LightReader

Chapter 2 - 02

පුපුරු ගහන ඇස්වලින් කදුලු බින්දු සට සට ගාලා මේසෙට දාලා තිබුන වීදුරු වැටුනා....

මගෙ දරුවව ජීවත් කරවන්නම බැරිද....ඩොක්ටර් ....මට ඉන්නෙ ඔච්චරයි ...මගෙ ගෑනිට හදන්න පුලුවන් ඔච්චරයි ......ඒකිගෙ පපුව පැලිල මැරෙයි ....මට යන එනමන් නැතිවෙයි 

අප්පච්චි කෙනෙක් කවදාවත් දරුවෙක් ගාවදි අම්මා වගේ " පුතේ මම උඹට මෙච්චරක් ආදරෙයි " කියන්නෙ නෑ...අම්මා හැමදාමත් එලි පිට ආදරෙයි කිව්වත් අප්පච්චි කෙරුවෙම ලමයා නිදා ගත්තම ලගට ගිහින් ඔලුව අත ගාපු එක.....නලලට හාදුවක් තියලා " මගෙ පුතා" කියන එක ගැඹුරින් කියපු එක...ඒකෙත් "මගෙ " කියන වචනෙට නාඩි වට්ටවපු එක....මට දරන්නම බැරි උනා...වේදනාවෙ අඩියෙ උන්න මට වෙනදට කවුරුත් ඉස්සරහා වයිෆ් කියල කතා කරන මට මගෙ ගෑනි කියලා කිය උනා....මගෙ නිඛිල්.....අවුරුදු ගානකට පස්සෙ මගෙ අතට ආව මැනිකක්...මම සාර්න්‍යව බැන්දෙ විසි තුනෙන්.....එයාට එයාට දහ අටයි....නිඛිල්ට කලින් දෙපාරක්ම එයා අම්මා කෙනෙක් වෙන්න උන්නා...කරුමෙද ....නැත්තන් වෙන දෙයක්ද කියන්න මම දන්නෙ නෑ...ඒ දෙපාරම ඒ නූපන් කලලවලට තුන් මාසෙ පන්නවන්න බැරි උනා...ළමයි හිටින් නැති උනා.....

ගන්න පුලුවන් හැම තැනිම්ම බැලුවා ඒ හැම තැනිම්ම හැම ඩොක්ටර් කෙනෙක්ගෙම්ම ලැබුන උත්තරේ එයාගෙවත් මගෙවත් ප්‍රශ්නයක් නෑ කියන එක...වෙද නෝන කෙනෙක් උන....අනුන් වෙනුවෙන් සෙත් පිරිත් කියපු අදුන් බලපු මගෙ අම්මටවත් බැරි උනා මේ මල කරුමෙද කියලා හොයන්න.....අවසානෙදි පූරුවෙ කරපු එක අල්පමාත්‍රීක පිනකට මට වගේම එයාට අම්මෙක් අප්පච්චියෙක් වෙන්න පුලුවන් උනත්....මගෙ ගෑනිට අංගුලි මාල පිරිත පවා කියෙව්වෙ ඉස්පිරිතාලෙ ඉද්දි...හත් මාසයක් බඩට හත් මාසයක් පිරෙනකනුත් එයාට ගෙදර ඉන්න බැරි උනා....බඩ දරු උනාම තුන් මාසෙ වමනෙ යන එක සාමාන්‍ය දෙයක් උනත් එයාට පෙවෙන වතුර උගුරට වමනෙ කලයක් ගියා ...ගැබ්බර හින්දා බඩ විරෙක කරවන්න බැරිව අම්මා දෙහි කැපුවා ....සුර එල්ලුවා....කතරගමට බාර හාර උනා ..අම්මා පේ වෙලා පේවෙලා ගිනි පෑගුවා .....අවසානෙදි හත් මාසෙන් කියන්න ඕන අංගුලි මාල පිරිත කියවනකොට එයාගෙ බඩ විතරයි ඇගපතක් තිබුනෙම නෑ...ඇත්තම කතාව නම්...මගෙ ළමයා හැදුනෙම සේලයින් වලින්...උපත් බර කිලෝ දෙකටත් අඩුයි...ඒකව මාස ගානක් ඉස්පිරිතාලෙ තියලා තියලා ගෙදර ගේන්න කලින් දවස් ගානක් අම්මා මුලු ගෙදරටම සෙත් පැන් ඉස්සා...එච්චරත් කරලා හදාගත්තු ලමයට මෙහෙම උනාම අපි කොහොමද ඉවසන්නෙ.....

