LightReader

Chapter 5 - 05

ඉන්දර්හාමු යන්න ගියා ගියාමයි...ආය පැත්ත පලාතෙ ආවෙ නෑ....

චිත්‍රයක් දැක්කා කියලා...බැලුවා කියලා මනුස්සයෙක්ට මෙච්චර තරහා යනව දැක්කමයි.....

අනික මම ඒක හරියටම දැක්කෙත් නෑ....ඇස් දෙක හරිය විතරයි දැක්කෙ....සම්පූරනම චිත්‍රෙ දැක්කා නම් හාමු මාව මරනවනෙ.....

පුදුම මනුස්සයෙක් තමයි....

ඉන්ධර් හාමු විතරක් නෙවෙ...මහ මැනිකෙත් එහෙමයි...මහ හාමුත් එහෙමයි...අනෙ මන්දා මොන ජාතියෙ පවුලක්ද කියලා .....ඉන්නෙත් මේ නකි හාමුවා විතරයි ....ඉරුගල්බන්ඩාර වලව්වට රට වටේම ඉඩ කඩන් තියනවා.....ඉහෙ කෙස් ගානට බැංකු පොත් ඇති...පොල් ආදායම් එනවා.....එච්චර තිබිලත් තමයි උන් අපේ කුඹුරු කෑල්ල සින්න කරගත්තෙ...

උන්ට බැනල තේරුමක් නෑ...මෙව්වා අපේ අප්පච්චිලාගෙ බේබදු කම් මිසක්...

මං හිමින් හිමින් රෙදි ටික නවන්න ගත්තා...එකක් නෑරම හරි පිලිවලට තිබ්බා ..ආයම එකක් එහා මෙහා වෙලා තිබුනොත් මේ මනුස්සයා මහ රෑ හරි ඇවිදින් මාව එක්ක ඇවිත් එහා මෙහා උන ඇදුම ආපහු හදල තියන්න කියයි.....

බඩගිනි....අත් දෙක කැඩෙන්න වගෙ..කීයෙ ඉදන්ද මේ.....දැන් නම් දෙකත් පහු වෙලා ඇති...

ඇතුලෙ කුසියෙන් එන එක එක සුවදවල් වගේම පිගන් එහා මෙහා වෙන සද්දත් එක්ක මට ඈනුමක් ගියා.....

අම්මා මොනවා ඉව්වද දන්නෙ නෑ...කඩේටවත් යන්න ඕනද දන්නෙ නෑ....කඩේට යන්න ඕනා උනත් යන්නෙ කොහොමද නංගිව තනිකරල යන්න බෑනෙ....

මුලු අල්මාරියම මගෙ යට බැනියමෙන් පිහදාපු මං හැම ඇදුමක්ම නවලා අවසානෙදි අල්මාරි කකුල් පවා පිහදැම්මා...ගලවලා දාලා තිබුන ඇද වියන මේ ඔක්කොම ආයම එල්ලපු මන් ඇදේ තිබුන බීරලුවක් බීරලුවක් ගානෙ පිහදැම්මා....

දැන් ඉතින් ඇද රෙද්දක් දාපන්කො.....මේ මනුස්සයා මාව මරන තරම් තරහකින්නෙ එලියට ගියෙ...මැනීකෙගෙන් අහලත් බෑ....මහ අමුතු ලයින් නාකි හාමුවට තියෙන්නෙ ...අපිට ඕන එක දැම්මොත් හාමුවා අනිවාර්යයෙන්ම ගලවලා විසිකරනවා...මහ මුරන්ඩු නාකියෙක් ඒකා.....

ඉවරද උඹ අස් කරලා....

නැ.මැනිකේ මන් බේබි හාමුව හොයන්නෙ...

මොකටද

මේ ඇද රෙද්ද මොකක්ද අහන්න.....තිබුන එක මාරු කෙරුවා....බේබි හාමු ඉන්නවයි මැනිකෙ

බේබි හාමු කනවා...ඩිංගක් ඉදින්....දැන් ඒවි....

හොදමයි මැනිකෙ ....

මං හරි යටහත් විදිහට මහ මැනිකෙගෙන් ඉන්දර් හාමුව ඇහුවා..... ඒ අස්සෙන් ඇතුලෙ කුසියෙන් බැදුම් සුවදවල් එනකොට මගෙම කරුමෙට බඩෙ උන්න පනුවොත් කෑ ගහන්න ගත්තා...ටිකක් නෙවෙ ඇතුල් කුසියෙ ඉදන් කන බේබි හාමුටත් ඇහෙන්න ඇති..... 

මං එන්න හැරුනා...පොල් කුඩු දාලා දාලා පන යනකන් අත් කඩාගන කොදු කඩාගන සතියකට සැරයක් මදින රතු පාට සිමෙන්ති පොලව දිලිසනකොට අස් කරාපු කාමරේ මට ඉදගන්න කියලා තැනක් නැතිම කමට මං බේබි හාමුගෙ ඇද කකුලට පිට දීලා ඉදගත්තා ....නිකන් නෙවෙ .අතපය හතරම දිගෑරන්.....

අත්වල ආව කරගැට පුපුරලා ගිහින්....අත් දෙකම පදම් වෙලා...හෙට ඉදන් ගුනේ මාමගෙ අත් උදව්වට යනවා කියන්නෙ...මං හිතන්නෙ මගෙ අත් දෙක හෙටින් පස්සෙ ගලක් වෙලා යාවී.....

