LightReader

Chapter 3 - 03

මගෙ ඔලුව උඩ හෙන පිට හෙන පුපුරන්න ගත්තා....ඒ කම්මුල් පාර කාපු මගෙ පැත්තක්ම පන නැතිවෙලාගියා....

අග්නී....

කටින් කතා කරගන්න බැරි මං හිතින් මිමිනුවා ..ඒත් එයා නෙවෙ මගෙ ගාවට ආවෙ.....රබරෙ එකපැත්තකම ගස් කඩන් වැටෙන සද්දෙ වගේම මං බලාගන පියාඹලා මහන්සියට හති අරින්න ආව කුරුල්ලො පවා අහසට ඉගිල්ලිලා යන්න ගියා...

අග්නී...

මන් මගෙ හිතින් මොර දුන්නා....ඒත් එයා නෙවෙ ආවෙ.....ඇයි අග්නි මට මෙහෙම කරන්නෙ....ඇයි එයාට මේ තරම්ම කේන්ති යන්නෙ....මගෙ අම්මා නොදන්නවා උනාට මේ ගෙයි සීමාව අස්සෙදි අග්නි මාව බලා ගත්තෙ ඇහැක් වගෙ...අම්මගෙ ඇස්වලට පවා වැලි ගහපු අග්නි මාව පරිස්සම් කෙරුවත්....ඒ කේන්තිය ඉස්සරහා මටවත් සමාවක් තිබුන් නෑ...මට තේරෙන්නෙ නෑ මට තේරුම් ගන්නත් බෑ...එයාගෙ අකමැත්තෙන් කෙස් ගහක් එහා මෙහා උනත් ඇති එයාට එයාගෙ ඉවසීම නැත්තටම නැති වෙනවා.....

ඇත්ත.....යක්ශයෙක්ට කොහෙද ඉවසීමක්....යක්ශයෙක්ට කොහෙද හැගීම් දැනීමක්...විසි හතර පැයේම ඉනිස්සුන්ගෙ කතා කනට වැටුන එයා ඒ වචන වලින් කතා කරනවා මිසක්කා.....එයා මාව බලාගන්න පරිස්සම් කරන්න පුරුදු වෙන්න ඇත්තෙත් අම්මා තාත්තා මාව බලා ගන්නවාබලන් ඉදලා පුරුදු වෙලා වෙන්න ඇති.....

මම එහෙමත් හිතුවා...මට අග්නි ගැන වෙලාවකට එක එක දේවල් හිතුනා.....වෙලාවකට අග්නි තරම් ආදරනීය යක්ශයෙක් නැහැයි කියලා හිතුනා...මොකද...මගෙ ගාවට ඇවිදින් හුලන් පාරක් වගේ වැදීගන යනගමන් ශිවන් කියන නම විතරක් එයා කියාගන යනකොට ඇත්තටම අග්නි පුදුමාකාර තරම් හොදයි කියලා හිතෙනවා....ඒත්..ඒ අග්නිම වෙලාවකට මේ ලෝකෙ ඉන්න නරකම..භයානකම යක්ශයා කියලා හිතන්න තරම් පුදුම විදිහට මගෙ හිතට වද දුන්නා....

අග්නී...මට උඹව තේරුම් ගන්න බෑ අග්නි....

මම වැටිලා උන්නා...අහසෙ වලාකුලු ඉහට උඩින් වේගෙයෙන් පාවෙලා යනකොට රබෙරෙන් බාගයක්ම අග්නි කඩලා බිදල දලා ඇතියි කියලා හිතුනා...

මම ඇස් පියාගත්තා ...මං දන්නවා මගෙ කම්මුල නිල් වෙලා ඇති....යකෙක් ගහනවා කියන්නෙ ලේසි පහසු දෙයක්නෙවෙනේ...

අග්නී.....දැනවත්..ඔය තරහා නිවාගන්න අග්නී....

මම මගෙ හිතින් එයාට කතා කෙරුවා ...

එයා නෙවෙ සද්ද බද්ද කරන්නෙ...මං දන්නවා ගොරක දෙබලක් උඩ ඉදන් එයා පුපුර පුපුරබලන් ඉන්නව ඇති කියලා ...

මම නැකිටින්න හැදුවා...මට නැගිටගන්නවත් හයියක් නෑ....මගෙ ඇගම තල දාලා වගේ..... හිතට හයිය අරගත්තු මම නැගිටින්න හැදුවා ඒ උනත් ...මට නෙවෙ නැගිට ගන්න පුලුවන් උනේ ....

ඊට වඩා නරකද මාව එක පාර මරලා දැම්මා නම්.....

මම මගෙ හිතෙන් එයාට දෙස් තිබ්බා මාව මරලා දැම්මා නම් ඉවරයි කිව්වා ඒ එක්කම මගෙ කන ගාවින් කොල පොඩි වෙන වේලුන කෝටු කෑලි කැඩෙන සද්දයක් ආවා වගේම මං ඇස් දෙක විතරක් හරවලා බැලුවා ...කෙම්මුරක් හින්දමදෝ මන්ද එයාට අද ඉවසීම කියන දේ එක දශමෙකින් වත් තිබුන් නෑඑයා එනවා...හැබැයි දැන් මට පේන්නෙ නෑ කොල පොඩි වෙන වෙන තනකොල ඉගිල්ලෙන හැටි පෙනුනත් මට එයාව මේ පාර පෙනුන් නෑ....එයාට තරහා ගිහින්... ඒ එක්කම බිම උන්න මාව එකපාරම එයා බෙල්ලෙන් අල්ලන් ඉස්සුවා...මගෙ කකුල් දෙක තිබුනෙම පොලවෙන් උඩ වෙනකොට මං කකුල් බිමට ගහන්න හැදුවා

අ....ග්.....

මට කතා කරගන්නවත් බෑ...එයාගෙ අත අල්ලන්නවත් බෑ....ඒ අත්වල හයිය තනිකරම යකඩක් වගේ වෙනකොට මගෙ ඇස්වලින් රූපෙ වහන් කරන් උන්න එය තරහෙන් හුස්ම ගන්න හැටි විතරක් ඇහෙන කොට මං කදුලු පෙර පෙර කකුල් වැනුවා .....

මැරෙන්න නේ ඕනා කිව්වෙ උඹට...ආ???

අග්....නී....කැහ්.....කැහ්...

එයා මාව අතෑරියා හැබැයි බිමට නෙවෙ....මං උන්නෙ එයාගෙ උකුල උඩ...කවදාවත් එයාව අල්ලන්නවත් වරම් නැති ඒ කලුල් උඩ වෙනකොට මගෙ අත් දෙක කඩා වැටුනා....

මරන්න තරම් බෙල්ල තද කරපු එයා ඊලග තත්පරේදි මාව එයාගෙ ඇගට හේත්තු කරන් උන්නා....එයාගෙ වචන මට පුදුමාකාර තරම් වද දුන්නා...මට මගෙ පුතා ..මගෙ සාරාන්‍යා .....ඒ දෙන්නම නැතිවෙනලු....එයා කියනවා...ඒ වචන එයාට බර නැති උනාට මනුසයෙක් උන මට කොච්චර බර වැඩිද...

අග්නී...මං....තනි...වෙන්නද.....යන්නෙ....මං...තනි...වෙන්න...බයයි.....මට.....ඒ....

දෙන්නා...නැතුව ඉන්න....බැරි....වේවි...

මං අඩනවා ....එයා අහන් ඉන්නවා ....ඒත් මට එයාගෙ මූන පේන්නෙ නෑ හැබැයි මට දැනෙනවා....මාත් එක්ක තරහා ගන්න හැමදාකම එයා කෙරුවෙ ඕක..

මට...ඔයාව අල්ලන්නත් තහනම්..නම්....අඩුම ගානෙ ඇස්වලට වත් පේන්න එන්න....මං දුකෙන්...මං වේදනාවෙන් .....ඇයි.....මගෙ වේදනාවෙදි හැන්ගෙන්නෙ ....

"මට ඔය කදුලු බලන්න බෑ"

ඇයි මට මෙහෙම වෙන්නෙ අග්නී....ඇයි...මටම වෙන්නෙ.....මන්කාට මොන වරදක් කෙරුවටද ...ඇයි මට එයාලව බේරලා දෙන්න බැරි.....මට මගෙ දරුවව ඕනේ.....මට...එයාව ඕනෙ ....ඇයි...මට බේරලා දෙන්න බැරි....අග්නී...ඇයි....

මං ඇඩුවා ...ඒ කකුල් උඩ ඉදගන වකුටු වෙලා ඇඩුවා ....ඇයි බේරලා දෙන්න බැරි අහනකොට එයා මගෙ ඇස් වලට පේන්න මතු උනා ...සුදු මැලි මූන...කොන් රතු උන ඇස්....ඒ ඇස්වල කවදාවත් එක හැගීමක් තිබුන් නෑ.....එයා බිම බලන් උන්නා...මාව අත් දෙකෙම්ම අල්ලන් උන්න එයා බිම බලන් උන්නා....අවසානෙදි එයා කතා කෙරුවා ...කනට නෑහෙන ගානට.....

"උපච්ජේදක මරනන්...."

උපච්ජේදක මරනයක්.....??ඔයා කියන්නෙ....ඒ දෙන්නට.....

එතනින් පස්සෙ එයා උත්තර දුන් නෑ....එයා කිව්වෙ උපච්ජේදක කියලා

ආයුක්ශය මරනය කියන්නෙ කර්ම ශක්තිය ඉතිරි වෙලා තියෙද්දි ගෙනාපු ආයුශ ඉවරවෙලා මැරෙන එක.....

කර්මක්ශය මරනය කියන්නෙ ගෙනාපු ආයුශ ඉතිරි වෙලා තියෙද්දි කර්ම ශක්තිය ඉවරවෙලා මැරෙන එක...

උභයක්ශය මරණය කියන්නෙ ගෙනාපු ආයුශයි කර්මයයි දෙකම ඉවර වෙලා මැරෙන එක....

එතකොට ...

උපච්ජේදක මරණය කියන්නෙ ගෙනාව කර්ම ශක්තියයි...ආයුශයි දෙකම ඉතිරිවෙලා තියෙද්දි වෙනත් භාහිර දේකින් මැරෙන එක....ඒ කියන්නෙ....ඒ කියන්නෙ...

ඒ දෙන්නට...කොඩිවිනයක් කරලද....

අග්නී.....ඒ දෙන්නට කොඩි විනයක් කරලද.....

අග්නී ....මට උත්තර දීපන්....

මං දනි පනි ගාන් නැගිට්ටා ...නැගිටලා හිටගත්තා ...ගුටි කාපු වේදනාවල් වාශ්ප වෙලා යනකොට මං එයාගෙන් උත්තර ඉල්ලුවා....ඒත් එයාගෙ ඇහිබැම ඇකිලුනා මිසක්කා එයා නෙවෙ උත්තර දුන්නෙ මගෙ පපුව පැලෙන්න තරම් ආවා.

කාටත් වරදක් නොකර මගෙ කිරි සප්පයට පවා කොඩි වින කරන්න....කාටවත් වචනෙකින් වත් වරදක් වත් නොකරන මගෙ ගෑනිට මෙහෙම කරන්න....මට මෙහෙම වේදනාවක් දෙන්න මං මොනා කෙරුවටද?? ඒ කව්ද කියපන්....ඒ කව්ද කියපන් අග්නී.....මට උත්තර දීපන්....ඇයි උඹ කටවහන් ඉන්නෙ අග්නී...උඹට කිසිම හිතක් පපුවක් නැති යක්ශයෙක්....

මං එයාට බැන්නා හිතක් පපුවක් නැති යක්ශයෙක් කියලා එයාට කෑ ගැහුවා...ඒත් එයා සද්ද නෑ...එයා ඔලුව පහත් කරන් ඉන්නවා මිසක් එයානෙවෙ කතා කෙරුවේ....අඩ අඩ උන්න මං අනිත් පාර කෑ ගැහුවා ගමම හෙල්ලිලා යන්න එයාගෙ නම කියලා කෑගැහුවා ...

අමරේන්ද්‍රන් .....!!!!!

මෙච්චර වෙලාම අග්නි අග්නි කිය කිය උන්න මං ඊලග පාර අමරේන්ද්‍රන් කියා කෑගනවත් එක්කම එයා ඔලුව උස්සලා බලපු පාරට වැහි නැති අහසෙ කන් බීරි කරගන යන තරමට හෙනයක් පුපුරලා යනකොට මං උඩ බැලුවා

ශිවන්....

අ...ග්...නී...අග්...නි....එ.....පා....අග් ..නී....

උඹගේ වේදනාවට හේතුව මන් දන්නවා නම්....මං ඒක නැති කරනවා මිසක්කා උඹව අඩවන් නෑ....

එයා එනවා....අඩියෙන් අඩිය....අඩියෙන් අඩිය.....මගෙ ඉස්සරහට එනවා.....අග්නී අමරේන්ද්‍රන් ....තියන අඩියක් අඩියක් පාසාම ගස් කොලන් ඇඹරිලා යනකොට මට ඒ මූන පවා බලන්න බැරි උනා ...එක එක වෙලාවට ඇස්වල පාට...ඒ මූනෙ පාට....ඒ ස්වරූපෙ එක විදිහට මාරු කරන එයා අඩියෙන් අඩියම මගේ ගාවට එනකොට මං බයටම පස්සෙන් පස්සට ගියා

අ...ග්...නී...අග්.....

මට හිතක් පපුවක් නෑ එහෙමනෙ.....?

අග්නී...අනේ...අග්...නි....

ඔව්.....උඹ කිව්වා ඇත්ත..මට හිතක් පපුවක් නෑ....මට හිතක් පපුවක් නෑ..යක්කුන්ට කොහෙද හිතක් පපුවක්...එහෙමනෙ ....

අග්...නි...අග්නී....අහන්න....

අහන්න...මොනවද....මොනවද මං අහන්න ඕනා...ආ ශිවන්....

එයා මගෙ ගාවට අඩියෙන් අඩියම එනකොට අවසානෙදි මම රබර් ගහකට හේත්තු උනා...ඒ අත්වලටබහුවෙබ අහුවෙන හැම දේම ඇස් පනාපිට ගිනි ගත්තා...අමුම අමු රබර් ගස්වල මුදුන් දල්ලෙ ඉදම්ම ගිනි ගන්න පටන් ගත්තා.....ඒ ප්‍රාශ්වාසෙ පවා ගින්දර හා සමානවම උනුසුම් වෙනකොට මාව වේලිලා යන්න ආවා.....ඇස්වල තිබුනෙම තනිකරම ඉහවහ ගියපු තරහව වෙනකොට ඒ ඇස් වලින් ගින්දර පිට වෙනවා හා සමානව රස්නෙ ගහනකොට මම ඇස් වහගත්තා ....මාව ගින්නට අහු වෙච්ච කෙසෙල් කොලයක් හාසමානවම මැලවෙන්න ගද්දි එයා ආයම ගිගිරුවා කෙම්මුරක් කියන්නෙම දේව යක්ශ ප්‍රේතයන්ගෙ දවස් වෙනකොට මගෙ එක වචනයක් එයාව ආයම තරහා අවුස්සලා තිබ්බා...මට එයව මෙල්ල් කරනවා තියා හිතන්නත් බැරි වෙනකොට එයා මම හිතක් පපුවක් නැති යක්ශයෙක් කියපු ඒ වචනෙ ආය ආයම කියෙව්වා ....

මට හිතක් පපපුවක් නැද්ද ශිවන්....මම යක්ශයෙක් ....ඒක ඇත්ත....ඒක සම්පූරනම ඇත්ත.....මම යක්ශයෙක් ....ඒත්...උඹ කොහොමද කියන්නෙ මට හිතක් පපුවක් නෑය කියලා....ආ...ශිවන්...උත්තර දීපන්.....

අනේ....අග්....නී....

අග්නී...ඔව්....මම....අග්නියක්.....මම අග්නියක් ශිවන්....මට එක තත්පරෙන් මේ හැම දේම අලු කරන්න පුලුවන් ශිවන්.....හැබැයි...උඹ අහන සමහර ප්‍රශ්නවලට උත්තර හොයන්න තරම් සමහර හයියවල් මගෙ ගාව නෑ ශිවන් ...මට සමහර තැන් වලට යන්න බෑ ශිවන්.....ඒකත් උඹ දන්නවා....මම දැනන් උන්නා නම්....මම උඹට කියනව....නොදන්න දෙයක් අහනකොට මට උඹට උත්තරයක් දෙන්නෙ බැරි වෙනකොට මම හිතක් පපුවක් නැති යක්ශයෙක්ද ශිවන්....ආ...????උත්තර දීපන්. .....

අග් ..නී...අනේ...අග්නී....මාව පිච්චෙනවා...

නෑ...නෑ....උඹව තවම පිච්චෙන්න ගත්තෙ නෑ උඹ පිච්චෙනවා කියන එකේ තේරුම දන්නෙ නෑ....

එයා ගුගුරනවා...එයා කෑ ගහනවා.....හතර වටින් ගිනි ඇවිලෙනකොට එන රස්නෙට වඩා අන්තයි එයාගෙ ඇස්වලින් එන ..එයාගෙ සුසුම් වලින් එන රස්නෙ වෙනකොට මම ඇස් වහන් මූන හංගන් උන්නා....

ශිවන් ...

මූන හංගන්න එපා...

එයාගෙ කට හඩ ආයම ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා...ඇවිලුන ගිනි දැල් ආය ආයම අඩු වෙනකොට එයා මට මුන හංගන්න එපා කිව්වා වගේම මම ආයම මූන උස්සලා වහපු ඇස් ආයම ඇරියා....එයා වෙනස් වෙලා.....ජීවිතේටවත් දැකලා තිබුන් නෑ අමනුස්සයෙක්ගෙ ඇස් තෙත් වෙනවා...මම ඒත් අද ඒ ඇස් තෙත් වෙන හැටි මගෙ ඇස් දෙකෙම්ම දැක්කා.....

උඹ වටේ තව තව අමනුස්සයො කැරකෙනකොට මට බය හිතෙන්නෙ ඇයි ශිවන්...?

උඹගෙ අම්මටත් හොරෙන් මම උඹ පස්සෙ වැටෙන්නෙ ඇයි ශිවන්...?

මට හිතක් පපුවක් නැතිනම්...උඹ එයා එක්ක අලුත් කූඩුවකට ගිය දා මට රිදුනෙ ඇයි ශිවන්.....?

උඹ එයා ගාව ඉන්නව දකිනකොට මට රිදෙන්නෙ ඇයි ශිවන්.....?

එයා එක්ක තරහවක් නැති උනත්.....එයාව දැක්කම මට රිදෙන්නෙ ඇයි ශිවන්....?

උඹ අප්පච්චිකෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තු දා මට සතුටු හිතුනෙ ඇයි ශිවන්.....

උඹගෙ දරුවව දැකපු දා මගෙ මූනට හිනාවක් ආවෙ ඇයි ශිවන්...

අ....ග්නී...

තත්පර ගානකට නිවුන එයා ආයම ඇවිලෙන්න ගත්තා ....අහන හැම ප්‍රශ්නයක් ගානෙම එයාගෙ කට හඩ ආය ආයම උස්වෙනකොට එයා ප්‍රශ්න අහ අහම මගෙ වටේ කැරකෙන්න ගත්තා ...එයා මගෙ වටේ කැරකෙනකොට මමත් මගෙ වටේ කැරකුනා...ඒක හරියට නිකන් භ්‍රමනයයි පරිභ්‍රමනයයි වගේ....එයා මගෙ වටේ කැරකි කකැරකි ප්‍රශ්න කරනකොට මම මගෙ වටේ කැරකෙන ගමං එයා දිහා බලන් උන්නා...මොකද මට දෙන්න උත්තර නැති උනා...හිතක් පපුවක් නැති අමනුස්සයෙක් ඉස්සරහා හිතක් පපුවක් තියන මමම නිරුත්තර උනා ...

උඹ අඩනකොට මට රිදෙන්නෙ ඇයි ශිවන්....

උඹට රිදෙනකොට...උඹ උඹටම රිදවගන්නකොට මම උඹට කෑ ගහන්නෙ ඇයි ශිවන් ...

උඹ මැරෙන්න ඕනා ගානකොට මාව ගිනිගන්නෙ ඇයි ශිවන්.....ආ....ඇයි...ඇයි....උත්තර දීපන්...

අනේ.....අග්...නී...

බැරිම තැන මම ඉදගත්තා....එයාගෙ ප්‍රශ්න දරාගන්න බැරි තැන මම ඉදගත්තා ....

උඹ තවමත් කියනවද....මට හිතක් පපුවක් නෑ කියලා .....

අග්නි.....

උත්තර එපා....ඒක උඹම හිතපන්...

අග් ..නී.....අ....ග්....

එයා අවසානෙදි ආයම මගෙන් ප්‍රශ්ණයක් අහලා මම කෑ ගහන්න කෑ ගහන්න එයා යන්න ගියා ...යන යකා යන්නෙ කොරහා බිදගන කියන්නෙ බොරුවට නෙවෙ කියන්නද කොහෙද එයා ගොරකා ගහක් දල්ලෙ ඉදන් දෙබෑ කරන් යන්න යනකොට මම පපුවට අතක් තියාගන නැගිට ගත්තා ....

ඇවිලුන හැම ගින්නක්ම නිවිලා ගිහිල්ලා.....තව දුරටත් එයා උන්නෙ නෑ.....තව දුරටත් අග්නි උන්නෙ නෑ...හැම පැත්තෙම්ම තැලුන මම ආයම ගෙදර යන්න හැරුනා...

සාරන්‍යා එහෙන්....අනිත් පැත්තෙන් මගෙ පුතා.....ඒක මහ වේදනාවක්.....මම ජීවත් වෙලා ඉන්නකොටම ඒ දෙන්නා මාව දාලා යනවා කියන්නම වේදනාවක්...මේක දේව දඩුවමක්ද.....නැතිනම්.....කොඩිව්නයකද ...අම්මට අහුවෙන්නෙත් නැති තරම් නම්....කව්ද ඒ....ඇරත් මොන වරදක් කරාටද...මොනව බෙදා ගන්නද ....

මම ගොරකා කැලේ මැදින් එනකොට මට ලාවට ලාවට තව අඩි සද්ද ඇහුනා...අග්නිට අමතරව මට තව තව අමනුස්සයන්ව දැනුනා...ඒත් ඒ එකෙක්ටවත් අගෙ ගාවට එන්න බැරිනිසාම මම හිත සැනසීමෙන් උනා උනත් උන්ගෙ විලාප වගේම එක එක රූප දකින කොට පොඩි කාලෙ බය උනා...මට තේරෙන්නෙ නෑ.....අම්මා මට වරේ ගන්න දුන්නා නම්...මම මෙහෙම දුක් විදිනෙන් නෑ...ඒ උනාට වරයක් එක්ක ජීවත් වෙන්නත් අමාරුයි...කෙම්මුර දාකට ආවෙස වෙන අම්මා පස්සෙන් පස්සට නටකොට අප්පච්චිට දවුල් පලලම හති වැටෙනවා.....හක්ගෙඩිය පිඹලම හති වැටෙනවා.....නටන නැටුම් වල සමහර අඩි පවා දන්නෙ නැති වෙනකොට ආවෙස් නටල නටලා ඉවර වෙනකොට ඇග පතම වේදනා දෙනවා කියනවා....

