LightReader

Chapter 7 - 07

ඉන්...ධර්...හ්...හාමු.....

සීනි ගත්තු හැන්ද බිම වැටුනා...මං හිතුවා හිත ගැස්සුන පාරට මගෙ අතේ තිබුන සීනි බෝතලෙත් අත ඇරේවි කියලා ...දැකපු දේ එක්ක හිත අස්සට තේරුම් ගන්න බැරි ප්‍රශ්න වැලක් එද්දි මං ඒ මුන දිහාවත් නොබලා බිම වැටුන සීනි ඇට දෙක තුන උනත් අතින් අහුලන් ඉක්මනට කෙලින් වෙනකොට සීනි මදි කියපු බේබි හාමු මාව තඹේකට වත් ගනන් නොගෙන ආපහු කාමරේට යන්න ගියා....

එතකොට සීනි....

මොකක්ද දෙයියනේ ඒ හාමු මහත්තයා කෙරුවෙ??

තතපර දෙක තුනක් යනකනුත් මං එතන තිබුන සයිබෝට්ටුවට හේත්තු වෙලා උන්නා...අවසානෙදි බේබි හාමු ආයම එනපාටකුත් නැති වෙනකොට මං වතුර පුරවාපු පනිට්ටුවත් අරගන තෙත රෙදි තිබුන ටියුලිප් මල්ලත් අරගන මං ගෙදර දුවන්න ලැහැස්ති උනා...කට්ට කලුවර වැටිලා තිබුනත් මං උන්න තත්වෙ එක්ක මට හුලු අති බදින්න ඕන උනේ නැ...හිතේ තියන නිච්චියට දුවන්න පුලුවන් තරමට මම යන පාර දැනන් උන්නා...කොටිම්ම කිව්වොත් මට ඔනා උනෙ පුලුවන් තරම් ඉක්මනට ගෙදර දුවලා බේබි හාමු කරාපු විපරියාසෙ ගැන කල්පනා කරන්න වෙනකොට මං වතුර පනිට්ටුවට පුරවාපු වතුරත් හල හලම දුවන්න ගත්තා ....

.ඇසල....

බ්...බ්...

අන්දකාරයි.....

පනිට්ටුවෙ වතුර බාගෙට බාගයක් හැලිලා ගියා ...වලව්ව පැත්තෙන් දුවන්න හදනවත් එක්කම ආයමත් මට ඉන්ධර් හාමුගෙ ගොරහැඩි කටහඩ ඇහුනා....මං ආයම නැවතුනා.....

හද එලියට පිපෙන්න බලාගන ඉන්න කඩුපුලක් කොල අස්සෙ හැංගීගනන ඉන්නකොට ඉවසීමක් නැති කමට පිපුන දඩබ්බර සේපාලිකාවක් අනිත් උන් පිපෙනකන් බලාගන උන්නා.....සුවදයි...ඒ අස්සෙන් පපුව ගැහෙනවා....මහ් රෑ වෙනකොට කඩුපුලත්.....මුරන්ඩු කමට පිපුන සේපාලිකාව වට කරගන අනිත් සේපාලිකා මල් අහුරත් පිපේවි...මුලු ඉරුගල්බන්ඩාර වලව්වම සුවදින් පිරේව්....ඒත්.....කාටත් හොරාවට පිපිලා මුලු රැයක්ම සුවද දුන්නත් ඉර නගින්ඩ කලියෙන් උණ් නටුවෙන් ගිලිහෙන්ඩ ඕනා....උන් ආපහු පෙති අකුලවගන්න ඕනා...ඉර එලියට උරුමයක් නැති බව දැන දැන උනත් උන් හද එලියට සුවද දීලා කහටක් නැතිව කොහොම ඔහොම යන්න යනවද මන්දා...

බාගෙට බාගයක් වතුර හැලුන පනිට්ටුවෙ යකඩ අන්ඩ තදිම්ම මිරිකගත්තු මං ඉන්ධර් හාමු දිහා බලාගන උන්නා..හාමු මෙතනට ඒවිද.....නැතිනම් මට හාමු ගාවට යන්ඩ වේවිද මන්දා....

නෑ..මං හිතන්නෙ මට යන්න වෙන එකක් නෑ.....

තවමත් කෝපි කෝප්පෙ අතේ තියාගන උන්න ඉන්ධර් හාමු සරමෙ එක යටින් එක කොනකුත් අල්ලන් පඩි දෙක තුන බැහැන් මිදුලට ආවා....

සරස්.....සරස්...සරස්....සරස්....

තිරිවානා ගල් කැට එක්ක මුහුදු වැල්ල පාට කහ වැලි දාපු වලව් මිදුලෙ ඉන්ධර් හාමු තියපු අඩියක් අඩියක් පාසාම සරස් බරස් ගාන සද්දෙ ඇහුනා...කලාතුරකින් ඇරුනම කොයි වෙලෙත් කකුලට සෙරෙප්පු දෙකක් දාන ඉන්ධර් හාමු අද අපේ කට වචනෙට "කොස්පට්ටා "කියලා කිව්වත් මහපට ඇගිල්ල ගාවට මුදුවක් වගේ ආව ද කලුවට හුරු රතුපාට කොස්පට්ටා සෙරෙප්පු දෙකක් දාගන මගෙ ගාවට එනකොට අර තිරිවානා කැට සෙරෙප්පු අඩියට යට වෙලා කෑ ගහගන්න ගත්තා ....

