LightReader

Chapter 36 - 36

Sayash pov..

ලොකූ.....

සංජනගෙ අම්මව දැක්කා විතරයි මට එකපාරටම ලොකූගෙ අත මිරිකුනා.....වැටුන පාරට ඇග පතේ තැන් දෙකතුනක් නිල් වෙලා තිබුනා වගේම පුපුරපු තැනින් එලියට ආව ලේ හන්දා ඒ කොන්ඩෙ එකට ගුලි ගැහිලා තිබුනා ....

එදා මගෙ නිර්වාන් පැන්නා නම්.....

එක තත්පරේකට මාව එක පාරම කරකවලා අතෑරියා වගේ වෙනකොට සංජන ගාව ඉන්න නිර්වාන් ගාවට මට දුවන්න හිතුනා..අනේ නිර්වාන් ආය කවදාවත් එහෙම කරන්න එපා කියලා කෑගහන්න හිතුනා....අවසානෙදි තවත් බලාගන ඉන්නම බැරි කමට මං එතන උන්න ඇමතියවත් තල්ලු කරගනම මගෙ නිර්වාන් ගාවට ගිහින් ඒ අතේ එල්ලුනා...

නිරූ...

ශාක්‍ය .....ඔයා සංජනව අරන් ගෙදර යන්න....එයාට මෙහෙම ඉන්න බෑනෙ.....මං ශෙනිරු එක්ක මොනවද කරන්න ඕනෙ කියන එක බලන්නම්.....

මං ගිහින් නිර්වාන්ගෙ අතේ එල්ලෙනවත් එක්කම එයා මා දිහා බලලා ආපිට නලුවා දිහා බැලුවා....මට බැන්නෙත් නෑ....අතගනින් කිව්වෙත් නෑ...ඒ වෙනුවට කෙරුවෙ මගෙ අත උඩට තට්ටුවක් දාල කතා නොකර ඉගි කරනවා වගේ දෙයක් වෙද්දි එයා ඊලගට කරන්න ඕනෙ මොනවද කියන්න නලුවා එක්ක අර ඇමතියා ඉස්සරහම කිසිම බයක් හැකක් නැතුවම කතා කෙරුවා ...

නිර්වාන් ....තමුන්ලා ඔය පන්ඩිත කමට මෙතන නටන්න හැදුවට කරගන්න පුලුවන් දෙයක් නෙවෙනෙ මේක....ඇරත් අද බොඩි එක දීලා හෙට ෆියුනර්ල් එක ගන්න.....පිස්සුද එහෙම??ඇටෙන් පොත්තෙන් යන්න කලින් උඹලට කරන්න පුලුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා..කරුනාකරලා මට මේක කරගන්න දීලා පැත්තකට වෙලා ඉන්නවද?

ඇයි....අයින් උනෙ නැත්තන්...උඹට දැන්ද මේ දේවල් කරන්න තරම් සිහියක් ආවෙ....ඒකත් මැරුනම....??එහෙම නැත්තන් උඹට දැන් අම්මගෙ මලකදත් විකුනන් කන්න ඕනෙද....මම මෙච්චර කල් මේ මනුස්සයා ජීවත් වෙලා ඉන්නකන්...අන්තීම තත්පරේ වෙනකන්....මමා...ඩැඩා ඇයි එන්නෙ නැත්තෙ....ඩැඩා ඇයි එන්නෙ නැත්තෙ ගගා...මේ මනුස්සයට පුදුම වදයක් දුන්නෙ.....උඹ එන්නෙ නැති බව දැන ..දැන...

සංජන...

ශාක්‍ය.....අතෑරපන්...මාව.....මොකද...මේ මූසල..මූන...දිහා...බලාගන....මම..කතා..කරන...අවසානම...දවස...අද...මොකද.....මෙ මොහොතෙන් පස්සෙ...මං මූව දන්නෙත් නෑ....මූව දැකලත් නෑ....කොටිම්ම....අදින් පස්සෙ....මට අම්මා විතරක් නෙවෙ....මගෙ තාත්තා කියන එකත් මැරිලා ඉවරයි

සංජන!!!

ඇමතියා කෑ ගැහුවා....අම්මා නැති උන වේදනාවට අඩලා අඩලම ඇස් දෙක ගිනි කන වැටෙන රතු පාට කරගන උන්න සංජන නොන්ඩි ගගහා...නොන්ඩි ගගහම ගිහින් ඇමතියා ගාවින් හිටගත්තා ...

අනේ..නිරූ...සංජන...ගහයිද....

ගහලා තේරුමක් නෑ..මරන්න ඕනෙ....

මං එකපාරම නිර්වාන් දිහා බැලුවා...මං ඇහුවෙ සංජන ගහයිද කියන එක විතරයි....එයා කෙලිම්ම ගානක් නැතුවම ගහලා තේරුමක් නෑ මරන්න ඕනෙ කියනකොට මට නිර්වාන්ගෙ මූන බලන්නත් බය හිතුනා....

උඹ දන්නවද....මේ මනුස්සයා ...අවසානෙටම මට කියපු වචන ටික.....උඹ...දන්නවද.....උඹගෙ හිර ගෑනිගෙ පුතාගෙ අත් දෙක අල්ලන්...අවසානෙටම..කියපු...වචන ටික.....

සංජන....දැන් ඔය ඇති....මට මේටික කරගන්න...දීලා...පැත්තකට

වෙයන් සංජන...මිනිස්සුත් බලන් ඉන්නවා...

මිනිස්සු බලන් ඉන්නවා...හහ්....මිනිස්සු...බලන්...ඉන්නවලු..අනේ...යකො.....මිනිස්සු...බලන්...

ඉන්නවා...කියන්න...අදද...දන්නෙ.....ඩැඩා...ආ..නෑ..නෑ....අදින්...පස්සෙ.....ඩැඩා නෑ...ඩැඩාලා...බැඩාලා...නෑ....හරි.....වෙන....වෙන...දරුවො.....අම්මා...අප්පලාට....පොරොන්දු වෙන්නෙ කවදා...හරි....හොද්..මනුස්සයෙක්...

වෙනවා කියලනෙ.....හැබැයි.....මම..ඒකෙ..අනිත්...පැත්ත.....මට උන්නෙ..මගෙ අම්මා විතරයි.....උඹ....උඹහින්දා.....උඹගෙ...වැඩ හින්දා...ඒ මනුස්සයා...යන්න ගියා...මගෙ අම්මට මහන්සී කිව්වා..

