LightReader

Chapter 6 - 06

අප්...පු...ච්චියෝ....

ඕ.....

කෝ....නානෙ...

මොනාද ..නැත්තෙ....කෝතුවද....ඒක කාක්කෙක් අරන් ගිහින් නේ....මගෙ පුතාට වෙන එකක් දෙන්නද . ..

වෙන...එකක්....දෙන්නත .....

ඕ....වෙන එකක්...ඒකෙ ඈක්කනෙ...

ඒකේ...ඈක්..කනෙ.....

ඒකනෙ...

මම ලමයව වඩා ගත්තා .....බිමට වැටුන බිස්කට් එක මං වටෙම හෙව්වත් ඒක ඒක අතුරු දන් වෙලා තිබ්බා...

අර යකා ලමයගෙ අතෙ තිබුන බිස්කට් එකත් කාලා....

"උඹ බලන් උන්නද මං කනවා?"

දෙ...යියනෙ...අග්නී...ඔහොම බය කරන්න එපා ....

මං හිතන්නෙ මං මගෙ කටට ප්ලාස්ටර් එකක් නොගැහුවොත් අද හෙටම එයාගෙන් මැරුම් කනවා .....

බිස්කට් එක කෑවා කියලා මං කුටු කුටු ගගා දෝශාරෝපනේ කරනකොටම එයාගෙ කටහඩ ආයමත් මගෙ කන් පිටිපස්සෙන් ඇහෙනකොට මාව ගැස්සිලා ගියා...දැන් හෝරා කීයක්ද ....එයා මගෙ ඇස්වලින් වහන් වෙලා....එනවා බනිනවා යනවා ...එක වචනයක් හින්දා එයා කොච්චර නන් පලි ගන්නවද ..මහ යකා වගේමයි....තාත්තගෙම පුතා තමයි.....

මං එයාට හිතින් පුලුවන් තරම් බැන්නා...ඒ සීතල හුස්ම මගෙ බෙල්ල පිටිපස්සට වදිනකොට මට හිතුනෙම එයා දැන් වත් පේන්න ඇවිත් ඇතිකියලා ....ඒ උනත් තරහා ගිය වෙලේට ඒ ඇස් ඒ මූන දිහා බලන්න මං අනන්ත අප්‍රමාන තරම් බය වෙනකොට මං හිමීට මගෙ කිහිල්ල යටින් බැලුවා එයා ඉන්නවද කියලා ....

ඒත් එයා නැ.....එයා උන්නෙ නෑ....දැන් ඉතින් මේක තව කෙම්මුර දෙක තුනක්වත් එයා අල්ලනවා .....මට ඉබේටම හුස්මක් පිට උනා වගේම වම් පැත්තෙ කන් පෙත්ත රත් වෙලා ගියා ....

"මාවද හොයන්නෙ..."

අග්නී....ඔහොම කරන්න එපා අග්නි...වෙලාවකට එන්නයි ....වෙලාවකට යන්නයි ....හිටපු ගමන් ගහන්නයි ....ආයම අඩනකොට සනසන්නයි ....එපා අග්නි....වෙලාවකට මගෙ හිත ගැස්සෙනවා ...මං සමාව ඉල්ලුවා ..... ඒත්....සමාව නොදී...ඔයා මට සැරින් සැරේම මේ කරන විපරියාසෙ මොකක්ද අග්නී.....

"........"

අග්නී...

........

අග්නී.....!!!

එයා නෑ....එයා ආයම නෑ....මං වචන නාස්ති කරපු එකත් අපරාදෙ ....එක්කො එයා මගෙන් වහන් වෙලා ඉන්නවා ...නැත්තන් ඇත්තටම යන්න ගිහින් ...කව්ද දන්නෙ...කිව්වත් වගේ යකින්නක් ඉන්නවද කියලා ....ඕකගෙ ඔලුව කනවා ඇති වෙලහට ඒ ගෑනි...නිකන් ගෑනුත් ඔලුව කන එකේ යක්කුන්ට ඊටත් වැඩි ඇති....

අප්පච්චි ගෙ සුදු පුතා එන්න යමු අප්පච්චි කෝතුවක් දෙන්නම්....

ම්ම්ම්..දෙන්නම්...

ඔව්...දෙන්නම්....

මං එයාව එහෙම්ම එක අතකින් අනිත් අතට මාරු කෙරුවා කවුරු කතා කෙරුවත් කතා කරපු වචනෙ අවසාන කොන අල්ලන් ආයම රිපීට් කරන එයාට මං දෙන්නම් කියනකොට එයත් දෙන්නම් කියලා කකුල් දෙක දෙපැත්තට ගසලා ඉස්සරහට බර උනා...පොඩි උන් ඔහිම්මමයි ...යන් කියලා කිව්වම අපිට කලින් යන්න හදනවා .....

මේ.....මේ....යන්

කොහෙ....ඔහෙ කෝතු නෑ...ඔහෙ යන්නෙ දොයියන්න...

බයි...යන්න .....

ඔව්...ඔව්....දොයිය බයිය කරන්න තමයි එහෙ යන්නෙ...

ම්ම්...හ්හ්....ක්ක්...මේ...යන්.....

ඇයි දොයියමතද....

ම්ම්ම්...මතත....

ඔව් ..දොයිය මතද මගෙ පුතාට.....

එයා අත් දෙකම උස්සන් ඔලුව කැසුවා ....වැවිලා තිබුන සින්දු කොන්ඩෙ අවුල් වෙලා යනකොට ඇබිත්තන් කට ඇරලා යවපු ඈනුම එක්ක චූටි ඇස්වලට කදුලු පිරුනා ....එයා කාමරේ පෙන්න පෙන්න මෙහෙ යන් මෙහෙ යන් ගානකොට මං එයාව උස්සගන ඇවිත් ඇදෙන් තිබ්බා විතරයි එයාම කොට්ටෙ ගාවට බඩ ගාන් ගිහින් මුනින් අතට හැරිල ඇබිත්තන් පස්ස උස්සගන ඇගිල්ලකුත් කටේ ඔබා ගත්තා ....

අප්පච්චි ගෙ පැටියා ඔහොම ඉන්න අප්පච්චි කුක්කු පිටි එකක් හඩ්ජන් එන්නම්.....

තත්පරෙන් දෙකෙන් අඩවන් වෙන්න යන ඇස් දෙක එහාට මෙහාට කරකව කරවකව උන්න එයාගෙ පස්සට තට්ටුවක් දාපු මං තිබ්බ කොට්ට ටික ඇද වටේටම තියලා මදුරු දැලත් දාලා මෙට්ටෙට යට කෙරුවා ....එයාගෙ සෙල්ලම් ගෙම්බවත් මං අතට හිර කරලා මං කුසියට ආවා ....

වතුර එකක් රත්වෙන්න තියපු මං පිටි හැදි දෙක තුනක් සූප්පු බෝතලේට දාලා පැත්තකින් තිබ්බා

හෙට යන්න ඕනා....

ඒ වචන තුන මං දන්නෙ නෑ මගෙ පපුවට පුදුමාකාර තරම් බර උනා...බලාපොරොත්තුවක් නැති බව දැන දැනම යනවා කියන්නෙ...ඇත්තටම ඒක මහ කරුමයක්.....

මම මැරෙන බව දැන දැන ජීවත් වෙන එක ගැන අංශු මාත්‍රයක වත් වේදනාවක් නැති මට ඒ දෙන්නා....

ඇත්තටම මේ ලෝකෙ හැම මනුස්සයම හුස්ම ගන්නෙ දවසක මැරෙන බව දැන දැන උනත්...ආදරේ කරන කෙනෙක් නැතිවෙනවා කියන එක පපුවට ඉවසන්න ම බැරි දෙයක් වුනා...ඒක හින්දම වෙන්න ඇති මිනිස්සු තමන් පන වගේ ආදරේ කරන අයට මගෙ ආයුශත් අරන් ජීවත් වෙන්න කියන්නෙ.....මිනිස්සු මැරුනත් මතක නොමැරෙනකොට ඒ මතක ජීවත් වෙන කෙනාට පුදුමාකාර තරම් වද දෙන හින්දා වෙන්න ඇති මිනිස්සු මැරෙනවට ඔය තරන් බය...

මගෙ පපුව පුදුමාකාර තරම් ඇදුම් කන්න ගත්තා ....එයාව දැකපු දා ඉදන් මේ දවස වෙනකන් වෙච්ච හැමදේම ආය ආයම ෆිල්ම් එකක් වගෙ ඇස් පනා පිට පේන්න ගන්නකොට මට ඒ දෙන්නා නැතුව පිස්සු හැදිලා උන්මන්තකයෙක් වෙයි කියලා හිතුනා .....

ආදරේට කරන්න බැරි මොනවද ....පිස්සු වැටීගන ආදරේ කරන මිනිස්සු අවසානෙදි ආදරේ හින්දම පිස්සු වැටෙනවා හොදට ඉන්න මිනිස්සුන්ව පිස්සො කරන්නයි....පිස්සන්ව මනුස්සයො කරන්නයි....යක්කු වගේ ඉන්න මිනිස්සුන්ව මනුස්සයො කරන්නයි ....මනුස්සයො වගෙ හොදට ඉන්න මිනිස්සුන්ව යක්කු කරන්නයි ආදරේට පුලුවන් වෙද්දි...අවංක ආදරේ ගැඹුර බලපු උන් බාගෙට බාගයක් අද අංගොඩ ඉන්නවා ....

පිස්සෙක් පිස්සෙක් කිව්වට ...කව්ද දෙයියනේ මේතාක් වෙනකන් පිස්සෙක්ගෙ හැගීම් තේරුම් ගන්න හැදුවෙ....ඒ දෙන්නා නැතිව ගියහම මාත් පිස්සෙක් උනෝතින්.....මටත් අංගොඩ ඇදක් උඩ නවතින්න උනෝතින් ....මිනිස්සු මාව දැකලා පිස්සෙක් කියලා කියනවා ඇරුනම කවදාවත් ඇයි මං පිස්සෙක් උනේ කියලා කවදාවත් හොයන එකක් නෑ ...

ආදරේ කියන්නෙ දරා ගන්න එකට වෙන්න ඇති....ජීවිතේ කියන්නෙත් දරාගන්න එකට වෙන්න ඇති.....

මගෙන් පිට උන බරම බර හුස්ම එක්ක වතුර කේතලේ ඔටෝමැටිකලි වැහිලා යනකොට මම ලමයගෙ කිරි බෝතලේ හැදුවා...හොලවලා හොලවලා ඇල් වතුරෙ බස්සන කොට මං අහගන චූටි එකා බෙරුහන් දිදි හිනා වෙනවා ..සාරන්‍යා ආවා වත්ද.....වෙන්න බෑ..එයා නාන්න ගියහම දියවෙනකම්ම නානවා .....

අම්මා...නැත්තම් අප්පච්චි .....

මං හිමින් හිමින් කාමරේට ගියා...පොඩි එකා හූ තියනවා.....

ලාවට එහා මෙහා උන දොර රෙද්දෙන් මං ඇහැදාලා බැලුවා .....

අග්නී...

ඒ එයා....ඇද රෙද්ද එහා මෙහා යනවා ....මගෙ පැටියාගෙ මූන හිනා වෙලාම රතු වෙලා තිබුනා....

අ...ප්...පු....ච්ච්....ඊ....ඊ.....ඊ.....හ්හ්හ්...

ඇබිත්තන් බඩ ගෙඩිය හිනා වෙලාම හති අරිනකොට මම එයාගෙ බඩට කට තියලා සද්ද කරනවා හා සමානවම සද්දයක් ඇගෙනකොට මං බලන් උන්නා.....

එයා ලමයව හුරතල් කරනවා...

අප්පච්චි ගෙ පන ....

මං කුසියට ගිහින් බාගෙට නිවුන කිරි එක ආයම හොලව හොලව එනකොට මදුරු දැලේ එක පැත්තක් ඉස්සුනා ....

ඔයා ඇයි තවම මගෙන් තරහා පිරිමහන්නෙ .....

මම හිමීට මුමුනන ගමන් උඩ බෙලි අතට උන්න පුංච් එකාගෙ කටට සූප්පු බෝතලේ දෙනකොට එයත අත් දෙකෙන් අල්ල ගත්තා වගේම කකුල් දෙකත් උස්සගත්තා ...ආයම එකක් වනන්න ගත්තා .....

අග්නි...ඔය තරහව පිරිමහන එකේ සීමාවක් නැද්ද අග්නි.....

ඔය තරම් පන්න පන්න පලිගන්න මම කී පාරක් සමාව ගත්තද.....

එක අතකට මට මෙහෙම වෙලා මදි...දැන් ඇතිනෙ කොහෙන් හරි හොයා ගත්තු යකින්නක්....මම කව්ද....මම තමා හොයන්නෙ...මම ඉතින් යාලුවෙක් වත් නෙවෙනේ ..කමක් නෑ..අග්නි....මං කොහොමත් තනිවෙන එකනෙ.....

කැහ්....කැහ්....අප්.....පු....කැහ්....

"සිහිය නෑ තොට ...ඕක හරියට පොවපිය "

මෙච්චර වෙලාම දරුවා දිහා බලන් උන්න මම එයාට ආඩ පාලි මුමුනන්න ගන්නව එක්කම මගෙ ඇස් දෙක දරුවගෙන් පිට ගියා වගේම තත්පරයක් යන්න කලින් දරුවට කිරි උගුර පිට ගියා....මෙච්චර වෙලාම මීක් නොගා උන්න එයා දරුව කහින්න ගන්නවා එක්කම මාව මරන්න හදනකොට මම ලමයව අතට ගත්තා උනත් මගෙ පිට මැදට වැදුන පාර එක්ක ඇස් වලට කදුලු පවා ඉනුවා...

අප්...පුච්චි....යෝ....

ආ..හරි ..හරි ..අප්පච්චිගෙ වස්තුව...මේක බොන්න මගෙ....සත්තරන්...

මම ලමයව හරහට අරගන ආයම සූප්පු බෝතලේ කටට දුන්නා...එක කකුලක් වන වන එයේගෙ අම්මගෙන් කිරිබොනකොට කරන්නා හා සමානව එයා මගෙ මූන අත ගෑවා...ඒ චූටි ඇගිලි ගිහින් නැවතුනේම මගෙ තොල් පට උන...එක්කො නහයෙ සිදුරක් අස්සට.....ඒත් නැත්තන් ඇස් ගාව වෙනකොට මට බැනපු එයා ආයම යන්න ගිහිල්ලා ...

කිරි බෝතලේ උගුරෙන් උගුර් අඩුවෙලා යනකොට මම ලමයව උකුලෙ තියාගන එහෙම්ම නැල උනා...පිට මැදට වැදුන පාරට පිටම දැවිල්ල ගන්නකොට මම මගෙ පිට ඇද විට්‍ටමේ අතුල්ල ගත්තා.....

"පිට උගුරෙ ගියහම දරුවටමනෙ තෙහෙට්ටුව"

ඒ එයා.....දැවිල්ල ගත්තු පිට පුරාවටම එයාගෙ සීතල ඇගිලි යනකොට මං අහන් උන්නා....මගෙ කටින් එලියට ආව හීනි නැලවිලි සිංදුව එක්ක එයාට නින්ද ගිහින් තියනකොට මං කන් පෙත්ත හිමින් මිරිකුවාම එයා නින්දෙම්ම ආයම සූප්පුව උරවන්න ගත්තා .....

මට එයාට යන්න දෙන්න බෑ අග්නි අනේ....එකම එක දෙයක් වත් නැද්ද .....එකම එක දෙයක් ....එකම....දෙයක්...වත් නැද්ද අග්නි.....

මම නින්ද ගිහින් උන්න නොදරුවව අත ගගා එයාව යවන්න බෑ කියනකොට මෙච්චර වෙලා මගෙ ඇස්වලින් වහන් උන අගනි ආයම මගෙ ඇස්වලට පේන්න ආවා.....රතු පාට උන ඇස් කොන්....කන් වල තිබුන යකඩ තෝඩුව...ඇත්තටම .....පන්සල්වල අඹලා උන්න යක්ශ රූප වගේ නෙවෙ...එයා යකෙක්ද කියන්න හොයන්න බැරිවෙන්න තරම් ලෝභයි.....

" උඹ ඔය විදිහට ලෝභ කමෙන් බලන් ඉන්නකොට මම කොහොමද උඹ ඒකි එක්ක ඉන්නවා දකිනකොට හිත හදාගන්නෙ...?"

අග්නි....ඔයා.....

"ඇයි ....උඹ ඇහිපිල්ලමක් වත් නොගහා මා දිහා දැහැන් ගත වෙලා වගේ බලන් ඉන්නකොට මට ලෝභ හිතෙන්නෙ නෑ කියලා හිතුවද?"

මම අහක බලාගත්තා ....ඒ වචන....මගෙ බඩ පපුවම කලතවන්න ගත්තා ...මම හොදටම දැක්කා...ඒ ඇස් තිබුනෙත් මගෙ ගාව නෙවෙ...නින්ද ගිහි උන්න මගෙ දරුවා ගාව ...මග් ඇසුයි එයා ගාව තිබුනෙ...අග්නී...අග්නී...අග්නී....අග්නී කියන්නෙම....මට කවදාවත්ම තේරුම් ගන්න පුලුවන් කෙනෙක් නෙවෙ..

"ශිවන් අයිති සාරන්‍යට නෙවෙ...."

එහෙනම්...කාටද...මොකීටද ...පිස්සුද....හැටිද.....මට ඕන ගෑනියෙක් නෑ....මේ විදින වේදනාව හොදටම ඇති....

එයා කිව්වා ශිවන් අයිති සාරන්‍යට නෙවෙ කියලා....ඇස්වල තියන සියුම් ලේ නහර සැරින් සැරේම ඉලිප්පෙනකොට මම ඒ ඇස් මග ඇරලා අහක බලගත්තා වගේම එයා හුලගටත් වඩා වෙගෙන් ඇවිත් ආයම මගෙ ඉස්සරහින් හිටගත්තා . ..

"කව්ද කිව්වෙ උඹව ගෑනියෙක්ට දෙනවා කියලා ....."

අ....ග්...නී.....

"ඇයි....උඹට ගෑජියෙක් එක්ක යන්න ඕනෙද "

මට ඕන ගෑනියෙක් නෑ අග්නි ...ඉන්න ගෑනිව බේරගන්න විදිහක් නැතුව මං ඉන්නෙ ....

"ආයුක්ශගය මරනං ,කර්මක්ෂය මරනං,

උභයක්ශය මරනං,උපච්ජේදක මරනං....මේ හතරෙන් කෝක ලැබුනත්.....ඉපදෙනකොට අත් දෙක අස්සෙ ගුලි කරන් එන්නෙ මොකක්ද ...අන්න ඒකයි දෛවය ශිවන් ....උඹලා සන්නි දහටම නැටුවත්.....යන්ඩ තියන හුස්ම කෙන්ද ආය ගන්ඩ බෑ ශිවන්...."

එයා කියනවා...මැරෙන්නෙ කොයි විදිහට උනත් දෛවය ඒකලු.....එයාගෙ වචන හැම වෙලාවෙම පපුවට ගෙනාවෙ වේදනාවක් වෙනකොට මං ඒ ඇස් මග ඇරලා ළමයා ගාවින් උඩ බෙලි අතට දිගා වෙනකොට එයා මා දිහා බලන් ඉන්න එක මං දැක්කා .....

මං තනිවෙනවා ...මං තනිවෙන්න බයයි.....මට....තනි....වෙන්න බයයි....අග්නි....

"තනි වෙන්න බයයි ...ඒත්....උඹට....අම්මා ඉන්නවා ....අප්පච්චි ඉන්නවා.....තව..."

අග්නි...

එයා නැවැත්තුවා ...මට දැනෙනවා එයා ඉන්නෙ මට එහාපැත්තෙන් පුංචි එකා බිත්තියෙ කෙරවලේ වෙද්දි...මං උන්නෙ මැද .....එයා වැටෙන පැත්තෙ....එයාගෙ සුසුම්වල සීතල ගතිය මගෙ බෙල්ල පුරාවටම වදිනකොට මං අහන් උන්නා....

"උඹ කියනවා තනිවෙන්න බයයි කියලා .....උඹ තවම තනි කම කියන එකේ තේරුම දන්නෙ නෑ....උඹ ගිය දා...මාත් හිතුවා මම තනිවෙන්න බයයි කියලා ...හොදම දේ...එදා...මං එහෙම හිතුවෙත් තනිවෙලා ඉන්න ගමන්....."

මිනිස්සු මැරුනට මතක මැරෙන් නැ අග්නි.....මිනිස්සු මැරෙන්න බය නෑ...ඒ උනාට ආදරේ කරන අය තනිවෙයි කියලා දාලා යන්න බයයි.....

"උඹව් අයිති එයාට නෙවෙ ...නම්.... එයාට යන්න දෙන්නම වෙනවා..."

දෛවය මහ අසාදාරනයි...

"......"

එතනින් එහා ආයමත් එයයි මායි මුනිවත රැක්කා...සැරින් සැරෙම කෙදිරි ගාන පුංචි එකාට මං තට්ටුවක් දානකොට මං බලාගන ඒ රතු ඇස් තිබුනෙම මං දිහාවට හැරිලා.....මොනවා බලනවද කියන්න දන්නෙ දෙයියොම විතරක් වෙනකොට එයා එකපාර නැගිටලා ඉදගත්තා ....

"ශිවන්...."

ම්ම්ම්..

"මිනිස්සු වැඩි පුරම තරහා ගන්නෙ...වැඩියෙම්ම ආදරේ කරන මිනිස්සු එක්කයි කියලා කියන්නෙ ඇත්තක්ද"

එයා මගෙන් අහනවා මිනිස්සු වැඩිපුරම තරහා ගන්නෙ වැඩියෙම්ම ආදරේ කරන මිනිස්සු එක්කද් කියලා ...එක හරි ....ඒත් එයාට මොකටද ඒක...කොහෙන් හරි ඇහුනවත් ද....නැත්තන් මූ ටක්කෙටම යකින්නක් එක්ක යාලුයිවත්ද .....මමත් නැගිටලා ඉදගත්තා ...

මිනිස්ස්සුන්ට නම් එහෙමයි....ඒත්...යක්කුන්ට කොහොමද කියලා දන්නෙ නෑ...

"මම යකෙක් කියලා හිතන් නැතුව ඉදපන්...."

ඒ කියන්නෙ ඔයාටත් කා එක්ක හරි....වැඩිපුර තරහා යනවද ....

"ඔව්..."

"කා එක්කද?"

"උඹට ඒ පැහිච්ච කමෙන් වැඩක් නෑනෙ...."

ම්ම්ම්....ඔව්...ඒක ඇත්ත....මං කවුද.....ඔව්වා කියන්ඩ.....ඇරත්....දැන්....සැරින් සැරේම අතුරුදහන් වෙනවා....වෙරලු ගහේ අත්තට අලුත් එකියක් වත් වැහුවද දන්නෙ නෑනෙ.....ඔය ඉන්න යකින්න ගෙම්ම එව්වා අහගන්ඩ එපැයිනෙ....මේ දුකෙන් ඉන්න මගෙන්ම ඔව්වා අහන්නෙ....

"උඹ දැක්කද මට යකින්නක් ඉන්නවා?"

මට පේන්න එන්නෙ නැතුව කොහෙ කොහෙ හරි මුලු මුලු ගානෙ රින්ගන් උන්නම මං දකින්නෙ කොහොමද ....

මන් මුනින් අතට හැරුනා ....එයා අහනවා මං දැක්කද කියලා .....මං දකින්නෙ කොහොමද මගෙ ඇස්වලටත් වැලි ගහලා මාරු වෙනකොට ...

"හැරියන් මේ පැත්තට "

මොකට ....මට නිකමටවත් නොකියා යකින්නකුත් හොයාගන.....දැන් මොකටද මට හැරෙන්න කියන්නෙ....මං ඒ ගෑනිව අල්ලගනී කියලා බය උනාද. ....?

"ඇත්තමයි...මට උඹ එක්ක එන තරහට පත්තරයක් වගෙ අලු කරන්ඩ හිතෙනවා ...."

කරපන් ඉතින්.....මටත් සැනසීමයි.....මටත් ඕනෙ එච්චරයි ....ආ...හ්හ්...අ..ග්...නි....

මට කියලා ඉවර කරන්න හම්බුන් නෑ ....මුනින් අතට උන්න මගෙ අත එයා අනිත් අතට අඹරල ගත්තා .... වේදනයි කියලා කෑ ගහලා කියන්න ඕනා උනත් මට දරුවා හින්දා කෑ ගහගන්න බැරිවෙනකොට මම මගෙ ඔලුව කොට්ටෙ අස්සට ඔබා ගත්තා .....

" උඹ යකෙක්ගෙන් ගුටි කාලවත් හැදෙන එකෙක් නෙවෙ"

ආව්...හ්...අග්නී....වේදනයි....

එයා මාව අතෑරියා ....යකෙක්ගෙන් ගුටි කාලවත් හැදෙන එකෙක් නෙවෙ කියපු එයා මාව අතෑරියා ..මගෙ අත උරහිස් ඇටෙන් පැන්නා හා.සමාන වේදනාවක් දැනෙනකොට මම මූන ඔබාගනම උන්නා....

" මිනිස්සු විතරක් නෙවෙ.. යක්කුත්.....වැඩිපුරම කේන්ති ගන්නෙ...."

අග්...නී....අග්නී.....

එයා ගිහින්..... එයා ආයම යන්න ගිහින්....කියන්න ගත්තු දේ මගින් නවත්තපු එයා යන්න යනකොට නාලා ආව සාරාන්‍යා චිත්ත රෙද්ද පිටින් කාමරේට ආවා.....ඔලුවය කෙටි තුවාය ගැටගහන අම්මගෙ චීත්ත රෙද්ද තනපට වගේ ඇදගන එයා කාමරේට ආවා....

අනේ අප්පච්චි ...එයාට නින්ද ගියාද ...

ඔව්..මෙ දැන් . ..

සූප්පුව නැතිව ඇගිල්ලක් කටෙ ගහන් නින්ද ගිහින් උන්න දරුවා දිහා බලලා නින්ද ගියාද අහන ගමන් එයා අදින්න ගත්තා .....මං බලාගන එයා ඇන්දෙ ලා කහපාට ගවුමක්...මට තාම මතකයි...එයා ඒක ඇන්දෙ දරුවා හම්බෙන්න පලවෙනි මාසෙද කොහෙද .....දශමයක් වත් ඉස්සරහට නෙරපු නැති බඩ ගෙඩිය අපි පරිස්සම් කරපු තරම් ...මම පරිස්සම් කරපු තරම් ....ඒත්. ....මට අප්පච්චි කෙනෙක් වෙන්න වාසනාව තියෙන්නෙ මෙච්චරයි වෙන්න ඇති.....මට සැමියෙක් වෙන්න වාසනාව තියෙන්නෙ මෙච්චරයි වෙන්න ඇති.....මට මගෙ ගෑනිට මගෙ ලමයට ආදරේ කරන්න පින තියෙන්නෙ මෙච්චර වෙන්න ඇති . ...ඒත්...එහෙමයි කියලා ...

මං එහෙම්ම ඇදෙන් නැගිට්ටා....අග්නි අත අඹරපු පාරට අත වේදනා දෙනකොට මම අත අතගගාම ඇදෙන් බැහල ගිහින් මට පිටිපස්ස හරවන් ඉන්න එයා ගාවට ගිහින් මම එයාව පිටිපස්සෙන් තුරුල් කරගත්තා ...

අප්පච්චි ....

මට මෙහෙම ඉන්න දෙන්න..එක විනාඩි පහකට ... ..

ඇයි...අප්පච්චි දුකෙන් ඉන්නෙ .....

එයා මගෙන් අහනවා ඇයි දුකෙන් ඉන්නෙ කියලා ....කන්නාඩි මේසේ කන්නාඩියෙන් ඇදුන එයාගෙ මගෙ රූපෙ දිහා බලන් උන්න මම එහෙම්ම එයාගෙ බෙල්ලට හාදුවක් තිබ්බා ඇරෙන්න වචනයක් වත් කටින් එලියට නාව මම එයා දිහා බලන් උන්නා .තව ටික කාලෙකින් මට එයාවත් නැතිවෙනවා.....මටත් නොදැනි ගින්දර හා සමාන හුස්මක් මගෙන් පිට උනා....

මං ඔයාට කවන්නද....

අම්මා අප්පච්චි කෑම මෙසෙ ඉදන් ඉන්නකොට නින්ද ගියපු පුංචි එකාව තනිකරන්න ලෝභ හින්ද එයා මගෙන් අහනවා කවන්නද කියලා .....බාලගිරිදෝසෙ අද නෙව්ව් හෙට කියලා මගෙම අකුරු වලොන් ලිය උන කඩදාසි පටිය කාමරේ උලුවැස්සෙ තියනවා දකිනකොට මාව අයම අවුරුදු දෙකහමාරකට උඩට ඇදන් ගියා.. 

නිල්ම නිල්පාට පැනල් එකක් අස්සෙ එතුන ඇබිත්තකට නැති ඒ රෝස මූන....ඒ චූටි අත පය . .. .මං එයාව තුරුල් කරන් ගෙදර ආව හැටි...මේ ඔක්කොම ආය ආයම මතක් වෙනකොට මට මගෙ පපුවට පුදුමාකාර තරම් බරක් දැනුනා .....

මිනිස්සු තනි වෙන්න මොන තරම් බයද කියන්න මට රෝම කූපයක් කූපයක් ගානෙම දැනෙනකොට මම එයාගෙ අත මගෙ අතට පටලව ගත්තා .....අග්නිට පවා තනිකම දැනුන නම්...මං ගැන කවර කතාද....

ඇයි මේ....

දන්නෙ නෑ.....

.ඉතින් ඔයා අතාරින් නැතුව මං කොහොමද බත් බෙදන් එන්නෙ ...

මං මේ අත අල්ල ගත්තෙ අතාරින්න බලන් නෙවෙ .....

මං දන්නවා අප්පච්චි .....කෝ.....මාව අතාරින්න දරුවො...

..එයා වෙලාවකට මටත් අම්මා වගෙ....මම එයාට නිතරම දරුවො ගෑවත්....එයා ඉදලා හිටලා දරුවො කියලා කියනකොට අවංකවම අම්මා මගෙ පුතා කියලා කතා කරනකොට එන හැගීමම ඒ වචන වල තියනකොට මම මගෙ නිඛිල්ට සින්නකර උන කාලෙකට කලින් මගෙ.වස්තුවක් උන පපුව මැදට මූන ඔබා ගත්තා . .....

.සුවදයි...

මං මිමිනුවා...එයාගෙ ඇගිලි මගෙ හිස කෙස් අස්සෙන් යනකොට මම තත්පර ගානක් ඒ පපුව මැද මූන ඔබන් ඉදලා එයාව අතාරිනකොට එයා කුසියට ගියා...

ආව්හ්....අග්නී...උඹ මහෙ අත කාලා.....උඹ නම්...ඇත්තටම යකින්න එක්ක තියන පලියක්ද කොහෙද මගෙන් ගත්තේ ...

මං කාමරෙ ජනෙල් කූරු අස්සෙන් පේන දේවාලෙ දිහා බලන් උන්න මම හිමින් මිමිනුවා..... අඩුම ගානෙ දොර රෙද්දවත් හෙල උන් නැතිදේවාලෙ දැක්කම මට හිතුනෙම එයා ආයම දැල් දාල වත් හොයන්න බැරි දුරකට අන්තරස් දාන වෙලා කියලා .....නපුරු කම තියන. ...

කෝ ආගාන්න.....

..කෙම්මුර දවසක් හින්දම පිලි ජාති එකක් වත් හාමු නොවුන බත් පත වහන් තිබුනෙ තනිකරම එලවලු විතරක් වෙනකොට මම එයාගෙ ඇගිලි තුඩු වලින් ගුලි උන බත් කටට මම කට ඇරියා....එයාගෙ කටට එකයි මගෙ කටට එකයි ....

.න්න්ම්ජ්.....ම්ම්...අම්...මී....අ....ම්...ම්ම්හ්හ්....

ඕ...ඕ.....ඇයි ...ඇයි....අම්මිගෙ වස්තුව...මේ ඉන්නෙ....මේ...ඉන්නෙ....

.අම්...අම්ම්...මී....ම්ම්ම්.....හ්හ්..

නින්දෙන්.....

දෙවනි තුන්වෙනි බත් කට උගුරෙන් පහලට ගිලෙනකොට නින්දාගන උන්න පුංචිඑකා ගැස්සිලා වගේ ඇහැරිලා අම්මී ගගා අඩනකොට මම දරුවගෙ පස්සට තට්ටු කරන ගමන් සූප්පුව කටට ගැහුවා.....නින්දෙනුත් ඉකිගහන ළමයා ආය.ආයම අම්මී ගානකොට මම.උකුලට අරගන නලවන්න ගත්තා ...ඒ එක්කම ආයම එයාට නින්ද ගියා.. 

අම්මා කිව්වා..හවසට පන්සලට ගිහින් එන්න කියලා ඒ ආවම තෙල්ටිකක් මතුරලා දෙහි කපන්නම් කියලා ....

අම්මත් එනවලුද....

නෑ අම්මා හවස කොහෙද ලෙඩෙක් බලන්ඩ යනවා කිව්වා....අපිට ගිහින් එන්න කිව්වා අප්පච්චි එක්ක....

ම්ම්ම්ම්

බත් පතේ අවසානම ගුලිය මග් කටට ඔබපු එයා හවස පන්සීයක් යන්න කිව්වා කියනකොට මම එයා කියන ඒවට හූ මිටි තියලා වතුර බීලා එහෙම්ම ඇදට පෙරලුනා....

දෙයියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් මොකක් හරි ප්‍රාතිහාර්‍යක් වෙනවා නම් කියන එක ආය ආයම කියනකොට මන් බලගන ලාවට ජනෙල් රෙද්ද හෙලවෙනවා...

අග්නී....

මං හොරාවට මිමිනුවා....

ජනෙල් රෙද්ද හෙළ උනා මිසක්කා එයාගෙන් නෙවෙ මීක් සද්දයක් ඇහුනෙ.... තත්පරයක් දෙකක් හෙල්වුන ජනෙල් රෙද්ද ආයම හෙලවෙන්නෙ නැති වෙනකොට මම ඔහේ බලන් උන්නා....

"කැක්කුමද අත....."

ඇස්පියන් උන්න මට කට කොනකට හිනාවක් මතු උනා....අත කඩන්න හදපු එයාම ඊලග පාර කැක්කුමද අහනකොට මම හිනා උනා....

"උඹ කට පරිස්සම් කරගන්නෙ නෑනෙ.....වක්කඩ කැඩුවා වගෙ කියවනකොට එන කේන්තියට මට උඹව මරන්නම හිතෙනවා..."

"කෝ අත හරවපන්"

"උඹ හැදෙන්නෙ එක්කො මගෙන්.ගුටි කාලා....එක්කො...මගෙන් මැරුම් කාලා"

අනේ...අග්නී.....ඔච්චර බනින්න එපා.....

එයා හුස්මක් නොගෙනම මට බැන බැන එයා කඩන්න හදපු අත අතගානකොට මම මිමිනුවා...

"බනින් නැතුව උඹව මෙල්ල කරන්ඩ අමාරුයි...."

එයා බැන බැනම මගෙ අත අතගෑව එයා ඊලග පාර අතුරු දහන් උනා..අඩුම ගානෙ යන්නන් කිව්වෙත් නෑ....මොනවත් කිව්වෙ නෑ...යකෙක් ගහපු හින්දමද කොහෙද මගෙත් ඇස් දෙක පියවෙලා යනකොට මට දැනුනා මාව ඇද මැදට තල්ලු වෙනවා.....මගෙ ඇගට රෙද්දක් වැටෙනවා...

අප්පු....ච්චි...යෝ...

ඕ...මැනික....

මේ...ක...මේ...ක

කෝකද...

මේ..ක.....

කෝ ඕකත් කඩන්න එහෙනම්....

කඩන්න...ත...

ඔව් කඩන්න.....

මල ඉර බහින්න ඔන්න මෙන්න ඇති....හවස යන්නම් කියල උන්නත් මට ලමයා ගාව කට කපලා නින්ද ගිහින් තිබුනා ....පිපුන වතුසුද්ද ගහට සුදු රෙද්දක් එලුවා හා සමාන වෙනකොට මම ලමයව එක අතකින් වඩාගන මල් කඩනකොට පුංචි එකත් මල ක් දෙකක් පෙන්නලා ඒක කඩනකම්ම.මේක...මේක..මේක ගෑවා.....

තෙල් ....පහන් වැටි...අලුත්ම පහනක්...හදුන් කූරු...මේ එක්කොම එක බෑග් එකක් අස්සට එකතු වෙනකොට මම මල් ටික තැලෙන්නෙ නැති වෙන්න වෙනම උරේකින් දැම්මා.....

"මං වෙනුවෙනුත් පහනක් පත්තු කරනවද"

දෙයි හාමුදුරුවනෙ අග්නී...

මම.පපුවට අත තියා ගත්තා .....වටපිටාවෙ කිසිම සද්දයක් බද්දයක් නැතිවෙලා යනකොට එයා ආයමත් මගෙ කන ගාවට පහත් වෙලා එයා වෙනුවෙනුත් පහනක් පත්තු කරනවද අහනකොට බය උන පාරට මාව ගැස්සිලා ගියා .. අවුරුදු ගානක්...මම.අග්නිව දන්නෙ අවුරුදු ගානක්...ඒත්....අදවෙනකන් මම එයාට බය නොවුන දවසක් නෑ...එය හැමදාම කෙරුවෙ මාව බය කරපු එක.....

මං ඔයා වෙනුවෙන් මලක් පහනක් පූජා කරන්නම්.....

"එපා...."

ඇයි....දැන් එහෙනම් කිව්වෙ....

"එපා...ඕන් නෑ"

මුරන්ඩු කම

" උඹ දන්නවද මං ප්‍රාර්තනා කරන්නෙ මොනවද කියලා...."

අර පස්සෙන් යන යකින්නව සෙට් වෙන්න කියලනෙ....ඊට පස්සෙ....දරු සම්පත්තිය අහසෙ තරු වගේම...පොලවේ වැලි වගෙම වැඩි වෙන කියලනෙ...

"මට ඇති යකින්නක් නෑ"

එහෙනම් ඔය සැරින් සැරේ දුවන්නෙ...ලැජ්ජ වෙන්න එපා....මම ප්‍රාර්තනා කරන්නම්....අග්නිගෙ යකින්නව අග්නිට දෙන්න කියලා ...

"ඇත්තමයි...මට උඹත් එක්ක එන තරහවට....උස්සලා පොලවෙ ගහන්න හිතෙනවා අතපය හතරම කැඩිලා එක තැන් වෙලා යන්න"

මං බලන් උන්නා...මාව උස්සලා පොලවෙ ගහනවා.ගාපු එයා ලග තිබුන මල් පෝච්චියකට පයින් ඇනන් දේවාලෙ ඇතුලට යන්න යනවා..ඒ එක්කම සාරාන්‍යා එලියට ආවා....

මේක...මතකද...

අයා මගෙ ගාවට ඇවිදින් මේක මතකද ඇහුවා..අමතක නොවී කොහොමද .....ඒක මම එයාට මුලින් අරන් දුන්න ගවුමනෙ...එයාට තවමත් ඒක අශින්න පුලුවන් .....අදින්න පුලුවන් නෙවෙ...එයා ඒ ගානට ඇදිලා ගිහිල්ලා.....මම එයා දිහා බලන් උන්නා.....කියන්න දන්නෙ නෑ...අද එයා වෙනදට වඩා ලස්සනයි.....කම්මුල ගාවට වැටුන කොන්ඩ කැරැල්ල මම කන පිටිපස්සට කරනකොට එයා හිනා උනා....

මෙච්චර කාලයක් හිනා වෙනකොට ඒ ඇස් ඇඩුවා....අද ඒ හිනාව එක්ක ඇසුත් හිනා වෙන කොට මම බලන් උන්නා...ඔය තරම් ලස්සනට හිනා වෙන්න එපා මට ලෝභයි කියන්න හිතුනත් මම.මගෙ අතේ උන්න කොල්ලව එයාගෙ අතට දීලා කාර් එකට නගිනවා එක්කම එයත් නැග්ගා...

අම්මී...ඊ.....

ශ්ශ්....

අම්...මී....ඊ...

එයා දුවනවා.....රටා තියලා අතුගාපු මිදුලෙ රටා ඔක්කොම කකුල් අඩිවලට මැකිලා ගිහින් ඉන්නකොට එයයි මායි සුදු වැලි ගොඩේ එලපු පැදුර ඉදන් බෝධිය වදින ගාථාව කිය කිය උන්නා...වැටුන බෝ කොල හුලගෙ යනකොට අරලිය මලක් එක්ක මොන මොනවදෝ කිය කිය උන්න එයා මිදුල පුරාවටම තිබුන බෝකොල පස්සෙ දිව්වා...වැලි ගොඩේ ඉදගත්තා .....යන එන මිනිස්සු දිහා බලන් උන්නා...සමහරෙක් ඔලුව අත ගාන් යනකොට අතේ තිබුන මලක් බෝ කොලයක් දික්කරලා මොන මොනවදෝ කියනකොට මම මගෙ දරුවා දිහා බලාගන බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලුවෙ ආය ජාති ජාතිත් මට ඉපදීමක් එපා...මගෙ දරුවාට වත් එපා...මගෙ ගෑනිටවත් එපා කියලා ...

අවුලපු මැටි පහන්...හදුන් කූරු පුරාවටම තිබුනෙ අනේ බුදු හාමුදුරුවනෙ මගෙන් උන් දෙන්නව උදුරගන්න එපා....බුදුන් හැර කාටකියන්නද මේ අවනඩුව කියන කන්න ලව්ව විතරක් වෙනකොට මං බලාගන සාරාන්‍යා අව්ලපු මැටි පහන අවුලන්නත් කලින් නිවිලා ගියා වගේම එයා ආයම අවුලන්න හදනකොට ගිනි කූර ගහන්න හදපු එයාගෙම අත වැදිලා පහන බිමට වැටිලා කුඩු වෙලා ගියා....

අනේ....අයියෙ.....

වෙන වෙලාවය අප්පච්චි අප්පච්චි ගාන එයාට අනේ අයියෙ කිය උනා...නොකියා උන්නට පහන නිවුන වෙලේ ඉදලා මගෙත් ඇග රත් වෙලා ගියා උනත් මම එයාගෙ හිත හදලා මැටි කටු ටික අරගන කුනු කූඩෙට දැම්මා...

අත වැදුන හින්දනෙ දරුවො....

මම බයවෙලා වගේ බලන් උන්න එයාගෙ ඔලුව අතගැවා .....

අනේ බුදුහාමුදුරුවනෙ...මට එකම දෙයක් ඇරුනම....ඉල්ලන්න හුගාක් නෑ....මට ඉල්ලන්න තියෙන්නෙ මෙච්චරයි ....මට මගෙ පවුල ආරක්ශා කරලා දෙන්න....මට තනිවෙන්න බෑ දෙයියනේ....

මම අවුලපු පහනක් ගානෙම ප්‍රාර්තනා කෙරුවෙ එකම දේ වෙනකොට එයා අත් වැදන් හුගාක් වෙලා උන්නා....අවසානෙදි මා දිහා බලලා...මගෙ අතේ උන්න ලමයගෙ අත අරන් හාදුවක් තිබ්බා....

අම්මිගෙ වස්තුව.....

අම්..මිගෙ...

ඔව්..අම්මිගෙ තමයි.....

මම ලමයවත් වඩාගන ඉස්සර වෙනකොට එයා මගෙ පස්සෙන් ආවා.....මහ පාර පනින්න යනකොට වෙනදා වගේම මම එයාගෙ අත අල්ලගන්නකොට අතේ උන්න පොඩි එකා මල් කඩ ගාව දාලා තිබුන සෙල්ලම් බඩු කඩෙ තිබුන හුලන් පුම්බපු බෝලා වැල පෙන්න පෙන්න ඒ පැත්තට යමු කියන්න ඉස්සරහට පහත් උනා....

අප්...පු....ච්චි...යෝ.....ම්ම්ම්හ්හ්....අප්...පු.....ච්....අම්...මී....අ....ම්...මී...

ආ.....හරි...හරි....අම්මෝ....හරි....අරන් දෙන්නම්.....ඒවා නම් හොදට පේනවා...නේ.....

කොල්ලා එකම.අම්මී...අප්පච්චි ගගා කිව්වෙම ඒ පැත්තට යමුයි කියලා වෙනකොට මම කලිසම් සාක්කුව අත ගෑවා.....

වොලට් එක කාර් එකෙ මෙයාව ගන්න මං අරන් එන්නම්....

යතුර දෙන්න මං අරන් එන්නම්.....

වොලට් එක ගේන්න හදපු මාව නවත්පු එයා සාක්කුවට අත දාලා යතුර ගත්තා ....

පාර බලල පනින්න කහ ඉර කියලා නෑ.....කා ගන එනවා....

යන්න හදපු එයාට මම පාර බලලා පනින්න කියලා යතුර දීලා සෙල්ලම් බඩු තියන කඩේ ගාවට එන්න හැරුනා....කහපාට....නිල්පාට .....පාට පාට බෝලා වැල දැකපු කොලුවා එක එක පෙන්න පෙන්න මග ඉදලම කෑ ගැහුවා වගේම කන් පිටිපස්සෙන් ඇහුන ඇගම හිරි වට්ටන බ්‍රේක් පාරක් දඩ බඩාන් ගාන සද්දෙ එක්ක මම ආපිට හැරිලා බැලුවා.....මට උන් හිටි තැන් අමතක වෙලා ගුයා...

අප්...ප.....

දෙයියනේ....අනේ....අනේ....හ්........ එපා...අනේ...දෙ....යියනේ.....එපා....

🥺හායිම්...

ගුච් මෝනිම්...

බායිම්....

🥺

ආයම එන්නාම්....

මම

Ferdeesha ❤️💚😘 ....

ජැක්කනෙ....ම්හුක්🥺🥺🥺

More Chapters