LightReader

Chapter 4 - 04

අග්නී...

මං හොරෙන් මිමිනුවා ....ඒත් එයා නෙවෙ මගෙ ඇස්වලට පේන්න එන්නෙ....එයා නෙවෙ මගෙ වචන ගනන් ගන්නෙ....එයා මගෙ අතේ උන්න දරුවව අදිනවා....එයා ඉල්ලනවා ...මං දන්නෙ නෑ...එයාට කොහොමද හැගීම් දැනීම් එන්නෙ කියලා ....

නෑ...මං දන්නවා ....ඒත් ම්ස්න් පිලිගන්නෙ නෑ...ඒකයි ...වෙලාවකට එයා කියන්නෙ පාලනේ කරන්න අමාරුම කෙනෙක් වෙනකොට තවත් වෙලාවකට අග්නි කියන්නෙ පුදුමාකාර තරන් ආදරනීය චරිතයක් උනා....ඇත්තටම අම්මා හැමදාම අග්නි ඇස්වලින් මාව වහන් කරන්න හැදුවෙ ඒ නපුරු කම හින්දද.....අම්මට අග්නිගෙ හොද පැත්ත පෙනුන් නැති හින්දද....

අග්නි....තනිකරම කලුපාට මලක්....ඒ උනත්.....ආදරේ පිරුන.....මං බලන් උන්නා...මගෙ පැටියගෙ කොන්ඩෙ උඩට ඉස්සෙනවා...කොල්ලා කෑ ගහලා හිනා වෙනවා...එයා කිචිකවනවද මන්දා....

අග්නි.....ඇයි මා එක්ක කතා නොකරන්නෙ...අග්නී...

මම ආයම මුනු මුනු ගෑවා...ඒත් එයා නෙවෙ මාව ගනන් ගත්තෙ....එයා එහෙමයි තරහව පිරිමහන්න ගත්තම ඒකෙ නිමාවක් නෑ..සීමාවක් නෑ....එයාටා ඇතිවෙලා ආවොත් මිසක්.....

ඊට වඩා හොදයි මාවත් මැරිලා ගියා නම්.....

මම කිව්වෙ නෑ...කිය උනා.....කොයි මොහොතේ තනිවෙන්න වෙයිද කියන බය මාව පාරවනකොට මට එක පාර මගෙ වචන පාලනෙ කරගන්න බැරිව යද්දි එයා ලමයව හුරතල් කරන එක නැවැත්තුවා...ඒ හුස්ම ගන්න සද්දෙ කන් ගාවින් ඇහෙනකොට දැන් මට ගහයි...දැන් මගෙ බෙල්ල මිරිකයි කියල මන් බලන් උන්නත් එයා නෙවෙ මොකුත් කෙරුවෙ ..හැබැයි එයාගෙ කේන්තිය අර ඉහල පහල දාන හුස්ම අස්සෙ තියනකොට මම එයා ඉන්නවයි කියල හිතෙන පැත්තට හැරුනා....

මාව රිදවන්නෙ ඇයි හැම පැත්තෙම්ම....ඔයා දන්නවා...මං තනිවෙනවා කියලා ....ඔයා දන්නවා....මට වේදනාවයි කියලා .....ඇයි....මගෙ හිත හදන්න බැරි.....

"මට හිතක් පපුවක් නැනෙ ඒකයි"

මගෙ පපුවත් එක්ක පත්තු වෙලා ගියා ...එයා ආයම අර වචනෙ කිව්වා...එයා ආයම මගෙ කටින් පැනපු වචනෙ කිව්වා....එයා කරන්නෙ වැරද්ද කරපු තැනම තියාගන මාව රිදවන එක...

මගෙ නිඛිල් යන්න යනවා කියන එක මම දරාගන්නෙ කොහොමද අග්නි....අනේ මම අප්පච්චි කෙනෙක්...මං...කොහොමද දරා ගන්නෙ ....දවසක් එයි...මට අරලිය මල් කඩලා දෙන්න බැරිවෙන....දවසක් එයි.....මේ වගෙ අතෙ තියන් නලවන්න බැරි වෙන.....දවසක් ඒවි...මේ හිනාව..මේ ඇබිත්තන් මූන දකින්න බැරිවෙන.....ඒ වගේම දවසක් ඒවි...මගෙ ඇද හිස්වෙලා යන.....අප්පච්චි කියලා කතා කරන්න ඒ දෙන්නම නැති දවසක් ඒවි කියන එක පපුවෙ තියන් ඉන්න මම දරාගන්නෙ කොහොමද අග්නී...

එයා අහන් උන්නා....මට එයාගෙ උනුසුම් හුස්ම පවා වදිනවා....මීට තත්පර ගානකට කලින් නොසන් සුන් වෙච්ච හුස්ම ආයම සන්සුන් වෙලා තියනකොට මට එයාගෙ ඇගිලි වල උනුසුම කොදු නාරටිය දිගේ යනවා වගේ දැනෙනකොට මම මට අල්ලන්න බැරි එයා මාව ඒ ඇගට හේත්තු කරගන්නකන් බලන් උන්නා.....

අප්.....ප....ච්චී...

පුංචි එකා හිනා වෙනවා..එයා අප්පච්චි කියනවා...හැබැයි මා දිහා බලාගන නම් නෙවෙ....මම උන්නෙ බිම බලාගන වෙනකොට මගෙ කොලුවා අනේ දතක් දෙකක් මතු උන කටින් අප්පච්චි ගගා කතා කරන්නෙ එයාට.....එයා පෙන්න ඇවිත්ද...මම ඔලුව උස්සලා බැලුව....නෑ....එයා ඇවිත් නෑ....ඒත් මගෙ දරුවා කියවනවා....හිනා වෙනවා...එයා මගෙ අතේ උන්න ලමයව අදිනවා ...

