LightReader

Chapter 37 - 37

මාව සීතල වෙලා ගියා.....පුපුරන්න එනවයි කියලා කියපු හන්දා සංජනගෙ ඔලුව අතගගා උන්න මට නිර්වාගෙන් අර නපුරු ඇස් දෙක දැක්කා විතරයි බය උන පාරට අර කොල්ලගෙ කොන්ඩෙනුත් අහුරක් මගෙ අතට ගැලවිලා එද්දි සංජන ඌයිහ් ගෑවා....

ඌ...යි...හ්..

අ..ආ..අනේ...ස්ස්...සංජන..මාවත්....මරන්න...යන්නෙ.....

කව්ද.....

අ...අර...අ...අනේ..නිරූ...එපානෙ....බයින්න....ම්හුක්....එපානෙ....කිව්වනෙ...කැක්කුමයි කියලා ....

........

මල් ශාලාවට ගියපු නිර්වාන් මා දිහා බලන් උන්නෙ ඊලග පෙට්ටිය හදවන්නෙ උඹට කියන්න වගේ බැල්මකින් වෙද්දි නිර්වාන්ව දැකලා හිටගන්න හදපු අර කකුලත් බැරි සංජනයගෙ පිටිපස්සෙන් හැංගුන මම එයාගෙ උරහිසට උඩින් එබි එබි එපානෙ බයින්න ගගා නහයෙන් ඇඩුවා.....

අම්මා එක්ක නප්පියට නැගලා ඉන්නෙ....යකාට ඇදගන ඉන්නෙ ගගා සිය පාරකට වඩා මට ඔලුවට ඇන ඇන ඔවදන් අනුසාසනා දුන්න ඩිපූටියවත් ළඟ පාත නැති වෙද්දි සංජනගෙ අම්මට කලින් මාව වලන්න වෙයි කියලා හිතුනා...

මොකක්ද නිර්වාන් කිව්වෙ....

.සයාශ් ලගට එන්න....

න්...න්..ම්....

එකම දේ දෙපාරක් කියන්නයි....අනිත් ප්‍රශ්නවලට උත්තර බදින්නයි දෙකක් බෑ...ඒක නිසා....මගෙ වචන අහක නොදා ලගට එන්න...

බයින්.....

නෑ....එන්න.....

සංජන අහපු ප්‍රශ්නෙ ගානකට වත් නොගෙම එයා මට එන්න කියනකොට මන් ගොත ගැහුවා....ආයමත් බනින්න එපාය කියලා කිව්වා....අවසානෙදි හොරෙක් වගේ මන් ගාට ගාට ගිහින් එයා ගාවින් හිටගන්නකොට එයා වචනයක් වත් නොකියා ලන් වංජිගෙ වූශියෑන්ට රවනවා වගේ මහා නපුරු විදිහට ඇස් කොන් වලින් බලලා අනිත් පාර සංජන දිහාවට හැරුනා...

ම්හ්ක්....එක්කො...දැම්ම බැනලා ඉවර කරන්න කියන්න තිබ්බෙ...බනින්න පහු පහු වෙනවා කියන්නෙ...අවසානෙදි හැම දේම කොහු කොහු වෙනව වගේ..

මගදි බේරගන්නවත් කවුරුත් නෑ....පෙර වැරදිත් එක්කම අල්ලන් තරවටු කරයිතෝ..... මන්තා...

ම්හුක්....👉👈

නිරූ.....

මගෙ කට ගොලු වෙලා තිබුනත් හිත නම් හෝ..... ගාලා කියවනවා...කච පච...කච පච....ඉවරයක් නෑ....එයා මගදි මගෙ බෙල්ල මිරිකයිද ...නැත්තන් මාව බස්සවලා ගහයිද...මාව බේරගන්න නම් බලු බල්ලෙක් වත් නැතිව යයි....ඩිපූටියට සැලාව දැක්ක ගමන් උගෙ ට්‍රැක් අවුට් යනවා...ඒ එක සාප දෙකක් ඒ....ආදරෙන් අන්ද වෙලා ඉන්නෙ උන් දෙන්නා....

අනේ.....සුතර්මා ....අද නම් චින්තකගෙ දරුපැටියව බේරගන්න ඉසිවර වෙදදුරුට නෙවෙ ..එක්කො අනුහස්ට එන්න කියන්න වෙයි...ඒත් නැත්ත අවන්තයට....ඒත් බැර් නම් අර ධරණි එකේ ධරනියට එන්න කියන්න වෙයි.....හැබැයි ධරනියා ආවොත් නම්...ආය..ගොඩෙ ගොඩ.....ඒකි ගහගන්න විදිහට නිර්වාන් කැලේ.....අමොර්..අමොර් ...මාසල් ආර්ට් සූරියක්නෙ.....

එහෙනම්..නිර්වාන්ට සොට් එක දෙනවැඩේ..අපි ධරනියට දෙමු.....

නිරූ...මේ අනේ...👉👈

මෙච්චර වෙලාම හිතින් නොයෙක් ජාති හිතුව මං මට ගැහුවොත් මං වෙනුවට නිර්වාන්ට ගහන වැඩෙ ධරණි අක්කට බාර දුන්න මම සංජන එක්ක බරකතාවක උන්න නපුරු විදිහට රවන ලන්වංජි ගෙ පොටෝ කොපියට ඇගිල්ලෙන් ඇන්නා...

යෝ....ඔය...ආයමත් ඒ බැල්මමයි....එයා මා එක්ක තරහෙන් නෙවෙ වගේ උන්නොත් කියන්න ඕනා ඔයා නිකන් ලන් වංජි වගෙ කියලා ...ආපෝ...වසවර්ති මාරයට ලන් වංජි එක්කත් තරහා යයිද දන්නෙ නෑ....

නිරූ....

මොකද වෙලා තියෙන්නෙ ලමයො?

ම්..මොකුත් නෑ...මේ නිකන්...ඇන්නෙ...අනේ....👉👈

මහ නරකයි...බලන්නකො...මොකද වෙලා තියෙන්නෙ කියලා ඇහුවෙත් මහ නපුරු විදිහට...මේ මනුස්සයා ආදරෙ කරන්න නම් දන්නෙම නෑනෙ අප්පා.....මොනා උනත් ඩිපූටියා උගෙ කොල බොක්කෙම්ම අරූට ලව්....බලන්න එපැයි...හද පතුලෙම්ම අපෙ අරකට බබී...බබී....ගාන අපූරුව.....අන්න බෑනල....

එතකොට තව පැයක් හමාරකින් හම්බ වෙයිද නිර්වාන් ....