මම සෑහෙන්න වෙලා යනකන් උන්නා....ඩොක්ටර් මගෙ අතට වතුර එකක් දීලා මට පොඩ්ඩක් වාඩි වෙලා ඔන්න කියලා බෙහෙත් ගන්න ආව අනිත් දරුවො බලනකොට මම බලන් උන්නා....මම කටක් ඇරලා කියන්නෙ කොහොමද ....

ඔලුව පුපුරන්න වගේ....අම්මගෙන් කෝල් එනවා එකා කාරෙට.....අනිත් පේශන්ස්ලාට කරදරයක් හින්දා ආන්ස්වර් නොකරපු මම ඵෝන් එක සයිලන්ට් කරලා සාක්කුවෙ ඔබා ගත්තා ....

මට ඇහුනා පුංචි එකා අඩනවා.....එක පාරක් දෙපාරක්....තුන් වෙනි පාර අඩන එක නවතින කොට මම හිතට හයිය අරන් "සාපකාරි වේදනාවක්" ලිය උන රිපෝර්ට් එක දෙකට නවලා මම සාක්කුවෙ දාන් එලියට එනකොට එයා ඈත කෙරවල පුටුවක ඉදන් පුංචි එකාට කිරි පොවන ගමන් උන්නා....

අප්පච්චි ....

ශ්ශ්....එයාට නිදා ගන්න දෙන්න....

ඇස් අඩවන් කරන් කිරි උරන ලමයගෙ ඇස් වලින් වැටුන කදුලු බින්දුවකට තවමත් කම්මුල් තෙත් වෙලා තියනකොට එයා අහන්න හදන දේ දන්න මම එයාට කතා කරන්න ඉඩක් නොදී ඒ කට වැහැව්වා .....

කටට ගහලා තිබුන සූප්පුව පහලට එල්ලෙන අතේ තියනකොට එක අතකින් එයා අම්මගෙ පපුව අල්ලන් උන්නා.....ඇවිදිනකොට පිප් පිප් ගාන සපත්තු දෙකම බිම තිබුනා...කකුලට කකුල අතුල්ලන් සපත්තුව ගලවගන තිනුන පොඩි එකා කකුලක් වැනුවා ආයම ඇස් අඩවන් කෙරුවා .....

මං සාරන්‍යා දිහා බලන් උන්නා....එයා උදේට වැඩට යනකොට කොයි තරම් නම් ලස්සනද.....ඒත් දැන්...වත්සුනුවලින් වහන හැම වේදනවක්ම අද එලි පිට තිබුනා...කලු උන ඇස් යටට කොච්චර නම් දේවල් ගානවද....මම බලන් උන්නා...දරුවව අල්ලන් උන්න අතේ තිබුන කසාද මුදුව දිහා ..ඒ අතේ නහරත් පෑදිලා...සමහර ගෑනු ලස්සනට ඉන්න ඕනා නිස කෙට්ටු උනාට එයාව කෙට්ටු උනේ දුක් විදලා වෙනකොට මගෙ බර කොහොම දරාගන්නවද කියන එක මම කල්පනා කෙරුවා ....

මම බලන් උන්නා ...ලමයට නින්ද යනකන්.....සැරින් සැරේම වැහෙන ඇස් ඇරෙනකොට එයා පොඩ්ඩක් ඉස්සරහට පස්සට පැද්දිලා ලමයව නිදි කරවනකොට මම ඵෝන් එක අරන් ආයම පැත්තකට ගියා...ගිහින් මෙච්චර වෙලාම නිවනක් නැතිව මගෙ ඵෝන් එකට කෝල් ගත්තු අම්මට මං කෝල් එකක් ගත්තා ...