ඔයාට එයාව වඩා ගන්න ඕනෙද ....

මම එයගෙන් ඇහුවා....වෙන ගෙවල් වල අම්මලා තාත්තලා ළමයි බය කරවන්නෙ යක්කු අල්ලන් යයි කියලා වෙනකොට මගෙ දරුවව නැල්ව්වෙත් යකෙක් උනා.....බාලගිරිදෝසෙ අද නෙවෙ හෙට කියලා ගැහැව්වත්.....දරුවා ලැබිලා තුන් මාසෙකට පස්සෙ මෙහෙ ගේනකොට අම්මා නොදන්නවා උනාට මගෙ පැටියව එකටම අතගෑවෙත් යකෙක් උනා...මට වැරදුනා....ඉතින් කොහොමද එයාට හිතක් පපුවක් නෑ කියන්නෙ ......මට අමතක උනා....එයාගෙ....හැගීම් කොහොමද බෙදෙන්නෙ කියලා ....ආදරය වගේම වෛරය දෙකක උපතක් වෙච්ච අග්නිගෙ හිතේ එක තැනක අම්මගෙ හැගීම් තිබුනා... අනිත් පැත්තෙ....තාත්තගෙ හැගීම් තිබුනා...

මම එයාගෙන් ඇහුවා දරුවව වඩා ගන්න ඕනෙද කියලා ...ඒත් එයා නෙවෙ මට උත්තර දුන්නෙ...එයා මාව රිදවන හැම දාකම මග අරිනවා....අදක ඊයෙක නෙවෙ....මගෙ ඇස්වලට අග්නිව අහු උන දා ඉදල අග්නි මට සැලකුවේම එහෙම....

මං ලමයව බිමින් තිබ්බා....

අප්පච්චි ගෙ පන දුවන්නෙ නෑ .....

ම්ම්ම්ම්ම්

දුවන්න එපා කියලා කිව්වෙ....

ම්ම්ම්.....

දු...ව...න්...න....එපා.....

අපා....

ඔව්...අපා.කියල තමා කියන්නෙ....

අපා.....කීන්නෙ....

ඔව්....එපා.කියන්නෙ...

මම එයාව බිමින් තියලා දුවන්න එපා කියනකොට කොල්ලා මං කියන එකම ආයම රිපීට් කෙරුවා ....

බැනියම විතරක් ඇදන් යටට කලිසම නැතිව පැම්පර්ස් එක් පිටින් තාරාවෙක් වගේ දුවන්න හදන එයාගෙ පස්සෙන් මම යනකොට මාව තල්ලු උනා...

මම බලා ගන්නම්....

ඒ එයා....එයා මාව පැත්තකට කෙරුවා ..මම බලාගන්නම් කිව්වා..... මං බලාගන සැරින් සැරේම ලමයගෙ කකුල් දෙක පොලවෙන් උඩට ඉස්සෙනවා .. ...එයා ලමයව පොඩ්ඩක් උස්සනවා ..මම ඒ ඔක්කොම පැත්තක ඉදන් බලන් උන්නා....හුලන් පුරවපු ප්ලාස්ටික් ලොකු බෝලෙ මගෙ පොඩි එකා ගාවට හිමින් රෝල් වෙලා එන හැටි....එයාගෙ කන් දෙක පිටිපස්සට අරලිය මල් හිර වෙන හැටි මං බලන් උන්නා....බෙල්ල ගාවට වැවුන සින්දු කොන්ඩෙ හිස් මුදුන හරියෙන් කොන්ඩ කුරුල්ලෙක් මතුවෙනකොට අප්පච්චි ගාගන එයා ගිරියෙන් කෑ ගහනකො මං ඇස්වලට උනන කදුලු පිහිදගත්තා .....

මං කොහොමද දෙවියනේ එක පාර මෙච්චර ලොකු වේදනාවක් දරා ගන්නෙ...මොන අම්මා අප්පද ජීවත් වෙලා ඉන්නකොට ළමයි මැරෙනවා දකින්න හිතන්නෙ...

අනෙ දලදා හාමුදුරුවනේ...ප්‍රතිහාර්‍යක් පාලා හරි උන්ගෙ පන රැකලා දීපල්ලා...අනේ ..කද සුරිදුනෙ....මට මගෙ ගෑනිව ලමයව බේරලා දිපල්ලා.....

මං දේවාලෙ වගේම බුදු කුටිය දිහා බලාගන දෙයි හාමුදුරුවන්ගෙන් ප්‍රාතිහාර්‍යක් ප්‍රාර්තනා කෙරුවා ....

"අඩන්න එපා..."

මං කොහොමද නාඩා ඉන්නෙ...මං තනිවෙනවා අග්නී....

"........"