උඹට මේ කට්ට අන්ධකාරෙ යන්ඩ පුලුවනිද...ම්ම්

ප්..පුලුවන් හාමු.....ඇහේ...නිච්චියට....යාගන්ඩ....පුලු...වන්...

කාමරෙ ඇති ටෝර්ච් එකක්...අරගන යමන්...

ඇත්ත..මට මේ කට්ට අන්දකාරෙ යන්න පුලුවන් කමක් නැ...අඩි දහය දොලඅට වලව්වෙ කහ ලයිට් වල එලිය වැටිලා තිබුනත් එතනින් එහාට මෙලෝ එලියක් නැති උනා....පාර දන්නවා උනත්....සතෙක් සර්පයෙක් වත් කෑවොත් ඉන්න ඕනෙත් නෑ...කාපු එකා මොකාද කියලා කොහෙන් හොයාගන්ඩද...

හාමු කියනවා ටෝර්ච් එක අරන් යන්ඩලු....අරන් යන්න කියපුවෙලාවෙ අරන් යන්න ඕනා...උත්තර දෙන්න තත්පරයක් පරක්කු උනත් මේ මිනිහා මාව මෙතන දාල ගිහින් මහ දොර වහයි ඒ තරම් එකා...

එච්චරයි කිව්වෙ...කාමරෙ ටෝර්ච් එක ඇති අරන් යමන් කියපු හාමු එතනින් යන්න ගියා...යන්න ගියා කියන්නෙ සේපාලිකා පදුර ගාව...රවුමට කපාපු ඇට්ටේරියා ගහ යට එහා මෙහා වේවි හද මතුවේගන එන්න තිබුන කලුවර අහස දිහා බලාගන උන්නා... මං අතේ තිබුන වතුර පනිට්ටුව බිම තිබ්බා....ටියුලිප් බෑග් එකත් බිම තියල එහෙම්ම බේබි හාමුගෙ කාමරේට ගියා...

කොහෙ තියාලද දන්නෙ නෑ....හාමුගෙ අවසරක් නැතිව සමනල් තටුවක් වත් තිබුනොත් එලියට විසිවෙනකොට පිලිවලට තිබුන කාමරෙ බඩු අතපත ගාන්න කලින් මං මගෙ ඇස් දෙක කරකවලා බැලුවා...අර තියෙන්නෙ....සිල්වර් පාටට හුරු ටෝර්ච් එක.....

පොත් අහුරක්ම තිබුන් හාමුගෙ ලියන මෙසෙ උඩ ටෝර්ච් එක තිබුනා.....

කහපාට ලොකු ලියුම් කවර දෙකක්...තවත් ෆයිල් කවර දෙක තුනල්...මේවා මේ කාට දෙන්න ගත්තුවද දන්නෙ නැ...වෙදගෙදර නම් නෙමෙ වෙන්න ඇති නේ...නෙ මන්දා...අනෙ අම්මො..අර පර්ස් එකත් තියනවා.....මගෙම කරුමෙට ඔය මගුලෙන් රුපියල් විස්සක් වත් අඩු වෙලා තිබුනොත් විස්ස කෙසේ වෙතත් මගෙ ඇගිලි විස්ස කපාවි..ඇහුවොත් දෙනවා...හිතුනොත් දෙනව ඇරුනම ඉන්ධර් හාමු කියන්නෙම හොර කම ගාව ඇල්පෙනෙති තුඩක තරන් වත් සමාව දෙන්නෙ නැති එකෙක් කියන්න ලොකු මැනිකෙ වගේම අම්මා.මට සිය දහස් වතාවක් කියලා තිබුන හන්දා ඒ දිහාවත් විහිලුවටවත් නොබලා මං ටෝර්ච් එක ගන්න හැදුවත් මොන කරුමෙට හරි කලුපාට පර්ස් එකේ ඇතියි කියලා හිතුන අයිඩෙන්ටි එක මට බලන්න හිතුනා....

වයස ඇහුවම අම්මා කියන්නෙ හතලිස් පහකට කිට්ටුයි කියලා....ලොකු මැනිකෙගෙ ඇස්වලට නම් බිබික්කමව හැමදාම කිරි බොන නොදරුවෙක්...අපේ වයස ගියාට බේබිහාමුවගෙ වයස යන්නෙ පස්සට.....ගුනෙ මාමට අනුව බෙබි හාමුට පනහටත් කිට්ටුයි...හතලිස් පහ පැනලා කියන්නෙ ඉතින් පනහට ලගයිනෙ....

මං වටපිට බැලුවා...වටපිට කියන්නෙ ජනේලෙ ගාවින් බෙක්ක දාලා හාමුව බැලුවා.....ඉන්නවා ඉන්නවා.....

බේබි හාමු දිහා බලාගනම මං ඉක්මනට පර්ස් එක ඇරලා හාමුගෙ අයිඩෙන්ටි එක දිහා බැලුවා.....

රූපෙ වත් නම වත් නෙවෙ...ශ්‍රී ලංකා කියලා තියන හරියට පහල තියන අංක ටික....

