LightReader

Chapter 6 - 06

ඒ ඇන්ටි යන්න ගියා ..හරි සුවදයි අප්පා....අමේලි වගේම ජපනියෙක් හරි ලස්සන කම්මුල් දෙකක් තිබ්බෙ.....

මම එහෙම්ම ආයම නලුවා දිහා බැලුවා....

ඔව්මයි ...අර ....නලුවටත් තියෙන්නෙ හරි ලස්සන කම්මුල් දෙකක් අනෙ...නලුවෙක්නෙ ඉතින්....එහෙම වෙන්න එපැයිනෙ.....නලුවන්ට හරි සැප උනත් අනේ...අපි වගේම බැනුම් අහනවා...

ඒ උනාට සුපිරි වීරයෙක්ට බනින එකනම් හරි අපරාදයක් .....කමක් නෑ....කාටත් නොකියා ඉදලා මගෙ පොතේ ලියන්ඩ ඕනා...එතකොට මටත් ලොක්කම්මා බනින වෙලාවට හිත හදාගන්න පුලුවන් නෙ යෙවීන්ට විතරක් නෙවෙ බැට් මෑන්ට පවා ගෙදරින් බනිනවා කියලා ...නේද .....

මම ලොකූම ලොකු හුස්මක් ගත්තා ...අද හෝම් අලෝන් යනවා ඇති....ඇයි ඉතින් නත්තල පටන් ගන්නෙම කෙවේ .....න්න්...ගාලා කෑගහලනෙ....අනේ මන්දා ....කෙවින්ගෙ අම්මා කෑගහන වාරයක් ගානෙම මට හිතෙන්නෙම කෑ ගහන්නෙ යෙවී....න් වගේ කියලා ...ඒ කොහොම උනත් එයාට නම් හරි මරු පවුලක් තියනවා.....නලුවා එයාව අදුනනවද දන්නෙ නෑ ...එහෙම උනා නම් අහන්ඩ තිබ්බා...එයාගෙත් ලොක්කම්මා අපේ කරුනාවතී වගේද කියලා ....

යෙවීන්....

මම උන්නෙ ලොකූ කල්පනාවක...නලුවා මට කතා කෙරුවා .....බලන්නකො අනේ...නලුවෙක් කියල එයාගෙ කිසි ආඩම්බර කමක් නෑනෙ....මට නමත් කියනවා වෙන උන් වගේ යෙ යෙ ගාන්නෙ නෑනෙ .....මම එයා දිහා බැලුවා...එයා මට අතින් අඩ ගැහුවා ...අපේ බාප්පා නම් ඵෝන් එක කනවා.....ලොක්කම්මා බාප්පට බනින්නෙම උඹ ඔය ගුහාවට රිංගන් ඕකම කාපන් කියලා ....අනේ මන්දා...ඒ අස්සෙන් අමේලිගෙ අම්මා කියනවා උඹලා දෙන්න බැදපල්ලා කියලා ...එහෙම උනෝතින් බාප්පයි නලුවයි බදීවි.....

ඒ කොහොම උනත් නලුවට කියන්න ඕනා අපේ ලොක්කාම්මා බැන්නොත් ගනන් ගන්ඩ එපාය කියලා ...බාප්පා කියනවා නාකි මිනිස්සුනෙ...වයසෙ වැරද්ද කියලා....ඒ උනාට අනෙ බනින කොට ඔය දේවල් කල්පනා වෙන්නෙ නෑනෙ....හිත රිදෙනවා ඇරෙන්ඩ .....අඩලත් බෑ...ඇඩුවමත් බනිනවනෙ කට වහපිය අඩන්ඩ ලෑස්ති උනොත් කට කඩනවා කියලා .....අම්මට කිව්වොත් කට පුච්නවා කියනවා...තාත්තට කිව්වොත් කට කඩනව කියනවා....

අම්මට කියන්නත් බෑ කට පුච්චයි කියලා ....

තාත්තට කියන්නත් බෑ කට කඩයි කියලා ....හොදම දේ අල්මාරිය අස්සෙ අඩන එක...නලුවටත් කියන්න ඕනා....කට කැඩුවොත් කොහොමද ටීවි එකට යන්නෙ.....අපරාදෙ...ලස්සනට තියන කට.....