මෙච්චර වෙලාම මාව ගනන් නොගෙන උන්න එයා මගෙ කදුලු දැකලද කොහෙද මගෙ ගාවට ඇවිත් අඩන්න එපා කියලා මිමිනුවා ...කාටත් නෑහෙන කටහඩ හුලගක් හා සමාන වෙනකොට මං අහන් උන්නා ..ඒත් මං තනිවෙනවා කියන වචබ ගාවදි එයත් ගොලුවෙලා යනකොට මගෙ ඇස්වලින් කදුලු සට සට ගාලා කඩන් වැටුනා...අප්පච්චි කෙනෙක් විදිහට මං අසරනයි....සැමියෙක් හැටියට මං අසරනයි....අදුන් කීයක් බැලුවත් අම්මටවත්...අම්මගෙ ගුරුන්වහන්සෙ...අම්මට යන්ත්‍ර මන්ත්‍ර වෙදකම බල පිහිටවලා උගන්නවපු ගුරුන්වහන්සේගෙ ඇස්වලටත් වහන් වෙලා නම් අනෙ දෙයි හාමුදුරුවනේ....දෙවියන්ගෙ සරන නොයා අපි කාගෙ සරන හොයන්නද....ළමයා බඩට ආව දාම අම්ම ගිහින් කතරගමට බාර උනා වැටකෙයියා මලක් පූජා කරන්න.....

මාස තුන පනිනකන්...මං දන්නෙ නෑ දෙයියනේ...ඇදෙන් බස්සවන්නෙ නැතුව ප්‍රවේසම්කරපු කෙරිල්ලක්....මට තේරෙන්නෙ නෑ...මොන යකා මොනවා ගන්න කියලා මෙහෙම කෙරුවද කියලා ....සාරන්‍යා නොදන්නවා උනාට අම්මා කිව්වා ආය ළමයි නොහිටින්න ඒකිට මොනවදෝ ගිල්ලවලා කියලා ....

තැඹිලි ගෙඩි විසි එකක් පොවලා ...වමනෙ කරවපු තරමක්....

ඒ හැම දේමත් කරලා මං ආයම තනිවෙනවා කියන එක පපුවට දැනෙන කොට මට ඉකි ගැහුනා...මං තනිවෙනවනෙ කියන එක මට සද්දෙට කිය උනා...

"උඹත් යන්න ගිය දා මාත් තනි උනානෙ..."

මාව සීතල වෙලා ගියා....අග්නිගෙ කටහඩ වෙව්ලනවා ...තරහවට වෙව්ලන හැටි වගේ නෙවෙ ...මේ වෙව්ලන විදිහ වෙනස්....මං හැරිලා බැලුවා ..එයාගෙ රූපෙ නෑ....එයා තවමත් වහන් වෙලා.....ඒ තරහව කොයි වෙලේ නිවෙන එකක්ද කියන්න දන්නෙ නැතිදෙනකොට මං කටහඩ ඇහෙන පැත්තට විතරක් කන් දික් කරන් උන්නා .

අප්පච්චි ...

එ එයා...දරුවට අලගෙඩියක් තම්බන් එන්නම් කියල ගිය සාරාන්‍යා ...ඇත්තටම එයාව පරඩැලක් වෙලාද මන්දා .. ගෑනුන් ට ළමයි හම්බුනාම උකුල් පලල් වෙලා ඇග ආරලා එනවා කියනවා.. බැදලා මාසයක් යන්න කලින් ගෑනු මහත් වෙනවා ....පස්ස පපුව අගලකින් හරි ලොකු වෙනවා ...ඒත් මං ඒ වගේ එයාව දැක්කෙ පලවෙනි මාසෙ දෙකේ විතරයි ....එතනින් පස්සෙ එයා කන කෑම ඇගට ඇල්ලුවෙ නැද්දෝ මන්දා ....තයිරොයිඩ්ද බලන්න tsh කොච්චර බැලුවද...අහන අහන හැමතැනිම්ම කිව්වෙ අසනීපයක් නෑමයි කියලා .....පපුව නම් ඔහොම හරි තියෙන්නෙ ළමයා හින්දා කියන්න පුලුවන් ඒත් ඒ ඇග....

මට හීල්ලුනා....මොන මිනිහද ගෑනිට ආදරේ නැත්තෙ...මොන මිනිහද දරු පවුලට ආදරේ නැත්තෙ.....මං ළමයා දිහා බැලුවා ..කන් දෙකට මල් දෙකක් ගහලා උන්න පුංචි එකා බෝලෙ අත් දෙකෙම්ම බදාගන ඒක එක්ක කියවනවා...මොනවා කියවනවද කියන්න දන්නෙ එයාම වෙනකොට මං ලමයව වඩා ගත්තා ...

වඩාගත්තු ලමයගෙ ඇග ආයම රස්නෙයි...මට ඉබේටම එයා දිහා බැලුනා....හැන්දෙන් පොඩි කරපු අල එක එයා ඇගිලි තුඩු වලින් ගුලි කරන ගමන් ඉන්නකොට මං නලලට වගේම පිටට අත තියලා බලනකොට ඒ ඇග ආයම රස්නෙයි කියන එක දැනුනා...

සාරන්‍යා ..

ම්ම්ම්ම්...

ලමයට ආය උනනෙ...

අම්මට නොකියා කොහොමද .....මං එයාට නොකියා වෙන කාට කියන්නද ...හෙට ඉදන් ඉස්පිරිතාලෙ ඇදක් උඩ ඉන්නවා කියන එක අපේ පපුවලට පුදුමාකාර තරම් වේදනාවක් ගෙනාවා ...ඒකත් ලමා වාට්ටුවක නම් හිත හදාගන්න තිබ්බා...අපේක්ශාවට යනවා කියන්නෙ....වනේ ඉන්න වන හතුරෙක්ටවත් ඒක නම් වෙන්න එපා කියන එක මං වැටෙන හැම හුස්මක් ගානෙම ප්‍රාර්තා කරනවා....ඒත්....එහෙව් ප්‍රාර්තනා කරන මට මගෙ දරුවා වෙනුවෙන් හූල්ලන්න ඇර වෙනදෙයක් කරන්න ඉතිරි නැති කොට මං වචනවලට කිය්න්න බැරි තරමට අසරන වෙලා උන්නා .....

මගෙ පුතා ..අම්මිට පෙන්නන්න...ඌවා වෙලාද කියලා ....

ම්ම්ම්ම්....හ්හ්...

කෝ ඉතින්....අම්මිගෙ....වස්...තුව.....

අම්...මි...ගෙ...

ඔව්...අම්මිගෙ....වස්තු....ව...අම්මිට පෙන්නපන් මගෙ මැනික....

එයා පිටට නලලට අත තිය තිය බලනකොට මගෙ නිඛිල් එයා කියවන හැටි බලන් කට හදලා අම්මිගෙ කියනකොට මගෙ ගෑනිගෙ ඇස්වලට ආය කදුලු ඉනුවා ...

කවලා ලමා පැනිය පොවාගමු....

එයා ඇගිලි තුඩු වලින් ගුලි කරපු ඇබිත්තන් අල බෝලයක් ලමයගෙ කටට තියනකොට එයා කට ඇරියට ඊලග තත්පරේම එලියට දැම්මා..

අනේ පුතේ...කෝ ආ ගාන්නකො. ....අප්පච්චිගෙ සුදු පුතා ආ ගාන්නකෝ.....

අ...ප්.පච්...ම්ම්හ්හු...අ...පා.... ම්ම්ම්...

එයා අත් දෙකෙම්ම කට පිහා ගත්තා ..කොල්ලගෙ කට තිත්තද දන්නෙ නෑ මගෙ උරහිස උඩ මූන ගහගත්තා ...එයා සමනල්ලු ගැන....කුරුල්ලො ගැන බොරු කෝටියක් කිය කිය අල ගුලියක් කටේ ඔබන කොට එයා කෙරුවෙ අඩ අඩම එලියට දාපු එක...ලමයට ගිල ගන්න බැරිදෝ...කට තිත්තදෝ නැතිනම් බඩගිනි නැතිදෝ කියන්න හොයන්න බැරිවෙනකොට මං අග්නිව හෙව්වා

අග්නී....අනෙ ඉන්න තැනකින් එන්න.....

අන් මගෙ හිතින් කතා කෙරුවා ....මට මගෙ දරුවට එක කටක් කවා ගන්න මන් එයාගෙන් පිහිටක් ඉල්ලුවා ...අඩන ළමයා අල එක දැකල අප්පච්චි අප්පච්චි ගගා මගෙ උරහිසේ මූන ගහනකොට මං එයාට හිතින් මුමුන එයාට කතා කර කර හතර වටම හෙව්වත් එයා නෙවෙ ආවෙ....එයා ගිහින්ද ...

අප්....ප...ච්....චියෝ....

ඕ...මගෙ සුදු මහත්තයා .....අපි...එක හබුමක් කමුකෝ.....

ම්ම්ම්ම්.....

ඇබිත්තන් ඇස් කදුලු වලින් පිරිලා තියනකොට එයාගෙ පිහිට නැති තැන මං ලමයව කාර් එකේ ඩිකිය උඩ ඉන්දවලා එයාගෙ අතට ප්ලාස්ටික් පිගාන දුන්නා ...

ඇබිත්තන් කකුල් දෙක ගෙඹිපැංචෙක් වගේ වෙනකොට එයා චූටි ඇගිලි වලින් ඇහැට පේන්නෙ නැති අල චුට්ටක් අරන් කටේ ඔබාගන මූන බෙරි කරගත්තා ...

කට තිත්ත ඇති....අනේ මට තේරෙන්නෙ නෑ දෙයියනේ...අප්පච්චි මං මොකද කරන්නෙ.....

අප්..පච්චි.....යෝ...

ඕ....ආ....අම්මෝ.....හරී....රහයි.....කෝ...ඔන්න...අප්පච්චි මගෙ පුතාටත් කවනවා ....

එයා අඩාගන්න බැරි කමට හූල්ලනකොට ළමයා ඊලග පාර කෙල නෑවුන ඇබිත්තන් ඇගිලි වලට ගත්තු අල චූට්ටක් මට දික්කරනකොට මන් බොරූවට කට ඇරලා කෑවා වගේ පෙන්නලා ඊලග පාර එයාගෙ කටට අබිත්තක් ඔබනකොට එයා ආයම එලියට දැම්මා වගේම සාරාන්‍යා ලම්යව වඩාගත්තා ...

අම්මිගෙ පැටියට කට ඌවා වෙලාද....ම්ම්ම්..

ම්ම්ම්ම්.....වෙලා...ත...

ඔව්....ඌවා වෙලාද.....

එකම කටක් වත් උගුරෙන් පහලට නොගිය අල ගුලිය දඩාවතෙ යන බලු කුක්කෙක්ගෙ බඩගින්නෙන් එක දශමයක් නිවන්න උදව් වෙනකොට ලමයව අරන් ගිය එයා පෝටිපෝවෙ තිබුන අප්පච්චිගෙ පුටුව උඩ ඉදගන ලමයව හරහට ගන්නකොට මං බලාගන මගෙ නිඛිල් ඔලුවත් හරවන් ලක ලෑස්ති වෙනවා ....ඕන එකක්....අනේ බෙහෙතක් වැටිලා උන හොදවෙන්න වත් මගෙ කොලුවගෙ බඩ පිරෙනව නම්....

"උඹේ ගෑනිට ලමයව අරන් ගෙට යන්ඩ කියපන්....මලපෙරේත හැත්ත කිරි බින්දුවටත් කෙල හලනවා තොට තේරෙන්නෙ නැද්ද ...."

මාව ගැස්සිලා ගියා...මීට විනාඩි ගානකට කලින් මං ලමයට කවා ගන්න එයාව හොයනකොට නාව එයා ඊලග පාර කොහෙ ඉදන් දෝ මන්දා ඇවිත් මගෙ කනට කොදුරන්න ගත්තා ...ඒ කටහඩේ ආයමත් තිබුනෙ තරහවක් වෙනකොට මලපෙරේත හැත්ත කිරි බින්දුවටත් කෙල හලනවා කියනකොට ලමයට අජීර්නයක් වත් හැදෙයි කියලා මං බය උනා....

ඔය ලමයව අරන් ගෙට යන්න .....

මං මිදුලෙ ඉදන් කෑ ගැහුවා ....වගේම එයා ලමයවත් අරන් ගෙට යන්න ගියා...

"පලයන්...අර බිමට හැලුන කිරි බින්දු දෙක තුන පිහිදපන් ඉක්මනට .....ඕකත් හිදිලා යාවි ..."

එයා මට අන දුන්නා ....ඇයිද කියන්න මං දන්නෙ නෑ එයා මට බිමට වැටුන කිරි බින්දු දෙක තුන පිහින්න කියනකොට මං ඉක්මනට ගිහින් කිරි බින්දු පිහදැම්මා වගේම ඒ එක්කම ගේට්ටුව පැත්තෙන් ඇහුන ගෑනු කටහඩ එක්ක මං හැරිලා බැලුවා .....එයා මට කිරි බින්දුව පිහිදන්න කිව්ව හේතුව මේකයො....ගෙවල් දෙක තුනකට එහායින් ඉන්න කාන්ති.....කාන්ති කියන්නෙම ඇවිදින හූනියමක්...දෙයක් කියන්න කට ඇරියොත් ...මං දන්නෙ නෑ...ඒ කටෙන් පුදුම විදිහට වස් වැදුනා .....වැඩිය ඕන් නෑ දෙයක් ලස්සනයි කිව්වොත් ඇකිලිලාම යනවා.....

වෙද හාමිනෙ ඉන්නවැයි පුතේ.....

අම්මා නම් දැන් උයනවද කොහෙද .....ඇයි නැන්දා හදිසියක්ද....

නෑ...මේ...ලුනු පොල්කටුවක් ඉල්ලගන්ඩයි කියලා .....

"දෙන්ඩ එපා ඔය ගෑනිට"

එයා මුමුනනවා....

"උඹලව ලුනු වගේ දිය වේවී..."

මට පිටිපස්සෙන් උන්න එයා ලුනු දෙන්ඩ එපාම කියනකොට මට කටට බොරුවක් වත් මතක් නොවුනා වගේම මං ගොත ගැහුවා .

"කියපන් තිබුන ලුනු එකට සාත්තුවක් කෙරුවයි කියලා ...."

නැන්දා මේ දැන් ටිකකට කලින් ආව වැඩකට අම්මා තිබුන ලුනු පැකට් එකට සාත්තුවක් කෙරුවා ..ඇරත් ඒවා කන්ඩ ගෙනාව ලුනු නෙවෙනෙ...

ඒකත් හැබෑව.....වෙදහාමිනේට ඉතින් කොච්චර වැඩද..මේ දකුනෙන් බාගයක්ම මෙහෙනෙ...

"තූ...."මට හිතින් තූ කිය උනා....කට ඇරියොත් දියවෙලාම යනවා වෙනකොට ගෑනි යනවා එක්කම මං කාරලා තුන් පාරක්ම කෙල ගැහුවා .....

අග්නී...

....

අග්නී....ඔයා ඉන්නවද අග්නී.....

එයා ආයම ගිහිල්ලා ...එයාට තිඋඑන්නෙ මහ පුදුම හිතුවක්කාර කමක්.....මං එයාව හොයපු වෙලේ මාව කනකට නොගත්ත එයා මොන ලෝකෙන් කඩන් පාත් උනාද කියන්න දන්නෙ එයාම වෙනකොට ඊලග තත්ත්පරේදී එයා මාව දාලා ගිහින් උන්නා.....

මගෙ පුතා .....

මං උන්නෙ මිදුලෙ .....මාව දාලා යන්න ගියපු එයා ගැන හිත හිත වෙනකොට අම්මගෙ කටහඩ ඇහෙනවා එක්කම මන් හැරිලා බැලුවා වගේම මං බලාගන දේවාලෙ රතු රෙද්ද හෙළ උනා....ඒ කියන්නෙ එයා ආයම ඇතුලට ගිහිල්ලා...

අම්මා..

මං අම්මා ගාවට ගියා...ආවත් හරි මට අම්මා එක්ක කතා කරන්නම බැරිව යනකොට මම අම්මා ගාවටගියා .....

උඹල නාලා කරල හිටපල්ලා..තෙල් ටිකක් මතුරලා දෙහි ටිකක් වත් කපන්න....හැන්දැවෙ පන්සල පැත්තෙ යන්ඩ වරෙල්ලා පුතා...

