LightReader

Chapter 7 - 07

මං අත් දෙකෙම්ම කන් දෙක පිහ පිහ කෑ ගැහුවා .....මල්ලි බබා නැති වෙලා නෑ එයා මැරිලා කියනකොට මම කොරිඩො එක පුරාවටම දුවනකොට සුදු බාප්පා වගේම තාත්තා දුවගන ආවා ...එයාලා මාව අල්ලගත්තා ....ඒත් මම නෙවෙ ඔලුව වන වන කෑ ගහන එක නැවැත්තුවෙ ....

යෙවීන්....යෙවීන් . ..ඇති....දැන්....කෝ....හොද පුතා වගෙ නවත්තන්න ...

තාත්තා බාප්පා ගාව උන්න මගෙ මූන අත් දෙකෙම්ම තද කර ගත්තා .....මොකද කන් දෙක වැහ්න්න අත් දෙකෙම්ම මූන වහගත්තම මම චුට්ටක් සංසුන් වෙනවා...ඒත් මගෙ ඇස් වලින් කදුලු වැටුනා....අවුරුදු අටක මට මැරෙනවා කියන්නෙ ජීවත් වෙනවට වඩා ලොකු දෙයක් වෙද්දි මම පෙට්ටියක් අස්සෙ නිදා ගන්න අය ආයම කවදාවත් එන්නෙ නෑම කියලා මගෙ හිත දන්න හන්දා මම කෑ ගැහුවා ....

යෙවීන්....පුතා....සුදු මහත්තයා ...කෝ...අඩන් නැතුව ඉන්න...කෝ නාඩ ඉන්න මේබාප්පා ඉන්නෙ...අපි හෙට අම්මා බලන්න යන්....මගෙ පුතා ඇඩුවම අම්මා හෙට තාත්තට බනීනෙ ලමයව අඩවනවා කියලා නේ....

ත්ත්....ත්ත්....තාත්තෙ.....ම්ම්...ම්ම්.....මල්ලි..බ්බ්....බ්බ්....බබා....හුස්ම...ගන්නෙ....නැද්ද.....ත්ත්....තාත්තෙ....

මම ගොත ගහලා...ගොත ගහලා.....ඉකි ගහන මැදම මල්ලි හුස්ම ගන්නෙ නැද්ද අහනකොට තාත්තා බාප්පා දිහා බලනකොට බාප්පා යටි තොල හපන් ඉදල ඔව් කියලා මගෙ මූනටම කිව්ව මම එහෙම්ම බිම ඉදගත්තා ...හැබැයි එතනින් එහාට ආය කෑ ගැහුවේ නෑ...දැගලුවෙත් නෑ....මම බිම බලාගන උන්නා .තාත්තා බාප්පා සැරින් සැරේම මාව හොලව හොලව කතා කරනකොට මම ගහක් ගලක් වගේ ඉදලා තාත්තා දිහා බැලුවා...මෙච්චර වෙලාම මම කට වහගන කෙරුවෙ මගෙ හිතින් වචන හරි ගස්සවපු එක....අවසානෙදි මම තාත්තා දිහා බැලුවා ...

ම්ම්...ම්ම්...මල්ලි බබා...ම්ම්..මැරුන...හින්..ද්ද්...දද....

ආච්චම්මා.....අම්...අම්...මට...යි....ම්ම්...මටයි....බ්බ්....බනින්නෙ.....ත්ත්....ත්ත්...ත්ත්....ත්ත්.....

මට අවසානම හරියෙදි තාත්තෙ කියලා කියා ගන්න බැරි උනා...මගෙ ඇස්වලින් කදුලු වැටෙන්න ගත්තා ...ආච්චම්මා කියන්න ගත්තු වචම සමහරක් නොතේරුනත් ඒ හැම වචනයක් ම ලොකු තේරුමක් ඇති කියන දේ මගෙ හිතටවද දෙනකොට කසාද් කටුගානවා කියන වචනෙ කොලේක ලියාගන කාගෙන් හරි අහන්න තරම් මගෙ ඔලුවට වේදනා දුන්නා....

තාත්තා මාව වඩාගත්‍තා ...වඩාගන කාමරේට යන්න හදනකොට බාප්පා ආපිට පහලටයන්න හැදුවා...

නෙහාන්.....එපා රන්ඩුවට යන්න....මගෙ ඔලුව දැන් ගිනිගත්තු කම්මුල වගෙ...අර ගෑනිට එහෙන් හරි සිහිය නෑ...මෙතනට ආවම...

