෙ ලගම ඉන්ඩ....
හැබෑට........
.අත්තට කියන්ඩ...ආය.....උන්දැගෙ ලස්සන.....ක්ලියෝපැටරට අන්තලු...අපෙ අම්මට තිබ්බෙ ඒ නෝනව රකින්ඩලු...පිරිමි පරාන ඇහැ ගැටෙන්නෙ නැති වෙන්ඩ...
එහෙනම්...උඹලැයි අම්මගෙ ඔය කොන්ඩෙ නැත්තෙ මක්කද....ඇස් එහෙම යට ගිහින්....හකු බැහැලා...
නිදි මර.....ලා....ආය....නිදි...මරලා...ඇයි අම්මෙ....අර නෝනා.දිහා...ඇහිපිල්ලම් වත් නොගහා බලන් ඉන්ඩ ඕනලුනෙ මදුරුවෙක්ට වත් වහන්ඩ නොදී.....එහෙම උනාම.....කොන්ඩෙ නොයා තියෙයිද...ඒකට මොකද අත්තෙ....අත්තට කියන්ඩ...ගියපු කොන්ඩෙට හරියන්ඩ.....ඒමහත්තයා...අපෙ අම්මට එහෙන් රට ඉදි වත්තක්ම ලියලා දීලලු.....ඕන්....ඉතින්..ආය ලබ්බටැයි පැන්සොන්....ඒ ආදායම කී ගුනයක්ද....
හැබෑට.....
හ්ම්ම්ම්........අප්පච්චි ආය එන එකක් නෑ...අම්මා මෙහෙ නවතින්ඩ ආවෙ.....වැඩ කොරාපු කාලෙ අහවරයි...
මං බලාගන අරකගෙ ලොබු කට වක ගැහෙනව.....අමාරු ඇති ....රට ඉදි වත්තක් දුන්නා කිව්වම.....අනේ...අම්මෙ.....ඉතින් උඹ.....
මක්කද උඹ ඉල්ලන් ආවෙ....
කතාව ඇහුවට පස්සෙ ඉන්ඩ හිටින්ඩ බැරි පනු ගායක් ගහපු අත්තා මාව එලවගන්ඩද කොහෙද මගෙන් මොකටද ආවෙ අහනකොට මමත් ඉදගන උන්න පිල්කඩෙන් නැගිට්ටා...
අත්තෙ....රෑට හේනට යන්ඩ කියලා ....අවුරුදු ගානකින් ගියෙ නැති එකේ....ආසාවට යන්ඩ....උඹලගෙ ලබ්බ දියල්ලකො අත්තෙ වතුර එකක් අරන් යන්ඩ ....
ආන් අර කුසියෙ එල්ලලා ඇති ගනින්...
අත්තා ආයම කොට කොට ගේ අස්සට යනකොට වටෙන් ගියපු මං කුසියෙ එල්ලලා තිබ්බ ලබුකැටෙ අරන් එලියට එනගමන්ම මෙච්චර වෙලාම තටම තටම උන්න කෝල් එක ගත්තා...
හෙලෝ....අප්පච්චි.....මේ මම.....සයාශ් ....
මං දන්නෙ නෑ....ගත්තු කොල් එක විනාඩියෙන් කට් කරන්නම් කියලා ගත්තා උනත් ඒ කෝල් එක පැයක් උනා....එක විනාඩිය විනාඩි හැටක් උනා...
බොරු කිය්න්න ඕන් නෑ....අප්පච්චිගෙ වචන මට සහනයක් උනා.....අප්පච්චිගෙ කතාව මගෙ ඔලුවට නිදහසක් වගේම නිර්වාන් ගැන තියන බය නැති කරලා දැම්මා.....
අනෝමා ගැන කතා කරනකොට ඒ වචන අස්සෙ තිබුනෙ පුදුම තරහවක්.... ...
පුතා .OIC ලත්.....මිනිමරුවො එක්ක එකට ශොට් එක ගහන කාලයක් පුතා මේක.....සිරකරුවෝද මනුශ්‍යයෝය කිව්වට....මහ උලුගෙදර අස්සෙ නොදන්න කයි කතන්දර....වාට්ටු අස්සෙ වෙන දේවල් ඔය තාප්පෙන් පිට එහා ලෝකෙට හරි දුරයි පුතා ....
කියලා කියපු හැටි මට මගෙ කන්දෙක අස්සෙ තවමත් ඇහෙනවා ඇහෙනවා වගෙ උනා....
අනෝමා කරපු දේවල් ....එකක් නෑර ඔප්පු උනෝතින් ....කූඩුව අස්සෙදි සත්තම බහීද....නැත්තන් .....