සංජනගෙ ඇස්වලින් කදුලු කඩන් වැටෙනවා.....අනේ ඇත්තමයි.....මට ඒ ඇස්වලින් කදුලු වැටෙනකොට බලන් ඉන්න බැරි උනා...එයාට තිබුනෙත් මගෙ නිර්වාන්ට වගේම මහ තද ගති වෙනකොට තදට ඉන්න මිනිස්සු අඩනකොට බලන් ඉන්න උන්ටත් ඇඩෙනවා...

සංජනව වෙව්ලනවා.....එක දිගට විනාඩි පහකට වඩා කෙලින් හිටන් ඉන්න බැරි උනත් එයා වේදනා දෙන කකුල උස්ස උස්ස හිතේ හයියට කොහෙද තනියෙන් හිටගත්ත මිසක් අපි කාටත් නෙවෙ අල්ලන්න දුන්නෙවත්...

උඹ දන්නවද...මගෙ අම්මා..අවසානෙදි මූට...කිව්වා...මට උඹව අතෑරගන්න උදව් කරන්න කියලා ...තව දුරටත් ...මට....ඉල්ලන්න දෙයක් නෑ....මට මහන්සි කියපු අම්මා කරගත්තු දේ....මගෙ අම්මා...මහන්සි කියපු අම්මා කරගත්තු දේ දැන් උඹට පේනවද කියපන්.....උඹට දැන් තේරෙනවද කියපන්....උඹ හින්දයි යකො....මේ ඔක්කොම උඹ හින්දයි.....මේ ඔක්කොම.....දේවල් උඹ හින්දයි යකො..අනේ....උඹ...හින්දයි....

අනේ....නිර්..වාන්..මොකක් හරි කියන්නකො...එයාව ඔහොම මහන්සි කරවන්න එපා නිර්වාන් .....පව් නිර්වාන් ..අනේ අයියෙ....මොනවා හරි කියන්නකො....

මං නිර්වාන්ගෙ අතින් අල්ලන් ඒ අත හෙලෙව්වා...නිර්වාන්ගෙ මුනෙ තිබුනෙත් මහ එපා කරපු බැල්මක් වෙනකොට තවත් මොකුත් නොකර උන්නොතින් එයා ඇමතියට ගහයි කියලා මට බය හිතුනා...මොන තරහව තිබුනත් අර අම්මගෙ මල කද ගාව කොහොම නම් කා කොටා ගන්නද.....ඒ අම්මට මැරිලවත් සැනසීමක් නැති වෙයි....

ඇමති තුමා...කරපු කෙරුවාව මීට වඩා අහන්න ඕන් නෑනෙ.....නම්බර් තියනවා නම්...වෙන්න ඕන පිලිවල දන්නවා නම්..... එතනින් එහා තව තව උන්ගෙන් කෙස් ගහක තරම් වත් උදව්වක් ඕනෙ නෑ....ආව අතක් බලන් ඊයෙ රෑ ලැගන් උන්න ගුබ්බෑයටම රිංග ගත්තා නම් හරි...මොකද...තමුන්ට නමට වත්මෙතන කසාද ගෑනියෙක් නෑ .....මෙර් කොල්ලව තව මහන්සි කරවන්නෙ නැතුව කරුනාකරලා ආව අතක් බලන් අන් ඇමති තුමා.....

නිර්වාන් ....උඹට පුලුවන් පැත්තකට වෙලා ඉන්න.....මේක මගෙ පවුලෙ දෙයක්....මේක මගෙ කසාද ගෑනිගෙ දෙයක්....

අම්මටම සිරි...උඹට පවුල කසාද ගෑනි දැන්ද මතක් උනේ.....මෙච්චර කල් මගෙ අම්මව පයට පෑගෙන දූවිල්ලක් තරමට ගනන් නොගත්ත උඹට දැන්ද පවුල කසාද ගෑනි උනේ....හරි...නිර්වාන් ගැන ඕන් නෑ.....ඌට අයිතිය නැති උනත් මට මගෙ අම්මා ගාව අයිතිය තියනවා...මීට වඩා රෙදි ගලවන්න කලින් ඔය තියන නම්බුව බේරන් පලයන් තාත්තෙ....අදින් පස්සෙ ....මගෙ ජීවිතේ මට ඉන්න ලොකුම හතුරා උඹ...මගෙ අම්මගෙ මිනිමරුවා...උඹ....උඹ විතරක් නෙවෙ...උඹගෙ හොර ගෑනි....බොලද කතා චිත්‍රපටි වල වගේ.....කාලෙත් එක්ක මං උඹට සමාව දෙයි කියලා හිතනවා නම්....ඒක අමුම අමු බොරුවක් ...අදින් පස්සෙ මම උඹට පෙන්නන්නම්..."අත අරිනවා" කියන එකේ තේරුම.....

පලයන්..පලයන්..තව තව මගෙ ලේ කෝප නොකර පලයන්....කිසිම මැති ඇමතියෙක් නෑ..මායි අම්මගෙ පවුලයි...එච්චරයි ...උඹගෙ හුලගක් වත් මට එපා...හරි...දැන් පලයන්...නිර්වාන් කිව්වත් වගෙ..දැනෙන දේයි..දන්න දේයි දෙකක්...පලපල...ආය.....ඉන්ඩ ඕන් නෑ...හරි.....

සංජන ඇමතියව තල්ලු කෙරුවා ...ඒකත් උගෙ හෙන්චයියො ඉස්සරහම ....කොච්චර එලෙව්වා උනත් වටේ පිටේ මිනිස්සුත් එබි එබි බලනකොට සුදු ඇදන් මූනිච්චාවට ආව ඇමතියට කතා කරගන්න වචන නැති වෙනකොට කසාද ගෑනිගෙයි හොර ගෑනිගෙයි ළමයි දෙන්නම එකතුවෙල කොන්දක් නැති ඇමතියව එලවගන්නකොට අපි විතරක් ඉතිරි උනා...

නිරූ....

මොකේද ආවෙ...

ඔයාගෙ ඇගේ ලේ...ඇයි...මේ...ඔයාට...ඔයාටත්....තුවාලද...නි...රූ.....අනේ...අ..අ...නේ...උඹ...ආයමත්....නැග්ගද...අනේ...අයියෙ...උඹ.....