අයියෙ උඹ මම හැමදාම කට පියවන්ඩ ද කියපන්...උඹ මම පොඩි උන් නෙවෙ...අම්මා හැමදාම කෙරුවෙ එයාට ඕන දෙ අපි ලව්වා කරවගන්න හදපු එක...අපි මොක්කුද....රොබෝලද.....අම්ම්මෙක්.උනාට.....අම්මගෙ හිත අස්සෙ ඊරිසියාව කුහක කම උතුරනවා...අපි කොච්චර කෙරුවත් අරකිගෙ මිනිහවම තමා උඩ තියන් ඉන්නෙ.....

උඹ හිතනවද නෙහාන් අම්මව හදන්න පුලුවන් කියලා ....

හදන්න බැරි නම් අතෑරලා දානවා...මට සමාවෙයන් අයියෙ මෙහෙම කියනවට....අම්මා තමයි...හැබැයි සාපයක් වේගන ආවොත් අතාරිනවා....

නෙහාන්....නෙහාන්...ඔහොම නැවතියන්...නෙහාන්....

මම උන්නෙ තාත්තගෙ උර හිස උඩ මූන ගහගන ...සුදු බාප්පා පහලට යන්න ගියේ එතන තිබුන මල්පෝච්චියකටත් ඇනගන වෙනකොට තාත්තා ආයම මව බැස්සුවා ...

හොද පුතා වගේ කාමරේට යන්න...තාත්තා එන්නම්...හෙට අම්මා බලන්න යමු හොදද.....

සුදු බාප්පා ගියෙ ආච්චම්මට ගහන්ඩද කොහෙද ...තාත්තා ආයම මාව කාමරේට දාලා යන්න යනකොට කවදටත් වඩා බාප්පගෙ කටේ සද්දෙ ඇහෙනකොට මම ආයම පහලට එන්න එන පඩි පෙල ගාව හැගුනා.....

බාප්පා අද අරක්කුත් බීලනෙ උන්නෙ නලුවා එක්ක....අද නම් ආච්චම්මට ගහයිම තමයි....

කදුලු වලට වේලුන ඇහි පිහාටු එක ළඟ එක ළඟ ඇලිලා තිබුනා....සැරින් සැරේම නැන්දගෙ කට හඩ ඇහෙනකොට බාප්පා නම් කිව්වෙම නැන්දට කටවහපන් මේක අපේ කතාවක් කියලා ....

නෙහාන් දැන් උඹ අම්මටත් සද්දෙ දාන්ඩ අරන් එහෙමද....

සද්දෙ....සද්දෙ දාන්ඩ ගත්තෙ මම හැම අඩව්වක්ම නැටුවට පස්සෙ ඒකයි මට තියන එකම දුක...ආ අම්මෙ අම්මා මොන හිතකින්ද කියන්ඩ අර කොහෙවත් යන ගෑනිව මුගෙ කරේ ගහන්ඩ හිතන් ඉන්නෙ ආ...??අම්මට ලැජ්ජාව කියන දේ විහිලුවට වත් නැද්ද අනික අම්මත් දික්කසාද වෙච්ච ගෑනියෙක්....අම්මගෙ තියන තන්හාවට අම්මට තියන බොරු සැකේ හන්දා හොදට උන්න තාත්තට අපොව එපා කෙරෙව්වා...ගෙදර එපා කෙරෙව්වා.....තාත්තා යන්ඩ යනකොට මට වයස කීයද....ආ අම්මෙ.....ආ....??

නෙහාන් උඹගෙ තාත්තා වෙනයි අයියා වෙනයි...

යකො අයියා තාත්තා වෙනයි උනාට මෙතන මේ ළමයෙක් හින්දා කසාදයක් කටු ගාන්ඩ මොලේ නැද්ද....මමම කොච්චර තාත්තා ඕනා කියලා එදා ඇඩුවද....ආ අම්මෙ....ඔව්වා එකක් වත්.මතක නැද්ද.....ආ.....

එහෙමයි කියලා මේ දේවල් වෙන එකෙක්ට අයිති වෙන්න දෙන්න බෑනෙ මල්ලි.....

මේ දේවල් වෙන එකෙක්ට කියන්නෙ.....එතකොට උඹේ මිනිහා හොර අරක්කු පෙර පෙර ඉදලා තාත්‍තව රවට්ටන් බාර් එක උගෙ නමට හරවන් අද ඒවා අයිති කරන් ඉන්නෙ ඌ අපේ එකෙක්ද....

...රෙහාන්.....