මොනවද බබී ඔය තරම් කල්පනා කරන්නෙ...ම්ම්ම්ම්....

මම උන්නෙ එයා ගාව ...එයා අඩගැහුවට පස්සෙ එයා ගාව ඉදගනත් මම කෙරුවෙ කල්පනා කරන එක ....එයා එකින් එක එකින් එක කෑම භාජන එලියට ගන්නකොට මුලු ගේම සුවද ගහන්න ගත්තා .....අපේ ගෙදරත් පාටියක් තියන දවස්වලට හරී සුවදයි . ඇයි ඉතින් රෑ පාටියට ගෙනියන්ඩ උදේ ඉදන් කට්ටිය උයනවනේ ..

නෙහාන් මේ ළමයා කන්නෙ මොනවද ....

හරක්මස් ඌරුමස් තියනවා නම් දෙන්ඩ එපා පලු දානවා....

ඒවා නෑ චිකන් තියෙන්නෙ...ඉස්සො....ඒවා කනවද...

එකෙක් දෙන්නෙක් දාපන් ඒකා මුරංගා කොල විතරයි කන්නෙ

නලුවා මගෙන් නාහා ඵෝන් එක කකා උන්න සුදු බාප්පගෙන් ඇහුවා...ඇත්ත මට හරක් මස් ඌරු මස් කන්න බෑනෙ....කෑවම පලු දානවා...ඌරු මස් කෑවම සෙම එනවා...අම්මො...අපේ අම්මයි තාත්තයි මට කැස්ස සෙම එනවට කැමතිම නෑ...කැහැගන්ඩ හරි අමාරුයිනෙ....ඒ උනාට අපේ ලොක්කම්මා කියනවා ඔව්වා කන්ඩ දීලා පුරුදු කරපු නැති එකලු...එකාට එක.එක ගානෙ හදන්ඩ ඕනලු.....එතකොට තාත්තා නම් බනිනවා මරාගන්ඩ ද හදන්නෙ කියලා ....ඇත්තනෙ අනේ....මරාගන්ඩද හදන්නෙ.....වෙන්ඩ ඇති නේ .නැත්තන් එයා මට එදා හරක් මස් බෙදපු හැන්දෙන් බත් බෙදලා තිබුනෙ අපෝ....ඇගේම පලු දැම්මා..... 

නලුවා සුදු බාප්පගෙන් අහගන මට කන්න හොද නැත්තෙ මොනවද ඇහුවා ....ඊට පස්සෙ මා දිහා බැලුවා....

එලවලු බත් කනවද....

ම්න්....

චුට්ටක්ද....ගොඩක්ඩ...

ච්ච්....චුට්....ට්ටක්...

චුට්ටක් කාලා හරියන් නෑ...ගොඩක් කන්ඩ ඕනා....පේනවනෙ...අපේ අමේලි කාටත් බය නෑනෙ....ගැහුවොත් ගහන්ඩ හරි කන්ඩ එපැයිනෙ.....

මම හිනා උනා....එයා හරි හොදයි අනේ...මං කිව්වෙ...නලුවෙක් උනාට ආඩම්බර නෑ අප්පා....මං බලන් උන්නා...එයා මට ලස්සන.මල් වැලක් ගියපු පිගානකට බත් බෙදුවෙ.....ලොක්කම්මා නම් කන්ඩ දෙන්නෙ බෙලෙක් පිගානෙ.....ඒඋනාට අම්මා නම් දෙන්නෙ විදුරු පිගාබෙ.... පස්සෙ අම්ම ලොක්කම්මගෙ කට වහන්ඩ ඕනා හින්දම මටම කියලා එල්සා ඉන්න පිගානක් ගෙනත් දුන්නා ඒ උනාට ඒක එක දවසයි තිබ්බෙ...අරුනි අක්කාගෙ අත වැදිලා ඒක බිදුනා ලොක්කම්මා එදා නම් කිව්වා ඔව්වා ඔහොම තමයි බිදෙනවනෙ කියලා ....

කොහොම හරි...එදත් රෑ අපේ ගෙදර හරියට රන්ඩු උනා...අම්මයි ලොක්කම්මයි.....එදා තාත්තා අම්මටත් ගැහුවා ....එතනිම්ම මට වීදුරු පිගන් වල කන එක එපා උනා...මං ආයම බෙලෙක් පිගානක කන්න ගත්තා හැබැයි ...ඊට පහුවදා ...ලොක්කම්මගෙ අලුත්ම චීත්තෙ නම් අපේ බල්ලා ෆ්‍රික්සො ඉරල තිබ්බා....අම්මා නම් මන් අහගන කියනවා ඔව්වා රෙදිනෙ ඉරෙනවා තමයි කියලා ....

එයා මල් වැල වැටුන පිගානට එලවලු බත් බෙදුවා ...පස්සෙ ඉස්සො හතර දෙනෙක් දැම්මා...බාප්පා නම් කිව්වෙ දෙන්නෙක් දාන්ඩ කියලා ....ඇත්ත මං ආසම ඒකට දාන මුරුංගා කන්ඩ.....එයා ආයම මා දිහා බැලුවා...

ඔයා කට දැවිල්ල කනවද....

ච් ..ච්...චුට්ටක්.....

අයියො...කොල්ලෙක් උනාම කට දන ඒවා කන්ඩ එපැයිනෙ....

හ්හ්...හා.....

සුදු පාට බෝල් එකේ තිබුන රතුම රතු පාට කුකුලු අඩු දැක්කම නම් මටත් ආස හිතුනා...එයා නලුවෙක් වෙන්ඩ ඇත්තෙ දැවිල්ල කාලා වෙන්නත් පුලුවන් ...ඒක හින්දම මාත් ඔලුව වැනුව...ඔන්න දැන් බත් එකේ ජාති දෙකයි.....පපඩම්.උරේ දිහා බලපු එයා මම ඉල්ලන්නත් කලියෙන් පිම්බුන පපඩම් හොයලා දැම්මා.....ඔන්න ආයම බලනවා....නලුවෙක් හින්දද මන්දා....කෑම ජාතිත් හුගාක් තිබ්බා..වම්බටු...ආය කජු .....අල තෙල් දාපුවත් තිබ්බා....අනික ඉතින් ඉරිදනෙ.....අනිත් හැම දවසකටම වඩා ඉරිදා නම් හැම ගෙදරකම රසට උයනවා .....අපේ ගෙදරත් එහෙමයි...

අ..අ...අල....එ...පා....

ඇයි.....එහෙනම්...කජු...

ම්ම්හ්....එඑ..එපා....

ඇයි ඒ..

ඕකා කන්නෙ නෑ බන්....පෙන්නෙ නැද්ද ඇගේ හැටි....

බාප්පා ආයම කෑගැහුවා..මං ඉතින් එහෙම කන්නෙත් නෑ.....ඒ කොහොම උනත් බාප්පා ඵෝන් එක කනකොට නලුව මට බත් බෙදුවා...එයාට ළමයි බලාගන හොදට පුරුදුයි වගෙ...මගෙ අත හෝදගන්න එයාලගෙ සින්ක් එක උස වැඩි හින්දා පොඩ්ඩක්.ඉස්සුවත් එක්ක...

ඔක්කොම කන්න ඕනා හරිද....

ඌට කවන්ඩ ඕනා...

ඇයි යකො කවන්ඩ ඔනා නම් වරකො...

නෑ..නෑ.කනවා...කනවා.....

න්න්..න්න්..නෑ..නෑ...ම්ම්..මං...කන්න...ද්ද්...දන්නවා...මේ...අ...අ...අත...කොර...ව්ව්....වෙලා නෑ....

මොක වෙලා නෑ....

ක්ක්...ක්..කොර....වෙලා....නෑ

කොර වෙලා නෑ...

ම්ම්.....

කව්ද ඔයාට ඔව්වා ඉගැන්නුවෙ....

ල්ල්...ල්ලො.....ලොක්...කම්මා..තමයි...

මොනවද ඉගැන්නුවෙ....