මං කියන්නෙ....අනෝමට හරියන්නෙ ජිවිතාන්තෙ දක්වාම හිර ගෙයි ලගින්ඩ....බරපතල වැඩ රහිතව.....හැබැයි....තට්ට තනියම....හුදකලාවෙ.....කිසිම බැදීමක් නැතුව ....අනෝමට දෙන්න පුලුවන් උපරිම දඩුවම ඒක මං හිතන්නෙ ....වෙන මොකුත් නෙවෙ.....අනෝමට බැදීම් ගැන දැනෙන්න නම්....දෙන්න ඕන ලොකුම දඩුවම ඒක...මුලු ලෝකෙම්ම හුදකලා කරන එක....හුදකලාව ඇබ්බැහියක්.....හිත් සුන්දර මිනිස්සුන්ට ...උන් බැදීම් වලින් ඈත් උනත් .....ආදරේ කරන්න පුංචි හේතු හරි වටපිටාවෙන් හොයා ගන්නවා.....
ඉගිලෙන සමනලයෙක් එක්ක හරි උන් බැදීමක් ඇතිකරගන්න හදනවා....උන් හුදකලා වෙනවා මුලු ලෝකෙම්ම උනත්.....හැබැයි ඒ හිත් කවදාවත් අන්දකාරෙට වැටෙන් නෑ....මිනිස් බැදීන් එපාය කිව්වත්....උන් වටපිටාව එක්ක හරි බැදිලා ජීවත් වෙනවා ....
ඒත්....කලු හදවත් තියන මිනිස්සු.....
අනෝමලා වගෙ මිනිස්සු.....
උන්ට බැදීම් අහිමිවෙන්නම ඕනෙ....
මං කියන්නෙ.....අනෝමා කියන්නෙ මිනිමරුවෙක් නම්...අනෝමට දෙන්න ඕන ඉහලම දඩුවම තනිකම...මරන දන්ඩනෙත් එක්ක ඒ හැමදේම අහවර වෙයි.....ඒත් කෝ විදවීමක්...තමන් කරපු පව් තමන්ටම වදදෙන්ඩ ඕනෙ....
සයාශ්....!!!
අප්පච්චි කියපු කරපුවත් එක්ක ලබ්බත් වන වන ආව මට නිර්වාන්ගෙ කට සද්දෙත් එක්ක එකපාරම ඇයි අහගන්නවත් බැරුව ගියා....
දෙවියනේ...
නිර්වාන්ගෙ මූන.....
උඹ කොහෙද ගියෙ.....??
න්...නිරූ.....මං..මං..මේ පහලට ගියෙ ...පහල...අත්තගෙ ගෙදරට ගියෙ නිරූ මේ ලබ්බක් ඉල්ලන් එන්න....
මං අතේ තිබුන හේනට වතුර අරන් යන ලබු කැටේ උස්සලා පෙන්නුවා විතරයි මතක.....ඊලග තත්පරේදි
අත්තගෙ ලබ්බෙ කෑලිත් හොයන්නත් බැරි උනා....ඒක කුඩු පට්ටම් උනා....මාව ගැස්සිලා ගියා....
මොන $ත්තගෙ ගෙදර ගියත් තොට තිබුන් නැද්ද මට කියලා යන්ඩ ....මට අම්මගෙන් අහන්ඩද.....අනිත් උන්ගෙන් අහන්ඩද.....කියපන්.....උඹට යන මගුලක මට කියලා යන්ඩ බැරි උනාද....අර ගෑනි සැරින් සැරේ අරන් මට තෝව පරිස්සම් කරගන්ඩ ගගා වද දෙනවා......එහෙව් ඒවත් හිතෙ තියන් ඉන්න මන් මිනිමරු ගෑනියෙක්ගෙ පුතෙක් වෙලා දැන් තොගෙ අම්මා ගාව මුන දෙන්නෙත් හොරෙක් ගානට.....මං වන්දි ගෙවෙන්නෙ නොකරපු වැරදි වලට...එහෙම තියාගන.....උඹත් මට...
නිර් ..වාන්.....නිර්...වාන්.....ඇති නිරූ.....ඇති....උඹ කෝල් එකක නිසයි මං නොකියම ආවෙ...උඹ කෝල් එකක නිසයි මං කතා නොකරම පහලට බැස්සෙ...
මං නිර්වාන්ව තද කරලම අල්ල ගත්තා.....එයා මුලු ගේ පුරාවටම මාව හොයලා...හිතේ බයට එයා කාගෙන් වත් අහලත් නෑ...හිතෙ දහසක් දේවල් තියන් එයා ජීවත් වෙන්නෙ හොරෙක් ගානට කියාපු නිර්වාන් හුස්මක් කටක් නොගෙන ඇසුත් රතු කරන් කියවන නිර්වාන්ව මං තද කරලම බදා ගත්තා උනත් නිර්වාන් මාව තල්ලු කෙරුවා...නිකන් නෙවෙ.....මාව එයාට පුලුවන් උපරිම වේගෙන් තල්ලු කරලා දැම්මා...
උඹල හැමෝටම ඕනෙ මාව මරාගන්න....
එක්කො....තෝ හින්දා මං මැරෙනවා....නැත්තන්.....නැත්තන්....
තල්ලු කරපු වේගෙට ගිහින් මාව වීසි වෙලා තට්ටම් ඇනුනා....ඒත් නිර්වාන්ට නෙවෙ ගානක් උනේ....මගෙ වස්තුවට සනීප නෑය කියාපු නිර්වාන්ම....ඇහැට පේන්නෙ ඇති පීකුදු කෑල්ල පවා අතින් උදුරාපු නිර්වාන්ම.....ඉස්පිරිතාලෙ උන්න දවස් ගානට කැත කුනු අතගාපු නිර්වාන්ම මාව වීසිකරලා ඇරලා කෑ ගහනකොට මං බලන් උන්නා..හැබැයි ආපිට බැන්නෙ නෑ.....උත්තර බදින්න ගියෙත් නෑ....
මං කෙරුවෙ නැගිටපු එක.....මොකුත් නොවුනා වගේ හිනා උන එක....
ලැව් ගින්න වගේ ඇවිලිලා යන්න හදන තරහව නිවන්න....තෙත ගෝනියක් වගේ එයාගෙ ඇගේ දැවටුන එක....කොටින්ම...ආයම පාරක් මොකුත්ම නොකියම මං එයාව වැලදගත්තා...
සමහර අවස්තා තියනවා.....කටින් පිටන්වෙන වචනවලට වඩා....පපු මැද්දෑවට දැනෙන්න දෙන හැගීම් වලින්....චන්ඩ මාරුත වෙන හිත් හරි හිමීට නිසල කරගන්න පුලුවන් වෙන...
එයා හයියෙන් හුස්ම ඇල්ලුවා.....ඒත් මම මීක් ගෑවෙ නෑ.....
මං කෙරුවෙ මෙ හයේ හතරෙ මනුස්ස පරානෙව අදරේ කියන හෙන්ඩුවෙන් හඉ හිමීට මෙල්ල කරාපු එක.....
නිර්වාන් කියන්නෙ.....තනි ඇතෙක් නම්....හීලෑ කරන්න පුලුවන් එකම ඇත් ගොව්වා මමයි....අගෙ ආදරේ විතරමයි නිර්වාන්ව මෙල්ල කරගන්න පුලුවන් එකම හෙන්ඩුව වෙනකොට මං ඒ මටත් වඩා දෙගුනයක් පලල් මනුස්ස කදව බදාගන උන්නා...
ඒ හුස්ම ගන්න වේගෙ ....මාව තල්ලු කරන්න හදපු අත්....ඒ හැම දේම චුට්ට චුට්ට නිවිල ගියා...
නිර්වාන්.....අවසානෙදි හරි හිමීට නිවිලා ගියා....
මං ඈත් උනා....ඒ මූන දිහා බලලා හිනා උනා....
මං ඔයාගෙ තරහව නිවෙන්න සින්දුවක් කියන්නද ඒයි .....?
හිත මත්තල ටිකිරි ලියා...
මම බුත්තල කබරගොයා.....
ඒක සෙට් නැද්ද....ආ...ආ....හරි.....හරි.....එහෙනම් මේක....මේක...ඈ.....
වීදී කොනේ....
මාවත....අයිනේ.....බුරනා...ගෙරී....
බල්ලො....
නිරූ.....ඔහොම....රවන්න....එපානෙ.....
නිරූ...චූචියා.....ගොන් චූචියා පහලටනෙ ගියෙ...අනික....ඔයා හේනට යන්නත් කලින් ලබ්බ පොලවෙ ගැහුවා...දැන් ඉතින් වතුර ගෙනියන්නෙ මොන ලබ්බෙද...ලබ්බක් කොයි දැන්..???
මං මෝඩයා වගේ හිනා උනා..මටම ගොන් චූටියා කියා ගත්තා....මොකද....එයා නිවුනත්.....හිනාවක් පේනතෙක් මානෙක නෑ.....
මාව විහිලුවක්ද...????
න්...නිර්වා...න්...
මාව....විහිලුවක්ද....මං ජෝකර් කෙනෙක්ද උඹට....???
නිර්වාන් .....
මං හිනා වෙන එක නැවැත්තුවා...මොකද.....නිර්වාන් උන්නෙ හිනා වෙන මූඩ් එකකින් නෙවෙ....එයාව නිව්වත්....ඒ මූනට හිනාවක් ගේන එක...ඇත්තටම හරි අමාරු වැඩක් වෙනකොට මම නිර්වාන්ගෙ අතින් අල්ල ගත්තා....
එන්න....
