මගෙ වෙලාපත්කඩේ .....ඒ මොකටද මගෙ එක....
පිටිපස්සට අත් දෙක බැදගන උන්න ධර්මේන්ද්‍රන් ලොකු හාමු ආපහු එක අතකින් අර උඩු රැවුල පිරිමදින්න වගේම දෙපැත්තෙ කොන් දෙක උඩු අතට කරකව කරකව මොන මොනවාදෝ ලොකූදෙයක් කල්පනා කරනකොට මං බලාගන ඉන්ධර් බේබි හාමුත් රැවුල අතගානවා...
මහ එකයි පොඩි එකයි දෙකම එකයි..
මුන් දෙන්නටම තියෙන්නෙ එකම උද්දච්ච ගති....කවදාවත් නැතුව මගෙ වෙලාපත්කඩේ මොකටද....නිධානයක් ගන්ඩ මාව බිලිදෙන්ඩ වත්ද ..??
අම්මයි අප්පච්චි දෙන්නම කුලුදුල් ..අනික මම...එතකොට තුන්කුලුදුල්නෙ.... අනේ මන්දා....මොන මගුලට ඉල්ලනවද කියලා .
මං නියපොත්තක් හපන්න ගත්තා .....ඇරත් මේ වැටිලා ඉන්න නාරාවල දැක දැකම මගෙ වෙලාපත්කඩේ ඉල්ලන්නෙ මොන ඇටකිරිඥ්ඥාවක් කරන්ඩද. .වෙලාව හොද නම් මාත් ඉන්ඩ ඕනෙ ඉන්ධර් හාමුවගේ සැපටනෙ...
නන්දගෙ අත්ගුනෙ නම් ඇස්වහක් නෑ...නේ අපෙ මහත්තයා ...
හ්ම්.....
අපෙ මහත්තයටත් ඩිංගිත්තක් දෙන්ඩද....
කොනහල වගේ ඩිංගක් දුන්නනම්...මයෙ මැනිකෙ උඹලට දියවැඩියාව නේද ම්ම්ම්ම්ම්....
වෙලාපත්කඩේ ඉල්ලපු වෙලේ ඉදන් මගෙ හිත දහයක් දේවල් හිතද්දි මෝරපු නැති ළපටි අවුරැල්ල පිටිපස්සෙ හිටවලා තිබුන හෙන්දිරික්කා මල් යායම ඉඹින ගමන් උන්නා.....හවහට පිපෙන්න බලන් ඉන්න මල් මොටයියො කෝටියයි....!
නියපොත්තෙ හපන්න දෙකුත් නෑ.....ඒත්...හිතට එන දේවල් එක්ක නියපොතු නොකාත් බෑ...මේ ඔක්කොමත් අස්සෙන් අම්මා හදාපු වැලිතලපෙට පෙරේතකම් කරාපු ලොකු මැනිකෙ ලොකු හාමුටත් ගිල්ලනකොට මං බලාගන ඉන්ධර් හාමු අම්මා අප්පා පෙම්කෙලින දිහා බලාගන ඉදලා ඉදලා එක පාරම මගෙ දිහා බැලුවා...ඒ බැල්මට මගෙ යටිබඩත් එක්ක කොරවෙලා ගියා....
ඒ බැල්ම හරි නුහුරුයි .....ඊටත්....බෙබි හාමුගෙ ඇස් කතාකරනවා....ඔව් ඒ ඇස් මොන මොනදෝ කියවනවා...
අනෙ දෙයියනෙ අව්වෙ නැහිලා නැහිලා මගෙ ඔලුව කරවෙලාද...?
ඇසල ඔහොම නැවතුනානම්.....
බේබි හාමු....
එක බැල්මෙන් යටි බඩ අවුලවගත්තු මං ඉන්ධර් හාමුගෙ කතා කරන ඇස් දෙක මග ඇරලා ආපහු පල්ලම් බහින්න ගත්තා.....මෝරපු නැති ලමිස්සි අවුරැල්ල හෙන්දිරික්කා මොටයියන්ට වැටිලා තිබුනෙ මටත් හොර හිතක් පහල කරවන ගමන් වෙනකොට මැනිකෙගෙ ඇස් වහලා එකක් දෙකක් කඩාගනම ගෙදර දුවන්න හදාපු මගෙ කකුල් දෙක ඉන්ධර් හාමු නැවැත්තුවා....
ඇසලට දැන් වැඩක්ද
න්..නෑ හාමු...දැන් නෑ...හැබැයි නවයට විතර ගුනේ මාමා එක්ක වැඩට යන්ඩ තියනවා...
ගුනේ එක්ක...?
එ..එහෙමයි බේබි හාමු.....
ම්න්...කමක් නෑ...අඩහෝරාවකට ආවා නම්....
බේබි හාමු....අමනාප වෙන්නෙ නැත්තන් මට හේතුව දැනගන්ඩ පුලුවන්ද
ඇද පොඩ්ඩක් අල්ලගන්ඩ ඕනා..ජනෙල් පියන් ඇරල තියාලම දූවිලි....
මේ මොන මගුලක්ද.....කොයිවෙලෙත් හාමුගෙ බිබික්කමම උලන්ඩ එන්ඩ කියන්නෙ...හෙට අනිද්දා කොස්සෙන් අතු නොගා මට දිවෙන් ලේවකන්ඩ කියාවි....අනෙ අම්මපාඉන්ධර් හාමු උඹට නම් සහලවලම පිස්සු...
එ..එහෙමයි හාමු.....
අර ඔක්කොම බැනපු බැනුම් මගෙ යටි හිත කරාපු දෙයක් ....යටි හිතෙන් හාමුට පුලුවන් තරම් බැන්නත්.....යටි හිතේ දේවල් කටින් එලියට දාන්න බැරි හන්දම මං හැමදාම පුරුදු බයාදුවෙම්ම එහෙමයි ගාගන ලොකු හාමු ගාවින් යනකොට දෙකට නැවීගන වගේ ගියා...
අදත් සින්දුවක් දාලා...මං හිතුවෙ නෑ කියලා....මං හිතන්නෙ බිබික්කම ආසම ගායකයා අමරදේවමාස්ටර්ද කොහෙද .....රේන්ද අල්ලපු ටසල් අල්ලපු....තනි සුදු දොර රෙද්දෙ හිඩැස් අස්සෙන් අමරදේව මාස්ටර් වක්කඩ ගාව ඉන්න තිත්ත පැටව් උඩ පැනලා නටපු කතාව තාලයක් එක්ක පෙරීගන එනකොට ඇතුලට ගියාට පස්සෙ ආයම සින්දුව අහන්න වෙන්නෙ නැති බව දන්න මන් එක තත්පරේකට සින්දුව අහන්න දොර රෙද්දෙන් මෙහා නැවතිලා උන්නා...

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා....
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුළින් විදුලිය කෙටුවා...
ඇසල...ඇතුලට ආවා නම්.....
මගෙ මනෝ පාර එක තත්පරෙන් බිදුනා.....ඇතුලෙ උන්න ඉන්ධර් හාමු පුරුදු ගැඹුරු කටහඩිම්ම මට ඇතුලට එන්න කියනකොට මට අමරදේව මාස්ටර්ට මගෙන් ඈතට යන්න දෙන්න ලෝභ හිතුනා....ඒත්...හාමුගෙ දාසයො උන අපි එන්ඩ කිව්ව පමාවට නොගිහින් කොහොමද ....
මං හිමින් සීරුවෙ ඇතුලට ගියා....ජනෙල් පියන් දෙක හායි ගාලා ඇරලා දාලා....තනි සුදුපාට ගාපු ජනෙල් පියන් දෙක අරින්න පුලුවන් උපරිමේටම ඇරලා දාලා ඉතින් දූවිලි නෑවිදින් තියේවිද ....රේන්ද වැඩ දාපු ජනෙල් තිරෙ සම්පූරනම එක පැත්තකට කරලා ගැටයක් ගහලා ....
අත් දෙකත් පිටිපස්සට බැදගන ජනේලෙ ගාව හිටන් උන්න ඉන්ධර් හාමුගෙ ඇස් තිබුනෙ ජනේලෙන් එහා...මටවත් ..ලොකු මැනිකෙටවත්...ලොකු හාමුටවත් නොපෙන දුර ඈත ලෝකෙක වෙනකොට මට තදියමෙන් වගෙ අඩ ගහපු බේබි හාමු මං ඇතුලට ආවයින් පස්සෙ මීක් නොගා එයාගෙ පාඩුවෙ එලිය දිහා බලන් ඉන්න හැටි මං හාමුගෙ ගාවට වෙලා බලන් උන්නා.....
හාමු...
....
බේබි හාමු...මට එන්ඩයි කියපු කාරනාව....
....
ඉන්ධර් හාමු කතා නෑ....යන්ඩ කියපු හාමු ඇද අදින්ඩ තියනවා ගෑවත්....මේ ඇදේ ආයම අදින්ඩ දෙයක් තිබුනෙ නෑ..මොකද ...වෙනදට ඇද තියන තැන නෙවෙ දැන් තිබුනෙ.....ඇදෙන් බැස්ස ගමන්ම පේන්නෙ කහපාට මලින් බරවෙන ඇහැල ගස් වගෙමෙ....එකම යායට තියන පොල් වත්ත....ඒ වගේම එව් වත්තෙ කෙරවලකම තිබුන මගෙ දුප්පත් ගෙදර.....
මොන මගුලට එන්ඩ කිව්වද මන්දා...එක්කො දැන් ආව එකේ කරන්ඩ තියෙන මගුලක් කියන්ඩ ඕනෙ බඩත් ගිනි....බිබික්කම එන්ඩ එන්ඩ දොන්ත වෙනවා....මැනිකෙගෙ රන්කදට ගෑනු ගේනවට වඩා හොදයි බිබික්කමට ආයම්මෙක් ගෙනාව නම්.....
ඇහිබැම රැලි කරන් මගෙ දිහා බලන් ඉන්නෙ.....ඇසල...හිතින් මට බනිනවා වත්ද....ම්ම්ම්ම්
බ්..බේබි හාමු....
....
මගෙ දෙවියනේ...බේබි හාමුට ඒපාර හිත් කියවන්ඩත් පුලුවන්ද ...??
මාව ගැස්සිලා ගියා .. . හාමු තවමත් එහෙම්මමයි....ඒ විදිහමයි...එක දශමෙකින් වත් හැරිලා බැලුවෙ නැ....ඒත්....මගෙ මුනෙ ඉරියව් එක්ක මං හිතින් බනින වගෙ ටක්කෙටම කියනකොට අනේ මට දෙන්න උත්තර නැතිව ගියා.....
ම්න්....ඇසල මට බනිනවා වත්ද....
අ ....අනෙ නෑ හාමු...අරමක්කටැයි මං හාමුට බනින්නෙ....