හෙලෝ අම්මා.....

දරුවට කොහොමද පුතේ...

අම්මා.....අපි....එන්නද අම්මා..මට...මේක මෙහෙම කියන්න බෑ අම්මා...අද කෙමුරක්....අම්මට වැඩ වැඩිද.....

මම අම්මගෙන් අද වැඩ වැඩිද ඇහුවා....අද බදදා දවසක්..අම්මට වැඩ වැඩි දවසක්.....ආයුර්වේදයට අමතරව දේවාලෙ වැඩ එක්ක කෙම්මුරේට අම්මට වැඩ වැඩි වෙනකොට මම ඈත උන්න එයාලා දෙන්න දිහා බැලුවා...එයාටත් කිලි දවසක් නෙවෙ එකේ අම්මා ලව්වා දෙහි ගෙඩියක් වත් මතුරවගන්න...ඇරත්...දෙහි මැතිරුවෙ නැති උනත් එයා කිලි වෙලා නම් මට එයාව තනියම ගෙදර තියන්න වෙනවා....ඇස් ඇරපු දා ඉදලා මෙවා දකින මම සමහර දේවල් තදින් විශ්වාස කෙරුවා...අම්මට කිලි දවසට මං ලව්වා පහන තිබ්බෙව්වා.....

වැඩ වැඩි උනාට කාරි නෑ...මගෙ පුතා වරෙන් කො....

මම හූමිටි තිබ්බා.....

සාරන්‍යා ...

මම මිමිනුවා...එයාමා දිහා බලල ඇයි කියන එක ඇස් වලින් අහනකොට මම හොදටම නින්ද ගියපු දරුවව වඩාගම අත් දෙකෙම්ම තුරුල් කර ගන්නකොට එයා ඇදුම හදාන බිම තිබ්බ සෙල්ල්ම් බඩු ඇහින්දා.....

ගෙදර ගිහින් එන්න යමු...ඔයාට එන්න පුලුවන් නේ....

පුලුවන් ....ඒත්....අප්පච්චි ...මට කියන්නකො...මට කියන්න....ඇයි ඔයා මොනවද හන්ගන්නෙ....ඔයගෙ මූන පවා සුදුමැලි වෙලා ගිහිල්ලා....මට කියන්න...අයියේ....

එයා මාව හොලවනවා...ඒ උනත් මම දත්මිටි කාන් ලමයව අල්ලන් උන්නා ඇරුනම වචනයක් වත් කතා නොකර උන්නා....එයා බැරිම තැන මට ගැහුවා.....

ඇයි උඹ මගෙන් හංගන්නෙ.....

එන්න යන්න...

එයා ගහපු එක මට රිදුන් නැති උනත් ඒ කියපු වචන මගෙ පපුවට බර උනා...මගෙ පපුව පසාරු කෙරුවා...අම්මෙක්ගෙ වේදනාව කදුලු වෙනකොට මං එයාව අතින් ඇදගන වගේ එලියට ඇවිත් කාර් එකේ දොර ඇරලා දුන්නා ...

සාරන්‍යා ...පින් අයිති වෙයි ගෙදර යනකන් වත් නාඩා ඉන්නවද මගෙ ළමයා ඇහැරෙයි...

මට මගෙ ගෑනිට බනින්නවත් හෙතුවක් තිබුන් නෑ ..අම්මෙක් විදිහට එයා මගෙන් ඇහුවෙ දරුවා ගැන උනත් මම කොහොමද කියන්නෙ...මම කොහොමද කියන්නෙ.....ඒ ගෑනිගෙ මූන බලන් මම කොහොමද කියන්නෙ...පුංචි පැටියා එනකන් හැම දුකක්ම විදපු මාත් එක්කම ඇගිලි ගැනපු ගෑනිට මං කොහොමද කියන්නෙ....