එයා මගෙ දිහා බලන් උන්නා...අර....ආයම එයාගෙ ඇහිබැම රැලි උනා....එයා අහනවා ලොක්කම්මා මොනවද ඉගැන්නුවෙ කියලා .....ඒ උනාට එය් කියපු වචනෙ හරි දිගයිනෙ.....ඒක කියන්ඩ කොච්චර වෙලා යනවද...උඹට කවන්ඩ ඕනද තාම....ඇයි අතපය නැද්ද....අත කොර වෙලාද... ...එතන වචන ගොඩයිනෙ...කොහොමද කියන්නෙ....ගොත ගගහා කියන්න ගියහම සමහර අයට මම කතා කරන එක අහන් ඉන්න එක මගක් වෙනකොට එපාවෙනවා....හා හා....ඇති උඹ ගොතගහලා ඉවර වෙනකොට හෙට එලිවෙනවා කියනවා... ...ඉතින් කොහොමද කියන්නෙ...

මම බිම බලාගත්තා...මට බය හිතුනා...එයාටත් මම කියවන එක අහන් ඉදලා එපා වෙයි කියලා...

මම සද්ද නැතුව ගිහින් කෑම මේසෙ පුටුවෙ පුටු ගැට්ටෙ ඉදන් වම් අතින් කන්න ගත්තා මට හුරු වම් අත...

කෝ කෝ ඔහොම ඉන්න...ඔහොම ඉන්න...මම කවන්නම්....බාප්පා ඵෝන් එක කනවා....

..නලුවා මගෙ බත් එක ඉල්ලගත්තා ....ඒ විතරක් නෙවෙ එයා මගෙ ගාවින් ඉදගන මගෙ පුටුව එයාගෙ පැත්තට හරවන් ඇදලා ගත්තා .....අනේ ..අම්මෝ..නලුවෙක් බත් කවනවා කියන්නෙත් මොන තරම් ලොකු දෙයක්ද.....

එයා ඇගිලි තුඩු වලින් බත් එක අනන්න ගත්තා...හැබැයි අනන අතර තුර ඔය වම්බටු කෑල්ලක්...මස් කෑල්ලක්.....ආයම ඉස්සගෙන් බාගයක් මගෙ කටට දාන්න අමතක කෙරුවෙ නෑ...

කෝ ආ ගාන්න බබී....ලොකුවට ආ කියන්න.....

අනේ මට දැන් හොදටම ඇඩෙන්න වගේනෙ...එයා අර අනපු බත් ගුලිය අරන් මගෙ කටට දික් කරනකොට ඇත්තමයි අනේ මං මගෙ කට මටත් වඩා ලොකුවට ඇරියා.....එයා හරි හොදයි...හරි ආදරෙයි .. ...

එයා මට කටක් කවන වාරයක් ගානෙම මගෙ නිකටට යටින් අත තිබ්නා....මගෙ කටින් වැටෙන බත් ඇටයක් ඇටයක් ගානෙ ලොක්කම්මා බැන්නා උනත් අනේ එයා මට වචනයක් කිව්වෙ නැ...එයා එක ගනන් ගත්තෙත් නෑ.....එයා හරියටම අපේ සුදු බාප්පා වගේ...බත් කට හපලා ගිලිනකන් බලන් උන්නා මිසක් අරුනි අක්කා වගේ" ඉක්මනට කාපියකො නැල වෙන්නෙ ....ආ ගාපන්කො .....ගිලපන්කො....හපපන්කො...." වගේ කිය කියබැන්නෙ නෑ...අනික එයාලා කවනකොට මගෙ කටටත් වඩා ලොකු බත් කටවල් තමා ඔබන්නෙ...මාලු කටුවක් වත් බේරෙන්නෙ නෑ.....ඉතින් මං කොහොමද හපන්නෙ කරනෙ....ඔක්කොටම වඩා නැන්දා....අරුනි අක්කගෙ අම්මා....අපේ ගෙදර ආවම තියන පාන් නහට්ටෙ ඉදන් පොදි බැදන් යනවා..මගෙ විස්කෝතුවෙ ඉදම්ම කනවා...එන්නෙ හිස් බෑග් එකක් පිටින් ඒඋනාට යනකොට පෝර ගෝනියක තරම් දේවල් අරන් යනවා....

අනේ මන්දා ලොක්කම්මා ආදරෙ නැන්දට විතරයි සුදු බාප්පා උනත් කියනවනෙ....ගෑනු අරන් ඇවිත් අම්මගෙ කුනු කතා අහන්ඩද ...අක්කා වගේ හැම ගෑනිම කර බාගන ඉන්නෙ නෑ කියලා ...

අපේ ගෙදර හැමදාම යුද්දයක්....

කෝ....ආගන්න....ඔයා මොනවද අනේ ඔච්චර කල්පනා කරන්නෙ.....ම්ම්ම්...

ම්ම්..මො...කු...ත් නෑනෙ...

මොකුත් නැති වෙන්න බෑනෙ...මොනව ගැනද කල්පනා කරන්නෙ...ම්ම්....

එයා අහනවා මොනවා ගැනද කල්පනා කරන්නෙ කියලා ....ඒත් ඉතින් මම හිතන ඔක්කෝම කියන්නත් බෑනෙ....මම හිනා උනා...හිනා වෙලා එයා පපඩමක් අස්සට ඔබලා දීපු බත් කට හිමින් හිමින් කන්න ගත්තා ....

මම එහෙම්ම සුදු බාප්පා දිහා බැලුවා ..එයාට නම් මේ ලෝකෙ ඉන්න බෑ...

ඇතිද බබී තව කවන්නද ...

එ...එපානෙ.....ඇති...නෙ...හ්හ්..හුගක්...ක්ක්...කෑවනෙ....බඩ..පිරුනා.....

බඩ පිරුනද ලමයගෙ....එහෙනම් හා....මෙන්න ඔයාගෙ ජෝ එක....

එයා මගෙ අත් දෙකට ලොකූ වතුර වීදුරුවක් දුන්නා ....අර බලන්නකො එයා කරපු ... දෙ.....මෙච්චර වෙලාම මට කවපු එයා බත් පිගානෙ ඉතූරු වෙලා තිබ්බ අවසානම කට එයා එයාගෙ කටෙ ඔබාගත්ත ...පව් අනේ....

පරිස්සමින් යමන්...ගෙදර ගිහින් මැසේජ් එකක් දාපන්....

ම්න්...

පොඩ්ඩක් ඉදපන්...බීලා කියලා ඇස් දෙක බැලුවම පේනවද....

ම්න්....

පේර කොලයක් වත් හපන් යනවා...

ම්න්...

උඹට පරිස්සමින් යන්න පුලුවන් නේද...

මගෙන්.මොකුත් නාහා ගෙදර යමන් ඔය ලමයට නිදා වැටෙනවා....

ස්කූබිඩූ පටන් ගන්න වෙලාවත් පහුවෙලා අපි ගෙදර එනකොට ...නත්තල් මාසෙ හින්දා අපේ මුලු ගමේම උදේ ඉදන් රෑ වෙනකන් ජිංගල් බේල්ස් දානවා.....මට කැව්වට පස්සෙ නලුවා මට ටීවි එකේ කාර්ටුන් එකක් දාලා දුන්නා.....එයා ඒකම තෝර ගත්තෙ ඇයි කියන්න් දන්නෙ නෑ..හැබැයි කාටුන් එක බලනකොට මට හිතුනා...කාටුන් එකෙ ඉන්න අලි පැටියයි...මමයි දෙන්නම එකයි කියලා ....මොකද....එ අලි පැටියගෙ කන් දෙක හරී ලොකුයි ..එ හින්දම හැමෝම එයාට සමච්චල් කරනවා...එයාව අතාරිනවා ..වැටෙනකොට හිනා වෙනවා.....එයාට ඉතිරි වෙන්නෙ අම්මා විතරයි . හරියටම යෙවීට් වගේ . පව්...එයා අඩනවා ....ඒයගෙ අම්මව එයාගෙන් උදුර ගන්නවා...අනේ එහෙම වෙන්න එපානෙ....යෙවීන්ට අම්මව ඕනනෙ....අම්මා නැතුව කොහොමද ඉන්නෙ... එයාගෙ අම්මා කොච්චර ආදරෙයිද...කන්දෙක ලොකු උනා කියලා නෑ....හරියටම අපෙ අම්මා වගේ....මට ගොතයි කියලා නෑනෙ.....අපේ අම්මත් මට කොච්චර අදරෙයිද.....

එයා අවසානෙදි පියාඹනවා...හැමෝම හිනා උන දුම්බො අවසානෙදි එයාගෙ අර ලොකු කන්දෙකෙන් පියාඹනවා.....

එයාට වගේ කවදා හරි මටත් කතා කරන්න පුලුවන් වෙයි...

බාප්පවයි මාවයි ගෙදර ගෙනත් දාපු නලුවා යන්න යනකොට මාව වඩන් උන්න බාප්පා අවසානෙදි ගෙදර ඉස්සරහා තිබුන පේර ගහෙන් දල්ලක් කඩාගන කටේ ඔබා ගත්තා ...ඇයි දන්නෙ නෑ...වෙරි හැදිල හින්දා වෙන්න ඇති....නත්තල් මාසෙ හින්දා ඉක්මනට රෑ වෙනකොට හැන්දැවෙ හය පහු උනා විතර උනත් අන්දකාර වැටිලා තිබුනා...හෙට ඉස්කෝලේ යන්න එපැයිනෙ ...නිවාඩු දෙනකම්ම ඉස්කෝලෙනෙ.....අනික ඉස්කෝලෙත් කොන්සට් එක.....යෙවීන්ට තෑගි තියනවා කියලා අපේ ටීච කිව්වනෙ....ඉතින් නොයා බෑනෙ.....

අම්මා....මම දැන් ගෙදර ආවෙ...මම ආ පිට යන්ඩ ඕනා...මොනවද ඔයා කොයන්නෙ කියන්ඩ...??

මොනවද කියන්නෙ කියන්නෙ....අවුරුදු ගානකට කලින් මම කිව්වෙ මොකක්ද...අන්න ඒක....අන්න ඒක තමා මං මේ උඹට කියන්නෙ....

මොනවද....අවුරුදු ගානකට කලින් කිව්වෙ මොනවද කියලා මතක තියනවා තිය මට දැන් වෙච්ච දේවල් වත් මතක නැති එකේ මොනවද අම්මෙ කියවන්නෙ.....

ලොකු මල්ලි....උඹට අම්මා කියන්නෙ මොනවද කියන්න නොතේරෙනව නෙවෙනෙ ....

.......

.මගුල අදත් පටන් අරන්...

ආ ඔය එන්නෙ...ඔය එන්නෙ අනිකා....ඔන්න...අපිට දෙයියනේ කියල හම්බුන දෑ වැද්දත් අරන් ඔය එන්නෙ...උඹලා ඔක්කොම එකයි....

නිදි මතේ උන්න මම ඉක්මනට බාප්පගෙ අතින් ලෙස්සලා බිමට බැහැගත්තා ....නලුවගෙ ගෙදර ඉදන් සන්තෝසෙන් ආව මගෙ සතුට අපෙ ගෙයි උලුවැස්ස පනිනකොටම හේදිලා ගියා....ලොක්කම්මා අදත් යුද්දෙ පටන් අරන්....නැන්දයි ලොක්කම්මයි තාත්තට මොනවට හරි බනිනවා...අනේ පව්නේ...

මෙච්චර වෙලාම තාත්තට බැන බැන උන්න ලොක්කම්මා අනිත් පාර සුදු බාප්පට විතරක් නෙවෙ අතේ උන්න මටත් බනින්න ගත්තා වගේම සුදු බාප්පා මා දිහා බලලා මට උඩට යන්න කිව්වා .....එච්චරයි ...මම එක මොහොතක් නොයිද උඩට දුවගන ආවා උනත් ලොක්කම්මා තාත්තටයි සුඩු බාප්පටයිත් දනගස්සවලා ගහයි කියන බයට මම ආයම ගරාදි වැටගාවට ඇවිත් කන් දීගන උන්නා...

.අම්මා....ඔයාලා මොනවද දැන් අයියට කරන්ඩ කියන්නෙ....

කරන්ඩ කියන්නෙද ....කරන්ඩ කොයන්නෙ මෙන්න මේ කසාදෙ කටු ගාලා දාලා.වෙන අතක් බලාගන්ඩ කියලා ....

අම්මා.....!!!

....

ආ අම්මෙ....මොලේ කියන දේ කලදක් වට් තියනවද ...අම්මට ඇත්තටම මොලේ කියන එක අබමල් රේනුවක් වත් නැද්ද .....එහෙන් අර නොදරුවා නැති වෙලා...මිනිස්සු ඉන්නෙ ගින්දරක බව දැන දැන එ මැදට තව ගිනි පත්තු කරන්ඩ.....ඇත්තටම අම්මට හිතක් පපුවක් කියන දෙයක් නැද්ද අම්මෙ....

නෙහාන් උඹ කට පියවපන්.....ඔය ගෑනි කරගහනකොට කිව්වා....අපි කට කැඩෙනකම්ම කිව්වා...ඇහුවෙ නෑ...පස්සෙ....ආයම කිව්වා...කිව්වා..ඒත් ඇහුවෙ නෑ...ළමයෙක්.නැති තැන මේකා කොහෙන්ද මන්දා ළමයෙක් උස්සන් ඇවිදින් තිබුනා...ඒ ගෙනාව එකත්

අම්මෙ.... 

තාත්තා කෑගැහුවා.....මම අහන් උන්නා.....අහන් උන්න මාව ගැස්සිලා ගියා....අනෙ එයාලා ගහගන්ඩනෙ යන්නෙ...ඇයි....අනේ...ඇයි ලොක්කම්මා ඔච්චර බනින්නෙ අම්මට...?

අම්මෙ....දෙයියන්ගෙ නාමෙට කියන්නෙ...ඇති....ඇති...ඇති කියන්නෙ හොදටම ඇති....

මල්ලි....

අක්කෙ උඹ කටවහපන් අක්කෙ.....උඹ උඹ ඇති ඇති උඹ...උඹ හින්දා මටයි මූටයි මේ වහල යට හැම.දාම උනේ වෙනස් කම්.....ආ අම්මෙ....අම්මා ලේලියෙක් උනානෙද.... ඒ අම්මත් අම්මට සැලකුවෙ මෙහෙමද නෑනේ....අම්ම කියන්ඩ හදන්නෙ මේ කසාදෙ කටු ගාන්ඩ කියලා .....අම්මා කියන්ඩ හදන්නෙ මේක කටු ගාලා දාලා අම්ම කියන.එකීව කර ගහන්ඩ කියලා ....

තිස් හයක් කියන්නෙ මහ වයසක් නෙවෙනෙ...නෙ රෙහාන්....

යකො....ගින්නක් නිවෙන්ඩ කලින් තව ගිනි අවුලන් නැතුව ඉදින්.....මේ මොන කරුමයක්ද මේ....අර ගෑනි තාම ඉස්පිරිතාලෙ ඒකි අඩනවා.....ඒකි මම කොච්චර බලාපොරොත්තු තියා ගත්තද ...මොකද ඒකි හිතලා දරුවව මරාගත්තද.....නෑනෙ...ඒකා මැරුනා කියලා මට තාත්තා කියන්න එකෙක් උන්නෙ නැද්ද...ආ....

මරාගත්තද ..න්න්...නෑ..මල්ලි බබා..නෑ..නෑනෙ...අනේ....නෑනෙ...

තාත්තා කෑගහනවා....එයා කියනවා මල්ලි බබා මැරිලලු..එහෙම වෙන්නෙ කොහොමද ...එහෙම වෙන්න බෑනෙ...එහෙම වෙන්න බෑනෙ.....අනේ.එහෙම වෙන්න බෑනෙ.....

මම ඔලුව ගැසුවා....එතනින් පස්සෙ ඇහුනෙ මොනවද කියන්න.මම දන්නෙ නෑ.....මම අත් දෙකෙම්ම කන් දෙක පිහිද පිහිද කෑගැහුවා....නෑනෑගගා ගොත ගගහා කොරිඩෝව පුරාවටම දිව්වා.....

ඔලුවත් ගස ගස මම කෑගැහුවා....මල්ලි බබා....අම්මෙ....අම්මේ...කිය කියෝම මම ගොත ගැහුවා...

න්න්....න්න්...නෑ..නෑ....ම්ම්...ම්ම්...මල්...මල්ලි...මල්ල්...මල්ලි...

යෙවීන්....යෙවීන්.....

ම..ම.....මල්ලි...

යෙවීන්....පුතේ....චුටි මහත්තයා ....යෙවීන්.....

මල්ලි....බබා....ම..මල්ලි....මල්ලි...අම්.....මෙ...අ....ම්...මේ...!!!!

🥺ආයම කොටසකින් එන්නම්....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters