LightReader

Chapter 35 - 35

.......

මං හිතන්නෙ මුලු ගේ ඇතුලෙම එක පාරම හිරෝශිමාවක් උනා....නාගසාකියක් උනා....සකුරා මල් පිපෙයිද කියලා හිතන්නවත් බැරි තරම් බය හිතෙන නිහඩ කමක් ඇවිදින් අප්පච්චිවයි අම්මවයි ගිලගත්තා...

ඇදන් උන්න අත් දිග සුදු ශර්ට් එකේ අත් වැල මිටට චුට්ටක් පහලට හිටින්න නවපු මං ඔරලෝසුව බැදගන එතනම තිබුන පුටුවෙන් ඉදගන්නකොට අම්මයි අප්පච්චියි ගල් ගැහිලා වගෙ බලන් උන්නා..මගෙ නිම්නට කරකියා ගන්න දෙයක් නැතුව හිරවෙලා ගියා.....

මො...මොකක්ද උඹ කිව්වේ.....උඹ කා එක්ක යාලුයි කියලද කිව්වෙ.....ආ මයුර...

.අප්පච්චි ...

අප්පච්චි නෙවෙයි ....කමනි...මූ මොකක්ද ඒ කියාපු පඩත්තර කතාව.....

අනේ අනූ එහෙම දෙයක් නෑ කියන්න ඒක විහිලුවක් කියලා කියන්න අනූ. . ...අනික...අනික අම්මා දැනගත්තොත් මම මැරුන කෙනෙක් කියලා ....මාව අල්ලලා හිර කරාවි...මට උඹ ලගට එන්න තියා බලන්නවත් බැරි වෙන්න ගුරුකමක් වට් කරාවි අනූ පින් අයිති වෙයි කියපන් අනූ....ඒක විහිලුවක් කියලා ..අනේ කියපන්කො අනූ....

...නිම්න එක පැත්තකින්...අම්මයි අප්පච්චියි එක පැත්තකින්.....අප්පච්චි උන්නෙ අර විහිලු කරන ඉරියව්වෙන් නෙවෙ වෙනකොට අම්මගෙ මූන සම්පූරනම සුදුමැලි වෙලා තිබුනා . .....එහෙන් මගෙ නිම්න බය වෙලා කියවනවා.....

ඇත්ත ..මං මේ හැසිරීම බලාපොරොත්තු උනා....අප්පච්චි මං ආදරේ කරන්නෙ කොල්ලොක්‍ට කියපු ගමන් අනේ හා පුතේ අපිත් උඹට උදව් කරන්නම් කියන වටපිටාවක නෙවෙ අපිවත් අපේ අප්පච්චිලවත් හැදුනෙ.....

අපි හැමෝම හැදුනෙ ගෑනු ආදරේ කරන්නෙ පිරිමින්ට .පිරිමි ආදරේ කරන්නෙ ගෑනුන්ට කියන සම්මත රාමුව අස්සෙ වෙනකොට සම්මතෙන් පිටතදි සමලිංගිකත්වයයි ලිංගික සංක්‍රාන්තිකයො දිහයි වෙනම ඇහැකින් බලන්න හුරුකරාපු සමාජෙක.....

අනූ...මට මොන දේ උනත් කමක් නෑ අනූ...මම දැනටමත් මැරුන මනුස්සයෙක්....මැරුන උන් වෙනුවෙන් ජීවත් වෙන උන් විදවන්න ඕන නෑ අනූ.....උඹට දැන් උනත් වෙලාව තියනවා මල්ලි...උඹට දැන් උනත් වෙලාව තියනවා රත්තරන් ඕක බොරුවක් කියන්න... 

.මට මොන මගුල උනත් කමක් නෑ...

මේ රටේ...මේ සමාජෙ මිනිස්සු ජීවත් වෙන්නෙ ටීවි එකේ පෙන්නන කතාවලට හුගාක් මෙහායින් අනූ...උන් ලස්සනයි කියන්නෙ නිර්මානෙට මිසක්කා...යතාර්තෙදි හම්බවෙන ඒ මිනිස්සුන්ට නෙවෙ අනු....විශම ආදර කතා මිසක්...සම ආදර කතා වලට මෙ රටෙ තැනක් නෑ...ඒක පිලිකුලක් මිසක්....

..උඹව පවුලෙන් එලවයි අනූ....

පින් අයිති වෙයි ...මට ඕන සැනසීමක් නෑ....මට ඕන සාදාරනේකුත් නෑ....

.කියපන් අනූ.....

මැරුන මට ඕන සාධාරනයක් නෑ...සාධාරනයක් කෙරුවා කියලා මට ආය පන එන්නද.....????? මයුර මං මලකදක් වෙලා හමාරයි ..දැනටම මාව කහ පොලවට උරාගන හමාරයි ...ලේ පැල්ලම් පරන වෙලා හමාරයි අනූ....

මං..මං පුරුදු විදිහටම ඉන්නම් අනූ.....මට උන දේ උඹට වෙනවට වඩා හොදයි මං පුරුදු විදිහටම ඉන්න එක අනූ

නිම්න මාව හොලවනවා..එයා බය වෙලා...එයාට ආයම මගෙ ගාවට එන්න් බැරි වෙන්න ගුරුකම් කරාවි කියලා එයා බයවෙලා...මට කරදරයක් කරාවි .....එයාට ඕන සාධාරනයක් නෑ..එයා දැනටමත් මහ පොලවට උරාගන අහවරයි කියනවත් එක්කම මං එතන උන්න නිම්නව උරහිස් වලින් ඇදලා ගත්තා...

උඹට සැනසීමක් එපා...උඹට සැනසීමක් එපා කියල දැන්ද යකො කියන්නෙ....එහෙන්ම් පකටද මාව හොයන් ආවෙ.....මාව ආදරෙ කරන තැනටම වැටුනම.....ආදරයක් එපා මේ මොකුත් එපා කියන්නෙ...උඹට මගෙ ආදරේ විහිලුවක්ද නිම්න..ආ....??...මාව උඹට ජෝකර් කෙනෙක්ද....කියපන්.....අතීතෙන් වර්තමානෙටයි.....වර්තමානෙන් අතීතේටයි ගිහින් මං කරන්නෙ උඹගෙ හිත හදන එක...

.

කොච්චර අඩන්න හැදුවත් ඒ කදුලු නවත්තන්න හදන එක...උඹ හිතන්නෙ කියන කියන පාර වචන මාරු කරන්න ලේසියි කියලද....

එහෙම නැත්තන් උඹ හැම එකාවම මනින්නෙ උඹගෙ මහ එකාගෙ මිම්මෙන්ද....එතකොට උඹල වගේ මිනිස්සුන්‍ට ජීවත් වෙන්නමේ රටේ නිදහසක් අයිතියක් නෑ.....

.උඹල හැමෝම මැරෙන්න ඕනෙ...ඒකද උඹගෙ මහ එකා වගෙ අනිත් උනුත් හිතන්න ඕනෙ....ඇරත්...උඹලා වගේ මිනිස්සු ....අපි වගේ මිනිස්සු ....නිම්න මට කියපන් ඔය පඩත්තර කතාවෙ තේරුම...

උඹ ආදරේ කරන්නෙ පිරිමියෙක්ට කියලා මොකද උඹගෙ ඇටයක් අඩුවෙනවද....මං ආදරෙ කරන්නෙ කියලා මට ඇටයක් වැඩි වෙනවද...ඔය ඇට දෙක ඇට දෙකම තමයි නිම්න...කකුල් මැද බලලා ආදරේ කරන උන්ගෙ මිම්මෙන් මාව මනින්නවත්....දෙයක් උන ගමන් උඹව එලවලා මං හැන්ගෙන්න වත් මම පිම්පියෙක් නෙවෙ නිම්න...ඒක දැනගනින්...මම පී ඩයල් එකක් නෙවෙ....

