Ravindu pov....
. උන් හැමෝම යන්න ගියා...අවසානෙදි මේ සාලෙ මැද...එයයි මමයි විතරක් ඉතිරි උනා...
ජනත් නිර්මල...
උඹගෙ ආදරෙ විදින්න මට පින් මදි උනාද ජනත්...උඹ මට ආදරේ දුන්නා නම්.....මං දන්නවා...අටුවාටිකා නෑ...ඒ ආදරේ නිර්මල ආදරයක් වෙන්න ගියා....නිකැලල් ආදරයක් වෙන්න ගියා ..හරියටම ....මයුරයා....උගෙ නිම්නට දෙන ආදරේ වගේම....
මං එයාගෙ පෙට්‍ටිය ළඟින් ඉදගත්තා.....හරියටම ...එයාගෙ මූන ළඟ.....අත දිගෑරලා ඒ මූන අත ගාන්න පුලුවන් දුරක.....එහෙම්ම මම මගෙ ඔලුව පෙට්‍ටි පියනට තියා ගත්තා...දැන්...එයයි මමයි දෙන්නම සමතලේක.....
මගෙ ඇගිලි තුඩු උනුසුම්...ඒත්...දැනුනෙ තද සීතලයි...වෙනදට වල ගැහෙන ඒ කම්මුල් වල වල ගැහෙනවද කියලා හොයන්නත් බැරි තරම්.....ඒ තරමට ඒ හකු පාඩා ගල් වෙලා....
මට උඹට ආදරේට කියන්න නමක් වත් හොයන්න බැරි උනා ජනත්...ඒ අහන්නත් කලින්.....උඹ ඉක්මන් උනා...බබා කියන්නද.....අයියෙ කියන්නද....පන කියන්නද.....රත්තරන් කියන්නද...නැත්ත....සුදු මහත්තයා කියන්නද....
මට වස්තු කියන්න බෑ.....මොකද...මයුරයා ඒක උගෙ නිම්නට කියනවා...නිම්න ඇවිදින්...ඌට වස්තුවක්....අමිල වස්තුවක්...මට වෙලාවකට ලෝබයි....ඌ කට පුරාවටම බුංජියට වස්තු කියද්දි ඒ වචන අස්සෙ ආදරේ වෑස්සෙනවා ජනත්...නිම්න ඌට අනූ කියනවා...
බබා කියන්නත් බෑ...බබාට අයිතිකාරයෙක් ඉන්නවා....උදාරයා ඒක උගෙ කල්පනයට කියනවා.....කල්පනයා උදාරට සෙනේ කියනවා.....සිනෙත් උනාට සෙනේ කියලා කියන්නෙ.....අහනකොට හිනා යන්න ආවා උනත්...උගෙ වචන අස්සෙ...ඒ නම අස්සෙ...සෙනෙහස තියනවා ජනත්.....
මට ඕනෙත්...ඔයාට ඒ වගේම නමක් තියන්න....මං ඔයාට එක්කො..පන කියන්නද.....ජනත්....
මං මිමිනුවා....එයාගෙ ඔලුව අත ගගා මං මගෙ පන එක්ක කතා කෙරුවට මොකද....මටත් නොදැනෙන්න අඩන හිත හන්දා මගෙ ඇස් වල කදුලු නාලිකා ආයම සක්‍රිය වෙලා තිබුනා.....මං එයාට නමක් හෙව්වා..මන එයාගෙන් ප්‍රශ්න ඇහුවා....ඒත්...එයා නෙවෙ මට උත්තර බැන්දේ....එයා නෙවෙ මට මන් දිහා ඇහැක් ඇරලා බැලුවෙ.....එයා කෙරුවෙ ඇහුනත් නෑ හුනා වගේ ඔහෙ නිදාගන උන්න එක වෙනකොට මම එයාගෙ ඉහට උඩින් කැරකෙන කලු පාට සමනලයා දිහා බලන් උන්නා.....
.....මම...ඔයාගෙ පන නම්...මං ඔයාට...ප්‍රාති කියන්නද....?
....ජ්....ජ්..
මං දන්නෙ නෑ.....මාව සිතල වෙලා ගියා....මගෙ උගුර කට පවා වේලිලා ගියා.....එයා එක්ක සමතලේක නිදාගන ඉහට උඩින් පියාඹන කලු සමනලයා දිහා බලන් උන්න මගෙ කන ගාවින් ඇහුන කටහඩ වගේම බෙල්ලට දැනුන සීතලත් එක්කම මාව ගැස්සිලා යනකොට මම පුටු පෙරලගන පුටුවෙන් නැගිට්ටා....
බොරු කියන්න ඕන නෑ.....කොච්චර ඇයි මාව දාල ගියෙ...ඇයි මාව දාලා ගියෙ ගගා ....ඇඩුවත් ....ආපහු එන්න ජනත් ගගා ඇඩුවත්...එයා මගෙ ළඟ ඉන්නවා ගගා අරුන් හතර දෙනාට මහ එකා වගේ පඩි වදන් කියෙව්වත්...කන පිටිපස්සෙන් ඇහුන එයාගෙ කට හඩ එක්ක මට බඩ විතරයි නොගියෙ...
බය උනාද....දැන් ඊයෙ ඉදන් අඩනවා නේද එන්න...යන්න එපා එන්න ගගා.....ඉතින් ලගට ආවම දුවන්න හදනවා...දාඩියත් දාලා....
....ජ්...ජනත්....අයි..යෙ...ඔ..ඔයාද...මේ.....
....හ්ම්....ඔව්...මම...තමයි...මලකදක් අත ගගා අඩන වෙලෙ.....ඇයි මගෙ ලගට වෙලා ඉන්න බැරි....
..මං උඩ බිම බැලුවා...එයාගෙ මල කදට උඩින් තිබුන රේන්ද එල්ලෙන හතර වියන දිහා බැලුවා...ඒත් එයා එතන නෑ...මෙච්චර වෙලාම එයාව ඉල්ල ඉල්ල අඩපු මට දැන් එයා ආව එකට ඇඩෙන්න ආවා....