ම්න්.....ඔව්.... මේ සාලෙ පොඩ්ඩක් අස් කෙරුවා නම්.....මොකද මෙතන්නෙ තියන්න වෙන්නෙ...ඔලුව බස්නාහිරට....

........මන්දන්නෙ නෑ....පුලුවන් නම්....තේරෙන විදිහට කරපන් නිර්වාන් ..මට මේ අත් වලින් ඔව්වා කරන්න හයියක් නෑ...මම කොහොමද නිර්වාන් ....මට කතා කරන්නත් දැන් වචන අමතකයි නිර්වාන් ..

ම්ම්ම්...හරි හරි.....මං ඉන්නවනෙ...මං මෙයාව ගෙදරට ගිහින් දාල එන්නම්..ඔයා ඔහොම ඉන්න ටිකක් ඔය කකුල එක්ක මොකුත් බෑනෙ....

.....හ්ම්.....මේක පුලුවන් ඉක්මනට ඉවර කරමු...මට අර මිනිහට තවත් මගෙ අම්මව විකුනන් කන්න දෙන්න බෑ.....මෙච්චර හරියක් කරලා ලැජ්ජා නැතුව අයිතිය කියන්න ආව.....

පැත්තකට වෙලා උන්න මන් මේ අයියා මලෝ දිහා බලන් උන්නා...ශෙනිරුවා ඉන්න ඕන තැනක නිර්වාන් කතා කරන විදිහ වගේ නෙවෙ මෙතන...ඒක මට හොදටම දැනෙනවා....කතා කෙරුවත් ඒ දෙන්නට දෙන්නා තවම ඉන්නෙ ඒ දෙන්නට දෙන්නව පිලිගන්න බැරි තැනක වෙනකොට අද හෙට නැති උනත් කමක් නෑ.....සංජනත් තනි නොවෙනවනම් කියලා හිතෙන ගමන් කොච්චර හිමින් කතා කෙරුවා උනත් හිත යටින් මාව අමුවෙන් හමගහන්න බලන් ඉන්න නිර්වාන්ට ඒ හැම දේම අමතක වෙලා යන්න කියලා දිවි පරදුවට තියලා මං නිර්වාන්ට මහ රෑට කොට්ටා හපාගන කකුල් අඹරෝගන යටි බඩේ සමනල්ලු පියාඹෝගන කියවන කාතුන් කතාවක උන්න ඩගියෙක්ව යැව්වා ...

ම්හුක්.....එයා හරි හුරතල් අනේ.....👉👈

"නිරූ.....ම්හු.....ක්....ලමයටබයින්න එපානෙ...නිරූ....ආතරෙයිනෙ...👉👈"

මන් පලවෙනි මැසේජ් එක යවල තත්පරයක් බලන් උන්නා.....මලගෙදරට ආව කොල්ලො එහෙන් යනවා..එහෙන් යනවා....අරක ඉල්ලනවා මේක ඉල්ලනවා....මේ ඔක්කොම මැද නිර්වාන් එයා ගාව උන්න සංජනගෙ හිත හදන්න පිටට තට්ටු කරනකොට මම ඒ දිහා ටික වෙලාවක් බලාගන උන්නා.....අනේ උඹලා දෙන්නා ඉක්මනට යාලුවෙයල්ලා පුතේ...

ම්හුක්....හරිම අගෙයි.....හරිම අගෙයි...හොරාවට හොරාවට සහෝදර ප්‍රේමය සිත් තුල දලුලාන අයිරු නම්...බොහොම අගෙයි.....මෙත් මල් පිබිදේවා.....සිත්තුල...මෙත් මල් පිබිදේවා....හරි වේදනාවයි...ඇස් වල කදුළු...මං ගාමිනි.....!

මං මෙයාව දාලා එන්නම් සංජන.....

...ම්...ප්‍රවේසමෙන්...

අනේ...ඉතින් ප්‍රවේසමෙන් කියලත් කිව්වා...මේක නිකන් රෝමියො ජුලියට් කතාව වගේ.....උන් දෙන්නා මැරුනට පස්සෙ සමාදාන උන කැප්‍යුලිට් පෙලපතයි මොන්ටේගියුව් පෙලපතයි වගේ....අනේ ඒත් කමක් නෑ...ඒත් කමක් නෑ.....උඹලා දෙන්න සමාදාන වෙලා අර ඇමතියට ගේමක් දෙනවා නම්...ඒඇති...පුතේ....එ ඇති ...අපිටයි මේක කියවන උන්ටයි සැනසීමෙන් ඇස් පියාගන්න ඒ ඇති පුචේ....හ්....ඒඇති....හ්

සයාශ් එන්න ....

අපි ගිහින් එන්නම් සංජන අයියෙ ....පරිස්සමින් ඉන්න...මොනවා හරි උවමනාවක් උනොත්....

එයාට මොනවා හරි ඕන උනොත් මට ගනීවි සයාශ් තේරුනාද ම්ම්ම්...

එ...මේ...ඔ...ඔව්....ඔයාට..ගනීනේ....

ඒකනෙ.....එක තමයි...ඔයාට ඇහුනනෙ සංජන අයියෙ...එයාට ග් ...

එයාට ඇහුනා බීරි නෑ...තමුන්ට මට ඉස්සරහින් යන්න පුලුවන් ආපහු හැරිලි බැලිලි නෑ...කෙලිම්ම යනවා..

මගෙ බොක්කත් එක්ක කූල් වෙලා ගියා...ආය හැරිලි බැලිලි නෑය කිව්වා....කෙලිම්ම යනවා කියලා එයා කිව්වද නැත්තන් දත්මිටි කෑවද මන්දා...අනේ මගෙ අත කඩයි යකො අද නම්.....

න්...නිරූ.....

මම උන්නෙ හරියටම අම්ම කෙනෙක් කෝටුවක් ආරගන පස්සෙන් පන්නන රෑ අට නවය වෙනකනුත් දඩාවතේ නටන පොඩි එකෙක් වගේ...ඉස්සරහා බලන් උන්න මට ආයම පස්ස හැරෙන්නත් අවසර ගන්න වෙනකොට මීයා වගේ යන ගමන් මං පිටිපස්ස හැරෙන්නද ඇහුවා....

මං චුච්චක් ඔයා දිහාවට හැරෙන්නද අනේ....

මොකටද....

ම්හුක්...ඔහොම සැරවෙන්න එපා අනේ...හදවත් රෝගියට....

බොරු නොකර ඉදපන්...මොනවද ඕනෙ...

මේ...අර...ඥාව්වව.....

.....

ඌව අරන් යන්න කිව්වනෙ.....

තමුසෙ උන්ට ආස නෑනෙ...

තමුසෙ කිව්වා....යෝහ්....අද නම් ගැලවීමක් නෑ අනේ...අපරාදෙ ....සංජන අයියගෙ අම්මගෙ පෙට්ටිය දෙනකොට එකක් ෆ්‍රී හම්බෙන පැකේජ් එකක් වත් හම්බුනා නම්....

ආස...නෑ...ඒ උනාට මං රිදවන්නෙ නෑනෙ .....ආස නැති එකයි හිංසා කරන එකයි දෙකක්නෙ.....නිරූ...

ම්න්...ඇත්තට...උඹ කවදා ඉදන්ද අවිහිංසාවාදයෙ පියා උනෙ.....

මං යටි තොල හපාගත්තා ..ඇයි මේ අපහස...අවිහිංසාවාදයෙ පියා උනෙ කවදා ඉදන්ද අහපු නිර්වාන් තවත් පාරක් මොනවා හරි කියන්න කලින් මං ඉක්මනට නිර්වාන් දිහාවට හැරුනා...

අනේ නිර්වාන් ....ඒ ඥාව්වා සංජනගෙ අම්මගෙලු.....

ඉතින්.....දැන් උඹට ඌවත් බලාගන්නද??

එහෙම කියන්න එපා නිරූ...සංජනට එයාව බලාගන්න බෑය කියල කිව්වා....අනික...එයාට දැන් අම්මියෙක් ඕනනෙ නිරූ.....

ම්න්...ඇත්තද.....

ඔව්නෙ...👉👈 අපේ සුතර්මාට පුලුවන්නෙ අනේ...

.....

අනික.....එයාට මං නමකුත් දැම්මා....ටුයින්ක්ල් කියන නම සෙට් නෑ අනේ....ටුයින්ක්ල් කියනකොට .....මගෙ යටි හිතයි මගෙ මොලෙයි "ලිට්ල් ස්ටාර්" කියනවනෙ නිර්වාන් .....

.....

ඉතින්...චූචි ඥාව්වගෙ නම මාරු කෙරුවනෙ....චූචි....චූචියා....ඔව්....ම්හුක්....චූචි...නිරූගෙ....චූචියා.....ආස නෑනෙ....👉👈ඉතින්....චූචියා ඒ ඥාව්වට පරිගේසන්...කියලා නම තිබ්බා...ආතරේට "පරී....හ්"කොහෙ හරි දුරකට ගිහින් උන්නොත් පරිගේස.....න් ගාලා කෑ ගහනකොට වෙලා යනවනෙ....ඉතින් ....ඊට වඩා ලේසිනෙ අනේ..පරී....හ් කියන එක....නේද නිරූ...ඈඅනේ.....

මම ඇස් කැරකෙව්වා...තවමත් ගහක් ගලක් වගේ උන්නා මිසක්කා මගෙ මායම් වලින් එකම අංශු මාත්‍රයක් වත් වෙනස් නොවුන නිර්වාන් සාක්කුවට අත් දෙකත් දාගන බලාගන උන්නා...

ඇත්තමයි මේ මිනිහට තියෙන්නෙම අර ඇමතියගෙම නපුරු මූන..ඒකගෙම නපුරු ඇස් දෙක...මහ තාත්තා පාටයි අප්පා...ලමයෙක් කියලා හිතන්නවත් බෑනෙ...

යෝ ....හැන්සම් ....අනේ....හැන්සම්...මේ හැන්ඩියා චූචියගෙනේ.....හ් කියලා හිතෙනකොට මැරෙන්න හිතෙනවා අප්පා.....

අනේ චින්තක...දෙවනි දරු පැටියගෙ මනුස්සයා හරි හැන්ඩියෙක්නේ...ම්හු....ක්...

කිරි කෝඩු හිතත ආල නුඹේ දෑස යා උනා....ම්හුක්....

මං නිර්වාන්ගෙ කඩවසම් මූන දිහා බලාගන මගෙ දබරැගිලි එකට වැද්දුවා.....ඒ එක්කම මෙච්චර වෙලාම මාව ස්ටූ කරන්න වගේ බලාගන උන්න නිර්වාන් චුට්ටම චූට්ටක් කට කොනකින් හිනාවෙන ගමන් මගෙ මූනට ලන් උනා...එයාට වඩා මිටි මගෙ මුන ගාවට එයාගෙ මූන ගේනඑයා පහත් උනා වගේම මං බලාගන එයාගෙ ඇස් දෙක මගෙ ඇස් අස්සේ එහා මෙහා දිව්වා මං බලාගන ඒ උගුරු ගැටෙත් චුට්ටක් පහල ගියා.... .... එයා මාව ඉඹීද.....?? වෙන උන් වගේ නම් නෙවෙ.....හැංගිලි බැංගිලි නැ.....මෙච්චර සෙනග ගොඩක උනත් එයාට මාව ඉඹින්න ඕනයි කියලා හිතුනොත් ඉඹලා මිසක් අතාරින්නෙ නෑ කියන්න ඒ මුරන්ඩු ඇස් මට සාක්කි දෙනකොට මට එයාගෙ ගාවින් පැනලා දුවන්න හිතුනා....

හුරතල් වෙන්නද ඕනෙ...නැත්තන් හුරතල් කරන්නද ඕනෙ ම්ම්ම්...

න්..නිරූ...

ඇස් කරවකවන්නෙ ඒකටනේ නේද ම්ම්....මෙතන බෑ හොදද.....

මට නිකන් කරන්ට් වැදුනා වගෙ උනා....එයා ඇහුවා හුරතල් වෙන්නද ඕනෙ...නැත්තන් හුරතල් කරන්නද ඕනෙ කියලා .....

සමහරක් වෙලාවට යක්කු වගේමිනිස්සු ආදරේ කරන්න ගත්තම.... ඒ ආදරේ දරාගන්න බැරිව අපේ හිත් පුපුරන්න එනවා....

නිර්වානුත් ඒ වගේ.....යකා උනත් අවාරෙට වහින වැහි බිදක් වගේ ඉදලා ඉදලා ලමයො කියලා කිව්වම මගෙ පපුව පුපුරන්න එනවා....

යන්න ගිහින් හොයන් එන්න....

ක්..කාවද න්..නිරූ...

මගෙ මූන දිහා තතර දෙක තුනක් එකම විදිහටම බලන් උන්න නිර්වාන් අනිත් පාර ගිහින් හොයන් එන්න කියනකොට මං සැලාව හොයාගන්න වට පිට බැලුවා....

ඥාව්වවද.... මොකාවද.....

හිහි.... මට හිනා ගියා...එයත් මං වගේම ඥාව්වා කිව්වා.....ඒ කියලා එයා මාවත් දාලා ශෙනිරුවා ගාවට යනකොට මං පුටු අස්සෙමේස අස්සෙ හැමතැනම බලලා බලලා මේ පඩත්තර පූසව හොයාගන්න හැදුවා...

ටුයින්කල්....

ඔයා කොහෙද....

පූස්....පූස්...පූස්..

පරී...හ්හ්....

පරිගේසන්....

මං වටේම කැරකුනා.....ඉටිකොල කපන කොල්ලන්ගෙනුත් ඇහුවා...

අයියෙ.....මේ මගෙ පූසව දැක්කද...

මේකා නෑ...නිර්වාන්ගෙ කටට බයවෙලා දුවපු පාරට පරිගේසන් පෘතුවියෙම්ම වාශ්ප වෙලා ගිහින් කියලා හිතෙන තරම් වෙද්දි හොයලා හොයලා බැරිම තැන මං අවසානෙදි මට ඕනෙ පරිගේසනෙක් නෑය කියලා එන්න එනකොට මං බලාගන සැලාවගේම ඩිපූටියා හදිසියේම මව් පිය පදවිය ලබලා තිබුනා....

..ඥාව්වා...

මෙච්චර වෙලාම පුක කඩාගත්තු කඩියා වගෙ අර අහංකාර පූසව හොයපු මං එකපාරම දුවන පනින එක මේස අස්සෙ බඩගාන එක නැවැත්තුවා .....

පරිගේසන් !!!

ආ...යසෛ.....පරිගේසන් ....හරිම අගෙයි....මගෙ සර්වාංගෙම තියන රතුරුධිරානු වලට වඩා සුදු රුදිරානු වැඩි කරපු උඹ අන් වස්තුවකට තුරුල් වෙලා උනුසුම විදින අයුරු නම් බොහොම අගෙයි ...ඇහෙ කනෙ තියන් හදපු මට ඔහොම කරලා මදි පරි...මදි.....ප්‍රීතී ..ප්‍රීති.....ආ...පරිගේසන් ප්‍රීතී ආ...

බබී ඔහොම අල්ලන්න එපා සූරයි...

යෝ නිකන් ඉන්න සෙනු මේ වරත්තුවන්ව මන් අල්ලන්න.දන්නවා...ඇරත් අපේ චූටියටයි මටයි පූසිච්චියෙක් උන්නා ඒකිගෙ නම පද්මිනි...

මොකක්...පද්මිනී....??

ම්ම්ම්ම්....ඔව් ...සීයා තාත්තා ඌව අරන් ඇවිත් තිබුනෙ.....අපෙ චූටියටයි මටයි දාන්න නමක් තිබුන් නෑ....පොඩි නැන්දගෙ නමේ දෙවනි කැල්ල අපි පූසිට දැම්මා.....

කෝ දැන් ඒකි...

පෝහ්....ඒකි ගැන කතා කරන්න එපා වටබඩුවක් වගෙ පූසො රෑනයි ඒකිට....වරත්තුවෙ ගිහින් ගිහින් පැටව් හම්බකරගන්න කරගන්න පාර අපේ ගෙදර ඇවිත් නතර වෙන හන්දා මායි චූටියයි පද්මිනියව ඒකිගෙ මිනිහෙක්ගෙ ගෙදරට ගිහින් විසි කරලා ආවා....

බබී..බබී....මගෙ කොල්ලගෙ හුරතල් වැඩ නම්....

එව්ව්....යකො....අර මොකද අර..මලගෙදරක ඉන්නවා වත් කියලා හිතන්නෙ නෑනෙ....අපෙ නිරූ වගේ නම් ඔහොම අල්ලයිද....මිරිකයිද.....ඩිපූටියගෙ වැඩේම සැලාව හුරතල් කරන එක....

තිරිසන්නු වගේ අනේ....

පරිගේසන්ව අරන් යන්න ආව මං අනිත් පාර සැලා උගෙ පෙට්ටි කට උල් කර කර අපේ වරත්තු පූසි පද්මිනියගෙ පැටිකිරිය දිග අරින හැටි අහන් උන්නා...ඇත්ත තමයි...ඒකි නම් පෙර ආත්මෙක විලාසිනියක්ද කොහෙද ..ඇදුම් මාරු කරනවා වගේ පූසො මාරු කෙරුවෙ....

එක අතකට ඒකි එහෙම නැහැදුනෙ පොඩි නැන්දගෙ නම දැම්ම හින්දද දන්නෙ නෑ.....

එක්කො පරිගේසන්ටත් නිර්වාන්ලගෙ අම්මගෙ නම දැම්මොත්....අනෝමා....කියලා ...අනෝමද අයෝමද??මතකත් නෑ අනේ...මොකක් හරි....

අපෝ..එපා....එපා.....පරී අවසානෙදි ඔය ගෑනි වගේ යකින්නක් වෙයි.....ඕන් නෑ....

ටික වෙලාවක් කල්පනා කර කර උන්න මන් අත් දෙකෙම්ම මගෙ ඔලුවත් කසලා කට පුරාවටම ඈනුමක් අරිනවත් එක්කම කවුරු හරි මගෙ කටට අත තිබ්බා....

ම්හුක්...

නිරූ....

බඩගිනිද....

ම්ම්..ඕ...නෙ...

නිර්වාන් .....මට පිටිපස්සෙන් ඇවිත් කට ඇරලම ඈනුම යවපු මගෙ කට වහපු එකම කෙනා නිර්වාන් ...ඈනුම ඇරපු නිසාද කොහෙදො මගෙ මගෙ ඇස් වල තුනී කදුලු පටලයක් බැදුනා...බඩ ගිනී...උන්නට මොකද මං බිස්කට් එකක් වත් කෑවෙ නෑ...අනේ මන්දා මට කන්න හිතුන් නෑ....මට දුක හිතුනා...

මල්ලි.....

ඥාව්ව හොයන් ආව මම නිර්වාන් එක්ක සැලාලට අඩි තුන හතරක් පස්සෙන් ඉද්දිබිස්කට් ට්‍රේ එකක් අරන් අපි ගාවින් ගියපු පොඩි කොල්ලෙක්ට නිර්වාන් අඩගැහුවා .....

අනේ එයාටත් බඩගිනිද කොහෙද ...පව්.....ඔව් ඉතින්...බඩගිනි නැතුව තියෙයිද.....ආව වෙලේ ඉදන් එයානෙ එහාට මෙහාට දුවන්නෙ....සංජනට කිසිම දෙයක් කරන්න පුලුවන්ද .....

මං බලන් උන්නා...අර ලමට අඩගහපු එයා ගත්තෙ එකම එක චොකලට් බිස්කට් එකයි.....එතන කස්ටඩි බිස්කටුත් තිබ්බා....

ඇතිද අයියෙ....

ඇති...

ම්හ්ක්...එතෝට මට.....යෝ...මට ගන්න දුන්නෙ නෑනෙ...මටත් බඩගිනිනෙ...කස්ටඩි බිස්කට් එකක් වත්.....

එකම එක බිස්කට් එක්ක් ගත්තු නිර්වාන් ඒක දිහා බලන් ඉදලා අවසානෙදි බිස්කට් එක වෙන් කෙරුවා ...

ආ...

මටද අනේ....

මෙතන වෙන උන් නෑනෙ නෙ...?

යෝ ..ඉතින්....තරහා ගන්නෙ ඇයි නිරූ....

ගොන් කතා අහනකොට තරහා යන්නෙ නැද්ද?

මහ නරකයා අනෙ...එක බිස්කට් එකක් අරන් ඒකෙ චොකලට් පැත්ත මට දුන්න එයා අනිත් එක එහෙම්ම කටේ ඔබා ගත්තා ...ආය මං වගේ කොනෙන් කොන...ඩිසයින් එකෙන් ඩිසයින් එක කන්නෙ නෑ....බුක් ගාලාඔබාගත්තා...හෙන ලොකු කටක් අප්පා තියෙනෙත්...

සයාශ්

ම්ම්...ඕ....ඇයි....ඇයි නිරූ....

අන්න අර සතාව අරන් එනවා

සතා කියන්නෙ අපේ පරිගේසන් ද...යෝ නිරූ ....සතා කියන්න එපා අනෙ.... නමක් තියනවනෙ.....එයාගෙ නම් බ්භ්භ්භ්....

ගිහින් අරන් එනවා.....

මේක නම් පුදුම වසකමක් තමයි ඇයි යකො....නම වත් කියලා ඉවර කරන්න දුන්නෙ නෑනෙ....සමහර විට එයානොකියා උන්නට මං සංජනගෙ ඔලුව අතගාපු එකට තරහද දන්නෙ නෑනෙ...

කව්ද දන්නෙ මෙතනකෑ ගහන්න බැරි කමට ඉන්නවද කියලා ....

ම්හුක්....අනේ අප්පච්චි .... යම් කිසි කරදරයක් උනොතින්....දරු පැටියගෙ මලගෙදරට හපන් ටිකිරි ලමා ගිනුමෙ තියන සල්ලි ඔක්කොම ගන්න...

ලොකූ...

ආ චූටියා....මේ අඩේ මරු පූසෙක් හම්බුනා....

ම්ම්ම්ම්....

බලකො මුගෙ බිබික්කන් මූන දෙන්න හිතයි සටපට සත්ත පඩි වෙන්න....නේ....

ම්ම්ම්....

චූටියා...උඹට අපේ පද්මිනියව මතකයිනෙ...අර සීයා තාත්තා උකුලෙ තියන් හදපු වටබඩ්ඩ.....ආන් ඒකි වගේ නේමූ.....ඒත් මූ පූසෙක්ද....පීසියෙක්ද හොයා ගන්න බෑනෙ...බූල්හින්දා ඇටදෙක වැහිලා....

ම්ම්ම්ම්ම්

සැලා උගෙ පෙට්ටි කට එහා මෙහා කර කර පිස්සට හැතැම්ම නෑ වගේ කියවනකොට මගෙ පරන රේඩියෝ එක කැඩිලා තිබුනා...

නිර්වාන් කතා කෙරුවට බැල්ම හොද නෑ....සැරින්සැරෙම එයා මගෙ අත් දෙක දිහාත් බැලුවා...මිනිහගෙ හැටියට මගෙ අත් දෙකෙ හම.ගැලවෙනකම්ම හෝදන්නත් ඉඩ තියනව.....

මං මහ මෝඩයෙක් ....

යකාගෙ හැටියටයි විමානෙ කියන්න වගේ සංජනගෙ දුක කොයි තරම් උනත්....එයාගෙ පැත්තෙන් ගත්තම නිර්වාන් කියන්නෙ ආදරේ සම්බන්දව හරි ආත්මාර්තකාමී මනුස්සයෙක්....

අම්මගෙ ආදරේ බින්දුවක් නැති...මෙච්චර කල් ළඟ උන්න අප්පච්චි එයාව අතාරිනකොට එයාට කියලා ඉතුරු මම විතරක් වෙද්දි....එයා මං සම්බන්ද දේවල් වල පුදුම විදිහට ආත්මාර්තකාමී උනා....

චූටියා...

.....

චූටියා.....මේ මූට ඇට දෙකක් නෑ.....යෝහ්...මේකි පීසියෙක්....

.....

මම උන්නෙ ශෙනිරු එක්ක කතා කරන නිර්වාන් දිහා බලාගන....එයා සැරින් සැරේම මා දිහා බැලුවා...ඌ එහෙන් රවනවා මූ එහෙන් කියවනවා.....ඒ අස්සෙන් මගෙ ඔලුව යකාගෙ කම්මල වගෙ.....ඒ බැල්ම....අනේ...අම්මෙ....ඒකෙ රස්නෙට රොටියකුත් පුච්චගන්න පුලුවන් ....

ම්හුක්....

අනේ....සුතර්මා ....චින්තගෙ දෙවනි දරුපැටියට නම් අද මැරෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නම් නෑ...නිර්වානයා මාව මරන්න කලින් මට ස්ව කැමැත්තෙම්ම මැරෙන්න බැරිද දන්නෙ නෑ.....ගූගල් එකේ සර්ච් කෙරුවොත් නම් වේදනාවක් නැතුව මැරෙන හැටි බලාගන්න තිබ්බා....මූදෙ පනින්නත් බෑ...මේ ලගපාතක මූදකුත් නැ.....

අනේ අම්මො බෑ....ලුනු වතුර පෙවුනම ඔක්කොටම වඩා අමාරු ඇති......

ම් හුක්....එක්‍රමේ සාර්තක නෑ.....මොකක් හරි අසනීපයක් වත් කියලා කිව්වොත්...

චූටියා.....

....

මේ බන්.....මේකා හොද ජාතියෙ එකෙල් වගේ.....

...

චූටියා...චූටියා...අඩේ චූටියා....කතා කරපියකො ගොලු බේත් බීලා ඉන්නෙ...සයාශ්....

මොකද වදෙ මැරෙන්න යන්නෙ...ඇයි යකො ඇයි

මං දැන් කීයෙ ඉදන්ද කියවන්නෙ...

මං දන්නවද....මට මේ යන එනමං නැතුව ඉන්නකොට ඇටයක් කතා නොකර ඉදපන්..

ඇයි....උඹට මක් උනාද.....

මම ලොකුම ලොකු හුස්මක් අරන් ලොකුවා දිහාවට හැරුනා.....

ලොකූ...

ඇයි චූටියා.....උඹට සනීප නැද්ද...මේ මුනත් එක්ක සුදුමැලි වෙලා ගිහින්...

පරිව අතෙ තියන් උන්න ලොකුව ඌව දරුවෙක් වගේ උරහිසේ තියාගන මගෙ දිහාට හැරිලා උඹ සුදුමැලිවෙලා ගිහින් කියනවත් එක්කම මං පරියව.මගෙ අතට ගත්තා ....

අනේ ලොකූ....චූටියගෙ අතින් වැරද්දක් උනානෙ .....

වැරද්දක්....

කාටද....මොනවද...

නිරූට...

හෙඩාට....ඇයි.....උඹ ඩබල් ගේමක් වත් ගැහුවද...ආ...ආ....ආ චූටියා වට බඩුවක් නම් වෙන්න එපා ආ උඹ....අම්මයි අප්පච්චි උඹව හැදුවෙ ඔහොමද?

යෝ...හ්....රෙද්දක් කතා නොකර ඉදපන් ලොකුවා.....මං ගියපු වටයක් නෑ...

එහෙනම්....එහෙනම් මොනවද...කියපිය....කියපිය ඉතින්.....කතා කරපිය බිම බලාගන ඉන්නෙ....

මම දුක අහන්න ගියානෙ....ලොකූ...

ආ.....ආ...හිතයි ගතයි දෙකම පොපියනවා.....!මොකාගෙ දුකද අහන්න ගියෙ....?

ස්..සංජනගෙ.....

හරි...හරියටම හරි ...උඹ ඕක අපේ සෙනූට ඇහෙන්න නම් කියන්න වත් එපා....අපේ එකා උඹගෙ මිනිහා නොවුනට නිර්වානයගෙ තුන්වෙනි ඇහැ ඕකා...මං ගැනවත් ඔහොම වද වෙන්නෙ නෑ.මට කියපන් උඹ මොකක්ද කෙරුවෙ?

ලොකූ....සංජනගෙ ඔලුව පැලෙන්න වගේ කිව්වා.....

චූටියා....උඹ දැන් කියන්න නම් එපා....සංජනගෙ ඔලුව පැලෙන්න වගේ කියපු හන්දාඋඹ අතගෑවා.. අතගගා ඉන්නකොට අර හින්දි චිත්‍රපටිවල වගේ දස අතින් එන දින්ත..දින්ත...දින්තනන....සවුන්ඩ් එක එක්ක නිර්වානයත් ආවා...උඹව දැකපු නිර්වාන්ගෙ මූන සුරාජ්ගෙ අම්මගෙ මුන වගේ උනාය කියලා....

සන්තෝස් රාටි හොදයි ලොකු...අනෙ බන්...මූ තමබැන්නෙ නෑනෙ.....බල බල ඉන්නවා විතරයිනෙ.....එක්කො බැනලා ඉවර කරන්න කියහන්කො.....

මම ලොකුවගෙ මූන දිහා බලලා අසරන බැල්මක් දැම්මා..මොකද ...මාව බේරන්න එකෙක් ඉන්නව නම්...ඒ ඌ විතරක් හන්දා....

චූටියා.....උඹ අහලා තියනවද....ඕනම දෙයක් එක පාරම කරනකොට අගයක් නෑ කියලා ....පිඹුරෙක් උනත් ගොදු

ආපෝ....ඇති ඇති...නවත්තපන්....වෙලා තියන දේ මදිවට උඹගෙ ලබ්බවලුත් ඇහුවම මට ඩික්ටෙසන් වගේ..

එහෙනම් ඉතින්....මට කියන්න තියෙන්නෙත් ඔහොම ඉදලා ඉදලා අවසානෙදි අපිට විශාල සබ්දයක් ඇහුනා කියලා තමයි චූටියා.....

සයාශ් ...

නිර්වාන් .....අ

.....

උඹ කිව්වා හරි ලොකු.....උඹලා හැමෝටම අද සුවිශාල ශබ්දයක් ඇහෙන්න යන්නෙ....

මට එතනින් එහා තව දුරටත් වෙන මොකුත් අහන්න බැරි උනා...කියන්නත් බැරි උනා...ඩිපූටියා ගාව උන්න නිර්වාන් හෙල්මට් එක දාගන්න ගමන් මට සයාශ් කියනවත් එක්කම මං කරන්ට වැදුන එකා වගේ පූසවත් උස්සන් එයා ගාවට දිව්වා....

නිරූ....

මේක දාගන්න

නිර්වාන් එයා ඇදන් උන්න ජැකට් එක ගලවලා මට අන්දවලා ශිපර් එක දැම්මා විතරයි..එයාටවත් මටවත් අපි කාටවත් ගේට්ටුවෙන් එලියට එන්න උනේනෑ....සුදු පාට කැබ් තුනහතරක්ම ගෙයි ඉස්සරහින් නැවැත්තුවා...

නිරූ....ඇමතියාගෙ උන් නේද...

මුලිම්ම ආව කැබ් එකෙන් ඉස්පිරිතාලෙ දිත් උන්න හෙන්චයියො සෙට් එක බැහැගන්නවා එක්කම මම මොකටත් කියලා නිර්වාන්ගෙ අත අල්ලගත්තා ....ආව ආව කැබ් වලින් එකා එකා බහින්න ගත්තා .....ඔක්කොම සුදු සරුන් කාරයො....

මේ යකා මෙතනට මුලු පාර්ලිමෙන්තුවම ගෙන්නයි වගේ නිර්වානයා.....

සංජනට එලියට එන්න කියපන් ශෙනිරු ...

මං නිර්වාන් දිහා බැලුවා...ඒ මූනඇස් හිතාගනත් බැරි වේහෙන් වෙනස් උනා....ඇමතියව ඇස් දෙකට පේන්න බැරි නිර්වාන්ගෙ අත්වල ඇගිලි එකට ගුලි ගැහෙනවත් එක්කම එයා ශෙනිරු දිහාවත් නොබලා කෙලින්ම සංජනට එලියට එන්න කියනවත් එක්කම අවසානම කැබ් එකෙන් බැස්සෙ අපි කාටත් එපාම කරපු චරිතෙ උන නිර්වාන්ගෙ අම්මා...

ඇමති තුමා මේ ටික

ඔය ටික අර කෙරවලේ ඉදන් එල්ලන්න .....

එන්නත් කලින් ඇමති හෙන්චයියො උන්ගෙ වැඩ පටන් ගත්තා.....උන් එනකොට ආවෙත් හිස් අතින් නෙවෙ වෙනකොට මරන දැන්වීම් කියලා හිතන්න පුලුවන් බැනර් රෝල් දහය දොලහක් එක්ක මල් වඩම් පවා තිබුනා....ඒවත් නිකන් මල්නෙවෙ...තනි සුදු රෝස මල්.....

ඇමති තුමා.....මෙච්චර හරියක් වෙලත්.....තමුන්ට මෙයා එක්කම ඇතුලට එන්න ලැජ්ජාවක් නැති උනා එහෙනම්...ඒකත් හැබැයි හිස් අතින් නෙවෙනේ...ම්ම්ම්....හොදයි...හොදයි...නරක නෑ.....ලැජ්ජ නහර නැතිව ඉපදුන උන්නේ....

නිර්වාන් මගෙ අත ගසලා දැම්මා...මෙච්චර වෙලාම මලගෙදර පුරාවටම උන්නෙ අපේ වයසෙ කොල්ලො විතරක් වෙනකොට හදිසියේම ආව තලතුනා සෙට් එක දැකපු උන් ,උන් කර කර උන්න වැඩ ටික පවා අතර මග නවතලා බලන් උන්නා.....එක පෝලිමට ඇතුලට ගෙනියන මල් වඩම් දිහාකටවලුත් ඇරන් බලන් උන්නා.....

නිර්වාන් ....මං මෙතනට ආවෙ තමුන් එක්ක වාද කරන්න නෙවෙ...කරුනාකරලා .....මෙතනදි තමු අර ඉස්පිරිතාලෙ රගපු රැගිලි නොදා ඉන්න තරමට උඹට වගේම මටත් හොදයි නිර්වාන් ..මොකද....උඹට පේනවනෙ මං ඇවිත් ඉන්නෙ කා එක්කද කියලා ....

අපෝ....මොකද ඌට පේන්නෙ නැත්තෙ....ඌට නෙවෙ....මෙතන ඉන්න ඔක්කෝටම පේනවා....උඹ ඇවිත් ඉන්නෙ කා එක්කද කියලා ...කසාද ගෑනිගෙ මලගෙදරට.....හොරගෑනි එක්ක.....එහෙම නේ නිර්වාන් ..කාලයක් තිස්සෙ....මම ඩැඩා ඩැඩා ගගා පස්ස පාරෙ පීචන් වෙවි ගිය මිනිහා උඹගෙ අම්මගෙ හොර මිනිහා....ඒවගේම.....

ඒ වගේම.....අම්මගෙ හොර මිනිහගෙ පුතා...මං...එහෙම නේද..."අප්පච්චි....ම්ම්ම්ම්ම්ම්"

නිර්වාන් !

සංජන එලියට ආවා.....නිකන් නෙවෙ...ශාක්‍යගෙ වගේම ශෙනිරුගෙ උදව්වෙන්.....ඒ ඇවිත් තනියෙන් හිටගත්තෙ නෑ..කෙලිම්ම ඇවිත් හිට ගත්තෙ නිර්වාන්ගෙ

මට හිතා ගන්නවත් බැරි උනා.... ඇමතියා තාත්තා කියලා කියන වාරයක් ගානෙම ලේ කෝප කරගන්න නිර්වාන් පලවෙනි පාරට අර ඇමතියට අප්පච්චි කිව්වා...ඒකත් මහ කුරිරු විදිහට වෙනකොට නිර්වාගෙ අම්මා එයාට සැර උනා....

සංජන...කරුනාකරලා තමුන්ලා දෙන්නා පැත්තකට වෙනවලා...උඹලට කරන්න පුලුවන් දේවල් තියනවා උඹලට කරන්න බැරි දේවල් තියනවා.....

ඇත්ත....අපි දෙන්නට උඹලා වගේ කරන්න බැරි වැඩ නම් ඕන තරම් තියනව...මොකද ...හතර වටටම ඇන ඇන ගියපු බඩුවකට ජාතක උනත්..මූටයි මටයි වේසකම් කරලා නම් තාම පුරුදු නෑ....

සංජන.....උඹ ඔය කාටද යකො....

අතක් තියන්ඩවත් හිතන්ඩ එපා ..... කඩලා දානවා...හරි....

දෙවියනේ....නිර්...වාන්.....

...එක තත්පර ගානකට මාව සම්පූරනම සුදු මැලි උනා.....සංජනගෙ කම්මුලටගහන්න හදපු ඇමතියගෙ අතින් අල්ල ගත්තු නිර්වාන් උගෙ අත කඩලා දානවා කිව්වා විතරක් නෙවෙ පස්සට තල්ලු කරළා ඇරියා...

බඩුව කිව්වා...ඇගට පතට නොදැනීම හිතේ තිබුන වේදනාවෙ තරම පෙන්නන්න්ද මන්දා සංජන ඇමතියගෙ මූනටම බඩුව කිව්වා.....මේ ඉන්නෙ තත්තව ඉල්ල ඉල්ල අඩපු සංජනද කියලා හිතන්නවත් බැරි තරමට සංජන වෙනස් වෙලා උන්නා...කොටිම්ම ඒ මුන බලන්නත් මට බය හිතුනා...සංජනට පුලුවන් කමක් තිබුනා නම් මේ දැම්ම උනත් ඇමතියව වගේම නිර්වාන්ගෙ අම්මව මරල දානවා කියන්න ඒ මූනෙ තිබුන තරහවෙන් පැහැදිලිවම පෙනකොට මම ඉක්මනටම පූසවත් තුරුල් කරන් සනාශ් ගාවට කිට්ටු උනා....

ලොකූ..... අර බලපන්...මෙච්චර දෙයක් වෙලා අරකිත් ඇවිත්....

...චූටියා...අද තමයි දවස....මුන් නිකන් හරි කෙලගන්න පටන් ගත්තොතින්...මුලිම්ම ගන් අර අතන තියන පාප්ප බාල්දිය. .අරගන ගහපිය නිර්වානයගෙ අම්මට....ඔය පූසව මට දීපිය....පූසගෙන් ගහමු ඇමතියට....

මං නිකමට සැලා දිහා බැලුවා.....උගෙ අතේ දැනටමත් ගල්බාගයක් තිබුනා..මූ අනිවාර්යයෙන්ම ඕකෙන් වාහනේකට කෙලිනවා.....

.සංජන.....උඹ ඉන්නෙ අසනීපෙන්....ඒක හින්දා..මෙතනමට ලැජ්ජා නොකර පැත්තකට වෙයන්...නිර්වාන් ...උඹටත් එක්ක මන් මේ කියන්නෙ.....විගඩම් නොකර...පාඩුවෙ පැත්තකට වෙයන්.....

ඇමති තුමා...මං උඹට කිව්වා මගෙ අම්මගෙ වැඩ...මං කරගන්නම් කියලා ...මොකද ...උඹට අයිතියක් නෑ.....මොකද ...ඒ මනුස්සයා අවසානෙදි කිව්වෙත් උඹව අතෑරියා කියලා ...උඹට යන්න ඕන එකී ගාවට යන්න නිදහස දුන්නා කියලා ...ඒ වගේම...මාත්....අම්මා ඉස්සරහම පොරොන්දු දුන්නා ....උඹව මම අතාරිනවා කියලා...මං උඹව අතෑරියා .....

දැන්....උඹට වත්..මටවත්....මගෙ අම්මටවත්....බැදීම්නෑ ඇමති තුමා..ජීවත් වෙලා ඉන්න කන්.....කෑවද බිව්වද උන්නද මලාද නොබලපු උඹ අද මල් වඩම් දුසින් ගනන් ගේනවා.....ජීවත් වෙලා ඉන්නතාක් නොදුන්න මල්...මැරුනම....මොකටද යකො....ජීවත් වෙලා ඉන්නතාක් නොදුන්න අයිතිය මැරුනම මොකටද කියපන්...??

සංජන....උඹ ඉන්නෙ හොද සිහියෙන් නෙවෙ....උඹ ඉන්නෙ හොද සිහියෙන් නෙවෙ පුතෙ.....

ඔව්...මං ඉන්නෙ අවසිහියෙන් ....උඹලා එකතුවෙලා මගෙ අම්මව මරාගත්තම මට සිහිය ඉතුරුවෙනවද යකො...ආ..මට සිහිය ඉතුරු වෙනවද...ආ..කියපන්.....රට්ටුන්ට පේන්ඩ දැන් උඹ බැනර් පිට බැනර් ගැහුවත් වැඩක් නෑ.....මෙවා දකින්ඩ ඕන කෙනා මැරිලා ඉවරයි....තව පැයකින් මගෙ අම්මව ගේනවා.....ඊට කලින් පලයන්....අම්මගෙ මූනයි....උඹගෙ මූනයි දෙකම එකපාර දැක්කොත් මට උඹවත් මරන්න වෙනවා.....එක හින්දා පලයන්...මේවත් අරන් පලයන්....පලයන් ඇමතිතුමා ..පලයන්...මාව....පිස්සෙක්නොකර පලයන්....

සංජන..මේක මගෙත් ගෙදර ...ඒක මතක තියාගනින්...මම උඹගෙ තාත්තා .....ඒකත් මතක තියාගනින්....එතකොට ඒ මගෙගෑනි.....ඒකත් මතක තියාගනින්.....

.ඇත්තද....හරි.....එහෙනම්...උඹගෙ ඔය බඩකඩිත්තු ඔය විදිහටම එල්ලපන්....හරි...දැන් බලාගනින්...

සංජන දත්මිටි කෑවා.....තනිකකුලෙ හිටන් උන්න සංජන ඇමතියා එක්ක කටගගහා දත්මිටිකෑවා....නිර්වාන්ගෙ අම්මා මොකටත් කියලා පස්සට යනකොට සංජන සාක්කුවට අතදලා මොකක් හරි ගත්තා ...

ලොකූ.....එයා මොක්කද ගත්තෙ....

ලයිටරයක්....

ලයිටරයක්....?ඒ මොකටද....මූ ඇමතියව ගිනි තියයිද.....

ඔය බඩකඩිත්තු ඔය විදිහටම තියාගනින් කියලා දත් මිටි කාපු සංජන අනිත් පාර සාක්කුවට අත දාලා ලයිටර් එකක් අරගත්තා .....අරන් ඇමතියා දිහා බලන් ඉදල බලන් ඉදලා එකපාරම නිර්වාන් දිහාවට හැරුනා...

එකක් නෑර....ගිනිතියපන්....!

සංජන...

පැත්තකට වෙයන් ඇමති තුමා.....උඹ මරාගත්තෙ නිර්දෝශී ගැනියෙක්.....උඹ තවම මේ සංජනව හරියටම දැක්කෙ නෑ....දැන් බලාගනින්....අම්මා නැති වේදනාවෙ තරම..... මට උඹව මරන්න තරම් මගෙ හිත කොයි තරම් හයියද බලපන් ඇමති තුමා...

නිර්වාන් .....නිර්වාන් .....,නිර්වාන් ඕක නවත්තපන්.....!!!!

එක තතපරයයි.....අන දෙන නිලධාරියා වගේ සංජන එකක් නෑර ගිනි තියපන් කියලා කියනවත් එක්කම එයාගෙ අම්මවත් තල්ලු කරන් ගියපු නිර්වාන් එල්ලපු බැනර් එකින් එක එකින් එක අවුලන්න ගන්නවා එක්කම එක පේලියට එල්ලන් ආව බැනර් ගින්දර ගන්න පටන් ගත්තා .....ඇතුලෙන් තියපු මල් වඩම් වල මල් පෙති විසි කරගනම එලියට විසික් උනා....මෙච්චර වෙලාම හොදට තිබුන මලගෙදර එක තත්පරෙන් වෙනස් වෙලා ගියා....මෙච්චර වෙලාම මගෙ අතේ ගුලි වෙලා උන්න පරී එක දෙකමල් වඩම් උඩින් ඇවිත් බිමට පතිත වෙනවත් එක්කම යෑ....ව් ගාන් ආයම ගෙට දුවනකොට මගෙ හාව උන්න සැලා අතෙ තිබුන ගල්බාග උරුක්කරන් මගෙ ඇලපතකට අනිනකොට මං පාප්ප බාල්දිය අතට ගත්තා....

චූටියා....

ලොකුවා.....වැඩේ පටන් ගත්තා .....

It means war චූටියා.....it means war....ගහපිය ...ගහපිය.....

ඕකෙම්ම....ගහපිය....

සලා....න්න්න්.....!!!

It means war!!!!

ආයමඑනකන්

පයිස්සමින් ඉන්න පුතුකියෝ...හ්

.

ආතරෙයි

උම්ම්මා.....හ්

මම

Jobby!!

More Chapters