මේ රට අපි හැමෝගෙම.....අපි තොපි...වෙන උන් කියල නෑ...මිනිස්සු ඔක්කොම එකයි....එක ලේ ඇට මස් නහර තියෙන්නෙ....

හරි...හරි වස්තු මං පිලිගන්නවා....මම උඹ වගේ නෙවෙ...මගෙ හිත ගියෙ ගෑනුන්ට ..හරි.....ඒ මුල...ඒ මුල වස්තු.....මිනිස්සු වෙනස් වෙනවා නිම්න...මිනිස්සු නවතින්නෙ ආදරෙ තියන තැන...මිනිස්සු නවතින්නෙ සතුට සැනසීම තියන තැන...මිනිස්සු නවතින්නෙ නිවෙන්න පුලුවන් තැන මිසක් ඇවිලෙන තැන නෙවෙ නිම්න.....කරුනාකරලා මාව ආවේස නොකර පාඩුවෙ ඉදපන්....

හැංගි හැංගි ඉන්නද.....හැංගි හැංගි මං තව කොච්චර කල් ආදරේ කරන්නද...එදා උඹ....අඩ ජනත්....හෙට ...හෙට කවුරු වෙයිද....කල්පනයා....මම....රවිදුවා...උදාරයා....එතකොට උන් හැමෝමත් උඹල වගෙ ආදරෙ කරපු වරදට මැරිලා යන්න ඕනෙද....කියපන්.....ආ වස්තු....අඩන්න නෙවෙ...කියපන්....

අඩන්න එපා නිම්න....මෝඩ කතා කියන එකේ සීමාවක් තියාගනින්...ආදරේට මෝඩ කතා කියන්න වෙන වෙලාවක් තියාගනින් නිම්න...හැබැයි මං දැන් ඉන්නෙ උඹව උකුලට අරන් උඹගෙ හුරතල් කතා මෝඩ කතා අහන මට්ටමක නෙවෙ.....

අනික....අනික උඹගෙ තාත්තා මෝරපු එකෙක්....ඌට තියන මොලේ ඝණ දෙයියන්ටවත් නෑ....මට කියපන්...උඹලට සාදාරනයක් කරන්න කලින්....මටයි කල්පනයටත් උඹලා එක්කම වැලලෙන්න උනොත්.....කියපන්...එතකොට මොකද ආ...

...අනූ....අනේ....

අනූ...අනූ නෙවෙ...කරුනාකරලා පාඩුවෙ ඉදගන ඉන්න...

මම එකම දිගට හුස්මක් කටක් නොගෙනම ඇද උඩ ඉදන් උන්න නිම්නට බැනගන බැනගන බැනගන ගියා.....අඩුම ගානෙ අම්මයි අප්පච්චියි ඉන්නවා කියන්නවත් නොබලා.....

හිතේ තිබ්බ තරහවට නිම්නට කෑ ගහපු මං අනිත් පාර ඔලුව කස කස එහාට මෙහාට ගියා...අම්මයි අප්පච්චි මා දිහා බලන් උන්නෙ පිස්සු තද උන එකෙක් ගානට....

ඒක සාදාරනයි...මොකද මම නිම්නව දැක්කට...අම්මයි අප්පච්චි එයාව දකින්නෙ නැති වෙනකොට මට පිස්සු කියලා හිතනවා....ඒක සාදරනයි .....

අප්පච්චි සමාවෙන්න....මගෙ මිනිහට මේ කියන දේවල් ඔලුවට යන්න නම් එකපාරක් බැනුම් අහන්නම ඕනෙ...හරියටම ඔයාගෙන් කමනි බැනුම් අහනවා වගේ තමයි...

මූ මේ මොනවද කමනි කියවනෙ.....පිස්සු තද වෙලාද...මොනාද මේ යකා මේ කියවන්නෙ....

.මයුර.....උඹ මොනවද මයුර කියවන්නෙ....අප්පච්චි කියනවත් වගේ උඹට පිස්සුද.....????

ඔව්...මට පිස්සු....මට දැන් පිස්සු හැදිලා ඉන්නෙ..මෙන්න මේකා හින්දා....මෙච්චර දේවල් කරලා...මෙච්චර ආදරේ කරලා.....දැන් ගොන් කතා කිය කිය අඩනකොට මට පිස්සු හැදෙන්නෙ නැතිද අම්මෙ...ආ....ආ අප්පච්චි ...???අප්පච්චිම කියන්න...මෙච්චර කල් එකට ජීවත් වෙලා.....වයස විසිපහක කොල්ලෙකුත් ඉන්නකොට අම්මා මොනවා හරි මෝඩ කතාවක් කියලා ඩිවෝර්ස් වෙමු කිව්වොත් අප්පච්චි මොකද කරන්නෙ....ආ.....යකා ආවේස වෙනවනෙ....අන්න ඒ වගේ තමයි මේකත්...මෙච්චර දුර ඇවිත් කියනවා මම පුරුදු විදිහට ඉන්නම් කියලා ...

.මයුර!

...

අප්පච්චි කෑ ගැහුවා .....මං හිතන්නෙ අප්පච්චි ට තව දුරටත් මගෙ කතා අහන් ඉන්න බැරිව යන්න ඇති...මගෙ තරහව තියෙන්නෙ නිම්න එක්ක වෙනකොට මේ මෙලෝ මලදානයක් නොතේරෙන අප්පච්චි යකා ආවෙස වෙලා වගෙ කෑ ගහනකොට මම කට පියාගත්තා....

කියපන්....උඹ මේ නටන නාඩගම මොකක්ද මයුර....ආ....කමනි...ඉදගන්නවා....

මලගෙවල් ඕන නෑ...දැනටමත් ඌ මැරිලා හමාරයිනෙ....මැරිච්ච උන්ගෙ නඩු විසදන්න කලින් ජිවත් වෙන උන්ගෙ නඩු විසදන්න එපැයිනෙ නේ.....ඉදගනින් ඔතනින්....

මම ඇදෙන් ඉදගත්තා...මගෙ කටට බය වෙලා උන්න නිම්න ඇදේ කෙරවලටම ගිහින් ඉදගන ඉන්නකොට මැරුන උන්ගෙ නඩු විසදන්න කලින් ජීවත් වෙන උන්ගෙ නඩු විසදන්න ඕන කියපු අප්පච්චි අම්මටත් ඉදගන්න කියලා මා දිහා බලන් උන්නා....

දැන් පටන් ගනින්...මොකක්ද උඹ කියපු අපබ්‍රංසෙ මයුර...මොකක්ද උඹ කිව්වෙ...කියපන්.....උඹ මොකා එක්කද යාලු කියල කිව්වෙ...කියපන්.....

අප්පච්චි ....මං ආදරේ කරන්නෙ කොල්ලෙක්ට....වෙන කාටවත් නෙවෙ...ජයවර්ධනයගෙ පුතාට...

.ජවයර්ධන කියන්නෙ....අපි ගේ ගත්තු එකාගෙ....

ම්න්.....

ඌ කොහෙද මෙහෙ...ඌ රටනෙ....???හරි ඌ මොන තූත්තු කුඩියෙ උන්නත් කමක් නෑ...උඹ කොල්ලෙක් එක්ක යාලුවෙන්න ගියෙ උඹට මේ රටෙ කෙල්ලො උන්නෙ නැද්ද මයුර...ආ.....???

රට....කව්ද අප්පච්චි කියන්නෙ...මොනරටද....උඩ රට පාත රට...මොන රටද...??අප්පච්චි ජයවර්ධනයව විස්වාස කරනවද.....