ගිනි ගහන පූටකෙ...ඒත් මං කෙරුවෙ එයාව අතින් අල්ලන් හිදිගන යන වැවට යන්න හදපු එක....
ඒත් එයා නැවතුනා...
මට යන්න බෑ....
නිර්වාන් ....විස්වාස නැද්ද මාව.....??
විස්වාසයි.....ඒත්.....මට දැන්....නොදන්න ගමක්.උනත් අවිස්වාසයි.....ගෙදර ඉමු.....
මං එයාට බල කලේ නෑ.....ආපිට හැරුනා.....
ඉගුරු තේ එකක් දෙන්නද
මං එයාව එක්කන් කුසියට ආවා...තේ බොන්න වෙලාවකුත් නෙවෙ.....ඒත්....තේ එක ඇල්වෙන වේගෙන් එයත් ඇල් වෙනවා නම් කියලා මම එයාව කුසියෙ වාඩි කරවලා තේ එක හදන්න වතුර රත් වෙන්න තිබ්බා...කැරට් ගාන එකෙම්ම ඉගුරු කෑල්ලත් ගාලා ඒ වතුර එකටම දැම්මා.....තේ කොලත් ඒකටම දැම්මා...ආය පැහීගන එනකොට දාන්න කියලා මං ලතවෙවී උන්නෙ නැ.....
චොක්ලට් කේක්ද.....බටර් කේක්ද...??
.......බට....ර්
වැරදී.....චොකලට් කේ...ක්!!
මං ලාවට හිනා වෙලා එයාගෙ අතට චොකලට් කේක් කෑල්ලක් දුන්නා....ආය හැදි මගුල් මොකුත් නෑ.....පීරිසිත් මොකුත් නෑ...මොකද මං ගෙදර ඉන්නකොට අතට අරන් කෑවා මිසක්කා පීරිසි වල ගගා උන්නෙ නෑ.....
උනුයි...නිවෙනකන් ඉන්න.....
ම්න්.....
තේ එක හදනකන් වත් හදලා ලගට දෙනකන් වත් මම එයා එක්ක කතා කෙරුවෙ නෑ...අවසානෙදි මං එයාගෙ ළඟින් තේ එක තියලා....එයා ගාවම වාඩි උනා...ඒ අතේ ඇගිලිවල අයිසින් ගෑවිලා .....මං කරපු වැඩෙ අයිසින් වැදුන මහපට ඇගිල්ල අරගන කටේ ඔබාගන ඊලග ඇගිලි හතරම ආපිට එයාට දුන්නා.....
රසයිනෙ ඒවා...
.......
නිර්වාන්.....ඔයාගෙ තරහව නිව්ලා නම්.....අපි චුට්ටක් කතා කරමුද ....
මං අහන්නෙ ඇයි
ශ්ශ්ශ්....මේ අහන්නකො සුදූ...මේ අහන්නකො....මං කියන්නම් ඔයා අහන් ඉන්න....හොදද...
ම්න්....
නිර්වාන් ....උඹගෙ නමෙ තේරුම....නිර්වානය....සැනසීම....නිවීම කියන එක මිසක්.....ඇවිලෙන එක නෙවෙ නිර්වාන් .....
බොරු කියන්න ඕන් නෑ....මට ඇහුනා.....ඇත්තටම ...මං අහන් උන්නා...
චූ....ටී....
ශ්ශ්.....අපිට මිනිස්සුන්ව වෙනස් කරන්නත් බෑ....ඒ කියලා අපිට සදාකාලිකව හැන්ගෙන්නත් බෑ.....උන්ගෙ ගොදුරක් වෙන්නත් බෑ....
නිර්වාන් ....ඇත්ත කතාව නම්....අංකල් සුරේන්ට උන්න ලොකුම දුර්වල කම උඹ...
එතකොට උඹට ඉන්න ලොකුම දුර්වල කම මම...
නිර්වාන් ....අංකල් සුරේන්....කවදාවත් සංජනගෙ අම්මව ඩිවෝර්ස් කරනවා කියලා නෑ.....සංජනගෙ අම්මා ඩිවෝර්ස් එක ගැන අහලත් නෑ....මෙහෙම වෙන්න බැරිද.... අම්ම සුරේන් අංකල්ට කිව්වා....උඹගෙ අම්මා ගාවට නාවොත්..... උඹට මොනවා හරි කරනවා කියලා...???
චූ ....ටි.....???
නිර්වා.....න්...දැන් උනත්.....උඹගෙ අම්මා කරන්නෙ ඒ සෙල්ලම....ඉත්තො ගානක්....කැරම් බෝර්ඩ් එකේ උන්නත් .....උඹගෙ අම්මා කරන්නෙ එකම ඉත්තව වලට දාන එක....
කියපන්....උඹගෙ අම්මා..මාව මරනවා කිව්වෙ කොයි විදිහටද.....
මාවත් කොහෙ හරි උඩකින් පහලට තල්ලු කරලද....නිර්වාන් ....එපා තරහා ගන්න....එයා හදන්නෙ ..උඹගෙ ඔලුව නරක් කරන එක....සැරින් සැරේම උඹට වද දෙන එක....උඹගෙ එකම දුර්වල කම මන් බව දැන දැන මාව ඉස්සරහට දාලා උඹව පාලනේ කරන්න ....නිර්වාන්....එයාට කරන්න පුලුවන් ලොකුම දේ...මාව මරන එක....ඒත්...උඹව කරගස්සන එක වත්...උඹගෙ හිත ගන්න එකවත් කරන්න පුලුවන්ද.....
මැරුනත් මොකද...මගෙ ආදරෙ මැරෙන්නෙ නැත්තන්.....
සයාශ් !!!
කෑ ගහන්නෙ බයට වේදනාවට වෙන්න ඇති ...ඒත්....කතාව ඇත්ත...ඒකට තියන ලොකුම උදාහරනෙ...සංජනගෙ අම්මයි....උඹගෙ ඩැඩයි...
ඔව්...සුරේන් අංකල්ගෙ එකම ආදරෙ සංජනගෙ අම්මා නොවුනත්....ආදරේ මොකක්ද ඇහුවොත්...ඒ මනුස්සයා පෙන්නන්නෙ ...සංජනගෙ අම්මව...
කතාව අහවර වෙන්න ලගයි නිරූ....මෙච්චරයි මට කියන්න තියෙන්නෙ....උඹගෙ ආදරේ කියන්නෙ...සයාශ්ට මිසක්....වෙන කාටත් නෙවෙ ....සුරංගනා කතාවල තියනවා...සදාකාලික ආදරේකින් විතරයි...හැම කුමාරිකාවක්ම පන ගැස්සෙව්වෙ කියලා ....ඉතින්....කතාව සුරංගනා කතාවක් නොවුනත්....උඹගෙ ආදරේ සදා කාලිකයි.....අනෝමා මාව මැරුවොත් ...මට තියපන් හාදුවක්....මං ආපිට නැගිටින්නම්.....
මගෙ පිස්සු මිනිහා උඹ...මාව මෙහෙ දාලා යන්න හිතන් ඉන්නවා නම්...මාව අරන් යමං මොකද මෙහෙ මගෙ පරන කෑල්ල ඉන්නවා.....උඹ නැති තැන මං වටේ යන්න ගත්තොත්....ඒක ඊට හපන්නෙ.....
මර...නවා...
මං ආදරෙයි නිර්වාන් ...අඩන්න එපා.....උත්තර නැති ප්‍රශ්න නෑනෙ....හැමදේටම උත්තර හම්බෙනවා...කොච්චර කල් ගියත්...
එහෙමයි කියලා...මැරුන මිනිස්සු වලෙන් ගොඩ ගන්න බෑනෙ.....
ම්ම්ම්...ඒඋනාට....අඩුම ගානෙ....ජීවත් වෙන මනුස්සයන්ට වත් උත්තර නැති උනොත්...මැරුන එකා තවත් පව්නෙ...
පන්ඩිත වෙලා.....
එයා හිනා උනා....ලාවට වගේ...පන්ඩිත වෙලා කියන ගමන් මගෙ කම්මුලට හරි පුංචි හාදුවක් තියාපු නිර්වාන් කදුලු පිටිම්ම මාව තුරුල් කරගත්තා...අර තේ එක ඇල්වතුර වෙලා ගිහින් තිබුනා....
මට උඹ ගැන හරි පුදුමයි....චූටි....මං...පිලිගන්නවා....උඹගෙ....තරම් ...හයිය හිතක් නෑ.....පන මට...
ම්හුක්....හිත...හයිය...නැති උනාට...අදාල....තැන හයියයිනෙ....අනේ.....ඒ මදිද...
උඹ නම්.....මොන මොකෙක්ද බන්...ඔව්...එහෙ හයියයි කියන්න උඹ් නොදන්නවා නෙවෙනෙ...වල් කොල්ලා උඹ...මගෙ අලි වෙඩිල්ල....!!!
*
*
*

පුන්සඳ රෑට....ඇවිදින් හෙනේ.....කලුව බිද ....
රන් කෙදි සේම රන්වන් ඉරුගු ඉඹිනවද.....
නිරූ...
ම්ම්ම්ම්...
මං උන්නෙ අට්ටාල ගේදර උඩ.....නහයෙන් අඩලා....අඩලා.....අඩලා...අවසානෙදි මං නිර්වාන්ව දක්කන් හෙනට ආවා.....
නිකන් නෙවෙ...අර පුවක් පට්ටෙක ඔතාපු බත් ගෙඩියක් එක්ක...පැල් රකින්නත් කලියෙන් ලබ්බ කුඩු වෙලා යනකොට ලීටරෙ වතුර බෝතල් දෙක තුනකුත් එක්ක ආසාවට හපන්න විටකුත් උස්සන් ආව මං නම් උන්නෙ හරි සන්තෝසෙන් වෙනකොට ජීවිතේට විටක් නොකාපු මගෙ මිනිහට හුණුයි දුම්කොලයි වැඩියෙන් කැවිලා මතේ ගහලා අලිවෙඩි බෑග් එක බදාගන ගෙම්බෙක් වගෙ බුම්බන් උන්නා...
මට හිනා යන්න ආවා.....බත් ගෙඩියයි....වතුර බෝතලුයි මේ ඔක්කොම මං එල්ලන් එනකොට මුලු පින්නවලටම දාන්න පුලුවන් තරමට අලි වෙඩි ගොඩක් නිර්වානයා උස්සන් ඇවිදින් තිබුනා.....ආව වෙලේ ඉදන් නිර්වාන්ගෙ ඇස් දෙක තිබුනෙම පහලට.....නිකන් පදුරක් හෙළ උනත් මේකා අලි වෙඩිල්ලක් ගත්තා....
මෙතන ඉදන් හතර දිග්බාගෙම තිබුනෙ හේන්....ඉරිගු....කුරහන්....වගෙම වැල් ජාති.....නැති දෙයක් නෑ...ඉරත් හැරුනට පස්සෙ ආව මං අට්ටාලෙ උඩ චිමිනිය අවුලලා මගෙ සරම අරන් ඖවෙ ඉදන් පොරවගත්තා.....
නිර්වාන් නෙවෙ ආය හා....හුම් කිව්වෙ.....පාලුව යන්නත් එක්ක සින්දුව දාපු මට නිරෝශා විරාජින්ගේ සින්දුව එක්ක...මේතාක් කාලෙකට නොදැනුන ආසාවක් දැනෙනකොට මං අලිවෙඩි උරේ බදාගන උන්න නිර්වාන්ට ඇගිල්ලෙන් ඇන්නා....
නිරූ....
ම්න්...
බඩ්ඩක් කියන්නම්....
හ්ම්..මොකක්ද.....
නිරූ...අපි ....අපි.....නිර්වාන් ....අපි බබෙක් ගේමු....??
මො....බ....කැහ් .....කැහ්.....
මං හිතන්නෙ නිර්වාන්ට පිට උගුරෙ ගියා...එයාගෙ ඇසුත් ලොකු උනා...
පිස්සුද චූටි.....බබෙක්....
ඇයි....මට පුලුවන්.....බලා ගන්න...එතකොට උඹයි මමයි සම්පූරනයි වගෙ නැද්ද නිර්වාන් ...මිනිස්සු හැමදාම අහන්නෙ.. .පිරිමි පිරිමි මොකද කරන්නෙ කියලා ....ඒකට උත්තර බැද බැද කාලෙ කනවට වඩා හොද නැද්ද නිරූ....අපිත් උන් වගේම මිනිස්සු කියලා ඒ ඇස්වලට පෙන්නන එක...?
මං සීරියස් උනා....මේලෝකෙ කොහේ හරි පුංචි එකෙක්ව ගෙනත් හදාගන්න තරම් ආසාව එක්ක මං නිර්වාන්ගෙ අත අල්ලන් මුමුනනකොට එයා මා දිහා බලාගන උන්නා....
උඹම තවම හිතන් ඉන්නෙ බබෙක් කියලා වෙද්දි .....අපි කොහොමද තව බබ්බු අරන් එන්නෙ.. ..
ඒ බබා වෙන්නෙ උඹ ගාවදි විතරනෙ.....ගෙයක් උනත් අංගසම්පූර්න වෙන්නෙ .....පවුලක් ඉන්නකොට...
ම්ම්ම්.....
ඔයාට පුලුවන් නිරූ ඩැඩා ...වෙන්න....ඊ .. ඩැඩා එපා....අපි අප්පච්චි කියමු...හාද අනෙ....එතකොට මට පුලුවන්
දොන්ත අප්පච්චි වෙන්ඩ එහෙමද....
අනෙ නිරූ...හ්.....හාද....හාද කියන්න ....අපිට පුලුවන් නේද ...ඔව් නේ නිරූ.....ඔව් නේද ....
මන් නිර්වාන්ව හොලවගන හොලවගන ගිහින් අවසානෙදි එයාගෙ කටින් උත්තරෙ පැන්න සතුටට මං අලි වෙඩි දෙක තුනකුත් පත්තු කෙරුවා ...!!!!
නිරූ අප්පච්චියි...චූටි අප්පච්චියි.....!!

" ආදරෙයි උතුරන්න..."
රෑ බෝ උනා.....රෑ අහසට තරු පෑව්වා.....හද පෑව්වා...සැරින් සැරේම ඇවිදින් වලාකුලු හදට හාදු තියතිය යනකොට මං බලාගන....ඈත අට්ටාලවලත් කහපාට ලන්තෑරුම් එලි ඇවිලුනා.....
චූටි...මේ බත් දෙකක් ඇයි....
මං උන්නෙ අත හෝද හෝද....කටේ කෙල හිදෙනකන් කියවපු අපි දෙන්නට බඩගිනි එනකොට රෑ දහයෙ කනිසමත් පහු උනා...මේ වෙනකොට මුලු හේනටම ආවෙ බතලයක් හාරගන්න ආව වල් ඊරියෙක් විතරක් වෙනකොට ඒකිට ඒයි....ඕයි.....ගෑවා විතරයි නාඹරි පැනලා දිව්වා.....
කිව්වත් වගේ බත් මුල් දෙකක්.....නිර්වාන් එකක් දිගාරිනකොට මං අනික දිගෑරියා.....මඥ්ඥොක්කා....!!!!
එකක තිබුනෙ මඥ්ඥොක්කා මුලක්....රතූම රතුපාට පොල් සම්බෝලයි....ඌරුමසුයි....
අනිකෙ බත්........
කවන්නද...
මං නිර්වාන්ගෙන් කවන්නද ඇහුවා....හැබැයි....මට හිතුනා මගෙ වචන අපරාදෙ කියලා ...මොකද.....මට කලින් එයා ඉස්සර උනා.....පැතලි අත පුරාවටම බත් කටක්.....ආදරේ...ගිල්ලවාපු බත් කටක්...
ආ ගාන්න.....!!!!
*
*.
*
චූටි....දවල් කෑම උදේ කෑම ඔක්කොම තියනවා....තියන දහ ජරාව ඔක්කොම ගිලලා ලෙඩ හදාගන්නෙ නෑ ආ.....
යෝ....හරි....නිරූ....ඇයි...අනේ.....අනික....ඔච්චර ගිල්ලවන්න එපා...නෙ...මං දැන් නලුවෙක්නෙ...බොඩි සේප් එක....තියෙන්න එපැයි.....
මගුලක් නොකියා කාපන්...කවකටු පෙට්ටියකට ගහනවා වගේ දැන්.....අනිත් දවසෙ පිටගැස්මට මොනහරි බොන්න වෙනවා.....හැම පැත්තෙම්ම කටු ඇනෙනවා.....
ඔන්න කිව්වා...ඔන්න කිව්වා...මං රගපාන්නෙ රෝමියෝට අනේ...නැතුව කාලගෝලයෙක්ට නෙවෙ නිරූ...ඒ ඇදුමට මන් ලස්සනට ඉන්නෙ එපැයිනෙ.....
යැයි...යැයි...තමුසෙට ශුවර් නේ චූටි...ඒක ෆේක් කිස් එකක් කියලා...නැත්තන් මං උඹගෙ ජුලියට් නිලියගෙ කට කඩනවා ආ....මගුල...ඊරිසියත් එක්ක....
ම්හුක්...ඔව්...අප්පා....වේ....ඕක දැන් මට ස්ක්‍රිෆ්ට් එකටත් වඩා කටපාඩන් නිරූ ...
ම්ම්ම්...හා...පරිස්සමින් වස්තුව හොදද....තනියෙන් යන්න එපා මං ගන්න එන්නම්...
මං උන්නෙ ලයනල්වෙන්ට් එක ඉස්සරහා...සති එකහමාරක්....නෑ..දෙකක් විතර ගෙවුනා...කියන්න සතුටුයි.....මොන හේතුවකට හරි.....මේ සති දෙකහමාර ඇතුලෙ අනෝමගෙන් කාටත් වදයක් තිබුන් නෑ...
මං හිතන්නෙ...මගෙ හීනෙ මල් පිපෙන්න පටන් ගත්තද කොහෙද.....එයා මාව ඇකඩමි දැම්මත් හරි....මට තවදුරටත් ...පස් යට හැංගිලා ඉන්න උනේ නෑ....මාව අල්ල ගත්තෙ ඔපදාන්න පුලුවන්ම මනුස්සයෙක්ට වෙනකොට මට රෝමියො ජුලියට් එකේ රෝමියෝ වෙන්න හම්බුනා ...
හැබැයි ඉතින්...ස්ක්‍රිෆ්ට් එක දැකපු වෙලේ ඉදන් මගෙ රෝමියෝව නම් චූට්ටක් විතර පුපුරන්න ගත්තා...මොකද...සයාශ් කියන්නෙම නිර්වාන්ගෙ සදාකාලික වස්තුවක් වෙනකොට එයාට එයාගෙ ඊරිසියාව හංගන්න බැරි උනා.....ඒක ඇවිදින් මම ඉහලට යන එක ගැන නම් නෙවෙ ...එයාගෙ චූටියව එක මොහොතකට වත් බෙදාගන්න බැරි කමක්...