මෙච්චර වෙලාම සංජනගෙ සිහියෙන් උන්න මම දැනුයි නිර්වාන්ගෙ ලේ ගෑවුන ඇදුම දැක්කෙ වෙද්දි සංජන..ශාක්‍ය ශෙනිරු ...ලොකු....තව ඉන්නෙ කව්ද කියන්න කින්ද මන්ද නොතේරුන මම එයාගෙ ඇදුම ඇද ඇද උඹ ආයමත් නැග්ගද අහ අහ නිර්වාන්ව හොලවන්න ගත්තා .....සංජනගෙ අම්මගෙ මලකද ඇස් පනා පිට දැකපු මට ඊලග පාර නිර්වාන්ව මැවි මැවි පේනකොට අනේ මං නොසෑහෙන්න බය උනා...නිර්වාන්ව ඇද්ද. ....

ශ්ශ්...කො..කෝ....මේ බලන්න..මේ ඉන්නෙ...චූටී.....කෝ....මේ බලන්න මට මොකුත් උනේ නෑනෙ ලමයො...ම්ම්ම්.....හොද දරුවනෙ....

එ...එහෙනම්....ඇ...ඇයි..මේ.....

මේවා මගෙ නෙවෙ....හොදද....හිත බයකරගන්නෙ නැතිව ඉන්න...හිත බයකරගන්න එපා....ඔයාට හොදනෑ....තේරුනාද මගෙ ලමයට....ම්ම්ම්

හොද ළමයා වගෙ ලොකූ ගාවට යන්න...නිරූට හුගාක් වැඩතියනව....

අදහන්න...එයා මාව තුරුල් කරගත්තා ....අච්චර මිනිස්සු බලන් ඉන්නකොට එයා මාව තුරුල් කරගත්තා ...හොද දරුවනෙ...හිත බයකරගන්න එපා චූටි කිව්වා....මට ලොකූ ගාවට යන්න කිව්වා....මීටත් එහා එයාට අකීකරු වෙන්න බැරි මං ගිහින් ලොකූ ගාවින් හිටගන්නකොට ඩිපූටියත් ගිහින් නිර්වාන්ලගෙ නඩේට එකතු උනා.....

සංජන පව් චූටි...

අර පකයට නම් හොදක් වෙන්න එපා ලොකු....

අනේ ඕකට නම් නගින්න එපා බන් මං කියන්නෙ....

ඔව්....ඕකට නගිනවට වඩා කලින් බහින්න ඔනා.....අපේ සංජනලාගෙ අම්මව මරාගත්තට....

අපේ...?? සංජනයා කවදද උඹගෙ උනේ .....

අ...ස්.....ස්..සෙනූ ...අයියෙ.....

මං අහන්නෙ...සංජාන...කවදද ඉඹගෙ උනේ ....සනාශ් ගනින් මේක...චූටි....මලගේ අස්සෙ උඹටත් මැරුම් කන්න ඕනා වෙලාද...මේ යකාට ඇදන් ඉන්න වෙලේ අරූට ඇහුනා නම් උඹව හමගයි.....

යෝ....හ්...හෙමින් අනේ...හෙමින්.....නොකර සද්ද...බනින්න හෙමින්...හමාරයි ඉදලා එහෙම ඇහුනනන් ඉදලා.....

????මොනාද බබා මේ කියවන්නෙ....

බබා....මොකාද බබා.....තමුන් මට "ගනින් සනාශ්" කියලා දැන් බබා කියන්නෙ මොනවද ...අනික ඌ ඔය කතා කරන්නෙ රොබින්සන් අන්දරේ විදිහට ඒකවත් දන්නෙ නෑ....කොහෙද උදේ ඉදන් රෑ වෙනකන් බලන්නෙ වැලනෙ....ආවා මෙතන බබා ගාන්...

මායි ලොකුවයි උන්නෙ කොඩි වැල් අදින්න ඉටිකොල කප කප....ඇමතියගෙ උදව්ව නෑ කියලා නෑ.... ශෙනිරුගෙ ..නිර්වාන්ගෙ.....සංජනගෙ...නලුවගෙ...යාලුවො එක කෝල් එකෙන් සංජනගෙ ගෙදර වහගත්තා ..ධනපති පුත්තු ඇමති ගෙයි හැමතැනම වෙනකොට නිර්වාන්ගෙ හිරබාරෙ උන්න මමයි ලොකුවයි කාත් කවුරුත් නැති කාන්තාරෙකට වෙලා කොඩිවැල් කප කප ඉන්න ගමන් ඇමතියට සාප කරනකොට වචන මාලාව හැසිරවිමේදි සිදුවුන අත් වැරද්දක් හේතුවෙන් නොහොත වෙලාවක දර්සන පතයට පැන්න ඩිපූටියා මාව මරන්න හැදුවා විතරයි මං සැලන්ඩර් උනා.....

හරි හරි....එවෙලෙ චූටියා එක්ක තරහා ගිය හන්දනෙ...

අහකට වෙන්න සෙනූ...මේ චූටියත් බලන් ඉන්නවා....අනේ උම්මියා දෙනකොට හොරෙන් දෙන්නකො සෙනූ...

චූටියත් බලන් ඉන්නව නම් චූටියටත් දෙන්නම් ඉතින්...

ආ...ආ...ඩිපූටී...මේ...ඔව්වට නම් එන්න එපා...ආ....අපෙ නිරූදැක්කොත් ඉදලා හමාර්‍යි...ඒව්.....තිරිසන්නු වගේ අනේ ...තිරිසන්නු වගේ.....හරිම ජුකුප්සා ජනකයි...

දැක්කනෙ....චූටියට එපාලු...ඒකත් මගෙ බබීටම දෙන්නම් ම්ම්ම්....

එපා...ම්හුක්...බොරුව මෙතන....

බොරුව කියන්නෙ.....ඔහොම මූන එල්ලන් ඉන්න එපා..මගෙ කුරුලු පැංචගෙ මූන කැත වෙයි....

ආ...ආ.....හරිම අගෙයි....හරිම අගෙයි ...සෝක වෙන්න තියන වෙලාවක මිලිටරි පුතුකිගෙ සදාචාරෙ නම් හරිම අගෙයි....වසර 2500ක ප්‍රෞඩ ඉතිහාසය ලෙෆ්ට්...දෙකොපුල් සිපගන්නා අයුරු නම්...හරිම අගෙයි....ඇස්කලුයි...කන්කලුයි...