මට උගෙන් වැඩක් නෑ මයුර....මං අහන්නෙ උඹට කෙල්ලො උන්නෙ නැද්ද...කොල්ලෙක් එක්ක යාලුවෙන්න තරන් උඹට අහේනිටද කියපන් මයුර.....යකො අපි මූන දෙන්නෙ කොහොමද ....ආ.....පරම්පරාවටම ඉන්න එකම කොල්ලා උඹ මයුර.....උඹ ඒක නොදන්නවා නෙවෙ.....උඹගෙ අම්මගෙ පැත්තටත් මගෙ පැත්තටත් ඉන්න එකම කොල්ලා උඹ මයුර එහෙම තියාගන උඹ නටන නාඩගම මොකක්ද මයුර....කියපන්...ආ....

මං තත්පර ගානක් බිම බලාගන ඉදලා ලොකු හුස්මක් අරන් අම්මයි අප්පච්චියි දිහාව බැලුවා.....

..දැන් මම ඉන්නෙ අම්මගෙයි අප්පච්චිගෙයි පරම්පරාව සතුටු කරන්නද...එතකොට මම මගෙ ජීවිත සතුටු වෙන එක නෙවෙද ඔයාලගෙ සතුට කියන්නෙ....ආ අප්පච්චි .....??පරම්පරාවෙ එකම කොල්ලා මම කියලා ...මම මගෙ සතුට නිදහස බිල්ලට දීලා මුලු පරම්පරාවක්ම සතුටු කරන්න ඕනෙද....??????

අප්පච්චි මගෙන් ඇහුවා මට අහේනියද කියලා ..අප්පච්චි ඔය මගෙන් ඇහුවෙ හරි ප්‍රශ්නෙ නෙවෙ....අප්පච්චිට අහන්න ඕන කම තිබුනෙ කොල්ලො කොල්ලො මොනවද කරන්නෙ කියල....අප්පච්චි ....මිනිස්සූන්ගෙ ජීවිතේ ප්‍රධානම දේ sex නෙවෙ....මේ ජීවිතේ sex බේස් කරන් නම් විදින්න්න් තියන්නෙ.....පැයට දාහට දෙදහට ඕන තරම් ගෑනු ඉන්නවා...ඕන වෙලවට ගියා බඩුවක් ගැහුවා ආවා.....

.

මයුර.....!!!

නෑ අප්පච්චි ...තරහ ගන්න එපා....තරහා ගන්න එපා... මම මේ අමුවට කියනකොට .....අප්පච්චි තරහා ගන්න එපා...ඒත්....මට හුරතල් කතා කිය කිය නැලවි නැලවි මේවා තේරුම් කරන්න පුලුවන් කමක් නෑ අප්පච්චි .....අප්පච්චි ආදරේ කරන්නෙ අංගජාතකෙ දිහා බලලා නම් එතන ආදරයක් නෑනෙ....

මට කියන්න ඕන මෙච්චරයි ....මම ආදරේ කරන්නෙ කොල්ලෙක්ට.....ඒක මගෙ කැමැත්ත...ඒක මගෙ තේරීම....මගෙ හිත නැවතුන තැන........කාවවත් සතුටු කරන්න මම ඉපදුනේ නෑනෙ....නේ.....ඔය දෙන්නගෙ සතුට වෙනුවෙන් මම ඉපදුනා...හැබැයි ඒකෙන් කියන්නෙ නෑ...මම ඔයාලගෙ පරම්පරාවෙ මිනිස්සුන්ව සතුටින් තියන්න ඕනෙ කියලා ..මොකද මම දෙවියන් වහන්සෙ නෙවෙනෙ...මිනිස්සුව සතුටු කරන්න....

ඇරත්....මොකක්ද වැරද්ද...පිරිමි පිරිමි...ගෑනු ගෑනු ආදරේ කෙරුව කියලා මොකක්ද වැරද්ද...මේ ලෝකෙට ඕනෙ ආදරේ මිසක්.....වෛරය වේදනාව දුක් කදුලු නෙවෙනෙ අප්පච්චි ....හැබැයි...ආදරේ මැදට නීති රීතී ගොඩක් දාලා මිනිස්සු කරන්නෙ ආදරේ කරනවට වඩා විදවන එක...වෛර කරන එක.....දුක් වෙන එක....

මොකක්ද ඕකෙ තේරුම...

අනික අම්මයි අප්පච්චියි කොඩි ගහ යට ඩ්‍රාමා එකේ ඉන්න කලූටයි ශානිටයි කැමතියි.....මහ ලොකුවට ප්‍රසංසා කරනවා.....

එතනත් බොරුව නේ....ඔයාලා කරන්නෙ මූනිච්චාවට රැල්ලට මිනිස්සුන්ව ප්‍රසංසා කරන එකක්.....තිරෙන් මෙහා දෙන ආදරේ ප්‍රසංසාව...ඇයි තිරෙන් එහාට දෙන්න බැරි...???.....අන්න ඒකයි අප්පච්චි කියන්නෙ.....ෆැන්ටසියයි ..යතාර්තෙයි නොසෑහෙන්න දුරයි කියලා ....

මේ ලෝකෙ විශම මිනිස්සුන්ට විතරද ජීවත් වෙන සතුටු වෙන අයිතිය තියෙන්නෙ.....ඇයි....සම මිනිස්සුන්ට එහෙම අයිතියක් නැද්ද.....

අප්පච්චි උන් ඇවිත් අගහරු ලෝකෙන් ආව වෙනම ජනකොඨ්ටාසයක් නෙවෙ....අපි වගේම මිනිස්සු ....

මයුර.....මයුර....මටවත්....අම්මට වත්.....උඹගෙ ඔය තේරුමක් නැති බන දේසනා අහන්න ඕන නෑ...ඔය මගුලට අපි කැමතිත් නෑ...ඕක නවත්තලා උඹට ගැලපෙන එකක් හොයාගනින්....ඕක කරන්න දෙන්නෙ බෑ...

මං නිම්න දිහා බැලුවා...එයාගෙ මුනෙ තිබුනෙ මම කිව්වනෙ අනූ ඔයාට කියන්න වගේ වේදනාත්මක වගේම පරාජිත හැගීමක් වෙනකොට මම අප්පච්චි දිහා බැලුවා.....

අප්පච්චි ...අප්පච්චිට ඉන්නෙ මම විතරයි හැබැයි....අප්පච්චි ට අප්පච්චි කියලා කතා කරන එකම එකා මම විතරයි ...අම්මට අම්මා කියන්න ඉන්න එකම එකා මම විතරයි ....හැබැයි...මම නෑ කියන්නෙ.....අම්මා අප්පච්චි පට්‍ටමත් නෑ කියන එක ....අන්න ඒක මතක තියා ගන්න ...

මයුර.....

කෑ ගහන්න එපා අම්මා....පට්ටම දුන්නා වගේම....ආපිට ගන්නත් පුලුවන් ....අප්පච්චි ටයි අම්මටයි මගෙ සතුටට වඩා.....පරම්පරාවෙ සතුට නම්බුව වැදගත් නම්.....මටත් පුලුවන් ඔය විදිහටම ආත්මාර්තකාමී වෙලා.....පරම්පරාවෙ නම්බුව සතුට වඩා මගෙ සතුට වැදගත් කියලා මේ ඔක්කෝම දමලා ගහලා යන්නම යන්න...හැබැයි ඉතින් එහෙම ගියොත්....අංජනම් එලි බලලා වත් ආය ගෙන්නන්න පුලුවන් දුරකට නම් නෙවෙ කමනි මම යන්නෙ...

දන්නවනෙ....මම කිව්වොත්....කිව්වා...ඇරත්....මොකක්ද වැරද්ද....මම මිනිමැරුමක් කෙරුවෙ නෑ අප්පච්චි .....මම කරපු එකම දේ ආදරේ කරපු එක විතරයි.....ඇරත්.....ජයවර්ධනයා කියන වගේ...උගෙ ගෑනු දරුවො රට ගියෙ නෑ අප්පච්චි ...ඒ ඔක්කොම දැනටමත් අඩි හයක් යට මහ පොලවට යට කරලා ඌ ගෙ විකුනන්නෙ...අප්පච්චි දන්නවද ඔච්චර වටින ගෙයක්....ලක්ශ ගානක් පාඩු කරන් විකුනන්න හේතුව...නෑනෙ...

ඒ කතාවලින් වැඩක් නෑ අප්පච්චි ....මං මෙක නවත්තන්නෙ නෑ....

හරි....උඹ ඕක නවත්තන්නෙ නැත්තන් ඕක දිගටම කරගන පලයන්....හැබැයි.....අදින් පස්සෙ....මට අප්පච්චි කියන්න එපා...උඹ මාව දන්නෙත් නෑ....මම උඹව දන්නෙත් නෑ.....

හරි රොහාන්....මං ආය අප්පච්චි කියන්නෙ නෑ...ඔයා මාව දන්නෙත් නෑ...මං ඔයාව දන්නෙත් නෑ.....මෙතන ඉදන් අපි පිටස්තර මිනිස්සු....

කමනි...තමුසෙ මොන නැකතෙද මූව වැදුවෙ කියනවා.....තොට මම...තෝව මම මරලා හංගනවා මයුරයා....ගගේ මූදෙ දැම්මත් මම උඹට ඕක කරන්න දෙන්නෙ නෑ...ආය නෑ කියන්නෙ නෑමයි...

අප්පච්චි කෑ ගැහුවා....මම මෙකම කෙරුවොත් එයාට ආයම අප්පච්චි කියන්න එපා කියපු අප්පච්චි අනිත් පාර ආයම යකා වගේ කෑ ගැහුවා....මගෙ නිම්නයා බය වෙලා දනහිස් අස්සෙ ඔලුව ඔබාගන උන්නා...

නිම්න දිහාත් බලලා අප්පච්චි දිහාවත් බලපු මම අවසානම තීරනෙ අරන් ඇදෙන් නැගිට්ටා ...

.ඕකට තමයි කියන්නෙ රොහාන් බල්ලා පිදුරු කන්නෙත් නෑ...කන ගොනාට දෙන්නෙත් නෑ....ගගක මූදකට දානවට වඩා හොදයිනෙ මාව නිම්නට දෙන එක.....ඇයි මරන්නෙ...එතකොට ඔයාටත් නෑ...ඌටත් නෑ...අනික එහෙම බැලුවම....ජනත්ගෙ අප්පච්චි ....නිම්නගෙ අප්පච්චි ....උන් දෙන්නා අතරයි .ඔයා අතරයි වෙනසක් නෑනෙ රොහාන්....ආ???

මයුර ...

නෑ....ඔයා මට අප්පච්චි කියන එක තහනම් කෙරුවනෙ ...ඒකයි...මට වෙන උන්ට වගේ මචන් වරෙන් පලයන් කියලා කතා කරන්න බෑනෙ ඔයාට....නේ....ඒකයි...රොහාන්...නම්බුයිනෙ..නම කිව්වම....

මට මුගෙ කට කඩන්න තරහයි කමනි....මට මුගෙ කට අනිත් අතට යවන්න තරහයි....

ඇයි...මගෙ කට කඩන්න මගෙ මහ එකාද නෑනෙ....ඔයා කව්ද.....මම අදුනන්නෙත් නෑ....මං කිව්වනෙ.....මං මේකමයි කරන්නෙ...මට ගෑනියෙක් ගෙනත් දුන්නොත් මං ඒකිටත් ගෑනියෙක් ගෙනත් දීලා මම මගෙ මිනිහා එක්කමයි පවුල් කන්නෙ....ආය ඒකෙ වෙනසක් නෑ...මං කිව්වොත් කිව්වමයි...

මයුරයා...

චටාස් !!!...

අනේ...අනූ...හ්.....

 රොහා...න්

පැත්තකට වෙලා ඉන්නවා කමනි....මුගෙ නැහැදිච්ච කම් අහන් ඉන්න මගෙ කන් බීරි නෑ.....

මගෙ කන හරහා කම්මුල් පාරක් වැදුනා.....අප්පච්චි ගහපු පාරෙ සැර කොයිතරම්ද කියනවා නම් මගෙ යටි තොලත් එක්ක පුපුරලා යනකොට පාර කාපු මම තත්පරයක් දෙකක් අප්පච්චි දිහාව බලන් ඉදලා යටි තොලෙන් මතු උන ලේ බින්දුව පිහදගත්තු මම මගෙ ලගට එන්න හදපු නිම්නටත් අලු වෙලා යන්න රවලා බැලුවා විතරයි අනේ එයා ආයම ගිහින් අර මුල්ලෙ හැංහුනා.....

ඔයාගෙ අවසානම තීරනේ ඕකද ....මට මේක කරන්න දෙන්නෙ නෑ කියන එක....

ඔව්....උඹ ඔහොම නෙවෙ...ඔලුවෙන් හිටන් කිව්වත්...නොකා නොබී උන්නත් මම මේක කරන්න දෙන්නෙ නෑ.....

බය වෙන්න එපා...මං ඔය දෙකම කරන්නෙ නෑ....මම කොහොමත් නොකා ඉන්නෙ නෑ.....මොකද මට ගෑස්ටික් ....අනික....ඔලුවෙන් හිටන් උන්නා කියලා මට ඔලුවට බහින්න දෙයක් නෑ...මොකද අප්පච්චි දන්නවා මගෙ මොලේ පුකේ නෙවෙ තියෙන්නෙ කියන්න...මං මේක නවත්තන්නෙ නෑ...

.හැබැයි....අප්පච්චි ...මං ඔයාට දෙයක් කියන්නම්....මං මෙ කතාව කියන පලවෙනි වගේම අවසානම දවස අද......හරි....හොදට කන් දෙක ඇරලා අහගන්න...

අප්පච්චි මගෙ කම්මුලට ගැහුවෙ....මම නම කියලා කතා කරපු එකට ද...නැත්තන් ....මම පරම්පරාවෙ නම්බුව කාපු වරදටද.....ම්ම්ම්ම්.....

හැබැයි අප්පච්චි ...ඔතනින් පලවෙනි හේතුවට නම් මට ගැහුවෙ.....මට සතුටු වෙන්න පුලුවන් මොන දේ උනත් අප්පච්චි මට ආදරෙයිනෙ කියන හේතුව උඩ ...හැබැයි.....ඔයා මට ගැහුවෙ ..දෙවනි හේතුවට නම්....

මට කියන්න තියෙන්නෙ ලැජ්ජයි කියන එකයි...අප්පච්චි කෙනෙක් විදිහට ඔයා මාරම අසාර්තක පිරිමියෙක් කියන්න විතරයි අප්පච්චි ....

මයුර.....උඹ කාටද ඔය කතා කරනෙ ...උඹගෙ අප්පච්චි උඹ වෙනුවෙන් නොකරන්නෙ මොනවද....

කමනි...මට ඔයා ගැන උනත් දෙන්න තියන එකම කමෙන්ට් එක ඕක ...දෙමව්පියො විදිහට ඔයාල මාරම අසාර්තකයි ...වටපිටාවෙ සතුට ගැන හිතලා...එකම ලමයගෙ සතුට නාස්ති කරන මිනිස්සු කවදාවත් දෙමව්පියො විදිහට සාර්තක වෙන්නෙ නෑ අම්මා....අනික .....අම්මගෙ පැත්තෙ උන් වත් අප්පච්චිගෙ පැත්තෙ උන් වත්....ඔය දෙන්නටම කැමති උනේ නෑනෙ.....අදටත් එහෙමයිනෙ.....ඇරත්.....උන්ගෙ සතුට ගැන හිතන්න අපි බැදිලා ඉන්නවද...නැනෙ.....

අප්පච්චි ඔය කියන තරන් පරම්පරාවෙ නම්බුව සතුට වැදගත් නම්.....එකම කොල්ලා මම නම්...ඇයි අම්මට මාව හම්බෙන්න ඉන්නකොට එක පකෙක්ටවත්.....දොලදුක් බතක් ගේන්න බැරි උනේ....මං කියන්නෙ....ඇයි උන්ට බැරි උනේ....