කටවහපන් අක්කෙ....උඹගෙ මිනිහා ආතක් පාතක් නෑ...බෝක්කු අස්සෙ ලින් කටවල් වල හැංගි හැංහි අරක්කු පෙරපු එකෙක් කියලාදැන දැන අම්මා උඹලට කරනවා...මටයි මල්ලිටයි කියලා උඹලා කවද්ද සැනසීමක් දුන්නෙ...බැනා ගෙදර එකා ලේලි පිට එකීලා...උඹලටත් නැන්දම්මලා උන්න නේද....ආ??

මම අහන් උන්නා....අම්මා සුදු බාප්පා එක පැත්තක් අරන් කෑ ගහන කොට ආච්චම්මා නැන්දා එක්ක එක පැත්තක් ගත්තා...එයාලා හදන්න්න් අම්මව එලවන්ඩ.....එයාලා හදන්නෙ යෙවීන්වත් එලවගන්ඩ.....එයාලා හදන්නෙ.....අනේ...බෑනෙ...බෑනෙ...මට මගෙ අම්මයි තාත්තයි ඕනා...අනේ...බෑ...අපේ තාත්තට බදින්ඩ පුලුවන් අපේ අම්මව විතරනේ....අනේ එහෙම බෑනෙ..බැනෙ...

මම අත් දෙකෙම්ම කොන්ඩෙ ඇදගත්තා .....බර වචන නොතේරුනා උනත් කියන සමහර වචන වලින් තේරුනේම මල්ලි බබා නැති හන්දා අම්මව එලවන්ඩ යන්නෙ කියන එක වෙනකොට මම කතා කරගන්ඩ බැරි කමට මගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම උදුරන්න හැදුවා...

.

උඹලා දෙන්නා ඔය කට ගැහුවට දෙන්නගෙන් එකෙක්ට පුලුවන් උනාද මේවා බලා කියා ගන්ඩ එකෙක් ගේන්ඩ...කවදා හරි මේ ඔක්කොම අරුනිට තමයි...පිට උන්ට දෙන්ඩ පුලුවන්ද ?

අරුනිට.....හහ්...අරුනිට....???

බාප්පා හිනා උනා...බාප්පා හයියෙම්ම හිනා උනා....අපේ සුදු බාප්පා අරුනි අක්කට ඇල්පෙනෙත්තක් තරම් වත් ආදරේ නෑ කියලා එදා අපේ අම්මා මට රහසින් කිව්ව.....සුදු බාප්පා ආදරෙ මට විතරලුනෙ....එදා අරුනි අක්කා මාව පඩියෙන් තල්ලු කරලා නලල පැලුන වෙලේ සුදු බාප්පා අරුනියට ගැහුවලුනෙ පේර කෝට්ටක් කැඩෙනකම්ම...මං දන්නෙ නෑනෙ මං උන්නෙ ඉස්පිරිතාලෙනෙ....අම්මො අනේ තාමත් නලලෙ පාර තියනවා....උන් හැමෝම මට ගහනවා බනිනවා...කොච්චර රිදෙනවද මට....මම පැත්තක ඉදගන උන්නත් වැරදිනෙ...

මං ආයම බාප්පා දිහා බැලුවා ...තාත්තා සෙටියෙ ඉදගන අත් දෙකෙම්ම ඔලුව බදාගන උන්නා....තාත්තා අම්මටයි යෙවීන්ටයි කොච්චර ආදරේද ...අනෙ තාත්තෙ....මාව දාලා යන්න එපානෙ.....

මට තාත්තව දැකලා දුවන්නත් හිතුනා උනත් මට එන්ඩ එපා කියලා කියපු හන්දා මං ඉවසන් උන්නා .....

අම්මා හිතන් ඉන්නෙ මේ දේවල් කාගෙ කියලද....අම්මා හොදටම දන්නවා ...මේ ගේ අයියගෙ අක්කගෙ කියලා ...තියන කුහක කමට අර මහ ගෙදර වහලා දාලා මෙහෙට රිංගුවෙ ඇයි කියන්ඩ මං දන්නෙ නෑ කියලා හිතුවද අම්මෙ....

මොකටද...මොකටද කියල කියපන් බලන්ඩ.....

මොකටද අහන්නෙ...අම්මට ඕනෙ කොහොම හරි අක්කව එලවගන්ඩ...අර දරුවට අම්මා තාත්තා නැති කරන්ඩ...ඒකට නෙවෙද.....

මල්ලි උඹ මොනවද ඔය කියන්නෙ...

මම කියන්නෙද...උඹයි අම්මයි අහු මුලු වල කුටු කුටු ගාපුවා තමයි.....ලැජ්ජා නද්ද බන්....ලැජ්ජා නැද්ද.....මෙතනට ඇවිත් සුදුලූනු බික්කෙ ඉදන් අරන් යනවා....මහ ගෙදර ඉන්නකම්ම අක්කා ඉදගත්තත් අම්මට වැරදි හිට ගත්තා උනත් අම්මට වැරදි.. උයන හොද්දට බතට වැලි දාපු අම්මනෙ...අක්කා නැහීගන වැඩ කරනවා අම්මා නෝනා හාමි වගේ ඉදන් ඉන්නවා...ලැජ්ජයි අම්මෙ කියන්ඩ...අම්මා අක්කා හිටපු ඒ අවුරුදු ගානට අක්කව වැඩකාරියෙක් ගානට දලා නෙවෙද අම්මෙ වැඩ ගත්තෙ...

අනික උඹ අක්කෙ...උඹත් ඒකිට ඇනුම් පදම කිව්වා....අවසානෙදි බැරිම තැන මේ ගේ හදාගන ආවම අම්මට එතනත් ඊරිසියා හිතුනා...අම්මට වඩා අක්කව ලොකුයි කියලා හිතල . දෙයියන්ගෙ නාමෙට අම්මයි ගෑනියි කියන්නෙ දෙන්නෙක් කියන එක තේරුම් ගන්ඩ බැරිද අම්මෙ....?අයියා මෙහෙ ආව දා ඉදන් අම්මා කෙරුවෙම රැයක් දවාලක් නැතුව එක එක බොරු ලෙඩ කිය කිය අයියව ගෙන්න ගත්තු එක... නැද්ද . ..ආ අම්මෙ.....???

අපිට කරපු අපරාදෙ අර නොදරුවට කරන්ඩ එපා...මම කියන්නෙ එච්චරයි .....ඇම්මට මහ ගෙදර ඉන්ඩ බැ කියලා මෙහෙ ආවෙ පවුල් කඩන්ඩ නම්...ඔන්න ඕකි එක්කම ආපිට යන එකයි...අනික තාත්තා කෙලිම්ම කේටරින් එක ලිව්වෙ අයියට .ඒක ඌ ඌට ඕන එකාට දේවි ...අරුනිට මොකුත් නැතුව නෙවෙනේ අනික...ඒකිත් අපේ ලේ නෙවෙනෙ.....මොකද ඒකි වාසගම ගෙනියන්ඩද .නෑනෙ....ඇරත් අම්මා ඔච්චර නහින්ඩ ඕන් නෑ.....අම්මා තාත්තව අතෑරියා නම් අම්මටවත් මේවල අයිතිවාසි කමක් නෑ.....

නෙහාන් කට පියවපන් උඹ අම්මට ඉහලින් කතා කරන්ඩ ගත්තෙ කවදා ඉදන්ද....

කට පියවන්ඩ ....අම්ම අක්කා එක්ක එකතුවෙලා මට කරපු දේම ඇතිනෙ.....මම අදටත් තනියෙන් ඉන්ඩ හේතුව අම්මා...මගෙ ජීවිතෙ කාලකන්නි කෙරුවෙ අම්මා....මම කවදා හරි අඩනවා නම් අඩන්න හේතුව අම්මා..කවද හරි නෙවෙ..මම අදටත්.විදවන්ඩ එකම හේතුව අම්මා...දැන් අම්මා හදන්නෙ ඒ දේම අයියට කරන්ඩ.....අම්මට තියෙන්නෙ අපි ගැන ආදරයක් නෙවෙ තන්හාවක්....අම්මට ඕනෙ හැමදාම අම්මගෙ ගාව තියා ගන්ඩ ...අක්කා අයියටතේ එකක් හැදුවත් අම්මා කරන්නෙ ඒක හලලා අම්මා එකක් හදලා දෙනවා...කොච්චර උනත් ලොකුන්පුතා කන්නෙ අහරෙමයි...ලොකු පුතා බොන්නෙ මෙහෙමයි ..බුදියන්නෙ මෙහමයි ගගා අම්මා කෙරුවෙ අම්මගෙ අයිතිය පෙන්න පෙන්න පවුල කාපු එක.....

අමම.දන්නවද අම්මා හන්දා අයියා කී පාරක් අක්කට ගහලා තියනවද කියලා ...අම්මා කේලම් කියලා කියලා කීපාරක් අක්කා ගෙදරින් යන්ඩ ගියාද කියලා ...

අම්මා කැමතිද අක්කට අක්කගෙ නැන්දම්මා එහෙම කරනවට....අම්මා කැමතිද අක්කගෙ නැන්දම්මා අක්කගෙ පවුල කඩනවට ...නෑනෙ ....ඇයි ඒ දෙවිදිහක්....අක්කගෙ ලමයා ළමයා...එතකොට අයියගෙ ළමයා??? අම්මා අක්කට වෙනවට කැමති නැති දේවල් ඇයි අපේ උන්ට කරන්නෙ ...???අම්මා අයියගෙ ඇගට තව ගෑනියෙක් ගහනවා ....එතකොට ලමයට තාත්තෙක්.....ගෑනුන්ට මිනිස්සුන්ට තව ගෑනු මිනිස්සු ගන්න පුලුවන් ...ඒත් අම්මෙක් තාත්තෙක්....ගන්ඩ පුලුවන්ද ...තාත්තා කුඩම්මෙක් ගත්තා....අපිට තාත්තෙක් හම්බ උනාද.....තාත්තෙක් නැතුව අපි කොච්චර අසරන උනාද කියන්න අපි දන්නවා ....ඇයි ඒ එහෙම අරන්නෙ...ඒකා අපේ නේද .....??

අපේ උන් අපේ උන් කියන්නෙ ඒකා අපේ

උඹ කටවහපන් අක්කෙ...උඹ ඇති උඹ...හොදට මතක තියා ගනින් උඹෙ ඔය හොර අරක්කු කාරයා අද කාලා බීලා ඇදල කරලා ඉන්නෙ අපි හොද හන්දා....තාත්තා ඕකව උසාවි නග්ගපු නැති හන්දා.....උඹටත් උඹේ මිනිහව ඕනා නම්...කට වහන් දැන් ගෙදර පලයන් .....අනිත් එක....මගෙ හැමදෙම කවදහරි යෙවීන්ට අරුනිට කියලා මගෙන් රුපියලක දෙයක් නෑ...එච්චරයි ...

නෙහාන්...නෙහාන්....ඔහොම නැවතියන් නෙහාන් ...නෙහාන්...

ඔයා මොකද මෙතන...කිව්ව නේ කාමරේට යන්න කියලා .....

බ්බ්...බ්බ්...බාප්පෙ.....

මෙච්චර වෙලාම කියවපු බාප්පා බාප්පගෙ හැම දේම මට කියලා කෑ ගහලා එන්න එනකොට දොර රෙද්ද අස්සෙ උන්න මාවත් අහු උනා...තාත්තා අම්මට ලෑස්ති කරගත්තු රෙදි බෑග් එක අරන් යනකොට බාප්පා මාව උඩට ඇදගන ආවා...අඩි හප්පපු නැන්දා යන්ඩ යනකොට ආච්චම්මා මොන මොනවදෝ කිය කිය එයාගෙ කාමරේට යන්න ගියා ..

බ්බ්...බ්බ්..බාප්පෙ...

ම්ම්ම්.....

බාප්පා මාව ඇදගන කෙලිම්ම එයාගෙ කාමරේට ආවා.....එතනින් එහා කතා කෙරුවෙම නෑ...මට කියන්න ඕනා උනා අම්මව එලවන්න එපාය කියලා ...මට කියන්න ඕනා උනා තව මල්ලියෙක් ගේමු කියලා ..මට කියන්න ඕනා උනා මට අම්මයි තාත්තයි දෙන්නම ඕනෙ කියලා ....ඒත් ඒ වචන ඔක්කොම එක පාර එලියට දාගන්න බැරිව මං ඔලුව වැනුවා ...

බ්බ්..බා...ප්පෙ....

ම්ම්ම්...

විනාඩි ගානක්...විනාඩි ගානක් මං අත් දෙකෙන් කන් දෙක පිහ පිහ ඔලුව වනන්න ඇති.....මට කතා කරගන්න ඕනා කරන වචන පිලිවල කරගන්න මම කෙරුවෙ ඔලුව වනපු එක වෙනකොට අවසානෙදි එකම එක වචනයක් කියන්ඩ මං සෑහෙන්න මහන්සි උනා.....

ම්ම්..ම්ම්...අ අ...අපේ මල්ලි බබා....ම්ම්..මැරිලද ....බාප්පේ.....??

එයා මා දිහා බලන් උන්නා.....මං එයාගෙන් ඇහුවෙ එක දෙයයි...එයාගෙන් ඇහුවෙ එකම දෙයයි...එයා ඒකට වත් උත්තරයක් නොදී මාව වඩා ගත්තා ...

වරෙන් යන්ඩ නෙවීන්.....

මන් දන්නෙ නෑ බාප්පා මාව කොහෙ අරන් යනවද කියන්න....ඒත් අම්මා තාත්තා අරුනම ලෝකෙ කෙරවලට උනත් මට බයක් නැතිව යන්න පුලුවන් එකම කෙනා බාප්පා විතරක් වෙනකොට මං එයාගෙ බෙල්ල බදාගන ඉන්නකොට බාප්පා පඩි පෙල දිගේ පහලට එනකොට ආච්චම්මා කා එක්ක හරි කෝල් එකක උන්නා...

එව්වා කොහෙද මගෙත් එක්ක...මේකඒ අදක ඊයෙක කරන්ඩ තිබ්බ දෙයක් නෙවෙනෙ ..මුන්ගෙ හිතුවක්කාර කම්.....ඇරත් මේ හතලිහක් වත් නෑ....ඔව්වා ඉක්මනට හරි යාවි.....න්...නැතුව...නෙහාන්....නෙහාන්

...කොහෙද උඹ ඔය රෑ තිස්සෙ යන්නෙ කොල්ලවත් එල්ලගන....

අපි පහලට එනකනුත් ඵෝන් එකේ එල්ලීගන උන්න ආච්චම්මා බාප්පවයි මාවයි දැකලා ඵෝන් එක කනේ තියාගනම බෙරිහන් දෙන කොට බාප්පා නෙවෙ කනකට ගත්තෙ....ඒත් අච්චම්මා නෙවෙ නැවතුනෙත්....එයා අපේ පස්සෙම්ම දුවන් ඇවිත් බාප්පා අතේ එල්ලෙනකොට බාප්පා අත ගැසුවා ගසලා දාලා ලොකු අම්මගෙ අත අල්ලගත්තා .....

නෙහා...න්....මොකක්ද උඹට වෙලා තියෙන්නෙ....අතෑරප්න් අත නෙහාන්.....

අතාරින්ඩ ඕනා නම්....තවත් මගෙ දේවල් වලට අත නොගහා ඉන්ඩ..

අත නොගහා ඉන්ඩ කියන්නෙ...උඹ මේ රෑ යන්නෙ කොහෙද ...ඇරත් මේ කොල්ලව එල්ලන්....උඹලට මොකක් හරි උනොත් ඒකටත් අපිට වග කියන්ඩ වෙයි...

වග කියන්ඩ....වග කියන්ඩ වෙයි නෙවෙ....අම්මා තමා මේ හැම දේටම වග කියන්ඩ ඕනෙ....අම්ම තමයි....

ඇයි උඹට අර උරචක්කරේ එල්ලගන්ඩ නොදුන්න හන්දද නෙහාන් ...

ඔව්....ඒ උර චක්කරේ එල්ල ගත්තා නම් මං අද සතුටින් ඉන්ඩ ගියා....අම්මයි අක්කයි එකතු වෙලා ඒකත් කැඩුවා...අම්මෙක් නේද ....එකම එක පාරක් මේ කොල්ලගෙ මූන දිහා බලලා හිතන්ඩ බැරිද මූට අම්මා තාත්තා දෙන්නම ඕනෙ කියලා ....???පින් අයිති වෙයි...මෙහෙ ඉදන් මේ පවුල කන්ඩ එපා අර වහලා දාලා තියන මහගෙදරට යමන් අම්මෙ....

නෙහාන්...

යෙවීන් අපි යමු පුතෙ....

බාප්පා මගෙ ඔලුවට පොඩි හෙල්මට් එක දාලා මාව ඉස්සරහොන් ඉන්දව ගත්තා ....එයා රෑට නම් කවදාවත් මාව පිටිපස්සෙන් තියන් යන්නෙ නෑ....ආච්චම්මා එකම දිගට බාප්පගෙ නම කිය කිය නවතින්ඩ කියනකොට බාප්පා නෙවෙ කනකට ගත්තෙ....එයා මාවත් අරන් එන්ඩ එනකොට කොහෙ හරි ගිහින් රෑට රෑ වෙලා ඵෝන් එකත් කනේ ගහන් නැලවි නැලවි එන අරුනි අක්කව දැකපු බාප්පා එතනම තිබ්බ මඩ වල ගාවින් හයියෙම්ම එනකොට අරකී කෑ ගැහුවා .....

අම්මලා දුවලා මිනිබිරියො ඔක්කොම එකයි...

මේ යන්නෙ අම්මව බලන්ඩද....නැත්තන් සුදු අම්මයි සීය තාත්තයි ඉන්න ගෙදරටද කියන්න නොදන්න මම බාප්පගෙ ඇගට හේත්තු වෙලා හැඩල් එක අල්ලන් කකුල් දෙකත් කක්කුටු අඩු දෙක වගෙ උස්සන් උන්නා.....

මල්ලි බබා මැරිලා..මල්ලි බබා මැරිලා .....කසාදෙ කටු ගාන්ඩ....වෙන එකෙක් කරගස්සවන්ඩ ....මේ වචන ඉවරයක් නැතුව මගෙ ඔලුවට වද දෙනකොට මල්ලි ආය කවදාවත් අපේ ගෙදර එන්නෙ නෑ කියන හැගීම මගෙ හිත රිද්දුවා ....නලුවා කිව්වා වගේම මගෙ හිත වීදුරුවක් වගෙ බිදිලා ගියා ....

එතකොට අම්මා තාත්තා .....මල්ලි බබා එන්නෙ නැති හන්දා අත්තම්මා කරන්නෙ අම්මව ගෙදරින් එලවන්න හදන එක මට දැන් තේරිලා තියනකොට හෙල්මට් එක දාන් උන්න මං ඉකි ගහලා ඇඩුවා ..මට අම්මා නැතුව ඉන්න බෑ...මට මගෙ තාත්තා නැතුව ඉන්න බෑ.....

කෑ ගහලා අඩන්න ඕනා කම තිබ්බත් වෙන ආයට වගෙ දුක කිය කිය අඩන්න බැරි මං හැමදාම කෙරුවෙ ඔලුව ගස ගස ආඅ...ආ....ආ.....ගගා අඩපු එක වෙද්දි ඉවසන්ඩම බැරි තැන ආ ..ආ...ආ... ගගා මං අඩන්න ගත්තා ....මෙච්චර වෙලාම කඩාගන බිදගන ආව මාමා ගෙයක් ගාවින් බයික් එක නැවැත්තුවා ....

නලුවගෙ ගෙදර ...එයා ආයම ඇවිත් තිබුනෙ නලුවගෙ ගෙදර වෙනකොට එයා ගේට්ටුව ගාව නැවතිලා ඵෝන් එක කනෙ ගහගත්තා ....

සංධීර් හදිස්සියක් ...ගේට්බෙක ගාවට වරෙන්.....

........

මං එනකන් මේ ලමයව ටිකක් තියා ගනින් ....

එච්චරයි බාප්පා ආයම ඵෝන් එක සාක්කුවෙ දාගන අඩන මගෙ හෙල්මන්ට් එක ගලවන්න යනකොට මං හෙල්මට් එක ගලවන්න නොදී එයාගෙ අත් දෙක පැත්තට කෙරුවා ....ඒ එක්කම නලුවා ආවා ....

ඇයි බන් මේ.....

මේකව තියාගනින්...මං රෑට ඇවිත් අරන් යන්නම්..

උඹ ඔය කොහෙද යන්නෙ 

ගමනක්...

ගමනක් කියන්නෙ යන තැන කියලා පලයන් ....

අපෙ අම්මගෙ අලුත් ලෙර්ලිගෙ ගෙදර ...මූට රෑට කූල් පොවන්ඩ එපා....තියාගනින්....

හෙල්මට් ව්ක පිටින් උන්න මාව බාප්පා ඇදලා අරන් නලුවගෙ ඇගේ ගහලා යන්න යනකොට තුවායක් පිටින් උන්න නලුවා ඇස් දෙක හිනි කරන් මා දිහා බලලා මාව ගේට්ටුවෙන් ඇතුලට එක්ක ගියා . 

කෝ ඕක ගලවන්න...

මන එපා කියලා කියන්න ඔලුව හෙල්ලුවා ....අඩන මට එයාගෙ මූන බලන්න දුක හිතුනා .....ඒත් මට එයාට කියන්න ඕනා උනා මල්ලි බබා මැරිලා ආච්චම්මා අම්මව එලවන්ඩ හදනවා කියලා ...අඩ අඩ උන්න මං අවසානෙදි තනියම හෙල්මට් එක ගලවගන එයා දිහා බලනකොට එයා මගෙ ගාව දන ඔබා ගත්තා ....

ඇයි බබී.....

ම්ම්...ම්ම්...මල්ලි...බබා....ම්ම්...මැරිලා....අ..අම්..අම්මව.....ඒ...එලව..එලව...එලවන්ඩ හදනවා ...නේ...අම්..අමව...යි...අම්මව...යි...

මට කෑ ගහලා ඇඩුනා.....අම්මව එලවන්ඩ හදනවා කියන වචන මගෙ පොඩි පපුව නොසෑහෙන්න රිදවනකොට මං අම්මව එලවන්ඩ එපා කියන්ඩ කියලා අඩා ගන්න බැරි කමට බිම ඉදන් ගුලි ගැහිලා අඩන්න ගත්තා .....