ඔයත් පරිස්සමින් නිරූ....
කැබ් එකෙන් බැහැපු මං මොන්ටිසෝරි යන එකා වගේ එයාම හදල දෙන අඩුම කුඩුම මල්ල පිටේ එල්ලන් එයාගෙ පැත්තෙන් ගිහින් හිටගත්තම එයා කරන්නෙ මගෙ අඩු පාඩු හද හද කතා කරන එක....එක්කො කොන්ඩෙ හදන එක...ඇදුම.හදන එක...කතා කරන වාරයක් ගානෙ අප්පච්චි කෙනෙක් දරුවෙක්ගෙ අඩුපාඩු බලනවා වගෙ මගෙ දිහා බල බල අරක එපාමේක එපා කියන එක.....
ම්න්...මං යන්නම්....ආදරෙයි ඔයාට....හොදට කරන්න.....කවුරු මොනවා කිව්වත්....හිත රිදවගන්න එපා...මං දන්නවා මගෙ චූටිට පුලුවන්....ආදරෙයි හොදද...
එයා ආයමත් මාව ඉම්ඹා...හැමදාම මෙහෙමයි...මගෙ චූටිට පුලුවන්..මගෙ චූටිට පුලුවන් ගගා එයා කෙරුවෙ නඹර පැලයක් වෙච්ච මට පොහොර දාපු එක...සාත්තු සප්පායන් කරපු එක.....
මං නිර්වාන්ගෙ අත්දෙකම අල්ලගන හාදුවක් තිබ්බා...
යන්නම් කියන්න එපා.....ගිහින් එන්නම් කියන්න....උඹට කවදාවත් වරදින්නෙ නෑ මගෙ නිරූ....දල්දාහාමුදුරුවන්ගෙ පිහිටයි....චූටියා ආදරෙයි හැමදාම...
එයා හිනා උනා....හාදුවක් තිබ්බා...අවසානෙදි මාව ආයම් එක්කන් යන්නත් එන්නම් කියන ගමන් යන්න යනකොට මං හැරිලා එහෙම්ම ඇතුලට ආවා....
තාම එකා දෙන්නයි ඇවිත් තිබුනෙ...හැබැයි ජූලියට් නම් ඇවිත් තිබ්බා....ඒකි ඕහ්....රෝමියෝ....රෝමියෝ ගගා ස්ක්‍රිෆ්ට් එක කියවනවා....කෙල්ල තවම ඒලෙවල් කරන කෙල්ලෙක්...ලස්සනයි....එක නලදතක් තිබ්බා.....කොන්ඩෙ ඉනෙනුත් පහලට .....හරි චාම්.....බොරු කියන්න ඕන් නෑ....ඒ නංගි හරි ලස්සනයි...
ගුඩ් මෝර්නින් සනීශා....
කෙල්ල මාව දැක්ක හන්දා මන් ඒකිට ගුඩ් මෝර්නින් කියනවත් එක්කම ඒකි පහලට දුවන් ආවා....
සයාශ් ....අයියෙ.....
.ම්ම්ම්ම්...
පනිවිඩයක් කියන්න තියනවා....
පනිවිඩයක්.....???මොකක්ද....
මොකුත් නෙවෙ....ඔයා එන්න කලින් කව්ද මන්දා මිනිස්සු දෙන්නෙක් ඔයාව හොයන් ආවා.....විනාඩි පහක් ඇතුලත තුන් හතර වතාවක්ම.....
මාව...මිනිස්සු දෙන්නෙක්....
ම්ම්ම්...ඔව්....අත් කොට සුදුශර්ට් ඇදපු උන් දෙන්නෙක්...
එහෙමද....මොනවද ඇහුවෙ...
සයාශ් බේබි....ආවද කියලා....
බේබි...???මොකක්.....
ඔව්....බේබි කියලා තමයි කිව්වෙ....
සයාශ් ...සයාශ් ඔයා ආවද....ආ මේ ඉන්නෙ...අන්න...ඔයාව හම්බෙන්න කව්ද ඇවිල්ලා...කොල්ලො විනාඩි පහලවෙන් වරෙන්...දැන් අනිත් උනුත් එනවා...
🙂ආතරෙ...මන්තිරේ.....සතලු තල එලිවෙලා...!!!
🙂ආයම එනකන් පයිස්සමින් ඉන්ඩෝ....
🙂රෑට ටේකුක් එක එක්ක එන්නා....ම්
මම ජොබී....
Nedeesha 💐💐💐