ම්න්....
.......
ඇසල...
බේබි හාමු.....
ඇසල දන්නවද ඔය සින්දුවෙ තේරුම.....ම්ම්ම්
මෙච්චර වෙලා ජනෙලෙන් එපිට බලන් උන්න ඉන්ධර් හාමු මගෙ පැත්තට හැරුනා...හැබැයි අර අත්දෙක එහෙම්මයි....
හාමු අහනවා ඒ සින්දුවෙ තේරුම දන්නවද කියලා ...අනිත් පැත්තෙන් මට බඩගින්න උත්සන්න වෙලා....ඊයෙ රෑට බත් නොකා හාමු ගෙනත් දුන්න කොත්තුව කාපු හින්දා රෑ බත ඉතුරු වෙලා හීල් බත් හැදිලා තිබුනා ...පුච්චපු මිරිස් කරල් දාලා ගලේ අඹරපු පොල් සම්බෝලෙට උම්මලකඩ කෑල්ලක් එහෙම තැලිලා එනකොට කටට කෙල උනනවා දෙයියනේ ඒ අස්සෙන් මේ බිබික්කම සිංදුවෙ තේරුම අහනවා.....
දන්නව කියන්න බෑ...දන්නවා කිව්වොත් මගෙන්ම තේරුම අහාවි...දන්නෙ නෑ කියන්න බෑ....දන්නෙ නෑය කියලා කිව්වොතින් මට මෙතන තියන් ඕක උගන්නාවි...ඒත් එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙන එකේ...ඔක්කොටම වඩා සැපයි නොදන්න දේ දන්නෙ නෑම කියලා කිව්වා නම්.....
බේබි හාමු...
ම්න්...දන්නවද ඇසල....
නෑ හාමු....
ම්න්....ම්න්.....බඩගිනිද ම්ම්.....
මං ඉන්ධර් හාමු දිහා බලලා දන්නෙ නෑය කියනවත් එක්කම මගෙ බඩේ ඉන්න හාමතේ වේලෙනෙ පනුවන්ට අද මා එක්ක පිරිමහන්න තරහවක් තිබිලද කොහෙද ...උන් මුලු ඉරුගල්බන්ඩාර වලව්වටම ඇහෙන්න කෑ ගැහුවා.....බේබි හාමුට කටකොනකින් හිනාවක් ගියා.....
අත්තමයි ...ඉන්ධර් හාමුගෙ තොල්පට හෙන්දිරික්කා මල් පාටයි...ලා රොසයි...නපුරු උනත්.....දෙවියො මේ මනුස්සයව පුදුම විදිහට අඹලා තියනවා.....මේ මූන දැක්කම කාටද දෙයියනේ කියන්න පුලුවන් පනහ පිරෙන්න තව හතරයි කියලා ...ඒත් .මගෙ අත් වලට කකුල් වලට අවුරුදු හතලිහක තරම් වයස පේනවා . ..බර ඇදලමද කොහෙද අත් වල නහර පෑදිලා...විතරක් නෙවෙ ඒ නහර මෝරලා ..මගෙ මූනටත්.....මං හිතෙන්නෙ ඒ වගේම පේනව ඇති....
.ඇසලට මහන්සිද.....
....
නැත්තම් බඩගිනිද.....
සින්දුවෙ තේරුම අහපු හාමුට ඒපාර ඒක කියලා දෙන්න අමතක වෙලා වගේ...හාමු අහනව මහන්සිද කියලා බඩගිනිද කියලා ...මට ඔය දෙකටම දෙන්න තියෙන්නෙ එකම උත්තරයයි...අනේ හාමු මට මැරෙන්න තරම් දැන් මහන්සී....
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිදු නටන්න
වැහිවැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...
මට දෙන්න ඕනා උත්තරේ ඔව් හාමු මට මැරෙන්න තරම් මහන්සී කියලා උනත් මෙච්චර වේලාම අමරදේව මාස්ටර්ට දුන්න අවදානෙ ඉන්ධර් හාමු උදුරන් උන්නත් එක පාරම අමරදේව මාස්ටර් හරි හරියට ගල මතුපිට මල පිපෙන්න කියලා අනිත් අයත් එක්ක කියන්න ගන්නකොට මාව ආයමත් තේරුම නොදන්න සින්දුව ගාව නැවතුනා.....
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනා වෙයන් කලු හිනා වෙයන්.....
ඇසලට දැනගන්න ඕනෙද ඕකෙ තේරුම.....ම්ම්ම්
හ්..හාමුගෙ කැමැත්ත...
ඇසලට ඕනෙ අහන්නද ...නැත්තම්...සින්දුවෙ වචන යතාර්තයක් වෙනවා දකින්නද....
යතාර්තයක් වෙනව දකින්නත්....මං තේරුම දන්නෙ නෑනෙ හාමු....එහෙම නොදැන කොහොමද මං උත්තර බදින්නෙ...
ම්න්...ඒක ඇත්ත.....මහගමසේකර මහත්තයා ලිව්වට...අමරදේව මාස්ටර් කිව්වට....ඕකෙ හැගීම් විදින අයිතිය තියෙන්නෙ....අපිට...ඇසලට...මට...
අඹු සැමියන්ට....
ම්..මටයි....හ්...හ්...හාමුටයි????