මම හිමි හිමින් ගෙදර ආවා.....

ගෙදර ගියත් මට ගින්නක්...සාරන්‍යා දරුවගෙ ලෙඩේ ගැන දැනගත්තම ඒ ගෑනිව වත්තම් කරන්න මම මොනවද කරන්න ඕන...අඩන්න එපා කියන්න තිබුනා හරි ගස්සන්න පුලුවන් ප්‍රශ්නයක් නම්.....ඒත්....මගෙ දරුවා.....අනේ ඒ හුරතලෙ...මගෙ පැටියා මොන පවක් කෙරුවටද.... මොන වරදක් කෙරුවටද...

වෙද ගෙදර ආව මිනිස්සු එකා දෙන්නා අඩුවෙලා අවසානෙදි හැමෝම යන්න ගිහින් තිබුනා..ආයම හවස තුනෙ හෝරාව වෙනකන් අම්මා බේත් හේත් වලට අත නොගහනකොට අම්මා කරන්නෙ බෙහෙත් වලය බුදු ගුන මතුරන එක.....ගිලින ගුලියක් ගානෙම සෙත් වෙන්න කියල ප්‍රාර්තනා කරන එක....

නාඩා ඉදිල්ලක්කෝ...

අනේ...අම්මා...මං මේකව හදපු හැටි අම්මා දන්නවා...අප්පච්චි උඹලා හැමෝම දන්නවා.....නව මාසයක් ගෙවා ගන්න මම විදපු දුක දන්නවා.....මගෙ ළමයි නැති උනා....අවසානෙදි හිටපු එකාව පරිස්සම් කරන්න මම නොවිදිනා දුක් වින්දා.....එහෙව් දරුවට මොන ලෙඩක්ද අම්මා මේ හැදුනේ...

මම ගෙයි දොරකොඩ ගාව නැවතුනා...මට ඇතුලට යන්න හිතක් නෑ.....එයා අඩනවා...එයා දුක කිය කිය අඩනවා....මම කොහොමද යන්නෙ.....

අනේ...අම්මා.....මගෙ ලමයව බේරලා දෙන්න අම්මා.....පින් අයිති වෙයි....පින් අයිති වෙයි.....මට ඉන්නෙ මෙච්චරයි දෙයියනේ....අනේ...හ්....අම්මා....

මගෙ දූ.....නාඩා ඉදින්කෝ...නාඩා ඉදින්කෝ...උඹලා ඔහොම ඇඩුවම නොදරුවා බය වෙනවනේ....මගෙ රත්තර.....අත්තම්මගෙ වස්තුව.....උඹලව අපි සනීප කරමු....රත්තරනේ...

මම එහෙම්ම බිත්තියට පිට දීලා හිට ගත්තා .....අග්නිගෙ වචන මතක් වෙන වාරයක් ගානෙම පපුව ගිනි ගන්නකොට සාරන්‍යා දරුවව බේරලා දෙන්න ගගා නොවදිනා වැදුම් වදිනකොට මම අහන් උන්න වගෙම ඒ එක්කෙ අප්පච්චි මගෙ පොඩි එකාව වඩාගන එලියට ආවා.....

අප්ප...ච්චි.....

අප්පච්චි අතේ ඉන්න ලමයව දැකපු මට ඉකි ගැහුනා....මගෙම මූන තියන නොදරුවා මැරෙන බව නොදැන අනේ ඒකා සූප්පුව උරව උරව එයාගෙ සෙල්ලම් හාවව තුරුල් කරන් උන්නා.....

අප්පච්චි ...තවමත්...ඇග රස්නෙද....අප්පච්චි .....

මම ඇද ඇද වගේ කතා කෙරුවා.....

උඹලා හෙට ඉස්පිරිතාලෙ යනවද පුතේ.....

මගෙ පපුව පැලෙන්න ආවා.....මහරගමක ඇදක් වෙන් වෙනවා කියන්නෙ මේ ලෝකෙ හතුරෙක්ට වත් වෙන්න හොද නැති දෙයක් වෙනකොට මම මගෙ දරු පැටියගෙ මුන දිහා බලන් ඔලුව.අත් දෙකෙම්ම බදා ගන්නකොට අනේ ඒකා අප්පච්චි ගගා මට කතා කෙරුවා ....

අප්....අප්....ප...ච්චි.....

ඕ....මැනිකේ...ඕ..මගෙ වස්තුවේ....

මට ඒ කටහඩ පවා පපුවට පිහි පාරවල් බස්සනවා වගේ දැනෙනකොට මම අප්පච්චි අතේ උන්න ලමයව වඩා ගත්තා .....ඇබිත්තන් කටට හිර උන සූප්පුව.....යටට කලිසමක් නැතිව පැම්පර්ස් පොඩ්ඩකින් විලිවැහුන දරුවව මම අත් දෙකෙම්ම තුරුල් කරන් මිදුල පුරාවටම ඇවිද්දා.....

එය නෑ....එයා ගොරකා කැලේදි මාව දාලා යන්න ගියා...වෙනදා නම් දරුවා මගෙ අතේ ඉන්නකොට හොරෙන් හොරෙන් අතගාන්න හරි එනවා...ඒත් අද නෑ.....එයා යන්න ගියා....ඒකත් මට පපුවට වේදනාවක්.....

අප්...ප...චි....

ඕ....මගෙ පුතාට ...බයි ඕනෙද...

ම්ම්ම්ම්ම්ම්ම්....

මගෙ පුතාට...බයි ඕනෙද....

ම්ම්ම්ම්ම්ම්ම්

එයා අහන අහන එකට ම්ම් ම්ම් ගගා උන්නා මිසක්කා කතා කරන වචන දෙක තුනවත් කතා නොකරනකොට අඩලා අඩලම පන ගියපු සාරන්‍යා පරඩැලක් වගේ එලියට ආවා.....

නිශ්මික....

වෙන්දට අප්පච්චි කියලම කතා කරන එයා අද මට මගෙ නම කිව්වා.....

මගෙ දරුවයි..මායි....මේ තරම් අවාසනාවන්තද ...ආ.....අප්..පච්චී...

එයාගෙ කටහඩ අස්සෙ තිබුනෙ උතුරන්නම වෙදනාවක් වෙනකොට එයා ආයම මට අප්පච්චි කිව්වා වගේම කෙල්ලට කතා කරගන්න බැරුව මගෙ පපුවට මුන ගහනකොට මම පපුව ගල් කරන් උන්නා.....

අම්...මී.....අම්....ම්ම්...ම්ම්ම්...හ්හ්ක්

එයා අඩනවා...එයා අඩන හැටු බලන් උන්න පොඩි එකත් අඩන්න ගන්නකොට එයා අඩන එක නවත්තලා කදුලු පිහදැම්මා....

මට....තේර්‍ර්න්නෙ නෑ...අප්පච්චි ....

එයා කදුලු පිහ පිහ මගෙ අතේ උන්න ලමයව අත ගගා මා දිහා බැලුවා .....

අපි හෙට හොස්ප්ටිල් යමු.....මගෙ පුතාට මොකුත් වෙන්නෙ නෑ...උඹගෙ පුතාට මොකුත් වෙන්නෙ නැ....අපෙ දරුවට මොකුත් වෙන්නෙ නෑ...ඒහෙම හිතන්නවත් එපා...අනෙ මගෙ කොල්ලට මාව ඕනා...

අම්මෙක් අප්පච්චි කෙනෙක් නෙවෙ මේ ලෝකෙ හුස්ම අල්ලන හැම මිනිස් පරානයක්ම කවදාවත් තමන්ගෙ කටින් පිටකරන්න හීනෙන් වත් හිතන්නෙ නැති වචන ටික මම හරි අමාරුවෙන් එලියට දැම්මා....එයා එලියට පනින්න එන ඉකිය හිර්කරන කදුලු පිහිදගන්නකොට ළමයා අතේ උන්න එයාගෙ සෙල්ලම්.හාවව බිම දාලා අත් දෙකම දිගෑරන් කටඇරලම ඇනුමක් යැව්ව වගෙම කටට ගහලා තිබුන සූප්පුවත් කටින් අතෑරුනා....

ඇබිත්තකට නැති කට පුරාවටම තවමත් කිරි සුවද පිරිලා තිබුනා...දත් දෙක තුනක් මතු උන චූටි කටට මම එහෙම්ම හාදුවක් තිබ්බා....

කවන්නෙ නැද්ද මෙයාට.....

මම අඩන එයාගෙ කදුලු පිහිදලා කවන්නෙ නැද්ද අහනකොට පිස්සිගෙ පලාමල්ල උන කොන්ඩෙ එයා ගැට ගහගත්තා ...

අල ගෙඩියක් තැම්බෙන්න තිබ්බා...මං බලලා එන්නම් .....

ම්ම්ම්ම්....

අප්පච්චි ...අම්මා කිව්වා...හවසට පන්සලට යන්න ලැහැස්ති වෙන්න කියලා ...

ම්ම්ම්ම්....

යන්න කලින් දෙහි ටිකක්.මතුරලා.ආරක්ශාවක් කරන්නම් කිව්වා...කොන දේ කරල හරි...මට මගෙ කොල්ලව සනීප කරල දෙන්න කියපන් අප්පච්චි ...අනේ....පින් අයිතිවෙයි...

නාඩා ඉදින්කෝ.....උඹඅඩනකොට මම කොහොමද ඉන්නෙ...

එයා ආයම අඩන්න හදනකොටම මම අඩන්න එපා කියන්න ඒ මුන අතගෑවා...අවසානෙදි එයා මගෙ අතේ උන්න දරුවගෙ කකුලක් ඉඹලා

 කුසියට යන්න හැරුනා....පරඩැලක් වගේ එයා විසික් වෙවි යන්න යනකොට මම ආයාම දේවාලෙ දිහා බැලුවා....රතු දොර රෙද්ද හෙලවෙයිද කියලා....ඒත් හෙළ උනේ නෑ.....

අග්නී.....

මම මිමිනුවා.....මම බලන් උනා කොහෙන් හරි මතු වේවි කියලා .....ඒත් එයා නෑ.....

අප්....අප්.....ච්....

ඕ.....වස්තුව .....අප්පච්චිගෙ පැටියට බඩ ගිනිද .....

එයා අප්පච්චි ගානකොට මම මගෙ පිට අල්ල එයාගෙ බෙල්ලට තිබ්බා.....ලමා පැනිය පෙව්වට පස්සෙ උන ගතිය බැහැලා ගිහින් තිබුනා වගේම මම ඒ මූන දිහා සෑහෙන වෙලා බලන් උන්නා.....

උඹ මොන වරදක් කෙරුවටද රත්තරන් උඹට මෙහෙම උනේ.....

මම ලමයව තුරුල් කරන් ලමයගෙම්ම ප්‍රශ්න අහනකොට සූප්පුව නැති හින්දා එයා මහපට ඇගිල කටේ ගහන් උරවන්න ගත්තා වහේම ගේ ඉස්සරහා තිබුන අරලිය ගහේ තිබුන මල් පොකුර පෙන්නලා අත දික් කෙරුවා ....

මගෙ පුතාට ඕනෙද....

ම්ම්ම්ම්ම්

මගෙ පුතාට ඒක ඕනෙද.....

ම්ම්ම්ම්...ඕ...නෙ...ත...

ඔව්.....අප්පච්චිගෙ පැටියට ඒක ඔනෙද...

මම ඇගිලි තුඩු වලින් ඉස්සුනා...ඒත් ඒක උසයි....මට ලමයව වඩන් උඩ පනින්නත් බෑ...පුංචි එකා සැරින් සැරේම මල් පොකුර පෙන්නනකොට මම එයාව බිමින් තියන්න ගියා උනත් මම බලන් ඉන්නකොට ඒ අත්ත චුට්ටක් පහත් උනා....

අග්නී.....ඒ ඔයාද....

මම මිමිනුවා.....ඒත් එයා නෙවෙ කතා කෙරුවෙ .....පොඩ්ඩ්ක් පහත් උන අත්තෙන් මම මලක් කඩන් දරුවගෙ අතට දෙනකොට අනේ ඒයා අරලිය මල අර ඇබිත්තන් ඇගිලි වලින් අල්ලන් මල එක්ක මොන මොනවදෝ කියවනකොට මම බලන් උන්නා ....එයා මල කර කව කරකව ඔහෙ කියේවා වගේම චූටි පැටියාට එක පාර හිනා ගියා....එයා වම් කම්මුල අතින් පිහ පිහ හිනා උනා...

අග්නී.....මේ ඔයා නේද අග්නී.....

ඒ එයාද...එයා මගෙ ඇස් වලින් ආයම වහන් වෙලා...එයගෙ තරහව නිවෙන කන් එහෙම්මමයි...එයා නෙවෙ එන්නෙ...මගෙ අතේ උන්න පුංචි එකා හිනා වෙන්න ගත්තා ...නිකන් නෙවෙ...පොඩි උන්ව කිචි කවනකොට උන් කෑ ගගහා ඇබරි ඇඹරි හිනා වෙනවා වගේම මගෙ දරුවා හිනා වෙන්න ගත්තා ....ඒ එයා...එයා මගෙ පැටියව හුරතල් කරනවා.....එයා හිනා වෙනකොට අතේ තිබුන මල බිමට වැටුනා වගේම එයා බිම වැටුන මල දිහා නැවි නැවි බලනකොට තවත් අරලිය මලක් ඇවිත් මගෙ අත උඩ නැවතුනා ...

🤭ම්හුක්.....හිච්චි සාතන්ට මේක දෙන්න හිතුනනෙ...

හෙට බ්‍රීත් එකෙන් එන්නා.....ම්

පයිස්සමින් ඉන්ඩ අයියෝ.....

🦌මීත සාතම් මුව පැතියා😂😂😂

මම JOBBY❤️💚😘 ...

More Chapters