අනෙ දෙයියෙනෙ...මං මනුස්සයෙක්....හිතේ වේදනාව අහස උසට උනත්...පපුව පැලෙන්න ආව උනත්.....මැරුන මනුස්සයෙක්ව බදන් අනෙ නැගිටපන්...නැගිටපන් ගගා පස් කකා ඇඩුවා උනත්....මට බලාගන ඉන්නකොට සීනි අඩු උන එකා වගේ වෙවිලන්නයි දාඩිය දාන්නයි ගත්තා මදිවට දනහිස් පොල් කටු සට සට ගාලා ගැහෙන්න ගත්තා.....
මගෙ බෙල්ල සීතලයි...එයා මගෙන් මට ප්‍රාති කියලා කියන්නද අහනවා....ඒ අස්සෙන් මට කලිසමේම චූ යන්න එනවා....කලන්තෙටත් වගේ.....
මං දන්නවා...එයා ඉන්නවා...මට දැනෙනවා එයා ඉන්නවා....මට කාටහරි කතා කරගන්න ඕනා...මයුරයෝ...කියලා කැ ගහන්න ඕනා උනා....අනේ...බුංජියො.....වරෙන්කො ගාලා කෑ ගහන්න ඕනා උනා....ඒත්...මගෙ කටහඩ පිට වෙන්නෙ නෑ...හරියටම හීනෙන් බය උනහම කොච්චර දිව්වත් එක තැන දුවනවා වගේ.....
කොච්චර උදව් ඉල්ලලා කෑ ගැහුවත් කටහඩ පිට වෙන්නෙ නෑ වගේ ...
ජනත් අයියෙ මං ආදරෙයි ගගා වැලලුනාට මොකද...මට පනපිටින්ම නිවන පේන්න ගත්තා...එහෙන් අර සමනලයා පියාඹනවා.....
අනිත් ඇත්තෙන් සිවිලිමෙ කැරපොත්තෙක් වහලා....මේ ඔක්මෝම අස්සෙ ඔය පගයත් ෆ්ලයිට් මෝඩ් ඔන් කෙරුවොත්....අනෙ මං දන්නවා...නිලේකටයි....
ප්‍රේමතිලකටයි බාල කොල්ලා නැති වෙනවා........
ප්‍රාති....ඇයි මේ.....බයද මට....ඇයි මේ...දාඩියත් දාලා...මාව ඕනා කිව්වා නෙ...මට ආදරෙයි කිව්වා නේ....ඇරත්.....ඇයි මැනික අර හිල වැහීගන එන කනයත් කරාබුව තියලා තද කෙරුවෙ....මැරිලා උන්නට රිදුනා....
අනේ..දෙයියනෙ....තිබ්නා නේද..මගෙ උරහිසට අත.....
මාව සීතල වෙලා ගියා....
එයාගෙ කටහඩ මදිවට සීතල හුස්මත් මගෙ බෙල්ලෙ වදිනවා මදිවට ජනත් අයියගෙ දිගැටි ඇගිලි මගෙ උරහිස උඩ නැවතුනා විතරයි ..මටත් මලගිය හැම ප්‍රානකාරයෙක්වම එක පාර සිහිවෙන්න ගත්තා....
මට පන නෑ...
පන යන්න වගෙ....කලන්තෙට කියන්නෙ..කොරෝනා හැදුන එකෙක් වගේ...ඇගට මෙලෝ පනක් නෑ....
මගෙ පන යන්න ඔන්න මෙන්න කියන්නෙ මට දැනෙනවා මගෙ සර්වාංගෙ තියන් අභ්‍යන්තර අව යව එකින් එක..එකින් එක අඩපන වෙවී යනවා....වකුගඩු....අක්මාව....මහ බඩ වැල...කුඩාබඩවැල...මේ ඔක්කොම සර්වපිත්තල කෑලි ටික එක පාරම අඩපන වෙලා යනකොට ලාවට වගේ මට ඉතිපිසෝව කියා ගන්න කට ඇරගන්න පුලුවන් උනා...
අනේ...මට සමාවෙයන් ජනත් අයියෙ....එන්න එන්න කිය කිය වැලලුනාට .අනේ..බන්.....මෙච්චර ඉක්මනට එයි කියලා බලාපොරොත්තු උනේ...නෑ...
පිටිපස්සෙන් උන්න ජනත් අයියව එලවගන්න
මම වෙව්ල වෙව්ල ඉතිපිසෝව කියන්න ගත්ටා....
බ්...බ්...භාහුන් සහස්ස...
....මොකද...ලිරීක්ස් වැරදුනාද ජයමංගල ගාතා කියන්නෙ....ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්දො.....ඔහොම එන්නෙ.....
...අ..අනේ....ජ්..ජනත්...අයියෙ.....
මට එක පාරම කෙදිරුනා...ඉතිපිසෝව වෙනුවට ජයමංගලේ කියපු මට ජනත් අයියගෙ පෙට්ටියට පැනල මැරෙන්න හිතුනා....
....ප්‍රාති.....බයයිද...බයයි නම්...මං යන්නම්.....හැමෝම කිව්වා...ඔයා අඩනවා කියලා .....හැමෝම කිව්වා..මං වෙනුවෙන් අඩපු එකම කෙනා...මගෙ ප්‍රාති විතරයි කියලා .....
මං දන්නවා.....ඔයා මට ආදරෙයි...ඒත්..මට ඔයාව බය කරන්න බෑ...
..යන්න එපා....ජනත්...
මං හිතන්නෙ...අවසානම තත්පරේදි මගෙ හිත ආයම හයිය උනා...එයා යන්නම් කියලා කිව්වා විතරයි....මට බය හිතුනා....එයා මාව දාලා සදහටම යන්න යාවි කියලා හිතුනා.....බය වෙලා පන ගියත් කමක් නෑ කියලා මං පිටිපස්ස හැරුනා.....
අනේ...එයා ඉන්නවා.....එයා හිනා වෙනවා...මෙච්චර ලොකු වේදනාවක් දීලත්...එයා හිනා වෙනවා...අර කම්මුල් වල ගැහෙනවා.....මෙච්චර වෙලාම සීතල වෙලා තද උන කම්මුල් අත ගගා අඩාපු මම ඒ වල ගැහෙන කම්මුල් ආයම දැක්කා...
එයා හිනා වෙනවා...එත්...මගෙ ඇස් අඩනවා...මෙච්චර වෙලාම බය වෙලා උන්න මම ආයම අඩනවා...
මාව දාලා ගියපු මගෙ ආදරෙ...
මාව සදහටම තනි කරාපු මගෙ පලවෙනිම ආදරේ...
එයාට ගානක් නෑ...එයා උන්නෙ හිනා වේගන අඩන මගෙ දිහාව බලාගන...
මට ඒ මූන අල්ලන්න ඕනෙ....
ඒත් මගෙ ඇගිලි වෙව්ලනවා...
බයට නෙවෙ....
දැන් දුකට.....
වේදනාවට.....
මන් මගෙ අත එයාගෙ දිහාවට දික් කෙරුවා....මට එ කම්මුල අතගාලා බලන්න ඕනෙ....ඒකත්...අර වගේම ගල් ගැහිලද කියලා ....
ඔයාට මාව අල්ලලා බලන්න ඕනෙද....
..එයා මගෙන් අහානවා මට එයාව අල්ලලා බලන්න ඕනෙද කියලා ..මෙච්චර වේදනාවක් දීලත්...එයා හිනා වෙනවා.....වෙව්ල වෙව්ල උන්න මං කදුලු හල හල අවසානෙදි එයාගෙ කම්මුල උඩින් මගෙ අත තිබ්බා...
මෘදුයි...අනේ...ඒ කම්මුල් කලින් වගේම මෘදුයි.....
මා...ව...දාලා...යන්න....එපා.....ඩිම්පල්.....මාව..දාලා..යන්න...හිත හදාගත්තෙ..කොහොමද...කියපන්...
ඩිම්පල්...මට...නොකියම...මාව...අතැරියෙ...ඇයි....කියපන්...මගෙ...ඩිම්පල්.....
මගෙ ඇස් වලින් කදුලු කැට පෝලිමක් කඩාගන වැටුනා.....පන පන කිය කිය උන්න මම එයාට ඩිම්පල් කියලා කතා කරනවත් එක්කම එයා වැටෙන්න ගියපු මාව අත් දෙකෙම්ම අල්ල ගත්තා.....
..දාලා යන්නෙ නෑ...ප්‍රාති....

... දුරුතු සද වැටුනි
අහසින්
කඩාගන.....

....නාඩා ඉන්න.....මං දැන් ඔයාගෙ ගාවනෙ....ඇයි මේ.....මම හැම වේදනාවකින්ම නිදහස් වෙලයි ඔයා ගාවට ආවෙ ප්‍රාති...ඒකට සතුටු නැතිද....
.....මම නෙවෙ ඇඩිල්ල නැවැත්තුවෙ...එයාට තුරුල් උන මම ඇති තරම් ඇඩුවා...එයාගෙ මල කද පෙන්න පෙන්න....ඇයි මට මෙච්චර ලොකු දඩුවමක් දුන්නෙ....ඇයි මාවත් මයුරගෙම බෝට්‍ටුවට තල්ලු කෙරුවෙ ගගා අහ අහ මං ඇඩුවා....ඒත් එයා කෙරුවෙ ඒ හැම එකක්ම අහන් අර කම්මුල් වල ගැහෙනකන් හිනා උන එක...
ඇයි....මට මේ තරම් ලොකු දඩුවමක් දුන්නෙ....හිතේ ..හිරකරන් උන්නම...මං දන්නවද.....ජනත්.....මට..නොකියම...
ආදරෙ කරලා...මට නොකියම...යන්න තරම් ....ඇයි...ජනත්.....මට මෙච්චර ලොකු දඩුවමක් දුන්නෙ.....යන්න එපා...අනේ...යන්න...එපා..ඩිම්පල් ..මට...අඩල..මහන්සී...මට.....ඉකි ගහලා...මහන්සී.....මට...දරාගන ඉන හරි...අමාරුයි..මගෙ..ජනත්....
....නාඩා ඉන්න...ඉතින් මාත් මගෙ ප්‍රාතිට කියන්නෙ ඒකනෙ....නාඩා ඉන්න..මං දැන් ඉන්නෙ ඔයාලග...කිසිම තහන්චියක් නැතිව..මට පුලුවන් මේ රෝස පාට පිරුන මුනට හුගාක් ආදරෙ කරන්න...මැනික...උඹ මගෙ මලකද උඩ පෙරලීගන අඩල නිකන් හෙම්බත් වෙනවා...ඔතන තියෙන්නෙ කැපුම් කෙටුම් ගොඩක් එක්ක අරහෙට මෙහට පුලුන් පුරවපු...ලී කුඩු ඔබාපු නිකන් බොගයක්...
....එහෙම...කියන්න එපා ජනත්.....එහෙම කියන්න එපා ....මේ ඉන්නෙ...උඹ...මේ ඉන්නෙ....මටත් නොකියම මාව දාලා ගියපු උඹ...දාලා යන්න නම්...ඇයි ජනත්...මෙච්චර ආදරයක් දුන්නෙ...
උඹයි නිම්නයි...අසාදාරනයි ....අනේ...උඹලා හර් අසාදරනයි අයියෙ ...අවසානෙදි අපිව අතාරින බව දැන ...දැනම...ඔහොම ආදරේ දෙන උඹලා හරි අසාදාරනයි අයියෙ....ඌයි මායි පව්....ඌයි මායි..අනේ....ඌයි මායි හරි අසරනයි...අයියෙ...මන් හීනෙකින් වත් හිතුවෙ නෑ....මටත් මයුරයා තරමටම විදවන්න වෙයි කියලා ....
...ප්‍රාතිට මං හාදුවක් තියන්නද....ඔය තරම්න අඩ අඩ කියවනකොට ...මට රිදෙනවා මැනික....මට ආපහු හුස්ම පිඹින්න බැරි බව දැන දැන.....ඔහොම කරන්න එපා.....මටත් රිදෙන් නැතිව නෙවෙ මගෙ ප්‍රාර්තන....
මන් දන්නවා....සමාව ඉල්ලන්නවත් වටින් නෑ...
ඒත්..මං සමාව ඉල්ලනවා...මෙ ඇස් ඇඩෙව්වට....මේ හිත රිදෙව්වට....ඒත් මම පොරොන්දු වෙනවා.....
කවදාවත් මදි නොවෙන්න...ආදරේ කරනවා කියලා ...මං උඹට හරි ආදරෙයි මගෙ ප්‍රාති....කවදාවත් ආදරේ කරන එක නවත්තන්නෙ නෑ .ඒක මං පොරොන්දු වෙනවා.....
මන් හිනා උනා....මගෙ අතෙ පුංචිම ඇගිල්ල එයාගෙ අතෙ පුංචිම ඇගිල්ලට පටලවන් මට කවදාවත් ආදරේ කරන එක නවත්තන්නෙ නෑ කියලා මාව තුරුල් කරන් මගෙ නලලට හාදුවක් තිබ්බා.....
ප්‍රේමනීය හාදුවක් ....
සෙනෙහස වෑස්සෙන හාදුවක් .....මගෙ ඩිම්පල් ...එයා මට ආදරෙයි කියන ගමන්....එයා ළඟ තියන ආදරෙ හැම අංශුමාත්‍රයයක්ම ඔබ්බවාපු හාදුවක් මගෙ නලලට තියනකොට ඉබේටම මගෙ ඇස් පිය උනා.....

හමු වීම ප්‍රේමය
නොවෙයි
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගෙ වෙන්වී යයි.....
...දාලා යන්නෙ නෑනේද .....
ම්ම්...නෑ මේ ලස්සන පිරුන මූන දාලා මං කොහෙවත් යන්නෙනෑ.....මට කියන්න ඔයාගෙ ඔලුව කැක්කුමද??
ඔලුව ?? නෑ.....ඇයි...
එහෙනම්....දතක්...එහෙම නැත්තන් අතක් පයක්....බඩ මේ කොහෙ හරි රිදෙනවද.....ලැජ්ජා වෙන්න එපා කියන්න... සීතලයි වගේද.....කැරකිල්ල වමනෙ නෑනේද.....
නෑ .....ඩිම්පල් ඇයි....
මං මූන අමුතු කරගත්තා...මෙච්චර වෙලාම ආදරෙන් තුරුල් කරන් උන්න එයා මාව දාලා යන්නෙ නෑ කියපු එයා අනිත් පාර විකාර ප්‍රශ්න වගේම මට නැති ලෙඩත් මතු කරනකොට මන් ඉනට අත් දෙක තියන් රවාගත්තා.....
ඔයාට හොදටම විස්වාසද.....
..ඔව්....ඔව්..දැන් සැරයක් කිව්වනෙ.....පොඩ්ඩක් හෝව්....ඔයාට අපේ බුංජියව මීට් උනාද.....
ම්ම්ම්..ඔව්... එයා තමයි කිව්වෙ.....UBA මෙම්බර්ස්ලාට මේ වගෙව් ලෙඩ තියනවා කියලා ...ඔයාට ප්‍රමානවත් තරන් අවදානෙ දෙන්න කිව්වා....
..ම්..මොකක්.... UBA එක.....ඒ.....කිව්වෙ....
UNITED BOTTOM ASSOCIATION ....එකසත් බොටම්වරුන්ගෙ සංසදය....අපි....ඇවිත් UTA..UNITED TOP ASSOCIATION .....ඉතින්...මට එයා ඉගැන්නුවා....ඔයාට බඩේ කැක්කුම් ඔලුවෙ කැක්කුම් අල්ලනවා කියන්නෙ...අවදානෙ ඕනයි කියන එක ව්‍යංගාර්තෙන් කියාපෑමක් කියලා ...අවදානෙ ඕන උනොත් මට කියන්න හොදද...
...ජ්..ජනත්.....ජ්..ජනත්....දෙයියන්ගේ නාමෙට අපේ ඇසෝසියේශන් එකෙන් ඈත්වෙලා ඉදපන් ජනත්.....
********
MAYURA POV
....දැන් මොකද ඒ පාර මුන පුක කරන්...ම්ම්ම්
ම්හුක්....බුංජියට ගැහුවා...
ඔව් උඹට නොගහා බෑනෙ....යන තැනක කියල යන්නෙ නෑනෙ.....මට ඒත් හිතන්න තිබුනා අච්චර අත ගගා...අත ගගා....නිදා ගන්න අනූ....නිද ගන්න අනූ ගගා මාව බුදි කරවන්න හදනකොට .....පනින්න තමයි යන්නෙ කියලා.....
...ම්හුක්....ඒ ලොකු නිම්නනෙ....මෙ ඉන්නෙ චූටි නිම්නනෙ....චූචි බුංජියනෙ...දැන් තුන් පාරක් ගැහුවා....
මන් තරහයි.....අනික මම ගියෙ වෙල්කම් එක දෙන්නනෙ....ඇරත්.....අපිට එයා වෙනුවෙන් වෙල්කම් පාටි එකක්කුත් තියනවා....ඔව්ව අපි බලන්නෙ නැද්ද....
අනික මන් නෑ කියලා උඹට පාලුවකුත් නෑනෙ අනූ... ඉන්නෙ ඔය හතර වටම නලව නලව යන දේවතාවියො ටිකක්.....හුජු නංගි හුජු නංගි ගගා කෙල පෙර පෙර ඉන්න ඇති...අනේ මං නොදන්න මයුරයනෙ උඹ.....මට කල්පනයා කිව්වා උඹගෙ පැටිකිරිය...
ලස්සන කෙල්ලෙක් ආවම වැඩි පුරත් පරාටයක් ඔතලා දෙනවලු.....
කඩේට ගිය වෙලෙ ඉදන් කරන්නෙ කෙල්ලො.දිහා බලන එකලු...
උඹ මහ මනමාල කප්පිත්තෙක් මයුර...අපරාදෙ...අපරාදෙ...මං යාලු උනෙ....කල්පන කිව්ව වගෙ උඹව ගනන් නොගෙන ඉන්න ඕනෙ...එතකොට ඔය ගෑස් බහීනෙ.....හුජු නංගි යැයි යැයි.....හුජු නංගි....අනික ඒකිගෙ මූන සුදුයි කකුල් කලුයි...
මගෙ මූන අතපය ඔක්කොම එක පාටයි....ඒත් මට කියනවද සුදූ කියලා...නෑනෙ....
අර අලුතින් හම්බුන අයියා ඉන්නෙ මාදම්පෙ පිට්ටනියෙලු...මං එයාව
හම්බෙන්න එන්නම් කියලා පොරොන්දු උනා...ඔන්න දැම්ම කිව්වා....උඹට විතරද හොද ...ඇයි මට බැරිද....කල්පන කිව්වැ හරි...
බුරුල දුන්නම ඔලුවෙ නගින්න එනවා.....චැම්කිව් හුජු නංගි....ඒකිව හොදයි කෙල්ලො දැකලා නැති උන්ට....
ඔලුවත් කැක්කුමයි මට මේවා කල්පනා කරලම.....
මං හිතන්නෙ මං මූට ගැහුවෙ අපරාදෙ.....ගැහුවෙ හදාගන්නෙ ගගා මූට ගැහුවෙ අපරාදෙ .... මගෙ ඔලුව දෙදුරුම් කනවා....
මගෙ කකුල් දෙක උඩ ඉදන් උන්න මගෙ පොඩි නිම්නයා මගෙන් පිට උන එකම වචනයක් අල්ලන් මාව මානසීකව වට්ටවනකොට මං හරි අමාරුවෙන් මෙ බැනුම් අපලාද.....අපවාද අහගන උන්නා.....
..ම්හුක්....
මෙච්චර වෙලාම මට බැනපු එයා ආයම කෙදිරි ගාන්න ගත්තා.....එහෙන් උදාරයත් හේතුවක් නැතුවම අරූගෙන් බැනුම් අහනවා.....ඌ අහක බැලුවත් ..ඌ බලන දිහාවෙන් කෙල්ලෙක් ගියත් ඌ බැනුන් ඇහුවා...මන් හිතනෙන් උන්ගෙ සම්බන්දෙත් දැන් සියපාරක් විතර කැඩුනා....
තාම යහතින් ඉන්නවා ඇත්තෙ අලුතෙන් හාද උන කපල් එක විතරයි වෙන්න ඇති.....
...අනූ...මගෙ කට කකියන්නෙ ඇයි....
බුංජියගෙ..කට රිදීගනනෙ එන්නෙ...අනූ...ඇයි ඒ.....
ඇහැකුත් කකියන් එන්නෙ...
අතකුත් පන නෑ.....
මේ...වෙව්ලනවා...මං හිතන්නෙ...මට ප්‍රෙසර් වගෙ.....
හිත ගොලුවෙනවා.....අත වෙව්ලනවා....ඇස් දෙක පියවෙනවා.....
ම්හුක්....බිත්තර රොටි කපලා පරිපු හොදි දාලා රසයිද අනූ.....???...
චූචි බුංජියට පරාටා බඩගින්නක් ඇවිල්ලනෙ අනූ...👉👈
...
මෝඩ හුරතලෙ.....මගෙ සම්පූරනම අවදානෙ තියෙන්නෙ උඹ ලග තමයි...මෙච්චර වෙලාම මට රටේ නැති කතා කියලා බැනලා...බැනලා....දැන් එනවා හොර ලෙඩ කියාගන....හිටපන්කො මේ ඔක්කොම ඉවර උනාම මං උඹව ෆුල්බොඩි චෙකප් එකක් කරන්න එක්ක යන්නම්...පිස්සු හොල්මන උඹ...වර මෙහාට ...
..බොරූ දේවල් වලට රන්ඩු උන පොඩි නිම්නයා අනිත් පාර මං තරහා වෙයි කියන බයට ඒකගෙ අර ලෙඩ ලිස්ට් එක කියන්න පටන් ගන්නවා එක්කම මං එයාව ඇදලා අරන් තුරුල් කරගත්තා ....
එයාට ඕන උනෙත් එච්චරයි ....මට ඕන උනෙත් එච්චරයි ...පැයෙන් පැය....ගෙවී...ගෙවි ගිහින් මහ පොලවට ඉර එලිය වැටෙන්න පවා ලන් වෙල තිබුනා.....හතර වටම ගහලා තිබුන ෆ්ලැශර් එලි වටෙ මෙරුවො රෑනක එකතු වෙලා ඉන්නකොට ඉලව් රකින කොල්ලන්ට වැටුන වැටුන තැන්වල නින්ද ගියා වගේම කෝපි හැදිල්ලත් සම්පූරනම නැවතිලා ගියා...
ඒත්..මගෙ හිත අස්සෙ පෙරලියක්....
මට අද මගෙ පොඩි නිම්නව තනිකරන්න වෙනවා...ආදරෙයි කියලා පහු දාම මට එයාව තනිකරන්න වෙනවා...එයා සිය වතාවක් කිව්වත් මොකද...මගෙ හිතට හරි නෑ....එයාම එච්චර විස්වාසෙන් කිව්වා උනත්.....මගෙ හිතට හරි නෑ....ජනත් අයියගෙ මරන වැඩකටයුතු අදින් ඉවරයි....ඊයෙ මැරුනා...අද ගත්තා.....එක අතකට...තියන් උන්නා කියලා පන එනවද....අනික...ජනත් අයියා දැනටම රවිදු ළඟ .....මට තියන ප්‍රශ්නෙ මගෙ පොඩි නිම්න...මෙතන ඉන්න පොඩි නිම්න වගේ නෙවෙ ....අනේ ඒකා හරි අහිංසකයි.....
අනූ...ඔයා අවුලෙන් ...ඇයි අනූ....අප්පච්චි කතා කරපු නිසාද....බය වෙන්න එපා...මං ඉන්නවා ඔයා ගාව
උගෙ මගුලක් නෙවෙ වස්තු...ඒකට නම් කොහොමත් ටොපිය හම්බෙනවා...පොඩ්ඩක් ඉන්නකො...මට අවුල....නිම්න.....උඹගෙ අහිංසක නිම්න...වස්තු....උඹට විශ්වාසයි නේද .....එයාට මොකුත් කරදරයක් වෙන්නෙ නෑ මයි කියලා . ..මං උන්නට මොකද ..මගෙ හිතට හරි නෑ මගෙ නිම්න .....මෙතන ඉන්න උඹමයි එතන ඉන්නෙ උනත්.....එතන ඉන්න උඹ හරි අහිංසකයි මගෙ නිම්න...අනේ උඹව උන් හරියට රිදවනවා....මූසල හැත්ත.....උන් මැරුවත් උඹ ඔහේ ඉන්නවා...මට කියන්න...ඔයාට කරදරයක් වෙන එකක් නැනෙ....
අනූට මාව ව්ස්වාස නැද්ද.....
...විස්වාසයි ...ඒත් මන් බයයි....මං බයයි මං නැති ටිකට උන් එ මලෙ පෙති බිදලා දායි කියලා මට බයයි.....උඹ දන්නවා නිමන මගෙ ආදරෙ තරම....
....ඔච්චරම බය නම්...යන්න...මට පුලුවන් මෙහෙ ඉදන් මෙයාලා එක්ක ඉන්න...
තරහා ගන්න එපා මගෙ නිම්න.....මම අසරන වෙලා ඉන්නෙ උඹ ලගමයි වස්තු...
...එයා මගෙ දිහා බලාගන උන්නා...මම අසරන වෙලා ඉන්නෙ එයාගෙ ගාවමයි කියනකොට එයාගෙ මුන වෙනස් උනා...කොටින්ම එයා පරිනත නිම්න උනා...
..මගෙ අනූට හිතට සැනසීමක් නෑමයි වගේ නම්...යන්න....ගිහින් එන්න....ඔයාට පාංශුකුලේට එන්න වෙලාව තියනවා අනු...මන් දන්නවා...ඔයා මෙතන උන්නට දැන් හිත තියෙන්නෙ එතන....එහෙම උනහම හිත කොහොමත් එක තැනක නවතින්නෙ නෑ...
වස්තු....
මං තරහා නෑ අනූ....මං පොඩි දරුවෙක් නෙවෙනේ.....ඔයා එනකන් මට පුලුවන් පරිස්සමින් ඉන්න...මට කියන්න තියෙන්නෙ මගෙ අනූ පරිස්සමින් ගිහින් එන්න කියලා ....මං බලන් ඉන්නවා.....මට උඹගෙ ආදරෙ මහ මෙරක් තරම් මයුර.....උඹගෙ ආදරේ නිකම්ම නිකන් ලැබෙනවට වඩා ...ඒ ආදරේම මං උපයගන්නකොට....හැම බිදකම වටිනාකම වැඩී මයුර...උඹගෙ ආදරේ හන්දා....වෙලාවකට...මට මා එක්කම හරි ඊරිසියයි මයුර....
..එයා මාව වැලද ගත්තා....හාදුවක් තිබ්බා ...මෙ කිසි දෙයක් මම හිතපු වෙලාවල් වලදි හම්බුන හාදු වත් ..හම්බුන වැලදගැනීම් වත් නෙවෙයි.....ඒත්.... .හිතන්නෙ නැති තැන්වල ලැබෙන වැලදගැනීම් තමයි ආදරනීයම....නොහිතන තැන්වලදි ලැබෙන හාදු තමයි බරම....
එයා මගෙ ඔලුව අත ගෑවා..එයා එක්කම එයාට ඊරිසියයි කියපු එය අවසානෙදි මගෙ උකුලෙන් බැස්සා....බැහැලා අහකට උනා.....
මයුරයා...කොහෙද උඹ යන්න යන්නෙ....
මං ගිහින් එන්නම් බන්....රවිදුවටත් දැන් අවුලක් නෑනෙ....උඹලා කට්ටියම මෙතන එකේ...මං ගිහින් එන්නම්...
තනියම....සෙනේ...මූ තනියමනෙ....මාත් යන්නද .අපේ පන්තියෙ ඉන්නෙ මහ පඩත්තර හැත්තක්....බුංජියව බලාගන්න එකෙක් මදි...පව්...ආ සෙනේ....
නෑ..නෑ...උඹ ඉදින්.....උඹ ඉදින් අවුලක් නෑ...මං ගිහින් එන්නම්.....
අනේ..අනේ...නිකා....ඉදු...කව්ද දන්නෙ අදත් සාංගීක දානෙකට ආරාධනාවක් ආවොත් ....අක්කව බලාගන්න අර කෙල්ල ඉන්නවනේ...අනික ඒකි මහ පොර කිකිලියෙක්...අපි ආවෙත් උදව්වට තමයි...ඒ කියලා හිතලා වත් කිසි සහනයක් නෑනෙ...බැලුවත් ඇති...ඒකි නිකන් සදා හුසේන් වගේ...
නැ..නෑ...කල්පනයා...අවුලක් වෙන්නෙ නෑ...උබ ඉදින්....
නෑ..නෑ...අවුලක් නෑ...මොකද මෙතන උන්නා කියලත් මං බැනුම් අහන එකනෙ වෙන්නෙ...ඉදගත්තත් වැරදි..හිටගත්තත් වැරදි.....එහෙට හැරුනත් වැරදි.....හොදට උන්න කල්පනයට වෙච්ච විනාසයක්...
බ....බා....
න්..නෑ...නෑ...සෙනේ...මං කියන්නෙ....අපි එකා වගේ එකමුතුවෙන්න එපැයිනෙ...ලොකු බුංජියටයි...කොටාටයි ඔයා ඉන්නවනෙ...චූචි බුංජියා පව්නෙ.....මයුරයා පල පල....කරගදක් එනවා....ඉක්මනට පල.....සුචී...හ්හ්......අපි එනවා.....
ආදරෙයි සෙනේ.....පරිස්සමින් වස්තුවෑ....බුංජි අපි යනවා...
මට බැරි උනා...කොච්චර උත්සහ කෙරුවත් මට ක්ලපනයව තියලා එන්න බැරි උනා.....අපි උන්නත් ගානක් නැතුව උදාරයා ගෙ කම්මුලට හාදුවක් තියාපු කල්පනයා මාවත් ඇදගන එතනින් න්න එනකොට අනේ මගෙ ලොකු නිම්න මා දිහා බලාගන උන්නා....
ආදරෙයි වස්තු.....
********
මයුරයා.....බලපන් මගෙ ඇස් කොහොමද කියලා ....නිකන් ගංජා ගහපු එකෙක් වගේද නෑනෙ....
නෑ....නෑ.....අවුලක් නැ....වර වර තව විනාඩි දහයයි බෙල් එක වදී...
බෙල් එක වැදිලා කක්කුස්සි හෝදවන්න දැම්මත් දුක නෑ මයුරයා.....අර පඩත්තරයගෙ ලයින් අහන් ඉන්න ගියහම තමයි මට නගින්නෙ...එන තරහට ඒකගෙ වෙරලු ඇටයක් වගෙ තියන ලොඹු මූන තලන්නමයි හිතෙන්නෙ...අනිත් එකා සැමන් කුමාරයා...එයාටත් මං හෙට අනිද්දම දෙනවා කොහොමත් .....
මං උන්නෙ රැපට ඇදන් ආව කලිසම උස්ස උස්ස....රැයක් එලි වෙනකන් නිදි මරාපු මායි කල්පනයයි ආයම අම්මගෙ උදව්වෙන් උන්නෙ සේනානායකෙ ඉස්සරහා වෙනකොට බෙල් එක ගහන්න විනාඩි ගානක් තියල අපි උන්නෙ ගේට්ටුව පේන මානෙ වෙනකොට අපිව පහු කරන් කාර් එකක් ගියා....
අන්න උඹගෙ බුංජියා යනවා.....
ඔව්මයි.....ඇත්ත....මගෙ නිම්න තමයි...නිම්න විතරක් නෙවෙ...සුචිත්‍රා මැඩම්....සධීරා මේ ඔක්කොම ගේටුව ගාව්න් බැහැගත්තා වගේම මාව දැකපු මගෙ පොඩි නිම්නයා මාව නොදන්න එකෙක් හා සමානව අහක බලන් ගල් ආදා වගේ ලෙස්සුවා....
අනේ....උඹගෙ බොරුව....බොරු ලැජ්ජාව.....හිටපන් මන් ඔය ලැජ්ජ නහරෙ ගලවලා ගන්නම්...

අනේ මූට ලැජ්ජ ඇති...ඇයි.....තෙමීගන ආදරෙයි වර්ගෙ කියාගන දිව්වට මේකට දැන් මට මූන බැරිව ඇති...
ඒ...ඒ....ඔය කොහෙද ඔය යන්නෙ....මල්ලි....ඔය ආර්ට් එකෙ උන් දෙන්නා...ඇයි මල්ලි...ඇස් පොට්ටද උඹලට මෙතන මේ අපි කරනෙ දේ පේන්නෙ නැද්ද...
නෑ...අයියෙ....මූටයි මටයි පෙනීමෙ අවුලක් තියනවා..මට දුර දුශ්ටිකත්වෙ...මූට අවිදුර දුශ්ටිකත්වෙ....ඊයෙ තමයි ජා ඇල විජේ කුමාරතුංග ඇස් වාට්ටුවට ගිහින් කාච දෙකක් දාන් ආවෙ....නේ මයුරයා...
මේ....මල්ලි.....උඹගෙ සද්දෙ වැඩී...ආ...පිට ඉස්කෝලෙකින් ඇවිත් උඹලා අපිටම සද්දෙ දානවද අඩෝ....
මං උන්නෙ කොන්ඩෙ හද හද.....මට ඕන උනේ මාව දැක්ක ගමන් මූන රතු කරන් ඉස්කෝලේ අස්සෙට දුවාපු මගෙ පොඩි එකා පස්සෙ යාගන්න උනත් මෙතන උන්න ඉදුනිලයා....ඇට්ටි හැලෙන්න කන්න ගිහින් අනු නවයෙන් ජම්මෙ බේරන් ආව ඉදුනිලයා උගෙ බැජ් එකේ හයිය අපිට පෙන්නන්න හදනකොට කල්පයගෙ කට වගේම මගෙත් කට ඇරුනා.....
සද්දයක් දැම්මෙ නෑ ඉදුනිල්...මූයි මායි දැක්කෙ නෑ...අනික....මොකක්ද මෙ හැමදාම ගේට් එක ගාව ඉදන් අර වැලිකඩ බන්දනාගාරෙ ට යන උන්ව චෙක් කරනව වගේ ජොකාගෙ ඉදම්ම කූරු ගාන්නෙ.....
අනේද කියන්නෙ...උඹලගෙ ඩියුටියට තියෙන්නෙ මෙච්චරමද බන් ඉදුනිල්....???අනෙ මන්දා මයුරයා...මෙන්න මෙහෙ වරෙන් මුන් අද යටි පිටකොන්දෙ තියන උපන් ලප බලනවද කොහෙද ....
මායි කල්පනයයි ගිහින් ලමයි පෝලිමට එකතු උනා..එතන එක මගල්ලයයි.....ගවුම් වාටි ලිහන උන්ද....නියපොතු කපන උන්ද ..කෙල්ලන්ගෙ අයිබ්‍රෝ බලන උන්ද...බෑග් චෙක් කර කර ලියුම් හොයන උන්ද වැහිවැහලා.....
පෙන්නපන් නියපොතු ...
මං මගෙ නියපොතු පෙන්නුවා...කොහොමත් මට නියපොතු නෑ...මන් කාලම.....
ඇරපන් බලන්ඩ බෑග් එක.....ගනින් පොත් ටික ඔක්කොම එලියට
ඒමොන මගුලටද .. .මෙකෙ ඇති මගුලක් නෑ ඉදුනිල් පොත් ටික විතරයි...ඔච්චරම ආසාව නම් බලපන්කො.....
මං මගෙ බෑග් එක ඉදුනිලාට දෙනකොට ඩිෆියුටියා කල්පනයගෙ නියපොතු කපන්න ගත්තා...මගෙ ඇගිලි වගේ නෙවෙ..... කල්පනයගෙ නියපොතු ලස්සනට තිබ්බා....
ඔය තියෙන්නෙ...අල්ලපන් අත...උඹලා ඉස්ස්කෝලෙද එන්නෙ නැත්තන් ...
නෑ...අපි මෙච්චර කල් හිතන් උන්නෙ මේක ත්‍රිකලගෙ මොඩ්ලින් ක්ලාස් එක කියලා.....මේක මහ විසාල කරදරයක් උනනෙ...කපන එක කපපන් හැබැයි ඔය චූටි ඇගිල්ලෙ නියපොත්ත ඉතුරු කරපන්....
ඇයි...උඹට විතරක් අලුත් නීතියක්ද...නෑනෙ.....
අලුත් නීතියක් ගැන නෙවෙ මන් කියන්නෙ.....අපෙ අප්පච්චි බනින්න ගන්නකොට බනින්නෙ තොපිට පුක කසාගන්නවත් නියපොත්තක් නෑ කියලා ....එවෙලෙට අප්පච්චිට පෙන්නන්න නියපොත්තක් තියාගන්න ඕනෙ..නෑ අප්පච්චි පුක කසන්න එකක් තියනවා කියලා .....ඒක හින්දා වැඩි කතා නැතුව ඉතුරු කරපන් ඕක...
උඹ ඒක උඹගෙ අප්පච්චි එක්ක බලාගනින් මල්ලි...දැන් පලයන්....ඔය ඇහිබැම දෑකැත්ත වගෙ තියන නංගි...ඔහොම්ම වයිස් ප්‍රින්සිපල් ගෙ ඔෆිස් එකට.....
අනේ අයියෙ ....යාලුමනමාලියෙක්ට උන්නනෙ...
ඒවා ආදාල නෑ ...යන්න පුලුවන් .....ඔය අතට කලු නූල් ගැටගහන් ඉන්න උන්....ඔව්ව ගලවපල්ලා....අතට කලුනූලුයි...කිරිපබලුයි එල්ලන් ඉන්න උඹලා පොඩි උන් නෙවෙනෙ.......ඔය සොනික් වගෙ කොන්ඩෙ හදන් ඉන්න මල්ලි.....පීරපන් පැත්තට කොන්ඩෙ.....
කැපුවා නේද දහයම...
මට ඕකගෙ හොම්බ තලන්නමයි හිතෙන්නෙ මයුරයා....මූ නම් පිනාට හොදටම දෙනවද කොහෙද ..එක ගානටත් නෙවෙ කැපුවෙ මේ බලපන් එහෙන් මෙහෙන් කපලා තියෙන්නෙ.....අපරාදෙ සෙනේව කොනිත්තන්න තිබ්බ සෝක් නියපොතු ටික...අනේ...සෙනේ...බබාගෙ නියපොතු දහය කැපුවනේ.....ඔලුව කැක්කුමයි.....යෝහ්.....
මමයි කල්පනයයි දෙන්නම ගේටුවෙන් ඇතුලට ආවා....ඩිපියුටියා කල්පනයගෙ නියපොතු දහයම හොකරෙට කපලා තියනකොට මං ඉදුනිලයා අවුස්ස්පු මගෙ පොත් ටික හද හද එහෙම්ම ඒලෙවල් ආර්ට් එක තියන බිල්ඩින් එකෙ පඩිපෙඅ නගින්න ගත්තා වගේම කවුරු හරි කෙනෙක් මගෙ ඇගේ හැප්පීගන වේගෙන් පහලට දිව්වා.....
මො...කා ද යකෝ.....න්..නි.....නිම්න...ඒ නිම්නනේද...
මයුරයා අපෙ බුංජියා.....බුංජි.....බුංජි පුතේ...
ඒ දිව්වෙ නිම්න...එක අතකින් මූනත් වහන් එලියට දිව්වෙ මගෙ නිම්න වෙනකොට මන් මගෙ බෑග් එකත් දාලා දුවන නිම්න පස්සෙන් දිව්වා....
නිම්න...නිම්න.....
නිම්න ඔහොම නවතින්න.....
නිම්න...
වස්තු....ඔහොම නැවතියන්.....
එය දුවනව....මගෙ කට හඩ ඇහිම නිම්න එක අතකින් මූනත් වහන් එකම පිම්මෙ ටැප් පේලිය ගාවට වෙනකොට කොල්ල ටැප් එක ඇරලා වතුරට මූන ඇල්ලුවා.....
ඒ මූනෙන් එකයි හුණු....එයාගෙ මුනට හුනු කොට්ට පාරක් වැදිලා.....
ඇත්තටම ...වැදිලද.....නැත්තන්.....ගහලද...තත්පරයක් යන ඇති....මට යකා ආවේස උනා....එයාගෙ ඔලුවෙ ඉදන් හුනු ....මේක නම් එකපාරක් නෙවෙ....දෙපාර තුන්පාරක්ම වැදුන පාරක්....
නිම්න...වස්තු.....ඇයි....මේ....මොකාද....මොකාද...කියපන්...මොකාද කියපන් මේ අවලන් වැඩෙ කෙරුවෙ.....ඇස්වල ඉදන් හුනු...මේ ඔලුවෙ....
ම..මයුර....එ..එපා.....ඒක....අත්....
අත්වැරද්දක් කියන්න ලැහැස්ති වෙන්න එපා නිම්න...අත් වැරද්දක් නම් කියන්න එපා...අත් වැරදි ඔක්කොම යන්නෙ උඹගෙ පිටින්ද....අනෙ අම්මගෙ රෙද්දක් කියවන්න එපා නිම්න.....
මේක හරි මගුලක් උනානෙ....මොකාද කියපන්...නැත්තන් මං අද මුලු පන්තියෙම උන්ට හුනු පේන්ඩ ගහනවා....කියපන් වස්තු...මොකාද.....
ඉහින් කනින් හුනු උන්න එයාව දැක්කා විතරයි තත්පරේට දෙකට යකා ආවෙස උන මන් එයාව හෝද හෝද කෑ ගැහුව ...මගෙ නිම්න බය උනා
.මයුර.....ප්..ලී....ස්...
මයුරයා.....ඇයි බුංජියො...වට් කේස්...මොකො අවුල.....
කල්පනයා වරෙන් යන්න...
අ..අනේ...කල්පන...මෙයාව...
නවත්තන්න..කො...අනේ..මයුර.....ඒක අත් වැරදීමක්.....ප්ලීස්.....
අප්පටම හුඩු....මූනෙන් එකයි...හුනු...කව්ද යකො අපෙ කොල්ලට හුනු ගහපු පඩත්තරයා...සොරි බුංජි...මේක ඇවිත් .....ඉල්ලන් කෑමක්...ඔයා නිවාඩුව මූන හෝදන් එන්නකො........අද උන් දැනගනී...උන් අපෙ බුංජියට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා ...
අනේ.....කල්පන....නවතින්න...කෝ...
මූන හෝදන් එන්න සුදූ.....ඔයාග් මිනිහට ආවේස උන වෙලේ රොටිය පුච්ච ගත්ත්ගෙ නැත්තන් වැඩක් නෑ.....ඔයාට එහෙම ගහන්න දෙන්න බෑනෙ සුදූ...ඔය මූන හොදට හොදගන්න...
ක්..කල්පන....අනේ.....වැඩිය..ගහන්න එපා....කියන්නකො....
...
🤭ආයම හෙට එනකන්....පයිස්සමින්....ඉන්ඩෝ...
ආතරෙයි....
මම
ජොබී.....
NEDEESHA ❤❤️