මේවනෙ යකො ආදර කතා....ඩිපූටියා එක්ක බලනකොට සාජහන් මොකෙක්ද.....ම්ම්ම්...සිගාලෝවාදෙවත් මෙහෙම නැතිව ඇති....ඒකටත් එක්ක චින්තකගෙ වැඩිමහල් මිනිකැටෙ දිස්නෙ ගහන අයුරුත් නම් හරිම අගෙයි ආ...අමොර්..අමොර් ...

පිච්චමල්බිසව්තමෝ ....ඒ කෝල බැල්මන් නම් හරිම අගෙයි...ම්ම්..කෙලි ලෝල බැල්මෙන්...හිත හන්කිති කවන අයුරු නම්...ඉතාම අනර්ගයි.....ම්ම්...රහසින් වත් පව්නොකරපු තැනත්තා....ප්‍රීතී ....ප්‍රීතී...හුත්තො....ප්‍රීතී!!

කුරුලු පැංචා කියලා අම්මා කියනවා ..."ගදමල්ලක්"තමයි කියලා තාත්තා කියනවා...!!!

මගෙ කටත් එක්ක මෙව්වා වෙලා ගියා...කුරුලු පැංචා කියන ගමන් ඩිපූටියා මගෙ ඇස් පනා පිට පෙට්ටි කටාගෙ කම්මුල් වලට ආදරේ යුස බේරෙන හාච්චි තියනකොට මගෙ කටත් එක්ක ඇඹුල් වෙලා ගියා....

එව්ව්.....අනේ..නැහැදිලා තියන තරම....

ඒ උනාට...අපේ ...නිර්වානුත් ආවොත්....ම්හුක්...එයත් මාව මේ.කොහෙ හරි අස්සකට ගිහින් උම්මි ගොඩාක් දෙයිනේ....

අර කතා වල වගෙ...මද අන්දකාරෙක ඉදන්....හුස්ම වදින තරම් ලගට ලන්වෙලා...

අනේ.....මුනිතාස අයියෙ....හ්!!

දරු පැටියගෙ හිත අයාලෙ යන්න අරන් මුනිතාස අයියේ....හ්....

බබී.....සෙනූ පොඩ්ඩක් අහරෙට ගිහින් එන්නම්...මේරෑ කොහෙවත් යන්නෙහෙම නෑ හොදද..ඔය නොදන්න උන් දුක අහන්ඩ එයි උඹ දුක කියලා අහුවෙනවා නෙවෙ සනාශ් .....

බනින්න එපාසෙනූ....බබිව වටබඩුවක් වගෙ පේනවද ඔයාට ඔහොම කියන්නෙ ඇයි අනෙ

නෑ ඉතින් මං කියන්නෙ....මෙතනට ආව මොන පාන්කිරිත්තෙක් හරි මගෙ හුරතලේව රවට්ට ගත්තොත්.....

එව්...මේවා බලන් ඉන්න මගෙ ඇස් දෙක පොට්ට වෙලා යන්නෙ නෑනෙ අම්මපා....මේ මලගෙ අස්සෙත් මුන්ට මගුල් ඌස්නෙ....තිරිසන්නුම තමයි....

ඉවරයක් නැතුවම හුරතල් වෙවි මගෙ ඇගෙ ලේ කෝප කරන ඩිපූටියයි සැලයි දිහයි බලන් උන්න මන් හිතට ආව තරහවත් එක්කම පැයට කිලෝමීටර අසූවක අනූවක වේගෙන් අර ඉටිකොල රෝල කපාගන කපාගන කපාගන ගියා ....

අපෙ අරකට තමයි නිකමටවත් ඇවිල්ලා බලන්න බැරි උනෙ.....ආවා ආවමයි නිකමට මං ගැන හොයලා බැලුවෙ නෑනෙ.....හිටපන්කො....හිටපන්කො....වරෙන්කො ආයම ලමයො බමයො ගාගන...වරෙන්කො....උඹට දෙන්නමෙහෙ ළමයි නෑ කියනව.....

සයාශ් .....

සැලාගෙයි ඩිපූටියගෙයි ආල අඩව්ව බලන් උන්න ම්න් මුනු මුනු ගගා තට්ට තනියම බැන බැන ඉටිකොල කප කප උන්න මං තවත් ඈතට ගිහින් තට්ට තනියම රැලි කපන්න ගන්නකොට කවුරු හරි මට කතා කරනවා ඇහුනා...ඒ එක්කම මන් හැරිලා බැලුවා....

ආනෙ....සාක්‍ය අයියා....මේ රෑ ජාමෙ මාව හොයන් ඇවිත් තියෙන්නෙ අනාගත තරුවක් වෙච්ච සාක්‍ය අයියා වෙනකොට මං හිනා උනා....

සාක්‍ය අයියෙ....

සයාශ් පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ....

කියන්න...මොකක්ද...

මම ඉටිකොල කප කප උන්න කතුර පැත්තක දාලා ගිහින් නලුවා ගාවින් ගිහින් හිටගත්තා ....

ඔයාට පුලුවන්ද මේ බිස්කට් ටික පොඩ්ඩක් අතන ඉන්න අයට අල්ලන්න...මං බාගෙකට ඇල්ලුවා..

බිස්කට් ....

ඔව්..බිස්කට් හරි නෙස්කෙෆෙ හරි දෙකෙන් එකක් අල්ලනවද...

එයා මා දිහා බලලා බිස්කට් හරි නෙසෙකෙෆෙ හරි අල්ලනවද අහනකොට මම බෙල්ල දලා අර කොල්ලො නඩේ දිහා බැලුවා .....

ධනපති පුත්තු රෑනයි ..උන් කැරම් ගහනවා...වෙලාව රෑ දහයටත් කිට්ටුයි...එකපාරක් ආව චූටි අයියා මොනව හරි ගේන්න ආපහු ගියා ගියාමයි තවමත් නැති වෙනකොට මම නලුවා දිහා බලලා ඔලුව වැනුවා...

සාක්‍ය අයියෙ...

කියන්න....

නිර්වාන් කෝ?එයා පේන්න නෑනෙ.....

එයා මල්ශාලාවට ගියා....

මල්ශාලාවට....???

නිර්වාන් මල්ශාලාවට ගියාලු....අනික මේ රෑ....තනියමද???නිකමටවත් මට කියලා ගියෙ නෑ...මැසේජ් එකක් දාලා ගියෙ නෑ....ආව දෙන්කො ඕකා...ආව දෙන්කො....චූචී ගාන්....එතකොට මං උන්දට චූටිව පෙන්නන්නම්....චූටි කොතනද ඉන්නෙ කියලා ....

ඔයා එහෙනම් අල්ලනවද සයාශ් ....

හ්..හා...හා මං අල්ලන්නම්...ලොකූ...ලොකූ....ලොකු මෙහෙ එනවකො....

නලුවා යන්න ගියා.....නෙස්කෙෆෙ හරි බිස්කට් හරි අල්ලන්නයි කියපු නලුවා වෙනත් අහක යන්න යනකොට මම ලොකුවව හොයන් දිව්වා....

ලොකූ.....

මොකද බන් මැරෙන්න හදන්නෙ.....

එනවකො යන්න...

කොහෙ....

කොල්ලන්ට නෙස්කෙෆෙ අල්ලන්න....

ඒ..මේ...අනේ චූටියා මටනම්බෑ....සෙනූ මාව මරයි...ඔය ධනපති පුත්තු ගාවට ගියොත්.....

යෝහ්....උඹ යන්නෙ ආව උන්ට බිස්කට් එකක් අල්ලන්න මිසක් උන් එක්ක බුදියන්න නෙවෙනේ මෙහෙ වරෙන්කො ..

මෙච්චර වෙලාම අහු මුලු ගානෙ මුකුලු වෙලා මුකුලු වෙලා අවසානෙදි මූනත් රතු කරන් සැලා ලතා වගේ ඉටිකොල කප කප උන්නා වගේම මගෙ වදෙන් බේරෙන්න බැරිව ඌත් මාත් එක්ක පැය දෙක් තුනකට එයා හොස්ටස් කම ගන්න ලැහැස්ති උනා...

ඇයි ඉතින් මලගෙවල් වල තේ කෝපි අල්ලන ඇම්බැට්ටියො තනිකරම හැසිරෙන්නෙ ඒ වගේනෙ.....දැන් ඉතින් අපි දෙන්නටත් ඒ වගේ තමයි.....

තනිම සුදු ගාපු තට්ටු දෙකේ මන්දිරේ පුරාවටම ලයිට් දාල තිබුනා...මේක නම් නිර්වාන්ගෙ ගෙදරටත් වඩා ලොකුයි කියන එක මට මේ වෙනකොට සිය වතාවකට වඩා හිතිලා තියනකොට මං බලාගන නිර්වාන් ගාව තියනවා වගේ ලොකු බයික් එකෙකින් ආව කොල්ලො දෙතුන් දෙනෙක් සුදුපාට රෝල් රෝල් වගයක් අරගන ආපහු ගේට් එක පැත්තට යන හැටි මං බලාගන උන්නා..... ...

බැනර් ගෙනල්ලා...ඒගොල්ලො සංජනගෙ අම්මගෙ බැනර් ගෙනල්ලා....නෙස්කෙෆෙ මැශින් එක ගාවට යන්න හදපු මං හිමින් සැරෙ ගෙව්ටුවෙන් එලියෙ උන්න කොල්ලො දිහාවට බඩගෑවා....

අනෙ...අප්පා...ඒ හිනාව....

මට හීල්ලුනා....බැනර් එකේ උන්නෙ සංජනගෙ අම්මගෙ හිනාව දැකලා මට හීල්ලුනා....මෙච්චර ලස්සන මූනක් මේ හිනාව දාලා අර මෝඩ යකා මූනෙ හිනාව කියන දේ කලදක් වත් නැති ගෑනු කම කියන දේ ගෑවිලා වත් නැති පිරිමි නැකතක ඉපදුන එකී වගේ මරාගන්න හදන නිර්වාන්ගෙ අම්මගෙ පස්සෙන් වහ වැටීගන ගියෙ මොකටද හිතුනා.....

මං බලාගන උන්නා...සාතිශ්‍ය සංවේගය.....වයධම්මා සංඛාරා .....නිවන් සුව ලැබේවා.....එක එකවිදිහට බැනර් පේලියක් ගේට්ටු පියනෙ ඉදන් එක දිගට වදිනකොට ඒ හැම දේම යටින් තිබුනෙ එකම නමයි..මීට ශෝකයට පත් ආදරනීය පුතුනුවන්..

එච්චරයි ....මිනිහෙක් ගෑවිලා වත් නෑ...ඒ විතරක් නෙවෙ.....ඉස්පිරිතාලෙ දිම සංජන ඇමතියට ඇගිල්ල උරුක් කරලම කිව්ව කිසිම මැති ඇමතියෙක් පස්පාගන්න බෑ කියලා ..ඒ විතරක් නෙවෙ.....ඒකට වත් එන්න බැ කිව්වා.....ඒඅම්මගෙ මූන බලන්න ඌට ඉඩක් දෙන්නෙම නෑකිව්වා ...මෙච්චර කල් ඩැඩා ඩැඩා ගගා පස්සෙන් ගියපු සංජන වෙනස් උනා ..මූනටම උඹ බන් කියන තැනට වැටුනා.... එක අතකට ඔය මිනිහට ඔහොම කියලා මදි...ඔහොම කතා කරලා මදි.....

චුටී.....

එනවා....

මං ආපිට හැරුනා.....ලොකුවා ට්‍රේ එකක් පිරෙන්න චොකලට් බිස්කට් ගලන් තියනකොට මං නෙස්කෙෆෙ මැශින් එකෙන් එකපාරක් බීලා විසිකරන පොඩි කප් වලට නෙස්කෙෆෙ පුරවන්න ගත්තා....

අර පැත්තෙන් පටන් ගමු....

ලොකුවා මට ඉස්සරවෙනකොට මම ඒ පිටිපස්සෙන් ගියා...නිර්වාන් මල්ශාලාවට ගියාලු...එතකොට සංජන...එයා කෝ...එයාට නම් ඇවිදගන්නත් බෑනෙ....පව්...අනේ එයාට දැන් කාත් කවුරුත් නෑනෙ.....

අර පකයට නම් හොදක් වෙන්න එපා...ඕකට පුත්තලම් ආසනේට මාරුවක් හම්බෙන්න ඕනෙ ගෝවා වවන්න යන්නවත්...ඒත් ඉතින් කොහෙද ....නැත්තන් කෘශිකර්ම ඇමති වෙලා ඕකව හැමදාටම පුත්තලමට එලවන්න ඕනෙ කට්ට අව්වෙ කරකුට්ටන් වෙලා එන්න...

මෝඩ මූසලයා...

අයියෙ...

මම කැරම් බෝර්ඩ් එකක් බදු අරගන ඉන්න ධනපති පුත්තු ගොඩක් මැදට ගිහින් අයියෙ කියලා කතා කරනකොට එකෙක් නැගිටලා මගෙ අතෙ තිබුන ට්‍රේ එකෙන් හැමෝටම නෙස්කෙෆෙ ගත්තා ...ගම්වල.වගේ නෙවෙ...ගමෙ නම් ඉතින් වතුර මුට්ටි කීයෙ ඉදන් උනු කරන්න ඕනෙද...නෙස්කෙෆෙ මැශින් ගන්න උන්ට කොහෙද වත්කම්.....

මල්ලි එකක්....

ඇතිද අයියෙ....තව ඕනෙද...

නෑ.....ඇති...ආය ඕන උනොත් කියන්නම්...

යන්න හැරුන මට මල්ලි තව එකක් කියද්දි තවත් එකක් දුන්න මං තවත් ඕනෙද අහලා ආපිට හැරෙනවත් එක්කම මං බලාගන පාප්ප බාල්දියක් අතේ තියාගන ඩිපූටියා මා දිහා බලන් ඉන්නවා..හරියටම මොකෙක් හරි මොකක් හරි කිව්වොත් පාප්ප බාල්දියෙන් ගහන්න වගේ...යෝ....ඒ ළමයි මේ එක එක පොල්කාවයියො වගේ නෙවෙ අනේ....වැදගත් කමට හැදුන කොල්ලො.....බලන්න එපැයි...නිකන් වත් මල්ලි ඔයා කොහෙද ....සංජනගෙ කවුරුහරිද ඇහුවෙ නෑ..ඇහුවා නම් කියනවානෙ මේ ඉන්නෙ මගෙ අර්ධ මස්සිනා අර ඩිපූටියා සම්පූර්න එකා කියලා ....පව්නෙ සංජන අයියා.....

චූටි....

ඇයි එකක් ඕනෙද....

ඈතින් උන්න ඩිපූටියා සද්දෙම්ම මට චූටි කියලා කතා කරනකොට කැරම් බෝර්ඩ් එකට වටවෙලා උන්න කොල්ලො දෙතුන් දෙනෙක් මාදිහා බලලා උන් උන් මොනව හරි කියවගත්ත ...ඒත් ඒක මට ඇහුනා ..

චූටිලු...අන්න නම චූටිලු....උඹත් චූටියා කියපන්....

චූටිලු.....මොනවද දන්නෙ නෑ චූටි ගගා කියවන්නෙ ...මගෙත් චූටි කියලා කියනවද දන්නෙ නෑ....අනෙ මේ චූටි නෑ හරිතෙ...සෑම උදෑසනකම සෙන්ටිමීටර් පහලවක් දික් වෙනවා...ඇයි වදෙ.....ම්හු..ක්...පහලවක් කිව්වට පහලවක්ම නෑ...දොලහක් දහතුනක් විතර.....

ඇයි සෙනූ ...

මෙහෙ වරෙන්....

ඇයී....

කො ලොකුවා...

අර බිස්කට් අල්ලන්නෙ....

දැන් වෙලාව දහයයි.....

ඉතින්....

ඉතින් කියන්නෙ තව ටිකෙන් ගෙදර යන්න ලෑස්ති වෙනවා

ආ....අරමක්කැටැයි ?

අරමක්කටැයි මේ මක්කටැයි නෙවෙ...යන්න ලෑස්ති වෙයන් ඔන්න උඹගෙ මිනිහා කියන්න කියපු දේ දැම්ම කිව්වා...ඌආවට පස්සෙ අනෙ නිරූ.....හුනේ නිරූ ගාලානටන්න එපා..මිනිහට නප්පියට නැගලා ඉන්නෙ උන්ගෙ අම්මා එක්ක....

අම්මා එක්ක?

ඔව්...අම්මා එක්ක....අම්මා.කියන්න වටින් නැ..ලැජ්ජ නැතුව තව මේ අස්සෙත් රිංගන්න හදනවා...අනෙ ඇත්තටම ඔය ගෑනි මැරුන් නෑනෙ...ශිහ්....

නිර්වාන්ට අම්මා එක්ක නප්පියටම නැගලාලු ඉන්නෙ.....ඒක එහෙම නොවුනොත් තමයි පුදුමෙ...සංජනගෙ අම්මගෙ මරනෙට තනි වගකීම ගන්න ඕනෙඔය මන්ත්‍රී ගෑනි.....ආදරේ ආදරේ කිය කිය වැල් බයිලා ගැහුවට තේරුමක් නෑ උන්ගෙ ආදරේ අවසානෙ අර කොල්ලට අම්මා නැති උනඑක.....

මං අතේ තිබුන අවසානම නෙස්කෙෆෙ එකත් අරන් නිකමට වගේ ඇතුලට ගියා...වෙනමොකටවත් නෙවෙ...සංජනව හොයන්න....මොන දේ උනත්..මෙතනින් පස්සෙ එයයි නිර්වානුයි එකට ඉන්නවා නම්.....

මං අතේ තිබුන ට්‍රේ එක පැත්තකින් තියලා ඉතුරු උන නෙස්කෙෆෙ එකත් අරන් එහෙම්ම සංජනගෙ මාලිගාව අස්සට ගියා...

මේක නිර්වාන්ගෙ එක පරාදයි....නැති දෙයක් නෑ...අපේ පැති වල නම් මලගෙයක් උනහම තියන ඵොටෝ එකෙ ඉදන් අයින් කරනවා..ඒත් මෙහෙ එහෙම නෑ...මුලු ගෙයින් බාගයක්ම වැහිලා තිබුනෙ එයාගෙයි අම්මගෙයි ඵොටො වලින්....

එකම තැනකවත් ෆැමිලි ඵොටො එකක් තිබුන් නෑ....හැම තැනම තිබුනෙ සංජනගෙයි අම්මගෙයි ඵොටෝ අනේ ඒ අම්මා මාර ලස්සනයි දෙයියනේ.....ඇයි ඒ...

මම බලාගනම උන්නා.....ඵොටො විමානයක් උන ගෙදර මං බලාගන උන්නා.....අඩන වැලපෙන හූ කියන කවුරුත් නෑ..අඩුම ගානෙ සංජන එයාගෙ අම්මගෙ අයටවත් එන්න දුන්නෙ නෑ...

සංජන...

මට මිමිනුනා....

එයා ඉන්නවා..සාලේ එක තැනක තිබුන අපිට ගන්නවා තියා හිතන්නවත් අමාරු තරම් ගනන් ඇති කියලා හිතෙන ලොකු සෝෆාවක එයා ඔහේ ඉදන් උන්නා....

සංජන ...

එයාගාවට ගියපු මං හරි හිමීට සංජනට කතා කෙරුවා ...ඇස් දෙකත් ඔහේ ඇරගන කැඩුන කකුලත් සපත්තු පිටිම්ම සෝෆාවෙ තියාගන ඔහේ එයා පෙරලීගන උන්නා....අපි එහෙම අපේ අඩු සෝෆාව උඩට ගත්තොත් සුතර්මා අඩු කඩලා අතට දෙයි....

සංජන..මේක..බීලා ඉම්මුද...

සයාශ් ...

මේක බීලා ඉමුද...ඔයා වතුර උගුරක්වත් නැතිව නේද ඉන්නෙ.....

එයා හිනා උනා...කට කොනකින් හිනා උනඑයා නැගිටින්න හැදුවා උනත් මං පස්සෙයි දැක්කෙ...එයාගෙ කකුල් දෙක මැදට තවත් එකෙක් රිංගන් උන්නා.....

ඇහැට පේන්නෙ නැති උද්දච්චයෙක්....පූස් පැටියෙක්....ඌ පුරු පුරු ගගා සංජනගෙ කකුල් අස්සෙ නිදාගන උන්නා....අවසානෙදි ඌව කකුල් වලටමැදි වෙන්නම මගෙ අත් වාරුවෙන් එයා ඉදගත්තා ..ඉදගන සාලෙ පුරාවටම ඇස් යැව්වා....එයාට ලොකූ හුස්මක් පිට උනා...

එයා ආය කවදාවත් එන්නෙ නෑ මල්ලි.....

මගෙ පපුවත් එක්ක පිච්චිලා ගියා.....එයා කවදාවත් ආය එන්නෙ නෑ මල්ලි....අනේ ඒ වචනවල තිබුන අසරන කම.....

එයා නිර්වාන්ට කිව්වා....එයා අතෑරියා කියලා ....ඒත්..මං දැනන් උන්නෙ නෑ සයාශ් ...එයා අතෑරියා කියපු එකේ තේරුම මේකයි කියලා ...

සංජන....ඔයාට අපි ඉන්නවා...මං දන්නවා...ඔයා දැන් ඉන්න තත්වෙ එක්ක මම.මොන දේ කිව්වත් ඔයාගෙ හිත හදන්න අමාරු බව....එත්...ඔයාට බැරිද.....අම්මට දැන්වත් සැනසීමක් දෙන්න...ඔයාට....බැරිද....සංජ..න

මං ඒ කාලකන්නියව අතඇරලා ඉවරයි සයාශ් ....හැබැයි.....

එයා මගෙ දිහා බැලුවා....ඒ ඇස් ගිනි ගින්දර වෙලා.....මම කියන්නත් කලින් සංජන වචන සම්පූරන කෙරුවා ...මම කියන්නත් කලින් එයා ඇමතියව අතෑරියා කියනවත් එකම මගෙ දිහා බලලා හැබැයි කිව්වා.....

හැබැයි...මං...අත අරින්නෙ ඔහොම නෙවෙ සයාශ් .....මොකද ....මට නැති උනෙ අම්මව...මට නැති උනේ නෑ සයාශ් .....උන් මට නැති කෙරුවා ...ඒක....මගෙ හිතේ පැලවිලා ඉවරයි...ආය කවදාවත් උගුල්ලන්න බැරි විදිහටම ...

මම බිම බලාගත්තා මොකද ..එයාගෙ වචනයක් ...වචනයක් පාසාම තිබුනෙ තනිකරම වෛරයක් විතරක් වෙනකොට නිර්වාන්ගෙ අම්මට වැඩි කල් නොයා වන්දි ගෙවන්න වෙයි කියන්න මට දැනුනා.....ඒත් ඒක මගෙ නිර්වාන්ටත් කැරකුනොත්....???

සංජන....

මං එයාගෙ අත උඩින් මගෙ අත තිබ්බා.....

ඔයාට මෙයාව දෙන්නද....

කාවද...මේ ඥාව්වව?

ම්ම්ම්ම්....මට මුන්ව හදන්න දන්නෙ නෑ....

ඇයි...මුන්ව ලොකුවට ගනන් ගන්න දෙයක් නෑ අනේ....උන්ගෙ ලොකු ලයින් කොහොමත්....මුන් මහ පඩත්තරයො ඊටත්.....

මම එයාට කියන්න ගියෙ ලොකු කතාවක්...මම එයාගෙ අත උඩින් අත තියල කියන්න ගියේ දලු දාන්න කලින් කඩලා දාන්න ඕන කරන තරහවක්...ඒත් එයා ඊට උඩින් එයාගෙ කකුල් අස්සෙ නිදියන් උන්න ඥාව්වව අරන් මගෙන් ඇහුවා ඌව දෙන්නද කියලා ...එයා ඉන්න විදිහත් එක්ක මූව අරන් ගියා කියමුකො පූසෙකුත් එක්ක ගෙදර ගිහින් සුතර්මා මාව එලවයිද...අනික....චූටි අයියගෙ ජඩ බල්ලත් එක්ක පූසෙක් තියා ගෙම්බෙක්ට වත් ඒ ගෙදර ඉන්න බෑ...

මෙයා අම්මගෙ.....මට හුරු නෑ...ඒත්.....අද මගෙ ගාවට ඇවිත්.....මෙතනින් පස්සෙ මට මාවවත් බලාගන්න බැරිව යනකොට .....මං කොහොමද මෙයාව බලාගන්නෙ.....ඔයාට පුලුවන් නම් අරන් යන්න.....

ම්ම්ම්...හා...කමක්..නෑ..දෙන්නකො ....

මං එයාගෙ කකුල් අස්සෙ නිදාගන උන්න තවමත් හරියටම මූන නොදැක්ක පඩත්තර පූස දිහා බලලා හා දෙන්න කියන ගමන් අත තිබ්බා විතරයි මූ ඔලුව ඉස්සුවා.....

මහ මදාවි මුනක් තියෙන්නෙ....ඔක්කොටම වඩා ගුටි කන මූනත්....අමු පඩත්තරයෙක්...

ම්ම්....මේකගෙ නම කව්ද සංජන....

ට්වින්කල්....

ටුවින්කල් ....??ටුවින්කල් ටුවින්කල් ලිට්ල් ඉස්ටාර්ද...නැත්තන් ටුවින්කල් කන්නද අනේ.....ආස්සෙ කුමාර්ගෙ ගෑනි...ටුයින්ක්ල් කන්නද?

ඒකගෙ නම අහන මම අර පඩත්තරයගෙ ඔලුව අත ගාන්න හැදුවා විතරයි මූ අර ජිල් බෝල ඇස් දෙක රවුම් කරගන රවාගත්තා විතරක් නෙවෙ ඇහෙන නෑහෙන ගානට " හෑ...ව්" කිව්වා....හැබැයි මං ඌව බයක් පෙන්නන්නෙ නැතුවම ඇදලා අරගන මගෙ කකුල් අස්සෙන් ගහගත්තා ...බය පෙන්නුවොත් මුන් අතින් ගහනව..

මූට ටුයින්ක්ල් කියන නම සෙට් නෑ...මේ පඩත්තර මුනට හරියන්නෙ වෙන නමක්....

තනිකරම එල්ටිටී කාරයෙක් වගේ....

ප්‍රභාකරන් කියලා දැම්මොත්....??

සෝර්ට් ඇන් සුයිට් එකට ප්‍රභා....

නැත්තන්...කරුනා අම්මාන්....??

සෝර්ට් කරලා කරූ....එව්...පොල් කරූව මතක් වෙනවා...

ම්ම්ම්...ම්ම්...ම්ම්...මොකක්ද...දාන්නෙ....මේ පඩත්තරයට..

දුක නිවන්න ආව මං ඒ ඔක්කොම පැත්තක දාලා අරූගෙ මූනදිහා බලන් නමක් කල්පනා කරනකොට එකපාරම මගෙ ඔලුවෙ තිබුන ලයිට් එකපත්තු උනා....

හරි...!!

පරිගේසන් !!

පරිගේසන් ...කිසිම ටුයින්කලයක් නෑ...සෝර්ට් කරලා කියනවා නම්...පරි....පරි.....ගේස...ඇරිපටයා...

පරිඇටයා....

පරිගේසන් ගෙ ඔලුවට තට්ටුවක් දාපු මං ආයම අර කතාව උඩට අදින්න ගත්තා .....

සංජන.....

ම්ම්ම්ම්....

දෙයක්..කියන්නද....අහන්න පුලුවන්ද ....ඔයාට....

ම්.....

කොච්චර ..කොහොම...උනත්...ඔයයි නිර්වානුයි කියන්නෙ....එක තාත්තගෙ ළමයි....සංජන...දෙන්නට....දෙවිදියකට සැලකුවත්.....නිර්වාන් කවදාවත් ...ඔය මිනිහව තාත්තා කියලා මේ තත්පරේ වෙනකන් පිලිගත්තෙ නෑ...ගන්නෙත් නෑ.....ඔයාගෙ හිතේ එයාගැන තරහවක් ඇතිවෙන එක සාදාරනයි ....ඒත්....ඔයාට පුලුවන්ද .....එයාට වෛරනොකර ඉන්න.....මොකද ...ඔයයි....එයයි...

දෙන්නම කිව්වනෙද...දැනෙන දේයි...දන්න දේයි දෙකක් කියලා ....එයා කවදාවත් ඔයාට වචනෙකින් වත් වරදක් කියලා නෑ සයාශ් ....එයා තනිකරම රූකඩයක් වගෙ....එයා මේ කිසිම දෙයක් කැමත්තකින් කරන දේවල් නෙවෙ සංජන..එයාගෙ හීනෙ වෙන එකක්....එයාගෙ ආසාව වෙන එකක්...ඔයාලට පුලුවන් නම්....අම්මා තාත්තලාගෙ තරහවල් පැත්තක දාලා...සහෝදරයො වෙන්න බැරිද සංජන...

හරියටම .....සෙනු වගේ.....මායි අපේ ලොකුවයි වගේ...ඔයාට අපි හැමෝම ඉන්නවනෙ ....

මට නිකන් ඇඩෙන්න වගේ.....එයා නිර්වාන්ගෙ අම්මට වෛරකරන තරම ඒ ඇස් වලින් දැකපු මට..ඒ වෛරෙම මගෙ නිර්වාන්ගෙ පිටින් යයි කියන බයට මම සංජනට මේ කිසිම දේකට මගෙ නිර්වාන් වැරදි නෑ කියලා කිව්වා විතරක් නෙවෙ....මං එයාගෙ ඔලුවත් අතගෑවා....එක පාරක් නෙවෙ දෙපාරක් තුන්පාරක්ම ...එයා ඔහේ අහගන උන්නා...අවසානෙදි මං අතගාන එක නැවැත්තුවා ....

තරහා නැතිව....තව එකපාරක්....පුලුවන්ද ....

මොනවද ....

ඔලුව අතගාන්න....මගෙ ඔලුව පුපුරන්න වගේ සයාශ් ....

එයා ඇහුවා තරහා නැතුව තව එක පාරක් අතගාන්න පුලුවන්ද කියලා ...බෑ කියන්නෙ කොහොමද...රතු වෙලා ඉදිමුන ඇස් දෙකදිහා බලන් බෑ කියන්නෙ කොහොමද ...අදින් පස්සෙ එයාගෙ ඔලුව අතගාන්න ඉන්නෙ කව්ද...

මම ඔලුව වැනුවා.....නිර්වානුත් නැති එකේ මොකටත් කියලා වටපිට බලපු මං එයා නෑ මයි කියලා ශුවර් කරන් සංජනගෙ ඔලුව අතගාන්න ගත්තා .....

ඒසනිපෙටද කොහෙද සංජන ඇස් දෙක පියාගද්දි මට එක පාරකට දෙපාරකට වඩා එයාගෙ ඔලුව අතගාන්න බැරි උනා....කවුරුහරි මගෙ පිටිපස්සෙන් ඉදන් මට කතා කෙරුවා ...උකුලෙ උන්න පරිගේසන් පැනලා දිව්වා...

සයාශ් ....!

😩යෝහ්....

ම්හුක්.....

ම්හුක්...😩

ආයම කොටසකින් එන්නා...ම්

මම

ජොබී පුතුකියා....

පයිස්සමින් ඉන්ඩෝ...

Nedeesha ....!

More Chapters