78....v

බේබි හාමුවා හැත්තෑවෙ දශකෙ ....තව පහයි පනහයි.....එහෙනම් අම්මා කිව්වා හරි....ගුනේ මාමා කියන්ඩ ඇත්තෙ උන්දගෙ වයස ගැන වෙන්න ඇති....යකොඩො මමම 2004...මං ඉපදෙනකොට බේබි හාමුට 26ක්.....ඒකට මොකද මැනිකෙ හිතන්නෙ බේබි හාමු මගෙත් පුතා කියලා....

කවද ඉදන්ද උඹ කච්චේරියෙ වැඩ කරන්ඩ ගත්තෙ ම්ම්...

අ..අනේ...බ්..බ්.....

අනේ දෙවියනේ...මාව අහු උනා....මගෙ කලදසාව අද නම් අන්තීම නරකයි....ඇයි දෙයියනෙ මං මේ මෝඩ වැඩේ කෙරුවෙ.....මොන මගුලටද මට අදාල නැති දෙයක් කරන්න ගියේ.....

ඇසල....හැරියන් මේ පැත්ත....

මගෙ අතින් අයිඩෙන්ටිය ආපිට මේසෙ උඩට වැටුනා.....ටෝර්ච් එක ගන්න ආව මං ඉන්ධර් හාමුගෙ වසය හොයන්ඩ ගිහින් අතටම අහුවෙනකොට අතේ තිබුන පර්ස් එකයි අයිඩෙන්ටි එකයි දෙකම ආපිට මේසෙ උඩට වැටුනා වගේම බයවෙච්ච බයවිල්ලට මට කලන්තෙට වගෙ ආවා වගේම මට ඒ මූන බලන්න පවා බය හිතුනා.....

කන ඇහුනද උඹගෙ...මං කිව්වෙ උඹට හැරෙන්ඩ කියලා .....

මම යටි තොල් හපා ගත්තා...හොරකමක් නොකෙරුවත් මම කෙරුවෙ වැරද්දක්නෙ දෙයියනේ.....

බ්..බේබි..හාමු...සත්තයි ...හාමු....

සතපහක් වත්..ගත්තෙ...නැ...

...

දෙයියො බුදුන් පල්ලයි...මං....එක රුපියලකට වත් අතක් තිබ්බෙ නෑ හාමු...

ඉන්ධර් හාමුගෙ ඇස් හීනි වෙලා...ඇහිබැම රැලි ගැහිලා...අත් දෙකම පිටිපස්සට බැදන් කම්මුල් එකට තදකරන් උන්න හාමුගෙ මුන දැකපු මට පන යන්න අවා.....සතපහකට වත් අතක් වත් තිබ්බෙ නෑ න කිය කිය මං දෙයියො බුදුන් පල්ලයි කිය කිය දිවුරුව් උනත් අනුන්ගෙ දේකට අත තිබ්බ මං මේ වෙනකොටත් ඉන්ධර් හාමුගෙ ඇස්වලට හොරෙක් විදිහට පෙනිලා ඉවරයි කියන්න මස් පිඩු තද වුන කම්මුල් තව තව තද වෙනකොට මං දැනගත්තා ....

ඇසල....

හ්...හාමු.....

මගෙ පන යන්ඩ ආවා.....

ලියන මේසෙ ගැට්ටට හේත්තු වෙලා උන්න මාව හාමුගෙ අර මස් ගොබ ඉලිප්පුන අත් වලට මැදි වෙන්න එයා මේසෙ අල්ලගන දත් මිටි කාගන මගෙ මූනට ලන් වෙනකොට මං කොන්දෙන් පස්සට නැවුනා....හාමුත් අසරන මාව අසරන කර කර මගෙ ඇගටම බර උනා.....

මං කොහොමද පිලිගන්නෙ....උඹ හොරකම් කෙරුවෙ නෑ කියලා ...දැනටමත් උඹ ලෝක හොරෙක් වෙලා ඉවර වෙද්දි.....

දලදාහාමුදුරුවනේ ..අනේ බේබි...හාමු....දුප්පත් මං තඹ කාසියක්වත් අරගත්තෙ නෑ හාමු...

මාව වෙව්ලන්න ගත්තා...ලොකු මැනිකෙගෙ කනට ගියා කියන්නෙ මට වේවැල් කසාය බොන්ඩ වෙනවා කියන්න දන්න මං නොකරපු හොරකමකට වේවැල් කසාය බොන්ඩ වෙන විත්තිය දන්න හන්දා වෙව්ල්න්ඩ ගත්තා ....

හාමු අහනවා මාව කොහොම විස්වාස කරන්නද කියලා..කොහොම පිලිගන්නද කියලා ...දැනටමත් මං ලෝක හොරෙක් වෙලා තියනකොට කොහෙන් කියලා පිලිගන්නද අහනවා.....

ඇත්ත...මට තිබුනා ටෝර්ච් එක අරගන එන්න...මට මොකටද බේබි හාමුගෙ වයස.....තත්පර ගානකට එහා මෙහා ගියපු හිත හින්දා මම වැටුන අමාරුවක්......අන්ත අසරන උන මන් බිම බලාගත්තා.....

උඹ කාසියක් වත් ගත්තෙ නැත්තන් මොකටද ඇස් හංගන්නෙ....ඇසල....බලපන් මගෙ දිහා

ඇත්ත මං කාසියක් වත් ගත්තෙ නෑ...ඒත් මොන මිනිහටද දෙයියනේ මේ මනුස්සයගෙ ඇස් දෙක දිහා බයක් හැකක් නැතුව බලන්න පුලුවන් ....මගෙ පපුව දියෙන් ගොඩ දාපු මාලුවෙක් ගානට ගැහෙන්න ගත්තා....මගෙ මූනට මගෙ ඇගට ලන් වෙලා උන්න බේබි හාමු දත්මිටි කාගන වගේ මගෙ දිහා බලපන් කියලා සැර වෙනකොට මගෙ කකුල් දෙකත් පන නැතිව යන්න ආවා...හොරකම කලත් එකයි...දැන් අතේ තියන් උන්නත් එකයිම්....

ඇදන් උන්න බාච්චු බැනියමේ කර ඕනාවටත් වඩා කැපිලා තියනකොට ගිඩි ගිඩි ගාලා ගැහෙන පපුව උස් පහත් වෙන විදිහ ඉන්ධර් හාමු ඕනාවටත් වඩා දැක්කා...ඒත් අනුකම්පාවක් නෑ...ඇස්වලට බැදුන කදුලු පටලෙ එන්න එන්න ඝන වෙනකොට මං ඉන්ධර් හාමුගෙ ඇස් දෙක දිහාබැලුවා ....ඒඇස්වල තියන නපුරු කම....අනෙ දෙවියනෙ මගෙ පපුව දැන් පුපුරනවා .... ඇහි පිල්ලමක් වත් නොගහම මගෙ දිහා බලන් ඉන්න ඉන්ධර් හාමු ඉස්සරහා මම නිකන් සිංහයෙගෙ අත් වලින් පැනලා යන්න දගලන මුව පැටියෙක් වගෙ වෙනකොට නපුරු කම ඉහ වහ ගිහින් උන්න ඉන්ධර් හාමු කට කොනින් හිනාවෙන ගමන් මගෙ කනක් ගාවට එයාගෙ මූන ගෙනාවා ...

"මුව පැටියෙක් වගෙ..."

බ්..බේබි හාමු....

යනවා....ගිහින් පාන්දර ඇවිදින් කෝපි එකක් හදලා ප්ලාස්ක් එකට දානවා ..

මාව තුශිනිම්භූත උනා..මගෙ කන ගාවට ලන් උන ඉන්ධර් හාමු මිමිනුවෙ මුවපැටියෙක් වගෙ කියලා වෙනකොට මට මේ නපුරු හාමුට මොනවද කියන්නෙ කියලා හිතා ගන්න බැරි උනාවගේම ඊල තත්පරේදි බේබි හාමු ආයම ගිගිරුවා ....මං ඔලුව වනලා ටෝර්ච් එකත් අරන් කෙලිම්ම එලියට දිව්වා .....

ඇසල....

පුතේ.....ඉදා මේ උනුවතුර බෝතලේ.....

ඇසල....ඇසල!

අ...අම්මා.....

කොයි ලෝකෙද ලමයො ඉන්නෙ මං දැන් කීවතාවක් කතා කෙරුවද.....

මං උන්නෙ අවසිහියෙන් ...ඉන්ධර් හාමුගෙ කාමරෙ ඉදලා එක පිම්මට ගෙදරටම දුවන් ආව අගෙ වතුර පනිට්ටුව සම්පූරනම මග හැලිලා තිබුනා .....කන්න දුන්න බත් පත කන්න බෑ කියලා ආපිට පැත්තකට කෙරුවා ..රතුපාට භූමිතෙල් වලින් ඇවිලෙන ලාම්පු දෙක තුනක් දුප්පත් ගෙදර එලිය කරනකොට මෙච්චර වෙලාම අරක මේක කියවපු සුද්දියට සාලේ නින්ද ගිහින් තිබුනා වගේම ඒකි හින්දා මටයි අප්පච්චිටයි අද එලියෙ ඉස්තෝප්පුව උරුම උනා...ඒත් අප්පච්චි නම්.හැම දාම නිදියෑවෙ ඉස්තෝප්පු කෑල්ලෙ.....

මග්ව් හිතම ගැස්සිලා ගියා...මගෙ ඔලුවම අවුල් උනා වගේ උනා... 

එක පාරක් දෙපාරක් නෙවෙ තුන් හතරපාරක්ම කතා කරාපු අම්මා ඊලග පාර කතා කෙරුවෙ හයියෙම්ම වෙනකොට මාව ගැස්සිලා ගියා....

"මුව පැටියෙක් වගේ..."

මගෙ සර්වාංගෙම හිරි වැටුනා . ...ඒ වචන තවමත් ඇහෙනවා ඇහෙනවා වගේ වෙනකොට මගෙ සර්වාංගෙම ඒ හැම වෙලාවකම හිරි වැටුනා....

මේ බිබික්කම හන්දා මාව කොයි වෙලේ හරි මැරෙනවා.....

