LightReader

Chapter 4 - 04

ඉන්දර් හාමු...

මාව ගැස්සිලා ගියා ....ඒකලුපාට කාර් එක ඉන්දර් හාමුගෙ කියලා දැක්ක මාව ගැස්සිලා ගියා.... .මොන හේතුවට ආවද...අනික ...ඉන්දර් හාමු කාර් එකේ එනවා නම්...ලොකු මැනිකෙ මොකටද හරකෙක් වගේ මගෙ පිටට මෙච්චර බඩු ගොඩක් පැටෙව්වෙ.....

අලුත් බත් කාපු හින්දද දන්නෙ නෑ.....

මට හුස්මක් පිට උනා....ආව සැනින්ම කාර් එකෙ දොර ඇරලා..ආපිට වහගත්තා ඒකත් එසේ මෙසේ වැහිල්ලක් නෙවෙ....

උඹට ඔච්චරද කොල්ලො.....

ඔ..ඔව් මුදලාලි...

උඹලගෙ නයපොතත දැන් පිරීගන එන්නෙ...කවදද බන් උඹලා මේ ණය ගෙවන්නෙ....දවසින් දවස...දවස....බලපන්....සීනි තේ කොල පරිප්පු උම්මලකඩ ලූනු අල.....හැමදාම ඇවිත් අරන් අරන් යනවා....උඹලගෙ මහ එකාට අරක්කු පැලෙන්ඩ නම් සල්ලි තියනවා.... මෙව්වට ගෙවන්ඩ සල්ලි නෑ...කන්ඩ විතරයි මුදලාලි....උඹලගෙ අම්මට කියාපන් හැන්දෑවෙ ඇවිදින් මාව හම්බෙන්ඩ කියලා ....ණය ගෙවෙන්නෙ නැත්තන් ඒකි ලව්වා මේ කඩේ වත් අස්පස් කරවගන්ඩ...උඹලට පිනට ගිලින්ඩ දෙන්ඩ මට කහන සල්ලිතියනවද....එන්ඩ කියාපිය ඕකිට

අම්මට එබ්ඩ බැරි වේවි...මුදලාලි ....හවසට මන් ඇවිත් සුද්ද කරලා දෙන්නම්

අම්මට එන්ඩ කියාපිය..තෝ අම්මා නෙවෙනෙ...මට තියනව ඒකි එක්ක කාරනාවක් විසදගන්ඩ .. 

පේදිරිස් ...

බ්..බේබි හාමු...

මම බිම බලාගත්තා .....හැමදාම අරන් ගිහින් තියෙන්නෙ එකම සලාකෙ...මට ලැජ්ජා හිතුනා....නෑ...ඊට වඩා මට මහ වේදනාවක් දැනුනා...මගෙ පන්තියෙ උන්න කෙල්ල මා දිහා බලන් උන්න විදිහට මට මහ අසරන කමක් දැනුනා....දුප්පත් වෙන එක ලැජ්ජාවක් නෙවෙ...ඒත් ඒක මහ වේදනාවක්.....ඇරත්...මුදලාලියා සැරින් සැරේම අම්මට අඩගහන්නෙ හොදටකට නෙවෙ කියන්ඩ තේරුම් ගන්ඩ බැරි තරන් මොලයක් නැති එකෙක් නොවුනට මම බිම බලාගන දත් මිටි කනවත් එක්කම යන්ඩ ගිය ඉන්දර් හාමුගෙ කටහඩ ආයමත් ඇහුනා....

ඇසල.....

මං උන්නෙ බිම බලාගන කඩේට ආව ඉන්දර් හාමු කවදාවත් අපි වගේ මුදලාලිට කියවලා බඩු ගන්නෙ නෑ....වලව්වෙ උදවිය කෙරුවෙ කඩේට ගිහින් ඕන කරන බඩුව තෝරන් ඇවිත් මුදලාලිට දෙන එක වෙනකොට ඉන්දර් හාමු රාක්ක අස්සෙ එහා මෙහා කැරකුනා වගේම මගෙ ගාව උන්න කෙල්ල මට හිමීට කතා කෙරුවා ...

මේක ඔයාට.....

චොකලට් බිස්කට් පැකට් එකක්....

කෙල්ල මගෙ අත අරන් චොකලට් බිස්කට් පැකට් එකක් තියනකොට මං ඇස් ලොකු කරලා කෙල්ල දිහා බලනවත් එක්කම ඉන්දර් හාමු පේදිර්ස්ට කෑ ගැහුවා

පේදිරිස් ....

බේබි හාමු

වරෙන් මෙහාට....

මේ එනවා හාමු

මං කඩේ දිහ බැලුවා...හාමු ඉන්නෙ කොයි හරියෙද කියන්න මං දන්නෙ නෑ...හැබැයි කෑ ගැහුවෙත් තරහෙන් වගේ වෙනකොට

මට බැනපු මුදලාලියා ඒකගෙ ඔලුවට ගැටගහන් උන්න ජටාවත් ගලවන් උරහිස උඩට දාගන බයෙන් බයෙන් වගේ රාක්ක අස්සට දිව්වා....

ඇසල.....මේක ගන්න.....

මට එපා.....ඔයා ගන්න....

කමක් නෑ ගන්න.....මං නිකන් මේක ගත්තෙ...අනික අපේ ගෙදර ඔව්වා ඕන තරම් තියනවා....අප්පච්චි ඔෆිස් ගිහින් එනකොට ඕන තරම් ජාති ගේනවා ...

මං අතේ තිබුන බිස්කට් එක දිහා බැලුවා....චොකලට් බිස්කට් එකකක ගනන්....මෙච්චර ගානක් දීලා අපි නම් කවදාවත් මේ බිස්කට් එක්ක් ගන්නෙ නෑ.....ඒකටත් ගන්නෙ වේල් තුන හතරක් පිරිමහන්න පුලුවන් පරිප්පු....

කන්න ආසාවක් නැති කම නෙවෙ....කන්න ආසාවක් තිබුනත්.....දුප්පත් කම ඉස්සරහා අපි ආස කරන හුගාක් දේවල්වලට අපි අකමැති වෙන්න ගත්තා ...ආස දේවල් කී දහක් තිනුනත්....හිතෙ තියන දේවල් එක්ක ජිවත් වෙන්න ගත්තා...මට මතක ඇති කාලෙක අම්මා ගෙනාව එකම විස්කෝතු ජාතිය පොලෙන් ගේන අර කිරලා දෙන එක් විතරක් වෙනකොට මේ ගාන දීලා කවදාවත් බිස්කට් නවයක් නම් අරන් එන්නෙ නෑ...

පත්තර පිටුවෙන් ගහන ගොටුව පිරෙන්නම එක එක හැඩ කපාපු බිස්කට් .....සුවදයි.....හැබැයි.....කල් ඉකුත්වීම් දින නෑ...sls සහතික නෑ...කොහෙන් එනවද...කවුරු හදනවද කියන්න දන්නෙ නෑ...මොන දේ උනත් ඒ කිසිම දෙයක් නැති බිස්කට් ජාතිය මගෙයි සුද්දිගෙයි බඩගින්න නිව්වා....

කවදාවත් පොල පටන් ගන්නකොට යන්නෙ නැතිඅම්මා හැමදාම පොලට ගියේම පොල ඉවර වෙන්න කිට්ටු කරලා...වෙනමොකටවත් නෙවෙ....එතකොට තමයි අතෑරලා යන ගොඩවල් ගහපු එලවලු ඕන තරම් හම්බෙන්නෙ...පුරුකක් සයිස් කැරට් අල..අල ලොකු උනත් පැත්තක් කලු ගහපුවා...

කියන්න ලැජ්ජා නෑ...හැබැයි පුදුම තරම් වේදනාවයි....අම්මගෙ පන් මල්ල පිරෙන්නෙම අතෑර්ලා දාපු තේරුන එලවලු වලින් උනත්...ඒ හැම දාකම අපි උනුබත් එක්ක එක හොද්දක හරි රස බැලුවා...

ස්තූතියි .....

මට සුද්දිව මතක් උනා...ඒකිට දැන් හොදට කන්න ඕනා.....මුලින් මුලින් එපා කියපු බිස්කට් පැකට් එක පහු පහු වෙනකොට මට ඕන කියලා හිතෙන කොට අවසානෙදි මං කෙල්ල දිහා බලාගන ස්තූතියි කියනකොට මං අහගන මොන මොනවදෝ කියලා කෑ ගහපු ඉන්දර් හාමු එක පාරම කඩෙන් එලියට ආවා වගේම කෙල්ල.මගෙ අතේ තියාපු බිස්කට් පැකට් එක දිහා බලලා යන්න ගියා..

ඉන්දර් හාමු.....

මං බිස්කට් එක සාක්කුවෙ දාන් හාල් ගෝනිය එක උරහිසක් උඩ තියන් ඉතුරු බඩු අනිත් අතට එල්ලන් ඉන්දර් හාමු පස්සෙ දිව්ව...දුවා ගන්නත් බෑ....කලිසමේ ඉන බුරුල් ...අතෙ කටේ තියන බඩුත් එක්ක මට කලිසම උස්සගන්නත් බෑ...

ඉන්දර් හාමු....

මං දෙවනි පාරටත් කතා කෙරුවා ...සෙරෙප්පු කුට්ටමක් වත් නැතිව ආව මං ගල් ඇනි ඇනි කාර් එක ගාවට දිව්වා.....කාර් එකට නැගලත් මා දිහ නොබලපු ඉන්දවලා හාමු ඉස්සරහා බලන් ඉන්නකොට මං හරි බයෙන් බයෙන් ඒ මූන දිහා බලලා තුන් වෙනි පාරටත් කතා කෙරුවා

බේබි හාමු....

....

වලව්වට නම් යන්නෙ මේ බඩු ටික

මං වෙන ගමනක් යන්නෙ

එච්චරයි කිව්වෙ....කිසිම අනුකම්පාවක් නැති විදිහට මගෙ දිහා බලලා අනිත් පාර අර කෙල්ල දිහාත් රවලා බලලා මූනට ගහන්නා වගේ වීදුරුවත් වහන් ගුරුපාරෙම තිබුන දූවිලි අවුස්සන් බේබි හාමු යන්න යනකොට මං හාල් පැකට් එක උරහිසෙ තියන් ඈතට යන කාර් එක දිහා බලන් ඉදලා ආපහු මගෙ කකුල දෙක දිහා බැලුවා...

මඩ වැදිලා...දූවීලි වැදිලා.....ජරා වෙලා...