එහෙමයි අම්මා...අම්මා...මගෙ කොලුවට.....මොකක් හරි කරලද අම්මා...මගෙ ගෑනිට..සාරන්‍යට....මට මොකක්ද අම්මා මේ වෙන්න යන අපරාදෙ ....මට මොන හෙනයක්ද මෙ ගහලා තියෙන්නෙ අම්මා....බඩ උන දා ඉදන් ඒ ගෑනිට සැනසීමක් තිබුනෙම නෑ අම්මා....

මට වාවන්නනෙම නැත්තේ ඒකයි...මගෙ දරු පැටියට වෙච්ච අපරාදෙ නම් වාවන්නෙ නෑමයි.....මගෙ ඇස්වලටත් වහන් වෙනවා....මට එක සලකුනක් වත් තිබ්බා නම්...මට එකම සලකුනක් වත් තිබ්බා නම්....මං ඔවුන්ගෙ රෝම කූපයක් රෝම කූපයක් ගානෙම්ම ලේ පිට කරවලා නැති කරවලා දානවා.....මගෙ දරු පැටියා....ඒකා මොනවා කෙරුවටද.....උඹලා තුන්කුලුදුල්...ඒකයි මෙතන හෙනෙ.....

මං අම්මා දිහා බලන් උන්නා....අම්මා දත් මිටි කාගන වගේ කතා කෙරුවා ....එයා කියනවා රෝම කූපයක් කූපයක් ගානෙ ලේ ගිහින් මැරෙන්න නැති කරනවා කියලා ....අම්මා කියන්නෙ "කාලම් " ගැන.....අංගම් සාත්තරෙ නපුරුම පැත්ත ගැන....දරු සෙනෙහස ගාව කොයි අම්මද "කාලි" නොවෙන්නෙ..අංගම් සාත්තරේ මතුරනකොට ගම්මිරිස් ඇට දෙක තුනක් හප හප මතුරන ගමන් අදාල උදව් උපකාරෙට යාතිකා කරලා ඒක ඒ මනුස්සය දිහාවට පිම්බත්....කාලම් නම් කරන්නෙ නැතිම තරම්...අංගම් මනුස්සයන්ට කෙරුවට කාලම්.සත්තුන්‍ට පවා කරනවා.....කාලම් කියන්නෙ අදුරු මායාවක්....අශුද්ද සාත්තරයක්.....සද්දන්ත හස්තියෙක්ට පිම්බොතින් ඒකගෙ රෝම කූපයක් ගානෙම ලේ පිටවෙනවා.....

මං බලාගන දේවාලෙ දොර රෙද්ද දෙපාරක් තුන් පාරක්ම හෙළ වෙනවා....අම්මා උන්නෙ බර කල්පනාවක වෙනකොට කෙම්මුරේ දාලට අම්මා හරියට ප්‍රවේසම් වෙනවා.....මම තවත් ලතා නොකර උන්නා.....තුන් කුලුදුලේ හින්දයි මෙච්චර හෙන කියනකොට මගෙ ඇගේ හිරි ගඩු පිපුනා....

අම්මා මිදුල පුරාවටම සක්මන් කරනකොට මම එහෙම්ම ගෙට ගිහින් කෙලිම්ම.මගෙ කාමරේට යනකොට අම්මලා පුතාලා කතාවක.....

දැන් ඇතිද ...ඉතින්...අම්මිගෙ චූටි පැටියට .....

ම්ම්ම්හුක්....ඇතිත.....

ඒක තමයි අහන්නෙ ....ඔය දැන් ඔලුව හප්පගන්නවා.....අප්පච්චි මටත් එක්ක බනී....එන්නකො ඉතින්.....

පොඩි එකා ඇද පුරාවටම දුවනවා....ඇගේ එකම එක නූල් පටක් වත් නැතුව හෙලුකොට්ටෙන් දුවන පොඩි එකාගෙ ඇගේ තරම දැකපු මටම හීල්ලෙනකොට මමත් උඩට ඇදන් උන්න ටීශර්ට් එක ගලවලා දාලා එයාට එහා පැත්තෙන් දිකා වෙනකොට අම්ම වගේම අප්පච්චි දෙන්නම ඕන මගෙ කොලු පැටියා අපි දෙන්නා මැදට රින්ග ගත්තා....

ඉක්කේ.....කෝ...කාසම...

කෝ.....

කෝ ඉතින්...මේ....ඔක්කෝම එලියෙ නේ.....

ම්ම්ම්ම්.....

ම්ම්ම් තමයි....දොයියන්නෙ නැද්ද....

නානෙ....

ඇයි.....

නානෙ.....නේ....නා...නේ.....

එයා කියවනවා....මගෙ ගාවට ආව එයා මගෙ ඇගට හේත්තුවක් දාන් ඉදගන්නකොට මට ඒ ඇගේ රස්නෙ පවා දැනුනා...

ලමා පැනිය පෙව්වද....

පොවා ගත්තා ....දෙයියන්ගෙ පිහිටෙන් උන බැහැලා ගියා නම්....

අප්පච්චිගෙ සුදු පුතා.....දොයියන්නෙ නැද්ද.....ම්ම්....