බබී....බබී.....කෝ මේ අහන්න....කෝ....මේ බලන්නකො...අපි අම්මව එලවන්න දෙන්නෙ නෑ...කෝ ඉතින්....හොද පුතානෙ...නාඩා ඉන්නකො.....

එයා අඩ අඩ උන්න මගෙ ඔලුව අත ගාන ගමන් අම්මව ගෙනියන්ඩ දෙන්නෙ නෑ කියද්දි මම ඔලුව ඉස්සුවා එයා මගෙ කදුලු පිහිදැම්මා ....

කව්ද කිව්වේ මල්ලි බබා මැරුනයි කියලා ..

එයා මගෙ කම්මුලක් අත ගාන ගමන් කව්ද මල්ලි බබා මැරුනා කියලා කිව්වෙ අහනකොට මං ආච්චම්මා කිය කියාගන්න ගොත ගහනකොට එයා මොන මොනවදො කුටු කුටු ගාලා මාව අතින් අල්ල ගත්තා ..

මෙහෙ එන්න ඔයාට බඩුවක් කියන්න.....මල්ලි බබ මැරිලා නෑ ....

මල්ලි බබා මැරිලා නෑලු....මන් නලුවා දිහා බැලුවා ....ඒ කියන්නෙ ඒක බොරුවක් ....එහෙම උනොතින් අම්මව එලවන්නෙ නෑ...කසාදෙ කටු ගාන්නෙත් නෑ...?යෙවීන්ව එලවන්නෙත් නෑ.....

මං එයා ඇදන් උන්න තුවායෙන් චුට්ටක් ඇද්දා එයා මගෙ මූන දිහා බැලුවා ....

ඇයි...

ම්ම්...ම්..මල්ලි..බබා....ම්ම්...මැරිලා නෑ....ද....

ම්න්....මැරිලා නෑ....

ඇ...ඇත්ත..මද...??

ම්න්...ඇත්ත...

ප්ප්...ප්ප්..ප්‍රො.මි...ස් කියන්ඩ...

ප්‍රොමිස් ...

අනෙ....එයා ප්‍රොමිස් කියලා කිව්වනෙ.....ඒ කියන්නෙ අපේ අම්මව එලවන්ඩ බෑ...නලුවො කවදාවත් බොරු කියන්නෙ නෑනෙ...නේද ....මම ආයම එයාගෙ දිහා බැලුවා ..මට දැනගන්න ඕනා උනා අම්මව කවදාවත් යෙවීන්ගෙන් උදුර ගන්නෙ නෑනෙද කියලා ...මට දැන ගන්න ඕනා උනා තාත්ත්ව කවදාවත් යෙවීන්ගෙන් උදුර ගන්නෙ නැනෙද කියලා .....මට දැනගන්න ඕනා උනා...ආච්චමට.... කවදාවත් කසාදෙ කටු ගාන්ඩද මොකක්ද කරන්ඩ බෑනෙද කියලා ...අනික බාප්පා කිව්වා...ලමයට අම්මෙක් තාත්තෙක් ඕන කියලා ....

මම ඇස් හීනි කරන් ඔලුව දෙපැත්තට වැනුන්වා....වන වන ගොත ගහන්ඩ වචන එලියට ගන්ඩ කට ඇර ඇර ඕන කරන වචනෙ එලියට ගන්නඩ හදනකොට එයා මගෙ දිහා බල්න් උන්නා....

එ..එ..එතකොට...අ...අ...ආච්...ආච්චම්මට...කවදාවත්.....ක්ක්...ක්ක්..කසා....දෙ...ක්ක්..ක්ක්ක්...ක්ක්.....ක්ක්....ක්ක්....කටු ගාන්ඩ....බ්බ්..බෑනෙ....ද....??බ්බ්..බැනෙ..ද...අනෙ....බෑ...නේද....

ඔය ඇති යෙවීන්...ඔයාට මහන්සී....

මේ අයියෝ..... මම ලොක්කම්මා අත්තම්මා කියල මාරු කෙරුවා ..අපි ලොකු අම්මා කියන්නෙ අම්මගෙ අම්මට හරි තාත්තගෙ අම්මට හරි.....ඒකයි👉👈

ආයම හෙට එන්නම්.....

රෑට අග්ගියා එක්ක එන්නම්.....

මීට ජොබී....

Ferdeesha ❤️💚😘 ...

More Chapters