සමහර විට බේබි හාමු බය උනාද දන්නෙ නෑ මම ඔය කාර් එකට නගී කියලා ....

ඔව් ඉතින්...දාඩිය ගද....දූවිලි පාරවල් එක්ක ඔය කාර් එකට නැගලා ඕකෙ තියන සුවද වෙනුවට මගෙ හඩු ගද කාර් එක නාස්ති කරයි කියලා හාමුට බය හිතෙන්න ඇති ...

ඇසල....මං යනවා...

මන් තවමත් උන්න තැනමයි...කිසිම හිතක් පපුවක් නැතිව මාව දාලා ගියපු විදිහ මතක් වෙනකොට මගෙ පපුව නෑ වගෙ.....කඩේ ගාව උන්න කෙල්ල ආපිට විදින් මගෙ ගාවින් හිටගන දූවිලි කාගන යන බේබි හාමුගෙකාර් එක දිහා බලලා මා දිහා බැලුවා...

ඉස්කෝලේ නෑවිදින් ඉන්න එපා.....මං ඔයාට ලියා ගත්තු නෝට්ස් ටික දෙන්නම්...

මං කෙල්ල දිහා බැලුවා...නෝටස් ටික දෙන්නම්ලු....නෝට්ස් ලිව්වත් දැන් වැඩක් තියනවද....අප්පච්චි කියන මනුස්සයගෙන් තඹයක දෙයක් ගෙදරට එන්නෙ නැති උනහම උදේ ඉදන් වලව්වෙ මැරෙන අම්මට හම්බෙන්නෙ හාල් සේරුවක් දෙකක් විතරයි ...

ඉස්කෝලේ යන්න මොකාද අකමැති...ඒත්....මං හිතන්නෙ නෑ....තව දුරටත් ඉස්කෝලේ යන්න පුලුවන් කියලා ....නයපොතේ පිටු ඉවරයි කියන්නෙ.....අම්මා කොහෙන් කියලා සල්ලි දෙන්නද....ඒ බව දැන දැනමයි මුදලාලියා අම්මට එන්න කියන්නෙ....අප්පච්චි කෙනෙක් කියලා එකෙක් ඉන්නවා....පොල් පිත්තකින් කපාගන්න පුලුවන් ...

මං කෙල්ල දිහා බලලා හිනා උනා...මං කෙල්ලට මොනවත්ම උත්තරයක් දුන්නෙ නෑ...හැබැයි මගෙ හිනාව අස්සෙ මං හුගාක් දෙවල් හැංගුවා...

ආ මේ ඉන්නෙ.....ආ බොල කොල්ලො....තොපෙ මහ එකා අද අත්තිවාරම් කපන්න එන්නම් කියලා ගියා තවමත් නෑ....බලපිය මට දැන් ගෝලයෙක් හොයාගන්න බැරි උනා....උදෙ ඉදන් හැම තැනම ගියා....

මගෙ දිහා බලන් උන්න කෙල්ල රිබන් පටි දෙකත් අරන් යන්න යනකොට වලව්වට යන්න් හැරුන මගෙ ඉස්සරහින් ස්ටෑර්ඩඩ් බයිසිකල් එකක් හිටෙව්වා...ගුනේ මාමා.....අප්පච්චි අත්වැඩවලට යන්නෙ ගුනේ මාමත් එක්ක.....

අප්පච්චි ඊයෙ රෑ ඉදන් ගෙදර ආවෙ නෑනෙ ගුනේ මාමෙ....

ඊයේ රෑ ඉදන් ඕකා අර අරක්කු ගුබ්බෑයමේ ඉදන් අරක්කු පැලෙන්ඩ ඇති...අද එනවමයි කියලා මගෙන් පන්සීයකුත් ඉල්ලන් ගියා....අන්තීමට සල්ලිත් නෑ වැඩත් නෑ මිනිහත් නෑ...

මං බිම බලාගත්තා ....අප්පච්චි ගෙ කෙරුවාව කියනකොට මට කරන්න ඉතුරු එකම දෙ බැනුම අහන් කරබාගන ඉන්න එක වෙනකොට මං ගුනෙ මාමා අප්පච්චිට සතෙක්ට සර්පයෙක්ට වගේ බනින හැටි අහන් ඔහේ උන්නා.....

දැන් ඉතින් මොනවා කරනන්ද.....මීටත් පස්සෙ බෑ....උඹ හෙට ඉස්කෝලේ යනවද

නෑ...

යන්නෙ නැත්තන් වරෙන් මා එක්ක වැඩට....ඉස්කෝලේ ගියත් උඹලගෙ අම්මා මොනවා දීලා උගන්නන්නද.. උඹලගෙ අප්පච්චි ට කියාපන් ආය පැත්ත පලාතෙ එන්ඩ එපා කියලා ...ඒකා සල්ලිත් අරන් ගියා...කාලකන්නි....ගෑනු ළමයි නිකන් දුක් විදිනවා.....

ගුනෙ මාමෙ.....හෙට දවල් වෙලා එන්ඩද

ඒ පාර මොකද

නෑ...හෙට උදෙම්ම බේබි හාමුව එක්කන් වෙදගෙදරට යනවා...

ම්ම්....වරෙන්කො වරෙන්කො...උඹ කීයට ආවත් කමක් නෑ...වරෙන් මගෙ හාව ඕන තරම් වැඩ තියනවා උඹලගෙ මහ එකාට තොපි ගැන දුකක් නෑ.....උඹ දිගටම ඉස්කෝලේ යන්නෙ නැත්තන් දිගටම මා එක්ක වරෙන්....උඹ හොද එකා මහ එකාගෙ ගති ගෑවිලා වත් නෑ....උඹට ඇරෙන්ඩ උඹලගෙ පවුලට ඒකගෙන් වෙන සෙතකුත් නෑ...කාලකන්නියා.....

ගුනේ මාමා යන්න ගියා.....හෙට ඉස්කෝලේ එනවද අහනකොට උත්තරයක් නොදුන්න මං මේසන් වැඩ කරන ගුනේ මාමට විතරක් උත්තර දුන්නා....

බයිසිකලේ ආපිට හරවගත්තු ගුනෙ මාමා යන්න යනකොට හාල් උරේ වම් උරහිසෙන් දකුනු උරහිසට මාරු කරගත්තු මං අවසානෙදි ආයමත් පොල් වත්ත මැදින් අපේ ගේ පහු කරන් වලව්වට ගාටන්න ගත්තා .....

බේබි හාමු.....

පොල් වත්ත මැදින් වලව්වට ආව මට ඈත තියාම වලව් මිදුලෙ තිබුන ඉන්දර් හාමුගෙ කාර් එක පෙනුනා...

වලව්වට නෙවෙ යන්නෙ කිව්වෙ.....එහෙනම් මේ ඇවිත් ඉන්නෙ....නාකියා උඹ මට බොරු කිව්වා....උඹලගෙ වාහනවලට නගී කියලා බය හිතෙන්න ඇති.....මට ඔට අටමගලට නගින්න ඕන් නෑ...ඒත් උඹට තිබුනා මගෙ අතේ තිබුන බඩු එකවත් ගන්න.....

එක අතකට...අපි උඹලාගෙ ඉදුල් හෝදන උන් වෙනකොට මීට වඩා මං උඹලගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද හාමු...

මං කන්ද නැගන් හෙමින් හෙමින් වලව්වට ආවා...

අර ඉන්නෙ.....ගස් වටේ මායන් වෙනවා...කරන්ඩ දෙයක් නැත්තන් බුදියපන්කො....තියන නපුරු පාට මුනෙ... වෙද්දු දාහක් ඇවිත් බෙහෙත් කෙරුවත් ඔය තියන මුස්පේන්තු කමට උඹට ලෙඩ සනීප වෙයි මගුලක්...

හිතේ තිබ්බ තරහවට වගේම වේදනාවට මං ඇහැල ගහ වටේ එහා මෙහා යන බේබි හාමුට මගෙ හිතින් බැන බැන වලව්ව පිටිපස්සෙන් කුසියට ගෑටුවා...

ලොකු මැනිකෙ....

ආ උඹ ආවද....

එහෙමයි මැනිකෙ...

දාපන් හාල් එක මේ බාල්දියට .....

මං හාල් එක උරහිසෙන් බිමට අරන් මැනිකෙ කියන කියන ඔක්කොම කෙරුවා ...අරක කරපන් කියනකොට අරක කෙරුවා...මේක කරපන් කියනකොට මේක කෙරුවා .....

ඇසල....

ලොකු මැනිකෙ.....

මේන් මෙ බකට් එකට ලිදෙන් වතුර එකක් පුරවපන්...ලොකු ලිදෙන් පුරවපවන්...බේබි හාමු බොන්නෙ ඒ ළිඳේ වතුර විතරයි .....බලාගන උඹ ලිද මඩකරලා වතුර ගන්නවා නෙවෙ...

එහෙමයි මැනිකෙ...

මෙච්චර වැඩ කරාපු මං ආයම ඇදන් උන්න බැනියම ගලවල දාලා යටට ඇදන් උන්න හිල් කෝටියක් විතර තිබුන යට බැනියම පිටින්ම ලිදට බඩ ගෑවා.....

ලොකු මැනිකෙ කිව්වෙ ඇත්ත...මං දන්න දා ඉදම්ම බේබි හාමු වතුර බිව්වෙ මේ ලිදෙන් විතරයි ..මොන හේතුවටද කියන්න දන්නෙ නැ..... ළඟ ලිදෙන් නැතිව වලව්වෙ එකේරෙ තියන ළිඳේ වතුර වලට බේබි හාමු මනාප උනා.....සමහර විට ලිද ගාවම තියන රූස්ස ගස් හන්දද දන්නෙ නෑ..අනිත් ලිද වටේට මෙලෝ.මගුලක් නෑනෙ.....ගිනි පූටක අව්වට වතුර රත්වෙනවා....අර ළිඳේ වතුර එහෙම නෑ...ඒත්.....ඒ ළිඳේ වතුර පොඩි කියුල ගතියක් නම් තියනවා...ඒ හින්දා වෙන්න ඇති....

උඹට වතුර බොන්ඩ මම වතුර අදින්ඩ....

නිල්පාට බකට් එක පැත්තකින් තියපු මන් යකඩ පනිට්ටුව ලිදට දැම්මා.....ලිදට දැම්මා කියන්නෙ ලොකු මැනිකෙ කිව්වා වගේ පරිස්සමින් නම් නෙවෙ එක පාරම ජබොස් ගාලා අතෑරියා.....නාකි හාමුවව බේබි කරනවා...අවුරුදු හතලිස් පහත් පනින්න එනවා...ලොකු මැනිකෙ කියන්නෙම බේබි හාමුට යන්තම් හතලිහ පැන්න කියලා විතරයි ලොකු මැනිකෙ හිතන්නෙ ඉන්දර් හාමු අමරනීයයි කියලා...

...ඒත් අම්මා නම් කියනවා බේබි හාමුට හතලිස් පහක් වත් ඇති කියලා...

හහ්...බේබි හාමු...අනේ හොද බේබි හාමු....හතලිස් පහත් පැනලා....තාමත් බේබිලු...අනික මේ හතලිස් පහත් පැනලා නම් මීටත් පස්සේ මොන කසාදද...හිතක් පපුවක් ඇත්තෙම නැ...

උඹට ඔලුව කැක්කුම ඇවිල්ලා නැවතුනොත් ඇති...අපිට දෙන ගින්දර වලට.....

දැන් ඔය හෙට වෙදගෙදරට යන්නෙ අනිද්දට අර මනමාලියෙක් බලන්ඩ යන හින්දා වෙන්න ඇති....

මුස්පේන්තු කම තියන් ගියහම ඒ මැනිකෙලා කැමති වෙයිද.....හිනාව කලදක් නෑ...මූන ලස්සන උනාට හිනාව නැත්තන් ඒ ලස්සනෙන් ඇති වැඩේ මොකක්ද...

මං තනීයම කියව කියව පාසි බැදුන....එක එක ගස් වර්ග ලිද ඇතුලෙම්ම පැල උන ලිදෙන් වතුර ඇද්දා...අවසානෙදි යකඩ පනිට්ටුවටම කට තියලා වතුර උගුරු දෙකතුනක් බීපු මං බාල්දියත් අරන් එන්න ආවා...

ආඅව්හ්.....

අත් දෙක රිදෙනවා....

දරපලාපු අත් දෙක වේදනා දෙනකොට වතුර බාල්දියෙ හීනි අඩුවට අත කැක්කුම් කෙරුවා මං වතුර එක අතින් අතට මාරු කර කර අඩි පාර දිගේ හෙමින් ගෑටුවා....වලව්වට එන මග තිබුනෙ තනිකරම ගඩා ගෙඩි විතරක් වෙනකොට මම සීනි පේර ගහෙන් පැහිලා තිබුන සීනිපේර පොකුරක් කඩාගත්තා ...කඩාගන සාක්කුවෙ ඔබාගත්ත වගේම තව එක ගෙඩියක් කඩාගන දූවිලි ඇති කියලා හිතලා ඉරුන යට බැනියමෙන් පේර ගෙඩිය අතුල්ලන් කටේ ඔබාගන එහෙම්ම එන්න ආවා.....

මැනිකෙ...

තියාපන් මෙතනින්....ඕක තියලා....ඔහොම්ම බේබි හාමුගෙ කාමරේට යමන්...උඹ එන්ඩ කිව්වා.....කාමරෙ අස්කරලා මේන් මෙතන බත් එකක් ඇති අරන් පලයන් ...බේබි හාමු ගමනක් ගියා උඹට ඇගිල්ලෙන් ඇන ඇන පිලිවල කියන්ඩ ඕන් නෑනෙ පිලිවලට අස්කරපන් ....ඇදරෙදි මාරු කරන්ඩය කියලා ඔය හඩු පිටින් ඇදට නගිනවා එහෙම නෙවෙ .....හාමු කැමති නෑ ....

හොදමයි මැනිකෙ....

උඹට හෙට වෙලාව මතකයිනෙ

එහෙමයි මැනිකෙ.....

හයට වත් වරෙන්....උඹයි බේබි හාමුයි විතරයි ...මටවත් එන්ඩ එපා කිව්වනෙ....ගිහින් කියන්නෙ මොනවද කියලා එක්ක නැර අහන් ඉදලා ඇවිත් මට කියන්ඩ ඕනෙ තේරුනාද....

එහෙමයි මැනිකෙ...

හ්ම්...දැන් පලයන්..... ..

වතුර බාල්දිය තියාපු මං එහෙම්ම පාපිස්සෙන් සියපාරක් විතර කකුල් පිහිදගන වලව්වෙ ඇතුලට ගියා ....නැත්තන් කියාවි මං මඩකරලයි කියලා...

බේබි හාමු කොහෙද ගිහින් ලු....තනිකරම පිස්සු.....මේ මනුස්සයට.....පෙරේදා සුද්දි ලව්වා අස් කරාපු කාමරේනෙ...මේවා අස්සට මොක්කුවත් එන්නෙත් නෑ.....

මං හිතින් බැන බැන හරි පරිස්සමින් වලව්ව අස්සෙ ඇවිද්දා

අටසිය ගනන් වල ඉදන් තියන පරන කනප්පු සයිබෝට්ටු...පිත්තල පහන්...ඇත්දල විතරක් නෙවෙ...රජකාලෙට අයිති වෙන සන්නම් මන්නම් වලින් පිරුන වලව්වෙ මොකකට හරිසීරීමක් උනෝතින් මට ඔව්වට ගෙවන්ඩ මගෙ පන කෙන්දත් උගස් තියන්ඩ වේවි.....

මේ තියෙන්නෙ...බේබි හාමුගෙ කාමරේ

තනිම සුදු අතින් ගොතාපු රේන්ද මෝස්තර දාපු දිගම දිග දොර රෙද්ද ගාව හිට ගත්තු මං ඇතුලට යන්න කලියෙන් ලොකු හුස්මක් ගත්තා ...මැනිකෙට හපන් පුතන්ඩියා...මරවනවා වෙලාවකට...මට තියන එකම සැනසීම උඹ මෙවෙලෙ නැති විතරයි හාමු...උඹ උන්නොත් මේ කාමරේ අස් කරලා ඉවර වෙනකනුත් උඹ බලන් ඉන්නවා...අරක පිහපන්..මේක පිහපන්...ආය අතුගාපන් කියනවා.....උඹ එක්ක දීග එන ගෑනිට අතින් කීයක් හරි දෙන්ඩ ඕන..

නාකි බිබික්කම ...

හිත අස්සෙන් තවත් පාරක් බැනපු මං හාමුවා නැති කාමරෙ සැනසීමෙන් අස් කරන්න හිතාගන දොර රෙද්ද අතින් ඈත් කෙරුවා විතරයි මගෙ හුස්මත් හිර උනා...

බ්...බේ..බි හාමු.....

මට ගොත ගැහුනා.....අච්චර පිලිවලට තියන කාමරෙ අපායක් කරලා මදිවට කොහෙද ගියා කියපු හාමුවා කාමරෙ ඇතුලෙ ඉන්නව දැකපු මට කෙලත් හිර උනා...

ඇසල...

බේබි හාමු....

මං බුලත් දීලා උඹට වදිනකන්ද බලන් ඉන්නෙ.....

න්...නෑ හාමු....මං...මං කොස්ස අරන් එන්නම්...

ම්න්...අරන් වරෙන් .....

මං එලියට දිව්වා...මුලු අල්මාරියෙම රෙදි ඇද උඩ...සපත්තු රාක්කෙ එහෙම්ම බිම්...ඇද රෙදි විතරක් නෙවෙ..වියන් පවා ගලවලා...මේ යකා මොන මගුල කරලද ...

ඇසල...

මේ එනවා බේබි හාමු...

කොස්ස ගන්ඩ ආව මං තත්පරයක් පරක්කු වෙන්ඩ ඇති ....කාමරෙ උන්න බේබි හාමු පරල උනා මං කොස්ස අරන් අස්සට දිව්වා....

හාමු.....

කොස්ස පැත්තකින් තියලා මේ රෙදි ටික නවල අල්මාරියට දානව..

එහෙමයි හාමු....

ඊට කලින් රෙදි කෑල්ලක් අරන් මුලු අල්මාරියම පිහනවා නිකම්ම නිකන් ඔබන්නෙ නැතුව

එහෙමයි හාමු...

අද හරි....දැන් ඉතින් කොටි වලිගෙ අල්ල ගත්තා වගේ තමයි...

ඇද උඩ තිබුන රෙදි කන්ද දිහා බලපු මං ආපහු එලියට එන්ඩ ආවා

උඹ ආපහු කොහෙද දුවන්නෙ

බේබි හාමු රෙදි කෑල්ලක්....

ඉදුල් ගදගහන ඒවලින්ද අල්මාරිය පිහන්නෙ...බලනව මේ ඇතුලෙ ඇති....

මං ආපිට හැරුනා...මේ ඇතුලෙ ඇතිලු....මේ ඇතුලෙ ඇති කියන්නෙ මං ඇදිවත ගලවල පිහන්නද.....කාමරේට අයිති නැති ඉදිකටුව පවා එලියට විසික් කරන ඉන්දර් හාමු කියනවා මේ ඇතුලෙ ඇතිලු....මේකෙ ඇති රෙදි කෑල්ලක් නෑ කිව්වත් මෙ මනුස්සයා මට මවලා හරි පිහන්න කියනවා....

ඇසල...

බේබි හාමු...රෙදි කෑල්ලක් නෑනෙ....

.....ඔන්න ඔය ඇදන් ඉන්න වහංගතෙ හරි ගලවලා පිහනව ඇසල බලනව දැන් වෙලාව කීයද...මං කන්නෙ බොන්නෙ නිදාගන්නෙ නැද්ද...ඔන්න ඕක ගලවල පිහනවා...

මෙ...මෙක...?

ඔව්....ඇයි මෙතන වෙන රෙදි කෑලි තියනවද....තමුසෙ මොක වැහෙන්ඩද ඔය හිල් කූඩෙ ඇදන් ඉන්නෙ....

මට දුක හිතුනා.....තමුසෙ මොක වැහෙන්නද මේක ඇදන් ඉන්නෙ ඇහුවා....මට දුවන්න හිතුනා...බේබි හාමු නොදන්නව උනාට...මෙ යට බැනියම පරන ඇති අවුරුදු ගානක්ම....හෝදලා හෝදලා දිරලා යනකොට හිල් හැදෙන්නෙ නැතුවද....

මම අසරන විදිහට බේබි හාමු දිහා බැලුවා...කරුනාවක් තෙතමනයක් ගෑවිලාවත් නැති ඉන්දර් හාමු කකුලක් පිට කකුලක් දාගන අතේ තිබුන

" පෙත්තක් වගෙ තුනී ඵෝන් එක" මහපට ඇගිල්ලෙන් එහා මෙහා කර කර මොන මොනව හරි බලනකොට මම ඇදන් උන්න මගෙ යට බැනියම දිහා බැලුවා...

මට සන්තකේටම තියෙන්නෙ මෙච්චරයි ....කමක් නෑ...අපි උඹලගෙ පර වැඩ කරන උන්නෙ.....මැරෙන්ඩ මොහොතක් තියලා හරි.....මං මගෙ කකුල් වලින් හිටගන්නවා බේබි හාමු....කමක් නෑ...

මං ඇදන් උන්න හිල් පිරුන මගෙ යට බැනියම ගැලෙව්වා....ඉලාස්ටික් එක බුරුල් උන කලිසම උකුල් ඇට ගාව නවතිනකොට ගස් ගල් ගානෙ ඔට්ටු වෙලාම වයසට වඩා ඇට්ටර ඇගක් තිබ්බ මං අවසානෙදි මගෙ ඇදිවතින් අල්මාරිය පිහන්න ගත්තා ...

තත්පරෙන් තත්පර්‍රෙ ගෙවි ගෙවි ගියා.....උඩම තට්ටුවෙන් පටන් ගත්තු මං අවසානම තට්ටුවත් පිහනකන් හාමු දිහ ඇහැක් ඇරලා බැලුවෙ නෑ වගේම අවසානම තට්ටුව පිහදපු මං ඉන්දර් හාමු දිහා හැරිලා බලනකොට මෙච්චර වෙලාම ඵෝන් එක ඔබ ඔබ උන්න එයා මා දිහා බලන් උන්නා...නිකන් නෙවෙ....එකම එක ඇහිපිල්ලමක් වත් නොගහම.....

බේබි හාමු.....පිහලා ඉවරයි

ම්න්.....හොදට පිහදැම්මද....

එහෙමයි හාමු.....

හොදට පිහදැම්මද අහපු ඉන්දර් හාමු ඉදගන උන්න තැනින් නැගිට්ටා...මං දන්නවා..කටින් කිව්වත්...අතින් අල්ලා බලනකන් විස්වාස කරන්නෙ නැති නාකි හාමුවා අනිවාර්යයෙන්ම මේ තට්ටුවක් තට්ටුවක් ගානෙම ඇගිලි තුඩින් අතගාලා බලනවා.....

බ්..බේබි...හාමු

ම්න්....මොකද.....ම්ම්ම්ම්ම්...උඹ බයද....

.......

මං උඹව කන්ඩ නෙවෙ ආවෙ.....දීපන් ඔය රෙදි කෑල්ල....

........

මට හුස්ම හිර වෙන්න ආවා කලුවර ලීයෙන් හදාපු දඩාරියන් සයිස් අල්මාරිය ගාව උන්න මට බේබි හාමු මෙතනට එන්න කලින් අහකට යන්න කලින් ඉන්දර් හාමු ඇවිදින් මගෙ ඉස්සරහින් හිටගන්නකොට මාව හාමුට වගේම අල්මාරිය මැදිවෙනකොට දූවිලි අතගාලා බලන්න හදාපු හාමු අත් දෙකම තිබ්බෙ මගෙ උරහිසට ටිකක් උසින් තිබුන තට්ටුවට වෙනකොට ඒ හයිය දරදඩු අත් අස්සෙ මාව හිරවෙන්න ආවා.....

හොදයි...

මට හුස්මක් පිට උනා....මගෙ හුස්මක තරම් දුරක උන්න ඉන්ධර් හාමු ගාවින් ආව සුවද පවා මට දරාගන්න බැරි මොහොතක අවසානම තත්පරේදි දූවිලි අතපත ගාපු ඉන්දර් හාමු යනවත් එක්කම මන් මෙච්චර වෙලාම හිරකරන් උන්න හුස්ම පහලට දැම්මා.....

හාමු.....මේ ටික.....

ඔයටික ඔහොම්ම උඩට.....

දෙවනි එකට මෙතන එව්වා...

ඔය ඔතන තියන බෑග් එකෙ මොනවද තියෙන්නෙ බලනවා.....

ඉන්දර් හාමු පෙන්නන පෙන්නන ඇදුම් ටික අල්මාරියට දදා උන්න මට එතනම තිබුන ඇදුම් කඩේක නමක් ගහපු ලොකූ උරේ පෙන්නලා මොනවද තියෙන්නෙ බලන්න කියනකොට මං බෑග් එකට බෙල්ල දැම්මා....

බේබි හාමු

ම්න්....

මේ යට ඇදුම්

හලනවා බලන්ඩ ඔය ටික ඇදට

මං අර බෑග් එකම ඇදට හැලුවා....තනිකරම සුදුපාට යට බැනියම්....පැකින් පිටින්ම...මං හිතන්නෙ පරන ඔක්කොම විසික් කරලා අලුත් එව්වා ගෙනෙයි....

අනේ පරන ඒවා පුච්චන්න නොකියා මටවත් ගන්න කිව්වොත් ගෙදර තියන දියවෙලා ගියපු ටික විසික් කරලා දාන්න පුලුවන් .....අනික හාමු පිරිසිදුයි...පරන ඇදුම් උනත් පරනයි කියලා හොයන්න බැරි තරම් .....

ඔතනින් එකක් අරන් දෙනවා....

ඇදුම් දිහා බලාගන උන්න මට හාමු ඔතනින් එකක් අරන් දෙනවා කියනකොට මං උරේවත් ඉරන්නෙ නැතිව බැනියමක් අරගන ඉන්දර් හාමු දිහාවට හැරුනා...

දෙවියනේ....මේ මනුස්සාගෙ...ලස්සන....

මං හිතන්නෙ මට ආයම පාරක් හුස්ම ගන්න අමතක උනා...කිරිගරුඬ රූපයක් වගෙ...මේ අවුරුදු ගානටම මම ඉන්දර් හාමුගෙ උඩ කය දැකපු පලවෙනිම පාර...කකුල් වලට තෙල් ටිකක් ගානවා ඇරුනම කවදාවත් ඉනෙන් උඩ නොදැකපු මාව කරකවලා අතෑරියා වගේ උනා....

මොකද....තමුසෙගෙ බේබි හාමු ලස්සනද ම්ම්ම්ම්...

බ්..බ්..සමාවෙන්න හාමු....

මං කරන්ට් එක වැදුන එකා වගේ අහක බලාගත්තා .... සිහියක් පතක් නැති එකෙක් වගෙ වශී වෙලා බලන් උන්න මම ආයම හරි සිහියට ආවෙ ඉන්දර් හාමුගෙ ගැඹුරු කටහඩත් එක්ක වෙනකොට මම කරන්ට් වැදුන එකෙක් හා සමානවම අහක බලාගත්තා ...

මේක මදි.....

ගන්නවා තව එකක්....

මේකත් මදි.....

මම නෙවෙ ආපිට හැරුනේ....බේබි හාමු එකින් එක...එකින් එක අදින ගමන් ඒක මදි ගගා ආපිට බෑග් එකට දදා අනිත් එව්වත් ඔක්කකොම අදිනකොට හාමු දිහා බලන්න බැරි මන් කෙරුවෙ ගොඩගහලා තිබුන් ඇදුම් එකින් එක් ඇද ඇද නවාපු එක වෙනකොට ඇදම් අස්සෙ තිබිලා මට සුදු ආට කොලවගයක් හම්බ උනා.....

අනික දෙනවා

ශිහ්...මෙ ඔක්කොම පොඩියි....

හාමු බනිනවා....ඔක්කොම පොඩිලු...ඇත්තනෙ...ගෙනත් තියන ඔක්කොම මීඩියම් සයිස්...බ්‍රෙබි හාමුට ඇතිද මේක....මට නම් ඇති වෙයි.....නාකියිනෙ...ඇස් පේන්නෙ නැතුව ඇති....

හිතින් බැන බැන උන්න මං අර ඇදුම් අස්සෙ තිබුන දෙකට නවාපු සුදු පාට කඩදාසි ටික අතට ගත්තා ....

තෙල් සායම් කරපු චිත්‍ර වගයක්.....

බේබි හාමුට ලස්සනට අදින්න පුලුවන් ...මං චිත්‍රෙන් චිත්‍රෙ බල බල අවසානම චිත්‍රෙ අතට ගත්තා .....මිට කලින් ඇදලා තිබුන හැම චිත්‍රයක්ම ගහක්...ගලක්...මලක් වගේ දේවල් වෙනකොට මං පලවෙනි පාරට හාමු ඇන්ද මනුස්ස රූපයක් දැක්කා...හැබැයි....මට දකින්න පුලුවන් උනේ ඒ රූපෙ ඇස් දෙක විතරයි ...

මොනවද උඹ ඔය කරන්නෙ....

හ්...හාමු.....

දීපන් මෙහාට....

බ්..බ්..බේ...බි....හ්..හාමු....

මාව වීසිවෙලා ගියා....මෙච්චර වෙලාම ඇදුම් ඇද ඇද උන්න හාමුට එක පාරම යකා වැහුන වගෙම අතේ තිබුන චිත්‍ර ටික මගෙ අතින් උදුරගත්තු හාමු කෑ ගැහුවා

ගනින්...ගනින්...මේ ටික අරන් මේ දැම්ම පලයන්.....

මෙච්චර වෙලාම හාමු ඇද ඇද බලාපුඅර යට ඇදුම් උරෙම්ම මට දමලා ගහපු ඉන්දර් හාමු අර කොල ටික ඇගට තද කරන් මට මේ දැම්ම මේ ටික අරන් පලයන් කියනකොට බයටම වෙව්ලන්න ගත්තු මං දහ අතේ සමාව ගත්තා ....

අනේ...හාමු....සමා...වෙන්න....හිතලා...හිතලා...ගත්තෙ

දඩාස්.....!!!

මට එච්චරයි ඇහුනෙ....මට පලයන් කියපු හාමු මාවත් දාලා දොරත් වහගන යන්න යනකොට අර ඇදුම් උර්‍ර්ත් එක්ක බේබි හාමුගෙ කාමරේ තනි උන මං බයට උන පාරට පුපුරන්න වගේ ගැහෙන්න ගත්තු පපුවට අත තියාගන ඇදුම්.උරේ බදාගන උන්නා....

දැන්....මෙව්වා...කාටද.....??

🌼 ආයමත් කොටසකින් හෙට එන්නාම්...

🌼පරිස්සමින් ඉන්ඩෝ

ආතරෙයි

මම.

ජොබී

Nedeesha ....

More Chapters