තනියම මොන මොනවදෝ කියන එයාව නිදිකරවගන්න අපි දෙන්නටම ඕනා උනා...වෙනමොකටවත් නෙවෙ එයා නැගිටන් ඉන්නකොට දුවලා ඇග තලා ගන්න හින්දා වෙනකොට මගෙ ඇගට ජැක් එක ගහන් හෙලු කොට්ටෙන් ඉදන් තනියම කියවන පොඩි එකාව මම මගෙ ගාවන් නිදි කරවගත්තා විතරයි චූටි කපටියා ඉක්මනට අම්මා ගාවට රෝල් වෙලා ඇගට කකුලකුත් දාන් හරි බරි ගැහනකොට මං අපි තුන් දෙනාවම වැහෙන්න බ්ලැන්කට් එක දාන් එහෙම්ම එයාගෙ ඇගට අතක් දාගත්තා ...

මන් බලන් උන්නා.....සිනිදු කොන්ඩෙන් වැහුන එයාගෙ ඇබිත්තන් මූන දිහා...උල් වෙච්ච කට දිහා...මං එ එක්කම සාරන්‍යා දිහා බැලුවා.....කලු උන ඇස් දිහා බලන් උන්න මම එහෙම්ම මගෙ අත එයාගෙ අතට පටලවගන්නකොට එයා මගෙ කකුල උඩට කකුලක් දාගත්තා .....

ඇයි අප්පච්චි .....

ඇස් අඩවන් වේගන එන දරුවගෙ මූන දිහා බලපු එයා හිමින් කොදුරනකොට මොකුත් නැහැයි කියන්න මම ඔලුව හෙල්ලුව උනත් " අනේ මාව දාලා යන්න එපා" කියලා කියන්න මම ඒ අත මගෙ අතට කිටි කිටියට තදකරගන්නකොට කවදා හරි මේ ඇද හිස් වෙනවානෙ....මගෙ අතට පැටලෙන මේ අත නැති වෙනවනෙ....අපි දෙන්නා මැද නිදියන මගෙ මැනික නැතිවෙනවා මං තනි වෙනවනෙ කියලා මතක් වෙනකොට ජීවිතේ මට ජීවත් වෙන්න දුන්න දවස් ගාම අඩුයි කියන එක පපුවට දැනන කොට මගෙ ඇස්වලට කදුලු උනන්න ගත්තා .....

සා...රාන්‍යා.....

මම එයාට කතා කෙරුවා කතා කරන්නත් බෑ ...වචන එන්නෙ උගුරෙන් වගේ වෙනකොට මට ඒ දෙන්නව කිටි කිටියට තුරුල් කරගන්න ඕනා උනා....මාව දාල යන්න එපා කියන්න කට ඇරගන්න බැරිවෙනකොට මම එහෙම්ම ඇස්වලට උනපු කදුලක් කොට්ටෙට වැටෙන්න දීලා එයා දිහා බලන් උන්නා....

ජීවත් වෙනවා කියන්නෙ අතින් අල්ල ගත්තු දවස් ගාන නෙවෙ....හිතින් අල ගත්තු දවස් ගාන.....ජීවත් වෙනවා කියන්නෙ ආස දේවල් එක්ක ජීවත් වෙනවට වඩා.....ලැබෙන දේ එක හුස්ම අල්ලන එක...ජීවත් වෙනවා කියන්නෙ සදහටම මැරිලා යන්න කලින් ටිකින් ටික හුස්ම අල්ලන ගමන් මැරිලා යන එක....ජීවත් වෙනවා කියලා කියන්නෙ දවසක් හිනා උනොත්....මාසයක් අඩන්න වෙන එක... .ජීවත් වෙනවා කියන්නෙ අඩන්න හේතු දාහක් තියාගන හිනාවෙන්න එකම එක හේතුවක් හොයා ගන්න නැහෙන එක.....හෙන ගැහුවත් දරා ගන්න වෙන එක...

එහෙම වෙනවට වඩා...ඉපදීමක් නැති නම් මොන තරම් නිදහස්ද....වෙලාවකට කියනවා ඉපදීම.දුකක්ලු....තව වෙලාවකට කියනවා මනුස්ස ආත්මයක් ලබන්න පින් කරන්න ඕනලු...අනේ දෙයියනේ.... මනුස්ස ආත්මයක් ලබන්න පින් කෙරුවට ඉපදුනාට පස්සෙ ආයම විදවන්න තියනවා නම්...ඇයි ඉපදෙන්නෙ...

මං කල්පනා කෙරුවා .....එයාගෙ ඔලුව අත ගෑවා..නින්ද ගියපු ලමයගෙ ඔලුව අත ගෑවා....ඒ තත්පර ගානකින් එයාටත් බඩට නොකාම නින්ද යනකොට මමෞඩ බෙලි අතට හැරුනා ....

අග්නී....

මම මිමිනුවා ....මං දන්නවා ඒත් එයා එන්නෙ නෑ...එයා කාමරේ පැත්ත පලාතෙ එන්නෙ නෑ. ..කාලයක් තිබුනා එයාට හිතෙන්නෙ කොයි වෙලේද එනවා ශිවන් ගානවා යනවා.....මං ඉන්නවද බලනවා යනවා.....නින්ද ගිහින් නම් ඇහැරෙනකන් බලන් ඉන්නවා යනවා.....ඒත්...මේ ඇදේ ඉතුරු හිඩැස පිරෙන්න ගත්තු දා ඉදන් එයා ආවෙ නෑ.....ඔය උලුවැස්ස පැන්නුවෙම නෑ....අඩුම ගානෙ සාරන්‍යා ඉන්න වෙලාවට වත් එයා ආවෙ නෑ...

හැබැයි සාරන්‍ය මගෙ ලග ළඟ නැති වෙලාවට මම නොදන්න හේතුවලට පොඩ්ඩ පොඩ්ඩ මාව රිදෙව්වා....ඒකට හෙතුව මම වත් දන්නෙ නෑ..සමහරක් වෙලාවට අඩගහපුවම නෑවිදින් උන්නා...දෙයක් ඇහුවොත් නෑහුනා වගේ උන්නා...කොටිම්ම කියනවා නම් එයා මාව තඹේකට මායිම් නොකර උන්නා...හිටපු ගමන් වෙන "යක්ශනියක්" ගැන කියෙව්වා...ඒත් නැත්තන්....."යක්ශයෙක් "ගැන වරුවක් කියෙව්වා මට ඔය යක්කු යකින්නියන්ගෙ වර්නනාව අහන් ඉන්න බැරි උනාම මාත් කෙරුවෙ එයා එපා කියන දෙයක් කරපු එක....මද්දහන වෙලාවක කොහෙට හරි වෙලා ඉදන් බැදුම් ගිලපු එක...පිලී ජාති කාලා ගොරකා ගහක් යට ඉදන් උන්න එක...අවසානෙදි කන් රත් වෙන්න ගුටි කාගන ගෙදර ආව එක....

මට තේරෙන්නෙ නෑ....අග්නි එහෙම කරන්නෙ ඇයි කියලා.....වෙලාවකට මටත් තේරෙන්නෙ නෑ මම මොන මගුලට හිතුවක්කාර වෙනවද කියලා...

මම එහෙම්ම බෙල්ල හරවලා එයයාලා දිහා බැලුවා .....ඒ දෙන්නටම නින්ද ගිහින්.....මම එහෙම්ම ඇබිත්තන් කකුල් දෙක බෝක්කු කටක් වගේ ඇත් කරන් හෙලුකොට්ටෙන් නිදාගන උන්න පොඩි එකාගෙ නලලට අත තියලා බැලුවා ...තවම ටිකක් රසනෙයි.....ළමයා කෙදිරි ගෑවා වගේම මම ඉක්මනට කටට සූප්පුව ගහලා පොඩ්ඩක් තට්ටු කර කර දොයියන ගගා මිමිනුවා විතරයි ගෙයි ඉස්තෝප්පුවෙන් ආව මරලතෝනී ගැහිල්ල එක්ක ගෑනියි ලමයයි දෙන්නම නැගිට්ටා වගේම බය උන පොඩි එකා හූ තියලා අඩන්න ගත්තා ....

ආ...හරි...හරි....නෑ.....අම්මියො....කවුරුත් ...නෑ....අම්මිගෙ වස්තුව....

එයා බය වෙලා අඩන ලමයව නලවන්න හදනකොට මම ඇද විට්ටමේ තිබුන ටීශර්ට් එක් දාන් එලියට පැන්නා....

අනේ....වෙද හාමිනේ.....

බඩදරු අම්මෙක්....බඩටයි කොන්දටයි අත තියාගන මර ලතෝනි ගහනකොට කෙල්ලගෙ අම්මද නැන්දම්මද මන්දා අනේ වෙදහාමිනේ ගගා අම්මව හෙව්වා.....

අම්මා.....අම්ම්මා.....ඉක්මනට එන්ඩකෝ.....

මම අම්මට කෑ ගැහුවා... ඒ එක්කම අම්මා බෙහෙත් අඹර අඹර ඉදලා දො දුවගන එනකොට බඩින් උනන් කෙල්ල ආවේස වෙලා වගේ හූ තියන්න කෑ ගහන්න සෙම පෙරන්න ගත්තා ....තනිකරම අවසිහියෙන් වගේ ඒකි උගුරෙන් කෑ ගැහුවා ....

මගෙ පුතා...අල්ලපන්...අල්ලපන් ඉක්මනට එලියට.....

පිරිමි තුන් හතරකටවත් ගැබ්බරීව ආම්බාන් කරන්න බැරි වෙනකොට අම්මා මටට් අඩගැහුවා.....ඒකි ලතෝනි ගහනවා වේදනාවයි .. වේදනාවයි ගගා මැරෙන්න හදනවා...ලමයා හම්බෙන්න හා සමානවම අවසිහියෙන් වගේ ඉදන් තටමනවා.....

ඔහොම...ඔහොම්ම තියාපල්ලා....ප්‍රවේසමෙන්....

අනෙ....අම්මෝ...මෙක ගනිල්ලා...ගනිල්ලා ....මේක....ගනිල්ලා.....

ගැබ්බරි කොන්ඩෙ කඩාගන මේක ගනිල්ලා ගගා ඉස්තෝප්පුවෙ උඩ බෙලි අතට නිදාගන තටමන්න ගත්තා .....අවසිහියෙන් හූ තිබ්බා...

"රණබටේ ගුරුකම...ගැබ්බරීට රණබටේ ගුරුකමක් කරලා.....ගැබ හිර කරල...."

අග්නී.....!!!

ඒ එයා.....හිටි ගමන්ම මතුවෙන අග්නි...මගෙ ගාවට ආව එයාගෙ හුස්ම පවා මගෙ උරහිස් වල වදින්න ගත්තා ....එයා කියනවා කෙල්ලට ගුරුකමක් කරලලු...එකත් රණබටේ ගුරු කම...හිරකරපු බට ගැලෙව්වෙ නැත්තන් එක්කො අම්මා මැරේවි ...නැතිනම්....දරුවා මැරේවි....

🙂ආය වෙලාවක එන්නම්.....

සෑට නිතේස්ලා එක්ක එන්නම්....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters