LightReader

Chapter 5 - 05

රණබටේ ගුරුකම....

මම එයාගෙ කටහඩ ආව පැත්තටඔලුව හැරෙව්වා.....ඒක මොන තරම් අසික්කිත ගුරුකමක්ද...දරු ගැබ හිර කරනවා කියන්නෙ..මොන වේදනාවක්ද...

අම්මා....

මයෙ පුතා කෙල්ලව අල්ලපන්...කෙල්ලව අල්ලපන්....දෙහි ගෙඩියක් මතුරන්ඩ.....

අම්මා කෙල්ලගෙ....

පොඩ්ඩක් හිටින් මං බලන්නම් .....පොඩ්ඩක් හිටින්.....

මම හූතියන කෙල්ලව වත්තම් කරගන්නකොට මට තේරුනා අග්නි මට අනිත් පැත්තෙන් ඇවිත් කෙල්ලට අත ගහනවා ....

අප්පච්චි ...

ඇතුලට යන්න....ළමයා අඩනවානේද...

මම උන්නෙ එයා එක්ක ගැබ්බරීව වත්තම් කරන් වෙනකොට අඩන ළමයා නලවගන්න බැරිවද කොහෙද එලියට එනකොට මම ආයම එයාට සැර කෙරුවා එයා ලමයව උස්සන් යන්න ගියා.....

කෝ අල්ලහල්ලා....අල්ලහල්ලා....

අම්මා මතුරපු දෙහි ගෙඩිය අරන් හිස් මුදුනට අල්ලලා මතුර මතුර කපනකොට කෙල්ල හූ තිබ්බා. ..හූ තිය තිය පරල වෙවි....දගලනකොට මං කෙල්ලව දම දාලා අල්ලන් උන්නා....බුදු ගුන එක්ක මතුර මතුර දෙහි ගෙඩිය කපනකොට කෙල්ල අවසානෙදි කටින් සෙම පෙරාගන හති ඇර ඇර කදුලු හලාගන ඇගේම සිහි නැති වෙනකොට මං කෙල්ලව අල්ලන්

උන්නා....

කෝ හිටින් මේ වතුර ටික ගාන්ඩ...

මගෙ ඇගේම සිහි නැති උන කෙල්ලට අම්මා වතුර ගානකොට ඒකි අව්සිහියෙම්ම කෙදිරි ගගා ඉදලා අවසානෙදි කදුලු පුරවන් ඇස් අරිනකොට කෙල්ලගෙ අම්මලා කෙල්ලව වාරු කරගත්තා වගේම අම්මා සෑහෙන්ඩ වෙලාවක් බලන් ඉදලා දේවාලෙ ඇතුලට ගියා වගේම ඒ චුට්ටකින් මං බලාගන රතු දොර රෙද්ද හෙලවෙනවා.....

මං කෙල්ල දිහා බලන් උන්නා ඒකි කොන්දට අත තියාගන උන්නෙ පුදුමාකාර අමාරුවකින් වෙනකොට උඩට අන්දලා තිබුන බෙඩ් ජැකට් එකෙන් එලියට ආව නෙරපු බඩගෙඩියෙ නහර වැල් පවා ඉලිප්පිලා තියනකොට අම්මා පහන තියලා මන්තර කියන එක ලාවට ඇහෙනකොට මන්තර සද්දෙ ඇහුන මට ලාවට ඇස් අඩවන් වෙගන ආවා....

බාගෙට වැහුන ඇස් පියන් වලට පෙනුනෙ කෙල්ලගෙ නෙරපු දරු ගැබ විතරක් වෙනකොට අදුනකින් අන්ජනමක් පෙනෙන්නා හා සාමනවම මට කෙල්ලගෙ නූපන් දරුවව පෙනුනා...වැදෑ මහ ඇග් පුරාම එතුන එකා කොලු පැටියෙක් වෙනකොට දින ලන් වෙලා තිබුනත් පහලට රූට්ටන්න නොදී පෙකෙනි වැල් වලින් ළමයා හිරවෙලා ඉන්න හැටි මං අර ලේ නහර වලින් පවා දැක්කා.....

රණ බටේ ගුරු කම...මේකිට රණ බටේ ගුරු කම කරලා...අග්නි කියපු වචනම මගෙ කටින් එලිය පැන්නා..හැබැයි....ඒක අග්නි කියපු නිසාම නෙවෙ.....මම නොදන්න දෙයක් මගෙ ඇග ඇතුලෙ ඉදන් නලියන ගමන් මට ඒ වචනෙ....ගුරුකමේ සංඥ්ඥාව දෙනකොට අදුන බලන් ආව අම්මටත් කලින් මගෙ කටින් රණ බටෙ ගුරුකම එලියට පනින කොට අම්මා බලාගන උන්නා....

මෙන් මේකි දොට්ට පිලට යන්නෙ එලියෙද.....

ඒ ඇහුවෙත් මමම තමයි... කෙල්ලගෙ නහර වැල් පිම්බුන බඩ ගෙඩිය උඩ තිබුන අතට ලමයගෙ ගැස්ම අඩුවෙන හැටි මට දැනෙන්න ගත්තා .....රනබටේ ගුරුකමෙන් එක්කො අම්මා මැරෙනවා...එක්කො දරුව මැරෙනවා..නැත්තන්...දෙන්නම මැරෙනවා...

අපෙ අම්මා...කෙල්ලට රණබටේ ගුරු කම කරල කියනකොට අම්මා ඇස් හීනි කරලා මන් දිහා බලන් ඉදලා ඔලුව හොලවන්න ගත්තා....

ඒ කිව්වෙ වෙද හාමිනේ...අනේ...මගෙ කෙලීව බේරල දියල්ලා පින් අයිතිවෙයි.....පින් අයිති වෙයි මෑනියනේ....පින් අයිතිවෙයි...

උඹලගෙ තරහා කාරයො ඉන්නවද.....

තරහා කාරයෝ....අනේ...මෑනියනෙ...ඉන්න තරමක් ඉන්නෙ අපෙන්ම පලිගන්න බලන් ඉන්න උන්නෙ...අනෙ....ඊයෙ පෙරාදා සාත්තුවකුත් කෙරෙව්වා ....හතර කොන්වල වලලා තිබ්බ කුප්පිත් ගත්තා...මේන් මේකි බඩින් හින්දා මතුරන් තොයිල නටන්ඩ බැහැයි හින්දා පුදුමාකාර වේදනාවකින් අපි මේ කදුළු බොන්නෙ.....

දැනෙන නොදැනෙන ගානට අවසිහිය උන මන් අහන් උන්නා...මට ඒ අම්මගෙ දුක දැනුනා....වෙන මොකටත් නෙවෙ මගෙ ගෑනි පවා පුදුමාකාර තරම් දුක් වින්දා...කියන්න තේරෙන්නෙ නෑ මිනිස්සු සල්ලි වියදම් කරලා එක එකාට මොකට වින කරනවද කියලා ...

ඒකිගෙ බඩ නිකන් පුපුරල යන්ඩ වගෙ...මගෙ අම්මා කෙල්ල දිහා බලන් උන්නා ...

උඹලගෙ ගෙදර දොට්ට පිලට යන්ඩ එකක් නැතුවද...

ඇත්තටම කෙල්ලගෙ ගෙදර ටොයිලට් එකක් නැද්ද එහෙම වෙන්ඩ බෑ....ම්‍රෙ කාලෙ අතු කොටුවක් උනත් තියනවනෙ....නැති වෙන්නෙ කොහොමද ....අතු කොටුවට ගිහින් වලක් වත් කපන්න පුලුවන් නෙ...

අනේ මෑනියනෙ...ලැට් එක කඩා වැටිලා දැන් තුන් මාසයක් වෙනවා..අතුකොටුව්ක් අටවගන ඉන්නෙ මේ ටිකේ අතට තඹ දොයිදුවක් ඉතුරු වෙන්නෙ නෑ....මේ ගන්න සල්ලි මේ ඉවර වෙනවා ..හරියටම ලුනු වගේ.....දිය වෙවීම යනවා.....

ම්ම්ම්....එහෙනම් හරි එහෙනම් ....

මෑනියනේ...

මන් සද්ද නොකර අහන් උන්නා...අම්මට හිතුනු දේමයි මට හිතුනෙ....අනිවාර්යයෙන්ම ගැබ්බර කාලෙට දහ දොලොස් වතාවක් වත් මුත්‍රා බර අල්ලනවා .....බඩ බර වෙනකොට කොහහොමත් මුතා බර අල්ලනවා ....වතුර තිබහව අල්ලනවා ....අනිවාර්යයෙන්ම කෙල්ලගෙ මුත්‍රා මුහු උන පස් අර ගන්න ඇති...

රණ බටේ ගුරුකම කරන්නෙ ඔය පරන ගම් පලාත් වල.... දකුනු පලාතෙ ගම් වල ගං ඉවුරුවල ඇල දොළවල් වල වැවිලා තියනවා තණ පදුරු වර්ගයක් ...හැබැයි තණ පදුරු වලට වඩා කදන් ලොකුයි...හරියටම කියනවා නම්....නාඹර උඹ බට වගේ....කුරහන් ඇටවල රතු පාටවගේ.... මෙන්න මේ පදුරු ජාතියෙ කදේ එක පුරුකක් ගලවගත්තම ඒක හැදිලා තියෙන්නෙ බට කෑලි දෙකක් එකට පෑස්සුවා වගේ....ඒ කියනෙ බට පුරුක දෙපැත්තට ඇදපුවහම මැද කුහරයක් තියන විදිහට ගැලවෙනවා ...

මේක කරන්නෙම ගැබ්බර අම්මලට.ගැබ්බර අම්මා මුත්‍රා කරන වෙලාවක් බලලා ඒ තැනින් මුත්‍රා හාමු උන පස් ටිකක් අරගන අර රණබටේ ඇතුලට ඔබලා අරපුරුක් දෙක එකට පාස්සලා මතුරනවා..ඒකෙන් වෙන්නෙ අර් ගැබ්බරීට ළමයා එලි බහින කාලේ ආවත් හම්බවෙන්නෙ නෑ...ගැබ හිර කරලා තියෙන්නෙ...කොයිම වෙලාවක හරි අර බට පුරුක හොයාගන ඒක ගලවලා අර මුත්‍රා හාමු උන පස් ටික ගලාගන යන වතුර පාරකට දැම්මෙ නැත්තන් ළමයා හම්බෙන් නෑ...එක්කො ළමයා මැරෙනවා...නැත්තන් අම්මා මැරෙනවා....ඒත් නැත්තන්....ඉතින්.....දෙන්නම මැරෙනවා...ඕන් ඔහොමයි රණබටේ ගුරුකමේ විත්ති....

"බටේ හොයා ගන්ඩ පුලුවන් වේවි...."

නහර පෑදුන බඩ ගෙඩිය දිහා බලන් උන්න මගෙ කල්පනාව අග්නි බිදල දැම්මා.....එයා කියනවා බටේ හොයා ගන්ඩ පුලුවන් වේවි කියලා මට ඉබේටම හුස්මක් පිට උනා....ඒ වගේම මගෙ නොදරුවවත් බේරන්ඩ පුලුවන් නම්....ඒකව ආරක්ශා කරන්ඩ සුර කීයක් නම් දැම්මද.....නූල් කොච්චර බැන්දද....සාරන්‍යගෙ ඉනේ තියන සුරේ එයාටත් බර ඇති...

හූ තියලා සෙම පෙරාපු කෙල්ලට අම්මා සාත්තු කරන්ඩ ගත්තා ...මම දන්නවා අම්මා ඕකෙන් තඹ දොයිතුවක් ගන්නෙ නැතිවේවි....

අග්නී...

අම්මව මග,ඇරලා ආව මම එයාට මිමිනුවා ...තියන හිතුවක්කාර කමට වචනයක් දෙකක් මුමුනලා යන එයා ආයම මාව දාලා ගිහින් උන්නා....ඔය තරම්ම දාලා යන්නෙ...වෙලහට යකින්නක් වත් ඇති.....යක්කුන්ට හැගීම් දැනීම් නැත්තන් කලු කුමාරයා මොකෝ ගෑනු නාන දිහා බලන් ඉන්නෙ.....ඒකා මොකෝ වහ වැටුන ගෑනිගෙ ඇගට නගින්නෙ....ඒකා මොකෝ තව තව තැන් මිරිකන්ඩ හදන්නෙ.....ඇරත්...ඒකගෙන් ගැබ්බර වෙච්ච ගෑනු ගැන කටකතා කොච්චරද ....

අග්නිටත් එහෙම වෙන්න,ඇති...එයාටත් යකින්නක් ඇති..ඒකනෙ සැරින් සැරේම දාලා දුවන්නෙ....එයාට එහෙම හරි ඉන්නවා...ඒත් මට....මං මැරෙන බව දැන දැන පැලෙන්න ආදරේ කරනවා...මූනට හිනාවෙලා පපුව ඇතුලෙන් හෝ ගාලා අඩනවා ...

එයා එනවා නම්...එක පාරක් මගෙ දුක කියන්න තිබුනා...තුන්කුලුදුලෙ වෙන එක මහ සාපයක්....කුලුදුල්ම ආදරේ බැදගත්තම මං හිතුවෙ මං තමා මේලෝකෙ වාසනා වන්තයා කියලා ....ඒත්....ජීවිතේ මට කිසිම තැනක ආදරේ විදින්න ඉඩක් දීලා නෑ....ආදරේ මොනතරම් සුන්දරද කියලා පෙන්නලා විදින්න කලින් උදුර ගත්තා මිසක්.....හෙට මහරගමට යනවා කියන එක...පපුව නැතුව යන ගමනක් වගේ.....

මං එහෙම්ම වෙරලු ගහ යට තිබුන බන්කුවෙ ඉදගත්තා ...මං දන්නවා...අනිවාර්යයෙන්ම ගස් දෙබලකට වෙලා මොකෙක් හරි මලපෙරේතයෙක් ඇති හිත ගැස්සෙන තැනක් බලලා රින්ගගන්ඩ...

මං බලන් උන්නා...අම්මා මොන මොනවදෝ යාතිකා වගයක් කිය කිය අර කෙල්ලගෙ බෙල්ලට ගැට නවයෙ...විසි එකේ නූලක් මතුරලා දැම්මා...දැන් ක්‍ය බටේ හොයන්ඩත් යාවි....නොයා ඉන්නෙ කොහොමද ..මොන හිතකින්ද නූපන් දරුවෙක් මැරෙන්න අරින්නෙ...

බඩදරු වෙලා මැරිලා අවසානෙදි බෝදිලිමො උනා කියන එ අම්මත් කොච්චර විදවන්න ඇතිද ....

අප්...ප...ච්චි...යෝ....ඕ..

ඕ...

මං උන්නෙ වෙරලු කදට ඔලුව හේත්තු කරන්....අප්පච්චියෝ...ගාලා ගිරියෙන් කෑ ගහපු කොලු පැටියට මං ඕ...ගානකොට ඒකා හිනා උනා...චොකලට් බිස්කට් කනවද කොහෙද ....කට වටම දුඹුරු පාට වෙලා මඩ නාපු චූටි ඌරු පැටියෙක් වගේ...

අප්පච්චි මෙයාව තියා ගන්න මං නාගන එන්නම්...

"ගෑනිට ලිදෙන් නාන්ඩ එපාය කියපන් මේ මද්දහනෙ ...."

අග්නී...මගෙ පපුවත් එකපාර නතර වෙන්න ආවා....මෙච්චර වෙලාම එයාව හෙව්වත් නාව එයා ලමයගෙ කටහඩ ඇහුනත් එක්කම හුලගක් වගේ ලගට ඇවිත් ..මං දන්නෙත් නෑ....එයා දන්නෙ අතුරු දහන් වෙලා ඉදලා මගෙ ඇගේ ලේ රත් කරගන ලගට එනවා....ඒ ඇවිදින් අන දෙනවා....එයා මගෙ ගාවට ඇවිත් මුනු මුනු ගෑවා.....

සාරන්‍යා ...ලිදෙන් නාන්න එපා....

ඇයි....ටැංකියෙ වතුර රස්නෙයි....ළිඳේ...

"සැරකරපන් ඕකිට..."

එයාට තරහ ගිහින්ද...නැතිනම් වෙන මොකක් හරිද මන්දා එයා සාරන්‍යට සැර කරපන් කියනකොට ඔටෝ මැටිකලි මං කෙල්ලට සැර කෙරුවා ....

කිව්වනේද සැරයක් ....දෙයක් එපා කියන්නෙ එපා හින්දනෙ...ආ...

"ඔච්චරම එපා"

මං එයාට සැරකරගන බැනගන යන්න හදනකොටම එයා කිව්වා ඔච්චරම එපා කියලා ....එයා මාව රූකඩයක් වගේ නටවන්න හදනවද මන්දා.....ඒත් නැත්තන් අර පරන වචනේ අල්ලන් තවම පලි ගන්නවා...මූ නම් මාර යකෙක් තමයි...

මං සාරන්‍යගෙ මූන දිහා බැලුවා ...එයාගෙ අතේ උන්න පොඩි එකා බිස්කට් දෙක ගලවන් ක්‍රීම් පැත්ත ලෑටි ගානවා කටේ විතරක් නෙවෙ...කෙල වැදිලා දියඋන බිස්කට් නහය උඩත් ගාගන තිබුනා...චූටි කකුල් වල ඇගිලි පහ පස් විදිහකට ඈත් කරන් ඒකා අර බිස්කට් එක ලොවනවා ...අවුරුදු තුනකට කිට්ටු වෙන්න ආවත් එයාව දැක්කම කාටත් කියන්න බෑ තුනයි කියලා .. ....සේලයින් වලින් විතරක් හැදුන ලමයගෙ සාරේ මොකෙක් හරි අද්දවලා තිබ්බා...කියාගන්න බැරි පපුවෙ වේදනාව ගොජ ගොජ ගාලා උඩට පනින්න හැදුවා ..හරියටම තෙල් කටාරමක තෙල් ගොජ ගොජ ගානවා වගේ දුක එලියට පනින්න හදනකොට මං එයාගෙ පිරිත් නූල් බැදපු ගැටගහපු කෙට්ටු අත අල්ලගත්තා ...මේ අත බෝලයක් වගේ මස් වලින් පිරුන කාලයක් තිබුනා ...ඒත් දැන්.....ඒ ඇගිලි වලට කසාද මුදුවත් බර වැඩිද මන්දා .....

කෙවෙන ඇස් වලින් කදුලු පනින්න හදනකොට මං ඵෝන් එක එලියට අරන් එයා දිහා බැලුවා ...

හිනා වෙන්න...

මෙහෙම...

ඔයා කොහොම උන්නත්....ඔයාමයි....ඉතින්...මං ගාව වෙනස්වෙන්න එපා..

මගෙ කටහඩ මෘදු උනා...ඒක ඇතුලෙ තිබුනෙ තනිවෙන්න තියන බය ...දුක වෙනකොට මීක් නොගා කටත් උල්කරන් එයාගෙ ලෝකෙ ඉදන් බිස්කට් එක කන නොදරුවා එක පාරම හේතුවක් නැතුවම හිනාවෙනකොට ඵොටෝ එක වැදුනා .....

අප්පච්චි ....

ම්ම්ම්ම්....

දුකින් ඉන්නෙ...මාත් මැරෙන නිසාද ..

සාරන්‍යා ....

මට කෑ ගැස්සුනා....ඒ වචන පපුවට බර වැඩීයි දෙයියනේ....ඒ වචන පපුවට පුදුමාකාර තරන් බරයි...ඒකිගෙ ඇස් දිලිසන්න ගත්තා ...කදුලු වලට ....නාන්න යනවයි කියපු එයා මගෙ ගාවින් ඉදගත්තා ... පුංචි එකාව මගෙ කකුල උඩින් ඉන්දවලා එයා මගෙ ගාවින් ඉදන් එහෙම්ම උරහිසට ඔලුව ගහගත්තා ....වෙරලු අත්ත ලාවට හෙලවිලා මලක් දෙකක් බිමට වැටුනා ...ඒත් ඒ මල් දෙක තුනම පර උන මල්.....

අප්පච්චි .....උඹ මට පේන්න ඇඩුවෙ නැති උනාට මං ඔය හිත දන්නවා ..අම්මෙක් උන මම...හෙට මගෙ ලමයව අරන් මහරගම බඩගාන්න හිත හදාගන්න එකම හේතුව ඒකමයි...මැරෙන බව දැන දැන උඹ හදන්නෙ තව පරිස්සම් කරන්න....වැහැරුන ඇග දිහා බල බල උඹ හූල්ලන හැටි දන්නෙ මගෙ හිත....පෝරුවට නැගලා මාල හතක් දාලා...ඇගිලි ගැටගැහුවත්..සමහර තැන් තියනවා....හිත්වලින් ගැට ගැහිලා නැති .....එත්...අත් විතරක් නෙවෙ...හිතුත් ගැට ගැහුන අපිට....දෛවය හරස් වෙනවා නම්.....මං මොනවා කරන්නද අප්පච්චි ....උඹ මොනවා කරන්නද ....

අපි හැමෝම දවසක මැරෙනවා ..වෙනසකට තියෙන්නෙ....මං වගේම අපේ පැටියා උඹට කලින් ඉස්සර වෙනවා ..

දෙයියනේ සාරාන්‍යා ....පින් අයිතිවෙයි....මාව මරපන්කො දෙයියනේ....

ඒ කටින් එලියට ආවෙ තනිකරම පිහි පාරවල් වෙනකොට මාව දාලා හුස්ම අරින්ඩ බලන් උන්න එයා මගෙ අත අත ගෑවා .....දැනෙන වේදනාව වචන කරන්න බැරි තැන මං මගෙ කොල්ලව කිටි කිටියට තද කර ගන්නකොට නාන්න ඕනයි කියපු එයා නැකිට්ටා නැකිටලා අඩි දෙක තුනක් ගිහින් ආයම මා දිහා හැරිලා බැලුවා ...

අප්පච්චි ....දන්නවද ...."ප්‍රේමයේ සුන්දරම පැහැදිලි කිරීම රැකවරණයයි...." උඹ මේ ටික කාලෙට ඒක අපිට නොසෑහෙන්න දුන්නා...උඹට පින්.....

සාරාන්‍යා යන්න ගියා...හැබැයි මාව මරලා දාලා....එයාට දීපු පලවෙනිම වැලන්ටයින් කාර්ඩ් එකේ මන් ඔය වචන ටික ලිව්වා....සිල්වියා ක්‍රිස්ටල්ගෙ වචන හොරකම් කරපු මං එයාට ඒ වචන අස්සෙ මගෙ පොරොන්දු හංගලා පෙන්නුවා ...ඇස් කොන් වලින් වැටුන කදුලු බින්දුවක් මගෙ නිඛිල් ගෙ ඇබිත්තන් කකුල උඩට වැටෙනකොට පුංචි එකා හිමින් හිමින් අනිත් බිස්කට් පලුවත් කන්න පටන් ගත්තා ...

ඇයි මටම මෙහෙම වෙන්නෙ අග්නී..

ළඟ නැති උනත්....එයා කොතනක හරි ඉදන් අහන් ඉන්නවා බව දන්න නිසාම මං එයාගෙන් ඇයි මටම මෙහෙම වෙන්නෙ අහනකොට ඇස් කොන් වල්ක්න් එලියට ආව උනුසුම් කදුලු බින්දුවක් සීතලම සීතල ඇගිලි වලින් පිහිදිලා යනකොට එයා මගෙ ගාව ඉන්නවා කියන එක දැනුනා .....

එයා ඒක දැනගන....

......

මට රිදෙනවා නොසෑහෙන්න...

"ම්න්....අපි හැමෝටම රිදෙනවා"

අග්නි...

"මං හිතක් පපුවක් නැති යකෙක්ද ශිවන්...'

එයා ආයම අර කතාව අහනකොට මට ඒ කටහඩ ඇතුලෙ තිබුන වේදනාව ටික ටික දැනෙන්න ගත්තා ....

"උඹට දැන් රිදුනා වගේ....වෙලාවකට මටත්...රිදෙනවා .....බඩවැල නැතිව ඉපදුනාට ...හැම දේම තාත්තාගෙ පැත්තෙන් බලන්න එපා ශිවන්...මගෙ අම්මගෙ දේවලුත්..මං ගාව තියනව...."

එයාගෙ කටහඩ මෘදු වෙලා...ඒ උනත්....කට හඩ ඇතුලෙ තිබුනෙ එයාගෙ අම්මගෙන් ආව හැහීම්....තරහ ගිය වෙලාවට එයාට එන්නෙම තාත්තගෙ හැහීම් වෙනකොට මම හැම වෙලේම එයාද තාත්තගෙ පැත්තෙන් මැන්නදෝ කියලත් හිතෙනවා.....

මට...සමාවෙන්න.....මම...ඉන්නෙ...ඒ තරම් හොද සිහියකින් නෙවෙ අග්නී.....වෙලාවකට....මට මැරිලා යන්න හිතෙනවා...මට දරන්න ...අමාරු දේවල් හුගක් තියනවා....

" මං කැමති නෑ....පුංචි එකාව අඩවන්න.....නැත්තන් මං උඹව අද මරනවා මෙතනම"

එයා...එයාට මං මැරෙනවා කිව්වත් ඇති....අතේ ළමයා ඉන්න නිසා මං බේරෙන්න ඇති....නැති නම් එයා මට මෙතනම මැරිලා වැටෙන්න ගහයි කියල හිතුනා....මගෙ එකම වචනෙකට පුලුවන් එයාව යකෙක්ගෙත් යකෙක් කරන්න වෙනකොට මට ගහන්න බැරි කමටද කොහෙද එයා ඒ ළඟ තිබුන මල්පෝච්චියක් කුඩු කරලා දැම්මා.....

අග්නී....ළමයා බයවෙනවා....අනෙ....

කුඩු උන මල්පෝච්චියේ සද්දෙ එක්ක බිස්කට් එක එක්ක උන්න පුංචි එකා එක පාරම ගැස්සිලා ගියා වගේම අතේ තිබුන බිස්කට් බාගෙ බිමට වැටුනා....

අප්...පච්චි....යෝ....අපා....නේ.....අපා...නේ.....අපා...නේ....

බිමට වැටුන බිස්කට් එක තත්පරෙන් අතුරුදන් වෙනකොට මගෙ අතෙ උන්න පුංචි එකා වෙනකොහෙදෝ බලාගන අප්පච්චියො එපානෙ එපානෙ ගාන්න ගත්තා විතරයි මං බලාගන දේවාලෙ රතු දොර රෙද්ද පැත්තක් ගැලවිලා බිමට වැටුනා ....

අප්....ප...ච්චියෝ.....

ඕ....මැනික.....

කෝ....

කව්ද...

කෝ.....

කව්ද ඉතින්.....

අප්....ප....ච්චි....යා....

ඔය ගියේ යකා....

ම්ම්ම්....න...කා....ගි....යෙ...ඔය..

"එපා ලමයට ඔව්වා උගන්නන්න...මරනවා මං උඹව...."

අග්නී...!!!!

......

අගනී...

.....

දොර රෙද්දත් කඩාගන යන්න ගියපු එයාට යකා කිව්වා විතරයි ඇහිපිල්ලමක් ගහන්න කලින් මං ගාවට ආව එයා මට බැන්නා වගේම ඊලග පාර මං එයාට කතා කරනකොට එයා ආයම අතුරු දන් වෙලා ගිහින් උන්නා ....

🥺ම්හුක්...ජැක්කනේ ගාන්න බෑ...යකෙක් ගහලා වගෙ...ඔලුව කැක්කුම හැදිලා මේ ලමයට....🥺🥺🥺

මං යනවා බුජියන්න...ඔය ලමයිනුත් බුජියන්න...

ජැක්කනේ!!!!!

🤭

Ferdeesha ❤️💚😘 ...

More Chapters