LightReader

Chapter 12 - 12

මො...මොකක්.....මොනවද අම්මෙ මේ උඹ දොඩවන්නෙ....බ්..බේබි හාමුට.....උඹ මරු කියවනවද??

මං අම්මව අත් දෙකෙම්ම අල්ලන් හෙලෙව්වා ..... අම්මා කිව්වෙ බේබි හාමුගෙ අපලෙ ගෙවෙන්න මාව දිගේට අරන් යන්න හදනවා කියලා වෙනකොට මට එකපාරම කරන්න ඕන දේ හිතන්න බැරි උනා....උදේ ඉදන් ගල් ඇදාල කොන්ක්‍රීට් ඇදලා මැරිලා මැරිලා ආව මට මෙතනම පන නැති උනා.....

අඩන එක පැත්තකින් තියලා මට වෙච්ච කෙරිච්ච දේ කියලා හිටින්කො...මහ කුමාරි හාමියි මහ හාමුයි මක්කද කිව්වෙ.....මොන කෙන්ගෙඩියටද මගෙ වෙලාපත්කඩේ ගෙනිච්චෙ....කියපල්ලකො....නැහිළා නැහිලා එන මට සැනසීමක් දියන් අපේ අම්මා....කියපන්කො.....

අම්මා අඩනවා...මෙතනින් එහා නම් අම්මගෙ කටින් වචනයක් ගන්නවට වඩා ගලෙන් පට්ටයක් ගන්න එක ලේසි වෙන හන්දම මං වතුර ගන්න ආව පනිට්ටුවත් දාලා කරේ දාන් උන්න දාඩියෙන් පෙගුන බැනියම් කඩමාල්ලත් ආපිට ඇදගත්තු මං සෙරෙප්පුත් නැතිව වලව්වට දිව්වා ....හුස්මක් කටක් නොගෙනම මං කෙලිම්ම බේබි හාමු හොයන් දිව්වා .....මොකක්ද මේ හරුපෙ කියලා අහන්න....

ඇසල....

ආව වේගෙට මගෙ නිරුවත් කකුල් වලට පෑගුන ....තිරිවානාකැට වගෙ කහ ගල් පෑගෙන ලොකු ඇට වැල්ල තියන වැලි පොලව චරස් බරස් ගගා මහ සද්දෙන් අඩන්න තියා ගන්නකොට කවුරු හරි මගෙ නම කියලා මට කතා කෙරුවා ....කතා කෙරිල්ලකටත් වඩා තනිකරම අනක් ඒක...නැවතියන් නොකියා නැවැත්තුව වගෙ...

ධර්මේන්ද්‍රන් හාමු....ඔව්....ඒ වෙන කවුරුත් නෙවෙ ධර්මේන්ද්‍රන් ලොකු හාමු....අත් කොට කපු යට බැනියමයි තනි සුදු සරමයි ඇදන් ඉන වටට කලු පටියකුත් බැදගන වටපිටාවෙ වෙන දේවල් ගැන සෝදිසියෙන් ඉදපු ලොකු හාමු....

ලොකු හාමු ....

මෙහාට ආව නම්.....

....

ඇසල කොහෙද මේ ගාලකඩාගත්තු එකා වගෙ දුවන්නෙ කිව්වා නම්...

මං පහු බෑවා....ආව වේගෙ ඩිංගක් අඩුකරපු මං අත් දෙක පිටිපස්සට බැදගන මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉන්න ධර්මේන්ද්‍රන් හාමු ගාවට හෙමින් හෙමින් යනකොට මං බලාගන හාමු මගෙ හිගන ස්වරූපෙ දිහා ඇස් හීනි කරලා බලාගන උන්නා....

බාල්දි බාල්දි පුරවලා කොක්‍රීට් ඇදපු මගෙ කකුල් පුරාවටම සිමෙන්ති තිත් තිබුනා ..කලු ගල් ඇදලා ඇදලම කලුගල් කුඩු අත් පුරාවටම තිබුනා ගිනි පූටක අව්වට කරවෙලා කරවෙලා මගෙ මූන දැන් හාමුටත් වඩා වයස පාට ගහල තියන හැටි ධර්මේන්ද්‍රන් හාමු බලාගන උන්නා....

ඇසල කාරනාව කිව්වා නම්....

කාරනාව ...මොකක්ද ලොකු හාමු මේ අම්මා කියාපු හරුපෙ .....ඉන්ධර් හාමුගෙ අපල යවන්ඩ

නන්දා කිව්වා නම්....ඉතින් හරි.....

ලොකු හාමු.....

බේබි හාමු එක්ක දිගෙට එන්ඩ ලෑස්ති වෙයන්....

ධර්මේන්ද්‍රන් හාමු..... !

තොට මක්ක වෙලාද බොල කෑගහන්නෙ....