මට ආවේස උනා...අම්මගෙයි අප්පච්චි ගෙ නෑ පරපුර නයාට අදුකොල වගේ උන්න මට අප්පච්චිගෙ කතා එක්ක ආවේස වෙලා ඉන්නකොට මම කුනුහර්ප පැලුවා....

මහ ලොකුවට මමලු එකම කොල්ලා....කෝ....බේබි සබන් කෑල්ලක් වත් අරන් ආවද බලන්න...නෑනෙ..... අවසාන කාලෙ බැරි වේගන එනකොට මහ ගෙදරට එන්න කිව්වා මිසක්.....උන්ගෙන් අපිට හම්බුන ලබ්බක් නෑනෙ නෙ....

අප්පච්චි .....ඔයා කරන්න හදන්නෙ.... හදන්නෙ...ඔයාලගෙ අම්මලා අප්පලා ඔයාලට කරපු දේ.....හරි...මාත් කරන්නෙ ඒක...ඒකෙ වැරද්දක් කියන්න බෑ...අම්මගෙ පැත්තෙන් අකමැති උනා...අප්පච්චි ගෙ පැත්තෙන් අකමැති උනා...එහෙමයි කියලා ...අප්පච්චි අම්මව අතරියෙ නෑ....පන්නන් ආවා...අනික...අප්පච්චි ඔය ලැජ්ජාව වහගන්නයි මට සුරංගනා කතා කියන්නෙ....පහු කාලෙක ගිහින් දෙන්නා ස්ටූඩියෝ එකකින් පින්තූරයක් ගත්තා.....

අප්පච්චි ....ඕකයිනෙ ඇත්ත...හරි....මේක කොහොම හරි සම්මතයි කියමුකො...මොකද...සම්බන්දෙ විශමයිනෙ....හැබැයි...අප්පච්චි කෙරුවෙත් දෙමව්පියන්ට පිටින් ගිය එක...

ඒ කියලා දැන් උඹ කරන්නෙත් ඒකද???ආ..කතා කරපන්.....

ඔව්...ඉතින්....මගෙ ඇගේ දුවන්නෙ ඔයාගෙ ලේ මිසක්....අල්ලපු ගෙදර සුරංගයගෙ ලේ නේ නෙවෙනෙ....ගහේ කටු උල් කරන ඕනෙ නෑනෙ..අනික....අම්මා උනත් මට බනින්නෙම මහ එකා වගේමයි හැදෙන්නෙ කියලානෙ...ඉතින් ඇයි මට බැරි....???..

අප්පච්චි තරහෙන් පුපුරනවා ...අම්මා උන්නෙ මට ගහන්න උනත් ගහගන්න බැරි තැනක වෙනකොට ජනත්ගෙ ගෙදරට වඩා අපේ ගෙදර මලගෙයක් වෙලා තිබුනා...

මයුර....මං උඹට මේ බොහෝම හොදින් කියන්නෙ.....ඕක නවත්තපන්.....උඹට මං උගෙ පුතා එක්ක යන්න දෙන්නෙ නෑ.....උඹගෙ අම්මයි අප්පච්චි කරපු දේම උඹ කරන්න ඕන නෑ මයුර .....උඹට ලැජ්ජාවක් ඇති වෙයි කියන බයට තමයි මයුර මායි උඹගෙ අම්මයි සමහර කතා හංගලා අලුත් කතා ගොතලා උඹට කිව්වෙ ...උඹට ලැජ්ජා හිතෙයි කියලයි මයුර මායි අම්මයි උඹට තේර්‍ර්න්න කලින් ගිහින් පින්තූරයක් හැදෙව්වෙ....හැබැයි...උඹත් ජීවිත කාලෙටම ලැජ්ජා වෙවි ඉන්න ඕන නෑ.....මම කරපු දේ උඹ කරන්න ඕනෙ නෑ....උඹගෙ අම්මට ඕනෙ අම්මට ලස්සනය අදින්න බැරි උනාට උඹගෙ ගෑනිට ලස්සනට අන්දවන්න....

උඹගෙ අම්මට නැන්දම්මා සැලකුවෙ නැති උනාට කමක් නෑ...උඹගෙ අම්මට ඕනෙ උඹගෙ ගෑනිට හොද අම්මෙක් වෙන්න...නැතුව නැන්දම්මෙක් වෙන්න නෙවෙ....උඹට දැන් ඉල්ලන ඉල්ලන එක අරන් දෙන්න දැන් සල්ලි තිබ්බට....උඹ ඉපදෙනකොට රත්තරන් හැදි කටේ ගහන් ඉපදුන් නෑ මයුර.....මායි උඹගෙ අම්මයි ජීවිතේ මොකක්ද කියන්නවත් දන්නෙ නෑ...අඩුම උඹගෙ අම්මට උඹව නාවගන්න දන්නෙ නෑ.....හැබැයි එහෙම කියලා අපි උඹ නොහදා උන්නෙ නෑ...

එහෙම කරපු අපිටයි උඹ සාර්තක නෑ කියන්නෙ.....

මම කැමති නෑ මයුර..කිව්වනෙ...අහන්න එපා ආය

මම ඇදේ ඉදගත්තා.....ඉවසීම නැති තැන කටින් පැනපු වචණයක් හන්දා අප්පච්චිට රිදෙනකොට මම කඩාගන වැටුන වගේ ඉදගත්තා....

අප්පච්චි කැමති වෙන ඕන නෑ....මොකද මගෙ නිම්න උනත් කැමති මට මිසක් අප්පච්චි ට නෙවෙ....

කමනි...මූ මගෙ එකෙක් නෙවෙ කමනි....තමුසෙ ඉස්පිරිතාලෙන් ලමයා මාරු කරන් ඇවිල්ලා...මූට මෙච්චර කියලත් තවම පඩත්තර කතා කියනවා....

අප්පච්චිත් ඉදගත්තා...මලගෙදර යන්න ලෑස්ති උන අම්මා මලගෙදර යාම පැත්තක දැම්මා.....මෙච්චර වෙලාම කෑ කෝ ගහපු හැම දේම අහවර උනා....මුලු ගේම නිහඩ වෙලා ගියා ..ඒත්....මගෙ ඇස් විතරක් කතා කෙරුවා ...

අනූ.....මේක හොදටම ඇති අනූ....මීට එහා එපා...උඹ අඩනකොට .....කෑ ගහනකොට මටත් රිදෙනවා මයුර....අම්මයි අප්පච්චියි හරි මයුර ....ඒ මිනිස්සු උඹ ගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ.....ඒ මිනිස්සුන්ට නොලැබුන ජීවිතෙ උඹට දෙන්න බලන් ඉන්නෙ මයුර....මෙතන උඹලා නෙවෙ වැරදි...අපි....අපිට බැරි උනා සාමාන්‍ය මිනිස්සු වෙන්න....බලන් ගියහම ඇත්ත...අපි උඹලගෙන් ඈතයි වගෙ මයුර.....අපි...උඹල වගේ ජීවත් වෙන්න පින් කරපු එවුන් නෙවෙ මයුර...

මම ඔහේ උන්නා....මගෙ ලගට ආව නිම්න මගෙ ඔලුව අත ගගා කියවනකොට මට තවත් රිදෙන්න ගත්තා...ඇස් වල කදුලු වැල් වැල් වගේ දිගට දිගට හැලි හැලි යනකොට මම නැගිට්ටා...මොකද තව ටික වෙලාවයි ....මිනිය උස්සනවා...මට යන්න ඕන.....ඒත්....මන් හිතුවා....අම්මා.අප්පච්චි ට ඒ මල ගෙදර තහනම් කරනවා නම් හොදයි කියලා ....මොකද ...ඒ මැරුනෙත් පිළිගැනීමක් නැති දරුවෙක්....

අප්පච්චි ...දන්නවද...දරාගන ආදරෙ කරනවා කියන එකේ තේරුම...??

මං අප්පච්චි ට බැන්නා...හැබැයි...මං මම කරන්නෙත් අප්පච්චි කරන දේමයි කියලා ...ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියලා ....අප්පච්චි ජීවත් වෙන්න දන්නෙ නෑ කියලා අම්මව අතෑරියද නෑනෙ.....ගෙවල් වල ප්‍රශ්න කියලා අම්මව අතෑරියද.....නෑනෙ...

සමහර විට.....මං අප්පච්චිගෙන් වෙන්න ඇති....දරාගන ආදරෙ කරන්න ඉගන ගන්න ඇත්තෙ.....

අන්න ඒ දේමයි අප්පච්චි මාත් කරන්නෙ...අප්පච්චි නොදන්න අප්පච්චිට හිතන්න අමාරු හරි ගැඹුරු කතාවක් මෙතන තියෙන්නෙ...

ආදරේ මැදටයි....කසාදෙ මැදටයි ඇවිදින් හිටගන්න ලින්ගික ගනු දෙනු ගැන මෙතනදි අපි කතා නොකර ඉමු අප්පච්චි ....අනික...මං හිතනවා....අම්මා අප්පච්චි එක්ක...sex life එක ගැන කතා කරන්න මන් වයසින් පරිනතයි කියලා වගේම මම තව දුරටත් ලැජ්ජා වෙන්න ඕනත් නෑ කියලා ...අනික.....රෝස කැලෙන් නෙවෙ ළමයි ගේන්නෙ කියන්න.....මම දැනගත්තෙ අදක ඊයෙක නෙවෙ කියලා කියන්න මට කියන්න ඕන.....මට ඕනෙ විවෘත මනසකින් කතා කරන්න.....මේක යතාර්තයක් මිසක්....ෆැන්ටසි ශානරයක් නෙවෙ අප්පච්චි ....

අප්පච්චි ...ජයවර්ධන කියන්නෙ කව්ද කියන්න...මං ඔයාට විනාඩි දහයකින් කියලා දෙන්න....මට විනාඩි දහයක් දෙන්න පුලුවන්ද.....මට ඕන විනාඩි දහයයි....

මම අම්මයි අප්පච්චි දෙන්නම දිහා බලාගන ඉදල අවසානෙදි විනාඩි දහයක් ඉල්ලුවා...

මං හිතන්නෙ...මේ ගෙවුන අවුරුදු හතලිස් ගානටම....අප්පච්චි ගෙ වගෙම.....අම්මගෙ ජීවිතේ කටුකම වගේම වේදනාත්මකම විනාඩි දහය මේක වෙන්න ඇති.....දවස් බාගෙක විලිරුදාව උහුලන් උන්න අම්මට මේ විනාඩි දහය ඉවසන් ඉන්න බැරි වෙන්න ඇති...

සීනි නැති කෝපි එකක් ඉල්ලපු තැන ඉදන් වෙච්ච කෙරිච්ච හැම දේම විනාඩි ගානකට සාරංශක කරලා කියපු මම අවසානෙදි මගෙ නලලට මතූ උන දාඩිය පිහනකොට මගෙ නිම්න ජනේලෙන් එපිට දිහා ඔහේ බලාගන උන්නා...

අප්පච්චි ...මට දැන් අවුරුදු විසිපහයි...මම කියන්න ඕන මොනවශ...දැනගන්න ඕන මොනවද.....මේ හැමදේම මං ඔයාලට කිව්වා....

අප්පච්චි මං අහන්නෙ මෙච්චරයි ...මේ රට අනුවද මම ආදරේ කරන කෙනා සමද විශමද කියලා තෝරගන්න බැරි...

.එහෙම නැත්තන්.....අප්පච්චි අර මුලින් කිව්වා වගේ....අම්මාගෙ අප්පච්චි ගෙ පවුල් නම්බුව අනුවද.....???

මම.මෙච්චර කියලත්....මේ තත්පරේ වෙනකනුත්...මාව පිලිගන්න බැරි නම්.....මාව තේරුම් ගන්න බරි නම්...මට වඩා...මගෙ අනන්‍යතාවෙ තේරුම් ගන්නවට වඩා...අම්මා

අප්පච්චිට තවමත් වටින්නෙ...නම්බුව නම්....ජනත්ගෙ ගෙදරට දුන්න අර සලාක මල්ල....ආපිට ඉල්ලන් එන්න අප්පච්චි ...මොකද .....මටත් හිතෙනවා දැන් එල්ලෙන්න....අප්පච්චි ට පුලුවන් ජනත්ගෙ අප්පච්චි ඌව මරාගත්තු විදිහටම...මම මැරෙන හැටි ඇස් වලින් බලන් ඉදලා....පවුල් වල නම්බුව රකින්න...

එහෙම නැත්තන් මට හිතෙනවා....අතීත කතා වස්තු එක්ක සදහටම වැලලෙන්න....ඒකෙන් වෙන්න....අම්මා අප්පච්චිට මගෙ මලකද වත් නැතුව යන එක...

අප්පච්චිලාට ඔය තරම්ම ලැජ්ජාව....අර කොයි වෙලෙත් උඩ දාගන කියන අවුරුදු 2500ක් පරන පෞඩ ඉතිහාසෙද....නැති නම්.....මමද....

අප්පච්චි තීරනේ කරන්න....සමාජ සම්මත වෙනුවෙන්...මාව මරාගන්නවද...

මාව ජීවත් කරගන්න...සමාජ සම්මත මරලා දානවද...තීරනේ....ඔයාලා අතේ....මීට වඩා මන් මේ ගැන ආය කියන්නෙ නෑ...ඕන තීරනයක් ගන්න.....

සමහර විට.....වදපු නිසා...ඔයාල හිතනව ඇති...මරන අයිතියත් ඔයාලට කියලා .....මන් වගේ පුතෙක් වදාපු එකටයි...හදාපු එකටයි ලැජ්ජාවක් නම්...මරන්න....මං ඕන එකකට ඔට්ටුයි අප්පච්චි ....හැබැයි....ඔයාගෙයි.....ජයවර්ධනගෙයි....ජනත්ගෙ අප්පච්චි ගෙයි...වෙනසක් නෑ...

මම නිම්නට ආදරෙයි.....ඒක අදත්..හෙටත් හැමදාම එහෙමයි.....යුක්තිය වෙනුවෙන් මැරුන මිනිස්සුත් ඉන්නවා අප්පච්චි ...මං මීට එහා ආය මොකුත් කියන්නෙ නෑ...ඒ වගේම.....සම්මතෙන් පිටයි කියලා හංවඩු ගහපු ආදර කතා වලට යතාර්තෙදි ඔයාල දෙන්නෙ ඍණාත්මක අදහසක් නම්...කරුනාකරලා ....කීබෝර්ඩ් වීරයො නොවි පාඩුවෙ ඉන්න....

තව දෙයක්....මං හිතනවා...අමමයි අප්පච්චිටයි මේ මලගෙදර වැදගත් වෙන එකක් නෑ කියලා ...මොකද ...ජනත් කියන්නෙ....තමන්ගෙ අනන්‍යතාව ඔප්පු කරන්න ගිහින් මැරුන කොල්ලෙක්.....පිළිගැනීමක් නැති නම්...මලකදට ගරුත්වයක් වත්....ශෝකාලාප ලියන්නවත් එන්න ඕන නෑ අප්පච්චි ...ජීවත් වෙල ඉන්නකන් නොදුන්න දේවල් මැරුනට පස්සෙ ඕනෙම නෑ...ඔය දෙන්නා ගෙදර ඉන්න...

පිලිගන්න පුලුවන් නම් විතරක් එන්න....නැතින.....අනේ නෑවිදින් ඉන්න.....

අනූ.....

.....අනූ...මේ....අහන්නකො...

තව මොකුත් නොකියා නගිනවා නම්...නගින්න නිම්න...මගෙ ඔලුව දැන් යකාගෙ කම්මල වගේ...අනික....දැන් බොරුවට බන කියන්න ලෑස්ති වෙන්න එපා....අනේ අනූ....මට පුලුවන් අරහම කරන්න...ඔයා අම්මලාගෙ කීම අහන් මෙහෙම කරන්න ගගා බහුබූත කියලා මාව තවත් අවුස්සන්න එපා...ඒ කතාව අහවරයි.....එයාල ගන්න තීරනේ ගනී....

මම මගෙ තීරනේ අරන් අහවරයි.....ආය මේ ගැන කතා නෑ...හරි.....ඉවරයි...මං උඹට ආදරෙයි.....දැන් මෝඩයා වගේ මගෙ කට දිහා බලන් නොයිද නැගපන් වස්තු....

බයික් එකට නැගපු මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නකොට මං එයාටත් බැනල නගින්න කියද්දි නිම්න මගෙ පැලුන යටි තොල උඩ හිමින් පිරිමැද්දා....

මෙතන හුගක් රිදෙනවද අනූ.....

..අයියො නෑ.....ඉටිපන්දම් හදුන් කූරු කාලනෙ හැදුනෙ...ලාදුරුම් හැගීම් දැනීම් නෑ.....

ඇයි ඔච්චර නපුරු මයුර.....

හරි..හරි ඔය තටමන්නෙ මෙතනට උම්මා එකක් දෙන්නද අහන්නනෙ....දීපන්....උඹ හින්දනෙ මෙ ඔක්කොම....ඇරත් මං අහලා තියනවා.....කෙලවලට පුලුවන්ලු පුංචි තුවාල සනීප කරන්න....

මහ මෝඩයි...මයුර.....මහ මුරන්ඩුයි...මං හරි වාසනාවන්තයි කියන්න උඹ මට තව පාරක් ඔප්පු කෙරුවා මයුර.....උඹ මහ මෝඩ කොල්ලෙක්...

කාගෙද ඉතින්.....ම්ම්ම්....උඹගෙනෙ.....

ආදරෙයි වස්තු....නැගපන්....අපිට යන්න වෙන්නෙ අරකගෙ මිනිය වලේන් හාරන්න තමයි.....උඹ කොහොමත් වාසනාවන්තයි තමයි.....මට ඕනෙ උඹගෙ සතුට විතරයි රත්තරන් ... .ඔය ගැන ආය මොකුත් හිතන්න එපා....මේ උන්නා වගෙ සතුටින් ඉම්මු....මන් ආදරෙයි ඔයාට.....

ඉදිමුන යටි තොලට හාදුවක් තියාපු මගෙ නිම්න බයික් එකට නැගලා මාව පිටිපස්සෙන් තුරුල් කරගත්තා ...

මයුරයා....ඇයි යකෝ කීයෙ ඉදන්ද බලන් ඉන්නෙ ...තව චුට්ටකින් අපිට වෙන්නෙ උඹ නැතුව පාංශුකුලේ දෙන්න...බුංජියො.....මදැයි එන වෙලාව....

මන් ලොකු නිම්න බුංජි නෙවෙයි මල්ලි...

අමොර්...අමොර්...අයියා අයියා...ඉන්නෙ.....නිම්න අයියා...සාරුක් කන්නංගර වගේ...ලස්සන බලකො.....

ඇයි මයුරයා එන්න වෙලා ගියෙ...කෝ අපෙ කමනිලා.....?අපෙ සෙනේ කිව්වා බඩු එකක් ගෙනත් දුන්නා කියලා ....

බයික් එකෙන් බහින්නවත් හම්බුන් නෑ අපි එනකන් මග බලන් උන්න කල්පනයා අපි දෙන්නව දැකලා දූවගන ඇවිදින් මගෙ නිම්නට බුංජියා කිව්වා විතරයි අයියා ලයින් එක ඉහට ගහන් උන්න නිම්නයා මම ලොකු නිම්න කියලා කියනවත් එක්කම කල්පනයා මලගේ නොබලා මගෙ නිම්නයට කැපිල්ල දැම්මා.....

කෝ රවිදුවා.....මිනිය ලගද කල්පන....

ඔව්...ඌ මිනිය ළඟ.....ජනා ලග උන්නට ඌ ආයම අඩනවා බන්...මායි අපේ සෙනෙයි ඌව නලවගන්න බැලුවා...ඒත් හරියන්නෙ නෑ....

එතකොට ජනත් අයියා.....

ඌත් ඉතින් ඌ දිහා බලාගන ඉන්නවා....කවුරුත් ඌ වෙනුවෙන් අඩන්නෙ කරන්නෙ නෑ....ළඟ ඉන්න එකම එකා අපේ එකා විතරයි...කොච්චර උනත් .....දුකයිනෙ බන්....රිදෙනවනෙ....කුඩම්මා පරට්ටිව අතෑරපන්කො...මහ එකාවත්...ඌට ඔක්කොටම වඩා දුක.....අද උදෙම්ම උන්ගෙ අප්පච්චි ගිහින් කුඩම්මගෙ කොල්ලව එක්ක ආවා....ජනාගෙ කාමරෙත් දුන්නා...මං නම් ජනාට කිව්වා ඕකව බය කරලා එලෝපිය කියලා.....බුංජි....ඔයාට බැරිද ගිහින් ජනාගෙ ඔලුවට කුනු ටිකක් ඔබලා එන්න....

....මන් චුට්ටක් ගිහින් බලන්නද...

ගියාට කමක් නෑ...හැබැයි.....ලොකු නිම්නයව එපා...අපිට ඕනෙ බුංජියව....මූ ළඟ ඉන්නකොට ඔයා අයියා ලයින් අල්ලන්න....ඒඋනාට....අපි ගාව ඉන්නකොට බුංජි පුතා වෙන්න...

ම්හුක්...අනූ....කල්පන කියනවනෙ....චූචි බුංජියා වෙන්න කියලා...කමක් නෑත.....අනික....බුංජියා ගාව සුලු සුලු පැකේජුත් තියනවනෙ.....

...එඒ....හ්....මේකගෙ ඔලුව නොකා ඉදපන් කල්පන .....

....මලබතට මොනාද අනේ තියෙන්නෙ...වට්ටක්කයි කරවලද.....අපේ ඕල්ඩ් බෝයි ඇසෝසියේසන් එකෙ අය දැන් ඒවා බාරගන්නෙත් නෑ.....මන් චුට්ටක් ඒ පැත්ත බලලා එන්නම් හාද අනූ....අපේ අනිත් අයත් ඇවිත් ඇති ජනත්ව එක්ක යන්න.....හොදට බර උස්සන්න පුලුවන් කාට හරි පෙට්ටියට කරගහන්න කියන්න....මාත් පෙට්ටිය උඩ ඉදගන්නවනේ.....අපි ගොඩක් දෙනෙක් ඉදගන්නවා...ඉඩ ඇති වෙයිද දන්නෙත් නෑ....මතක තියා ගන්න අනූ...උලුවැස්ස පන්නපු ගමන් අපි ඉදගන්නවා ....

....ඉදගත්තට කමක් නෑ බුංජි පෙට්ටි පියන් වල මැද දාරෙට පුක අහු නොවෙන්න ඉදගනින්.....නැත්තන් රඹුටන් දෙක පෙට්ටියෙ ඇතුලෙ හිටීවි.....නැද්ද මයු....ආ..ආ...හරි...හරි....මූට ඕන තැනකින් ඉදගන්න කියපන්

එක තත්පරයයි...මගෙ ලොකු නිම්නයගෙ වෙස් මාරු වෙලා පොඩි එකාව වැහුනා විතරයි කල්පනයගෙත් වෙස් මාරු උනා...අපි හැමෝම ඉදගන්නවනෙ කියපු නිම්න ජනත්වයි...ජනත්ගෙ මලකද බාරගන්න ආව අනිත් මලගිය ප්‍රානකාරයොවයි බලන්න ගෙදර දිහාට දුවනකොට මායි කල්පනයි විතරක් තනි උනා....

සෙනග ....

ජනත් වෙනුවෙන් අඩන්න කවුරුත් නැති උනාට....මලගම වෙනුවෙන් නම් ඇගිල්ලක් ගහන්න බැරි තරම් සෙනග ඇවිදින් තිනුනා...වලගැහුන කම්මුල් එක්ක ලස්සන හිනාවක් තිබුන ජනත්ගෙ මරන දැන්වීම දිහා මං තත්පර් ගානක් බලන් උන්නා...

වයධම්මා සංඛාරා

ජනත් හසරැල් තරුණ මහතාට නිවන් සුව ලැබේවා!

මීට ශෝකයට පත් මිතුරු කැල....

කව්ද බන් පින්තූරෙ තේරුවෙ...

ජනත්මයි....ඕක අපි ගානෙ ගහපු එක...සෙනේ කිව්වා බන්....නැවත අප අතර ඉපදෙන්න හිතන්නවත් එපා කියලා ලියමු කියලා ...මන්.නැවැත්තුවා...හිතෙ තියන තරහවට කියන ඒවා ගහන්න බෑනෙ...ඒකෙන් වෙන්නෙ ජනත් ගෙ මරනෙටත් වගතුවක් නැතුව යන එක...

ම්ම්ම්...

ඇයි මයුරයා උඹ අවුලෙන් වගේ....

අවුලක් නෑ බන්...

නැත්තෙ නෑ....අවුලක් නෑ කියන්නෙම අවුලක් තියනවා කියන එක....ජනාගෙ මලගෙදරටම කියන්න බෑ....මොකද ....අපි හැමෝගෙම දුක බාගෙකින් වත් අඩු උනා ඌ ආයම අපි ලගට ආව හින්දා...මොකක්ද අවුල.....සධීරා ඔක්කොම අපෙ චූටි බුංජියගෙ කනෙ තිබ්බ එකද.....ඕකි ආව දෙන්කො මං බලන් ඉන්නෙ එනකන්.....ඒකි කෙල්ලෙක් මම කොල්ලෙක් ඒ හින්දා ගහන්න බැරි උනාට මල් ගවුමක් ඇදන් ගිහින් හරි මං ඕකෙ පිට පුපුරන්න ගහනවා...

නෑ.නෑ...බන්...නෑ.....

නිකන් පඩ ලයින් නොදා කියපන් මයුරයා.....කෝ..රොහාන්ලා???

මට බේරුමක් නැති උනා.....කල්පනයා පන්න පන්න එකම දේ අහනකොට මට තවත් හංගන්න බැරි උනා....

අප්පච්චි ලා එනකක් නෑ කල්පන....මට අපේ සම්බන්දෙ අප්පච්චිලාට කියන්න සිද්ද උනා.....වෙනසක් නෑ....ජනත්ගෙ ගෙදර උත්තරේමයි...මේක කරන්න දෙන්නෙම නෑ කිව්වා.....

ඒ..ඒ....මෙ...උඹ බුංජියව අතාරින්නද හදන්නෙ....ආ.....පිස්සෙක් නම් වෙන්න එපා....උඹ පිස්සෙක්නෙ යකො.....

පිස්සුද....මන් කොහොමත් නවත්තන්නෙ නෑ....නිම්නව තෝර ගත්තොත් ....අප්පච්චි කිව්වා එයාට ආය අප්පච්චි කියන්න එපා කියලා ...එයා මාව දන්නෙත් නෑ...අදුනන්නෙත් නෑ කිව්වා....

ඉතින් උඹ මොකද කිව්වෙ....

මං ඉතින් අප්පච්චි කියන එක නවත්තලා රොහානුයි කමනියි කියලා කතා කෙරුවා වෙන මොනා කියන්නද...මට වඩා....පවුලෙ නම්බුව ලොකුයිනෙ....ජනත් මැරුන හේතුවත්...ජනත්ගෙ අනන්‍යතාවෙත් මං කිව්වා...ඒ කියලා ...පිලි ගන්නෙ නැත්තන් මරනෙට එන්න එපා කිව්වා....ජීවත් වෙනකොට නොතිබුන දේවල්...මැරුනට පස්සෙ ඕන නෑ කල්පන...අපි හිතන තරම් ...මේ සමාජෙ ඇතුලෙ ආදරේ කරන නිදහස හැමෝටම නෑ....ඇත්ත තිත්තයි...එත්.....ඇත්තමේකයි.....

යෝ....උඹ මගෙ එකා බන්...එළ කොල්ලෙක් හරක් හොරෙක්නෙ උඹ.....ඔහොම තමයි ඉන්න ඕනෙ.....නම්බුව අනේ.....අනේ..මයුරයා.....මේ ලන්කාවටම නම්නුව රකින්න ඉන්නෙ උඹ විතරද...නැනෙ.....ඕක ගනන් ගන්න එපා බන්.....

බුංජියා කෙල්ලෙක් වත් උනානම්...බබෙක් අරන් ඇවිත් ඉක්මනට වැඩේ ගොඩ දාගන්න තිබ්බා..කොහෙද ...අපි හතර දෙනාම ඩේලි ෆකින් නෝ චිල්ඩ්‍රන් සංගමෙ උන්නෙ.....

ගනන් ගන්න එපා...ගෙදරින් යන්න කිව්වොත් උඹගෙ සේසත අරන් වරෙ අපේ ගෙදර ....සේසත කිව්වෙ...උබගෙ සේසත අර බල්ලා විතරනෙ.....වර වර....ඔව්ව හිතන්න එපා....බලමුකො.....වරෙන්...

හාමුදුරුවොත් වඩින්න ලගයි බන්...

කල්පනයා මගෙ පිටට තට්ටු කර කර ඔව්වා හිතන්න එපා කියලා මාව එක්කන් ටික දුරක් එනකොටම මගෙ බයික් එක ගාවින් තවත් බයික් එකක් නවත්තන සද්දයක් ඇහිලා මායි කල්පනයයි දෙන්නම බැලුවා.....

අම්මයි අප්පච්චියි....ජනත්ව පිලිගන්නෙ නැත්තන් එන්න එපා කියලා කියපු අම්මයි අප්පච්චියි...

මයුරයා......අර

ම්ම්ම්ම්ම්.....මොකුත් නොකියා අදුනන්නෙ නෑ වගෙ ඉදින්....එහෙමනෙ එයා ඉන්න කිව්වෙ...

අනිවා....මාත් අද ඉදන් රොහාන්ව අදුනන්නෙ නෑ...

මමයි කල්පනයයි අප්පච්චි දිහා බලලා නොදැක්ක වගේ එන්න එනවත් එක්කම බයික් එක දාගන්න තැනක් නැති අප්පච්චි ආයම මට කතා කෙරුවා ...

කොල්ලා.....උඹගෙ බයික් එක ගනින්...

කොල්ලා....මෙහ වරෙන්කො...කල්පනයා...මෙහෙ වරෙන් මේ අපේ එකාගෙ බයික් එක ගනින් මේක දාගන්න.....පඩත්තර කමට ඇහුන් නෑ වගේ යනවා..වරෙන් කල්පන...

ඔයා කව්ද අංකල්...මාව දන්න කෙනෙක්ද???මගෙ නමත් දන්නවනේ....මයුරයා...මේ මනුස්සයගෙ බයික් එක දාගන්න මේක ටිකක් අහකට ගනින්...පව්....කාගෙ හරි අප්පච්චි කෙනෙක්නෙ.....

රොහාන්ව අපි අදුනනන්නෙ.නෑ....😂

ආයම හෙට එන්නා...ම්ම්

පයිස්සමින් ඉන්ඩෝ...

ලබ් යූ.....!

මම ජොබි

Nedeesha

More Chapters