LightReader

Chapter 6 - 06

ඇසල...අනේ පුතේ නැවතියන්කො ...

මන් වැට කඩුල්ලත් පැනලා කකුල් වලට බොරලු ඇනි ඇනිම ගුරුපාර දිගේ දිගෙ දිව්වා...ගිනිපුටක අව්වෙ සෙරෙප්පු දෙකක් වත් නැතිව තාර පාරෙ ගියෝතින් මගෙ යටි පතුලෙ හම තාර පාරට ඇලේවි.....බොරලු පාරෙන් ආව මං කටු ඇනි ඇනි මම වතු මැදින් පැන පැන ගුනේ මාමව හොයන් ගියා ...හැබැයි මේ තියන ආවේගෙ අනුව මට ගුනේ මාමව නෙවෙ අප්පච්චිව හම්බුනොත් මට අප්පා කියල නොබලා කන රත් වෙන්න ගහන්න හිතුනා...

ගානක් නෑ..වගේ වගක් නෑ...අම්මගෙ ඉල ඇට පෑදිලා නිදියන පැදුරු කඩමාල්ල දැන් දියවෙලා...ඔලුව තියන කොට්ටෙ පත්තර පිටුවක් වෙලා.....අම්මා ඔය නැහීගන වලව්වෙ ඉදුල් හෝදන්නෙ සල්ලි වලට නෙවෙ ...තියන සබ්බ සකලමනාවම වලව්වට සින්න උන හන්දා ඉන්න හිටින්න තියන තැනත් නැතිවේවි කියන බයට...අපි ඉන්න ගෙයි කෑල්ලත් ඉරුගල්බන්ඩාර වලව්වට අයිති එකක්...ගහෙන් වැටෙන පොල් ගෙඩියක් හනස්සක් පොල් අත්තක් හොරාවට අරගත්තට වෙන නම් හම්බෙන බිජ්ජක් නෑ...හොද හොද ඔක්කොම පිටිපස්සෙ...අන්නාසි වතු බාගයක්ම වලව්ව පිටිපස්සෙ තියනවා.....අප්පච්චිට කොච්චර නම් කියනවද .....

අපිවම මරන් කන්න ඉන්නවා

ආව්හ්.....

හිතේ තිබුන වේදනාවට ගල් ඇනි ඇනි බොරලු පාරෙන් ආව මං වත්ත මැදින් දුවනවත් එක්කම තුත්තිරි ඇලුන කකුල් වලට නෙරෙන්චි කටු ඇනුනා.....

උඹ හින්දා අපි විදින දුකක් අප්පච්චි ..උඹ හින්දා අපි විදින දුකක්...

කොට කලිසමක් ඇදන් උන්න මගෙ දනහිසෙන් පහල සම්පූරන කකුලෙම තුත්තිරි ඇමිනිලා තිබුනා....යටි පතුලට ඇනුන තරු හැඩේ නෙරෙංචි දෙක තුන ගලවලා දාපු මට "ගෝඩා" සැර දැනුනා....අනිවාර්යයෙන්ම අර ගෑනිගෙ ගෝඩා බැරල් හංගනව ඇත්තෙ මෙහෙ.....වැටෙන්න ඕන හැම දහ ජරාවක්ම වැටිලා පල්වෙන්න මේ කැලේ අස්සෙ හංගනවා ඇති ...

මං වටපිට බැලුවා...ඇත්ත..මගෙ නහය කවදාවත් මට බොරු කරන්නෙ නෑ....

උසට වැවුන ඉලුක් පදුරු ඝන සැරේට වැවුන ගස් කොලන් අස්සෙ වයලට්ගෙ ගෝඩා බැරල්.හංගලා තිබුනා...පාරට තාර දාන කාලෙට තාර උනුකරන්න ගේන යකඩ බැරල් වගෙ බැරල් දෙක තුනක් එක්ක නිල් පාට් උස බැරල් එකක්...ඒ එකකවත් කට වහල නෑ...ඔය ගෝඩා බැරල් වලට නොදාන මල ජරාවක් නෑ...දාන්න ඕන මොනවද සැර ගන්න ඔක්කොම ජාති දානවා...පල් සුවදටයි වතුර තිභහවටයි ඇදෙන සත්තු සරපයි ඔක්කෝම ඕකටම වැටෙනවා...ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ ඕවට මදුරු දගරත් දානවා කියනවා...ගැරඩිත් වැටෙනවා කියනවා...ඔය මලජරාව තමයි අප්පච්චි ලා බීගන ඇවිදින් ඇගේ පතේ හයිය පෙන්නන්නෙ...

කාලකන්නි...හදන උඹලත් කාලකන්නි...බොන උඹලත් කාලකන්නි උඹලට ජාතක වෙලා දුක් විදින අපි ඔක්කොටම වඩා කාලකන්නි...

කකුලෙ ඇමිනුනන තුත්තිරි කකුල් වල තිබුන රෝමගස් එක්කත් අල්ලගන තියනකොට මම කකුලෙන් කකුල අතුල්ලන් එන්න හදනවත් එක්කම මට අර ගෝඩා බැරල් පැත්තෙන් සද්දයක් ආවා.....

කවුරු හරි එනවා....ගස් කොලම් හන්දම එන එකාගෙ මුන හරියටම පෙනුන් නැති උනත් ඒකා උරහිස උඩ සුදුපාට ලොකු කෑන් එකක් තියන් එනවා නම් මට පෙනුනා.....එන්නෙ මොකාද මොන මගුලට එනවද හොයන්න බැරි වෙනකොට මං තවත් චුට්ටක් ඉස්සරහට ගිහින් බැලුවා.....

.

අප්පච්චි .....ඔව්මයි.....අප්පච්චි ....ඒ පාර මේ මනුස්සයා වයලගෙ අරක්කු අදිනවද...මෙතනින්ම අරක්කු පැලිලා මෙතනටම කඹුරනවද.....

ගුනේ මාමව හොයන්න ආව මට ආව තරහව ඉහවහා යනකොට නෙරෙංචි පිට තව නෙරෙංචි ඇනියන් කියලා වැවිලා තිබුන ගඳපාන පදුරු අස්සෙන් මං එතනට ලන් උනා....ලන් උනාකියන්නෙ කොටිම්ම මන් දිව්වා....

අප්පච්චි ....

ඇ..ඇසල....උඹ....

ඔව්...මං තමයි...මං තමයි...උඹ ගුනේ මාමගෙන් සල්ලි අරන් මේවද අප්පච්චි කරන්නෙ....

උඹට ගුනයව හම්බුනාද...

හම්බුනද....හම්බුනා නෙවෙ මහ මගදි මට දෙස් තිබ්බා ...ඒකත් උඹ හින්දා...උඹගෙ බේබදු කම හින්දා අපි එක එකාගෙන් කාලකන්නි කියලා අහගන්නවා අප්පච්චි ...උඹගෙ බේබදු කම හින්දා අපි හැම එකාටම පාච්චල් වෙනවා....කඩේකට යන්ඩ බෑ මුදලාලියා ණය පොතේ පිටු ගාන කියනවා...ඔහොම ගියොත් අප්පච්චි අම්මගෙ ඇග උගස් කරලා තමයි කඩේ ණය ගෙවන්ඩවෙන්නෙ...

ඇසල!

ඇයි අප්පච්චි උඹට රිදුනද මං බත් නොකෑවත් පිදුරු කාපු එකෙක් නෙවෙ අප්පච්චි ....වේල් තුනම බත් කන්ඩ පින නැති උනත් කොස් බලින් බඩ පුරවගත්තත් පිදුරු කාපු එකෙක් නෙවෙයි . ..ඒකා අම්මාලව්වා කඩේ අස්කරගන්ඩ කිය කිය අම්මට පනිවිඩ පිට පනිවිඩ එවන්නෙ..ඌ හොදටම දන්වා මගෙ අම්මා එක පැත්තකින් අසරනයි කියලා ..අනිත්පැත්තෙන් උඹ බේබද්දා උඹට කොන්ද නැති එකා කියලා .....

මං අර ගෝඩා බැරල් එකේ ගැට්‍ට මගෙ අත් වලින් මිරිකගත්තා...හිතේ තරහව වැඩි කමට පපුවත් ගැහෙන්ඩ ගන්නකොට හොද සිහියෙන් ඉන්නකොට පුදුම තරම් අහිංසක අප්පච්චි මං කියන දේවල් මීක් නොගා අහන් උන්නා....

උඹ ගුනේ මාමගෙන් සල්ලි අරන්...උඹගෙ බේබදු කම හින්දා අම්මව මාව වලව්වට දිය වෙනවා....උඹ ඔහොම දිගටම බීපන් අප්පච්චි .....උඹට ජාතක උන අපිත් මහ කාලකන්නි...හදන්ඩ බැරි නම් බඩට නොදි උඹට තිබුනා සරමෙ පිහන්ඩ...

මගෙ ඉවසීම නැත්තටම නැති උනා....රෙදි කෑලි අන්දවපු සුද්දි කටු ඇනෙනවා කියලා කෑගහපු එක...වැලේ තිබුන අම්මගෙ ඉරුන තනපටෙ හිල් ගොඩ බේබි හාමු මගෙ හිල් කූඩෙ කියාපු මගෙ යට බැනියම විතරක් නෙවෙ කම්බි අමුනන් අදින දියවෙලා ගියපු රබර් බාට ජෝඩුව මතක් උන මට ඉවසුම් නැතිඋනා.....අරක්කු කාලක් රුපියල් දෙසිය පනහකටත් වැඩී... එක කාලෙන් ඔක්කොම ඉවරයි ඔය දෙසිය පනහ තුන්සීය දුන්නා නම් පරිප්පු මිටක් වත් ගෙනත් ගංගාවක් තරමට හරි හොද්දක් හදන් පරිපුවකුයි බතකුයි හරි අපි කනවා නේද.....

උඹ පෙරේදා ගෙදරින් ගියපු ගමන්ලු....ඇයි අප්පච්චි උඹට ගෑනියෙක් ලමයි දෙන්නෙක් ඉන්නවා කියලා මතක නැත්තෙ ...මට වෙලා තියෙන්නෙ උඹගෙත් අප්පච්චි වෙන්ඩ...මේ බලපන්....උඹගෙ අත් වලට වඩා මගෙ අත් දෙකෙ දියපට්ටා.....බස් එකට දෙන සොච්චම ඉතුරු කරන් හැතැප්ම ගනන් පයින් ගිය මම බාගෙට බාගයක් ගියේම සෙරෙප්පු දෙක අතේ අරගන.....කාගෙන් කාගෙන් හරි හම්බෙන ඇදුමක් ඇන්දට උඹට මතකද පේමට් එකෙන් හරි මටවත් අම්මටවත් සුද්දියටවත් අඩුම ගානෙ යට කලිසමක් වත් අරන් දුන්නා...සීනි දැන් අවුසයක් දෙන්නෙ නෑ අප්පච්චි .... කඩෙ එකා සීනි අවුසෙ කිරන්නෙත් නෑ....උඹට මේ ගිනි වතුරට දෙන සල්ලි අම්මට දෙන්ඩ බැරි ඇයි අප්පච්චි .....

...

උඹට උත්තර නෑ...උඹට මේවට දෙන්ඩ උත්තර නෑ...උඹ කොහෙන් කියලා උත්තර දෙන්ඩද...උඹ දන්නෙ මේ මල ජරාව පැලිලා පැලිලා ඇවිත් අතේ පයෙ හිරි අපෙන් ඇරගන්න...උඹ දැන් පූසාවගේ උන්නට බිව්වමනෙ පූසා කොටියා වෙන්නෙ...

...

උඹට කිව්වට වැඩක් නෑ අප්පච්චි .....උඹට බනින මට පව්පිරෙනවා..උඹ ඕන දහජරාවක් බීපන්....උඹ උඹට ඕන විදිහට ජීවත් වෙයන්...උඹ හින්දා මගෙ ජීවිතේ දැන් ඉවරයි අප්පච්චි ..ඒත් අර කෙල්ලෙක් ඉන්නවා ඒකි ලමිස්සියෙක් .

.ස්..සුද්දි.....

ඔව්....සුද්දි තමයි..ඒකි කොටහලු උනා....උඹ ලමිස්සියෙක්ගෙ අප්පච්චි කෙනෙක්...උඹට ඒකවත් දැනෙන්නෙ නෑ....

තවත් කියලා කියලා තේරුමක් නැති හන්දා මං හැරුනා...කියවන එකෙන් වෙන්නෙ මගෙ කට රිදෙන එක....අවුරුදු ගානක ඉදන් අප්පච්චි බොන්ඩ එපා...අප්පච්චි බොන්ඩ එපා කියලා කට කැඩෙන්න එනවා....ඒත් වැඩක් උනාද...තව දුරටත් කියලා මොකටද...

උඹ කොහෙද දැන් යන්නෙ

යන්නෙද ..උඹ එන්නම් කියලා සල්ලි අරන් මාරු උන ගුනේ මාමා ගාවට....

මං එන්න ආවා....මොකද අප්පච්චි කියන මනුස්සයට අපිගැන දුකක් දැනුනා නම් මීට කලින් දැනෙනවා....

ගෝඩා බැරල් ගාව උන්න අප්පච්චි ගස් අස්සෙ තනි වෙනකොට මං පාලු වත්ත මැදින් පැනගන එහෙම්ම ගුනේ මාමා වැඩ කරනතැනට දිව්වා....

බඩගිනි මහන්සි අව් සැරයි මේ ඔක්කොම එකට එනකොට මට මහ අසරන කමක් දැනුනා...මේ එන මග දිගට දැන් සිය පාරකට වඩා බඩ ඇඩුවා...මක්ක කරන්නද.....අප්පච්චි කියන්නෙ තනිකකරම පොල් පිත්තකින් කපාගන්න පුලුවන් මනුස්සයෙක් වෙනකොට මට කොහොමත් ගෙදර අප්පච්චි වෙන්න වෙනවා.....

අර කෙල්ල ඇහුවා හෙට ඉස්කෝලේ එනවද කියලා ...අපෙත් පවුල් බර කරට ගන්න හරි හමන් පිරිමියෙක් උන්නා නම්...

ඔව්වා හිතලා තේරුමක් නෑ....

ගුනේ මාමේ...

ගුනේ මාමේ....

අව් රස්නෙන් බේරෙන්න ද කොහෙද ගුනේ මාමා පොල් අත්තක් හිටවගන තනියම අත්තිවාරම කපනවා.....ගෝලයෙක් වත් ගන්නෙ නෑ....වෙන මොකටවත් නෙවෙ...උන්ට වැඩියෙන් දෙන්න වෙන හන්දා.....අප්පච්චි බේබද්දා...කාලට යන ගාන බේරුවම ඇති කියලා දන්න හන්දා ගුනේ මාමත් කරන්නෙ අප්පච්චිට අඩගහන එක....

ඒ අතින් බලනකොට ගුනේ මාමත් කපටියා.....

..කොල්ලො....

ඇදන් උන්න සැරමත් කැහැපට ගහන් දෙකට නැවීගන අත්තිවාරම කොටන ගුනේ මාමා ගෙ යට්ට ඇදන් උන්න කකුල් ලොකු පොකට් කලිසම කැහැපට ගහපු සරම හන්දා එලියට පෙනුනා...උදැල්ලෙන් කොට කොට පස් එලියට දාන ගුනේ මාමා මාව දැකලා කෙලින් වෙලා අව් රස්නෙ හින්දා එක අතකින් ඇස් දෙක මුවා කරගන මා දිහා බැලුවා.....

ගුනේ මාමෙ...අද ඉදල ම අප්පච්චි වෙනුවට ආවට කාරි නැද්ද...

මං මේ කෑල්ල කපලා අහවර කරනවා කොල්ලො.....

මට හුස්මක් පිට උනා....ඇත්ත...උන්දා දැනටමත් බාගෙට බාගයක්ම කොටලා ඉවරයි හෙට තියෙන්නෙ කොන්ක්‍රීට් අනන්න...අදින්න...

ඇයි...උඹට හෙට එන්ඩ බැරිද

න්..නෑ..හෙට එන්ඩ පුලුවන් .....මේ..සුද්දි ගෙට උනා ගුනේ මාමෙ.....අද...හැන්දෑවෙ...ඉදලා වැඩ කෙරුවා නම්...මට

මං ඉතුරු ටික සම්පූරන නොකර දූවිලි වැදුන කකුලෙ මහපට ඇගිල්ලෙන් මං බිම පහුරු ගෑවා...මට මෙතනින් එහා කියා ගන්න බෑ...කියා ගන්න ඕනම දේ මට කියාගන්න හයියක් නෑ....අප්පච්චි කෙනෙක් හන්දා අසරන වෙන අසරන විල්ලක්....

ආ මේක තියාගනින්.....උඹලගෙ අප්පච්චි පන්සීයක් අරන් ගියා...ඒක කපාගන මේක තියා ගනින්.....

කිව්වට විස්වාස කරන්න....මගෙ අත් දෙක ඉබේටම එකට එකතු උනා..මගෙ ඇස් වලට කදුලු කැට පිරුනා...අප්පච්චිට වඩා දැනුම් තේරුම් තියන හන්දද කොහෙද නැත්තන් සුද්දි කොටහලු උනා කිව්ව නිසාද කොහෙද පන්සීයක් කපාගන තවත් එක්දහස් පන්සීයක් මගෙ අතේ තියනකොට මං ගුනේ මාමට අත් දෙක එකතු කෙරුවා .....

පින්...සිද්ද..වෙනවා ගුනේ මා..මෙ

හ්ම්හ්ම්...දැන් යමන්.....ගිහින් හෙට වරෙන්...උඹ කීයටද බේබි හාමු එක්ක යන්නෙ....

පාන්දර යනවා ගුනේ මාමෙ....බේබි හාමු මනාප නෑනෙ සෙනග් ඉන්නකොට යන්ඩ...

ම්ම්ම්...ඇත්තටම කොල්ලො ඔය හාමුවගෙ හිසෙ ඇම්ම තාම අඩු නැද්ද....

නෑය කියනවනෙ...ඒකනෙ ඔය යකාට වගෙ ආවේස වෙන්නෙ....

අපූරුවට උන්න බේබි හාමු...මේවා ඇත්තද බොරුද කියන්ඩ දන්නෙ නෑ කොල්ලො.....ඔය බේබි හාමුට කොරාපු කොඩිවිනයක් උඹලගෙ මහ එකාට පෑගිලා කියනවනෙ....

මං බිම බලාගත්තා ...ඇත්ත...අම්මත් ඒ කතාව කියනවා...බේබි හාමුට කරාපු කොඩිවිනයක් උඩින් අප්පච්චි පැනලයි කියනවා....ඒත් ඔව්වා කපවන්ඩ කොහෙන්ද සල්ලි..ඒ කොඩිවිනයක් තමයිලු ඔය බේබි හාමුටත් වැදිලා තියෙන්නෙ..... .අනෙ මන්දා ඔය කසාද හරියන්නෙත් නැත්තෙ ඒකලු....

ආ කොල්ලො.....

ගුනේ මාමෙ..

ඇත්තද ඔය කියන්නෙ

මොනවද...

ආයමත් ඕපදූපයක් ...ගුනේ මාමත් හෙන චීත්තයක්.....දුන්න එක්දහස් පන්සීය හින්දා ඉවසනවා මිසක් නැත්තන් අනේ තොටත් ඕනෙ නැති දෙයක් නෑනෙ කියලා මූනටම කියලා එන්න තිබ්බා...ඒත්...කබලෙන් ලිපට වැටිලා ඉන්න අපිට ඔහොම කියන්න කොහෙන් හයියක්ද...

බේබි හාමුට කසාද හරියන්නෙ නැත්තෙ ඔය පුරස්න හින්දා කියලා ....

ඔය කියන්නෙ.....

පව් අප්පා...හොදට උන්න මනුස්සයනෙ....ඉස්සර අර උගන්නන්ඩ යන කාලෙ කොච්චර නම් හොදට උන්නද...

පිස්සු විකාර...ඔය දැනුත් හොදට ඉන්නෙ...අවුලකට තියෙන්නෙ බිබික්කමට මූනම තද වෙන එකයි බැදගන්න බැරි උන එකයිනෙ...ඊට එහා ගහලා ඇති හෙනයක් නෑනෙ..අනේ මන්දා...ගුනේ මාමත් හෙනම ඕපයා....

දැන් ඉතින් හතලිස් පහකුත් පැනලනෙ...වලව්කාරයො හන්දා බැදගන්න පුලුවන් .....

උදැල්ලෙන් කොටන ගමන් ගුනයා බේබි හාමු ගැන අලගිය මුලගිය දේවල් කියන ගමන් වයස හතලිස් පහකුත් පහු වෙලා කියලා නලලට මතු උන දාඩිය බින්දු මහපට ඇගිල්ලෙන් පිහාගන රතුම රතු බුලත් කෙල පාරක් එලියට ගැහුවා....

මං ගිහින් එන්නද ගුනේ මාමෙ.....

හොදා හොදා...හෙට වරෙන්කො එහෙනම්.....

තවත් උන්නොත් මගෙත් ජාතකෙත් දිග අරින්න ගනීවී කියලා මං හැරෙන තැපෑලෙන් හෙදර දුවන්න ගත්තා..ආයමත් අර ආපු පාරමයි.....කැලෑ පාරෙන් පාලු වතු මැදින් බොරලු පාරවල් වලින් වගේම වයලට් ගෝඩා හංගන වත්ත මැදින්...යනකොට නෙරෙන්චි කටු ඇනෙනකොට ආව් ගෑවා උනත් මං මේ පාර නම් ආව් ගෑවෙ නෑ...මුලු කකුලම වැහෙන්න තුත්තිරි ඇමිනුනත් මට ගානක් උනේ නැ...ඒකට එකම හේතුව ඇගිලි පහ අස්සෙ කිටි කිටියට මිරිකිලා තියන එක්දහස් පන්සීය....

වෙන මිනිස්සුන්ට මේකොල දෙක ඒතරම් බරක් දැනුන් නැති උනත්....ඉදලා ඉදලා සල්ලි කොලයක් ඇහැට දකින මට නම් මේ කොල දෙක ගීසා වල තියන පීරමීඩෙක තියන අර ටොන් ගානක බර ගලටත් වඩ බරයි කියලා හිතුනා....

හෙට පාන්දරම මං බේබි හාමු එක්ක වෙද ගෙදර යනවා..ඒ ගිහින් ආව පිම්මට ගුනේ මාමව හොයන් යනවා....ඇගට මහන්සි දැනුනත් කමක් නෑ...රටේම ඕපදූප ඇහුවත් කමක් නෑ...මෙවෙලාවෙ හැටියට ඒ මනුස්සයා මට කෙරුවෙ ලොකුම උදව්ව....ඊටත් වඩා තව මොනවද.....

අම්මෙ....

ඉනෙන් පහලට රූටන කලිසම එක අතකින් අල්ලගත්තු මං වැට කඩුල්ල පනින ගමන් අම්මට කෑ ගැහුවා....දුප්පත් මගෙ හිතට පුදුම සන්තෝසයි.....රටක් රාජ්‍යක් හම්බුනාට වඩා සන්තෝසයි....

අම්මෙ.....හ්

අයියේ . ...හූ...මේ...මං මෙහෙ .

මං දෙපාර තුන්පාරකට වඩා අම්මට කෑ ගැහුවා...කිරිපාටත් නැති අලුපාටටත් නැති ගගේ වැල්ල තිබුන මිදුලෙ පුරාවටම රවුමකුත් මං දුවන ගමන් අම්මට කෑ ගහනවත් එක්කම ගෙට කරලා තිබුන සුද්දියා එක පාරම ජනේලෙ ඇරලා ජනේලෙ එල්ලීගන මට කතා කෙරුවා ....

..ඕක වහපිය.....අම්මෙ මෙන්න මේකි....

අනෙ අයියෙ මාව ගනින්කො....එපා වෙනවනෙ.....ඔලුවත් කසනවා.....මීටත් වඩා කොහෙ ලොකු වෙන්නද....අනේ මට බෑ ලමිස්සියෙක් වෙන්ඩ....ගනින්කො මාව....

ඕක වහපන් උඹට අම්මා කිව්වා නේද... ගමටම

සුද්දි.....අනේ අනේ...උඹට මං දැන් කී වංගියක් කිව්වද අකීකරු කම් නොකර ඉදින් කියලා....වහපන් ඕක ඇත්තමයි දැන් මං ඇවිදින් ජනේලෙත් වහල ඇනගහනවා...

මං අහක බලාගත්තා .....ඒකි දිහා හැරිලා වත් බැලුවෙ නෑ...ඔලුව කසනවලු.....දැන් ලොකු උනා ඇතිලු කියපු සුද්දියා අම්මගෙන් බැනුම් අහන් ආයම ගෙට වෙනකොට ජනේලෙ වැහුන සද්දෙත් එක්ක මං අම්මා දිහාවට හැරුනා...

අම්මෙ....

කොහෙද පුතේ උඹ දිව්වෙ

ගුනෙ මාමලේ

වරෙන් බත් කාලා හිටින්ඩ...

හරි හරි ඔහොම ඉන්ඩකො....

මෙච්චර වෙලාම පනුවො කෑගහපු බඩයි ...කෑ ගහපු දුප්පත් පනුවොයි දෙගොල්ලොම අර මොනර පිල ගාව ගොලුවෙලා ගිහින් උන්නා...අතේ තිබුන සල්ලි කොල දෙක හන්දා මටත් බඩගින්න අමතක වෙලා යනකොට අම්මා ආයම බත් කන්ඩ අඩගැහුවා....ඒ තමයි අම්මලා...

..අත්දෙක දික් කරන්න.....

මහ මෙරකටත් වඩා වටින එක්දහස් පන්සීය අම්මගෙ අතට ගුලි කරාපු මං හිනා උනා...

මේක...මේක කොහෙන්ද පුතේ ...

ගුනේ මාම දුන්නෙ...හෙට ඉදන් මට ගුනේ මාමා එක්ක වැඩට යන්ඩ පුලුවන් අම්මෙ.....

මං කිව්වෙ සතුටින්...හැබැයි.....අම්මගෙ අත් වල තිබුන අර මොනර පිලයි පන්සීයයි බිම වැටුනා.....මට හෙට ගුනේ මාමා එක්ක වැඩට යන්න පුලුවන් කියන එකේ තේරුම ආයමත් මං කවදාවත් තේ කහටින් බඩ පුරවන් ....ඉන්ටර්වල් එක දෙන වෙලාවට අනිත් ලමයිගෙන් හැංගිලා ගිහින් බඩගින්න යනකන් ටැප් වතුරෙන් බඩපුරවගන්නවත් මං ආය ඉස්කෝලේ යන්නෙ නැය කියන්න තේරුම් ගත්තු අම්මගෙ අත්වලින් අර සල්ලි කොල වැටෙනවත් එක්කම මං ඒ සල්ලි වැටෙන්න නොදි අල්ලගන අම්මගෙ අත් උඩින් තිබ්බා...

අම්මගෙ ඇස් දෙකම ගොරකා ලෙලි වෙලා...උරහිස් ඇට පැදුන ඇටගැහුන අම්ම හුස්ම ගත්තත් හූල්ලනවා හා සමානව පේනකොට මං හූල්ලගන ඉන්න අම්මගෙ ඇස් වල කදුලු පිහදැම්මා.....

අවුරුදු දහතුනක් මං ඔය ඉස්කෝලේ ගියා මදැයි අම්මෙ...ඒත්....අරකිට යන කලදසාවක් තියෙන්ඩ එපැයි....අපිට එන හැම කරුමෙම ඒකිගෙ පිටිනුත් යවන්ඩ බෑනෙ.....

අම්ම තවමත් මිදුලෙම ඉන්නකොට මං එහෙම්ම කුසියට ඇවිදින් මැටි කලේ වහල තිබුන සුද්ද කරාපු පොල්කටුව පිරෙන්නම සීතල වතුර එකක් පුරවන් එක හුස්මට බිව්වා...එකක් නෙවෙ..දෙක තුනක්ම...කිවුල නැති වතුර මැටි කලේ හන්දා සීතල වෙලා තියනකොට මට අද නම් වතුරත් රසයි වගෙ දැනුන.....

කොස් ටිකක් තව දාන්ඩද.....

සුද්දියා කෑවද

ඒකි කෑවා....

අම්මගෙ නහය බරවෙලා .....හිතේ තියන වේදනාව හංගන්ඩ හැදුවත් අම්මගෙ වේදනාව නහෙයෙන් පිට දානකොට අඩන්න ඉන්න ඇහැට ඇගිල්ලෙන් අනින්න ඕන නැති නිසා අම්මා බෙදන්නෙ මොනවද මං කෑවා...ගෙදර බතුයි මැනිකෙ දුන්න බතුයි විතරක් නෙවෙ..බේබි හාමු කොනහලා වගේ තිබුන මාලු වල්ගෙ පැත්තකුත් මට ඉතිරි වෙලා තියනකොට මං කිරි කොස් එක්ක බත් කටක් අනාගන කටේ දාගන්නවත් එක්කම සද්දයක් ඇහුනා ...මොකක් වත් නෙවෙ..හරියටම පොලව කොටනව වගේ සද්දයක්.....

අප්පච්චි .....

මගෙ ඇස් දෙක ලොකු උනා...ලොකු උනා කියන්නෙ අතට ගත්තු බත් කට ආපහු බත් පතටම වැටුනා...

අප්පච්චි .....??

ම්ම්ම්...ඔය ආවෙ...සුද්දිව නාවන්ඩ කොටුවක් හදනවා....

මට හුස්මක් පිට උනා....සුද්දිව නාවන්ඩ කොටුවක් හදනවලු.... අප්පච්චි ට බැනුමක් අහන්ඩම ඕනෙ.....හැදෙන්ඩ....කමක් නෑ...එහෙම හරි අද කකුල් දෙකෙන් ගෙදර ආවනෙ...ඒකම ඇති...අද හෙට කකුල් දෙකෙන් ගෙදර ඇවිත් මේවල මදි පාඩු අල්ලන්න එතනින් පස්සෙ දිගටම කකුල් හතරෙන් තමයි....මොනවා කරනන්ද.....උරුමෙ කරුමයක් වෙලා.....

ඇසල....

ම්ම්ම්ම්...

හෙට බේබි හාමු එක්ක ගියහම....කෙල්ලගෙ කලේට දාන්ඩ බෙහෙත් පැකට් එකක් අරන් එනවද්.....

හා....

මං මාලු කෑල්ලක් කටේ ඔබා ගත්තා... සුද්දිව නාවන්ඩ බෙහෙත් පැකට් එකක් ගේන්ඩයි කියාපු අම්මා එහෙම්ම කබල ලිපේ තිබ්බා...අනිවාර්යයෙන්ම කෝපි බදින්ඩ....කෝපි බදිනකොට මුලු පලාතම සුවදයි....ඒ විතරක්ද ..කෝපි මල්.....සුදුපාට හීනි හීනි පෙති තියන කෝපි මල් පිපුනාමත් කොච්චර සුවදද....ඉදුනහම රතුපාටට දිලිසෙන කෝපි ඇට පැනි රසයි...වලව්වෙ වගේම අපේ ගේ පිටිපස්සෙත් කෝපි ගස් යායක්ම තියනවා..

සමහර විට අම්මා මේ කෝපි බදින්ඩ හදන්නෙ නම් වලව්වට වෙන්න ඇති.....වලව්වට කියන්නෙ..අනිවාර්යයෙන්ම බේබි හාමුට හෙට ගෙනියන්ඩ වෙන්ඩ ඇති...ඒ මනුස්සයා ගෙදරින් ඇර පිටින් වතුර උගුරක්වත් බොන එකෙක් නෙවෙ.....ඔය කොහෙ ගියත් වීදුරු බෝතල් දෙක තුනක් පිරෙන්ඩ වතුර අරන් යනවා....පාන්දර යන හැමදාකම උනුසුම් බෝතලේකට කෝපි අරන් යනවා....ඒක ඉන්ධර් හාමුගෙ හැටියක් .....

බිබික්කමා මොනවා කරනවද දන්නෙ නෑ....

බත්පතේ අවසානම බත් කට කටේ ඔබා ගත්තු මට ඉන්ධර් හාමුව මතක් උනා...

අප්පච්චි ....

ඔන්න ඔතනින් ඕක හිටවපන්....

මං අප්පච්චි ගාවට ගියා ..හාමුලාට පින් දෙන්නයි..අම්මගෙ අත්වලට යෝධ බල හයියලැබෙන්නයි ඕනා....ලුනු කැද දීලා හරි බඩගින්න නිවනවට...බඩ පිරෙන්න කැව මං අනිත් පාර අද දෙපයින් ආව අප්පච්චි හොයන් ගියා ඇත්ත...කොස් ගහ ගාවම අප්පච්චි සුද්දියව නාවන්ඩ කොටුවක් හදනවා...මෙච්චර වෙලාම ඇතුලෙ ඉන්ඩ බෑ ගගා කෑ ගහපු සුද්දියා ඊලග පාර මීක් නොගා උන්නා..ඒකිට නින්ද ගියාද කොහෙද ...

නිල්පාට අලුත්ම අලුත් ඉටි රෙද්දක්..ඒක කොහෙන්ද අප්පච්චි කියලවත් නාහපු මං පොඩි පට්ට කෑලි හතරට නවලා ඉටිකොලෙ උඩින් තියලා ලී කනුව අල්ලා ඇනගැහුවා...දැන් හරි...නැත්තන් ඉරෙන්න බලනවා....කිරි ගහක් දකින එක හොදයි කියනවනෙ...එක හන්ද වෙන්ඩ ඇති...අපිට තියන කරදරවල හැටියට එක කිරිගහක නෙවෙ කිරිගස් දෙකතුනක් ඔලුව උඩට කඩන් වැටුනත් වැඩක් නෑ.....

අප්පච්චි ඔහෙන් ඇදලා අල්ලන්ඩ...

වයලටාගෙ ගෝඩා බැරල් ගාව අප්පච්චිට කෑගහපු මං ආයම අප්පච්චිට වචනයක් කිව්වෙ නෑ...ආය ආය කියවන්ඩ ගියෝතින් වෙන්නෙ කකුල් හතරෙන් එන දාට මුලු ගමටම ඇහෙන්ඩ මගෙ කෙරුවාව කියන එක

පුතේ...මේන් මේක ලොකු මැනිකෙට දියන්

පාට ගිහින් ඝනකම් වෙලා ගියපු තුවාය එක උරහිසක් උඩ දාගන එක අතකට යකඩ පනිට්ටුවක් ගත්තු මං ගාලා ඉවර උන අතට අහු නොවෙන සබන් පොතු තුන හතරක් එකට අලවලා අලවලා හැම ජාතියෙම තියන සබන් බෝලයක් හදාගන ආපහු පොල් වත්ත මැදින් වලව්වෙ ලිදට යන්න හදනකොට අම්මා මගෙ අතට පාර්සලයක් දුන්නා...සුවදයි....ඒ වගේම උනුසුම්....

කෝපි කුඩු...කබලේ බැදපු කෝපි ඇට අහුර අම්මා කුඩුකරලත් ඉවරයි.....වලව්වෙන් දීලා තිබුන චූටිම චූටි අත් මැශිමකින් අම්මා කෝපි අඹරලා තිබුනා...

අනිවාර්යයෙන්ම මේක නාකි බිබික්කමට වෙන්න ඇති....ඇයි ඉතින් වෙද ගෙදර යනකොට නොදරුවට බඩගිනි එනවනෙ.....

එක අතකට පනිට්ටුව ගත්තු අනිත් අතට කෝපි පාර්සලේ ගත්තු මං හිමින් හිමින් පොල් වත්ත මැද්දෙන් ඉරුගල්බන්ඩාර වලව්ව දිහාවට ඇවිදන් ගිය....ඉරබැහන් ගිහින් අඩ හොරාවක් යනවත් එක්කම වලව්වෙ කහපාට ලයිට් ඇවිලෙනවා....ඒත් අපේ ගෙදර ...ලයිට් ගලවලා හදාපු බූමිතෙල් ලාම්පු අවුලනවා...වලව්වෙ ඈයො සනීපෙට ඇදන් උඩ නිදියනකොට අපි අම්මගෙ චීතයක් හරි වලව්වෙන් දුන්න ලොකු රෙද්දක් හරි පොරවන් පැදුරු කඩමාල්ලෙ ඇකිලෙනවා....

ඉස්සර කාලෙ නම්.මිනිස්සු පැදුරු සීට්ටු දැම්මා...දැන් ඉතින් හැමෝටම ඇදන් තියනකොට කාටත් මොකටද පැදුරු....

ලොකු මැනිකේ....

ලොකු මැනිකේ....

මං උයන කුසිය ගාවට ගිහින් ලොකු මැනිකෙට අඩගැහුවා...

ලොකු හාමු....

අවසරයක් නැතුව ඇතුලට ගිහින් නිස් කාරනේ බැනුමක් අහනවට වඩා හොදයි කතා කරලම යන එක....ඒත් අද ලොකු හාමුවත්.....ලොකු මැනිකෙ වත් නෑ වගේ.....අඩුම ගානෙ නාකි බිබික්කමවත් නැද්ද මන්දා...

දෙපාරක් තුන්පාරක්ම කතා කරපු මං බැරිම තැන අවසානෙදි අතේ තිබුන පනිට්ටුව බිමින් තියලා උයන කුසියට ගිහින් අතේ තිබුන කෝපි පාර්සලේ පැත්තකින් තියලා ඒක දාන්ඩ කෝපි බෝතලේ හෙව්වා...

කොහෙද මේ මගුල...

නෙස්ටමෝල්ට් ටින් එක තියනවා....හෝදපු හෝර්ලික්ස් බෝතලයක් පිරෙන්න සීනි තියනවා ...තවත් ටින් එකක තේ කොල...

කෝ අප්පා මේ මගුල...

මොන මගුලද.... ම්ම්ම්!

ද්..දෙවියනේ....

මාව ගැස්සිලා ගියා....උඩට ඇදුමක් වත් නැතුව පරන උන තුවාය උරපත්තෙ දාගන කවුරුත් නැති බව හිතාගන තට්ට තනියම කෝපි බෝතලේ හොයනකොට මගෙ කන ගාවින් ඇහුන ගැඹුරු කටහඩ වගේම බෙල්ලෙ පිටිපස්සට වැදුන උනුසුම් හුස්මක් එක්ක මාව ගැස්සිලා ගියා මදිවට මට එක පාරම අනේ දෙවියනේ කියල මට හයියෙම්ම කෑ ගැස්සුනා

ඇසල....

බ්.....බ්..බ්...බෙබි...හාමු.....මං..මං..අනේ...හාමු..මං...ක්ක්...ක්.....

මාව ගැස්සිලා ගියා ..මගෙ පිටිපස්සෙන් ඉදලා තියෙන්නෙ ඉන්ධර් හාමු වෙනකොට හාමු දිහාවට හැරුනත් මං තව අඩිය දෙකක් පස්සට ගියා.....

මොන මගුලද දැන් නැත්තෙ ම්ම්ම්

හ්..හාමු....ස්..සමාවෙන්න...මන්..දෙපාරක් තුන්පාරක්ම ක්...කතා කෙරුවා....මං....ඇ..ඇතුලට එන්න

මං දැන් බැන්නද ම්ම්ම්....

න්න්..නෑ...

එහෙනම්.....

හ්..හාමු.....මං..මේ....

දැන් තනියෙන් බැන බැන මොන මගුලද හෙව්වෙ කිව්වා නම්....

මං බිම බලාගත්තා.....අත් දෙක පිටිපස්සට බැදගන උන්න ඉන්දධර් හාමු ඇස් දෙක හීනි කරගන ආයමත් එකම ප්‍රශ්නෙ අහනකොට මං බිම බලාගනම උත්තර බැන්දා.....

කෝපි...කුඩු බෝතලේ...හාමු...

ම්ම්....මන් දාගන්නම්

හ්..හාමු....ට පුලුවන්ද

ඇයි උඹට මගෙ අතපය නෑ වගේ පේනවද....ම්ම්ම්

සමාවෙන්න හාමු.....

මං මීක් නොගා උන්නා...හාමුට අතපය තියනවා කියලා තේරුනත් ලොකු මැනිකෙ හිතන්නෙ බේබි හාමුට අතපය නෑකියලනෙ....ඒත් ඔව්වා හිතින් හිතනව ඇර කටින් කියන්න පුලුවන්ද ...

ඇසලා....

බේබි හාමු.....

ඇසලට උයන්න එහෙම පුලුවන්ද

පුලුවන් හාමු.....බතක්..මාලුවක්..කරවල හොද්දක් හදාගන්න පුලුවන් ....

...

කට්ට කරවල හොද්දක් එක්ක...කිරිකොස් හදලා මිරිස් කරල දෙකතුනක් බැදගන්ඩ නම් පුලුවන් හාමු....

...

ස්...සමා වෙන්න හාමු...

හාමු ඇහුවෙ මගෙන් එක ප්‍රශ්නයයි...ඒත්....චුට්ටක් හොදින් කතා කරපු පලියට මම වැල්වටාරම් අහන් ඉන්න අකමැති හාමු ඉස්සරහා වැල් වාටාරම් දිග අරිනකොට අත් දෙක පිටිපස්සට බැදගත්තු ඉන්ධර් හාමු ඇස් පිල්ලමක් වත් නොගහම මා දිහා බලන් ඉන්නකොට මං ඉක්මනටම මගෙ කට පියාගත්තා ...

නාගන යනගමන් මට කෝපි එකක් හදලා යනවා...

එ..එහෙමයි හාමු.....

මං යකඩ පනිට්ටුවත් අරන් ලිදට දිව්වා.....ආපහු ඇදගන එන්ඩ දාගත්තු කොට කලිසමයි අම්මට කාගෙන්දො හබුන ඇදුම් උරේක තිබුන අත් කපාපු බාච්චු සයිස් බැනියමයි ලිද ගාවම තිබුන ටැංකිය උඩින් දාපු මං බොලොක්කෙ කිරි කිරි ගාන සද්දෙ එක්කම ලිදේ පනිට්ටුව ලිදට අතෑරලා සීතලම සීතල වතුරෙන් ඔලුව ඉදම්ම නාගත්තා ...

හිස්මුදුනට වැටුන සීතල වතුර ඇගම හිරිගම හිරිවට්ටවනකොට ඇහැට පේන්නෙ නැති ශැම්පු පැකට් එක දත් වලින් ඉරාගත්තු මං අල්ලට දාගත්තු ශැම්පු තලිය ඔලුවෙ අතුල්ල ගත්තා....

සිතලයි...සුවදයි....

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා...

හුදෙකලාව සුසුම් හෙලන

හදවත සනසා...

අතීතයේ ගිලිහී ගිය

සතුට රැගෙන යළි වඩින්න

ආරාධනා.....ආරාධනා...

නාගත්තු මම වතුර පනිට්ටුවකුත් පුරවන් හෝද ගත්තු කලිසන් පිහා ගත්තු තුවාය....සබන් පෙට්ටිය මේ ඔක්කොම එනකොට අරන් ආව කලුපාට ටියුලිප් බෑග් එකේ ඔබාගන අඩිය ඉක්මන් කරලා වලව්වෙ කුසිය අස්සට දුවනකොට මට අදත් බේබි හාමුගෙ කාමරෙන් සින්දුවක් ඇහුනා...

අමරදේව මාස්ටර්ගෙ ආරාධනා සින්දුව....

මං වටපිට බැලුවා.....බිබික්කම නෑ....කිව්ව වගෙම කෝපි බෝත්ලේට කෝපි කුඩු ටික පුරවලා අතුරුදහන් වෙලා....අතපය තියනවා නම් කෝපි එකත් උඹම හදාගනින්කො....මං දැන් යනකොට මුලු පොල් වත්තම අන්දකාර වෙනවනෙ.....උඹට නම් මොකද හාමු....හුලු අත්තක් අවුලගන තමයි යන්න වෙන්නෙ.....

මම වලව්ව අස්සට එබිකම් කෙරුවා...හාමුවා නැ....තවත් එබිකම් කරන එකේ තේරුමක් නැති හන්දම මං හාමුට කෝපි හදන්න ගෑස් ලිප ඇවිලුවා...අපි නම් බොන්නෙ ලොකු ජෝගුවකට කෝපි කුඩු සීනි දාලා හොදට නටවපු වතුර ඒකට දාලා කූරු ගාන එකනෙ....ඒත් ඉන්ධර් හාමු එහෙම නෙවෙ... ඇලුමීනියම් වලින් හදාපු කෝපි හදන්නම වෙන් වෙලා තිබුන දිග අතට යකඩ අඩුවක් ආව පුංචි භාජනේට කෝපි හැදි දෙකක් එක්ක බොන ප්‍රමානෙට වතුර දාලා ඒක ලිප තියන එක.....

මං සීනි බෝතලේ ලගට ගත්තා.....සීනි හැදි එකයි කාලයි...ඒකත් මේ කන් හාරන හැන්දක් සයිස් හැන්දකින්.....හාමු පැනිරස කන කෙනෙක් නෙවෙ....තෙල් කන කෙනෙකුත් නෙවෙ....පුදුම පරිස්සමක්...හැබැයි ඉතින් තුන් ජාතියෙම්ම මස් ගිලිනවා...මස් මාලු කරවල බිත්තර වරදින්නෙ නෑ...ඒ උනත් උයනකොට ඉතින් හරී සකසුරුවම්...වැඩිය ලුණු බෑ.....වැඩිය තෙල් බෑ.....ජීවිතෙන් වැඩි හරියක්ම බඩගින්නෙ ඉන්න අපි නම් අනේ එහෙම නෑ....අතට අහුවෙන්නෙ මොනවද....වහ උනත් කමක් නැ...ගිලිනවා...

සුවදම සුවදයි.....

මෙ දැන් බැදාපු කෝපි කුඩුවලින් හදාපු කෝපි එකේ සුවදින් මුලු කුසියම වැහිලා යනකොට උතුරන්න ඔන්න මෙන්න හැදුව කෝපි එක මං බෑවා...දැන් තියෙන්නෙ මන්ඩි ටික යන්නෙ නැතිවෙන්නෙ හරීම ප්‍රවේසමෙන් කෝපි එක මල් වැඩ දාපු අඩු කෝප්පෙට වක්කරලා සිනි දාන එක....

ඔන්න හරි.....මගෙ වැඩෙත් ඉවරයි.. .....අමරදේව මාස්ටර්ගෙ සින්දුවත් ඉවරයි..හැබැයි ඉතින් තව සින්දු යාවි...මට අහන් ඉන්න බැරි වේවි...

මං කෝපි එක තියලා යන්න හැදුවා.....හැබැයි....යන්න හදපු මට නවතින්න උනා.....

ඇසල...

බේබි හාමු....

හැදුවද....

ඔ..ඔව්...හාමු...මහත්තයා ...

ම්න්.....

අමරදේව මාස්ටර්ගෙ සින්දුවෙ අවසානම වචන ටිකත් ගිහින් තත්පර ගානක් ගියා...මෙතනින් එහා සින්දු යන්නෙ නැද්ද මන්දා....දැන් ඉතින් අතපය තියන බිබික්කමට මේක පුදන්න එපැයිනෙ.....

යන්න හදාපු මං අත් දෙක පිටිපස්සට බැදගන උන්න ඉන්ධර් හාමුට පීරීසියෙන් වහපු කෝපි කෝප්පෙ අරන් යනකොට මේ තත්පර ගානට මීක් නැතිව උන්න හාමුගෙ කැසට් එක ආයම වැඩකරන්න ගත්තා ....

ඒකත් අමරසිරි පීරිස් මහත්තයගෙ මගේ පුංචි රෝස මලේ .....

මගෙ පුංචි රෝස මලේ

මමයි නුඹේ වියපත් බඹරා.....

නුඹ හීනෙන් වත් නොදකින කුමරා.....

කලුවර රෑ සදක් වගේ

ඇවිදින් ඔබ ඉන්නවා නම්

ආසයි මම නොකී කවිය ඔබට කියන්න...

රහක් නෑ...ඔබ බැස යන්න.....

මගෙ පුංචි නවාතැනේ

ඇවිදින් සැරි සරනවා නම්

ආසයි මම කවුළු පියන් ඇරලා තියන්න

තරහක් නෑ...නෑවිත් ඉන්න.....

ඇසල....

බ්..බේබි හාමු...

මොකද...දෙන්න කල්පනාවක් නැද්ද.....ම්ම්ම්ම්ම්

මං උන්නෙ පඹගාලක පැටලිලා වගේ.....කෝපි කෝප්පෙ අතට දුන්න මං අමරසිරි පීරිස් මහත්තයගෙ සින්දුවට වහවැටිලා උන්නා.....බේබි හාමු ඉන්නකොට ඇරුනම සින්දුවක් නොදාන වලව්වෙ හාමු ඉන්නවා නම් දැම්මෙම සින්දු වෙනුවට අධිමාත්‍රා වෙනකොට හාමුට කෝපි එක දුන්නත් මන් ඒක එකපැත්තකින් තදින් අල්ලන් ඉද්දි මට වඩා උස මටත් වඩා හැඩි දැඩි ඉන්ධර් හාමු මගෙ මූනට පහත් වෙලා අර නපුරු ඇස් හීනි කරගනම මගෙන් දෙන්න හිතක් නැතිවද අහනකොට අමරසිරි පීරිස් මහත්තයා වියපත් බඹරෙක් පුංචි රෝසමලකට ආදරේ කරන කතාවක් තාලෙට කිව්වා....

ස්..සමා වෙන්න බේබි...හාමු...

හැම එකටම සමාව....උඹ මේකට සීනි දාලා නෑ කියල කිව්වොත්..ඒකටත් සමාව ඉල්ලනවද....?

බේබි හාමු...මං...සීනි දැම්මා....වෙනදාගානමයි....

ම්න්....එහෙනම් ඇයි අද මට රස දැනෙන්නෙ නැත්තෙ....ම්ම්ම්

මට මැරෙන්න හිතුනා.....ඇහෙන නෑහෙන ගානට කතා කරන හාමු කොයි වෙලේ ආවේස වෙලා කෝපි එක මගෙ ඔලුවෙ හලයිද කියලා බය වෙලා උන්න මං ඉක්මනට මගෙ අත වකුටු කරලා අල්ල ඇල්ලුවා...

හ් ....හාමු.....මගෙ අතට...බින්දුවක් ...විතර..දාන්න....

මං අත අල්ලනවත් එක්කම නපුරු ඉන්ධර් හාමු මගෙ කරගැට පිරිලා පදම් වෙච්ච අත දිහා බලලා නපුරු විදිහට කටකොනකින් හිනා උනා...

ඉදා...බීපන්. .බීලා බලලා මට කියපන්...

හ්..හාමු...මං....වෙන...පීරි

නෑ..... මේකෙන් බීපන්...

මට කරකියා ගන්න දෙයක් නැති උනා..සීනි රස බලන්න කෝපි බින්දුවක් අතට ඉල්ලුවත් නොදුන්න හාමු මගෙ දිහාවට අර මල්වැල් තිබුන කෝප්පෙ දික් කරනකොට මං මම බොන පතුරු ගියපු බෙලෙක් කෝප්පෙ ගන්න හදනවත් එක්කම ඉන්ධර් හාමු ගිගුරුවා...නෑ මේකෙන් බීපන් කිව්වා....

අනේ දෙයියනෙ....මන් කොහොමද එහෙම කරන්නෙ

.

සමාවෙන්න බේබි හාමු...ඔය වගේ කෝප්පයක් අල්ලන්නවත් නොදෙන අපි....ඔය වගේ කෝප්පෙකට කටගැහුවයි කියලා

උඹ බොනවද...මං මේක උඹගෙ ඔලුවෙ ගහන්ඩද ...???

බ්...බෙබි....අනේ..අනේ...එපා හාමු...මං....

මෙහෙම බීපන්.....

මං හිතුවා හරි නපුරු ඉන්ධර් හාමු රවාගන මගෙ දිහා බලම් ඉදලා මේක උඹගෙ ඔලුවෙ හලන්ඩද අහන ගමන් කෝප්පෙ මගෙ ඔලුවට ඉහලින් අල්ලනවත් එක්කම අසරන උන මං ඉන්ධර් හාමුට එපා කියලා අත් දෙක දික් කෙරුවත් ඉන්ධර් හාමු මගෙ අතට කෝප්පෙ නොදි එයාම අල්ලගන මෙහෙම බීපන් කියන ගමන් කෝපි එකට චුට්ටක් පිඹල මගෙ කටට ලන් කරනකොට මං හරි බයෙන් වගේ කෝපි උගුරක් සුරුස් ගාලා ඇදල අරගත්තා...

බ්..බේබි...හාමු....

මදිද...නැද්ද....

තව...චූට්ට...ක්..දාන්නද...

ම්න්...

.ඇති යාන්තන් මං මරන මංචකෙන් මගෙ හුස්ම බේරගත්තා ...බය වෙලා උන්න මට හාමුම පොවාපු කෝපි උගුරෙ රස නිකමට වත් දැනුනෙ නැති උනත් මං සීනි හැන්දක් දාන්න අහද්දි ඉන්ධර් හාමු හූ මිටි තිබ්බා මං සීනි බෝතලේ ගන්න හැරුනා.....

..කලුවර රෑ...සදක් වගේ.....

ඇවිදින් ඔබ ඉන්නවා නම්.....

කෝපි එකක් හදලා දෙන්න ආව මම පන බයේ ගැහෙනකොට මේ මොකුත් නොදන්න අමරසිරි මහත්තයා කිසි කලබලයක් නැතිව වියපත් බඹරා එයාගෙ රෝසමලට කලුවර රෑ හදක් වගේ ඇවිල්ලා උඹ ඉන්නවා නම් මං ආසයි කියපු නැති කවිය උඹට කියන්න කියනවත් එක්කම මං සීනි හැන්දකුත් අරන් ඉන්ධර් හාමු දිහා බලනකොට හිනාවක්ද...නැති නම්...හිනාවක් වගෙ මායාවක්ද කියල හොයාගන්න බැරි හිනාවක් මූනෙ තියන් උන්න බේබි හාමු එයාගෙ මහපට ඇගිල්ලෙන් කෝප්පෙ දාරෙ හිමින් පිරිමදින ගමන් උන්නා වගේම එක පාරම මම කට තියපු තැනටම කට තියලා මොකුත් නොවුන ගානට කෝපි උගුරක් බොද්දි මගෙ අතේ තිබුන සීනි හැන්ද සලාන් ගාන සද්දෙත් එක්ක බිම වැටිලා ගියා....

සලා....න්!!!

.

🌼හැමෝම පරිස්සමින් ඉන්ඩ....ආතරෙයි.....

පයිස්සමින් ඉන්ඩෝ!!

.මම

ජොබී.මු.කා.හ.කැ.!

Nedeesha ....

More Chapters