මං අදහස් කෙරුවෙ මිනිස්සුන්ට කියන එක....ඇසල බය උනාද....ම්ම්ම්ම්
මන්දන්නෙ නෑමේ බිබික්කම මාව ළඟ තියාගන මොනවා දොඩවනවද... කියලා ...අඹු සැමියො විදින දෙයක් මොන ඇටකිරිඥ්ඥාවකට මට කියනවද.....ඒ අස්සෙන් මගෙන් බයඋනාද කියලත් අහනවා....මේ මනුස්සයට ඉක්මනට හිරයක් කරල දුන්නා නම් මේ විකාර අඩුවේවි.....බදින්න ඕන කාලෙ නොබැද ....අනේ මන්දා....
බේබි හාමු...
ම්න්.....
ද්..දෙයක් අහන්නද....
ම්න්.....පුලුවන් ....ඇසලට අහන්න ඕන දෙයක්....
ආයමත් ජනේලෙන් එලිය බලාගන උන්න ඉන්ධර් හාමු රැවුල උඩුඅතට කරකවන ගමන් ඔහේ බලාගන උන්නා....
හාමු....කොඩිවින ගැන විස්වාස කරනවද හාමු....
ඇසල විස්වාසකරනවද....ම්ම්ම්
ඔව්.....
ඇයි ඒ....
විස්වාස කරනව හාමු...අප්පච්චි මෙහෙම මනුස්සයෙක් නෙවෙ කියන්න දැකල තියන මං දැන් විස්වාස කරනවා හාමු....
ම්න්....හොද....නරක..දෙකම මේ ලෝකෙ තියනවා ඇසල....මිනිස්සු ඉන්නවා.....තමුන්ගෙ සල්ලි වියදම් කරන් හරි අනුන්ට කොඩිවින කරන....ම්ම්
එහෙමයි හාමු.....
ම්න්...
ඉන්ධර් හාමු...
ම්න්.....
මට එන්න කිව්වෙ...
එන්න කිව්වෙ කාමරෙ බලන්න...ඇසලට මේ විදිහ හොදද ම්ම්ම්ම්
ම්..ම්ම්..මට??
ඔව්....මං අහන්නෙ....ඇසලනෙ මේක අස්කරන්නෙ.....ඇසලත් දැන් මේ කරලා තියන වෙනසට ආසද....
ම්...මේ...මේ
අනේ මන්දා....මං ආසයි කියන්නද....ආස නෑ කියන්නද....පැදුරු කඩමාල්ලක නිදිය නිදිය ඉන්න මගෙන් මේ කාමරේ ගැන අහනකොට මම.මොනව කියන්නද....වියන් බැදපු ඇද කොයිතරම් නම් සනීපද කියන්න ඇද බැලුවම පේනවා....කන්නාඩි මේසෙ තිබ්බ තැනින් වෙන අහකට ඇදලා....අපි හැමෝටම මූන බලන්න තිබ්බෙ අප්පච්චි ගරාජ් එකකින් ඇහිදන් ආව බස් එකක සයිඩ් කන්නාඩියක්....ට්‍රන්කපෙට්ටිය අස්සෙ තියන කපුරු බෝල ගිල්ලවපු ඇදුම් වලින් එන කපුරු සුවද ඇරුනාම හාමු ගාන වගෙ අපිට ගන්න තියා හිතන්නත් අමාරු එක එක සුවදවල් කවදාවත් නාව ඇදුම් අදින අඩුපාඩු දාහක් තියන මගෙන් ඉන්ධර් හාමු හාමුගෙ කාමරෙ අඩුපාඩු තියනවද අහනකොට මම දීගන්න සාධාරන උත්තරයක් නැති හන්දා මගෙ ඇස් දෙක පුලුවන් තරම් කැරකෙව්ව...ඉන්ධර් හාමු මගෙ ලගට ආවා.....
ලගට කියන්නෙ අද නම් වෙනදටත් වඩා ලගට...මහ මුහුද වගේ ගැඹුරු ඇස් මොනවදෝ මන්දා තොරතෝංචියක් නැතුව කියවනකොට අමරදේව මහත්තයව හරි පරිස්සමින් පැත්තකින් තියලා ඒ වෙනුවට ටීඑම් මහත්තයා ඇවිදින් උන්නා ..හිස් අතින් නන් නෙවෙ ....සුදු මුතු රළ පෙළක් එක්ක...

සුදු මුතු රළ පෙල
කිදුරු කොදෙව්වෙන් ...
පාවඩ පලස එලා...
සිඳුළඳ ගෙනදුන් මුතු කැකුළක් සේ
ඔබ මට තිළිණ වෙලා....
ඉන්ධර් හාමු උන්නෙ දැන්නම් හුස්ම වදින තරම් ලගින්....මන් බේබි හාමුට උත්තර බදින්නද .....ඒත් නැත්තන් ටීඑම් මහත්තයා එක්ක එතන තනිවෙන්න කියලා ලෝක දෙකක් මැද අතරමන් වෙනකොට ඉන්ධර් හාමු ආයමත් ..තවත් පාරක් මගෙ නිකටෙන් අල්ලගත්තා ....
දෙයක් ඇහුවම ඇයි මෙච්චර කලබල....ම්ම්ම්ම්ම්ම්
හ්..හාමු....හාමු මගෙන් අහන්නෙම...උත්තර නැති ප්‍රශ්න වෙනකොට ..මං කොහොම හාමු උත්තර බදින්නෙ....පැදුරු කඩමාල්ලක දිගෑදෙන ..හාමු අයින් කරන...ඒත්නැත්තන් කාගෙන් හරි හම්බුන ඇදුමක් අදින මගෙන් මේ මොනවද හාමු අහන්නෙ ....මං කොහොම නම් අඩුපාඩු කියන්නද....
මං අඩියක් පස්සට ගියා ...මගෙ නිකට අල්ලන් උන්න ඉන්ධර් හාමු ආයමත් අර මහ මුහුද වගෙ ගැඹුරු ඇස් මගෙන් අහකට ගත්තා ....අරන් පොල්වත්ත මැදින් ඈතින් පේන අපෙ ගෙදර මායිම දිහා බලන් උන්නා..
කතාවෙ එක පරිච්ඡේදයක් අදුරුයි කියලා .....මුලු පොතම අහකට කරන්ඩ එපා ඇසල ..මොකද ලස්සනම කතා ලියවෙන්නෙම නොහිතන කාර්තුවල .....
....
ඇසල යන්ඩ
බේබි හාමු එතකොට ඇද.....
තිබ්බ දෙන්
එහෙම තිබ්බදෙන්.....ඒක එහෙම තිබ්බදෙන් කියලා කියන්න නම්...මොන මගුලටද මට ඇතුලට එන්ඩ කිව්වෙ.....යන්න ඇරපු මට යන්න නොදී....අවසානෙදි ආපිට යන්න කියනවත් එක්කම මං හරි ඉක්මනින් ඒ කාමරෙන් එලියට පැන්නා මොකටවත් නෙවෙ ඉන්ධර් හාමු ආයම නවත්තන් තවත් මොක්ක් හරි අහවි කියන බයට...
.....ඇසල....පුතෙ....තව බත් ටිකක් දාන්ඩද .....
.
මන් ගෙදර දිව්වා ...බෙබි හාමුගෙ කාමරෙ ඉදන් එලියට දුවපු පිම්ම නැවතුනෙ ගෙදරින් වෙනකොට මං එනකොටත් අප්පච්චි පිල්කඩෙ ඉදන් හීල් බත කනගමන් උන්නා වගේම අම්මා කන් දෙකටත් වඩා වටින සුද්දිගෙ අරුංගල් ආපිට ගලවන් ලේන්සුවක ඔතලා ගැට පිට ගැට දාහක් බැදපු අම්මා ඒක පෙට්ටගම අස්සෙ හංගලා දැම්මා
එපා..මේඇති.....තව කැවොතින් මට වැඩ කරන එක පැත්තක දාලා බුදියන්ඩ වේවි...
මං ඉක්මනට ඉක්මනට බත් එක ගිල්ලා..බේබි හාමුගෙ ගෙදර ඉද්දි හීල් බතට කෙලගිලාපු මං ගෙදර ඇවිත් රස නොබලම කටට දෙකට බත් පත හිස්කරලා ගුනෙ මාමව හොයන් දුවන්ඩ ලැහැස්ති උනා ...
අම්මෙ....
ඕක මෙතනින් තියලා උඹලා අත හෝදගනිල්ලා....
මැටි කලේ වහපු පොල්කටුවෙම්ම වතුර බීපු මං ඇදන් උන්න පරන පාට බාච්චු බැනියමෙන්ම කට පිහිදගත්තා ...පිහිදන් අම්මා දිහා වගේම කුසිය මේස උඩතිබුන මගෙ වෙලාපත්කඩේ දිහා බැලුවා
අරමක්කටද අම්මෙ ලොකු මැනිකෙට මගෙ වෙලාපත්කඩේ
කව්දැයි දන්නෙ....මක්කට ඉල්ලනවද කියලා ...
මොනවා උනත් උඹලා සුනංගු නොවී පලයල්ලා...ලොකු හාමුගෙ මූනත් මහ අමුතුවෙලා තිබ්බා...මට බය මේ අප්පච්චි හන්දා මෙතනිනුත් අපට යන්ඩ කියාවි කියලා ...
මං එලියෙ ඉදන් බත් කන අප්පච්චි දිහා බලලා රහස් මුමුනකොට අම්මා අර වෙලාපත්කඩේ ශොපින් එකල දාලා ගැටගහන් වලව්වට යන්ඩ ලෑස්ති උනා....මං එහෙම්ම කුසියෙන් එලියට බැස්සා
මං යනවා....
අම්මා පොල් වත්ත මැදින් වලව්වට යනකොට මං වැට කඩුල්ල පැනන් ගුනේ මාමව හොයන් දිව්වා ...අප්පච්චි සුද්දි එක්ක ගෙදර තනි උනා...
මක්කට ගේන්ඩ කිව්වද දන්නෙ නෑ...බිබික්කමගෙ අපල යවන්ඩ මාව බිල්ලකට වත් දෙන්ඩ හිතුනද දන් නෑ....
ගුනෙ මාමෙ....
ආඋඹ ආවද....මං හිතුවා උඹ නෑවිදින් ඉදි කියලා
අරමක්කටද ...නෑව්වෙ සුද්දිව මිසක් මාව නෙමෙනෙ ගුනෙ මාමෙ...
ඒකත් එහෙමයි...
තවමත් ඉර මුදුන් නොවුනකොට ළපටි අවුරැල්ල නම් කාටත් කරදරයක් නොවි හරි අහින්සක විදිහට ගස් කොලන් උඩ...පාන්දර ජාමෙ වැටුන පිණිබින්දු උඩ නටනගමන් උන්නා...කොටු වැටුන කකුල් ලොකු ජම්පරයක් ඇදන් උන්න ගුනෙ මාමා අත්තිවාරම දාන්ඩ සිමෙන්තිත් අනලා තියලා බුලත් චප්පයක් කටෙ ඔබාගන්ඩ නිවාඩුවක් අරන් තිබ්බා
මේන් මේක අම්මා දෙන්ඩයි කිව්වා
මොනවද කොල්ලො.....
ගුනේ මාමගෙ පංගුව....
ඕන ඕක පන්මල්ලට දාපන් කොල්ලො....මං චප්පෙ කටේ ඔබාගත්ත .....චප්පෙ ගිලලා ගිලලම දැන් රහ දැනෙන්නෙත් නෑ.....
පත්තර පිටුවක ඔතාපු ගුනෙර් මාමගෙ පංගුව එහෙම්ම පන් මල්ලට ඔබනකොට ගුනේ මාමා පුවක් කෑල්ලක්.දත් වලින් හාපාගන ඒ එක්කම දුන්කොල කෑල්ලකුත් කටේ ඔබාගන්නකොට මං ගිහින් කලු ගල් අදින්න ගත්තා .....
මුලු අත්තිවාරමටම කලු ගල් පුරවලා කොන්ක්‍රීට් හලනවා.....කොන්‍ර්කීට් බාල්දි අදිනවා කියන්නෙ අත්තිවාරම දානවා කියන්නෙ බාගෙට පන යන වැඩක් උනත් හම්බෙන දෙදහා ගැන හිතලා මං ඇදන් උන්න බාච්චුව ගලවලා අව් රැල්ල කාටත් හොරෙන් ඉලන්දාරියෙක් වෙන්ඩ කලියෙන් මං ගල් අදින්ඩ්ග ගත්තා....
ආ කොල්ලො....
ගුනෙර් මාමෙ.....
මගෙ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙනවා.....කලු ගල් ඇදලම අත් දෙක නෑවගෙ.....අර ළපටි අව් රැල්ල කාටත් හොරාවට ඉලන්දාරියෙක් වෙලා තිබුන ...නිකන් නෙවෙ නාහට නාහන එකෙක්....එහෙම නොවුනා නම් මෙච්චර රස්නයක් දැනේවිද ....
බාටා කබල් දෙක දාගන ගල් අදින වාරයක් ගානෙ බාටෙ මුල ගැලවි ගැලවි එනකොට මෙච්චර කාලයක් දුශ්කර සේවෙ උන්න බාට ජෝඩුව තවත් නම් බෑ මට පැන්ශන් යන්න දියන් කියලද කොහෙද අවසානෙදි අර කම්බි වලින් මූට්ටු කරාපු හරියත් දෙකට මැදිම්ම ගැලවිලා යනකොට මං මෙච්චර කල් දුප්පත් මගෙ කකුල් රැකපු බාටා ජෝඩුවට විශ්‍රාම දුන්නා .
මං ගල් අදිනවා ගුනෙ මාමා චප්පෙ කකා අත්තිවාරම බදිනවා. ඒ බැද බැද කලු ගල් අදින මටත් කතා කරනවා .
වලව්වෙ හාමු මොනවත් දුන්නද කෙලීට...
මං අරන් ආව ලොකු කලු ගල අත්තිවාරම අස්සට අතෑරලා ඇහිබැම උඩ ඉපදුන දාඩිය බින්දුව මහපට ඇගිල්ලෙන් අහක් කරලා වලව්වෙන් මොකුත් හම්බුනෙ නැද්දැයි අහපු ගුනේ මාමා රතුම රතු බුලත් කෙල පාරක් එලියට දැම්මා .....
ලොකු හාමු නම් කවරයක් දුන්නා...
කීයක්ද
ඒක නම් බලන්ඩ බැරි උනා ගුනේ මාමෙ.....
ගුනේ මාමටත් ඕන් නැති දෙයක් නෑ.....
තවත් කතාව දිග්ගැස්සුනොතින් මටමයි ගිනි පූටකේ තව තව පිච්චෙන්ඩ වෙන්නෙ ....
ගෙදරින් පුරවන් ආව ලීටරේ උස ප්ලාස්ටික් ස්ප්‍රයිට් බෝතලේ අතට ගත්තු මං තිබුන තිබහවත් එක්ජ එක හුස්මට වතුර උගුරු හත අටක්ම බීලා ආයමත් කලු ගල් අදින්න ගත්තා ...අත් දෙක නෑ වගෙ එක ගලක් දෙකක්ද....කීයක් කියලා නම් දැන් ගල් ඇද්දද ....
මගෙ අත් දෙක දිහා බලපු මට ඉස්කෝලේ මතක් උනා....මගෙ පන්තිය මතක් උනා..දිය උන යුනිෆෝම් එක ඇදන් හරි ඉස්කෝලේ ගියානෙ කියලා හිතුනා .....මේ අත්වලට උරුම බර අදින්ඩ මිසක් පොත් පත් අල්ලන්ඩ නෙවෙ .....
දියපට්ටා ඇවිදින් ඒවම ගල් වලට පොඩි වෙලා පුපුරලා ගිහින් දැවිල්ල ගත්තා උනත් හිතෙ තියන දැවිල්ල ඊට වඩා වැඩි උන හන්දා මං ඒ වේදනාවෙම්ම කලු ගල් ඇදගන ඇදගන ගිහින් ගිහින් ඕනයි කියන තැන්වලට කොන්ක්‍රීටුත් ඇද්දා...
මට හති...නිකන් නෙවෙ බලු හති ...මුලු පිටම අවු පූටකේට පිච්චිලා පිච්චිලා දැවිල්ල ගන්නකොට මං කලු ගල් ඇදලා කොක්‍රීට් ඇදලා අවසානෙදි ඉනට අත් දෙක තියන් හති ඇරියා .....
ඇසල...කොලුවො.....
ගුනෙ මාමෙ...
.තව ගල් දෙකතුනක් ඇදලා ගෙදර පලයන් .....ගිහින් කාලා වරෙන්....
මං අත් දෙකට කටින් පිම්බා ....ඒතරම් දැවිල්ලයි .....යකඩ බාල්දියෙන් කොන්ක්‍රීට් ඇදලම ඇගිලි නවන්න බැරි තරම් කැක්කුමයි .....තව ගල් දෙකක් තුනක් ඇදලා ගිහින් කාලා වරෙන් කියපු ගුනේ මාමා කටෙ තිබුන චප්පෙ අනිත් හක්කට මාරු කරන ගමන් කතා කරනකොට මං බලාගන උන්දගෙ කටේ එක පැත්තකින් බුලත් කෙල වැක්කෙරුනා.....
මහන්සී..අනෙ...අම්මේහ්...
මං දන්නෙ නෑ.මං අර ඉතිරි ගල් දෙක තුන කොහොම නම් ඇද්දද කියලා ...ගුරුපාරෙන් පාලු වත්‍ත මැදින් ආවට වඩා මං ගෙදරට දිව්වා....
අයියෙ.....
වැටකඩුල්ල පනිනවත් එක්කම උදේ ගවුම ඇදන් දැන් ආයම නාවර කෙල්ල් වගේ ජංගි කොටේකට බැහන් උන්න සුද්දියා මං එන මගට දුවන් ආවා
අම්මා කෝ සුද්දි...
වලව්වට ගියා ගියාමයි තාම නෑනෙ....
ඇයි අම්මා උඹව තනියෙන් දාලා ගියේ.
අප්පච්චි උන්නනෙ....
දැන් කෝ අප්පච්චි
පොට් එකට යන්ඩ ඇති.....
මං ආව ගමන්ම.උඩ බෙලි අතට පිලේ වැටිලා නිදාගත්තා....පුපුරු ගහන අත් දෙක කැඩෙන්න එනකොට සුද්දියා අප්පච්චි පොට් එකට යන්න ඇති කියනකොට මට ඉබේම හුස්මක් පිට උනා...
අයියෙ....
ම්ම්....
දැවිල්ලයිද...
ම්ම්ම්...
පිඹින්නද...අයියා පව්....අප්පච්චි නම් මහ නරකයෙක්....අනිත් දවසෙ කියන්ඩ ඕනෙ මේ ඇඩියව අරගන අපිට වෙන ඇඩියෙක්ව වත් දෙන්ඩ කියලා ....කොහෙද ...මට අම්මා උඹව බලන්ඩ එන්ඩ දුන්නෙ නෑනෙ යක්කු ගස් නගින වෙලේ තනිකන්දෝසෙ ගහයි කිව්වනෙ.....ඉතින් කන් දෙකෙක් එකකට විතරනෙ දෝසෙ ගහන්නෙ එහෙම් පිටිම්ම එක කනක් ඉතිරියිනෙ අයියෙ....ඈ බන්....
මං ඇස් පියාගත්තා ....සුද්දියා මොන බහුභූත කියනවද කියන්න දන්නෙ ඒකි විතරක්ම වෙනකොට බාගෙට මැරිලා උන්න මට අත් දෙකම දිගෑරන් ඇස් පියාගත්තා ....
උඹ කොහෙද ඔය යන්ඩ යන්නෙ අයියෙ....
මූනකට හෝදන් එන්ඩ මෙහෙම කන්ඩ පුලුවන්ද ඇගපුරාම සිමෙන්ති ....අත් දෙක පුපුරු ගහනවා....
අමන් නැගිට්ටා ....ඒකි දුකෙන් වගේ මා දිහා බලන් උන්නා.....අර කරාබු දෙක වෙනුවට ආයම කරපිංචා නැට්ටක් කන් සිදුරු වල තනි රකිනකොට අම්මත් තවම නැති එකේ ඇගපතේ මහන්සිය යන්නත් එක්ක මං මූනකට හෝදගන්න නැගිට්ටා.
සුද්දි වතුර ඉවරද ....
.වතුර බූලියම හිස් වෙලා.....ගහන ටැප් එකේ ලෙදර් එක ගෙවිලා ලෙදර් එකක් දාගන්න බැරිව මේ දවස් ටිකේම ඉරුගල්බන්ඩාර වලව්වෙ ඉදන් බූලි වලට වතුර පුරවන් ගෙදරට ඇද්දා.....
නිල්පාට බැරල් එකේ එක වතුර එක බින්දුවක් නෑ....එක අතකට හරිනෙ....සුද්දියව නෑව්වෙ මේ වතුරෙන් නේ...
.සුද්දි ගෙනෙන් ඔය පනිට්ටුව...මුනකට හෝදන් වතුර පනිට්ටුවක් අරගන එන්ඩ...අම්මා මක්ක කරනවද තාමත් ..උදේ ගිය පිම්ම නේද සුද්දි ඔය
ඔව්....
උඹ පොල් ටිකක් වත් ගෑවෙ නැද්ද සුද්දි....
ගෑවා..බතුත් ඉව්වා...පරිප්පුත් ඉව්වා.....
හ්ම්ම්ම්ම්ම්....
මං සුද්දියා කට එහා මෙහා කර කර බත් උයලා පරිප්පු ඉව්වා කියනකොට මොකුත් නොකියම එන්න හැරුනා
අයියෙ
තැනින් තැන මලකඩ කාපු යකඩ පනිට්ටුවත් අරන් ඇදන් උන්න්ස් බාච්චු බැනියමත් ගලවගන කරේ දාගන උන්න මට කුසිය පහු කරන්ඩ උනේ නෑ සුද්දියා ආපහු කෑගැහුවා....
මොකද....
මාත් එන්ඩද.....උඹට තනියෙන් බෑනෙ.. ඇරත්....මං දන්නවා....ලිදට යන පාරෙ සීනි පේර හැදිලා තියනවා
උඹ මගෙන් කනපලාගන්නෙ නැතුව ගෙදර ඉන්නවද මේ මද්දහනෙ මූකලාන් අස්සෙ ලගින්ඩ යන්නෙ....
ඉතින්...උඹත් ඉන්නවනෙ....ම....හා හා...ඉතින් මං ඉන්නම්....
මං එන්න ආවා.....තව තව දේවල් දහයක් කියන්න හදපු සුද්දි දිහා එක පාරයි රවලා බැලුවෙ ඒකි ආපිට ඒකිගෙ කටේ සද්දෙ මූඩිය ඇරපු සෝඩා බෝතලේ වගෙ ඒකිගෙ ඔක්කොම ගෑස් බැස්සා ...මා එක්ක එන්න ආපු ගෑනි ලමිස්සි කම නොබලා අර ඇදන් උන්න තැනින් තැන පාට පිච්චුන චීත්ත ගවුමත් උස්සන් පිලිකන්නෙන් පැන පැන වගේ ගෙට දිව්වා ....
පොල් අතු වැටිලා.....
මී කෝම්බා කෝටියයි...අතරින් පතර පොල් ගෙඩියක් දෙකක් අනිවාර්යයෙන්ම ඇති....ඒත් කියන්න බෑ...මෙහෙ ගෙඩි වැටුනත් බිබික්කමයි මහ උන් දෙන්නයි වැටෙන සද්දෙ පවා ගනන් කරන් ඉන්නවා ඇති ඇයි ඉතින් දැන් පොල් ගෙඩියක් කීයද....බිබික්ක්මා නම් වැටෙන ගාන පොතකවත් ලියනවා ඇති....
පොල් ගෙඩියක් දෙකක් හොයන්ඩ් කලින් අතේ තිබුන පනිට්‍ටුව බිම තියපු මං ඈත පේන ඉරුගල්බන්ඩාර වලව්වට එබිකම් කෙරුවා ....
අම්මා එනවා.....
හිස් අතින්....වෙනදට ගේන ඉතුරු බත් මුලනැ....අඩුම ගානෙ අද දංකුඩවත් නැද්ද කොහෙද ...
පොල් හොයන්ඩ ගියපු මං බිම බලාගන ඕනාවට එපාවට වගෙ ගල්මුල් වල හැප්පි හැප්පි එන අම්මා දිහා බලන් ඉදලා පොල් හොයන්ඩ නොයා අම්මා දිහාවට ගියා
ආ...ආ...අම්මා..බලාගන උඹලා වැටෙන්ඩද හදන්නෙ උඩ බලාගන ඇවිල්ලා
ඕනාවට එපාවට වගේ ආව අම්මව මුලක හැප්පිලා වැටෙන්ඩ යනවත් එක්කම මං අම්මව අල්ලගත්තා ....සමහර විට මම ඒ අල්ලපු පාරට මගෙ ගොරහැඩි අත් අම්මගෙ කෙට්ටු අත් රිදවන්ඩත් ඇති....
අම්මා...
....
අම්මා....ඇයි මේ ..
අම්ම නිකන් හොල්මනක් දැකලා වගෙ.....අරන් ගියපු වෙලාපත්කඩේ නෑ...අම්ම උන්නෙ හිස් අතින්....ඇස් දෙකටම නයි මිරිස් අතුල්ලලා වගේ....ගිනිරතු ගහලා....
අම්මා....ඇයි බන් කතා කරපල්ලකො....උඹලට මක්ක වෙලාද...
ඇ...සල.....
ඇයි අම්මා මේ.....මොකද.....ලොකු හාමු මක්කද කිව්වෙ...උඹට බැන්නද?
...
එහෙනම්..බේබි හාමු.....ලොකු මැනිකෙ....ඇයි දෙයියනේ කියපල්ලකො මගෙ පපුව අවුලවන්නෙ නැතුව...
මං අම්මගෙ කේඩෑරි අත් ගොබවලින් අල්ලන් හෙලෙව්වා අහන එකකටවත් උත්තර නොදුන්න අම්මා මගෙ දිහා බලාගන උන්නා....ඒ එක්කම ඇස්වලින් තවත් වේදනාවෙ ලෝදිය පෝලිමක් ඒ ඇස්වලින් කඩාගන වැටුනා..අඩුම ගානෙ අර ගිලා බැහැපු කම්මුලක් වත් තෙමන්න ඉඩක් නොතියම....
බේබි හාමුගෙ...අපලෙට.....හරියන්ඩ ....උඹව....දීගෙ අරන්....යන්...ඩ ...හදනවා...
අම්මා...අම්මා.....!!!!
🌼ආයම එන්නාම්...
හැමෝම.පරිස්සමින් ඉන්න...ආදරෙයි.....
මම ජොබි
Nedeesha !