LightReader

Chapter 33 - 33

ඔයාට වතුර ටිකක් දෙන්නද....

මං ඒ රතු උන මූන දිහා බලාගනම වතුර ටිකක් දෙන්නද ඇහුවා ....ඒ තොල කට පවා සම්පූරනම වේලිලා ගිහින් තිබුනා ...

බලන්න ආවත් ඉන්න වෙලාවක් නෑ කියලා යන්න ගියාලු...මොන ජාතියෙ දෙමව්පියොද...මුන් මොන ජාතියෙ උන්ද....මෙයාට ඉන්නෙත් හරියටම මගෙ නිරූට ඉන්නවා වගේ පොල් පිත්තෙන් කපන්න පුලුවන් අම්මා අප්පලා වගෙ.....

ඔය වගෙ උන් පොල්පිත්තෙන් කපන්න පුලුවන් ....කෝ මේක බීලා ඉන්න ඔයාගෙ මුලු තොලකටම වේලිලා ගිහින් අඩුම ගානෙ වතුර ටිකක් වත් පොවලා ගියෙ නැද්ද...මහ හිතක් පපුවක් නැති යක්කුනෙ.....අම්මා අප්පා තමයි...හැබැයි මට නම් මේ වගේ වෙලාවල් වලදි ඒ වගේ දේවල් සාදාරනී කරනය කරන්න බෑ....අපි එදා වෙල හම්බකරන් කාපු මිනිස්සු.....අපිට මොකක් හරි උනොතින් එදා වේල නැති උනත් අපේ අම්මා අප්පච්චි ලා අපිව බැලුවා...උන් හොදයි පොල් පිත්තෙන් කපා ගන්න.....

මට තව දුරටත් හිතින් හිතන්න අමාරු උනා...මං උන්නෙ නිර්වාන්ගෙ හිතක් පපුවක් නැති අම්මා වගේම ඩැඩා ඩැඩා කිය කිය එයාව නැති කරන්න හදන ඇමතියගෙ වචන වලින් බාගෙට හෙම්බත් වෙලා....උන් වද දෙන්නෙ නිර්වාන්ට ඒ උනාට ඒ වචන වදින්නෙ මගෙ පපුවට...හිතෙ තිබුන තරහවත් එක්ක මට හිතින් හිතුන දේවල් එකක් නෑරම වචන වෙලා එලියට පනින්න ගත්තා..මං කාගෙ කව්ද කින්ද මන්ද නොබලාම බනින්න ගත්තා...එයාගෙ අම්මා අප්පා කව්ද නොදන්නවා උනත් මං නිර්වාන්ගෙ අම්මා අප්පා මතක් කරන් බැන්නා....උන් මගෙ නිර්වාන්ව කනවා...උන් රිදවන්නෙ නිර්වාන්ට උනත්....හිල් කරන්නෙ මගෙ පපුව.....

මොකද උන් නොදන්නවා උනාට...උන්ට නොදැනුවත්ම උන් දැනටමත් " අංගුලි මාලා" කෙනෙක්ට හුස්ම පිඹින ගමන් උන්නා....මොන තරම් නපුරු උනත්....නිර්වාන් ගාව තියෙන්නෙ ලේසියකට හොයන්න බැරි හරි ඝනකම් ආදරයක් ....ඒ උනත්.....උන් කරන්නෙ නිර්වාන්ගෙ ගාව ඉන්න ආර ආදරනීය චරිතෙ උඩට සම්පූරනම කොන්ක්‍රීට් වක්කරන එක...ආදරනීයම මනුස්සයව යට ගගහා යට ගගහා උන්ට ඕන කරන හිතක් පපුවක් නැති මෘගයෙක් හදන එක .....

කවදා හරි දවසක නිර්වාන් ගෙ වචන යතාර්තයක් උනෝතින්....?

මේ ලෝකෙ ඉන්න නරකම මනුස්සයා ...නපුරුම මනුස්සයා එයා උනෝතින් ....??

අනේ ඇත්තටම එයා දරාගන්න අමාරුම තැන එහෙම උනෝතින් ..හිතක් උනත් ගලක් වෙන්න පටන් ගන්නෙ හිමින් හිමින්...කව්ද දන්නෙ හිතන්න බැරි තැනකදි....එක පාරම එයාගෙ හිත සම්පූරනම කලුගලක් උනෝතින් ....කරන්න හොද දේ මොකක්ද නරක දේ මොකක්ද කියලා නෙවෙ...එයාට ඕන දේ විතරක් ඕනයි කියලා කරන්න ගත්තොතින්...

සලාන් .....!!!

ප්‍ර...වේ....සමෙන්....

එයාට වතුර ටිකක් පොවන්න ගත්තු පිත්තල හැන්ද මගෙ අතින් බිමට වැටුනා....ගහක් ගලක් වගේ සුදුපාට සිවිලිම දිහා බලාගන උන්න එයාව ඒ සද්දෙත් එක්ක එක පාරම ගැස්සිලා ගියා...

මට සමා...වෙන්න...ඔයාට පුලුවන්ද චූ....ට්ටක් විතර ඉස්සෙන්න....ඔයා බරයිනෙ....මට ..උස්සන්න අමාරුයිනෙ....

හ්ම්ම්ම්....

මන් ඇද උඩ උඩ බෙලි අතට උන්න එයාගෙ අත් වලට යටින් අත දාලා එයාව හරි අමාරුවෙන් උස්සන්න හැදුවා...ඒත් එයාගෙ බරත් එක්ක මාව එයාගෙ ඇග උඩට වැටෙන්න ගිහින් නූලෙන් බේරුන මං ඇද විට්ටම අල්ලන් එයාට ඉස්සෙන්න කියලා කියනකොට එයා හරි අමාරුවෙන් ඉස්සුනා....

දෙයක් අහන්නද.....?

හ්ම්ම්ම්...

ඔයාට කව්ද අනේ මේ අපරාදෙ කෙරුවෙ.....මොන සාතන්ද....???ඇත්තමයි...ඌට නම් හිතක් පපුවක් නෑනෙ...

ඇයි....අහන්නෙ....?ගහන්නද ගිහින් ඌට??

අහන්නෙ...ඕන හින්දනෙ....අපේ....නිරූ...ටත්...මේ වගේම...වෙලානෙ.....ඒ ළමයත් මගෙන් හංගනවනෙ....ඒකයි....එයාටත් මොකෙක් හරි සාතන් කෙනෙක් ගහලා...අනේ මන්දා....මේ ලමයිට වෙලා තියන දෙයක්....නිරූට ගහපු එකාව අහු උනොත් මං උගෙ ඇටෙන් ඇටේ ගලවනවා... ඔක්කොටම කලින් කරන්නෙ ඕකගෙ වම් ඇටේ ගලවන් විකුනන එක...

කැහ්..කැහ්...කැහ්...න්..නිරූ....??.කව්ද ....නිරූ...කියන්නෙ...?වම්..ඇටේ...ගලවනවා...???

පේ විදුහල් මාතාවගෙ නම රනින් බබලවන්න ඉන්න අනාගතේ කවදා හරි පිනා වෙයි කියලා හිතන් රගන හෙඩ්...පිපෙට් අයි..යා...අනේ....නි...ර්....වා....න්....එයා...

ඉන්නෙ....ඔයාගෙ....කාමරෙට...අල්ලපු...

එකේ...ඔව්....ඔව්....වම් ඇටේ ගලවලා...මං ඉතුරු දෙක ඇන ගහපු ලෑල්ලක්....උඩ ..

....තියලා...මිටියකින් චොක්....චොක්....චොක්....ගාලා තලනවා....ඇට සව්කංජි වෙන්න ගහනවා ආය.....

ආ..ආ...ඇයි මේ...ඔයා හුස්ම හිරකරන්...මං වතුර පොවන වේගෙ වැඩිද අනේ...හුස්ම අරන් නිවාඩුව බොන්න දරුවො....මං මේක බොන්නෙ නෑ...වතුර දැකලා නෑ වගේනෙ අනේ ඔයා බොන්නෙ....

මං එයාගෙ කටට පිත්තල හැන්දෙන් වතුර පොව පොව එයාට ගහපු සාතන් ගැන වගේම මගෙ නිරූට ගහපු සාතන්ගෙ වම් ඇටේ ගලවන් ඉතුරු දෙක ලෑල්ලක් උඩ තියලා තලනවා කියනවත් එක්කම එයා ළඟ තිබුන කොට්ටයක් අරන් කකුල් දෙක මැද වහගත්තා විතරක් නෙවෙ මා දිහා බය වෙලා වහේ බලාගන හුස්මත් හිර කරගන උන්නා.....ඒ මොකත අනේ ඒ...සමහර විට මගෙ වචන නිසා එයාටත් නිකන් හිරි වැටිලා ගියා වගෙ උනාද දන්නෙ නෑනෙ...ඒව්...අනේ..අම්මෙ...මගෙත් වම් පැත්ත හිරි වැටුනා...

කැහ්....කැහ්.....කැහ්.....

යෝ....දරු....පැටියෝ.....හිම්න් බීපල්ලකො....කවුරුත් ආව තේව කම් කරන්නත් ආවෙ නැති එකෙ....මමවත් අහම්බෙන් දැක්ක එක හොදයිනෙ.....ඔයාට යාලුවෙක් වත් නැද්ද අනේ...?ඉන්නව නම් කියන්න මං වත් කෝල් එකක් දාල කතා කරලා කියන්නම් ඔයාව බලන්න එන්න කියලා .....මේක කරන්න පුලුවන් දෙයක්ද අනේ...බෑනෙ...පව්...ඇයි අනේ...එන තරහට ගහන්න හිතයි කොනක් ඉදන් සට පට සත්ත පඩිවෙන්න

පොඩි.... පන්ඩිතයා .....නිර්...වාන්..ඔයාගෙ කව්ද.....??

මං හිනා උනා...හිනා උන් නෑ...මගෙ මූනට හිනාවක් ඇදුනා...වතුර විදුරුවෙන් බාගයක්ම පොවපු මං එයාගෙ කට කපු රෙදි කඩින් හරි හිමීට පිහලා එයාගෙම ඇදේ පැත්තක ඉදන් මගෙ අඩු දෙක ඉස්සරහට පස්සට වන වන මං හිනා උනා....නිර්වාන් ....නිර්වාන් කියන්නෙ මගෙ කව්ද ඇහුවා....එයා...කව්ද කියන්න මටවත් හරියටම උත්තරයක් දෙන්න තේරෙන්නෙ නෑ.....ඒ නම ඇහුනත් ඇති....මගෙ පපුව වේගෙන් ගැහෙනවා...එයාගෙ නම දැක්කත් ඇති මගෙ මූනෙ හිනාවක් ඇදෙනවා.....

කොච්චර දුරක උන්නත් ඇහැට නොදැක්කත් ....අපි ආදරේ කරන...හදවතට ලගම කෙනෙක්ගෙ නම මතක් වෙනකොට පවා මූනෙ හිනාවක් ඇදෙනවා නම්...අන්න ඒකයි ලමයො ආදරේ කියන්නෙ....!!

මගෙ නිරූ.....

මට...පේන්නෙ....නිර්වාන්...ව...ඔයාට...විශේශයි....වගේ...

ම්ම්ම්ම්...ඔව්නෙ....නිරූ...ව...මට.....

විශේශයිනෙ.....චුට්ටක්....නෙවෙ.....

හුගාරියක් ...ඒත්..එයා...පව්...එයා...හරි...පව්...එයා ..හරිම...පව්....

ඇයි එයා පව්....?

එයාට ඉන්නෙ මහම....මහ....කමකට.....නෑ ඕන් නෑ.....එක්කො....ඔව්ව මොකටද...මගෙත් ඇගේ ලේ කෝප වෙනවා.....

මං කියන්න හදපු දේ නැවැත්තුව.....කාගෙ කව්ද නොදැන මට එයාගෙ අම්මා ගැන නරක දෙයක් කියන්න හිතුන් නෑ...අම්මා හොද හන්දා නෙවෙ....ඒකෙන් මගෙ නිර්වාන් ගැනත් හිතන එකා නරකක් හිතයි කියලා....මං කතාව නැවැත්තුවා...ඒත් මගෙ දිහා බලාගන උන්න එයා එයාගෙ නිල් පාට උන නහය හිමින් සැරේ අත ගාන ගමන් ඇතුලට ඔබාගන උන්න පුලුන් කැටිය එලියට ගත්තා ...ඒක රතුම රතුපාට වෙලා.....ලේ කැටි ගැහිලා....මොනා උනත් මේ කොල්ලට ගහලා තියෙන්නෙ එසේ මෙසෙ සාතන් කෙනෙක් නෙවෙ....ඌත් අම්මට සිරි වෙන රැම්බො කාරයෙක් වගේ.....

එයාට ඉන්නෙ මහ...නරක අම්මෙක්ද.....???මන් අහන්නෙ නිර්වාන්ට?

ඔ..ඔයා කොහොමද දන්නෙ....?ඔයා අපේ නිරූව දන්නවද...??...එයාගෙ අම්මවත් දන්නවද අනෙ.....

මගෙ ඇස් දෙක ලොකු උනා....එයා එකපාරම බලන් උන්නා වගේ නිර්වාන්ගෙ අම්මා නරක කෙනෙක්ද ඇහුවා.....

නෑ....මට ඔයා කියපු දේවල් හින්දා එහෙම හිතුනා ඒකයි ඇහුවෙ. ......එයාගෙ....තාත්තා .....කොහොමද ....එයාව බලන්න ආවද....

අර ඩැඩා කියන හොර ඇමතියද...??නැත්තන් අප්පච්චි ද.....?

ඩ්....ඩැඩා.....,එයත්....ඩැඩා...කියලද...

කියන්නෙ.....?

නෑ..අනෙ...මොන ඩැඩාද...??එයා ඒ මිනිහව බලු බෙට්ටක් තරන් වත් ගනන් ගන්නෙ නෑ....පුත්තලමෙ වැවෙන ගෝවා වත් ඔච්චර පච වෙන්නෙ නෑ.....පුදුම පච විල්ලක් පච උනේ...අපේ නිරූ කිව්වා එයාට එක එක මගුල් කරන වෙලේ ගිහින් එයාගෙ කසාද ගෑනිටයි ලමයටයි සලකන්න කියලා ....ඒළමයා පව් කියලා අපේ නිරූ කට කැඩෙනකන් කිව්වා...ඒත් අර.....

ඒ ගෑනි ඒකට කැමති නෑ...එහෙමද....???

යෝ...දරුවෝ...දරුවො.....කොහොමත අනේ ඔයා බලාගන උන්න වගේ කියන්නෙ..ඈ....ඔයා සාත්තර කාරයෙක් වත්ද.....??ඒ ගෑනි කැමති නෑ නේන්නම්...ඔයාට නම් දොර දෙකෙ දම්රො ටීවි එකක් ගෙනත් දෙන්න හිතෙනවා...

මං ඉදන් උන්න ඇදෙන් පැන්නා...එයා ඇහුවා අර ගෑනි කැමති නෑනේද කියලා ...ඇත්ත නේන්නම්...ඒ ගෑනි කැමති නෑනෙ...

ඔයා තරහ ගන්නෙ නැත්තන්....මට ඔයාගෙ විස්තර ටිකක් කියනවද....මං දැන් ආපහු නිරූ ගාවට ගියහම මෙව්වා රිපෝර්ට් කරන්න එපැයිනෙ....

ඔයාට මගෙ මොකක් හරි අඩුපාඩුවක් පේනවද.....?

ආ...හ්...

ඇහැක් වපර ගතියක්...නැත්තන්...අබ්බ ගාත ගතියක්.....නැත්තන් අන්ද ගොලු බීරි ගතියක්...?

න්න්..නෑ...එහෙම ඇහුවෙ ඇයි...ඔයා මේ හොදට ඉන්නෙ අනේ...?

එහෙනම්...මොන හේතුවටද එයා මාව ගනන් ගන්නෙ නැත්තෙ....?

ක්..කව්ද.....කව්ද අනේ.....ඔයාව ගනන් නොගන්නෙ මොකාද....

එයා බිම බලාගත්තා ....එයාගෙ මොකක් හරි අඩුපාඩුවක් තියනවද අහපු නමක් වත් නොදන්න අමුත්තා එයාගෙ අතපය දිහා බලලා ඇයි එයාව ගනන් නොගන්නෙ අහනකොට මං බලාගන එයාගෙ අර නිල් වෙලා තිබුන නාස් පොල්ල පහු කරගන කදුලු බින්දු වැලක් එයාගෙ උකුල උඩට වැටෙනවා....

අනේ ඔයාව කව්ද ගනන් නොගන්නෙ කියන්නකො.....එපානෙ ඔහොම අඩන්න....කාගෙ කව්ද නොදන්නවා උනත් ඔයා ඔහොම අඩනකොට මටත් දුකයිනෙ....

ඔයා අහලා තියනවද...බාදුරා මල් කවදාවත් ...ආදරේ කෙරුවා කියලා ....?

.......

එයා හරියටම බාදුරා මලක් වගේ.....මං හරියටම ...ආපිට ඒමක් නැහැයි කියන්න නොදන්න පුංචි මීමස්සෙක් වගේ.....කොච්චර නපුරු උනත්...කිසිම තෙතක් නැති උනත්.....ආපිට ඒමක් නැති උනත්.....මට රිදෙනවා කියන එක දැනදැනත්..මං යන්නෙම ඒ බාදුරාව පස්සෙමයි පුංචි කොල්ලො.....

මං එයාගෙ අත අල්ල ගත්තා ....මට තේරෙන්නෙ ණෑ...මං දන්නේ නෑ....කාගෙ කව්ද කින්ද මන්ද...ඒත්..එයාට තිබුනෙ මගෙ නිර්වාන්ට වගෙ කොටු ඇගිලි....ඉලිප්පුන නහර...හයිය අත්.....නිර්වාන් ගාව මගෙ අත තියලා බැලුවම මට තිබුනෙම හරි ළදරු අතක් ....මෙතනදිත් ඒ වගේමයි...

එයා බාදුරාවක් ගැන කියනවා.....එයාව ගනන් නොගන්නෙ ඇයි අහනවා...මම මොන දේ කියලා එයාගෙ හිත හදන්න හැදුවත් මං දන්නවා...ඇවිලෙන ගින්න සම්පූරනම ඇවිලිලා...ඇවිලිලා...නිවිලා ගියාන් පස්සෙ සැනසීමක් දැනෙනවා මිසක්කා ඇවිලෙන ගමන් තියනකොට වතුර පොල් කටුවක් විසි කරලා තේරුමක් නෑය කියලා.....

මං උත්සහ කෙරුවා ....

මං බලාගන උන්නා...

එක කෝල් එකක්.....

උඹට කොහොමද කියලා අහයි කියලා....

රැයක් තිස්සෙ බලාගන උන්නා....

රෑ හිතුව රෑ ගෙවුනම උදේ එයි කියලා .....

උදේ උනහම මං හිතුවා....එයා මාව දැකලා බය වෙයි කියලා .....

ඒත් එ ඇස් වල හැගීමක් තිබුන් නෑ.....ඒ අස් ගැස්සුනේ වත් නෑ.....ලේ වලට ලේ කකියනවා.කියලා තිබුනත්...මගෙ ලේ කවදාවත් මගෙ ගාව කකියෑවෙ නෑ.....

දන්නවද...මිනිස්සු...සම්මතෙන් පිට පැනලා...අසමතේ පස්සෙ යනකොට ...සාදාරනී කරනය කරන්න පුලුවන් තැන් තියනවා....බැරි තැන් තියනවා...මට උනෙත්....එහෙම දෙයක්...දැන් නම්..මට අල්ලන් ඉදලත් හරි මහන්සි.....

මගෙ අත තිබුනෙ එයාගෙ ලොකු අල්ලට මැදි වෙලා...එයාට දුක කියා ගන්න කෙනෙක් නැතිවද කොහෙදෝ කටට එන දේ..හිතට දැනෙන දේ ඔක්කොම මගෙ ගාව කියාගන කියාගන යනකොට මං එයාගෙ ලේ බැහැලා තිබුන ඇස් වලට උනපු කදුලු බින්දුවක් මගෙ ඇගිලි තුඩුවලින් පිහ දැම්මා.....

අතෑරලා දාන්න....මං....සමහර විට...ඔයාගෙ ජීවිතේ...වැදගත් තීරන ගැන කතා කරන එක වැරදි ඇති...අල්පමාත්‍රයකින් වත්...ආදරයක් නොලැබෙන බැදීමක් අල්ලන් ඉන්න එකෙන් වෙන්නෙ....අල්ලන් ඉන්න අත් දෙකයි....දරාගන ඉන්න හදවතයි ඇදුම් කන එක.....

නිර්වාන්ගෙ පන්ඩිතයා....

මං හිනා උනා.....මං මහා පන්ඩිත කතාවක් කිව්වා....මං කියපු හැම පන්ඩිත වචනයක්මඅහන් උන්න එයා මට නිර්වාන්ගෙ පන්ඩිතයා කියනවත් එක්කම එයාගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා.....එයා ඵෝන් එක ආන්ස්වර් කෙරුවා ....

ඔහොම්ම උඩට වරෙන්....17 වෙනි එකේ ඉන්නෙ.....එනකොට පුලුවන් නම් මට අන්ඩවෙයාර්ස් පැක් එකක් අරන් වරෙන්....

ඇති යාන්තන් ..එයාව බලන්න යාලුවෙක් ඇවිල්ලා වගේ..... ඊ...ඊ...අන්ඩවෙයාර්සුත් ඉල්ලුවා....යෝහ්.....ඔව් ඉතින් සිවිල් පිට ඉන්න බෑනෙ...නේ....අපේ නිරූගෙනුත් අහන්න ඕනා ඔයාටත් ඕනෙද කියලා ....

ම්හුක්.....අර ඉසකුඩිච්චි දෙකගියා නම් මටත් මගෙ නිරූ ගාවට යන්න තිබුනා...කොහෙද ඉතින් උන්ට එයාගෙ ඔලුව කාලා ගියෙ නැත්තන් ඉතින් නින්ද යන්නෙ නෑනෙ....ඔවුන් දෙන්නව පුත්තලමට එලවන්න ඕනා....

මේ අනෙ....

ම්ම්ම්...

මට උදව්වක් කරන්නකො...

මොනවද...

මට එක තත්පරේකට ඔයාගෙ ඵෝන් එක දෙන්නකො අනේ.....අපේ සැලාගෙ අයිතිකාරයට මැසෙජ් එකක් දාන්න....

නිර්වාන්ගෙ පස්සෙ පන්නන පිල්ලි දෙක පුත්තලමට යවන්න ඕනෙ කියලා හිත හිත උන්න මම එයාගෙන් ඵෝන් එක එල්ලුවා....එයා හිනා උනා...හිනා වෙලා අතේ තිබුන ඵෝන් එක දුන්නා.....ඒකත් ඇපල් එකක්..ඇයි වදෙ....මුන්ට ඇපල් විතරද තියෙන්නෙ...

"ගුම් මෝනිම් සෙනූ....මං සයාශ් ...."

මං වට්සැප් එකෙන් ඔන්ලයින් උන්න ඩිපූටියට මැසේජ් එකක් දැම්මා....ඔන්න ඩිලිවරි උනා..සීන් කෙරුවා ...ටයිපින් වැටෙනවා...

"සයාශ් .....කාගෙද ඔය ඵෝන් එක...? තමුන් කා ගාවද ඉන්නෙ....නිර්වාන් කෝ...තමුසෙව එහෙ මෙහෙ යව යව ඌ මොකද කරන්නෙ...."

ආ..ආ...ආ..මේ මොකත මේ.....

"නමක් ගමක් දන්න නෑ අනේ...අසල්වාසී රෝගියෙක්ගෙ....නිර්වාන් ඉන්නවා...අර ඇමතියයි මන්ත්‍රී දේවියි ඇවිල්ලා...ඇයි වදේ මට කෑගහන්නෙ..මං උඹෙ බබියා නෙවෙ හරිතේ.....සද්දෙ දාන්න..."

ගුඩ් මෝනිම් වත් කිව්වෙ නෑ..ඇයි යකො....ගත්තු කටටම ඇහුවෙ කාගෙද ඔය ඵෝන් එක කියලා ...ඇයි වදෙ කාගෙ උනත් වැඩක් තියනවද වෙන්න ඕන ටික වෙනවා නම්...මූ හැසිරෙන්නෙ මං නිකන් පුත්තලම් පා.මෙ. ම. සනත් නිසාන්තගෙ ඵෝන් එකෙන් මැසේජ් එකක් දැම්මා වගේ....

.."හරි හරි....ඔය ඵෝන් එක අයිති එකාට දිලා තමුසෙ යනවකො නිර්වාන් ගාවට....මං දැන් එන්න ලෑස්ති වෙනගමන්..මට උගෙ අන්ඩවෙයාර්ස් හොයාගන්න බෑ....පොඩ්ඩක් අහනවා ලාර්ජ් සයිස් එකද extra large ද කියලා...

ඌට සමහර ලාර්ජ් මදි ඉස්සරහින්, මගින් අරන් එන්නවත්...අනිත් එක අර ලොකු අම්මයි අනිත් වහංගතෙයි අරූගෙ ලේ පුච්චනව නම් ඔය අතට අහුවෙන එකකින් දීලා දීලා අරිනවා.සයාශ්....ඔවුන් රටටත් බරක්"

මගෙ මූනත් එක්ක රතු උනා...අන්ඩවෙයාර්ස් ...මාත් අදිනවා තමයි..ඒත්...මං අදින්නෙ...ස්මෝල්නෙ....සමහරදාට....

එක්ස්ට්‍රා ස්මෝල් .....නිරූ අදින්නෙ ලාර්ජ්ලුනෙ.... සමහර ලාර්ජ් ඉස්සරහින් මදිලූ....ම්හුක්....චූ....චී...හ්.....

එයා අදින්නෙ ලාර්ජ් එකෙත්...ලාර්ජ් නම්.. නම්...උඹට ගෞර්වයෙන් බුදු සරනයි චූචීහ්...

අනේ..අම්මො....එක්ට්‍රා ලාර්ජ් කියන්නෙ...අර මං ලියන කතා වල වගේ ඇති....සුදු පිපිඥ්ඥා ගෙඩි වගෙ.....ඇයි අර කාතුන් කතාවල ටොපාගෙ එක තනිකරම සුදු පිපිඥ්ඥා වගේනෙ...

අනේ...සුතර්මා .....චින්තකගෙ දෙවනි දරු පැටියගෙ....ජීවිතේ නැතිවෙයිතෝ....මන්තා...

ආතරේ මන්තිරේ...සදලු තල එලිවෙන්න කලින්..සුතු කොඩි දාන්න වෙයිතෝ...මන්තා...

ඔයා ඇයි ඔය ඵෝන් එක හපන්නෙ....

ඊ....ඉස්සරහින් මදිලු...

කොල්ලො....දැන් ඩිස්ප්ලේ එකත් එක්ක යනවා.....

ම්හුක්...අනිවාර්යයෙන්ම ...සුතු පාත...පිපිඥ්ඥාම තමයි...

ඒ....හ්...ඔය දොර පියන් දත් වලට ඕක හිල් වෙයි....

ම්හුක්....යෝහ්....තව ලොකු වෙනකොට ..ඕක....තවත්...ලොකු...වෙයි...හි.....හ්..අනේ....හ්...අප්පච්චි ...බාල...

බෑනා...

කොල්ලො..!

ඕ..ඕහ්....

ඕක හපන් මොකද කරන්නෙ

ආ..ආ..නේ...මේ.....මේ.....

මට වහකන්න හිතුනා.....මට වහ බොන්න හිතුනා.....ඩිපූටියා නිරූගෙ අන්ඩවෙයාර්ස් ගැන කිව්වා විතරයි මාව ටියුබ් ලයිට් වගේ එලි වදින කාතුන් කතා වල හොද නැති කෑලි ගාවට ඇදිලා ගිහින් දන්නෙම නැතිව එයාගෙ ඵෝන් එකත් හපල තිබ්බා.....

අනෙ...සොරි..අනේ...හිතලා..නෙවෙන්...

හාත....මේ මොකුත් වෙලා...නෑ....තව එක මැසේජ් එකයි ..එකම එකයි...

මං ඵෝන් එලේ ඩිස්ප්ලේ එක අත් දෙකෙම්ම පිහිදලා මේ මොකුත් උනේ නෑ කියන ගමන් ටුකු ටුකු ගාලා ඩිපූටුයට තවත් මැසේජ් එකක් කොටලා මැසේජ් ටික ඩිලීට් කරලා එයාගෙ අතට ඵෝන් එක දෙනවත් එක්ක නොම්බර දාහතෙ දොර ඇරුනා...ආව එකා මොකාද බලන්න ඔලුව හරපු මාව පන පිටින් නිවන් යන්න ආවා....

ආ..නේ...සාක්‍ය...අයියා.....

ම්හුක්...නලුවා.....

හදවත...ගැහෙනවා..දෙයියනේ...!!

ශාක්‍ය...

මගෙ කටත් ඇරුනා...රෙදි දාන ලොකු සයිස් කඩදාසි බෑග් එකක් එක්ක තව බෑග් දෙකතුනක් එල්ලන් දොර ගාව හිටන් උන්න එයාගෙ යාලුවව දැකලාඅට කට ඇරුනා විතරක් නෙවෙ කෙලත් පෙරුනා.....

මාව දැකපු එයා එක ඇහිබැමක් විතරක් උඩ යවලා දොරවත් වහෙන්නෙ නැතිව, වගේම ගානක් නැතිව කෙලිම්ම අසල්වාසි රෝගියාගෙ ඇදගාවට එනකොට මම බෙල්ලත් උලුක් කරන් නලුව.දිහා බලන් උන්නා....

යෝහ්....පායපු හදක් වගේ අනේ.....මේ නලුවා...ඇයි දෙයියනෙ...මේකව අපේ නාට්ටියට දාන්න බැරි උනේ...

හුගක් අමාරුද...

ටිකක්.....

වොශ් එකක් දැම්මද...?

නෑ....එක්ක යමන්කො....

මං බලාගන උන්නා....මා දිහා බලල ඇහිබැමක් විතරක් උස්සපු නලුවා එතනින් එහාට කතා කෙරුවෙ තනිකරම අනිත් එකා එක්ක විතරක් වෙනකොට අවදානෙ බින්දුව උන මං තිත්ත කැකිරි පූසා වගෙ බලාගන දුක සේ උන්නා...

නිකන් වත් කොහොමද ඇයි ඔයා මෙහෙ.....මෙයාව දන්නවද කියලා වත් ඇහුවෙ නෑනෙ....පුත්තලමෙ ගෝවා වත් මේ තරම් පීචන් වෙන්නෙ නැතුව ඇති...

අර අර....අරූ එක්ක විතරයි කතාව...මාව පේන්නෙ නෑනෙ....මුගෙ ඇස් වල වැලි නෙ.....අනේ මාත් තොට ආස උනානෙ.....

හරිම අගෙයි....හරිම අගෙයි නලුවො....උඹගෙ අහංකාර කම නම්...හරිම අගෙයි...අමොර්..අමොර්....ඔස්කාර් සම්මාන ලාභියා නෙමැයිනෙ....මෙච්චර රගන්නෙ........

මගෙ නිරූ හරි...මූ මහ සෙවලයෙක්නෙ...!

මාව තඹේකට වත් ගනන් නොගන අසල්වැසි රෝගියගෙ සුව දුක් විමසන නලුවා අවසානෙදි ලෙඩාව වත්තම්.කරන් ඇදෙන් බස්සවලා මගෙ දිහා බැලුවා....

දැන් මොනවද දන්නෙ නෑ බලන්නෙ..අනේ වරෙන්කො උඹ කතාවට...උඹට වඩා මගෙ හෙඩ් පොපිට් අයියා ලස්සනයි....ඉදපන්...ඉදපන් මාත් නලුවෙක් වෙනවනෙ.....මගෙ දිහා බැලුවට වැඩක් නෑ මං උඹ එක්ක කතා කරන්නෙත් නෑ...උත්තර බදින්නෙත් නෑ...උඹම තනියෙන් මූව හෝදවපන්...මම නම් එයි ලබ්බක්...මං යනවා මගෙ නිරූව නාවන්න....ඇයි යකො...

සයාශ් ...

ඕහ්...ඇ..ඇයි...සාක්‍ය අයියෙ.....ඇයි.....උදව්වක් වත් ඕනෙත....අනේ.....

පොඩ්ඩක් මෙයාව මේ පැත්තෙන් අල්ලනවද....මෙයාගෙ කකුල් වලට බර දෙන්න බෑ වගේ...

ආ...ආ..අල්ලන්නම්....ඕක මොකක්ද සාක්‍ය අයියෙ ....

මං හිතන්නෙ මං මහ වංචා කාරයෙක්.....මීට තත්පර ගානකට කලින් බැනපු මමම නලුවගෙ එක වචනෙන් මම දෙකට නැවීගන ඒකා ගාවට දුවලා අසල්වැසි රෝගියව අල්ල ගත්තා ...නලුව එක පැත්තකින්....මං අනිත් පැත්තෙන්...රෝගියාගෙ අත්දෙක අපි දෙන්නගෙම කර වටේ එතෙනකොට ඒකත් නොන්ඩි ගගහා වගේ හෙමින් හෙමින් බාතෲම් එක පැත්තට හැරුනා...හැබැයි එච්චරයි ...එච්චරම තමයි...මෙච්චර වෙලාම හරීම නිවි හැනහිල්ලෙ ගාලාගන ගියපු ෆිල්ම් එකට එකපාරම හෙන වැදුනා වගේ උනා....

සයාශ් .....!!!

මට තිස්තුන්දාහක් ගෙඩි පිටින් මගෙ හිස්මුදුනට වැදුනා වගෙ දැනුනා....

ඒක...අපේ...මනුස්සයෙගෙ කටහඩ නේත....

රෝගියව අල්ලන් උන්න මං එහෙම්ම බෙල්ල හරවලා බැලුවා.....දොරෙන් එපිට උන්න නිර්වාන්ව දැකපු මට අර පටලවන් උන්න අත ඉබේම අතෑරුනා විතරක් නෙවෙ...අර කොල්ලව අනිත් අතට යන්න ගියා....

න්..නිරූ...මේ..අයියට....වොස්...එකක්...දාගන්න.....චූ....ච්කක්....උදව්...කරලා....

එන්නම්....නිරූ.....කමක් නැනෙ...නේද.....

ඕන් නෑ... ඔයා එන්න.....

එහෙම කියන්න එපා නිරූ...මේ...මෙයා පව්නෙ...තනියෙන්....කරගන්න බෑනෙ.....අනික....මේ...සාක්‍ය අයියා මෙයාව අල්ලන් උන්නට.....

මටත් වොශ් එකක් දාන්න ඕනා...මටත් තනියෙන් කරගන්න බෑනෙ සයාශ්.....සැරයක් කිව්වම එන්න....

මං රෝගියා දිහා බැලුවා..බලලා නලුවා දිහාත් බලලා උරහිස් ඇකිලුවා....

නිර්වාන් ....විනාඩි දහයකට සයාශ්ව දෙන්න පුලුවන්ද ....

බෑ....

නිරූ...

.....මාවද....නැත්තන්...එයාවද.....

ඔයා යන්න සයාශ් .....ශාක්‍ය...අවුලක් නෑ..මට පුලුවන් ..හෙමින් හෙමින් යන්....

දොරකොඩ ගාව උන්න නිර්වාන් මා ශිහා කන්න වගේ බලාගන ඉන්නකොට මං ඉක්මනට ඈත් උනා.....නලුවා එහෙන් බලාගන...රෝගියා අනිත් පැත්තෙන් බලාගන.....නපුරු නිර්වාන් අනිත් පැත්තෙ රවාගන....

අනේ....සුතර්මා ....චින්තකගෙ දෙවනි දරු පැටියා අයියලා ගොඩක මැද අසරන වෙලානෙ...හ්....

මාවද එයාවද අහනවත් එක්කම මං ගිහින් නපුරු නිර්වාන් ගාවින් හිටගත්තා ....ශාක්‍ය අර ලමයව තනි අතෙන් වත්තම් කරගන ඉන්නකොට ඒකා නොන්ඩි කොට කොට වගේ බාතෲම් එක දිහාවට යනකොට මං බලාගන අපේ එකා ඇස් යටින් බලාගන යටි තොල හපාගන රවාගන වගේ ඒ කොල්ලා.දිහා බලාගන උන්නා...

නයි පොලොංගු වගේ අනෙ.....

මොකත නිරූ වෙලා තියෙන්නෙ....ඔහොම රවන් ඉන්නෙ ඇයි අනේ.....පව්නෙ...ඒ අයියට...එයාව බලන්නවත් කවුරුත් ඇවිත් නෑ ලු...ආව උනුත් බලන්න ආවට ළඟ ඉන්න වෙලාවක් නෑ කියලා ගිහින් නිරූ ..පව් අනේ..ඒ අයියා....

ඇත්තට....උඹට දැන් අයියල

වැහි වැහැලා...නේ...

යෝ.....හ්..නිරූ...හ්....

ආ...සෙවලයත් ඉන්නෙ....ඒක තමයි තමුසෙ මේ උපස්ථාන සේවෙට ගිහින් තියෙන්නෙ....

ඇහෙයි අනේ.....

ඇයි උඹට බයද...ම්ම්ම්ම්

මෙහෙ එන්න අනේ ඔයාටත් නාන්න ඕනා කිව්ව නේද....මෙච්චර වෙලාම හොදට ඉදලා දැන්

මං මූන ඇඹුල් කරගත්තා ...නලුවගෙයි මගෙයි ඵොටෝ එක දැක්ක වෙලාවෙ ඉදන් මාව මරන්න හදපු නිර්වාන් අනිත් පාර හෙමින් හෙමින් යන උන් දෙන්නා දිහාත් බලාගන ඉදලා ඉදලා මාවත් ඇදගන යන්න හැරුනා උනත් ඊලග තත්පරෙදි ගිහින් අමාරුවෙන් ඇවිදින අර කොල්ල ගාවට ගිහින් ඒකගෙ අත අරන් එයාගෙ උරහිස උඩට දාගත්තා ...

ඒක ඊටත් හපන්...ඊටත් හපන් කියන්නෙ....ඔක්කොටම හපන්....මේ නිර්වානයගෙත් පුදුම සෝභනේ තමයි....පුලුවන් එකා වගේ...ඒකත් වයරින් කරාපු බෝතල් එල්ලගන තමයි උදව්වට දිව්වෙ ඕකම මට කරන්න දුන්නා නම් මොකද ....

නිර්වාන් ...

කට පියාගන කරන මගුලක් කරගන්නවා....

අමාරු කම් තියාගනත් මට උදව්වට ආවෙ....මං එක්ක තරහවක් නැතිද නැත්තම්....මං ගැන අනුකම්පාවක් හිතුනද නිර්වාන්...එහෙම නැති නම් මාව බැලුවත්..මාත් එක්ක ව්නාඩියක් වත් ඉන්න බැරි උන ඩැඩා තමුන් එක්ක පැය ගානක් උන්න නිසා මන් ගැන වේදානාවක් දැනුනද නිර්වාන් ...

මට ඔය තුනෙන් මොකුත් හිතුන් නෑ...මේ මනුස්සයට තනියෙ බැරි නිසයි මං ආවෙ..අනික මං ගියා නම් අර බලාගන ඉන්න එකාගෙනුත් මට කටට සැනසීමක් නැතුව යයි...ඒක නිසා දැන් කරුනාකරලා ඔය අත පාරවගන්නෙ නැතුව කට අරිනවා සංජන

මො....මොකක්....ස්ස්...සංජන...

මාව සීතල වෙලා ගියා....

මාවත් දාලා ගිලන් සේවෙට දුවාපු නිර්වාන් ළඟ උන්න නලුවව තඹේකට ගනන් නොගෙන ඒකට උදව් කරනකොට බ්‍රශ් එක වැහෙන්නම දත් බේත් පුරවගත්තු නිර්වාන් ඒ කොල්ලගෙ කට අස්සට බලෙන් බ්‍රශ් එක ඔබන ගමන් ඒ කොල්ලගෙ නම කියලා කතා කරනවත් එක්කම මාව සීතල වෙලා ගියා.....නිකන් නෙවෙ...අර කොල්ලා ඩැඩා කියලත් කිව්වා...ඩැඩා කියන්නෙ...අර ඇමතියට .....

දෙවියනෙ.....එතකොට .....එතකොට

සංජන.....සංජන කියන්නෙ...

නිර්වාන්ගෙ....

මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා.....නලුවා එක්ක එක්තු වෙලා හරි පරිස්සමට නිල් වෙලා තිබුන මූන හෝදවන නිර්වාන්ව වගේම මෙච්චර වෙලාම නම ගම නොකියා මා එක්ක කතා කරපු කොල්ලව දැකලා මගෙ බඩ පපුව පත්තු උනා.....

නම මොකක්ද කිව්වෙ....

එයාගෙ නම ශාක්‍ය ...නිර්වාන් ..

හරි කවුරු උනත් කමක් නෑ....සංජනට ටිකක් උදව් කරන්න...සැරින් සැරෙ මටවත් සයාශ්ටවත් එන්න විදිහක් නෑ...

මං හිතන්නෙ නිර්වාන්ට අමතක වෙලා වෙන්න ඕනා....මං ආවෙත් ඒකට තමයි...

ආ එහෙමද.....එහෙනම් හොදට බලාගන්න....

නිර්වාන් ....

මොකද ...හිතන්න එපා මං තමුන්ව බලන්න ආවෙ මේ සහෝදර කම් පවත්තන්න කියලා ....

මොන දේ හිතේ තියන් හරි ආවනෙ...ඒකත් ඇති මට.....

ඔව්....තමුසෙත් මට ගහන්න පුලුවන් උපරිම ගහලා දැන් මෙතන අනුකම්පාව ගන්න හදනවා....

කැමැත්තක්.....හිතා ගන්න..මොන විදිහට හිතුවත් කමක් නෑ නිර්වාන් ...මොකද ....

ඇති සංජන....නිර්වාන් ...ඔය දෙන්නා අතර මොන බැදීම්.මොන තරහව තිබුනත් කමක් නෑ...කරුනාකරලා දැන් වත් පොඩ්ඩක් ඔයත් කට පියවගන්න....ඔයාටත් අමාරුයි එයාටත් අමාරුයි....

මං හිතන්නෙ මට ශාක්‍ය එක්ක ගනුදෙනුවක් නෑ....ඒක නිසා...ගහගන්නවද...මරා ගන්නවද මං එයා එක්ක බලාගන්නම්...හොදද.....සයාශ් ...යනවා කාමරේට....

යෝහ්...මේ නිරුවා අංකර කෙක්කක්.....ඒ පාර අර සාක්‍ය අයියා එක්ක කා ගන්නව නේත..... ඒ විතරක් නෙවෙ..මටත් බැන්නා...ම්හුක්...සාක්‍ය අයියා මොනවා හිතයිතෝ මන්තා ඔහොම බැනලා එලවගනිද්දි.....

මං ඇද ළඟ ඉදගන මගෙ කට උල්කරන් වචන වලින් මරා ගන්න අයියලා තුන්දෙනා දිහා බලාග්ස්න උන්න....මෙතනට තව අඩු අර ඩිපුටියා විතරයි ....

නිර්වානයා .....

ආ...ඒ අඩුවත් හරි ඔය ආවෙ ගෝටයිම්බර කොටියා....ඔය ආවෙ...තරගෙ වීරයා..අමොර් ...අමොර් ...ප්‍රාධාන චරිතෙ...

වචන වලින් කාගන්න අයියලා දිහා බලන් උන්න මට සැලැගෙ මිනිහා විතරයි මෙතනට අඩු කියලා හිතුනා විතරයි .....ඌත් මගෙ කන් අඩි බීරි කරන් ඇදුම් මල්ලක් උස්සන් මේකටම රිංගනකොට මාව තඹේකට ගනන් නොගෙන කියවන උන් දිහා මම බලාගන උන්නා.....

අහකට වෙයන් දැන් උඹට අල්ලන්න බෑනෙ.....පලයන් උඹත්....කරගන්න මගුල් කරගන දැන් තොපි දෙන්නා දෙන්නට දෙන්නා අවතේවකම් කරගන්නවද....අහකට පලයන් නිර්වාන් ....

සයාශ් ...කමක් නෑ...මට පුලුවන් ...ශාක්‍ය ...මේ අතින් අල්ල ගන්න අන් හිමිට එන්නම්

පන්ඩිතයෙක් වෙන්න එපා සංජන..අපි අමනුස්සයො නෙවෙ....කිව්වම අහලා එනවා...කව්ද ඔයාගෙ නම ශාක්‍ය්ද ....

හ්ම්....

මචන් මූව අල්ලපන් අත් දෙකෙන් මන් මෙහෙන් අල්ලන්නම්....පන්ඩිතයා වීල් චෙයාර් එක වත් අරන් නෑ...

ඒකනෙ සෙනූ....බලන්නකො.....එයාට ඕක තිබ්බා නම් ලේසිනේ නේද....නිරූ චුට්ටක් අහකට වෙන්න අනේ....මේ ඇද හදන්න...සාක්‍ය අයියෙ....ඔහොම්ම එන්න...හරි ...හරි...දැන් තියන්න...

මම කොහොම හරි උන් මැදට පැනගත්තා ....කොන් කරලා එලවන්න හදපු මං කොහොම හරි සංජනයයි නලුවයි ඩිපූටියයි මැදට පැනන් ආවතේවකම් කරනකොට මං බලාගන අපේ මිනිහත් අඩු බඩු නැතුව උනත් රවාගන ඉන්නවා .....

සයාශ් ....මේක පොඩ්ඩක් එයාට කවන්න පුලුවන්ද ...

මේ මොනාද සාක්‍ය මේ...රස්නෙයි...ම්ම්ම්ම්ම්....හරිම....

සුවදයි....චීස් කොත්තුද...

මම උන්නෙ කොට්ටෙ හද හද.....ඒ එක්කම නලුවා එයාගෙ ඵෝන් එක අතට අරගන ඒකට ඇන ඇන මොකක්දො භාජනයක් මගෙ අතට දුන්නා .භජනයක් කියන්නෙ මේ....කෑම පෙට්ටියක්..ඒකෙ රස්නෙ මගෙ අල්ලටත් දැනුනා විතරක් නෙවෙ ඒ පියන අරින්නත් කලියෙන් මට සුවද දැනුනා...

ශාක්‍ය...මොනවද ගෙනාවෙ....

ඉදි ආප්ප කොත්තු...

මේ වෙලේ.....?තිබුනද....

තිබුනා හෝ නැතා...දැන් ගෙනාවනෙ.....ඕක කාලා බෙහෙත් ටික බොන්න...හවස අම්මත් ඒවි...මමත් හවස එන්නම්...මං මේ රිහසල් යන ගමන් ආවෙ ප්‍රවේසමෙන් මොනවා හරි දෙයක් ඕනා නම් කියන්න.....

අනේ....මේ නලුවගෙ තියන බැහැපත් කම.....යෝහ්.....හරිම..අගෙයී...

හරී....ම.අගෙයි...කල්‍යාණ මිත්‍රය ආදරේ දකවන අයුරු නම්...හරීම අගෙයි.....සන්තොසයි.....ප්‍රීතී...ප්‍රීති....මේක නම් පුදුම සිරිමතෙක් තමයි....

සයාශ් ...ගිහින් එන්නම්.....

හ්..හා..සාක්‍ය...පරිස්සමින් අනේ..මග තොටදී වග වලසුන් හමුවේවී....

තමුසෙගෙ ඔය කුඩික්කි කට වහගන්නවා සයාශ් ..හීනෙනුත් රගපානවද උඹ...??

අ..ආ..හ්..මේ....න්..නි...ඌ...ඌයි...යා...හ්

කටත් ඇරන් බලන් ඉන්න හැටි...මරන්ඩ හිතෙනවා උඹව..

මං උන්නෙ නලුවා දිහා බලාගන..ඉදිආප්ප කොත්තුවක් දීපු නලුවා යනකොට මටත් යන්නම් කියලා කිව්වා විතරයි මගෙ හදවතට පරාල ඇන තුන හතරක් එක දිගට බැස්සුව වගේ හිරි වැටිලා යනකොට මගෙ අවදානෙ මදි උන නිර්වාන් මහත්තයා මාව ඇඹරිලා යන්න කොනිත්තල මරනවා කියලා තර්ජනේ කරනකොට මම මූන දෙක කරන් සංජන ගාවට ගියා....ඇයි වදෙ.....

ඔයා ආ ගාන්න සංජන.....

නිර්වානයා උඹටත් මොනවා හරි ගේන්නද....

එපා....

මං පෙට්ටිය අස්සෙ තිබුන ගෑරුප්පුවෙම්ම සංජනට හිමින් හිමින් කවනකොට සැලාගෙ මනුස්සයා අපේ එකාගෙන් මොනවහරි ගේන්න ඕනෙද අහනකොට තියන මුරඩු කමට එපා කිව්වා....එපා කිව්වා විතරක් නෙවෙ....දත් මිටිත් කෑවා....

එපා නම් නිකන් ඉදපන් අනේ...තියන නපුරු කමනෙ..තියන නපුරු කමනෙ...

අනේ සෙනූ...මෙන්න මෙයාටත් ඔය මොනවා හරි ගෙනත් දෙන්න..ලේ වැඩෙන දෙයක්....අර අම්මන්ඩිලා ඇවිත් ලේ පුච්චල ගියානෙ.....කොහෙද .....තියන මුරන්ඩු කමට එපා කියනවා...ඔයා බෙහෙත් බොන්නෙ නෑද නිරූ....මුරන්ඩු නොවී කන්න දරුවො.....

නිර්වානයා....ඒ පොඩි නිවුන්නා කියනවත් වගේ උඹට බෙහෙත් බොන්න තියනවනෙ...කියපන්...ගෙනත් දෙන්න..ඒ කරලා මෙන්න මේකව ගෙදර එක්ක යන්න.....

කාවද...මාව....

නැතුව....ඇයි තමුසෙ ගෙදර නොයා මෙතන එක එකාට කව කව ඉන්නද....??

යෝ....නිර්වාන් ...නිර්වාන් ...මොකද අනෙව්...ආ ගාන්න සං....ආ..ආ...ආ...ආ...නිරූ...හ්හ්....

හරිම අගෙයි...හරිම අගෙයි.....මන්ත්‍රී පුතුකියගෙ ඩැහැගැනිල්ල නම්...පිලිහුඩු නයිදෙ පරාදයි...ආ..... හැසිරෙන අයුරු නම් හරිම ආනන්ද ජනකයි....!අනෙ..අම්මෙ...ඉදිමිලා තිබ්බ කට ඇරපු ඇරිල්ලක්....අමොර්..අමොර්.....රහසින් වත් පව් නොකරපු තැනැත්තා...පිච්චමල්බිසව්තමෝ !!ප්‍රීතී....ප්‍රීතී....!!

මට ඊලග කට කවන්න බැරි උනා...කට ඇරන් උන්න සන්ජනව තල්ලු කරාපු නිර්වානයා ඒ ඇදේම රිංගන් ඊලග කට එයාගෙ කට ඇතුලට ඔබවගන පුපුර පුපුර ඒක කනකොට මං කර කියා ගන්න දෙයක් නැතුව ඩිපූටියා දිහා බලනකොට ඒකා උරහිස් ඇකිලුවා...මං තනි උනා...

ආ....සංජන...

කැහ්...කැහ්....කැහ්.....ස..යා...ශ්...මට

වතුර ටිකක්ද...පොඩ්ඩක් ඉන්න

කැහ්..කැහ්....චූටි....මටත්...

න්..නිරූ...ඔයාටත්...

තරහා නැතුව මගෙ කට ටිකක් පිහනවද...

චූටි...මගෙත් ඉදුල් ගෑවිලා....

මට වතුර ටිකක්...

මටත් වතුර ටිකක්...

මට නිදාගන්න ඕනෙ...

මටත් ඕනෙ....

අනේ මුනිතාස අයියේ...හ්!!!!

අනේ...අප්පච්චි ...දෙවනි දරු පැටිය කොටි වල්ගෙ අල්ලගන වගේ මුන් දෙන්නට හිර වෙලානෙ අප්පච්චි ...

මාව හෙම්බත් වෙන්න ආවා..නිර්වානයා තරම් ඊරිසියාවෙන් පැලෙන එකෙක්.මගෙ ජීවිතේට දැකලා නැති වෙනකොට අරූට ඕනෙ මොනාද මූටත් ඕනෙ උනා....මුට ඕන වෙන්නෙ මොනාද අරූටත් ඕනා උනා උනා..කොටිම්ම මේ අයියා මල්ලි මැද මාව පුත්තලම් ගෝවා ගෙඩියක් වගේ එහා මෙහා තැලෙනකොට මේ.මොකූත් ගානකට වත් ගන්නෙ නැතුව ඩිපූටියා අපෙ සැලා එක්ක මල් වත්තක් නෙලනගමන් උන්නා..උගෙ මලේ තරම කොයි තරම්ද කියනවා නම් ඌ අරන් ඇවිත් තිබුන බෑග් එකේ ප්ලාස්ටික් කෑලි බිම තිබුනා...මූ බැග් එක කොනිති ගහලා....

මේ අහන්නකො බබී...නැන්දා චුට්ටක් බනිනවා තමයි....ඒ ඉතින් තරහට නෙවෙනෙ.....

මොකක්ද....ගෙදර කවුරුත් ආදරේ නෑ.....

කෝ කෝ..මේ බලන්න..මේ බලන්න..අගෙ බබීට මොනවද ඕනෙ....ම්ම්...උම්මියක් දුන්නොත් අඩන එක නවත්තනවද...

උම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්හ්....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..මහ්.....ඔන්න..දැන් මගෙ බබීගෙ ඔලුවෙ කැක්කුම හොද වෙනවලූ....

ඒව්ව්....තිරිසන්නු වගේ අනේ....

පැත්තක උන්න ඩිපූටියා උගෙ ඵෝන් එක කෑවා....එහා පැත්තෙ ඉදන් අඩන අපේ එකාගෙ ඔලුව කැක්කුම මෙහෙ ඉදන් සනිප කරන්න හැදුවා.....

අමොර්...අමොර්...මෙව්වනෙ ප්‍රේම ජවනිකා.....සාලිය අසෝකමාලා ....ගොලු හදවතෙ දම්මි සුගත් පරාදයි...හදවත පලාගන ආදරෙ කරපු තැනත්තා.....!!!

ඵෝන් එක කන ඩිපූටියා දිහා බලන් උන්න මම නිර්වාන් දිහා බැලුවා...නිර්වාන් ඇස් දෙක හීනි කරගන...මං එහෙම්ම සංජන දිහා බැලුවා...ඌවත් සුදු මැලි වෙලා ගිහිල්ලා තිබ්බ විතරක් නෙවෙ..නයයි මුගටියයි වගේ ඉන්න නිර්වානයයි සංජනයයි අරූගෙ උම්මා එකේ දිහ දරාගන්න බැරිවද කොහෙද උන්ට නොදැනිම අතුත් එකට පටලවන් තිබ්බා...

ආ..ආ....මෙතනත්...මොකක් හෝ...සිත්ත වෙයි වගේ....

ම්ම්ම්..ම්ම්...ප්‍රීතී....ප්‍රීති....නිර්වාන් මහත්තයො....ආදරේට පිටුපාන...අයුරු...නම්.....බොහෝම..

අගෙයි....

චූටි ...

ම්හුක්....නිරූ ..යන්න බෑනෙ ...චූචි ඉන්නම්කෝ.....

නොයා කොහොමද ම්ම්ම්....හොද ලමයනෙ....ප්‍රවේසමෙන් ගෙදර යන්න ....

ම්න් උන්නෙ කොරිඩෝවෙ .....කා කොටා ගත්තු නිර්වාන් ගාව වත්...සංජන ගාව වත් නවතින්න කෙනෙක් නැති වෙනකොට උන් දෙන්නම එක කාමරේකට මාරු උනා වගේම ඩිපූටියා ඇවිදගන්න බැරි සංජනයට වීල් චෙයාර් එකක් ගෙනත් දෙනකොට ඇවිදගන්න පුලුවන් නිර්වාන් බැන බැන ඌව තල්ලු කරන් ගියා වගේම ඌත් බැන බැන නිර්වාන්ගෙ සේලයි බෝතල් අටවන් උන්නා...

මට සතුටුයි....අම්මා අප්පලාගෙ තරහවල් කෙසේ වෙතත්...නිර්වාන් මේ වෙලාවෙ හරි....අර කොල්ලා එක්ක වගේම...ඒ කොල්ලත් නිර්වාන් එක්ක ඒ විදිහට හරි සමාදාන උන එක ගැන මට හිත ඇතුලෙන් සතුටක් දැනුනා.....

ඊයෙ රෑ ඉදම්ම නිර්වාන් ගාව තනි රැක්ක මම අවසානෙදි ශෙනිරු එක්ක ගෙදර එන්න ලෑස්ති වෙනකොට කොච්චර යන්න කියලා කිව්වා උනත්..මගෙ නිර්වාන්ගෙ ඇස් දෙක අමුතු වෙලා යන හැටි මං හොදටම දැක්කා.....

පයිස්සමින් ඉන්න නිරූ....බඩපිරෙන්න හොදට අන්න අනේ හොදද....

ම්ම්න්.....

අනේ....නිරූ.....හදිස්සියක් උනොත්..මට අතා කරන්න අනේ....

ඇයි උඹ දොස්තරද...?

යෝහ්...නිරූ....ම්හුක්...තේරුම් ගන්නෙම නෑනෙ අනේ.....දැන් ඔයා ගැන වගකීම මටත් තියනවනෙ...මං ඔයාගෙනෙ....

ම්ම්ම්....ඔක්කොටම කලින් උඹව බලාගනින් පන්ඩිතයා මගෙ.....

ම්හුක්...චූචිට හරි පාලුයිනෙ නිරූ.....

චූචිට පාලුද.....

ඔව්නෙ...දැන් ඉතින් ගියහම මතක් වෙනවනෙ.....ඉක්මනට සනීප වෙන්න අයියො...හාද.....

හ්ම්ම්ම්....

චූචි ආදරෙයිනෙ....ඉතින්...

මං නිර්වාන්ගෙ ඉරි ඉරි පිජාමා සූට් එකෙ ශර්ට් කොන රෝල් කර කර චූචි ආදරෙයි නෙ කියනකොට එයා මගෙ කොන්ඩෙ අවුල් කෙරුවා ...

චූචිට තුරුල් වෙන්න ඕන නැද්ද ?

ම්හුක්...ඕනනෙ...ඕනනෙ...

යන්න හහපු මාව හැරෙන්න ඔන්න.මෙන්න තියලා නිර්වාන් තුරුල් කරගත්තා ....ඔලුව අතගෑව...හිස්මුදුනට හාදුවක් තිබ්බා....

ම්ම්...යන්න දැන්....හෙට ඉස්කොලේ යන්න .....හැබැයි සයාශ් ගවුන්ඩ් එකට ගිහින් අහු වෙන්න එපා....තේරුනාද...

ම්හුක්...

කෝ..දග නොකර ගෙදර යන්න....රෑ එලි වෙනකන් ඵෝන් ඔබන්නෙ නැතුව නිදාගන්න ඕන තෙරුනාද.....?

ම්හුක්...

නිර්වානයා දැන් වත් ඕකව දිපන්කො මට මුව ගෙදරට විසික් කරන් හවස ක්ලාස් එකට යන්න් තියනවා ...මදැයි ඔය පොඩි නිවුන්නගෙ කට කෑවා.....උඹට ඇවිල්ලා කන්නත් ඉතුරු කරපන් මගදි මං කන්නෙ නෑ ...අර අනිකා එහෙන් අඩනවා ඌට ගෙදර කවුරුත් නෑ ඌව අරන් පැනලා යන්න කියලා ...ඇත්තමයි මුන් දෙන්නා අපෙ ඔලු කාලා නවතින්නෙ...බලපන් මං මෙ පාර අන්තීමයා වෙනවා .

මගෙ ඇස් දෙක ලොකූ උනා ....හරිම අගෙයි චින්තකගෙ ලොකු දරුවගෙ ඉල්ලීම් පත්‍රිකාව නම්...ඌව අරන් පැනලා යන්න කිව්වලු....කට දනිහට ඇරන් උන්න මාව ඩිපූටියා කුනු මාලුවෙක් වගෙ ඇදලා ගන්නකොට කොච්චර කෙරුවත් හොදක් නැති ගුනමකු පන්තියෙ නිර්වානයා ඩිපූටියා දිහා රවාගන බලන් ඉන්නකොට ඇවිලෙන ගින්නට පිදුරු දාන පන්තියෙ මං අත පොඩ්ඩක් අත ගාගත්තා ....

ම්හුක් ...සිදුනානෙ ..

ඔය අතපය වලින් ඔහොම අදින්න එපා ශෙනිරු

අම්මෙ...හා..හා...උඹ මූව මරාගන.කනකොට හොදයි මං ටිකක් ඇල්ලුවම තමයි රුදාව....තොට තියෙන්නෙම ....අර .....හොර.....

ඔව්.....මොනවද කියපන් මට මොනවද...මැරෙන්ඩ බලන් කට ඇරපන්

අනේ..සෙනූ....එපානෙ....රන්ඩු වෙන්න...චූචිට බය හිතෙනවනේ...

අනේ නිකන් ඉදපන් පොඩි එකා..අවුලලා මෙතන වර යන්ඩ ....නිර්වානයා මං යනවා ඕන දෙයක් තිබ්බොත් කියපන්..අරූ එක්ක මරාගන්නෙ නැතුව ඉදපන්...

නිරූ....යනවා...පයිස්සමින් ඉන්න සුතු...

ම්න්...

මං නිර්වාන් දිහා බලලා කට උල් කරගන්නවත් එක්කම ඩිපූටියා මාද ඇදගන වගේ එන්න ආවා...මගෙ නිර්වාන් බලාගන ඉදලා ඇතුලට යන්න හැරුනා.....ම්හුක්..දැන් ඉතින් ගෙදර ගිහිනුත් ගුටි කන්න එපැයිනෙ....

සෙනූ....

මොකද මොකද...ඇතුලට ඇතුලට.....උඹගෙ මිනිහට වග කියන්න බෑ මට...හ්ම් හ්ම්...දුවපන් ඇතුලට.....

මද්දහන පහු වෙලා....ඉස්කෝලේ උන්නා නම්...මෙවෙලෙ ඉන්ටර්වල් එකෙන් පස්සෙ පීරියඩ් වල...නිදි මතෙ ඈනුම් ඇර ඇර ඉන්න ගියා...ඒත්...දැන් ඉතින් තියෙන්නෙ අව්වෙ කරවෙන පීරියඩ් ....

එයාව බලලා ශෙනිරු එක්ක ගෙදර ආව මං සුධර්මට මූන දීගන්න් බැරිව බයේ අහු මුලු ගානෙ ටැග් ගැහෙනකොට යන්න හදාපු ශෙනිරුවව ආයම නවත්ත ගත්තා ....ඇගිලි දෙක එකට එක හප්ප හප්ප වට පිට බැලුවා...කොයි වෙලෙ හරි චූටි අයියා එයි කියලා එතනත් කම්පා උනා...

සෙනූ...ඔයාට බෑද අනෙ...චූචියව ගිහින් අපේ සුතර්මට බාර දෙන්න👉👈...

මං ඔලුව කැසුවා.....

පිස්සුද ලමයො....යන්න යන්න ඇතුලට මෙතන කරවෙනවා..ඔය ඕනා නම් එකක් දෙකක් ගහයි.....එච්චරයි ...කෝ.කෝ යන්න යන්න....

ආ....චූටියා...උඹ ආවද...ලොකු නැන්දේ....මේන් දඩාවතේ ගිය කුමාරයා ඇවිල්ලා....

යෝහ්....ලොකුවා...එපා යකො....අනේ...සෙ....යෝ..

දාලා ගියා නේත.....

වරෙන් පුතෙ...වරෙන්...උඹත් වරෙන්...ඇයි මං විතරක් කන්නෙ...උඹත් කන්න එපැයිනෙ....

උඹ නම් මහ තිරිසනෙක් සනාශ්.....

අනිවාර්යයෙන්ම ....ලොකු...නැන්දේ....මෙන්නෝ...දෙවනි පුතුකි ගෙට වැඩියෝ....

ඉදකින් උඹ වගේ සහෝදරයෙක්

ගේට්ටුව ගාව උන්න මට ගෙට එන්න හම්බුන් නෑ....වැලේ වනලා තිබුන සුදු ඇදුම් පෝලිම දැකපු මට මෙතනි යුනිෆෝම් එකක් ඇදන් අවේලාවෙ ඉස්කෝලෙට දුවන්න හිතෙනකොට ඩිපූටියගෙ සැලා කුරිරු සහෝදරයා මං ආව විත්තිය ලොකු නැන්දට කෑ ගහලම කියන ගමන් ඩෑස් කාලා උන්න ඌත් අතේ තිබුන පොත හරි සද්දෙට පාඩම් කරන්න ගත්තා ...

ආවස්තික පිරිවැය දල දේශීය ආදායම ඒක පුද්ගල ආදායම ....

මං අරූ දිහා බලාගන රවාගන උන්නා මූ පොත දිහා බලන් උන්නත් ගින්න ඇවිලුවට පස්සෙ ඌ පොතබලාගන කිව්වෙම එකකට එකක් වෙනස් එව්වා කියනකොට කාමරෙට දුවපු මං අතට අහු උන පොතක් අරගන ඊටත් වඩා හයියෙන් කෑ ගහලා පොත කියවකියව සුතර්මා එන දිහාව බැලුවා

ඔන්න එනවා....ඔන්න එනවා චූටියා ...අද හරි.....උඹට ගෞරවයෙන් බුදුසරනයි ....දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමෙන් බෙදලා ඒකට පැයට කිලෝ මීටර් හැටක වේගෙ එකතු කෙරුවම රටේ සංවර්ධන වේගෙ සොයාගැනීමට හැක.....

ලොකූ මට පොඩ්ඩක් කියපන් සැලලිහිනි සංදේශෙ මග වැනුමෙ තියන සැලලිහිනියා දැකපු දේවල්

මං දැක්ක සැලලිහිනියෙක් නෑ යකො....

මං පොත හරවගත්තා ...ඉස්පිරිතාල උනුසුම පහවෙන්නත් කලින් ආපහු ඉස්පිරිතාලෙ ලගින්න වෙනකන් ගුටි කන්න වෙන බව ඉවෙන් වගේ දන්න මන් සාලෙ දිහාවට බෙල්ල දදා ඉන්නකොට කුසියෙ ඉදන් හුලු අත්තක් කඩාගන එන සුර්මව දැක්කා විතරයි මට සැලලිහිනි කොවුල් හඩ රැව් දෙන්න ගත්තා ...

සුතර්මා ....මේ...දරු පැටියා...ආවා.....විතරයි...

ආ.....උඹ ආවද ...ආ...උඹ ආවද...ඊයෙ හැන්දෑවෙ හතට ගිය ගමන....ආවද හාමු මහත්තයා .....

ඒකනෙ ලොකු නැන්දේ...අපේ පපු කැහුතුවල බිත්තර තම්බන්න පුලුවන් .....දැන් වෙලාව කීයද ....අනෙ අම්මෙ චූටියෝ....ගෙදර එන වෙලාවද මේ.....

උඹ ඉදපන්කො මුදුනා නොවී...අනේ සුතර්මා .....දරු පැටියා කියන දේ අහන්නකො ...නොදරුවට මහ මග ඇබැද්දි....ආව්.....හ්..අනේ....ලො..කු....නැන්....දේ.....යෝ...ගහනවා නේත...

ගැහුවා.....හ්....!

අතී සාර්තක ලෙස මංගල හුලු අතුපාර.....!!

කමෝන් ලොකු...නැන්...ආව්හ්..අනෙ...අම්මෙහ්....

පල..

පල....තොට කිව්වෙත්....මං දනගහන් ඉන්න නේද....පල ගෙට....චූටියා...මෙහෙ වර....දුවන්ඩ නම් එපා චූටියා....මෙහාට වර....ඊයෙ රෑ ඉදන් දෙන්නගෙන් එකෙක් ගෙදර නෑ...මෙහට වර...මෙහාට වරෙන් චූටියා....ඇත්තමයි මාව ගෙන්නගන්න එපා...තොපි දෙන්නව මන් ගමට යවනවා ...මේක කරන්ඩ බෑ...මෙහාට වරෙන් චූටි.....ඇත්තමයි මන් උඹට ගහන එක ගහනවා

අනේ..ලොකු..නැන්දේ....මෙ අතේ පයෙ තුවාල ...නේහ්... දරු පැටියා ලෙඩා දුකානෙ....අනෙ චින්තක....මේ දරු පැංචට සාරිරික හින්සන කරනවනෙ ... .ඇත්තමයි ලොකු නැන්දේ....පොලිස් මාමට කියනවා....යෝ ගහන්න එපා කෝ....සමාවෙන්නකෝ....ආය යන්නෙ නෑනෙ.... .....

මෙහෙ වරෙන් මෙහෙ වරෙන් ....ගහන්නෙ නෑ...මෙහෙ වරෙන් .....

මං දිව්වා....සාලෙන් ඒ කොනටයි...මේ කොනටයි දිව්වා.....පෝර දාන්න ආව සැලලිහිනියා පිහාටු ගැලවෙන්න ඩෑස් එකක් කාගන පොතත් අරන් දනගහන්න දුවනකොට ලගට වරෙන් ගහන්නෙ නෑ කියපු ලොකු නැන්දා පොරොන්දු කඩ කඩ මට නෙලුවා....හුලු අතු පාර වැදුනෙම තට්ටමට වෙනකොට මගෙ තාර පිහාටු සාලෙ පුරාවටම හැලෙනකොට ඇති පදම් ඩෑස් කාපු මං ලොකු නැන්න්දා යනවත් එක්කම දූවලා ගිහින් කොට්ටෙ යට තිබුන මගෙ ඵෝන් එක අතට අරගන නිර්වන්ට මැසේජ් එකක් දැම්මා...

" අනේ අයියෙ...මේ ගෙදර උන් මට ආදරේ නෑ...මාව අරන් යන්න..."

🤭ගුම් මො....නීම්ම්...

ඒනම්...ආය එනකන් පයිස්සමින් චුච්ච චුච්ච කචාව කියවන්ඩො....

.ආතරෙයි අහස තරම්

උම්ම්ම්ම්ම්ම්ම්ම්මා....

මන්

මිනිස්ටර් ජොබී.....!...

Nedeesha

More Chapters