පුපුරපු සිමෙන්ති පොලවෙ එලාපු චීත්තෙ උඩින් මං හෙට ඇදන් යන ඇදුම් ටික පිලිවලට තිබ්බා....ඇදුමක් ගන්න වත්කමක් නැති බව දන්න හන්දම වට පිට ඉන්න මිනිස්සු උන්ගෙ අල්මාරි හිස් කරලා අලුත් ඇදුම්.පුරවනකොට අර අයින් කරන හැම පරන ඇදුමක්ම උරේකට දාලා අපේ ගෙදරට ගෙනත් දුන්නා ඉන්ධර් හාමුගෙ අල්මාරියෙන් ඇරුනම කවදාවත් මට අලුත් ඇදුමක සුවද මොකක්ද කියන්න මතකයක් වත් නැති උනත්....මම අනුන්ගෙ ඇදුම හරි හරි පරිස්සමින් ඇන්දා ...මොකද ...නැති එකා නැති කමේ වේදනාව ඕනාවටත් වඩා දන්න හන්දා...

ගිනි වතුර පැලෙන්ඩ යන්ඩ අතෙ සල්ලි නැති දාක ගෙදර සන්තකේටම තිබුන තිබුන පොල්කටු අගුරු දාන යකඩ අයන් එකත් අරක්කු කාලක ගානට විකුනපු අප්පච්චි හන්දා එදයින් පස්සෙ ඇදුමක් මැදගන්නවත් විදිහක් නැති උනා...හැමදාම සුද්දියි මමයි කෙරුවෙම පැදුරට යටින් චීත්තයක් එලලා ඒක උඩට ඉස්කෝලේ ඇදුම් තියන එක වගේම වීදුරු බෝතලේකට උනුවතුර දාලා ඇදුම උඩ බෝතලේ එහා මෙහා කරපුඑක.....ඒත් වැඩක් උන් නැති දවස් තිබුනා...අවසානෙදි ඒ ඇදුමට උඩින් ආයම නිදාගන්න පැදුරු කඩමාල්ල දාන අපි දෙන්නා එහාට මෙහාට හැරෙන්නෙ නැතිව එලිවෙනකම්ම එක සීරුවට නිදියෑව....ඉතින්...අදත් එහෙම දවසක්....නවසිය බර ගනන් වල ඇන්දා හා සමාන වොශ් කරාපු ඩෙනිම් කලිසමක් වගේම කාලෙකට කලින් කලුවට තිබුන දැන් පරන වෙලා හන්දා කලු සුදු වේගන එන කිඹුලා මාර්ක් එක තිබුන මටත් වඩා.ලොකු ටීශර්ට් එක පුරාවටම උනුවතුර බෝතලේ ගෙනියපු මං අවසානෙදි ඒක උඩට පැදුර දාලා නිදා ගත්තා ... 

අම්මයි නංගියි සාල කෑල්ලෙ නිදියනකොට කකුල් දෙකෙන් ආව අප්පච්චි මායි ඉස්තෝප්පු කෑල්ලට උනා...

හද නැති අහසට හද පායන් ඇවිදිල්ලා....හද වටේට්ම රැස් වලල්ලක් විහිදිලා තියනකොට හදෙ උන්න හා පැටියට මේ වෙනකොටත් නින්ද ගිහින් තිබුනා . 

හැංගිලා උන්න කඩුපුල පිපෙන්න ඇති...මුරන්ඩු කමට කාටත් කලියෙන් ඉස්සර උන සේපාලිකාවටත්දැන් තනියක් නැතිව ඇති... 

පාට ගියපු දිග අතට ඉරිගියපු රෙද්ද කකුල් දෙකේ ඉදන් පපුව ගාවට වෙනකන් පොරවගත්තු මං ලෑල්ලක් වගේ තිබුන කොට්ටෙට ඔලුව තියන් ඉදලා අවසානෙදි මගෙ අත් දෙකත් ඔලුව යටින් තියාගන පායපු හද දිහා බලාගන උන්නා...

නිල් අහස කලු වෙලා තිබුනත්...හද හන්දම කලු අහසට පවා වටිනා කමක් ඇවිදින් තිබුනා.. රන්තැටියක් හා සමාන හද රත්තරන් පාටින් දිලිසනකොට මං බලගන දෙතුන් පාරක් වලාකුලු ඇවිදින් හදට හාදු තිය තිය යනවා...ගස් කොලන් නලවගන ලාවට එන හුලන් රැල්ලට පිපුන කෝපි මල් වල සුවදත් එතිලා කොහෙදෝ දුර ඈතක යනකොට ගෙට ඉහලින් පියාඹන් ගියපු මා වවුලෙක්ට උගෙ කකුල් වල හිරකරන් ගියපු අඹ බෑව අත ඇරුනා....ඒක මිදුලට වැටුනා...

නිස්කලන්කයි....ඒත්....හරි

පාලුයි.....

ඉන්ධර් හාමුගෙ නපුරු ඇස් දෙක....මම කට ගහපු තැනින් කෝපි බිව්ව විදිහ මගෙ හිතට හරියට වද දෙනකොට මං ඉන්ධර් හාමුව මගෙ සිතුවිලි වලින් එලවලා දාන්න හිතාගන බැට්‍රි කෑලි වලින් වැඩ කරන අල්ලක් සයිස් පුංචි රේඩියෝව දාලා සින්දුව ඇල්ලුවා...

තුරුනුවන්ගෙ සරනයි මගෙ පුතාට.....

මහපොලවට තවමත් ඉර එලිය වැටෙනවා තියා වැටෙන්න හිතිලත් නෑ.....කෝපි මල් වල සුවදයි....හද එලියයි තවමත් එහෙම්මම වෙනකොට අම්මගෙ අතින් හදාපු තේ කහට උගුරක් බීලා මං ටෝර්ච් එක අවුලන්ම වලව්වට දිව්වා...වෙනමොකටවත් නෙවෙ ඊයෙ හාමු කිව්වා ප්ලාස්ක් එකට කෝපි හදලා දාන්ඩය කියලා ....

කලුවර වැටෙනවත් එක්කම වලව්වෙම ලයිට් බාගෙට බාගයක් ඇවිලුනත් අවසානෙදි ඉතුරු වෙන්නෙ එක ලයිට් එකයි දෙකයි.....

මට කෝපි හදපන් කියලා නාකි බිබික්කම ඔලුවෙ ඉදන් පොරවන් නිදි ඇති.....

වැටක් වගේ හිටින්න එක පේලියට හිටවලා තිබුන කෝපි ගස්වල සුදු පාට මල් පොකුරු පිටින් පිපිලා තියනකොට මං කෝපි මල් දෙක තුනක් කඩාගත්තා ...මොන හේතුවටද දන්නෙ ණෑ...එක්කො අතවත් සුවද ගහාවිනෙ කියලා මං කෝපි මලක් අතින් පොඩි ලර කර හැත්තෑවෙ දශකෙ බිබික්කම.නිදියන කාමරේ දිහා බලාගන එහෙම්ම කුසියට ගියා. 

ලයිට් එකක් දාලා....

දොරත් බාගෙට ඇරලා...

බිබික්කම නැගිටලා දොර ඇරලා ලයිට් දාන්න ඇති .අනේ..පව් ඉතින්...මහ මැනිකෙට අමාරු ඇති නැගිටන් නොදරුවට කෝපි එකක් හදලා දෙන්ඩ.....

මන් හිතින් බැන බැන කුසියට ගියා....කවුරු හරි කෙනෙක් කුසියෙ උන්නා....වෙන කවුරුත් නෙවෙ .මහ මැනිකෙ...

මැනිකෙ...

මැනිකෙ උදෙම්ම ලිපට නැගගන්....

ආඋඹ ආවද.....

එහෙමයි මැනිකෙ....

උඹට බේබි හාමු මොනව හරි කරන්ඩය කිව්වද . ....

එහෙමයි මැනිකේ....කෝපි එකක් හදලා ප්ලාස්ක් එකට දාන්ඩය කිව්වා...

ම්ම්....වතුර ලිප තිබ්බා...මං උඹ එනක්න් උන්නෙ.....එහෙනන් හදාගනින්.....බේබි හාමු තවම නිදි ඇති මගෙ හිතෙ.....වැඩි සද්ද බද්ද නොදා හදාපන්...මතක් කරලා එනසල් ඇට දෙකතුනකුත් තලලා දාපන් ඇසල....

එහෙමයි අපෙ මැණිකෙ...

මං දත් තිස් දෙකම පෙන්නලා හිනා උනා..වෙන මොකටවත් නෙවෙ උදේ පාන්දර මුස් පේන්තු කරගන්න බැරි හන්දා...ලා රෝස පාට නයිට් ගවුමට ඒ උඩින් හවුස් කෝට් එකක් ඇදන් උනන් මැනිකෙ ඔසරියට ගෙඩිය ගහන කොන්ඩෙම තනි කරලට ගොතලා තිබ්බා.....කවදා හරි දවසක නාකි හාමුවගෙ මැනිකෙත් ඔය වගේ ඉදීවි...දවල්ට ඔසරිය අදිවී...රෑට ඔය වගේ අදීවි....

රෑට නම් ඉතින් ඇන්දත් වැඩක් නෑ...හාමුවා ඔව්වා ගලවනවනෙ.....

කවදාවත් නැතුව මගෙ හිත එක පාරම අයාලෙ ගියා මැනිකෙලා බලන් ඉන්නෙ බේබි හාමුහෙ අපල ඉවර උනගමන්ම බන්දවල දාන්න...හාමුට පනහට කිට්ටු උනත් ඒ පාටක් වත් පේන්නෙ නෑ...ඒ ඇගපත හරි හයියි...ඉබ්බෙක්ගෙ තරම් වයස උනත් මොකද හාමු කෙනෙක්නෙ ....මැනිකෙලා නම් කොහෙන් හොයා ගන්ඩ බැරිද.....

මොනවා උනත්...ඉන්ධර් හාමුට ලස්සන මැනිකෙක් ගෙනේවි...නපුරු කම කෙසේ වෙතත්...හාමුට තියෙන්නෙ කිරිගරුඬ රූපයක්.....ඔව්වා...ඇවිත් දෙයියො නිදහසෙ අඹපු රූප....එක අතකට මැනිකෙලා තාම බේබිහාමුවව බිබික්කමක් කරන එකත් වරදක් නැ...අනේ මන්දා.....හාමුගෙ කෙර්න්දරේ දෝසයක්ලු.....

කොහෙන් බැලුවත් කියන්නෙම පලවෙනි කසාදෙ කටු ගාන්නම වෙන එකක්ලු...ඔව්වා ඇහුනම තමයි හාමුටත් ඌරු කේන්ති යන්නෙ...හාමුවා ඔව්වා පිලිගන්න එකෙක් නෙවෙ..ඒත් අර මැනිකෙලා වයස හන්දා ඕන දෙයක් කියලා කටපියන් ඉන්නවා....

අනේ මන්දා...බේබි හාමුවට කෙල්ලෙක් වත් ඉදලා නැතුව ඇති.....

අඩුම ගානෙ හන්තාන ප්‍රේමයක් වත්....???

මං කල්පනා කර කරම කෝපි කුඩු දාපු තරමින් ටිකක් ලොකු වෙන භාජනයක් ලිප තියලා එනසාල් ඇට දෙකක් තැලුවා....

බඩත් ගිනි....

බඩ ගිනී කිව්වට බඩට මහ අමුතුයි.....

අද ඉතින් ගිහින් ආව ගමන් ගුනේ මාමව හොයන් යන්ඩ එපැයිනෙ ....

කෝපි එක නටනකන් මන්

කොල්ලො...ඇසල...

මැනිකෙ.....

ආන් අර බේබි හාමු අඩගහනවා...ඕක හදල පලයන් හාමු නානවා තවම....

එහෙමයි මැනිකේ....

යන්ඩ ගියපු මැනිකේ ආයම ආවා.....ඒ පාර මොකද දන්නෙ නෑ...ඊයෙ පර්ස් එක අතට ගත්ත හන්දා අද කීයක්වත් අඩුයි කියන්නවත් ද.....

ආව්හ්....

මගෙ හිත ගැස්සුනා.....උතුරගන එන කෝපි එක ප්ලාස්ක් එකට දාන්න ගිහ්න් අතට හලාගත්තා ....

මගෙ හිත ආයම ගැස්සුනා....අත පුච්චගන උනත් මං කෝපි එක ප්ලාස්ක් එකට දාගත්තා .....

..දැවිල්ලයි....උඩ හම රතු වෙලා ගියා.....ටැප් එක ඇරපු මන් අත වතුරට ඇල්ලුවා උනත් වතුර වදිනකොට ඊටත් වඩා දැවිල්ලක් දැනුනා.....

ඇසල....

මාව ආයම ගැස්සුනා.....

ඒ කටහඩ බේබි හාමුගෙ...අනේ දෙයියනේ මොකුත් අඩුයි නම් කියන්න එපා... ..

හිතේ බය ගොජගොජ ගාලා බුබුලු දදා නටනකොට අර පිච්චුන අතෙ වේදනාව මට දැනෙනෙ නැති උනා.....

ඇසල....

මේ එනවා බේබි හාමු.....

බාගෙට ඇරලා තිබුන දොර ඇරපු මං පිච්චුන අතත් හංගගන හිමින් සැරේ ඇතුලට යනකොට එක තත්පර ගානකට මට සුවද දරාගන්න බැරි උනා....

බේබි හාමු සෙන්ට් නානවා.....

බේබි හාමු....

ම්න්.....

එන්න කිව්වෙ....

මට පිටිපස්ස හරවන් උන්න බේබි හාමු අත් ඔරලෝසුව බදින ගමම් ම්න් ගානකොට මං ඇද උඩ තිබුන ගලවලා දාලයි කියලා හිතන්ඩ පුලුවන් ඇදුම දිහා බැලුවා.....මේවා ආයම අයන් කරන්ඩ කියයිද දන්නෙ නෑ...

බේබි හාමුමේ ඇදුම්....

මම ඇදුම් ටික අතට අරගන බේබි හාමු දිහා බලනවත් එක්කම ඉන්ධර් හාමු මගෙ දිහාවට හැරුනා....මගෙ උඩ ඉදන් යටටම බැලුවා...කම්බි අමුනන් අටවන් උන්න සෙරෙප්පු දෙක ගෙයින් එලියෙ වෙනකොට සෙරෙප්පු දෙකක් නැති කකුලට හාමුගෙ කාමරේ සිමෙන්තියෙ සිතල දැනුනා...

ඇද අයට සපත්තු පෙට්ටියක් ඇති...අරන් ඒක පිහනවා

හොදමයි හාමු....

ඇතියාන්තන් ...උදේ පාන්දර සපත්තු පිහදාන්න කිව්වත් හොරකමක් ගැන මතක් නොකරපු හන්දා මං හිත යටින් දෙයියන්ට පින් දිදි ඇද යට තිබුන සපත්තු පෙට්ටියෙන් සපත්තු දෙක අරන් පිහන්න ගත්තා ...සපත්තු දෙකක් කිව්වට...ඒකත් අර හාමු දාන ජාතියේම.කොස්පට්ටා දෙකක්....හැබැයි මේකෙ පාට නම් කලු.....පිහන්න දෙයක් ඇත්තෙත් නෑ....ඒත් ඉතින් සුදු කකුල් වලට දානකොට පිහන්න එපැයිනෙ...

ඒත්..මේක හෙන පොඩීනෙ...මේ මනුස්සයාට හැමදාම ගන්න සපත්තුවෙ තරම අමතක වෙලාද ඒපාර...

කෝ..පිහ දැම්මද....

එහෙමයි හාමු....

බිමින් තියපන් බලන්ඩ....

මං බිමින් තිබ්බා...තියල හාමුගෙ කකුල් දෙකයි සෙරෙප්පුවෙ සයිස් එකයි බැලුවා...විලුඹ හරිය රහින්ඩ තමයි වෙන්නෙ...අනික හාමුගෙ කකුල් පලලයි...අනේ මන්දා .....

ශිහ්.....මදි...

මං මීක් නොගා උන්නා...ඕක ඉතින් නොදා උනත් තේරෙනවනෙ....

.බේබි හාමු.....බිල් එක තියනවා නම්

මේක මං ගත්තු මගුලක් නෙවෙ....

අපරාදෙ .....

....?

මං ඉක්මනට බිම බලාගත්තා...සල්ලි දීලා නොගත්ත එකක් උනත්...තෑගි දුන්න එකක් උනත් ඒකට දැන් කරන්න දෙයක් නැතිව යන බව දන්න මම හිතින් අපරාදෙ කියලා කිව්වත්...ඇත්තටම මම ඒක කියලා තියෙන්නෙ කටින් වෙනකොට සෙරෙප්පුව දාන්න ගිහින් දාගන්න බැරි උන ඉන්ධර් හාමු ඇහිබැමක් උඩ ඇරලා මා දිහා බැලුවා...

දාපන් බලන්ඩ මේක....

ම..ම...?

මෙතන වෙන උන් ඉන්නවද?

මං ඉක්මනට මගෙ යටි පතුල මගෙඅත් වලින් පිහාගත්තා ....අනේ මගෙ දුප්පත් හිත සතුට වැඩි කමටම පිපිරෙන්න වගේ.....මං මගෙ කකුල දහපාරක් විතර පිහදැම්මා...මන්බලාගන හාමු මහත්තයා මා දිහා හරී අමූතුවට බලන් ඉන්නවා...

ඇයි ඇසල.....

න්..නෑ..හාමු මහත්තයා ..ජරා...උනෝතින්.....අවුරුදු ගානකට...පස්සෙ...අලුත් දෙකක්...දැම්මෙ....

මට නිකන් ඇඩෙන්න වගෙ ....ඉන්ධර් හාමු බලාගන උන්නා..මගෙ කකුලට ඒ සෙරෙප්පු දෙක අනේ කියලා ගෙන්නෙව්වා වගේ ගානට තියනකොට හාමු කියන්නත් කලින් මං කන්නාඩිය ගාවට දිව්වා වගේම.මං බලාගන ඒ ඇස් මං එහා මෙහා වෙන වාරයක් ගානෙම මගෙ පස්සෙ ඇවිත් ඇවිත් අවසානෙදි ලාවට ඔලුව ටිකක් වනලා කාමරෙන් එලියට යන්න ගියා..

අනේ ඉන්ධර් හාමුට පින්....

හාමු යනවත් එක්කම මං කකුලෙ තිබුන සෙරෙප්පුව ගලවලා අරන් අලුත් සුවද ඉව කෙරුවා ....අසරන හිත් කොයි තරම් සන්වේදිද්ස් කියනව නම්...සතුට වැඩි උනාමත් හෝ ගාලා ඇඩෙන්න් එනවා...

ඇසල....

එනවා.හාමු....

ඔය මේසෙ උඩ තියන පර්ස් එකත් අරන් ආවා නම්

එහෙමයි බේබි හාමු.....

මගෙ හිත සතුටින් පිනුම් ගැහුවා....ඊයෙ පර්ස් එක අල්ලපු මාව මරන්න වගේ රැවුවත් අද ඒ පර්ස් එකම ගේන්න කියාපු හාමු කාර් එක ගාවට යනකොට මම ප්ලාස්ක් එකයි පර්ස් එකයි අරන් හාමුගෙ පස්සෙම්ම දුවලා දිලිසෙන කලු කාර් එකෙ පිටිපස්සෙ දොර ඇරියා

කවදද ඉදන්ද මං උඹට ඩ්‍රයිවර් උනෙ..

සමා...වෙන්න...හ්..හාමු....

නගිනවා ඉස්සරහට..

කෝපි එක පිටිපස්සෙන් තියපු මං බයෙන් බයෙන් වගෙ ඉස්සරහට නැගල ඉදගන්නකොට මං බලාගන හාමුත් අද මට දුන්න ජාතියෙම සෙරෙප්පුදෙක දාගන උන්නා....

ශීට් බෙල්ට් එක දාගන්නවා

එහෙමයි හාමු...

මෙච්චර වෙලාම කලු පාට ගහලා තිබුන අහස චූට්ට චූට්ට තැඹිලි පාට වෙනකොට සමහර වලාකුලු සීනි පුලුන් පාට වෙලා තිබුනා....අතට පොඩි උන කෝපි.මලේ සුවද හාමු ගාවින් එන සුවදට යට වෙලා යනකොට ශීට් බෙල්ට් එක දාගත්තු මගෙ දිහා මගෙ මූන දිහා තව එක පාරක් බලාපු ඉන්ධර් හාමු ලාවට ඔලුව දෙපැත්තට වනලා කාර් එක ස්ටාර්ට් කරන ගමන් පාලුව යන්නද කොහෙද සිංදුවක් වෙනුවට අධිමාත්‍රාවක් දානකොට මං මගෙ පිච්චුන අතට හෙමින් හෙමින් කටින් පිම්ඹා...

ඔබ ඇපල් මලක් වාගෙ....

ලස්සන වසන්ත කාලේ....

මට හදිස්සියෙන් වාගෙ...

හමුවූ...!!

🌼🤭ම්හුක්...බිබික්කමා එක්ක ආයම එන්නාම්....

මම ජොබී.....

Nedeesha ....!

More Chapters