එයා මගෙ අතේ උන්න ලමයව ඉල්ලගන ඇතුලෙන් වාඩි උනා .මමම ශීට් බෙල්ට් එක දැම්මා ශීට් බෙල්ට් එක දාන්න පහත්වෙනකොට මං ඒ බෙල්ල දැක්කමයි මට මතක් උනේ...සති ගානකින් වත් මම එයා එක්ක නිදි වැද්දෙ නෑ කියලා ....එයාවැඩට ගියා මන් වැඩට ගියා.....රෑ එලිවෙනකන් අසනීප දරුව නැලෙව්වා මාසෙන් බාගයක්ම ලමා වාට්ටු අස්සෙ උන්නා මිසක්...මට වත් එයාටවත් බැරි උනා.....ගෑනි මිනිහ බලන රස බලන්න.....

මම එහෙම්ම එයාගෙ මූන දිහා බැලුවා ...

නාඩා ඉන්න...මාව අසරන කරන්න එපා

මම ඒකම්මුලට හාදුවක් තිබ්බා....එයා ඔහේ උන්නා .....ලමයට තදිම්ම නින්ද ගිහින් අනේ චූටි කට විතරක් නින්දෙන් හෙලවෙනවා...

පාරේ වාහන යනවා වාහන ඇතුලෙ උන්න සමහරක් උන් හිනා වෙනවා....පාරෙ අයිනෙ මිනිස්සු ඉන්නවා ....සමහරක් සපත්තු මහනවා...සමහරක් පයින් යබ ගමන් උන්නා..පොල් පටවගත්තා හා සමානවම මිනිස්සු පටවපු මාතර කොලඹ බස් එකේ එක පැත්තක විතරක් රෝදා බිම ගෑවෙනකොට අනික ඉස්සිලා තිබ්බා ඒ තරමට සෙනග.....ඒ කොහොම උනත් මිනිස්සු මිනිස්සුන්ටම අටවගත්තු ලෝකවල තනි වෙනකොට මමවත් එයාවත් වචනයක් වත් නොකියා උන්න...එයා කෙරුවෙ ළමයා දිහා බලන් ඉන්න එක....වෙනදට එයා ළමයා මං වගේ...එයාගෙන් කියලා කිසිම දෙයක් ගිහින් නෑ කියකිය කොච්චර මැරෙන්න හදනවද ....එහෙනම් ඊලග පාර එයා වගෙ නංගි බබෙක් ගේමු කියනකොට එයා කොච්චර හිනා වෙනවද ....ඒත් අද ඒ කිසිම දෙයක් නෑ....ඒ ඔක්කොම දේවල් හොරු අරන් ගිහින්...

මං ඔහේ ඩ්‍රයිව් කෙරුවා ...නිල්වෙලා ගගෙ අතු ගගවල් පහු උනා....ගස් කොලන් පහු උනා ....ගෙ කොහෙද අහනකොට ලේසියට කඹුරුපිටිය කිව්වා උනත්....ඇත්තටම උන්නෙ තිහගොඩ වෙනකොට මම මම එයාව එක්කන් මගෙ මහ ගෙදරට එනකොට ගෙට එන පාර දෙපැත්තෙ වෙද ගෙදරට ආව වාහන පෝලිම් ගැහිලා තිබ්බා...

ගෙට යන්න ....

මම එයාට මග දිගට අදුරන අය එක්ක කතාවට වැටෙන්න එපා කියන එක නොකියා කියනකොට එයා ඔලුව වැනුවා.....

තව දවස් තුනක්....මේ තෙල් එක ගෑවම හරි...මේන් මේ හරියෙන් තමා තැල්ම හිටලා තියෙන්නෙ තෙමන්ඩ කරන්ඩ යන්ඩ එපා ....

එහෙමයි හාමිනේ.....

හරි...මේන් මේ...චූර්නෙයි...මේන් මේ මෝර ගුලියයි ...උදේ වරුව කෑම අහවර කරලා ගන්ඩ....මෙන්න මේ තිත්ත කසාය සීනි මුහු නොකර බොන්ඩ ඕනෙ ....තේරුනැයි ...

එහෙමයි වෙද හාමිනෙ ....

ම්ම්ම්....ඔන්න එහෙනන්...තුරුනුවන්ගෙම සරනයි කියලා සනීප වෙන්ඩ ඕනා....

මං බලන් උන්නා.....අම්මා ගාවට ගිහින් වැදපු පොඩි කෙල්ල දිහා වගේම කෙල්ලගෙ අම්මා දිහා .බුලත් අත උඩ තිබුන වෙද හෙද ගාස්තුව ආයුර්වේදෙ වැඩට උන්න කෙල්ලෙක් ගන්නකොට බෙහෙත් දෙන කාමරේ ගාව දෙන්නෙක් තුන්දෙනෙක් පිරිලා උන්නා...

පුතා.....

අප්පච්චි ...

මං හැරිලා බැලුවා ...අම්මා ගාවට කිහිලි කරුවලින් ආව මනුස්සයෙක් හරී අමාරුවෙන් ඇතුලට යනකොට මං අප්පච්චිගෙ කට හඩ එක්ක හැරිලා බැලුවා .....

මං එහෙම්ම සෙනග අඩු පැත්තක් වෙච්ච අම්මගෙ දේවාලෙ පැත්තට ගියා...රතු තිර රෙදි නිල් තිර රෙදි...තැඹිලි පාට තිර රෙදි තිබුන දේවාලෙ ඉස්සරහම බාර ගැටගහපු ත්‍රිශූලයක් තිබුනා...

දරුවට මොකද කිව්වෙ පුතේ...අර දැරිවි ගෙට ගියේ අඩාගන....

අප්පච්චි මගෙන් අහනවා ...අප්පච්චි දන්නෙ නෑ තවත් අපච්චෙ කෙනෙක්ගෙන් ඇහුවෙ මේ ලොකේ උහුලන්නම අමාරු වේදනාවක් ගැන කියලා වෙනකොට මං එහෙම්ම කුරුදු ගහට හේත්තු උනා වගේම මං බලාගන දේවාලෙ රතු පාට තිර රෙද්ද එහා මෙහා වෙනවා .....

මට හුස්මක් පිට උනා ...ඇස්වලට කදුලු උනනකොට මං උන්ඩිවෙලා ගියපු රිපෝර්ට් එක අරන් අප්පච්චි අතට දුන්න මං දේවාලෙ ගාවට ගිහින් හෙලෞන තිර රෙද්ද මෑත් කරලා කතරගම දෙයියෝ දිහා බැලුවා

ඇවිලෙන පහන්...අම්‍රිතා හදුන් කූරුවල සුවද පූජාවට්ටි වල තිබුන පලතුරු සුවද එක්ක මං බලාගන ඇතුලට ආව හුලන් පාර එක්ක පිත්තල පහනෙ දැල්ල නිවෙන්න යනකොට ඒ එක කවුරු හරි වැලැක්කුවා....රිපෝර්ට් එක තියන් උන්නට ඉංග්‍රීසි වෙදකම නොදන්න අප්පච්චි මගෙන් උත්තර එනකන් බලන් ඉන්නකොට මන් ස්කන්ධ කුමාරයා දිහා බලන් උන්නා....

උඹ මට දීපු වරය මං ගත්තෙ නැති හින්දද මට මෙච්චර දුකක් දෙන්නෙ දෙයියනේ....

මන් කම්මුල් තෙමන් වැටුන කදුලු එහෙම්ම දේවාලෙ දොරකොඩ උඩට වැටෙනකොට මං එහෙම්ම කද තිබුන විදිහටම තියලා මං දකුනු උරහිසට උඩින් අප්පච්චි දිහා බැලුවා .....

මගෙ ඇස් ගිනි ගින්දර වෙලා තියෙන්න ඇති ....දරු දුක ඉහටත් උඩින් තියනකොට මං අප්පච්චි දිහ බලන් එහෙම්ම දේවාලෙට පස්ස හරවන් නැතිව අඩි දෙක තුනක් පස්සෙන් පස්සට ආවා.....

අප්පච්චි .....

කියපන් පුතේ කිරිසප්පයට මොකද....කියපන්.....

අප්පච්චි ..මගෙ කොල්ලට....කැන්සර් එකක්....මගෙ...කොල්ලට...මගෙ....ලමයට....මගෙ ලමයට.....අනේ...අප්පච්චි ...අගෙ කොල්ලගෙ ඇගේ ලේ වතුර වෙනවා...අප්පච්චි .....

මං එච්චරයි කිව්වෙ....මං එච්චරයි කිව්වෙ.....ලියුකේමියාව නොකියා මං ලමයගෙ ඇගේ ලේ වතුර වෙන්න පටන් අරන්.....කියන එක කියලා එතනින් මොහොතක් නොයිද මගෙ ඇගේම හයිය කකුල් වලට දීලා දේවාලෙ පහු කරන් දිව්වා.....

පහන් පැලවල් පහු කරන් දිව්වා ...වෙද ගෙදර දුර ඉදන් එන මනුස්සයන්ට රැයක් හරි නවතින්ඩ හදපු ගෙවල් දෙක තුන පහු කරන් මම දිව්වා...

ගෙ ඇස් වලින් කදුලු සට සට ගාලා වැටෙනකොට මම කිරි ගස් අත්තන ගස්...අහු ගස් කජු ගස්.....එරබදු වැට.....තෙබු පාත්තිය ...ඉන්නල කිරි අල ගහල අල සුදු හදුන් බෙහෙත් නෙල්ලි එකී නොකි හැම ජාතියෙම ගස් පහු කරන් කෙලිම්ම රබරෙට දිව්වා.....

බෙහෙතට ගන්න චූර්න අඹරන්න වවාපු ගොරකා යාය කැලයක් වෙන තරමට ලොකුවෙනකොට ඒ පැත්ත මහ දවල් උනත් අන්දකාරෙන් වැහිලා තියනකොට මම රබරෙයි ගොරකා ලන්දයි මැද උන්නා ...මම හේත්තු උනා...රබර් ගහහකට ...ඉදගන්න වත් තැනක් නැතිව මම එහෙම්ම ගොරක ගස් පේලිය ගාව වැටිලා තිබුන දිරාපු කද උඩ ඉදගන වැලමිට දෙක දනහුස් වලට ගහන් අත් දෙකෙම මූන හංගන් ඇඩුවා...

මං අසරනයි ....මං අසරනයි ...මගෙ දරුවට ඉතිර් වෙන්නෙ ඉස්පිරිතාලෙ ඇද කියන එක මතක් වෙනකොට මම අසරනයි.....අප්පච්චි විදිහට මම මෙහෙම නම්....අම්මා විදිහට ඒකි කොහොම උහුලයිද .....

මම ඇඩුවා....පුපුරු ගහන් ඇස් වලින් කදුලු ඉවරයක් නැතිවම වැටෙනකොට මම ඇඩුවා.....ඉපදුන දා ඉදලා...මේ තාක් වෙනකම්ම ...මගෙ දරුවා හිනා උන හැටි....අකුරු එකතු කරලා අප්පච්චි කියන්න හදපු හැටි.....මේ හැම දේම චිත්‍රපටියක් වගේ ඇස් පනා පිට මැවි මැවි පේනකොට මම ඇඩුවා....මගෙ දරුවගෙ ලෙඩේ වත් පිට දම්මලා නෑ...මෙච්චර කල්ම ...මෙච්චර කල්ම ලෙඩේ හැන්ගුවා....හන්ගලා.....අවසානම මොහොතෙ පිට දැම්මා...අයීයෝ මගෙ කොල්ලා පැනඩෝල් සිරප් බිබී උන්නෙ

....

ඇයි.....ඇයි මටම මෙහෙම කරන්නෙ ඇයී.....

මම කොන්ඩෙ අත් දෙකෙම්ම ඇදගන අහස දිහා බලාගන කෑ ගැහුවා.....

ඇයී.....

පපුව පාරවන....පපුව හිර කරන වේදනාව එක්ක ....මම මගෙම ඔලුව ගොරකා කදේ ගහගන ගහන යනකොට මට ඇහුනා වේලුන් කොල පොඩි වෙන සද්දයක් ...මට ඇහුනා අතු කඩාගන යන සද්දයක් ....මට ඇහුනා...හයියෙන් හයිනෙ හුස්ම අල්ලන සද්දයක් .....මං දන්නවා....මං දන්නවා...ඔය වෙන කවුරුත් නෙවෙ "අග්නි" අම්මා ගාව ඉන්න අග්නි....අවුරුදු ගානක්...මම ඉපදෙන්නත් කලින් ඉදම්ම ඉන්න අග්නි ....

මම ඔලුව උස්සලා බැලුවා.....ඒ හරියෙම තිබුන වේලුන කොල කුඩු පට්ටම් වෙලා ගිහි තිබුනා ....හිතුවා වගේම එයා උන්නා.....ඒ ඇස්.....ඒ ඇස් තරහෙන් පුපුරු ගහනවා....අම්මට ඇරෙන්න පිටස්තර ලෝකෙට නොපෙනන අග්නි.....අම්මටත් හොරෙන් මගෙ ඇස්වලට පේන්න එන අග්නි.....මාව අල්ලන්න පුලුවන් උනත්...මට අල්ලන්න බැරි අග්නි.....

මං බලන් උන්නා....එයා ඉන්නවා...රවාගන....

ඇයි....ඇයි උඹ උඹටම රිදවගන්නෙ...

දෙයියනේ ඒ කට හඩ....

එයා දත්මිටි කනවා....මගෙ ඔලුව මම ගහගත්තු පාරවල් දැකපු එයා ආවේසෙන් වගෙ එහා මෙහැ ඇවිදිනකොට පිටින් බලන් ඉන කෙනෙක්ට බලාගන උන්නකොට තනකොල පොඩි පට්ටම් වෙනවා බලන් ඉන්න පුලුවන් වෙද්දි.....අම්මගෙ ඇස්වලට හොරාවට මට ඒ රූපෙ දකින්න පුලුවන් උනා.....

මුලින් මුලින් කට හඩ විතරක් ඇහුන ...ඇගපතේ වැදිගන යනව දැනුන.....පස්සෙන් පහුවෙනකොට මම එයාව දකින්න ගත්තා ...

කවදාවත් අතට අල්ලන්න බැරි උනත් මට දැනෙන අග්නී....ඇත්තටම විශ කුසුමක්....ඒත් වෙලාවකට.....වෙලාවකට....ශාන්ත බව පුරවගත්තු අරලියාවක්...වෙලාවකට මගෙ ගාව ඉන්න...වෙලාවකට මාව රිදවන.....ඇස් වලින් මගෙ සර්වාංගෙම ගින්දර වගේ පුලුස්සන ...එයාම රිදවලා එයාම වෙලාවකට ආයම අතගාන්න හදන....මේ වෙනකන් කවදාවත් මගෙ අතට අල්ලන්න බැරි උන අග්නී.....අග්නි අමරේන්ද්‍රන්...කියන්නෙම හොල්මනක් වත්.....ආත්මයක් වත් පෙරේතකයෙක් වත් ....නෙවෙ...අග්නි කියන්නෙම ....." "යක්ශයෙක්" අග්නි කියන්නෙම දෙවියන් වෙනුවෙන් ආව තේව කම් කරන හිටපු ගමන් ඉවසීම කෙස් ගහක තරම්වත් නැත්තටම නැති යක්ශයෙක්...!!!

අග්නිගෙ ඇස්වලට....හැමදාමත් මම සුදු නෙලුමක් උනත්...අග්නි කියන්නෙම විශ කුසුමක්....

මට මේ තරම් දේවල් වෙන්නෙ ...මම වරය එපා කියපු හින්දද ...

මම කෑගැහුවා....

එයා ඇස් දෙක රැලි කරගත්තා ....කොහෙන් කොහෙට යනවද හොයන්න බැරි වේගෙකින් එයා එකපාර මට එහාපැත්තෙන් මතු උනා වගේම මා දිහා බලලා මගෙ මූනට ලන් උනා...ඒ ඇස් කොන් වල නහර වැල් පවා ඉලිප්පිලා තිබ්බා

ඔච්චර හයියෙන් කෑ ගැහුවම දකින උන් හිතයි..උඹ තනියෙන් කියවනවා කියලා ..හැබැයි....උඹේ අම්මා දැක්කොත්...උඹගේ....අම්මා ...දැක්කොත් අනිවාර්යයෙන්ම හිතයි...උඹේ ඇස්වලින් වහන් කරපු මාව උඹ දකිනවා කියලා ....එහෙම උනොතින් ....උඹගෙ අම්මා....ආයම....මාව ගිහින් බාර දේවි....හැබැයි .....එහෙම.....දෙයක් ....උනෝතින්.....

එයා දත් කූරු හැපුවා .....මගෙ ඇස්වලින් කදුලු වැටෙනවා දැක්කා විතරයි ඒ මූනෙ හැගීම් හුස්මක වේගෙන් වෙනස් වෙලා ගියා වගේම එක තත්පරෙන් මට මගෙ කම්මුල් තෙමපු කදුලු කදුලු පිහිදිලා යනවා වගේ දැනුනා..ඒත්....මට....අද වෙනතුරු එයාව කවදාවත් අල්ලන්න පුලුවන් කමක් තිබුන් නෑ...

අඩන්න එපා.....මට බලන් ඉන්න අමාරුයි....

මන් හිනා උනා...එයා කියනවා .....මං අඩනවා බලනින්න අමාරුයිලු.....මනුස්සයෙක්ගෙ හිතේ හැගීම් කවදද "යක්ශයෙක්ට " දැනුනේ ...එයා මිනිස්සු කියන ඒවා අහන් ඉදල ඒවා පුරුදු වෙලා....

මට මගෙ පුතා නැති වෙන්න යන්නෙ ..

මන් මිමිනුවා .....එයා අහන් ඉන්නවා .....

ම්ම්ම්.....එයාගෙ ආයුශ අඩුයි....එයාගෙ විතරක් නෙවෙ....උඹේ නෝනගෙත්.....කෙම්මුරේකදී.....එයාලා

නවත්තපන්....!!!

මං කෑ ගැහුවා ...එයා කියනවා මගෙ පුතාගෙ ආයුද අඩුයිලු.....සාරන්න්‍යගෙ ආයුශ අඩුයිලු.....එයා කියන්න හදන්නෙ කෙම්මුරේකදි මගෙ පුතා මැරේවි කියන එක ...කෙම්මුරෙකදි සාරන්‍යා මැරේවි කියන එක වෙනකොට අතට අහු නොවුනත් මන් අත් පය වීසි කර කර කෑ ගැහුවා....එයාට ගහගන්න බැරි තැන මං මගෙ අත මිටිමොලවලා ගොරකා ගහකට ඇනගන ඇනගන්න යනකොට මගෙ බෙල්ලෙ නහර,වැල් පවා ඉලිප්පෙන්න වැදුන කම්මුල් පාර එක්ක මාව එහෙම්ම බිම ඇදගන වැටුනා වගේම ඒ එක්කම රබර් ගහක් මහ සද්දෙන් කඩන් වැටුනා....

🙂හුගාක් අය ඉල්ලා තිබ්බා....ඒකයි අජ ජුන්නෙ...

හෙට බීත් එකෙන් එන්නම්...

ඒනම්...පුම්චි පැටව් ටික කියවලා හිතෙන දෙයක් පහලින් කොටන් යන්ඩකෝ.....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters