LightReader

Chapter 1 - 01

නමෝ තස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස....

කනට නැහෙන ගානට දාපු රෙඩීයෝ එකෙන් අදත් වෙනද වෙලාවටම සෙත් පිරිත් බෝදි පූජා යනකොට මම බුදු කුටිය ගාව වැදගන උන්නා.....

මට ඉල්ලන්න මහා දේවල් නෑ....පුලුවන් නම්....මගෙ පූංචි එකාගෙ ඇගට හයියක් දෙන්න අපෙ හාමුදුරුවනෙ....මට බයයි...නොමල ගෙදරකින් අබ මිටක් ඉල්ලන් එන්න....

මං අත් දෙක වැදගනම උන්නා....සති ගානක් තිස්සෙ මගෙ ඇස්වලට උනන කදුලු අද වෙනකන් වේලුන් නෑ....මං නිකන් පිරිමි කුලේ ඉපදුන කිසා ගෝතමී වගේ....

වයස තිහක් පිරුන " ශිවන් නිශ්මික වීරසේකර" වෙච්ච මං හදුන් කූරු සුවද නාස් පුඩුවලින් උරා ගන්න ගමන් අත් දෙක වැදගන උන්නා....

(ශිවන් නිශ්මික වීරසේකර )

අප්ප...ච්චි ...

මං හිතේ තියන එකම ප්‍රාර්තනාව ආය ආයම මතුර මතුර ඉන්නකොට කාමරෙ ඇතුලෙන් මගෙ දරුවගෙ දුර්වල කටහඩ ඇහුනා ...ඇස් කොන්වලින් වැටුන කදුලු බින්දුව ටයිල් පොලව උඩට වැටිලා නැත්තටම නැතිවෙලා යද්දි කතා කරගන්න අමාරු ලමයව මහන්සි කරවන්න හිතන්නවත් බැරි මම කාමරේට ගියා....ඒත් ඇත්තම කතාව නම්...මං දිව්වා ....

අප්..පච්චි....යෝ...

ඕ.....ඇයි....මගෙ පැටියා කියන්නකෝ.....

ඇටකෝටු ගැහුන....තියන ලෙඩේ හොයා ගන්න බැරි පුංචි එකාව මං කකුල් දෙක උඩින් ඉන්දව ගත්තා.....මමම ආය ඉපදිලා....සාරන්‍යට දරුවා ලැනුන දා හැමෝම කිව්වෙ ඒක...මගෙ කොල්ලා මන් වගේමයි.....

මගෙ පුතාට කුක්කු එකක් හදලා දෙන්නද. .

අප්...පච්චී...

ඇයි වස්තුවෙ....අප්පච්චි අහන් ඉන්නෙ....කියන්නකෝ.....

ඒ පොඩි හිත අස්සෙ මොනවා තියනවද කියන්න දන්නෙ එයාම විතරක් උනත් පුංචි එකා කියන්න හදන දේ කියන්නවත් බැරි තරමට කොල්ලට මහන්සි දැනෙනකොට එයා අප්පච්චි කියන කෑල්ලෙන් නැවැත්තුවා...එයාට එතනින් එහාට අහුලන්න අකුරු නෑ...නැද්ද දන්නෙ නැති කමද මං දන්නෙ නෑ....

මම වතුර එකක් රත් වෙන්න තියලා පැම්පර්ස් එක් පිටින් උන්න දරුවව එහෙම්ම පැන්ට්‍රි එක උඩින් ඉන්දෙව්වා .....

මං බලන් උන්නා...ඒ මූන දිහා බලන් උන්නා...මගෙ ලේ දිහා මං බලන් උන්නා.....යන්තම් අවුරුදු දෙකහමාරක් උන" නිඛිල් ශාක්‍ය සස්මික වීරසේකර" මගෙ එකම පුතා දිහා මං බලන් උන්නා...

එයා එන්න එන්නම දුර්වල වෙනවා.....කියන්න තේරෙන්නෙ නෑ...මට ,මගෙ ගෑනිට..මගෙ දරුවට මොන සාපෙ වැදුනද කියලා....මොන පවක් පඩිසන් දෙන්න ගත්තද කියලා....ඒ උනත්...මොකක් හරි කරුමයක් මගෙ දරුවා පිටින් යන්න ගත්තා ....

ගොජ ගොජ ගාලා නටන කේතලෙන් වතුර බින්දු එලියට පවා පනිනකොට මං ඒක බාලා පොඩි එකාට කව් ඇන්ඩ් ගේට් එකෙන් කිරි එකක් හැදුවා ....සාරන්‍යා නයිට් ඩියුටි ගියා....ඒ ගෑනි එහෙන් මැරෙනවා ...මං අනිත් පැත්තෙන් මැරෙනවා .....ඒ කොච්චර කෙරුවත් හොයන තඹ,සතේ පවා ලමයට වියදම් කරලත් ලෙඩේ හොයන්න බැරි වෙනකොට අපි නොමැරි මැරුනා....

අප්පච්චිගෙ රත්තරන් ....අපි මේක බීලා ඉමුකෝ...

අප්...පච්...චී.....සිදෙ...නානෙ.....

කොතනද...මේන් මේ බන්ඩි ගෙඩියද....ම්ම්ම්.....මෙතන්ද.....අප්පච්චි අතගාන්නම්..

පුංචි එකා අප්පච්චි සිදෙනවනෙ කියලා බඩට අත තියලා මගෙ උරහිස උඩ ඔලුව ගහගන්නකොට මං ලමයව වඩාගන බොරු කෝටියක් කියන ගමන් එලියට ආවා....

මදේ රතු පාට වෙන පේර ගහේ පොත්ත ලාකොල පාට ගෙඩියක් උඩ එල්ලීගන උන්න ලේන් පැටියා අහේතුවකට බිම වැටුනා....අනේ ඒකට ගෙඩිය අල්ල ගන්න බැරි උනාද කොහෙද ....තවම ඇවිද ගන්නවත් හරියට පන නැති කකුල් වලින් අනේ ඒකා හරි අමාරුවෙන් යන හැටි බලන් උන්න මම ලමයව අරන් ගිහින් සිමෙන්ති බන්කුවෙ ඉදන් සූප්පු බෝතලේ හොලවන ගමන් පාර දිහා බලන් උන්නා....දැන් ඩියුටි ෆ්‍රී එකේ වෑන් එක නවත්තයි....දැන් නවත්තයි කියලා .....

අම්...මී...අප්...ප..චි..අම්...මී.

අම්මි එයි....අම්මි තව චූට්ටම....චූට්ටන්....වෙලාවකින් එයි...කෝ....අප්පච්චි ගෙ පැටියා මේක බොන්නකෝ...අම්මි ආවම...

මම ලමයට බොරුවක් ගොතන්න ගත්තා ...එයාගෙ ඇස් දෙක හෙව්වෙත් සාරන්‍යව..මම හෙව්වෙත් සාරන්‍යව....ඒ උනාට වෙනදා එන වෙලාවත් පහුවෙලා එයා තවමත් ආවෙ නැති වෙනකොට මම බලන් උන්න දැන් එයි...දැන්...එයි...දැන් එයි කියලා..... ඒත් එයා ආවෙ නෑ....එයා තියා වෑන් එකේ සද්දයක් වත් ආවෙ නෑ...ළමයා කිරි එක බොනවා ආයම අම්මව හොයනවා...කිරි එක බොනවා ආයම අම්මව ඉල්ල්නවා...මං බැරිම තැන කොල්ලව වඩාගන ගේට්ටුවෙන් එලියට ආවා.....ලොක්කට වැදලා වැදලා...දහයෙ ශිෆ්ට් එකට හදා ගත්තු හින්ද මම බේරිලා ඉන්නවා මිසක්කා මමත් නැති උනෝතින් එයා ගෙදර එනකන් ලමයව බලාගන්න කවුරුත් නැති වෙන්න ගියා.....

මම ලමයව වඩාගන ගේට්ටුව ඉස්සරහා එහාට ගියා මෙහාට ගියා.....ගේ ඉස්සරහා තිබුන අනිත් හෙදර ළමයා බෝල ගෙඩියක් වගේ ඉන්නකොට ඒ වයසෙම උන්න මගෙ පුංචි එකා ඇට්ටර ගැහිලා ගිහින් තියන එක පුදුමාකාර තරම් වේදනාවක් ගේනකොට අපි දෙන්නා ළමයා වෙනුවෙන් කරන්න පුලුවන් හැම දේම කෙරුවා ....

අන්න....අම්මියා එනවා....

හතරමන් හන්දියෙන් ඇහුන හෝන් සද්දෙ එක්ක මම ඒ පැත්ත බලනකොට ඩියුටි ෆ්‍රී එකේ වෑන් එක දැකපු මම ලමයා දිහා බලලා අම්මියා එනවා කිව්වා විතරයි අනේ මෙච්චර වෙලාම මලානික වෙලා ගියපු මූන පාට වැටුනා....දැන් ඉතින් මේ කිරි එක නාස්ති වෙනවා....මොනවා කරන්නද ලමයට ඕනේ අම්මව නම්...

මම පුංචි එකාව අත් දෙකෙම්ම වඩාගන හොලව හොලව බලන් උන්නා....ගේ ගාවින් වෑන් එක නැවතුනා...දොර ඇරුනා....සුදුම සුදු කකුල් දෙකක්...

දනහිසට උඩින් තනි කලු ඔෆිස් ස්කර්ට් එකක්...අත් දිග සුදු ශර්ට් එකයි බෙල්ලට බැදපු ස්කාෆ් එකය් ..එක්ක හෙම්බත් වෙලා ගියපු රවුම් මූන ....සාරන්‍යා .....එයා බැස්සා..කොච්චර හෙම්බත් වෙලා උන්නත් එයා මාවයි දරුවවයි දැකලා හරි අමාරුවෙන් මූනට හිනාවක් එල්ලගත්තා ..

අප්පච්චි ...

එයා මට කතා කෙරුවා ....දරුවා අප්පච්චි කියන්න ගත්ත දා ඉදන් එයත් මට අප්පච්චි කියලා කතා කෙරුවා ..මූනෙන් හිනා උනත් ඒ කටහඩ අස්සෙ තිබුනෙම මහන්සියක් වෙනකොට සුදු කකුල් වල,වලලුකර හරි විසිහතර පැයම දාන් උන්න සපත්තුවට පොක්කලම් මතුවෙලා තිබුනා ....

එයා මගේ ගාවට ආවා....අතේ උන්න ළමයා අම්මි අම්මි ගානකොට මං සාරන්‍යගෙ මූන දිහා බලන් උන්නා .....එයා බෑග් එක ඇරියා ඇරලා ඩර්ඩන්ස් කියලා ගහපු සුදුපාට කවරයක් එලියට ගත්තා ....

ඩොක්ටර් ඉන්නෙ දහයහා මාරට.....දැන් අටයි...ඔයාට පුලුවන්ද අද නිවාඩුවක් ගන්න....

එයා මගෙ දරුවගෙ නම ගහපු රිපෝර්ට් එක දිහා බලන් ඉදලා මා දිහා බැලුවා ....වරුවක් තිස්සෙ අඩලා අඩලා ගත්තු ලේ බිදේ රිපෝර්ට් එක පුරාවටම තියෙන්නෙ මොනවද කියන්න නොදන්නවා උනත් එයාගෙ ,මගෙ ඇස්වල තිබුනෙ අනෙ දෙයියනේ මොකුත් වෙන්න එපා කියන දේ වෙද්දි සාරාන්‍යා මගෙ අත් ගොබේට හේත්තු උනා.....

අම්..මී.....අ..ම්ම්..මී..

ඕ....අම්මිට මහන්සීනෙ...මේ...ඌයියා වෙලා...

ම්ම්ම්...ම්ම්ම්...හ්හ් අම්..මී...

යන්න ගිහින් වොශ් එකක් දාගන්න මං ලීව් එකක් ඇපෲ කරගන්න බලන්නම්....

ම්ම්ම්...

එයාව තියලා යන්න ඔයාට මහන්සී සාරන්‍යා...

කමක් නෑ අප්පච්චි ...

එයා මගෙ අතේ උන්න ලමයව වඩා ගත්තා සපත්තු වලට කැපුන කකුල් වලින් කොර ගගහා එයා ලමයවත් වඩාගන ඇතුලට යනකොට අම්මගෙ කිරි බින්දුවක් ගාව හැමදාම පරදින පිටි කිරි බෝතලේ පාරෙ අයිනෙ උන්න නහටු වෙලා ගියපු පූස් පැටියගෙ බඩගින්න නිවනකොට කොයිවෙලෙත් මාව මරවන්න හදන ලොක්කගෙ ඵෝන් එකට මං කෝල් එකක් ගත්තා ...

හෙලො..ගුඩ්මෝර්නින්ග් මිස්ටර් සමරවීර...

ගුඩ් මෝනින් ..නිශ්මික හොද වෙලේට ගත්තෙ...උදේ දහයට පර්චසින් එකේ මීටින් එකක් ඇති ඒකට යන්න...මට අද එන්න,වෙන්නෙ නෑ...සේල්ස් මැනේජර් විදිහට ඔයාට පුලුවන් ඒක බලන්න...

මාව තත්පර ගානකට ගොලු උනා....සමරවීර කියනවා මට පර්චසින් එකේ මීටින් එකක්ලු....සාරන්‍යා කියනවා පුතාගෙ ඩොක්ටර් ඉන්නෙ දහයෙ පස්සෙලු...කන පුරෝලා උදෙම්ම මේ මිනිහ බනිනවා..මම දන්නවා...අනක් ගුනක් නැතිව මට බනිනවා...ඒ උනත්..මං හම්බ කරන්නෙ මගෙ ළමයා නිසා....මට හම්බ කරන්න ඕනා කරන හේතුව නැති වෙලා ගියාම මම කා වෙනුවෙන් හොයන්නද.....

මිස්ටර් සමරවීර....

කියන්න නිශ්මික මොනවා හරි දෙයක් කියන්න තියනවද.

ඇත්තටම මන් මිස්ටර් සමරවීරට ගත්තෙ මට එන්න වෙලා යයි කියන්න...මට මගෙ දරුවගෙ ඩොක්ටර් ගාවට යන්න තියනවා ...

ඇයි වයිෆ්??තමුන්ම යන්න ඕනෙද....

අම්ම තාත්තා දෙන්නම ඉද්දි අම්මා විතරක් යන්නෙ ඇයි මිස්ටර් සමරවීර ...ප්ලීස් ...මේක මට පාර්ටියකට යන්න ඉල්ලන ලීව් එකක් නෙවෙ මිස්ටර් සමරවීර ....

මට වේදනාවක් දැනුනා....වේදනාවම ආවේගෙකට පෙරලුනා...කටහඩේ තෙතමනයක් කියන දේ නාමයක් නැති තැන මට කෑ ගහන්න බැරි උනත් මං තාත්තා හැටියට මගෙ වගකීම පැහැර අරින්න බැරි කමක් පපුවට දැනෙනකොට මන් කෑ නොගහා උනත් හරි අමාරුවෙන් මගෙ ආවෙගෙ පාලනේ ලරන් උත්තර බැදලා ඌ මාව එලෙව්වත් කමක් නෑ කියලා කෝල් එක කට් කරලා ගෙට එන්න ආවා...මෙච්චර වෙලාම අප්පච්චි අප්පච්චි ගාපු පොඩි එකාගෙ කටහඩ ඇහුන් නෑ...මම එහෙම්ම කාමරේට බෙල්ල දාලා බැලුවා...

ළමයා කිරිබොනවා....රෑ එලිවෙනකම්ම නිදි මරපු එයාට නින්ද ඇදිවත පිටිම්ම නින්ද ගිහිල්ලා....

මම සද්ද නෑහෙන්න ඇගිලි තුඩුවලින් එයාලා ගාවග ගියා ...කොල්ලගෙ කට වැඩ කෙරුවට ඇස් අඩවන් වෙලා....හුස්ම ගන්ම වාරයක් පාසාම කෙට්ටු වෙලා ගියපු ශරීර කූඩුවෙ ඇටකටු පේනකොට මං බලන් උන්නා .....

..

බෝල ගෙඩිය වගේ උන්න ළමයා...මොන,යකාගෙ ඇස්වහ වැදුනද මන්දා....

මං එහෙම්ම එයා දිහා බැලුවා ...රෑ එලිවෙනකම්ම මිනිස්සු වෙනුවෙන් බොරුවට හිනා වෙලා එයාට මහන්සි ඇති.....ඩියුටි ෆ්‍රී ඩියුටි ෆ්‍රී ගෑවට විසි හතර පැයම හිටන් ඉන්න ගියහම කොච්චර මහන්සිද ..ඒ කකුල් පිටිපස්සෙ පොක්කලමක් දාලා ඒක බිදිලා ගිහින් ඒ පැත්තම රතු වෙලා තිබුනා....මං එහෙම්ම ඒ කකුලට ප්ලාස්ටර් එකක් ඇලෙව්වා...ඇගහෝදනකොට ගැලවේවි...ඒත් මෙහෙම තිබ්බාම දැවිල්ල ඇති ...

බිත්ති ඔරලෝසුවෙ වෙලාව අටයි කාලයි කියලා වැටෙනකොට මං ඒ දෙන්නවම බ්ලැන්කට් එකෙ න් පොරවලා රිපෝර්ට් එක අරගන ගිහින් බුදු කුටියෙ උන්න බුදු සාදු ගාවින් තිබ්බා.....

අනේ ..වදින්නම්....

මට මගෙ කතාව ඉවර කරන්න බැරි උනා....සිවිලිමේ උන්න හූනෙක් චුක් චුක් ගෑවා වගේම ඒ ටිකකිම්ම මගෙ වම් උරහිස උඩට මොකක් හරි වැටුනා.....හූනු බිත්තරයක් ..පැටියා පිටිම්ම....උඩ ඉදන් වැටුන බිත්තරෙ උරහිස උඩට වැටිලා එත්නිනුත් බිමට වැටෙනකොට මගෙ ඇස් පනාපිටම හූනු පැටියා මැරිලා යනකොට මං අහගන කාමරේ උන්න ළමයා අඩනවා...ඒ ටිකකිම්ම ආයාම සද්දෙ නැති උනා.....

හෙලෝ...අම්මා.....

ලමයා අඩපු පාර මම ආයම බෙල්ල දාලා බැලුවා....නින්දෙන් අඩපු ළමයා එයාට තුරුල් වෙලා නිදාගන උන්නා....අම්මට කෝල් එකක් ගත්තු මම එහෙම්ම එලියට ආවා...

අම්මා....

අම්මා දේවාලෙ ඇතුලෙ...

අප්පච්චි ....ඔයා හොදින්ද.....

මට ඕනා උනේ අම්මව උනත් උත්තර දුන්නෙ අප්පච්චි ...මට අමතක උනා..අද බදාදාවක් කියලා ...මට අමතක උනා.....අම්මා අද දේවාලෙ වැඩ කියලා මට අමතක උනා අම්මා අද සාත්තර බලන දවස කියලා ....

බෙන්තර පාලමෙන් එහා මාතර කඹුරුපිටිය උන මගෙ උපන් ගම ප්‍රසිද්දම,සාත්තර බලන....පේන කියන කනප්පු කරකවන කට්ටඩි වැඩවලට වෙනකොට මගෙ අම්මා කතරගම දෙවියන්ගෙන් වරයකින් සාත්තර බැලුවා .....

මට අම්මා දේවාලෙ අස්සෙ කියනකොට ඒ ඇස් මතක් උනා...දන්න දා ඉදන් මම දන්න ඒ ඇස් මතක් උනා....අම්මගෙ දේවාලේ ආවතේව කරන්න ඉන්න ඒ ඇස් මතක් උනා..මං එක්ක වචනයක් දෙකක් කතා කරන..මගෙ දරුවව හුරතල් කරන....සාරන්‍යා එක්ක තරහා නොවුනත් ..කතා නොකර එයාව මතක් උනා .....

(අග්නි නිකේතන අමරේන්ද්‍රන් )

පුතා . .....

අප්පච්චි ...

දරුවට කොහොමද ...

අද ආයම රිපෝර්ට්ස් පෙන්නන්න යනවා අප්පච්චි ....

අප්පච්චිගෙ කට හඩ කපාගන ඇහුන හක්ගෙඩි හඩ එක්ක,මට ආයම එයාව මතක් උනා ..එයයි ඔය හක් ගෙඩිය පිඹින්නෙ...අප්පච්චි දරුවා ගැන අහනවා මගෙ අම්මා අප්පච්චි මාතර බෝදියට යන්නෙ නැති දවසක් නෑ...කතරගමට භාරයක් නොවුන දවසක් නෑ....

මෙහෙ ඇවිත් යන්න එනවද ...

ලමයව බෙහෙත් ගන්න එක්ක යනවා ...ඒ එනකොට එන්න බලන්නම්...

මං කතාව ඉක්මනට ඉවර කරන්න ඕනා උනා....අහන්නෙ දරුවට තියන ආදරේට බව දන්නවා උනත් දරුවට කොහොමද කියලා අහන වාරයක් ගානෙම මගෙ පපුවට වේදනාවක් ගෙනාව හින්දම මං කතාව මගින් නවත්තලා කෝල් එක කට් කරලා ගෙට ආව...

නවයි...

මං එයාට එහා පැත්තෙන් දිගෑදුනා බඩ පිරිලා උන්න පුංචි එකාට තදිම්ම නින්ද ගිහින් තිබුනත් මං ඇදෙන් දිගෑදෙනවා එක්කම එයාගෙ ඇස් ඇරුනා.....අත දිගෑරෙනකොට එයා රෝල් වෙලා ඇවිත් අත උඩින් ඔලුව තියා ගන්නකොට මං එයාව අනිත් අතෙන් තුරුල් කර ගත්තා .....හැඩි දැඩි පිරිමි පපු ළඟ ගෑනු හෙව්වෙම උනුසුම වෙනකොට එයා පවා ඉල්ලුවෙ විඩාවට පත් උන හදවතට සැනසීමක් වෙනකොට මම එයාව තුරුල් කරන් උන්නා.....

එයා ඇස් පියන් උන්නා මිසක් වචනයක් වත් කතා නොකරනකොට මං ඒ දාන් උන්න බොරු ඇහිපිහාටු දිහාබලන් උන්නා.....

ගෑනු වෙන එක මහා අමාරු දෙයක් .....ඉපදුන දා ඉදලා උන්ට අඩන්න විතරමයි උරුම....කන හිල් කරන්.යන කරාබුවෙ පටන් උන් අඩන එකමයි කරන්නෙ....මං දැක්කා මීට අවුරුදු දෙකකට උඩදි එයා කෑ ගහලා අඩපු හැටි..මන් බලන් උන්නා...ඩර්ඩන්ස් එකේ ලේබර් රූම්.එක අස්සෙ මමත් එයා එක්ක ප්‍රසූත වේදනාව වින්දා ....එදා ඉදන් අදත් මේ මොහොත වෙනකම්මත් එයා අඩනවා ....වැඩට යන්න.....අම්මෙක්ගෙ වගකීම්...ගෑනියෙක් විදිහට ඒ වගකීම් ....ඇත්තටම ගෑනු පව්.....

මං නින්ද ගියපු එයාගෙ ඔලුව අතගානකොට එයා ඇස් ඇරියා ....

මං නාගන එන්නම් අප්පච්චි ...

නින්ද ගිහින් උන්න ළමයා නැකිටියි කියන බයටම එයා හොරෙන් මුනු මුනු ගානකොට මන් ලාවට ඔලුව වැනුවා එයා ඇදෙන් බැස්සා.....

කෝ ඉතින්..ඒ කකුල...මේ පප්පුව දාන්න එපැයිනෙ...

කටට ගහන් උන්න ලා නිල්පාට සූප්පුව එක්ක,එයාගෙ චූටි මූන හුරතල් පාට වෙනකොට සාරාන්‍යා ඇදගන්නකන් මං ලමයට ඇන්දෙව්වා .....අන්දපු පැම්පර්ස් එකට පස්ස ලොකුවට පේනකොට මන් එයාගෙ ඇදුමෙන් ඇදුම අන්දවලා අවසානෙදි සාරාන්‍යා දිහා බැලුවා ....

මලානික,මූනට කිසිම වත්සුනක් නැතිව එයා නිකම්ම නිකන් කොන්ඩෙ බැදන් උන්නා....සමහර විට ඒකත් දැන් එයාට බරක් ඇති.....යාන්තමට තොල විතරක් පාටකරපු එයා වැඩි විච්චූරන නැති සැහැල්ලු ඇදුමක් ඇදන් මන් බලන් උද්දි ලමයගෙ ඕඩික්ලෝන් බෝතලේ හිස් මුදුනට හලා ගත්තා ....එයාගෙ ඔලුව කකියනවා ඇති...

සීට් බෙල්ට් එක දාගන්න...

බුදුකුටිය අස්සෙ තිබුන රිපෝර්ට් එක අරන් එයා කාර් එකට නැගලා ලමයව උකුල උඩට ගන්නකොට මං එයාට ශීට් බෙල්ට් එක මතක් කෙරුවා .....එයාගෙ මූන මලානික වෙලා...හැට,පාරකට වඩා සූප්පුව උරව උරව අතේ තිබුන සෙල්ලන් බඩුව හරව හරව ඉන්න දරුවගෙ ඔලුව ඉම්බා මන් බලන් උන්නා....

කාර් එකේ රෝද කැරකෙනවා ....

අපි යනවා ..අපිව පහුකරන් යන වාහන....අපිට පහුවෙන වාහන අස්සෙ අපි ඩර්ඩන්ස් එකට ආවා....

දෙන්න මං වඩා ගන්නම්....

ලමයව වඩාගන උන්න එයාගෙන් මම ලමයව ඉල්ලන් වඩාගත්තා වගේම සපත්තු වලට කකුල් කැපුන එයා කොර ගහනකොට මම මගෙ අත දුන්නා එයාට අල්ල ගන්න....කවදාවත් අතට අත පටලවන් නැති එද එල්ලුනේම මගෙවැලමිට ගාව වෙනකොට මම එයාවයි ලමයවයි අරන් ලමා වෛද්‍ය පාලිත ගාවට ආවා....

මිනිස්සු එහාට යනවා මෙහාට යනවා අඩන ලමයි වඩා ගත්තු අම්මලා නලවනවා.....මගෙ කකුල උඩ ඉදන් සූප්පුව උරව උරව උන්න එයාගෙ කටින් සූප්පුව බිමට අතෑරෙනකොට පුංචි එකා ආයම සූප්පුව ඉල්ලුවත් සාරාන්‍යා ඹෑග් එක ඇරලා වෙන එකක් අරන් කටට ගැහුවා....කහපාට සූප්පුව කටේ හිර වෙනකොට අනේ මගෙ කොල්ලට මහන්සීද කොහෙද පුංචි එකා මගෙ පපුවට මූන හේත්තු කරන් ඇවිදින වාරයක් ගානෙම පිප්....පිප්...පිප්...ගාන සප්පත්තු දාපු ඇබිත්තන් කකුල් වන වන ඇස් කැරකෙව්වා...

නොම්මර දහ අට....

දහ අටවෙනි නොම්බරේ අපේ වෙනකොට මම.ලමයව වඩාගන්නකොට එයා මට ඉස්සරහින් ගියා....

මෙයාගෙ වයස.....

දෙකයි මාස ....අටක් ඩොක්ටර් .....

ඩොක්ටර් අපේ පුතාග් වයස අහනකොට එයා දෙකයි මාස අටයි කිව්වා...ඒඋනත් මම කියන්නෙ යන්තම් තුනයි කියලා උනත් අම්මෙක් හැමදාම නූලට වයස කියන නිසාමද කොහෙද මගෙ ගාව ඉන්න ලමයාගෙ වයස එයා දවසක් වත් අඩුවැඩි නොකර කියනකොට ඩොක්ටර් රිපෝර්ට් එක බලන්න ගත්තා ...

දැන් කොච්චර කාලයක්ද මෙක....මේ උන ගන්න බහින ගතිය ....

එයා පුංචි එකාගෙ රිපෝර්ට්ස් දිහා බලන් ඉදලා ඉදල එයාගෙන් ඇහුවා කොච්චර කාලයක්ද කියලා .....සති දෙක තුනකට කලින් පටන් ගත්තු උන නගින බහින එක එයා නිකම්ම නොකියා විස්තර කරලම කියනකොට ඩොක්ටර් අහන් උන්නා.....

එතකොට කෑම බීම...කිරි...එහෙම....පිටිකිරි මව්කිරි ....

දෙකම ඩොක්ටර් .....කෑමට නම් දැන් හොරයි ඩොක්ටර් එයාට උන ගැනෙන්න ගත්තු දා ඉදන්...කිරි ව්තරයි.....ඒකත්....ටිකයි...

මගෙ අතෙ උන්න දරුවා දිහා සෑහෙන්න වෙලා බලන් උන්න ඩොක්ටර් මොකුත් නොකියම රිපෝර්ට්ස් ආපහු කවරෙට දාලා සාරන්‍යා දිහා බැලුවා....

අම්මට පුලුවන් නම් මට විනාඩි දහයකට දරුවගෙ අප්පච්චි එක්ක් කතා කරන්න පුලුවන්ද .....

ඇ....යි...ඩොක්ටර් ...

මාව රත් වෙලා ගියා.....එයා අහනවා අම්මට එලියෙන් ඉන පුලුවන්ද කියලා ....මගෙ දරුවගෙ අම්මගෙ මූන බලාගන ඉන්නකොට අන්දකාර වෙලා ගියා වගේම මට කර කියා ගන්න දෙයක් නැති උනා.....

එක විනාඩියකට එලියෙන් ඉන්න....

අනේ...අප්පච්චි ....

පුතාව ගන්න.....

මම හිතේ ගැස්ම ඇතුලෙ තියාගන අතේ උන්න ලමයව එයාගෙ අතට දෙනකොට එයා කොල්ලව අත් දෙකෙම්ම බදාගන එලියට ගියා ...

ඩොක්ටර් ...මගෙ දරුවට..

.......

ඩොක්ටර් ...

මං තවමත් මුනිවත රකින ඩොක්ටර් දිහා බලන් උන්නා ....

මාත් අප්පච්චි කෙනෙක්....ඔය අප්පච්චිගෙ පුතාගෙම වයසෙ දුවෙක් ඉන්න....මට සමාවෙන්න.....මෙක කියන්න උනාට.....

........

මං හිතන්නෙ මට එතනින් එහා ඇහුන් නෑ....මගෙ ඇස් දෙක බොද වෙලා යනකොට මම එහෙම්ම මගෙ ඔලුව මේසෙට ගහගත්තා .....

කෙම්මුර....අලුත් කතාව ඉතින් .....බ්‍රීත් එක ඉවර උනාම මේක දෙන්නම්....

ඉතින්...ඒක දෙන්න කලින් කියලා යන්න එපැයිනෙ....ඔන්න එහෙම නම් කැමති අය රීඩින් ලිස්ට් එකට දාගන්න.....

කතාව Yizhan yizhan ...බයවෙන්න එපා🤭🤭.....ඒඋනත් ඉතින්...පොඩ්ඩක් ඉදලා හිටලා වෙනස් වෙන්න එපැයිනෙ....ඇයි අප්පා...ම්හුක්...

එහෙනම් ඉතින් බ්‍රීත් එකෙන් පස්සෙ මේක එක්ක එන්නා....

මම

More Chapters