මම එහෙම්ම වේදනා දෙන අත් දෙක දිහා බලලා එහෙම්ම මගෙ කකුල් දෙක දිහා බැලුවා...අනුන්ගෙන් හම්බෙන සපත්තු ඇරුනම මට මතක ඇති කාලෙක කවදාවත් අලුත් සපත්තු ජෝඩුවක් මම දාලා තිබුනෙම නෑ...අඩුම ගානෙ අලුත් සපත්තු කුට්ටමකින් එන සුවදවත් මං දැනන් උන්නෙ නෑ...දුප්පත් කමෙ තරම දන්න නිසාමද කොහෙද මටවත් සුද්දිට වත් කවදාවත් රබර් සෙරෙප්පු දාන් එනවයි කියලා කිසීම කෙනෙක් මොකුත් කිව්වෙ නෑ...මොනවා කියලා කියන්නද....මෙ අවුරුදු ගානටම සුද්දි විතරයි ඉන්ටර්වල් එකට කන්න මොනවා හරි ඔතන් ගියෙ ..ඔතන් ගියේ කියන්නෙ ...හුගාක් දවසට අරන් ගියේම කලින් දවසෙ ඉතිරි හීල් බත් ටිකක්...හැමදාකම මගෙ ඉන්ටර්වල් එක ගෙවුනෙ පුස්තකාලෙ අස්සෙ...

මායි සුද්දියි කියන්නෙම දුක් විදින්නම ඉපදුන උන්ද කොහෙද .....ඒ ගොඩටම අම්මත් වැටුනා...

බේබි හාමුට පින් සිද්ද වෙන්න අලුත් යට බැනියම් ටිකක් නම් හම්බුනා...අනේ අම්මො.මේ ටික දැන් ආය ඇස් වගෙ පරිස්සම් කරන්න ඕනෙ....අප්පච්චි කෙනෙක් උන්නා කියලා යට කලිසමක් වත් අරන් දෙනවද නෑනෙ.....

ගුනේ මාමට අත් උදව් දෙන්න ගියෝතින් අනිවාර්යයෙන්ම දවස් පඩි ගෙවාවි....අඩුම ගානෙ රුපියල් දහක් වත්.....පැය කීය උනත් කමක් නෑ...කොන්ක්‍රීට් අනන්න...අත් වැඩ දෙන්න.....ඔව්වා නේන්නම්...ගෝලයන්ට මං හිත්න්නෙ දාහට වඩා වැඩී...ඒත්...මේ වැටිලා ඉන්න තත්වෙ අනුව...මට දහක් වත් හම්බෙනවා නම්...අර කඩේ මූසලයගෙ ණය ගෙවලා දාන්න.....

මං මගෙ ඔලුව ඇදෙ ගැට්ටට තියා ගත්තා...ඇගේ මහන්සියටද කොහෙද මට නින්ද යන්න ආවා උනත් ගෙදර ප්‍රශ්න මතක් වෙනකොට නින්දත් පැනල දිව්වා.....

මුදලාලියට මොනවද දන්නෙ නෑ අම්මා එක්ක කතා කරන්න තියෙන්නෙ.....

ඇරපු ජනෙල් පියන් වලින් එලිය බලන් උන්න මට ඇසල ගස් පේලිය මෙතනට පෙනුනා...මුදලාලියා අම්මට එන්න කිව්ව වෙලෙ ඉදන් මොන හේතුවටද මන්දා මට මතක් උනේම සයිමන් නවගත්තෙගමග් "සුද්දිලාහෙ" කතාව වෙනකොට ඒකෙ ඉන්න මුදලාලියා සුද්දිව අරන් කැලෑ කැලෑ ගානෙ රිංගපු හැටි අකුනු පුපුරනවා වගේ ඔලුව අස්සෙ එහා මෙහා සල්මන් කරන්න ගත්තා .....

.කාලකන්නියා...ඉන්නෙත් කොන්දක් පන නැති කොයි වෙලෙත් සිහියක් පතක් නැති මිනිහෙක් කියලා දන්න හන්දා මුදලාලිය බලන්නෙ ණය මුදලට අම්මව හිලව් කරගන්ඩ වෙන්න ඇති.....

මං දත්මිටි කෑවා..දුප්පත් කමෙ අන්තෙ උන්නත් අම්මව විකුනන් කන්න තරම් තිරිසනෙක් නොවුන මට මුදලාලියගෙ බොටුව මිරිකන්න හිතුනා...

මේ ඔක්කොම අප්පච්චි ගෙ වැරදි.....මේ හැම දේම අප්පච්චි හෙ වැරදි...

මම මගෙ ඔලුව ඇද විට්ටමට හේත්තු කරගන නිදා වැටි වැටි කල්පනා කර කර ඉන්නවත් එක්කම ඉන්ධර් හාමු ඇතුලට ආවා....

හ්...හාමු....

....

බේබි හාමු....ඇදට කවරයක් .....

කාමරේට ආව ඉන්ධර් හාමු නෙවෙ මගෙ මුනක් දිහා බැලුවෙ...ඒ වෙනුවට කෙරුවෙ අල්මාරිය ඇරලා ඇද රෙදි දිහා බලන් ඉන්න එක වෙනකොට මම අනිත් පැත්ත හැරිලා මගෙ දැවිල්ල ගත්තු අත් දෙකට පිඹින්න ගත්තා...

ඉදා...මේක දාපන්....

තනි සුදුපාට....ආයමත් තනි සුදු පාට....මේ මනුස්සයා පුරවන් ඉන්නෙම තනි සුදුපාට.....රේන්ද මෝස්තර විච්චූරන නැති නිකම්ම නිකන් ඇද රෙද්දක් ඇදට දාපු හාමු ඒක දිහා බලලා ඇහිබැම රැලි කරගත්තා .....

බලපන් ඕක අස්සෙ මල් මෝස්තර මගුල් තියනවද කියලා ....

උනුවතුරෙ තම්බලා සුවද දියර ජාති සීයක් විතර දාලා හෝදලා ගිනි ගහන අව්වෙ වෙනුවට හුලගින් වේලවලා එක කුඩු වෙච්ච පාරක් නැතිව යන්න මැදලා නවලා තිබ්බ ඇද රෙද්ද දිහා බලපු බේබි හාමු ඒක දිගෑරලා මල් මෝස්තර තියනවද බලන්න කියනකොට මං මගෙ අත් දෙක පුලුවන් තරන් ඇදිවතෙන් පිහදගන අර ඇද රෙද්ද දිගෑරියා... 

ඔ..ඔව් හාමු....මේ සුදු පාටම මල් මෝස්තර වගයක් තියනවා....

....

ඒත් ඒක බැලූබැල්මට පේන්නෙ

විසිකරපන්....

හ්...හමු

මං කිවේ විසිකරපන් කියලා ....

"අපරාදෙ "අච්චර වටින ඇද රෙද්ද විසි කරන්න කියනකොට මට ඒක විසි කරන්න ලෝබ හිතුනා....මං ඒක දිගෑරන් ඒක දිහා බලාගන උන්නා.....පැදුරු වල නිදියන අපිට මේවා කොහෙන්ද...ඇරත් මේක දුන්නා නම් පොරවගන්නවත් තිබුනා

උඹ මනාපද ඕකට ම්ම්ම්

ඉ..ඉන්දර් හාමු....

මාව ගැස්සිලා ගියා.....ඇද රෙද්ද දිහා බලාගන උන්න මගෙ ගාවට ආව හාමු මගෙ අතේ තිබුන ඇද රෙද්ද දිහා බලාගන හරි හිමීට උඹ මනාපද කියලා අහනකොට ඇදක් නැති මම මේක අරන් ගියත් තේරුමක් නැති හන්දා හාමු දිහා බලලා හිනා උනා....

මනාපයි හාමු...මේක...හරි චාම්....මේකට හොදටම

එහෙනම් දාපන් ඇදට....

මට ඉතිරි ටික කියන්න හම්බ උනෙ නෑ...විසිකරපන් කියපු ඇදරෙද්දම ආපහු මං ලව්වා දාගත්තු ඉන්දර් හාමු එකම එක රැල්ලවක් වත් නොහිටින්න හදාපු ඇද දිහා බලාගන ඉදලා අර පුරුදු නපුරු බැල්මම දාලා මගෙ දිහා බලලා මිමිනුවා....

"ලස්සනයි..."

ඇසල....

ඉන්ධර් හාමු....

උඹ යන්ඩද....

එහෙමයි හාමු.....

යන්ඩ කලින් මේන් මේක මගෙ ඔලුවෙ ගාපන්...

යට බැනියම් පිරුන උරෙත් තුරුල් කරන් යන්න හදාපු මාව ආයමත් බේබි හාමු නවත්තගත්තා...

නාකි හාමුවට බනින්න වචන දාහක් කටට ආවා උනත් පපුවට තුරුල් කරගන උන්න යට බැනියම් වලින් ආව අලුත් පුසුඹ හන්දම මට බැනගන්න බැරි වෙද්දි මං ආපහු හැරුනා....

හාමු....

ම්න්න්.....

මං අත් දෙක හෝද එන්නද...අත්වල දූවිලි...

ම්න්....

මට පිටිපස්ස හරවන් උන්න ඉන්ධර් හාමු පිලිවලකට බෙහෙත් බෝතලේ අඩුක් කරාපු රවුම් වට්ටියෙ තිබුන බෝතල් වගයක් අතගගා ඔලුවට දාන තෙල් එක හෙව්වා...

හැමදාම ගානවා තමන්ගෙ ඔලුවට ගාන තෙල් එක මතක නෑ..ඒකට මොකද කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක්ලු....මේ කාලෙත් ගිහින් ඉගැන්නුවොත් ග්‍රැජුවේට් වෙන උන්ට ගන්න වෙන්නෙ මූලග්ගිනි උපාදිය තමයි...කොච්චර කැඹිරුවත් මදි මුන්ට...

මොනවද බොල තනියෙන් කුටු කුටු ගාන්නෙ තොටත් සන්නිය ගහලද

ල්...ලොකු මැනිකෙ....

පහල කුසියට ගිහින් අත් දෙක හෝද හෝද උන්න මාව එක පාරම ගැස්සුනා.....බේබි හාමුට හිතින් බනින්න ඕන දේවල් මන් කටින් කිය කිය බැනල තියනකොට මෙ අවේලාවේ පහල කුසියෙ මායන් වෙවී ඉදපු ලොකු මැනිකෙට මම කුටු කුටු ගාන එක ඇහිලා තිබුනා...

.ඉදා මෙන්න උඹගෙ බත් එක...මේක කාලා පලයන් දැන් ගෙදර ගියාට කන්ඩ දේකුත් නැතුව ඇතිනෙ.....මේන් මේ මාලු වල්ගෙ බේබි හාමු කාලා ඉතිරි වෙච්ච එක.....විසි කරන්නෙහෙම නෑ...අපරාදෙ.....ඇබිත්තයි කාලා තියෙන්නෙ.....විසි කරන එක පව් උඹගෙ බත් එකට දාන්ඩ කිව්වා...පේනවනෙ....උඹලට හාමු සලකන හැටි...හ්ම්හ්ම්.....කාලා කරලා කුසියෙ දොර වහන් යමන්...නැත්තන් දඩාවතේ යන බලු හැත්ත රිංගාවි...

හොදමයි මැනිකෙ.....

.

සබන් දියර දාලා අත් දෙක හෝදනවත් එක්කම මගෙ අත් දෙක දැවිල්ල ගන්න ගත්ත....ඒත් අර මනුස්සයට ඔලුවට තෙල් නොගා යන්නත් බෑ...හෙට වෙද ගෙදර යන්න කලින් ආයම අර ඔලුවෙ කැක්කුම ගැහුවොත් ඒකටත් මට වග කියන්න වේවි....කමක් නෑ...බේබි හාමුගෙ ඔලුවට තෙල් සාත්තුව දැම්මට පස්සෙ මං නිදහස්නෙ...

දැවිල්ල ගත්තු අත්දෙකට පුලුවන් තරම් පිඹපු මං අවසානෙදි මැනිකෙ මට කාලා පලයන් කියාපු බත් එක දිහා බැලුවා...පුදුමයි..මාලු කෑලි දෙකයි.....දෙකයි කිව්වට එකක් ඔලුවක්...අනික...අර හාමු කෑවයි කියපු එක...කිව්වවත් වගේ ඒකෙන් කාලා තියෙන්නෙ ඇහැට පේන්නෙ නැති කෑල්ලක්...මේ මනුස්සයා බෙදාගන්නවා විතරයි කන්නෙ නෑ....එක අතකට හොද වෙලාවට හාමු ඒක විසිකරන්න එපාය කිව්වෙ....අර ඔලුවෙ කන්න දෙයක් ඇත්තෙම නෑ....

මිරිසට හදාපු මාලුයි...රතු අලයි බෝංචි තෙලට හදාපුවයි මලවපු මැල්ලුමයි...සත්තයි තිබුන බඩගින්නෙ හැටියට හාමුගෙ ඔලුව යකාට ගිය දෙන් කියලා මට මෙතනම ඉදගන කන්න හිතුනත් අම්මගෙයි නංගිගෙයි කහ ගැහුන ඇස් දෙක මතක් වෙනකොට මට බඩගින්න නැතිව ගියා....

කතාවක් තියනවනෙ වෙරලු ගෙඩියත් හත් දෙනෙක් බෙදාගන කැවයි කියලා ...එහෙම එකේ මං කොහොමද මෙච්චර රස බත් එකක් තනියෙන් කන්නෙ...අපේ ගෙදර ගිය සතියෙ මාලු ඉව්වට පස්සෙ අද වෙනකන් මාලුවක් ඉදුන් නෑ....

මං බත් එක එහෙම්ම පත්තර පිටුවකින් වැහුවා...කොච්චර ලෝබකම් කෙරුවත් අපි කන බත් පිඩක් ගානෙම මැනිකෙලාට පින්....

බේබි හාමු...

.....

බ්..බේබි...හාමු....

අත් දෙකත් පිහදගත්තු මන් කාමරේට එනකොට ඇද විට්ටමට කොට්ටයක් තියන් ඇදේ දිගෑදිලා උන්න ඉන්ධර් හාමුට නින්ද ගිහින් තිබුනා.....

නිකන් නෙවෙ....සින්දුවකුත් දාගන....තනිම කලු බතික් සරමක් විතරක් ඇදන් උඩට මොකූත්ම නැතිව උන්න බේබි හාමු අර "පෙත්තක් "වගෙ තුනී ඵෝන් එක මුනින් අතට හරවලා පපුව උඩින් තියන් ඇස් පියාගන ඉන්නකොට එක පාරක් දෙපාරක් කතා කරපු මට ඊලග පාර කතා කරන්නත් ලෝභ හිතුනා....

ගහක මල් පිපිලා ....

පිපෙන්නෙ...ඇයිද නොදන්නෙමි .....

සිතක මල් පිපිලා....පෙපෙන්නෙ...

ඇයිද නොදන්නෙමි

නුඹට හිත බැදුනේ...කිමැයි මා....තවම නොදන්නෙමි

නුඹට සිත බැදි කාරනේ මා තවම සොයන්නෙමි....

පුදුමයි...මේ දවස් දෙක තුනක ඉදන් හාමු බිබික්කමට සින්දු අහන්න හිතිලා.....අනිවාර්යයෙන්ම මේ ඊයෙ පෙරේදා බලන්න ගියපු වලව්වෙ කුමාරි හාමි බේබි හාමුට කැමති ඇති.....එක අතකට ඒකත් හොදයි...එතකොට වත් මේ මූනම අඩුවෙයිනෙ....ඒත් ඉතින් ඒ කුමාරිහාමිත් වඩින්නෙ මෙහෙටනෙ... ඒකි මොන වගේ වෙයිද කව්ද දන්නෙ

කවුරු ආවා ගියා උනත්...සංසාර කරුම ඉවර වෙනකන් අපි මෙ වලව්වට දිය වෙන්න ඕනෙ....

තත්තපර දෙකතුනක් හාමු මහත්තයගෙ මූන දිහා බලන් උන්න මං එතනම තිබුන තෙල් කුප්පිය අතට ගත්තා .....දැන් ඉතින් සබන් වැදුනට හපන් වෙයි....දර පැලුවා වතුර ඇද්දා.....මේ ඔක්කොම කරනවා ඇස් දෙකෙන් දැක දැකනෙ මේ මනුස්සයා තව ඔලුවට තෙලුත් ගාවගන්නෙ.....

නාකි බිබික්කම....අනේ බේබි හාමු උඹ ඉක්මනට බැදපන්...එතකොට උඹගෙ මැනිකෙ තෙල් අතුල්ලයිනෙ...

හිතින් කියව කියව උන්න මම තෙල් කුප්පිය අතට ගත්තු මං රතුපාට පුංචි මූඩිය බුරුල් කෙරුවා

අද වෙන තෙල් ජාතියක්දෝ මන්දා ....

නැත්තන් හාමුට වැරදිලාවත් ද???මේක නෙවෙ ඔලුවට ගාන එක.....

මූඩිය ගලවපු මං දෙපාරක් තුන්පාරක්ම කුප්පියට ඉව කෙරුවා ....ඔලුවට දාන එකෙන් එන්නෙ ම්වෙ සුවද නෙවෙනෙ .....ඒක තනිකරම බෙහෙත් සැරයි මහ අමුතුම කුයිලක් ඒකෙන් එන්නෙ .....ඒත් මේකෙ එහෙම නෑනෙ

බේබි හාමුට කතා කරලා එක්කො ඇහුවනම් හරි....නොදන්න මගුල් ඔලුවට හලලා මේ මනුස්සයාගෙ කොන්ඩෙ ගියොත් අනෙ දෙයියනෙ මාව දඩු කදෙ ගහාවි...ඒ ගහලා නැවතුනොත් ඇති.....

බේබි හාමු....මේ තෙල් එක.....

මං ආයමත් කතා කෙරුවා ....ඒත් හාමුනෙවෙ ඇහැක් ඇරියෙ මීට එහා ඇහැරවල කතා කරන්නත් බය හිතුනා....ආයම කිව්වොත් එහෙම නින්ද කැඩුවා කියලා බිබික්කමට නැති ප්‍රශ්නත් ඔලුවට එනවනෙ...

කරන්නම දෙයක් නැති තැන අවසානෙදි මං අර පුංචි කුප්පියෙන් තෙල් ටිකක් අතට හලාගත්තා ...අනෙ අම්මේ...සීතලයි...ඇති යාන්තන් මං හිතුවා මගෙ අත් දෙක දැවිල්ල ගනී කියලා .....අතට ගත්තු තෙල් ටික අත්වලි අතුල්ලන් මං බේබි හාමුගෙ ඔලුවට තෙල් ගාන්න ගත්තා....තෙල් ගානවා කියන්නෙ අතට තෙල් ටිකජ් අරන් ඇගිලි තුඩු වලින් මං ඒ හිසකෙස් ටික ටික අහුවෙන්න මසාජ් කෙරුවා

නාකි බිබික්කමට සැප.....කාලා බීලා නිදියන්ඩ මගෙ අත් දෙක කැඩෙන්ඩ එනවා....

මම ආයමත් හිතින් බනින්න ගත්තා....ඒත් තත්පර ගානයි...අර සින්දුව නැවතුනා බේබි හාමු ඇහැරුනා.....දෙවියනේ....ඒ කියන්නෙ හාමු ඉදලා තියෙන්නෙ නිදාගන නෙවෙ...

ගහක මල් පිපිලා සින්දුව ඉවර උන නිසාද කොහෙද ඇහැරුන බේබි හාමු නිකමටවත් මා දිහා නොබලා අර දහස් ගානක් වටින..මට නම් අල්ලන්න පවා බය හිතෙන පත්තර පිටුවක් තරම් ඵෝන් එක මහපට ඇගිල්ලෙන් එහා මෙහා කරාපු හාමු අවසානෙදි ආයමත් සින්දුවක් දැම්මා...

හාමුට සැප වැඩිවෙලාද කොහෙද .....

කුමුදිලියේ....සඳ එලියේ නැහැවෙනා.....

ඒකත් ඔර්ජිනල් එක නෙවෙ ....ස්ලොව් කවර් එකක් දැම්ම හාමු අනිත් පාර ඇද උඩ තිබුන තෙල් කුප්පිය අතට ගත්තා...අනේ මන්දා මේ මනුස්සයා මගෙ බෙල්ල කයිද කියලා ...ඉතින් දෙයියනේ මේක වෙනදට ගාන එක නෙවෙනෙ . .....

හාමු බනින්න කලින් මම ඉස්සර වෙන්නද එක්කො....කොහොම උනත් අවසානෙදි වැරදි කාරයා වෙන්නෙ මමනෙ.....

පොඩි මිනිහා කොහෙත් තැලෙනවා...මං දෙයක් කිව්වොත් බේබි හාමුට ඕන තරම් හේතු තිබුනත්. අපිට හේතු කියන්න කැප නෑ.. ..අපි හැමදාමත් වැරදි. 

බ්...බේබි....හාමු...

ම්න්.....

මේක...මේක නෙවෙනෙ....හාමු....වෙනදට ඔලුවට ගාන්නෙ....

ඇත්තට....මේක නෙවෙද

එහෙමයි හාමු...මේක හරි සුවදයි අල්ලට දාපුවාම සීතලයි .....අර තෙල එහෙම නෑ...බෙහෙත් ගදයි

එහෙනම් උඹ මේක මගෙ ඔලුවට ගෑවෙ අහවල් එකටද?

හ්...හාමු...මං දෙපාරක් තුන් පාරක්ම කතා කෙරුවා....ඒත් හාමු නිදි හන්දා...ම්..මං...මේකෙ...සුවදත් වෙනස්...හන්දා...ම්..මට....බය...හ්...හ්

මං හිතුවා හරි.....මන් ගාලා තියෙන්නෙ වැරදි එක වෙනකොට මාව ගැහෙන්න ගත්තා ...වෙනමොකටවත් නෙවෙ .ඔය තෙල් කුප්පියෙම්ම මගෙ ඔලුවට අනී කියලා .....එහෙන් කුමුදුලියේ එක හිමින් යනවා මෙහෙන් බේබි හාමු පුපුරනවා...තෙල් ගාපු අත් දෙක පුරාවටම තෙල අල්ලන් තියනකොට කොයිවෙලෙත් රවාගන ඉන්න බේබි හාමු තෙල් බෝතලේ මිරිකගත්තා .....

උඹ මේක කොච්චර වෙලාවක් මගෙ ඔලුවෙ ඉලුවද....

ප්....ප්...

අනෙ දෙයියෙන්න...මං පැයක් හමාරක් මේක ඇතිල්ලුවනෙ .. .. .මං කියාගන්නෙ කොහොමද .....කමක් නෑ...මේ මනුස්සයගෙන් මං බැනුම් නාහපු දවසක් නෑනෙ....

කතා කරපන්...උඹට කට පන නැද්ද...

සමා වෙන්න හාමු....පැයක්...හමාරක්

ගනින් මෙහාට උඹගෙ අත් දෙක...

මාව ගැස්සිලා ගියා. .අනේ..දෙයියනේ...මගෙ ඇගිලි කඩාවි අද....මන් කීපාරක් නම් කතා කෙරුවද...ඔය විනාඩි ගානට නින්ද යන්න මේ මනුස්සයා .....

බේබි හාමු යකා වගේ මගෙ අත් දෙක ඉල්ලුවා....මගෙ ඇස් වලට කදුලු පිරුනා...අනේ හාමු උඹ බෙල්ට් එකක් අරන් පාර හිටිනකන් පිට පුපුරනකන් හරි ගහපන්...එත් හම්බකරන් කන්න තියන අත්දෙකට නම් මොකුත් කරන්න එපා කියලා මට කෑ ගහලා අඩන්න හිතුනා.....

කරගැට දාලා දලා ගොරහැඩි උන අත් වල රතු පාට තෙල් පෑය හින්දම දිලිසෙනකොට අත් දෙක ඉල්ලපු බේබි හාමුට මං අත් දෙක දික් කරනකොට මගෙ අත් දෙක වෙව්ලුවා.....

මෙච්චර වෙලාම ඇහුන සින්දුව දැන් දැන් මට මරලතෝනියක් වගේ ඇහෙනකොට බේබි හාමු මගෙ මැනික් කටු වලින් තදිම්ම අල්ලගන එක පාරම මගෙ අල්ලට මුහුන පහත් කෙරුවා ...

බයටම මං ඇස් පියාගත්තා ...බය වැඩිකමටම මට ඇහුනෙ මගෙ හදවත ගැහෙන සද්දෙ විතරක් වෙනකොට හරි අහම්බෙන් මෙච්චර වෙලාම මර ලතෝනියක් වගේ ඇහුන සින්දුවෙ වචන දෙකක් තුනක් එක්ක බේබි හාමුගෙ ගොරෝසු කටහඩ ඇහුනා....

"නිල් දෙනෙතින් මට රහසින් පවසනා..

ආදරේද,ඔබ මාගෙන් සඟවනා...."

"සුවදයි...."

බ්..බේබි...හාමු....

මගෙ ඇගම පන නැති වෙන්න ආවා....අත් දෙකම තද කරලා අල්ලගත්තු හාමු මගෙ අල්ල ඉඹලා සුවදයි කියනකොට බය උන පාරට මගෙ පපුව පුපුරලා යන්න ආවා...ජීවිතෙ කිසිම දවසක නොවුන දෙයක් එකපාරම වෙනකොට මට හුස්ම පවා හිර වෙලා යනකොට මං හරි අමාරුවෙන් වචන ගැටගහගත්තා

මං කිව්වෙ තෙල් එක...අවසිහියෙන් උඹ මගෙ ඔලුවට උලලා තියෙන්නෙ වෙන මගුලක් පලයන් අහකට තවත් බලන් ඉන්නවා...

මගෙ අත් දෙක ඉඹලපු හාමු අනිත් පාර ආයම යකා උනා....තෙල් වල කුයිලෙ බලන්ඩ අත් ඉඹපු බේබි හාමු තරහෙන් වගේ ඇදෙන් නැගිටන් බෝල කූඩුවෙ එල්ලලා තිබුන තුවාය කරේ දාගන මා දිහා රවලා බලනකොට මං බිම බලාගම සමාව ඉල්ලුවා....

සමාවෙන්න බේබි හාමු

සමාව...උඹ හිතන්නෙ වැරදි කරලා සමාව ඉල්ලුවම හරි කියලද ඇසල?

මං...හිතලා....ක්...කෙරුවෙ...නෑ...හාමු....

ඇත්තද...උඹ හිතලා කෙරුවෙ නැද්ද.....ඊලග පාර එහෙනම් ප්‍රවේසන් වෙයන්

බේබි හාමු යන්න හැදුවා.....ඇද උඩ තිබුන තෙල් කුප්පිය අතට ගත්තු මං මේක තවත් කාමරේම තිබුනොත් ඒකටත් බැනුම් අහන්න වෙන්නෙ මට හන්දා යන්න හදපු හාමුව බැනුම් ඇහුවත් කමක් නෑ කියලා මං නවත්තගත්තා...

බේබි හාමු....

.....

මේ තෙල් එක.....මේක...කාමරෙන්ම තියන්නද හාමු....

උඹ හිතුවද මගෙ ඔලුවෙ දියපට්ටා දානව කියලා...?

හ්..හාමු....

අරගන පලයන් ඕක....

.බෙහෙත් තෙල් එක අරන් යන්න කියාපු හාමු තවත් පාරක් රවනකොට මම තෙල් කුප්පිය දාගන්න සක්කුවට අත දැම්මා විතරයි මගෙ දවසම හොද නෑ කියන්නද කොහෙද ඒ අස්සෙන් මගෙ සාක්කුවෙ තිබුන සීනි පේර පොකුරත් එවෙලම බිමට වැටෙද්දි මං පේර පොකුර දිහා නැතුව හාමු දිහා බැලුවා....දැන් ඉතින් මේකටත් හොර නාමෙ අහගන්න වෙනවා.....කෑවා නොකෑවා....මේකත් දීලම යනවා....මහ ලොකු සිනි පේරෙ මුන්ගෙ....

බ්..බේබි.....හාමු....කනව...ද.....වත්තෙන්...කඩාගත්..තෙ....රසයි....මාත්....එකක්....කෑවා.....ඕනෙ...නම්...තියල...යන්නම්....

ම්න්...!!!!

ආදරේද ඔබ මාගෙන්...සඟවනා...

ආදරේද ඔබ මාගෙන්....සඟවනා.....

කරවල සුවදයි...

බේබි හාමුට මොන යකෙක් වැහිලද මන්දා.....දියපට්ටා වලට ගාන එකක් අතේ තියන් උන්නම මං දන්නවද...??

ආදරේද.....ඔබ...මාගෙන්....සඟවනා.....

යට ඇදුම් උරෙත් බදාගන කන්න දුන්න බත් පතයි හාමුගෙ ඔලුවට උලාපු තෙල් කුප්පියයි අරගන පොල් වත්ත මැදින් ආපහු ගෙදර එන මගදිගට මම අර සින්දුවෙ කෑල්ලත් මුමුන මුමුන බේබි හාමුට වෙලා තියන විපරියාසෙත් කලපනා කර කර ගෙදර එනකොට ගෙදරට යන්න කලින් මට එනගමටම කරවල සුවද දැනුනා...

අම්මා කරවල හදනවා ඇති...

අම්මෙ.....

යන යාමටම කෙලිම්ම කුසි පොඩ්ඩට ගියපු මං දුම් කාගන ලිපට පිඹින අම්මව දැක්කා.....

මන් හිතුවා හරි....අම්මා කරවල හොදි හදනවා.....අල ගෙඩියක් එක්ක....දෙකට පලාපු මාලු මිරිස් දාපු කරවල හොද්ද දැක්කත් ඇති මට වලව්වෙ බත් පතට වඩා මගෙ දුප්පත් අම්මගෙ බත් පත කන්න බඩගිනි හැදුනා....

.බඩගිනිද උඹට...

සුද්දි කෑවද අම්මෙ....

එකි එලියට එන්ඩ මැරෙන්ඩ හදනවා...

අයියෙ...උඹ ආවද....මාව එලියට ගනින්කො....

මේකිට පිස්සුද කොහෙද ...

අයියෙ....දැන ඇති මේකෙ උන්නා..මීට වඩා මාව ලොකු වෙන්නෙ නෑනෙ ගනින්කො.....අම්මා එන්න දෙන්නෙ නෑනෙ.....

සුද්දි....මං කිව්වා නේද කෑගහන්ඩ එපාය කියලා .....

අරකි කෑගහනවා....එලියට ගන්ඩ කියනවා...මං කතා කෙරුවොත් ඒකිගෙ කටේ සද්දෙ තව වැඩි වෙන හන්දා අම්මටම උත්තර බදින්න දීලා කට පියාගන

අතේ තිබුන බත් පත ලිප් කන්ද උඩින් තියපු මං ඔක්කොටම කලින් යට ඇද ටික ගෙයින් තිබ්බා....ඉදුල් වත් වැටුනොත් කාට කියන්නද....

සුද්දියව කවදද අම්මෙ නාවන්නෙ.....

ආපහු කුසියට ආව මං වහලා තිබුන මැටි වලද ඇරලා බැලුවා...

කිරිකොස් ....

අනේ...අම්මෙ...බතුයි...කට්ට කරවල හොද්දයි...කිරිකොසුයි...මේකටම බැදපු මිරිස් කරලක් තිබ්බා නම්.....

ඒත් සුද්දියා හින්දා ඔව්වා බදින්න බෑනෙ.....

අනිද්දට.....උඹලත් නැතුව ඒකිව හෙට නාවන්ඩ බෑනෙ...

ම්ම්ම්ම්.....

මහ එකෙක් ඉන්නව...ඌට උඹලා අපි ගැන ගානක් නෑ...බොනවා බොනවා ඉවරයක් නෑ...ගෙදර සීනි ඇටයක් ලුනුඇටයක් නෑ.....කඩේට ගියොත් අරකා බයිනවා නයපොත පෙන්න පෙන්න...දැන් ලමිස්සියෙක් ඉන්න ගෙදරක්....ඒකිට ඕන කරන ඒවා අරන් දෙන්ඩ ඕනා....ඒවත් ගිනි ගනන්...ඒකිට මං රෙදි කෑලි... අන්දන්ඩද.....කටු ඇනගන්නවා ඒකිට තේරෙනවද.....ආසාඅවට පිටි උගුරක් බිව්ව කාලයක් මතක නෑ....ලමයෙක්ට වස්තරයක් අරන් දෙන්න සතයක් නෑ... .....කකුලට දාන බාටාවලට කම්බි අමුනන් අදින්නෙ...

හිරමනේ උඩ උන්ඩි වෙලා වගේ ඉදගත්තු මං ඉහලට හූල්ලගත්තු අම්මා අප්පච්චිට දොස්තියනවා අහගන උන්නා....ඇත්ත...අම්මා කියන්නෙ සහගහන ඇත්ත....ඒකිට රෙදි කෑලි අන්දන්ඩද...ආසාවට පිටි උගුරක් බීපු කාලයක් මතක නෑය කියපු අම්මා ඉල ඇට පෑදුන උරහිස් ගස්ස ගස්ස ඇඩූ කදුලෙන් අප්පච්චි ට බනිනකොට මං මගෙ ඇදල ඇදලම ගෙවිලා තිබුන රබර් බාට දෙක දිහා බැලුවා...අම්මා කිව්ව්ත් වගේ කැඩුන තැන් මං කම්බි වලින් අමුනලා තිබ්බා...

මහ එකා මැරිලා වත් යනවා නම්...

එහෙම හිතන එකත් මහ පව්කාර කමක් උනත්...අප්පච්චි අම්මට අපිට දෙන දෙතිස් වදේ ඉවසන්නම බැරිම තැන....කඩේ මුදලාලියගෙ නොහොබිනා කියුම් මතක් උන තැන ගිනි වතුර බිබී අපිට ගින්දර දෙන අප්පච්චි මැරිලා ගියා නම් කියල මගෙ යටි හිත කිව්වා...ඒකා බීලා බීලා ඇවිත් අතේ පයෙ හිරි ඇරගන්නෙ අපෙන්...එහෙම එකෙක් මොකටද.....

අනේ...අමේ....හ්...මේකෙ...කටු ඇනෙනවනෙ......

මං අම්මගෙ වේදනාවත් සුද්දිගෙ කියවිල්ලත් අහගන පුපුරලා ගියපු සිමෙන්ති පොලවෙන් උඩට එන කලු කූඹියෙක් දෙන්නෙක් දිහා බලන් ඉදලා එහෙම්ම මගෙ කරගැට පිරුන අත් දෙක දිහා බලන් ඉදලා ඉදල හිරමනේ උඩින් නැගිට්ටා....

උඹල ඔය කොහෙද යන්නෙ.....මේ බත් ටික කාල හිටින්...

හිතේ තිබුන තරහව වේදනාව ආවෙගෙ....අසරන කම මේ ඔක්කොම එකට එකතුවෙලා කැලතෙන්න ගන්නකොට මං කුසියෙන් නැගිටලා එලියට පැනලා කඩුල්ල ගාවට යනකොට අම්මා මගෙ පස්සෙන් ආවා.....

උඹ කොහෙද මේ යන්නෙ....නැවතියන්කො....ඇසල.....

කොහෙද යන්නෙ කියපන්කො පුතෙ.....

එකක් ගුනේ මාමා ගාවට....අනික...අපේමහ එකා රිංගන ගුබ්බෑයමට....

ඇසල....ඇසල...අනේ.නැවතියන් පුතේ.....

ඇසල....!

😩ඇසල...

🌼ආයම කොටසකින් එන්නාම්....

ම්ම

ජොබී

Nedeesha !

More Chapters