මට කෑ ගැස්සුනා ..ලොකු හාමු ගානක් නැතුවම බේබි හාමු එක්ක දීගෙට යන්ඩ ලෑස්තිවෙයන් කියනකොට අනුන්ගෙ අපලෙකට මාව හපයක් වෙන්ඩ්ස් යන බව දැනුන මට කෑ ගැස්සුනා .දුප්පත් දුප්පත් කියලා මෙච්චර තලන්ඩ....අපිත් මිනිස්සු හාමුලාගෙ ඉදුල් කෑවට ඉදුල් හේදුවට තානාන්තර පැත්ත්ක දැම්මම හමුලාට තියන සර්වාංගෙමයි අපිට තියෙන්නෙ....

...සමාවෙන්න ලොකු හාමු....ඒත් මේකට මට කැමති වෙන්ඩ නම් බෑ අපෙ හාමු.....

.....

මේ බලාපල්ලා අපෙ හාමු....මගෙ අත් දෙක ...අප්පෙක් ඉදලත් මං මෙ අත්වලින් අදින්නෙ ගෙදර පවුල් බර අපෙ හාමු....හය අවුරුද්දක් බීපු කිරිවල ණය මට මෙහෙමවත් ගෙවන්ඩ දීපල්ලා අපෙ හාමු.....අප්පෙක් උන්නට වැඩක් නෑ.....සුද්දි ලමිස්සියක්....ඉස්කෝලේ ගමන පව නවත්තලා මං මේ අවුපූටකේ මේ තරම් මන් මැරෙන්නෙ උන් හන්දා ලොකු හාමු....

උන් දෙන්නගෙ බඩගෝස්තරේ රකින එකා මං වෙච්චහම මං බේබි හාමු එක්ක දීග ගියහම උන්ට මොකක්ද වෙන්නෙ ලොකු හාමු.....උන්ට කවුදැයි කන්ඩ දෙන්නෙ.....?අපලයක් කියල දීගෙට අරගන ආපලෙ ගෙවුනම හපෙ වගේ විසිකරලා දැම්මම....

මට මෙතනින් එහා කියවන්න බැරි උනා.....ලොකු හාමු උනත් මං හයියෙන් උනත් කියවන්නෙ හරි වේදනාවකින් වගේම සැර උනෝතින් තැනේ හැටියට ඇනෙ ගහගන්ඩ බැරි වෙන හන්ද කට පියාගන උන්නා ....

මන් යන්න හැරුනා ....මං ආපිට යන්ඩ හැරුනා මොකද කිව්වයි කියලා තේරුමකුත් නෑ.....එලිබැහැලා යන්න තැනකුත් නෑ....වැටිලා ඉන්න තියන එකම තැන මේක විතරක් වෙනකොට යන්න තැනක් නැතිම කම මාව පුදුම විදිහට අසරන කෙරුවා ....

ඇසල ඔහොම නැවතුනානම්

ලොකු හාමු....

උඹලගෙ හැම නයක්ම පියෙව්වා ...කුඹුරු කෑල්ලත් ආපිට දුන්නා .....ඉන්ධර් හාමු ඇවිත් ඔය ගෙදර අඩුපාඩු බලයි....වතුර ටික වත් නෑනෙ උඹලට....කුප්පි ලාම්පු එලියෙන් ඉන්නෙත්....අනික කෙල්ල ලමිස්සි.....උන් කැමතිද හැමදාම ලාම්පු එලියෙන් ඉන්ඩ...අනික ...නන්දා ඔය අඩාගන දිව්වට.....නන්දා බහ දීලයි ගියේ.....ඇරත් රත්නපාලයට බිබි ඇවිදින වෙලේ බැරිද ඔය කුඹුර කොරන් යන්ඩ .....?

ධර්මේන්ද්‍රන් හාමු වෙලාව එනකන් ඉදලා මගෙ දුර්වලම තැනට ගැහුවා ....කුඹුරු කෑල්ල ආපිට දුන්නා කියන්නෙම හාමුලා දන්නවා අසරන අපි නැවෙනවා කියලා ...

මන් ඔහේ උන්නා ...ආපිට එපා කියන්න කට හයිය උනත් හැමනයක්ම පියෙව්වා කියපු එකම මගෙ කට ගොලු කරලා දැම්මා විතරක් නෙවෙ...අම්මා මේ වෙනකොට මාව විකුනලා තිබ්බා.....

හැම නයක්ම පියවල කුඹුරු කෑල්ල ආපිට ගන්ඩ අසරන මාව ඉන්ධර් හාමුට විකුනලා තිබුනා...

අප්පච්චි .....

ඉන්ධර් .....

මට ඇසල එක්ක වචනයක් දෙකක් කතා කරන්ඩ.දුන්නා නම්...

හ්ම්.....කැමැත්තක් ....කියාපන් තපුල්ල තපුල්ල දුවන්ඩ තියාගන්ඩ එපාය කියලා මොකාට ගෙනාවා උනත් දීගෙ යන්නෙ වලව්වෙන් නම් ඒ ඉන්න විදි තියනවා.....ඇහුනනෙ ඇසලට.....

මං දත් කූරු හපාගන උන්නා...ධර්මේන්ද්‍රන් හාමුගෙ වචන එක්ක අසරන උනත් ඉන්ධර් හාමුගෙ වචන ඇහෙනවත් එක්කම මට ආයම ඌරු කේන්ති නැග්ගා ....වෙනමොකටවත් නෙවෙ .....පුංචි ගල් ඔබ්බපු රත්තරන් ගාපු අරුංගල් දෙකක් වෙනුවට රත්තරන් ගුලි දෙකක් එක්ක සුද්දියට ගවුමක් අරන් දෙන්න මේකත් එක හේතුවක් වෙන්න ඇති....ලගකදි හිටිගමන් ඉන්ධර් හාමුගෙන් වෙස්සන්තර ගතිඑලියට පනින්න මේකත් හේතුවක් වෙන්න ඇති කියන්න මගෙ හිතට එක දිගට එක දිගට එක එක දේවල් ගලාගන එනකොට ධර්මේන්ද්‍රන් හාමු ඉන්න තැනම මම ඉන්ධර් හාමුට දොස් තිබ්බා ...මාව දඩු කදෙ ගැහුවත් කරියක් නෑය කියලා මන් බේබි හාමුට දොස් තිබ්බා .

එහෙනම් බේබි හාමු උඹගෙ සත්ව කරුනාවට හේතුව මේකයි...අරුංගල් දෙකක ගාන ඇහුවම අපිටත් වඩා බර අරුංගලයක් ගෙනත් දෙන්ඩ හේතුව මේකද බේබි හාමු.....

ඇසල....!

කාරි නෑ අප්පච්චි ....ඔය කියෙව්ව දෙන්...කාරි නෑ...

මගෙ ඇස් වලට කදුලු පිරුනා ..දුන්න ඇදුමක් ඇදුමක් ගානෙම පින් දීපු මන්..කාපු බත් කටක් ගානෙම බේබි හාමුට පින් දීපු මට ඇඩුනා.....මම මෝඩයා වෙලා.....අපලයක් ගෙවාගන්ඩ අපලෙ ගෙවුනම හපයක් වගේ විසිවෙලා යන්ඩයි මේ හැමදේම කරලා තියෙන්නෙ කියලා දැනුනම මට ඉන්ධර් හාමුගෙ කන රත් වෙන්ඩ ගහගන්ඩ හිතුනා උනත් මේ හතර දිග්බාගෙම ඉරුගල්බන්ඩාර ආධිපත්‍යට යට උන කොටහක් වෙනකොට පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් නොවටින මම මොනවා කරන්නද...

ඇසල

මං මේ කටයුත්තට කැමති නෑ ඉන්ධර් හාමු....මං මේ කටයුත්තට ඩිංගක් වත් මනාප නෑ හාමු...අපි උඹලගෙ ඉදුල් කනවා...ඉදුල් හෝදනවා ඇති.....ඒත් එහෙමයි කියලා උඹලගෙ අපලවලට ඇයි හාමු අසරන අපිවම ගන්නෙ...අතපල්ලෙන් වැටුන උනත් අපිත් මිනිස්සු හාමු.....දුක් වින්දත් අපිටත් නම්බුවක් තියනවනෙ හාමු....

මොකක්ද බොල තොපේ නම්බුව.....

අප්පච්චි ..හෙමින්

ආ බොල...කියාපිය බලන්ඩ.....මහ එකා අරක්කු ගුබ්බෑයම් වල රිංගන එකද තොපෙ නම්බුව.....නම්බුව....කතා කරන්ඩ එනවා නම්බුවක් ගැන....බඩ පොත්ත පිටපොත්තට ඇලිලා....ඒ උනාට තොගෙ උඩගුව නම්.....

මං බිම බලාගත්තා ...මට කතා කරන්නවත් නම්බුවක් මගෙම අප්පච්චි ඉතිරි කරලා නැතිවෙනකොට මන් බිම බලාගත්තා ....සිමෙන්ති ලප පිරුන කකුල් දෙක උඩට උනුම උනු කදුලු වැටෙනකොට මං කදුලු පිටිම්ම ඉන්ධර් හාමු දිහා බැලුවා.....

ඉන්ධර් හාමු....මං මේ කටයුත්තට කැමති නෑ...දැන්ම...මෙ දැන්ම මං අරුංගල් ජෝඩුව ගෙනත් දෙන්නම්...

ඉන්ධර් හාමුත් ධර්මේන්ද්‍රන් හාමුත් මා දිහා බලාගන උන්නා මිසක්කා.හා කිව්වෙ වත් නෑ....හැබැයි ඉන්ධර් හාමුගෙ ඇස් මට නවතින්න කිව්වෙත් නෑ...මං දිව්වා ...ආපිටම ගෙදර දිව්වා ...

ඇසල.....

අයියෙ...

ඇසල මොනවද උඹ ඔය හොයන්නෙ ඇසල....

වලව්වෙ ඉදන් ගෙදරට එනකම්ම එකම පිම්මට දුවන් ආව මගෙ පපුව ගැගෙන්න ගත්තා.....මම එනකොටත් අම්මා පිල්කඩේ උඩ ඉදන් බලාගත්තු අත බලාගන ඉන්නකොට මේ මොකුත් නොදන්න සුද්දි බට්ට පනින ගමන් උන්නා...ඒකිව නෑව්වෙ අද....ඒත් දවසක් ගෙවෙන්ඩ හම්බුන් නෑ උඩපනිනවා...ඒත් මෙවෙලෙ ඔව්වට් මොකුත් කියන්ඩ අම්මටවත් සිහිකල්පනාවක් කොහෙද .....

කකුලෙන් ඇදපු ප්ලේන් බට්ටා කොටුවකුයි කොටු අටේ බට්ටා කොටුවකුයි තියන් ඒකි බිදුන වලන් කෑල්ලකින් අටේ බට්ට කොටුව පනිනවා....නාවලා අන්දවපු සූරියකාන්ත මල් වැටුන සුදු ගවුම වැලේ වනලා තියනකොට මං කෙලිම්ම පෙට්ටගම හොයන් දිව්වා ...

අම්මෙ.....

අම්මෙ.....කෝ...කෝ...මේක...

ඇසල...මොකක්ද මොක්කද පුතේ උඹ හොයන්නෙ.....මොකක්ද උඹ හොයන්නෙ....

මං මුලු පෙට්ටගමම කනපිට ගැහුවා .....ඒත් නෑ...ඒත් නෑ....අම්මා අහනවා මොකක්ද උඹ හොයන්නෙ කියලා.....ඒත් මට කියාගන්න පනක් නෑ.....අරුංගල් දෙක...අම්මෙ අරුංගල් දෙක කියන්ඩ පනක් නෑ...අම්මගෙ කලු පාට සාය පුරාවටම තුතිරි ඇලිලා....පෙට්ටගමෙ තිබුන කපුරු බෝල සීසීකඩ යනකොට අරුංගල් දෙක ආයම කවදාවත් අපිට අතගාන්නවත් ලැබෙන්නෙ නැති බව අවසානම තත්පරේදි දැනුන මං පුපුරලා ගියපු සිමෙන්ති පොලවෙ ඇදගන වැටුනා....

ඇසල...

පුතේ ...අනෙ ඇසල....

අරුංගල්...දෙක....කෝ.....අම්මෙ.....

මට එච්චරයි අහන්න පුලුවන් උනේ ....අතටත් බර දැනුන අරුංගල් දෙක අප්පච්චි දැනටමත් හොරකන් කරන් ගිහින් කියන එක ආයම අමුතුවෙන් අහන්න හොයන්න දෙයක් නැති උනත් මං අම්මගෙන් අරුංගල් දෙක්ස් කෝ අහනකොට අම්මා තුත්තිරි ඇමුනන සාය දිහා බලාගන උන්නා...

මං වයලටාගෙ ගුබ්බෑයමටත් ගියා.....උඹලගෙ අප්පච්චි ...බබක්කගෙන් ....නයට බීපුවට සල්ලි ගෙවලා....තවත් බෝතලයක් ...අරගනත් ගිහින්ලු ....

මගෙ පපුව පැලෙන්ඩ ආවා.....උගස් තිබ්බා නම්....විකුනුවා නම්..ඇයි යකො නයට බේරලා ගෙදර උන්ට කන්ඩ කියලා පාන් නහට්ටක් වත් ගෙනත් දාපන්කො.....ඒත් නෑ .ඒත් නෑ...දවසයි හොදට උන්නෙ මේක නම් අපේ කරුමේ...මේක නම්...අපේම කරුමේ....

දැන් ඉතින් ඔය මිනිහා ආයම මාසෙකටවත් ගෙදර එන එකක් නෑ ඇසල....

අම්මා....කියවනවා.....අම්මා කියවනවට වඩා හූල්ලනවා. ....කලු ගැහුන මුදුන් ලීය දිහා බලාගන උන්න මගෙ ඇස් කොන්වලින් කදුලු පෙරුනා....මට කරන්න දෙයක් ඇත්තෙ නෑ.....අකමැති උනෝතින් මෙතනිනුත් ගහලා එලවාවි.....අරුංගල් දෙක තිබුනා නම් ඒක දීලා වත් බේරෙන්ඩ තිබුනා.....

පුතේ. ...

කාරි...නෑ..අම්මෙ.....උඹලට මට...මේ දුක උරුමයි...අප්පච්චි ...නැතා...උඹලා...අපි....ජීවත් වෙන්ඩ ඕනනෙ....හපයක් කරලා එලියට දැම්මත් කමක් නෑ.....මං....ඉන්ධර් හාමුට...බහ දෙන්නම්.....ඇරත් ...උඹත් එහෙදිම මාව දෙන්ඩ තීන්දු කරන්නෙ ඇවිදින් තියෙන්නෙ.....මං උඹලට බනින්නෙ නෑ අම්මෙ.....මං තරහත් නෑ....මං තරහා මා එක්ක ...

මං හරි අමාරුවෙන් වචන පටලවගත්තා .....ගෙදර තියන සබ්බ සකලමනාවම ගිනි වතුරට පූජා කර කර බොන බේබදු අප්පෙක්ගෙන් මීටත් වඩා දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැරි වෙද්දි මං අවසානෙදි මගෙ ගාව ඉදන් පුපුරුගහන ලෙලි ගියපු අත් දෙක අත ගගා පුතේ කියන ගමන් දුක කියන්ඩ හදනකොටම මං ඉස්සර උනා.....

හත් දෙයියනේ මේ අපේ බේබි හාමුනෙ....

අයියා ගෙට දිව්වා...අම්මත් ගෙයි...

හාමු එනවද බට්ට පනින්ඩ....

මේ ගිනි මද්දහනෙ කොහෙද බේබි හාමු මෙ යන්නෙ....

..බේබි හාමු...මෙන් මේ වලන්කට්ටෙන් පනින්ඩ ....

මං අම්මා දිහා බෙල්ල හරවලා බැලුවා....සුද්දියගෙ කටහඩ...මෙච්චර වෙලාම බට්ට පැන පැන උන්න සුද්දියා කාට හරි කියවනවා...මුලින් මුලින් කා එක්කද කතා කරන්නෙ කියලා හොයන්න බැරි උනත් පහු පහුවෙනකොටයි මට හරියටම ඇහුනෙ .....ඉන්ධර් හාමු...ඉන්ධර් හාමු මෙහෙ ඇවිදින්....

මං නැගිට්ටා ..නෑ...මාව එක පාරම නැගිට්ටෙව්නා...සුද්දියා කතා කරන්නෙ බේබි හාමු එක්ක....මට දැන් බේබි හාමු කියන නම ඇහෙනකොටත් තරහයි ....

ගිහින් බලපන් ඇසල ...අපි හැමෝම කබලෙනුත් ලිපට වැටිලා අහවර එකෙ මීට වඩා මොනවා කරන්නද පුතේ...පොල් අතුපැලක් වත් අටවන් ඉන්ඩ තැනක් අපිට නෑ...

මං නැගිට්ටා.... අඩලා අඩලා රතු උන ඇස් දෙක පිට අල්ලෙන් පිහදගත්තු මං තැනින් තැන පැල්ලම් මතු උන කන්නාඩි කෑල්ලෙන් මගෙ මූන දිහා බලන් උන්න....අවුරුදු දහනවයක් උනත් විදින දුකටද මන්දා මාව වයසට ගිහින් තිබුනා .....අව්පූටකේට කරවෙලා ....කරවෙලා ..මූනට අතුල්ලන සබන් පොත්ත ඇරුනම ක්‍රීම් බිදක් වත් නැති මුන කරන්ගැට්ටි වෙලා තිබුනා

තවත් කදුලු බිදුවක් ඉනුවා ...හිතට දැනෙන අසරන කම කොයි තරම්ද කියනවා නම් වෙලාවකට පපුව පැලෙයි කියලා හිතුනා .....

බේබි හාමු....බේබි හාමුත් මෙව්වා පැනලා තියනවද ...

මොකද නැත්තෙ .

මං හිමීටම ජනෙල් හිඩැසෙන් එබිලා බැලුවා ....මෙච්චර ලොකු ගින්දරක් මට දීලා බිබික්කම සුද්දියා එක්ක බට්ට පනිනවා ....

බේබි හාමු....

මං එලියට ආවා ....අරුංගලෙත් නෑ මොකුත් නෑ.....දෙවනි කොටුවෙ තිබුන වලන් කට්ට හාමුගෙ සුදුම සුදු කකුලෙන් තල්ලු වෙලාගියපු පාරට නැවතුනෙ හතරවෙනි කොටුවෙ වෙනකොට ඉන්ධර් හාමු මගෙ දිහා බැලුවා ...

එක තත්පරයයි....සුද්දියා ගාව වෙන චරිතයක් රගපාපු ඉන්ධර් හාමු මාව දැක්කා විතරයි අර පරන නපුරම වෙනකොට අත් දෙකත් පිටිපස්සට බැදන් හෙමින් ගෙමින් ගහන ලිද ලගට ගිහින් හිටගත්තා

නන්දා..

බේබි හාමු...

ඔය සුද්දි ලව්වා ලියාපන් ගෙදර අඩුපාඩු අඩුම කුඩුම ටික.....මේන් මේකට ලෙදර් එකක් දම්මන්ඩ ඕන...උඹලා අච්චර අහරෙ ඉදන් හරක් වගෙ වතුර අදිනවා ...

ඉන්ධර් හාමු....

ඇසලට දැන් හොයන්ඩ ආව එක හම්බ උනාද ම්ම්ම්...

මන් බිම බලාගත්තා ....පුරුදු තද කටහඩිම්ම හොයන්ඩ ආව එක හම්බ උනාද අහනකොට මං ඔලුව පහත් කරගන උන්නා මං මොනවා කියලා නම් කියන්ඩද...

ඇසල ඔලුව ඉස්සුවා නම් ....ඩිංගක් කතාකරගන්ඩ තියනවා....

ඉන්ධර් හාමු.. ..ඇයි බේබි හාමු අහිංසක දුප්පත් මාවම බිල්ලට ගත්තෙ.....මං ගියහම මුන් බඩගින්නෙනෙ හාමු...යන එනමන් නැති අපි දිහාම බලල රිදෙන තැනටම ඇනෙ ගැහුවෙ ඇයි හාමු...

........

මං ලෙදර් එක් ගෙවුන නලලිදේ ලී පොල්ල දිහා බලාගන උන්නා .වතුර එනකම්ම ගහලා ගහලා අවසානෙදි ලෙදර් එක ගෙවිලා ගියත් හරි.....නල ලිදට මකුනුදැල් බැන්දා....මටත් කවදා හරිවෙන්නෙ මේටික....හාමුගෙ නරක කාලෙ ඉවර උනත් එක්කම මට වෙන්නෙ එලි බහින්ඩ....

ඉන්ධර් හාමු...

ඇසල අඩන්න තියාගෙන්නෙ ඇයි...මං නරකක් කරන්නෙ නෑනෙ....ම්ම්

එහෙම නෙවෙ හාමු...

මාත් එක්ක කතා කරන ගමන්ම ඉන්ධර් හාමු හිමින් හිමින් වත්ත පහලට බඩගාන්න ගත්තා . ....ඉරුගල්බන්ඩාර වලව් වත්තෙ නැති මගුලක් නැති වෙනකොට ඉන්ධර් හාමු යන පස්සෙම්ම මාත් හිමීට හිමීට කටු තියනවද බල බල ඒ පස්සෙ ඇදුනා.... .

එහෙනම් කොහොමද ඇසල...

ඉන්ධර් හාමු මාව ඉල්ලන්නෙ අපලෙ ගෙවා ගන්ඩ ...මං ගියහම අම්මා සුද්දි පව් හාමු...

ඒ කියන්නෙ ඇසලට තියන ප්‍රශ්නෙ ඒකයි.....

මදෙ රතු වෙන පේර ගහෙ ගෙඩි පැහිලා තිබුනා...ගස් ගල් ගානෙ ඔට්ටු වෙනවා මිසක්කා ගඩා ගෙඩියක් කාලා කොල්ලො.කුරුට්ටො එක්ක රස්තියාදුවෙ යන්න ඕන කාලෙ ඒ හැම දේම නැති මට පේර ගහ මග ඇරිලා තිබුනා.....

හොදටම ඉදුන් නැති...ලා කොලපාට ගැහුන පේර පොකුරු ඔක්කොම පැහිලා තිබුනා....අනේ අපරාදෙ කියන්ඩ බෑ.....ගහේ කොලවලට වඩා ගෙඩි නම් හැදිලා තියනකොට මන් බලාගන ඉන්ධර් හාමු පේර ගෙඩියක් කඩාගන අතින් පිහදගත්තා...පිහදන් කෑල්ලක් හපා ගත්තා ...

බිබික්කමට දැන් පේර තමයි ගිලින්ඩ වෙලා තියෙන්නෙ...මං මෙහෙ හිතේ ගින්දරින් පිච්චෙනවා...බිබික්ම පේරගිලිනවා.....මාව ගන්නවට වඩා ගෑනියෙක්වම ගෙනාව නම් හරහට අරන් කිරිත් දෙන්ඩ ගියා.....එහෙව් එකේ මක්කට මාව කන්ඩ හදනවද.....

පේර ගෙඩිය බදාගන තනියම ගිලින හාමු දිහා බලන් උන්න මං අනිත් පාර පේර ගෙඩියකට අත දික් කෙරුවා

එපා කඩන්ඩ.....

මම ඉක්මනට අත ගත්තා...මෙච්චර වැහි වහින්ඩ ගහේ තියනවා...එක ගෙඩියක් කැඩුවම ලෝභ කම....හිටපන් මං රෑක ඇවිත් මෙ ගහම කපනවා...ලෝභයා....උඹට මාව ඕන හන්දයි උඹ මට ඇදුම් අරන් දුන්නෙ...අපි නොදන්න ඉරුගල්බන්ඩාරලනෙ....

ම්ම්ම්...ඇසලට.....

මං උන්නෙ මගෙ කකුලෙ ගැගිලි වලින් තනකොල පොඩි කරන ගමන්.....මෙච්චර වෙලාම ගහ දිහා බල බල් උන්න බිබිකම අනිත් පාර මට කතා කරනකොට මං ඔලුව ඉස්සුවා ....

පේර බාගයක් ...මෙච්චර ගහේ ගෙඩි තියනකොට බිබික්කමා කාපු ගෙඩියෙ ඉතිරො බාගෙ මට දික් කරන් උන්නා....මං එපා කියන්න ඔලුව දෙපැත්තට වැනුවත් බේබි හාමු මගෙ අත අරගන අතට පේර ගෙඩිය මිටමෙලෙව්වා.හරියටම උඹ කන්න ඕනෙ මේක විතරයි කියන්න වගේ...

ඇසල.....

බේබි හාමු....

දැන් ඇසලට ප්‍රශ්නෙ තියෙන්නෙ නන්දයි සුද්දිටයි බඩගින්නෙ ඉන්ඩ වෙයි කියලද....එහෙම නැත්තන් ඇසල මා එක්ක දීග කන්ඩ කැමතියි...

පේර කෑල්ලක් හපන්ඩ ගියපු මන් ඒකත් නවත්තලා ඉන්ධර් හාමු දිහා බැලුවා.....සුද්දිලා බඩගින්නෙ ඉන්න වෙන හින්ද මිසක් නැත්තන් ඇසල දීග කන්ඩ කැමතියි කියනකොට මම ඉන්ධර් හාමුගෙ මූන දිහා බලන් උන්නා....

අපිට අමුතුවෙන් බඩගින්නෙ ඉන්න දෙයක් නෑ බේබි හාමු...ඒත්...මං හන්දා...දැන් උන් දෙන්න තුන් වෙලට පොලුයි බතුයි හරි කාවි....ඒත්...බේබි හාමු...ඇයි මාවම.....ඇයි මාවම....හාමුට තිබුනා මැනිකෙක් ගේන්ඩ...හාමුගෙ අපලෙ දවසින් දෙකෙන් ගෙවුනොත් හොදයි....ඒත්...හාමු...අවුරුද්දක් හමාරක් ගිහින් අපලෙ ගෙවුනය කියලා ලොකු මැනිකෙලා බේබි හාමුලා මාව හපයක් වගේ දොට්ට දානකොට මං පව් නැද්ද ඉන්ධර් හාමු...මං පව් නැද්ද....මාත් මනුස්සයෙක්නෙ.....දුප්පත් උනත් අපිටත් රිදෙනවා හාමු....

මං ඇස්ලව එහෙම හප කෙරුවෙ නැත්තන්...

බ්බ්..බේබි හාමු....

ඇසල දැන් ඔය වික්ශෝප වෙන කාරනාව....අපලෙ ගෙවුනම....ඇසලව හපයක් වගේ එලියට විසිකරයි කියන කාරනාව මං නොකර උන්නොතින් ඇසල කැමතීනෙ ...එහෙමනෙ ඔය නොකියා කියන්නෙ.....

......

ඇසලට උත්තර නැතුවට කාරි නෑ....ඇරත්...දැන් අප්පච්චි උඹලගෙ හැම ණය තුරුසක්ම ගෙවලා දාපු එකේ...අම්මට පුලුවන්නෙ කුඹුරු කෑල්ලෙ එන වී ඔක්කොම ගෙට ගන්ඩ.....

වී විතරක් ආවහම හරිද බේබි හාමු...

මොකද උඹලගෙ අම්මයි සුද්දි කුඹුරකම බත් ගිලිනවද් ඇසල...

මට දෙන්න උත්තර තිබුන් නෑ....මට නිදහසට කාරනා තිබුන් නෑ....මට විරුද්ද වෙන්නත් බෑ...කොහොම උනත් කර මුලට හිර වෙලා උන්න මං හරි වේදනාවෙන් නිල්පාට අහසදිහස් බලාගන උන්නා....

තව තුන්දොහකින් නැකතක් තියනවා....නැකැත් රාල දින එව්ව....

මෙච්චර ඉක්මනට .....

ම්න්....සුනංගු කරන්ඩ මගෙ හිතේ මනාපයක් නෑ.....කොඩිවින අනවින අපල එක්ක ජීවත් වෙලා දැන් මටත් ඇතිවෙලා.....

හාමුට එපා වෙලා නම්..මට කොහොම වෙන්න ඕනෙද හාමු.....

අත් දෙක පිටිපස්සට බැදන් කොලම කොල ගැහුන වත්ත දිහා බලන් උන්න ඉන්ධර් හාමු තුන් දොහකින් කසාදෙ වෙනවයි කිව්වම මගෙ බඩත් එක්ක කොර උනා ...මොන මගුල උනත් කමක් නෑ..මං ගුනේ මාමා එක්ක වැඩට යනවා ...හාමුඑක්ක ගියා කියලා මමත් බිබික්කමක් වෙන්ඩද??

ඇසල.....

බේබි හාමු....

තව කාරනාවක් .....කසාදෙන් පහුදා මං ආපහු පේරාදෙණි යනවා....උදෙ හවා ....මහ දුරක නෙවෙනෙ.....ඇසලට පාන්දර නැගිටින්ඩ වෙවි.....මං මනාපයි ඇසල මගෙ දවල් බත හදනවට.....

මගෙ ඇස් දෙක හීනි උනා....යටිතොලත් හැපුනා ඔය පැන්නෙ බලළා මල්ලෙන් එලියට ....බිබික්කම එහෙනම් එදා උයන්ඩ පිහන්ඩ දන්නවද ඇහුවෙ මේකයි....දැන් ඉතින් කොන්ක්‍රීට් අදිනවට වඩා පනයයි ..ලොකු මැනිකෙ මගෙන් හරකට වගෙ වැඩගනී.....ඉන්ධර් හාමුගෙ අපලෙට මිසක්කා මං මැනිකෙ කෙනෙක් නොවුනකොට මට නිදි පැදුරට යනකන් මැරෙන්ඩ වේවි.....මදැයි....නාකි බිබික්කමට බත් තම්බන්ඩත් උනා.....

දැන් අහවරයිනෙ ඇසලගෙ ප්‍රශ්න කෙරුවාව.....

...බේබි හාමු...

දැන් ඉතින් ඔය බේබි හාමු ගාන එක නවත්තපන් ඇසල.....

බේබි හාමුට බේබි හාමු නොකියා මං මක්ක කියන්ඩද බේබි හාමු....මැනිකෙ මාව උල තියාවි.....

බේබි හාමුට බේබි හාමුයි කිව්වා විතරයි කොයි වෙලෙත් මූනමෙන් ඉන්න බිබික්කම මට තවත් නීතියක් දැම්මා...තියන අසරන කම හන්දා මිසක්කා නැත්තන් මං මේ වෙනකොටත් දමලා.ගහලා යන්ඩ ගිහිල්ලා...

අතේ තිබුන පේර ගෙඩිය එහෙම්ම් වෙනකොට මගෙ අතේ තිබුන පේර බාගෙ දිහා බලලා ඉන්ධර් හාමු උගුරෙ රැල් බුරුල් කෙරුවා ...

මහ මැනිකෙ හාමුට කතා කරන විදිහට කතා කරපන්....

බ්..බේබි...හාමු....මං..මං කොහොමද ...හාමු.....එහෙම කතා කරන්නෙ...

ඇයි....උඹගෙ දිව නැවෙනවා හොරද...බේබි හාමු නොකියා අපෙ මහත්තයා කිව්වම උඹට අඩුවක් වගේද ඇසල....

.......

මං බිම.බලගත්තා ...කරන්න දෙයක් නැති කමට බේබි බිබික්කම දුන්න පේර බාගෙන් කෑල්ලක් හපාගත්තා උනත් ඉස්සරහා දත් වල හිර කරන් උන්න මම හපන්න වත් හිත්ක් නැතිව ඔහේ ඉන්නකොට ඉන්ධර් හාමු.මගෙ ලගට ආවා...

කාරි නෑ.....උඹට මනාප දවසක කතා කරපන්....ම්ම්ම්ම්

මං ඔලුව ඉස්සුවා...ඇත්තටම මම නෙවෙ.....බිම බලන් උන්න මගෙ නිකට ඇගිලි තුඩුවලින් අල්ලපු ඉන්ධර් හාමු මගෙ මූන ඉස්සුවා.....මෙතනින් එහා මොනවා.වෙයිද නොදැන.....හදිසියේම හොදට තිබුන මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තා ....ඇස්බෝලා එහා මෙහා දුවන්න ගත්තා ....බෙබි හාමුට බේබි හාමු නොකියා අපෙ මහත්තයා කියලා කියන්ඩ කිව්ව වෙලේ ඉදන් මගෙ පපුව ගැහෙන්ඩ ගත්තා ......ඉන්ධර් හාමු බලන් ඉන්නවා...ඒ ඇස් තිබුනෙම මගෙ මූනෙ වෙනකොට ඉස්සරහා දත් දෙකට හිර වුන පේර් කෑල්ල බාගයක් කටෙන් ඇතුලෙයි...බාගයක් කටෙන් එලියෙයි තිබිලා තිබිලා මගෙ දත් වලට තදවෙලා වැටෙන්න යනවත් එක්කම.මං කවදාවත් හීනෙකදි වත් නොහොතපු දෙයක් උනා.....

දෙවියනේ...ඉනැධර් හාමු.....

මගෙ සර්වාංගෙම පන ගියා...කොයිවෙලෙත් බනින කරන ඉන්ධර් හාමු අර වැටෙන්ඩ ගියපු පේර කැල්ල ගත්තා ...නිකන් නෙවෙ දෙයියනේ...මගෙ මුනට පහත් වෙලා හාමුගෙ කටිම්ම.....

ඇස්පිල්ලම් ගහම එක පවා.මට අමතක උනා...හුස්ම.ගන්න එක පවා මට අමතක උනා.....මගෙ කටේ තිබුන පේර කෑල්ල හාමුගෙ කටින්ම ඩැහැගත්තු පේර කෑල්ල හපපු ඉන්ධර් හාමු කට කොනින් හිනා වෙන ගමන් මගෙ ඔලුව අතගෑව....

මට බහ දීපන් ....මන් උඹව බලාගන්නම්...හරියටම මලක් වගේ.....

........බ්..බ්..බෙ...

"මගෙ ඇහැල මල..".....

🌼ඉයු...හ්....

🌼ආයම එන්නම්...ඈ...

ආතරෙයි අනේ...හැමෝටම....

ජොබිස්ටර්...

Nedeesha !....

More Chapters